Sunday, September 2, 2012

ජාතිය ඇමතීම... (සම්භාව්‍ය අඩවි වැසියන්ට පමණයි)


මා හිතාදර අඩවි වැසියනි... අද ඔබ මේ පැමිණ සිටින්නේ අඩවි රජු ඔබ අමතන වසරේ මහා ජන රැලියේ සමාරම්භක උළෙලේ උච්චතම අවස්ථාවටයි. තව සුළු මොහොතකින් ඔබ පුල පුලා බලා සිටි, අඩවියා ජාතිය ඇමතීමේ දේශනයට නැකත උදා වේවි.

*

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
ටෙස්ට්... ටෙස්ට්.. 
ටෙස්ටින් 123
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
චෙක්... චෙක්...
තුහ්...
*
*
*
*
*
*
*
පෘ... පුරු පුරු
*
*
*
*
*
*
*
*
*
*

ම්හ් ම්හ් ම්ම්ම්.... මා ප්‍රිය සබ්‍ය අඩවි වැසියනි මේ ලෝකේ හරිම තුච්චයි, කුජීතයි, පජාතයි. අපි මොනවා කලත්, ලිව්වත් සහෝදරවරුනි... මේ මිනිස්සුන්ගේ ගද ගහන ජීවිත අපිට හදන්න බෑ. මොකද මිනිස්සුන්ගේ කක්කා හරි ගදයි. චූත් හරි ගදයි... චූ ගැන පොඩි හැදින්වීම කලොත් සහෝදර වරුනි, වැඩි පුර සීනි කාපුවම, චූ සුවද උනාට ඒවාට කුඹි වහනවා. එතකොට කොමඩ් එක කූඹින්ගෙන් වැහෙනවා... ඊලගට ගිහින් ඉඳගන්න එකාව කූඹි කාලා මැරෙනවා! 

දැන් කියපල්ලා බලන්න රජා අසභ්‍යද? නෑ... කුජීතද? නෑ... සහෝදර සහෝදරයිනි...මේ උඹලා ආශ්‍රය කරන රජත් නිකන් නයා වගේ පොරක්. නයි කයිද රෝස් පාන්? නෑ.... හොදි තිබ්බත් නැතත් උන් පාන් කන්නේ නෑ. මොකද උන්ට උඹලට වගේ පාන් නෑ. අන්න ඒ වගේ රජාට අසභ්‍ය වෙන්න බෑ. හැබැයි, ඌ මේ අඩවියට ආවම නං  නිතැතින්ම අසභ්‍යයි. සැබෑ ජීවිතයේදී සහමුලින්ම සභ්‍යයි. අහින්සකයි. මග තොටේදී හමුවෙන කෙල්ලෝ රජාට කියන්නේ අනේ එයා හරි අහිංසක ලමෙක්. ආ.... ඇයි දැන්  උඹලා හිනා වෙන්නේ??  මම බොරු කියනව කියලද හිතන්නේ? බොරු නම් අහපල්ලා මෙන්න එහාපැත්තෙ ඉන්නවා ගවේෂක, සමග කැම්පස් එකේ අක්කා කෙනෙක්. ඉස්කෝලේ යාලුවෝ වෙච්ච වෙඩික්කාරයා, ගයියා, සමග තනි උන එකා. 

දැන් මේ බ්ලොග් කෙරුවාව උනත් කවදා කාපු ටකරන්ද? දැන් ඉතින් කොටියගේ බලු වලිගේ අහු වෙලා වගේ මම මේකට අහු වෙලා. දවස් දෙකක් මොනවා හරි ලිව්වේ නැත්තන්, හතර වටෙන් මට පහර දෙනවා. ලියපන් ඔටුවෝ මොනවා හරි අපිට හිනා වෙන්න. ඉතින් මා ප්‍රිය අඩවි වස්සනි.... යකෝ මටත් වැඩ තියෙනවා. මම ගෙදරට වෙලා බත් කන හරකෙක් නෙමේ. බත් කෑවත් අල වගේ ද ගෝවා. නෑ.... අල 50යි ගෝව 60යි සමන් 80යි. ජීවත් වෙන එකත් ලේසි නෑ. තාම කන්නේ ගෙදරින්. මේකටම වෙලා මූණ ඔබන් හිටියොත් අම්මා ගහන්නේ බැට් එකෙන්. ඒ අතර වාරයේ ස්ටම්ප්ස් එන්නත් පුළුවන්. මොකද T20 World Cup එකත් මේ පාර ලංකාවේ තියෙන්නේ. කට කනේ තියාගෙන මේක අහගෙන ඉන්නේ නැතුව මේක තේරුම් ගනිල්ලා... 

