Wednesday, August 29, 2012

තාමත් විදවන ඒ දුක (කාචයක ඉතිහාස කතාව)


2007 වර්ශයේ අග භාගයේ පටන් හාඩ් ලෙන්ස් එකක් ඇහේ ඔබාගෙන මං විදවන්නේ අපමණ දුකක්ය. මේ කියන්නට යන්නේ කාචය ඇහෙන් පිටට පැනීම නිසා මට සිදුවූ අකරතැබ්බ කිහිපයක්ය. 

කාචය දැම්මම ලෙසටම පෙනෙන මට, එය ගැලෙව්වම් පෙනෙන්නේ බොද වුනු ලෝකයක්ය. අඩු තරමේ මට අඩි තුන හතරක් ඉස්සරහින් ඉන්න මිනිහෙකුගේ මුහුණේ, ඇස් වල ඉරියව් පවා පෙනෙන්නේ නැත. මිනිහෙක් ඉන්න බව පමණක් පෙනෙන්නේය. පත්තරයක් කියවා ගන්නට බැරිය. පොතක් කියවාගන්නට නොහැක.   

කාචය ඇති විට හා නැති විට
මේ හාඩ් ලේන්සස් පැලද සිටීමද කල යුත්තේ සීමාවකට යටත්වය. දවසකට පැය 12ක්ය නැතහොත් ඇහැට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අහිමිව වෙන ලෙඩ සැදෙන්නේය. මේවා පැළදගෙන,

අඩන්න බැරිය
නාන්න බැරිය
නිදාගන්න බැරිය
ඇස් කසන්න බැරිය

අඩන්න හෝ නාන්න බැරි කාචය ගැලවී යන නිසාය. ඇස් කැසුවොත් කළු ඉංගිරියාවෙන් පිට පනින කාචය අපායක ඇති සුව මිහිපිටදී ලබා දෙන්නේය. නිදා ගන්න එපා කියන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැත. නමුත් මට බස් එකේ නම් නින්ද ගිය අවස්ථා අපමණය. 

පලවෙනි වතාවට මේ කාචය ඇහෙන් පිට පැන්නේ ඉස්කෝල වෑන් එකේදිය. ඒ පොඩි උන් සමග දගලන්නට ගොස් එකෙකුගේ අත මගේ ඇස මත සම්ප්‍රාප්ත වීමෙන්ය. එදා වටේ පිටේ උන් නොසිටින්නට ඒ පොඩි එකා අද ජීවතුන් අතර නැත. තවත් වතාවක් ඔහොම ඔට්ටු වෙන්නට ගොස් අත වැදී වම් ඇහේ කාචය බස් එක තුල වැටුණි. බස් එක අපේ හින්දා අවුලක් උනේ නැත. ඩ්‍රයිවර් අන්කල්ට කියා බස් එක නතර කර ගත්තෙමි. කාචය වැටි තිබුනේ ඩිකිය පැත්තටය. ඩිකිය ඇර බලන විට දිස්වූ දසුනෙන් මගේ ගත හිරිවැටි ගියේය. වම් ඇහේ ලෙන්ස් එක කුඩු පට්ටම් වී තිබුනේය. කාචේ උඩට පිටිපස්සේ වූ ස්පැනර් එක වැටී  තිබුනි. මේ දවස් වන විට අයියෝ පොත් වලට ගිය සල්ලි (උ.පෙ) විභාගේත් ලග ලගම පැමිණෙමින් තිබුනේය. ගෙදර  ගිය මට මව්තුමියගෙන් හොදවාගෙන අහගන්නට ලැබුනේය. කැඩිච්ච කාචේ හදාගන්නට ගොස් තව 8000 කට කෙලවිය.  

