කැම්පස් එකේ එසයිමන්ට් එකක ස්ට්‍රක්චරල් ගණන් වගයක් හදමින් සිටින අතරය. කම්මැලිකමේ ඇඹරි ඇඹරි පිටුවක කටු ගගා සිටියෙමි. එක වරක “ල“ ලියවුනේය. හෙන හුරු පුරුදු අකුරකි. ගණන් හැදීම පැත්තකින් තබා “ල“යන්න ගැන චින්තන ශක්තිය යෙදෙව්වෙමි. ම්ම්ම්හු..... එන්නෙම නැත. මල්ලිට කතා කලෙමි.
රජා - බබී.....බබී....
යුව රජා - මොකද ඕයි?
රජා - මේ “ල“ යන්න හෙන අමුතුයි...ඕයි. මේකේ මොකක් හරි සෙල්ලමක් තියෙනවද?
යුව රජා - හෑ...?
මද නිහඩියාවකි.....
යුව රජා - හරිනේ.... ලෑලි වලේ ලූලා... :)
රජා - අඩේ අප්පා..... :)
මතකේ හැටියට අපි හතර පහ වසරෙදි මේ සෙල්ලම කලෙමු. හා... පුළුවන් නං ලෑලි වලේ ලූලා කියලා එක අකුරෙන් ලියන්න. වැඩේ දන්න එකා කියවන්නේ ලෝඩ් පකීර් වගේය. නොදන්න එකා ෆුල් හොල්මන් වෙන්නේය.
සිද්දිය ඉවර වෙලා යුව රජා, මහ රජාගේ මේසය ලගින් යන ගමන් සින්දුවකුත් ගහගෙනම ගියේය. ඒ
විස්කි කඩේ පූසා... පොඩි දාලා බීලා මත් වෙලා....//
විස්කි කඩේ පූසා...
මං රජාටත් තාලයක් අහුඋනේය. පෑන් දෙකකින් මේසෙට ගහමින්...
ලෑලි වලේ ලූලා.... පොඩි දාලා බීලා මත් වෙලා...//
ලෑලි වලේ ලූලා....
මේක යුව රජාට ඇහුනේය. පොර මල් හිනාවක් දාගෙන මේසෙට දුවගෙන ආවේය..
හෙහ් හෙහ්... පට්ට ඈ :)
යුව සහ මහ රජුගේ සංගීතයක් පටන් ගත්තේය. ගායනය වාදනය සහ නර්තනය - රජ සමග යුව. එනවනං කට්ටිය සෙට් වෙන්න අපිත් එක්ක බජව්වට...
මේ විඩියෝවේ තාලෙටයි යන්නේ.... හැබැයි විස්කි කඩේ පූසා නෙමේ.. ලෑලි වලේ ලූලා ඈ... ^_^
Watch the Original HOME MADE Video
ලෑලි වලේ ලූලාගේ පින්තූරයක් හොයන්න දෙයියා ගාවට ගියා... යනකොට විචාරක මාමත් එකක් ලියලා කියහන්කො අපිටත් හොරෙන්. ඒකේ මේ වගේ අකුරු ගොඩයි!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇ රජෝ රජාටත් හිතට එන දේවල්. ඒත නෙමේ කවුද යුව රජ
ReplyDeleteරජාගේ මලයන්ඩි තමා යුව රජ. මට මතකයි පෝස්ට් එකක තිබ්බා :D
Deleteමල්ලි මල්ලි...
Deleteඊගාවට රජ වෙන්න ඉන්න එකා :)
මෙන්න මූ...
Deletehttp://harshana-bc.blogspot.com/2012/07/omg-he-is-in-trouble.html
උඹටත් ගනන් හදන වෙලාවට තමා චින්තනේ වැඩ කරන්නේ ....
ReplyDeleteඅනිවා...
Deleteඒ වෙලාවට කෙල්ලෝ, බල්ලෝ, ඔක්කොම මතක් වෙනවා :)
අඩේ සිරා රජ මාළිගාවක්නේ. මෙන්න රජ යුව රජ ප්‍රේමය :) :) :) :) :)
ReplyDeleteඅඩවිය සරුසාර වේවා !!!!!