දැන් මොහොතකට මෙහෙම හිතපල්ලා... මම බ්ලොග් එකේ කුප්ප කතා ලිව්වා. ඕකේ ලින්කුව මම පොඩි කාලේ ඉඳන් පන්තියේ චූ කරලා, රබර් පටි වලින් කෙල්ලන්ගේ කන් වලට විදලා, සිස්සත්තේ පාස් වෙලා, සාපෙ එකම අකුරු වලින් පාස් වෙලා, උපෙ එක පාරින් පාස් වෙලා බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්තු මගේ පවුලේ හොද නම කන්න බලාගෙන ඉන්න නෑදෑයෙක් අතට ගියා. ඔන්න බානවනං තැඹිලි කියලා ඒකා ඕක බන්දේසියක තියාගෙන ගිහින් අපේ මව්තුමියට පුජා කළා. කොහොමද සැප? ආ....සයි නේ? අනේ ඉතින් මොකද වෙන්නේ රජා පහුවෙනිදාම සුම්මා නේද? ඉතින් මමත් කිසිම ලැජ්ජාවක් නැතුව බල්ලා වගේ ඇවිල්ලා ඕක බ්ලොග් එකේ ලිව්වහම උඹලා දූවගෙන ඇවිල්ල කියනවා.... අයියෝ සල්ලි!!! දුක තමයි රංජනී...!!! අන්න ඒ වෙලාවට පුතේ මම මට තදවෙනවා. බය වෙන්න දෙයක් නෑ මගේ දයාබර සහෝදර සහෝදරියිනි. මල් වඩම් අනවශ්‍යයි.  

ඒ මොනවා උනත් මම මේක දාල ගිහින් උඹලට තනි ඇහෙන් අඩන්න ඉඩ තියෙනවද සහෝදරවරුනි? නෑ මචන් කවදාවත්ම නෑ... රජා හොර කලත් කවදාවත් වංචානම් කරන්නේ නෑ. ඒක බීච් එකේ කොටපු ඉරක් වගේ විශ්වාසයි. අඩුගානේ කෙල්ලෙවත් බුකියේ චැට් එකක් දාන්න එන්නේ මේ බ්ලොගේ හින්දා. උන්ට විලි ලැජ්ජාවක් නැතුව මේක බලන්න බැරි හින්දා මොනවද මල්ලියෝ මේ ලියන කතා කියාගෙන මට බනින්න වගේ ඇවිත් මගේ සභ්‍ය බව හමුවේ අසරණ වෙනවා. මාත් එක්ක බොක්කෙන් ෆිට් වෙනවා. මෙච්චර පැහැපත් පෙනුමට ඉඳලත් කෙල්ලෝ නොබලන එකේ එහෙමවත් තියෙන එක කොච්චර දෙයක්ද නේ සහෝදර වරුනි. අහක බලන් යන්නේ නංගි ඇයි අපි කළුද? කියලවත් කියවෙන්නේ නෑ බං. මොකද අපි චූට්ටක් සුදුයිනේ.... 

මා ප්‍රිය අඩවි වැසියනි. සැහෙන කාලෙකට පස්සේ මෙච්චර දිග කතාවක් සැහෙන පිරිසක් ඉස්සරහ කලේ. දැන් නම් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ. අවසාන වතාවට කියන්නේ...


හිත කිති කැවෙන්න, ඇස් වහන් කියවන්න. 
නිශ්චල බ්ලොග් අවකාශයේ චංචල ආතල් එක... 
තහනම් අඩවිය!

එහෙනං හැමෝටම සුභ රාත්‍රියක්..
කොට්ටෙ බදාගෙන, සරම පොරෝගෙන, ගොරෝ ගොරෝ මං වගේ සැපට නිදාගන්න. හීනෙන් ගෑණු ලමයි ආවොත් ගහලා පන්නන්න. මං ගාවට නං එන්නේ නෑ. මොකද මම ලෙන්ස් දෙක ගලෝලනේ නිදා ගන්නේ. ආවත් වැඩක් වෙන්නේ නෑ. මොකද මට පේන්නේ නෑ.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

***දැන් මොකෙක්හරි රජා සම්භාව්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නෑ කියලා මඩ ගහපල්ලා ඈ...(හැබැයි ලින්ක් එක දාන්න. හිට්ස්ම කීයක්ද)

138 comments:

  1. මේ මොකද මේ වෙලා තියෙන්නේ... මට පේන්නේ ඇහේ විතරක් නෙමේ මොළෙත් අමාරුවක් තියේද කොහෙද කියල.
    පෙත්ත ගනින් රජෝ... පෙත්ත...
    අම්මප මේ යුවරජාවත් නෑනේ කතා කරලා අඩවිය දෙන්ට..

    ReplyDelete
    Replies
    1. පේන විදිහට රජා ඇමතියකුගේ ආස්සරේට වැටී ඇත.කතා විලාසය එපරිද්දෙනි

      Delete
    2. ඕං බලහල්ලා ඉතින්.. මම එදා සභ්‍ය වෙන්න යද්දි උඹලා මට එපාලු. දැන් කුජීත එකක් ලිව්වම මට බයිනවා :)

      Delete
    3. ආ රජෝඕ, එක පාරටම මෙහෙම කට පාරක් දැම්මේ ලඟකදී රජ සින්හසනෙට චන්දයක්වට් තියනවද.

      Delete
  2. සම්භාව්‍ය / සභ්‍ය රජා ... අනේ මගේ කට #$%&^%#@&$#$^

    ReplyDelete
  3. රජාගේ රට වැසියන් වන අපිටත් රජාව බීච් එකේ ඇදපු ඉරාක වගේ විශ්වාෂයි නේ
    රාජ සම්පත් ඩබල් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඉරාකේ වගේ විශ්වාසද ඈ... එල

      රාජ සම්පත!!!!! :)

      Delete
  4. බිසව රජ මාලිගාවෙන් පිට වෙලාද? :P

    ReplyDelete
    Replies
    1. පිටවෙන්න එකෙක් ඉන්න එපැයි බං :)

      Delete
  5. අර පවුලේ නම ගොඩ නගාගත්තු හැටි නම් ආදර්ශමත්

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න මාගේ රූපේ මං පොටෝජෙනික් ;)

      Delete
  6. ම්ම්ම්ම්....... සිරාවට රජෝ මවු රැජිණ මේක දැකලත් උඹ තාම මාළිඟාවෙන් එළියට නොදාපු එක ගැන සතුටු වෙන්න වෙනවා.. හික්ස්.. හරි එහෙනම් ජය වේවා.. වැඩි වැඩ ඕනේ නැ...කැටයම් එපා.. දන්න දේ කරපන් මලයා..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ තාම දැකලා නෑ... :)

      දාන්න රෙඩා පහක්!

      Delete
  7. ඒ ගමන මූ කොල්ලෝ විකුණනවා.. //සමන් 80යි// ලු..

    දැන් ඕක සැමන් කලොත් උබව විනය කමිටුවට දානවා හරිය ?