හෙහ් හෙහ් :)
Deleteරාජ සම්පත ඈ!
aiyala mallila fun 1e innawa neh,
ReplyDeleteSorry sorry raja paulata apahasayak unada manda.
අනිවාර්යෙන්....
Deleteඅපි දෙන්නා එක් වීලා... සහයෝගෙන් වැඩේ දෙන්නේ :)
මරු අයියා මලෝ ඩබල...
ReplyDeleteහෙහ් :)
Deleteලෑලි වලේ ලූලා තනි අකුර,හරියට සංයුත්ත කවි වගේ,
ReplyDeleteව ල අකුරු දෙකේ කවිය දන්නවා නේද ?
වැල්ලව වෙලේ වේ වැල්වල............වවුල්ලූ
වැව් වල වේලි වල විල්වල............ලේල්ලූ
වැල්ලව වලව්වෙ ලී ලෝලු.............ලෑල්ලූ
වැල්ලව වලව්වෙ වී ලෑවේ.............වාල්ලූ
මාමේමූමීමා.
Delete@සුමිත් අයියා - අදමයි ඒක ඇහුවේ ;)
Delete@රාජ් අයියා - කවුද යකෝ? :)
සමා වෙන්න පොඩි නිවැරදි කිරීමක්.
Deleteඔතන "වැල්ලව වෙලේ" නෙවේ "වැල්ලව වලේ" වෙන්න ඕන. වල කියල අදහස් කලේ වනය කියන එක. අනික "ලේල්ලූ" නෙවේ "ලුල්ලු" වෙන්න ඕන.
@itnishantha
Deleteබොහොම ස්තූතියි සංශෝධනයට,
මේවා ජන කවි නිසා ඒ ඒ ප්‍රදේශවල උච්චාරණය සහ භාවිතාව අනුව පද වෙනස් වෙන්න පුළුවන්.මම ඔය දෙවිධියම අහලා තියෙනවා.වඩාත් නිවැරදි ඔබ ලියූ ලෙස "වැල්ලව වලේ" විය යුතුයි, වළ කියන්නෙ කැළේට නිසා. හැබැයි අපේ ප්‍රදෙශයේ "වෙල" කිව්වම වෙලබඩ තියෙන ළදු කැළැවත් අයිතියි.
දෙවෙනි පදයේ කියවෙන "ලේල්ලූ" යන්න අපේ ප්‍රදේශයට අනුවනම් නිවැරදියි. මෙහේ ලූල්ලු නෑ ලේල්ලු ඉන්නවා. ලේලා කියන්නෙ අඩියක් තරම විශාලව වැඩෙන කොරපොතු විශාල ප්‍රමාණයක් තියෙන ඒ වගේම ඒවා හොදින් පැහැදිලිව පේන ලස්සන මාළුවෙක්. මේ මාළුවාට සමහර අය හබරලියා කියලත් කියනවා.
W.B.ඒකනායක (නියෝජ්‍ය ඇමති) ලේල්ලුයි ලූල්ලුයි දෙගොල්ලොම ගැන දන්නවලු, මෙතනින් හොයා ගත්තෙ.
නෝනා නාන්නෙනන් නාන්න, නොනාන්නෙනන් නොනාන්න, නෑනානන් නාන්නේ නෑ...
Deleteනාන්නේ නැති නෝනලා නං එපා බං ;)
Deleteඅද තමයි මේ බ්ලොග්ගුව පස්සේ එළවන්ට පටන් ගත්තේ...
ReplyDeleteඑල එල.... :)
Deleteරජයි යුවරජයි දෙන්නම එකයි වගේ..
ReplyDeleteහෙහ් හෙහ්...
Deleteමම ටිකක් ලොකුයි ඌට වඩා.. එච්චරයි ;)
මේ අවුරුද්දේ ජනවාරි 29 වැනිදා මම ලෑලි වලේ ලුලා සහ තවත් දේ ගැන මගේ බ්ලොග් අඩවියේ ලියා තිබෙනවා. මෙතනින් බලන්න.