    ReplyDelete
    Replies
    1. අප්පේ...අදත් එක තැනක් වැරදිලා :)

      හදන්නෑ... ඕං ඔහෙ තිබ්බාවේ

      Delete
  8. ඩෝන්.. තිබ්බ කරල පත්තු කලා කතාව ඉවර වෙනවත් එක්කම. :) පෘ පුරු පුරු කිව්වේ මොකක්ද ඈ.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      ඩෝ......න් :)

      Delete
  9. හිස නමමි..බෙල්ල කපන්න ඔට්ටු නෑ... මගේ ජීවිතේ දැක්ක රජෙක්ගේ පට්ටම කතාව... ජයවේවා රජා පස්සෙ මාරුකොළේ නා... සබ්බ පස්සෙට හුළං... :D

    ReplyDelete
    Replies
    1. අපි කැපුවත් කොළ කොල්ලෝ හරිය... අපිට පස්ස මාරු කරලා පුරුදු නෑ :)

      Delete
  10. ඇඬෙනව කොළුවො. මේන් කඳුළු.

    සම්භාව්‍ය රජා කිව්වම නිකං අසභ්‍යයි වගේ බං.

    ReplyDelete
    Replies
    1. //සම්භාව්‍ය රජා කිව්වම නිකං අසභ්‍යයි වගේ බං.//

      අනේ ඇත්තමයි බං :)

      Delete
  11. රජො ලෙන්ස් එක රෑට දමගෙන නිදා ගනින් නැත්තම් අපරාදෙ ලස්සන හීන ටික....

    ReplyDelete
    Replies
    1. හීන බැලුවා වගේ නෙමේ බං මගෙ ඇස්දෙක :)

      Delete
  12. හෆ්ෆා හිනා කාලා මැරෙනවා මේකාගේ වචන සැට් එකට.

    ReplyDelete
    Replies
    1. හික් හික්... හෘදයාබාධ වලට වග කියනු නොලැබේ. ^_^

      Delete
  13. දැන්මම නිදාගන්න ! රජාට අමු කැවිලද අපිට කොරන්න වැඩ නැද්ද අම්මපා ඔය රාජධානියේ කස්ටිය අට වෙද්දි දොයිද ඈ

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ ඉතින් දොයියන කට්ටියට.. දැන් බලහන් මේ රිප්ලයි එකේ වෙලාව 10.20යි.
      තව විනාඩි 10න් මම දොයි :)

      Delete
  14. ඇත්තටම අත හැරිලා යන බ්ලොග් ආයේ ලියන්න හිතෙනවා බන් රජෝ..... අපි නම් ඉතින් එහෙම ලොකු අය නෙමේ ඉතින් උබලා වගේ.... ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. දේවා අයියලා හෙන කාලෙක ඉදන් ලියන අයනේ....
      අපි ලොකු නැතෝ.. සූටි කොල්ලෝ :)

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  15. කුජීතයි... ඔලුව පෙගෙන්න අව්ව තියෙන වෙලාවක නාගත්තා නම් ලෙඩේ කම්මුතුයි...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හැමවෙලේම චුරු චුරුව බං :)

      Delete
  16. මට පෙන්නේ උඹ අද ඇඳෙන් වැටිලා..

    ReplyDelete
    Replies
    1. තාම නිදාගත්තෙත් නෑ බං :)

      Delete
  17. මතක ඇතුව පෙත්ත් ගනින්. හැමදාම උදේට, වරද්දන්නේ නැතුව..
    පව් දෙමව්පියෝ...

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියේ.. කියන ඕන දෙයක් මට කියහන්...

      මේවට අම්මා තාත්තා ගාවගන්න එපා හරී!!!

      Delete
  18. mama baluwa mokada me wela tiyenne kiyala,balinnam me dawas tike hada payalane eka nisa ape raja ayyata pissu dubble wela..... :) pissuwen kiyewwath deshane nam shoi hode.....hina wela badath ridenawa appa. :D

    ReplyDelete
    Replies
    1. පුර හද දැක්කහම නලියනවා :)

      හෙහ් හෙහ්... අනේ අරලියෝ.. ආයෙ එන්න පරිස්සමට හිනා වෙන්ඩෝ :)

      Delete
  19. උළුවස්සේවත් හැප්පුනාද මන්දා....

    ReplyDelete
    Replies
    1. මම එච්චර උස නෑ මධූ අයියේ
      5යි 4යි :)

      Delete
  20. මටත් තියෙන ලොකුම බය.බුකියේ කතා මව්තුමියගේ කනට යයිදෝ කියලා

    ReplyDelete
    Replies
    1. ඒවට නං අවුලක් නෑ.. :)

      Delete
  21. හෑ ලස්සෙට කොඩි දාපු පාර රජාට මක්වෙලාද වහාම රාජකීය වෛද්‍යවරයා කැඳවන්න

    ReplyDelete
    Replies
    1. අනේ එයාව නං එක්ක එන්න එපා... මං මැරෙයි :(

      Delete
  22. මොකාටද එන්න හදන්නෙ......?

    ReplyDelete
  23. රජෝ... මොකෝ මේ කෝපාරෑඩ වෙලා වගේ...

    ReplyDelete
  24. සාමාන්‍යයෙන් "ජාතිය අමතනවා" කියන්නෙත් කුණුහරුප කියන එකටම නේද ? උඹ ඔච්චර සභ්‍යද බන් ? කවුද උඹට වල් රජා කියලා නම දාපු එකා ? ගන් ඕකව කුදලලා මෙහාට..

    ReplyDelete
    Replies
    1. ගනින් ගනින් හොයලා... දැන් කැම්පස් එකේ උනුත් ඕක කියනවා වෙලාවකට :/

      Delete
  25. අනේ බන් උඹට මොකද මේ වුණේ ?? :D

    ReplyDelete
  26. අපිනං මයික් එක චැක් කොරන්නේ ඔහොම නෙමෙයි

    'චෙක්....චෙක්...චෙක් වන්
    ටෙස්ට් වන්.....
    චෙක් දි අදර් වන්.....'

    ReplyDelete
    Replies
    1. ඒ උඹලනේ... අපි මෙහෙම :)

      Delete
  27. රජා අඩියක් ගසා මෙම කතාව කර ඇති බව මගේ නිගමනයයි ....

    ReplyDelete
    Replies
    1. බෝතල් අඩියක්වත් දැක්ක කාලයක් මතක නෑ :)

      Delete
  28. මට පෙන්නෙ මුට තියෙන්නෙ දැන් ලව් මේනියාව කෑල්ලක්‌ නැති සෝක් එක.........

    ReplyDelete
    Replies
    1. මගුල.... මම 25 වෙනකං කෙල්ලෝ හොයාගන්නේ නෑ කියලා තීරණය කරලා තියෙන්නේ :)

      Delete
  29. අයි අයියෝ... රජා නම් අපිව හිනස්සලා මරවයි වගේ...

    ReplyDelete
    Replies
    1. හික් හික්...අනේ මැරෙන්නනං එපා අක්කේ.... :)

      Delete
  30. ඈ පුතේ..දොරවල් වහගෙන කෝච්චියෙ ෆුට්බෝඩ් එකේ නිදාගෙන එද්දි ඔලුව වැදුනා නේද හයියෙන් ඩෝං ගාල..?

    ReplyDelete
    Replies
    1. මේකනේ නැන්දේ උනේ...

      මට නිකන් කැරකිල්ල වගේ :)

      Delete
  31. //උන්ට විලි ලැජ්ජාවක් නැතුව මේක බලන්න බැරි හින්දා මොනවද මල්ලියෝ මේ ලියන කතා // අනේ මචන් ඔය ගෑල්ලමයිනුත් හෙන ආසයි බන් ඔය කතා කියවන්න...ඇයි යකෝ,උන්ට විලිම ලැජ්ජනම් නොබල ඉන්නෙ නැතිය බලන්නෙ? උත්තරේටතියෙන්නෙ අකුරු 3යි..ඒ "ආසයිනේ" කියන එක විතරයි.....අනේ රජෝ ලියහන් බන් කික් කතා කලින් වගේම (හොදින් කිව්වෙ)අඩෝ රජෝ තෝ කලින් වගේ ලියනවද නැද්ද?(නරකිනුත් කිව්ව) (මුලුන් මුලින් හීනි මඩකුත් තියෙයිහ මන්ද ජුන්ඩක් විතර )

    ReplyDelete
    Replies
    1. දාපන් සනා පහක්... ලියමු ලියමු :)

      Delete
  32. හොදට හිටිය එකාට එක පාරම මේ මොකද උනේ???