ReplyDeletehttp://jangun.wordpress.com/2012/01/29/%e0%b6%b8%e0%b7%9c%e0%b6%b1%e0%b7%80%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94/
අසමි දකිමි සොයමි ලියන විචාරක
මම කලින්ම ලින්කුව දීලා තිබ්බේ යට ප/ලි යේ :)
Delete...ඇයි රජා මචෝ වළලූ ....
ReplyDeleteහෙහ් :)
Deleteමට නම් වයර් වගේ.... ;)
ReplyDeleteඑච්චර හීනිද බං ^_^
Deleteලෑලි වලේ ලූලා
ReplyDeleteරජාගේ ඇමට අහුවෙලා
ගත්තු ගමන් අල්ලා
මුලු ලෑලි වලම හොල්ලා
ලෑලි වලේ ලූලා ...........
මරු ඕයි! :))
Deleteවිෂ්කි... !
ReplyDeleteපූෂා..! :)
Deleteහැක හැක . අනේ මන්දා බන් . මට බන්දුවගේ ඇගට උඹේ මුණ සෙට්වෙලානේ පේන්නේ.
ReplyDeleteතව පාරක් බලහන් පොඩ්ඩක් :)
Deleteඅනේ මන්දා බොලා ගේ සිඟිති ආතල්..
ReplyDelete;)
Deleteයුවරජ රජාව පරද්දයි වගේ තව ටික කාලෙකින් :ඩී
ReplyDeleteඅනේ මන්දා.... මූ මට ගහලා අඩවිය උදුර ගන්න ලයින් එකක් තියෙන්නේ :)
Deleteරජෝ පරිස්සමින්... ලංකා ඉතිහාසේ පුරාවටම රජවරු යුවරජු මරාගන මිසක් රටට වැඩක් කොරලා නෑ.. උඹ යුවරජාට ඇහැ ගහගන පරිස්සමින් හිටහන්... මම කියන්නෙ බොරු කියලා හිතෙනවනම් සයුරි මිස්ගෙන් හරි, හසිත සෑර් ගෙන් හරි අහලා බලපන්..
Deleteආ ... රජ ලූලෙක් !
ReplyDeleteහූ ඈ... ;)
Deleteකමෝන් රජා. තව අහලා බැලුවොත් යුව රජාගෙන් මේ වගෙ නිර්මාණ ඇති. :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනිවා අනිවා... මිනිහා හෙන ආතල් පොර :)
Deleteශිකේ මට ඕක බලන්න නෑනේ. ලෑලි වලේ ලුලා ඒ කාලේ මාත් එක්කත් හිටියලුනේ
ReplyDeleteඑතකොට උබද ලෑලි වලේ කනයා
Deleteඔය තියෙන්නේ... බලහන්කෝ :)
Deleteමූ ලූලිලු ;)
රජාට බඩු හම්බවෙනව යුවරජාගෙන් ඒක ෂුවර්..!!
ReplyDeleteතව ටිකක් කල් යයි :))
Deleteඔය වලවල් වල එක එක ලුල්ලූ ගෙන් පරිස්සම් වෙයන්!එල ඈ!!!
ReplyDeleteඇයි උඹලා වගේ කනයිගෙන් ;)
Deleteවල් රජා ට කෙලවිමට උපන් හාදයෙක් :P
ReplyDeleteහෙහ් හෙහ් :)
Deleteරජෙක් මදිවට දැං යුවරජෙකුත් එන්නයි යන්නේ මචංලා...
ReplyDeleteඅපේ රටේ සාටක රජාගේ සීන් එක වෙයි වගේ...
මූත් සෙට් බස්සන්නයි යන්නේ...
ඇයි තව අග බිසව.... මග එනවලු ඈ ;)
Deleteඅවුරුදු 30ක් විතර පස්සට ගියා රජෝ...
ReplyDeleteඒ කියන්නේ කොල්ලා උනා :)
Deleteමං බබීව නිකන් හොම්මං වෙලා ගියා අප්ප....
ReplyDeleteඅනේ ඒ මොකද අග්ලි බබී :)
Deleteලූලා කථාව අදමයි ඇහුවෙ...
ReplyDeleteහෑ....? සිරාවට?