    ReplyDelete
  33. හී හී.....මුකක්‌ කියන්නද මන්ද අලෝ..:)

    ReplyDelete
    Replies
    1. මුනා හරි කියන්න අලේ :)

      Delete
  34. Replies
    1. කියන්න අමතක උනානේ, රජතුමාගේ අලුත් පෙනුම නම් Cute...

      Delete
    2. බොහෝම ස්තූතී රෝසි... :)

      Delete
  35. කියවගෙන කියවගෙන යන ගමන් හොදටම හිනා ගියා... මාත් හිතුවා වැදගත් පහේ සම්භාව්‍ය වචනයක් වත් ඇති කියලා.... මේක නිකන් පකෂ රැස්වීමක් වගේ උනානේ අන්තිමට.... රජා ඡන්ද රැස්වීමකටවත් ගිහිල්ලද කොහෙද ළඟදි.......

    ඔය බර බරේට නම් මාත් බයයි... හැබැයි මවුතුමියගේ නෙවෙයි... අ‌ෙප් මහත්තයගේ.... හි හි...... පරම්පාරාවේ එකෙක්වත් මේවා කියවන් නැති හින්දා හොදයි......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සම්භාව්‍ය කියන්න තියෙන එකම වචනේ සම්භාව්‍ය කියන එක වෙන්ඩැති :)

      Delete
  36. මේ රජෝ උබට අද පෙත්ත ගන්න අමතක උනාද?.. ඉක්මනට බෙහෙත් බීපන්.

    ReplyDelete
    Replies
    1. ^_^

      මොන ලෙඩේට බොන එකද බං??

      Delete
  37. මේ ලෝකේ හරිම තුච්චයි, කුජීතයි, පජාතයි

    ඒ රජා.. ඡන්දේ ඉල්ලනවකො.. අපි වැඩ කරනවා

    ReplyDelete
    Replies
    1. සිරාවට??? මොන පස්සෙන්ද ඕනා :)

      Delete
  38. හොහ් හොහ් ඒකත් මරු කතාවක් තමා.

    ReplyDelete
  39. පිස්සු හැදීගෙන එනවද මන්දා... O_o

    ReplyDelete
    Replies
    1. හැදීගෙන එනවා නෙමේ අනේ..හැදිළලු .. මට විස්වාසවන්ත ආරංචි මර්ගෙකින් පණිවිඩේ ආවේ...

      Delete
    2. මට???? පිස්සුද ඈ :)

      Delete
  40. උඹ විපක්සෙ උන්ට බය වෙලා නේද ඉන්නේ... උඹට වෙඩිතියයි කියලා.. ඒකනේ මේ මහජන රැළි සංවිදානය කරල ජනප්‍රියත්වය සද්දෙ දාන්නේ.... කුජීතයි ඈ

    ReplyDelete
    Replies
    1. මට මොකුත් මතක නෑනේ...

      උඹ කවුද???

      Delete
  41. උඹ කොහොමත් බැඳලා හනිමූන් යන්න කලින් ඔය ඇහේ කේස් එකට සර්ජරිය කරගනිං රජෝ!
    නැත්තං මොකෙං මොකක් වේද කියලා බයයි!
    මේක හෙන සම්භාව්‍ය කතාවක් තමයි. එහෙම නොවුනත් මමත් ඔන්නොහෙ ආවා!
    සුබ වේවා, තව දුරටත් රාජ සම්පත් ලැබේවා!


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපේ උනුත් කියන්නේ ඕකම තමා :)

      Delete
    2. අන්න අන්න ඇහුනද රජෝ? අත්දැකිම් තියන වැඩිහිටි උදවියගේ උපදේස...

      Delete
  42. රජාට පිස්සුද නැත්තං මේක බලපු මට පිස්සුද මංද...

    ReplyDelete
    Replies
    1. 2 නටම පිස්සු

      Delete
    2. බලපු අයට සම්භාව්‍ය ලෙස පිස්සුලු :)

      Delete
  43. රජා ඩීසන්ට් විදියට වල් වෙන්න ගත්තු තවත් එක් නිරර්ථක වෑයමක්... මේකාව මැකෙව්වද වල් කම නොනවතී

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර අක්කාද ඕකම පවසයි :)

      Delete
  44. කව්ද යකෝ තනි උන එකා ....

    ReplyDelete
  45. රජතුමා ඉඳහිටලා මෙහෙමවත් ජනතාව අමතන එක ලොකු සතුටක්. නැත්නම් රටවැසිහෝ හැමදාම රෑට රෑට හූල්ලමින් අඬාවි.

    ReplyDelete
  46. අවසර මහා රජ!!!! මරේ මරු හා... ඔය කියන කතා හින්ද නෙව අපිත් හිටපුගමන් එෆ් බී එකේදී පොල් කේස් වලට අහුවෙලා බඩවල් නැති වෙනකන් හිනා වෙන්නේ... :D

    ReplyDelete
  47. හොඳටම මදි! හොඳටම මදි. ඔයිට වැඩිය අමතන්න ඕන.

    ReplyDelete
  48. එල එල හොදට ඇමතුවා වගේ මට නම් දැනෙන්නේ.නිදා ගද්දි මටත් කෙල්ලෝ පේන්නේ නෑ මොකද කණ්නාඩි ගලවලානේ නිදා ගන්නේ

    ReplyDelete
  49. අඩේ මේක පට්ට කතාවක් බං. තාමත් හිනා යනවා. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හිනා වෙයන් හිනා වෙයන්... හැබැයි මැරෙන්න එපා :)

      Delete
  50. රජා මේ දවස් වල වැස්ස තෙමෙන්න එපා. මට පෙන්නෙ වයර් ලුස් වෙලා මොලේ පෙගිලා. පරිසමෙන් මොනවා උනත් අපේ දෙවනි මනමාලයානේ හික් හික්

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා අක්කේ ඕවා කියලා :)

      Delete
  51. නයි කයිද රෝස්පාං...

    ReplyDelete
  52. හෆ්ෆා.. ටික දොහකින් මෙහාට ගොඩ වුනා. රජාට පිස්සු හැදිලාද?? :O :P

    ජාතිය අමතනවා කිව්වාම මටනම් තාමත් මතක් වෙන්නෙ අපේ combined maths සර්ව ;)

    ReplyDelete
    Replies
    1. අපේ සරුත් එයාම තමා.. :) :)

      Delete
  53. This comment has been removed by the author.

    ReplyDelete
  54. එක දිගට වහිනකොට මට හිතුනා උඹ අසනීප වෙයි කියලා. ඕක සන්නිපාතෙට එන්න කලින් අම්මත් එක්ක ගෙහුන් බේත් අරන් වර...! සුභ වේවා අහවල් එක ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් :)

      අහවල් එකක්ම වේවා!!!

      Delete
  55. කාපිය බුල්ටොත් එක්ක පාන් කිව්වලු!

    ReplyDelete
    Replies
    1. හකුරු එක්කත් පට්ට ආහාරේ බං :)

      Delete
  56. අඩවියේ මම කියවපු ආතල්ම ලිපියක්

    ReplyDelete
  57. එල කතාව රජෝ !!! ජයවේව !!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත සීනා.... මම ආසම රෙස්ලර් ඈ :)

      Delete
  58. ඈ බං රජෝ දැං උඹ මක්කටෙයි මේ ජාතිය ඇමතුවේ.
    මේ මචං...ආයි ඔහොම කරන වෙලාවට මටත් කියපන් ඈ...උඹේ අන්තංපුරේ කෑලි සෙට් එක බහිනවා නේද ඔය වෙලාවට..මේ වැස්ස හින්දා මටත් උන්ව මුලිච්චි උනේ නෑනේ බං. මං මතක් කොලා කියහන් ඈ..