Deleteඋඹගේම මලයන්ඩියා නේ :ප
ReplyDeleteහෙහ් හෙහ් :)
Deleteමට පෙනෙනා ලෙසට යුවරජ වැඩ්ඩාය....
ReplyDeleteඔය තාලෙට යන කයියක් තියෙනවා නෙහ්? :)
Deleteඅන්දරේගේ කවියක්...
Deleteමට පෙනෙනා ලෙසට මහරජ ඉබ්බාය... වගේ එකක්
අන්න අන්න.... ඒක තමා :)
Deleteපොඩි කාලේ කරපු සෙල්ලම් නම් මරු නේහ්..දැන් මතක නැ බන්..මේ වගේ ආතල් ඒ කාලේ සෑහෙන්න තිබ්බා..මතක් උනොත් තව ලියපන්
ReplyDeleteඅනිවා අනිවා... මලයගෙන් අහලා කියන්නම් :)
Deleteයුව රජ මලයන්ඩිත් ජොලි පොරක් නේ..:)
ReplyDeleteඅනිවා... ඌ එල කොල්ලෙක් :)
Deleteමතක් උනා මතක් උනා !
ReplyDeleteහයියෙන් අල්ලගන්ඩෝ! ;)
Deleteයුව රජ ගැන මං පනුච්චි අදමයි ඇහුවේ ඕන්... :)
ReplyDeleteහෑ...?
Deleteඇයි මේ පෝස්ටුව කියෙව්වේ නැද්ද?
http://harshana-bc.blogspot.com/2012/07/omg-he-is-in-trouble.html
මේක කියවලයි ඒක කියෙවුවෙ :D
Deleteහප්පුච්චි..මටත් මතක් වුනා කලෙකින් මේක..හිකිස්..අර සිංදුව නම් මරු ඈ..මම ඒක අදමයි ඇහුවේ..
ReplyDeleteසිරාවට නෙහ්... මරු සින්දුව තමා :)
Deleteඅපි පොඩි කාලේ වැඩ පෙන්නුවේ එක අකුරින් වලලු ලියලා :)
ReplyDeleteඕක ලිව්වම ඉතින් හෙන වැඩ්ඩා වෙනවා... අත්දැකීමෙන් කියන්නේ :)
Deleteහානේ අපිත් කලානේ ඕක
ReplyDeleteහී...... :)
Deleteහි හී.....:)
ReplyDeleteහි හී.....:)
Deleteමම නම් ඔන්න දැනගෙන හිටියේ නෑ ඔයා කිව්ව අකුරු සෙල්ලම....
ReplyDeleteහෑ....? සිරාවටම?
Deleteඔන්න ඔන්න බොරු කියනවා ;)
හේ හේ මම අහලා තිබුනට ඔහොම ලියලා මේ දැක්කමයි රජෝ
ReplyDeleteහෙහ් හෙහ්... ලෙසටම ආවා ඈ ලිව්ව එක :)
Deleteඉද හිටල වෙහෙස වෙච්ච වෙලාවක මොලේට මේ වගේ බ්‍රේක් එකකුත් පුංචි රෙස්ට් එකකුත් දුන්නට නරක නෑ.
ReplyDeleteඅනිවාර්යෙන්ම :)
Deleteතව ටික දොහකින් රජාට අඩවිය හැරපියා යාමට සිදුවන බව අද මම අනාවැකියකින් කියමි... මෙන්න ඊට හේතුවුණු කොටස... බලන්න යුවරජා අප රාජෝත්තමයන් වහන්සේට යටහත් පහත්ව ගරුසරු ඇතිව කතා කරන අපූරුව.. මම නම් ගඟේ පනිනවා
ReplyDelete"රජා - බබී.....බබී...."
"යුව රජා - මොකද ඕයි?"
අපේ ගගේ වතුර හිදිලා මේ දවස්වල... නැත්තන් මමත් ජබුංංංංංංං තමයි ;)
Deleteවිෂ්කි විෂ්කි... මරැ ලුලා
ReplyDeleteපූෂා.................
Deleteමරු මරු!
ReplyDeleteඑල එල..
Deleteඅද තමා නිවී හැනහිල්ලේ ආවේ .. මොනා උනත් එළලු ඈ
ReplyDelete