    ReplyDelete
    Replies
    1. උඹ අන්ත:පුරේට ටෝක දානවා වැඩී ඈ තරුවෝ... :)

      Delete
  59. ජන්දෙ කිට්ටු නිසා වෙන්ටැ ජාතිය ඇමතුවේ...
    අපේ රජාට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. සබාවට වත් රිංගගන්න බැලුවේ :)

      Delete
  60. රජා අසභ්‍ය උනත් සභ්‍ය විදියට සයිබර් අඩවියේ අණසක පතුරවගෙන ඉන්නවා.යටත් පිරිස දැහැමින් සෙමෙන් පාලනය කරගෙන ඉන්නවා. ඒක තමා රජෙක්ගේ නියම ලක්ෂණ කියන්නේ ආහ්. මම ඇත්තටම කිව්වොත් රජාගේ කට වචන වලට අනිත් අය වගේ ඇබ්බැහි වොලා ඉන්නේ.රජ පොස්ට් එකක් දකින කං නින්දක් නැහැ. මට රජාගේ අඩිපාර පෙන්නුවේ අපේ ගවේශකයා. මොනදේ උනත් රජෙක් පිට එකාලගේ කට වචන හමුවේ සැලෙන්නේ නැහැ. සැලෙන්නත් එපා. චිරාත් කාලයක් රජා බලය පතුරවගෙන ඉන්න කියලා පතනවා.

    අඩෝ දිගටම ලියපං රජෝ.අපි ඉන්නවා කියවන්න. නොලිව්වොත් අහුවෙයන්කෝ ඇහ්.
    අනේ බුදු මල්ලියේ නොලියා නම් ඉන්න එපා
    අංගොඩ ඉස්පිරිතාලේට සෙට් එකට තව පිස්සෙක් එකතුවෙයි බං

    රජාට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ... රචනාවක් ලියලා :)

      රාජ සම්පත ඈ..

      Delete
  61. ආයුබෝ වේවා මහා රජාණෙනි
    රජ ගැන කියනව නම් ඉතින් රෙදි ගලෝල විසීම කොලහැකි ඒ වුනාට ඉතින් පවුනේ අපේ රජා රජ ජය වේවා අම්ම බට එකෙන් ගැහුවොත් උබ බොලේ දල දුවපන් අව්ලක් නෑ ලියමු ලියමු ජනතාව උබේ පච සමග ගොන් කතා අසා ප්‍රීති වීමට සීරුවෙන් සිටිතිමු එල එල ජය වේවා

    ReplyDelete
  62. ඈ රල් වජෝ උඹට දකුණ පැත්තේ මන්තිරියෙක්වත් සෙට් උනාද ....
    ඔලුව බලව ගත්තොත් හොඳය් නේද ...

    ReplyDelete
  63. ඇයි මචං කේස් එකක්ද..??

    ReplyDelete
  64. රජාට අමු කැවිලද? නැතිනම් රජා යුවරජාත් කැටිව විපස්සේ අසුන් ගන්න හදනවද? ආ.. වැරදුනානේ. රජාට විපස්සක් නෑ නෙව

    ReplyDelete
  65. එල රජා එල, පට්ට කතාව

    ReplyDelete
  66. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් අදමයි මම මේ පැත්තට ආවෙ ඉතින් ඔයාට අම්මා මොනාද කිවුවේ රජෝ

    ReplyDelete
  67. මේ අඩවිය යුව රජාට නම් බාර දෙන්න එපා ! බලන්න දෙන්නත් එපා ! මල්ලිවත් කෑව කියල රජාගෙ අම්ම ගහයි බැට් එකෙන් !!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)