මතකයේ හැටියට දෙවන වතාවට කාචය ඇහෙන් පැන්නේ රාජකරුණා සර්ගේ කෙමෙස්ට්‍රි පන්තියෙදිය. ඌ මගේ පන්තියේ එහා පැත්තේ ඉන්න එකාය. මිනිහා මං රජා ගැන සියල්ල දැනගෙන සිටියේය. මම ඉන්න තැන වැඩිය දගලන්න හොද නෑ බව දැනගෙනත් ඌ කුමන හෝ හේතුවකට අත පය විසිකළේය. අත මූනේ වැදුනේය. කාචය ඩෙස්කේ උඩය. වෙලාවට වැඩිය කට්ටිය කවුරුත් නැත. පන්තියෙන් එලියට යන ගමන් පිටුපස පෝලිමක සිටි වෙඩික්කාරයාට කතා කලෙමි. උගේ සහයද ඇතිව කාචය නැවත ඇස තුල ස්ථානගත කර ගත්තෙමි. 

තවත් දවසක් පාන්දර ඕක දමන්නට ගොස් කාචය බිම වැටුනි. ලා නිල් පැහැයකට හුරු හෙයින් ටයිල් මත වැටුනු එය මව්තුමියටවත් සොයාගත නොහැකි විය. එදා මම ඉස්කෝලේ ගියේ නැත. මුළු උදේ වරුවම ඔට්ටු වුනේ කාචය සෙවීමටය. හමුඋනේම නැත. මම හිත හදාගත්තෙමි. තාත්තගෙන් තව 8000ක් ඉල්ලීමට හිත සමග කටද හදා ගත්තෙමි. මම කාමරේ සිට ලොබිය හරහා සාලයට ආවෙමි. චිරිස් ගා යමක් පෑගෙනවා මට දැනුනි. දෙයියනේ... කාචේ. වෙලාවට කැඩුනේ නැත. මට පෑගිලාවත් නොකැඩුන ඉතිහාසයක් ඊට ඇති බව කියන්නේ ආඩම්බරයෙන්ය. 

ඇස් දෙකට කාචය දමන්න කියා ඇත්තේ දිනකට පැය 12කි. ඉස්කෝලේ යන දවස් වල හවසට පන්ති වැටී තිබුණි. මම ගෙදරදී කාච දාගන්නේ පාන්දර 5ට පමණය. පන්ති ඉවර වෙලා ගෙදර යද්දී 8 විතර වෙන්නේය. එතකොට පැය 12 පනින්නේය. ඉගෙන නැත්තේ නැතත් ඇස් දෙකේ වටිනාකම ඊට වඩා වැඩිය. එහෙයින් ගෙදරින් එක ඇහැකට පමණක් කාචයක් ගෙන එන මම හවසට වෑන් එකේදී අනිත් ඇහැට කාචය දමාගෙන පන්තියට ගියෙමි. වෑන් එකේ උන්ටත් ඒ කාලේ මේක හෙන මැජික්ය. මං රජා ලෙන්ස් එක මාරු කරන වෙලාවට කට්ටියම වටේට හිටගෙන කට ඇරගෙන ඒක දිහා බලාගෙන සිටියෝය. 


තවත් දවක් බස් එකේ කැම්පස් එක හොයා ගෙන යන්න ගේ ලඟින් කොළඹ බස් එකට නැග්ගේය. මමත් සමග මගේ සමකාලීනයෙක් ඒ වෙලාවේ හෝල්ට් එකේ සිටියේය. බස් එකෙත් සෙනග වැදී තිබුනේය. මමත් වැඩි ගානක් නොගෙන එල්ලුනෙමි. වැඩි දුරක් යන්න ලැබුනේ නැත. එකෙගේ අත වැදුනේය. කාචය පිටය. වහාම බිම වැටෙන්නට නොදී අතට ගෙන ගිරිඋල්ල බස් ස්ටෑන්ඩ් එකටම ගියෙමි. යාලුවත් එක්ක කඩයක් අස්සට රිංගාගෙන ඇහැට දාගෙන නැවත වෙන බස් එකක කොළඹට ආවෙමි. 

මේක උනේ මේ සතියේය. බෝඩිමේ ඉඳන් ගල්කිස්ස මහ හෝටලේ සුවද විද ගෙන සුවදත් එක්ක ආප්ප කන්න සෛවර කඩේට ගියෙමි. ආප්ප අක්කා නිවාඩුය. මැකරෝනියක් දාන්නට කියා පුටුවකට වී හේත්තුවක් දාගෙන සිටියෙමි. ඇහැ කසන්නට ගත් හෙයින් හෙමින් හෙමින් ඇහැ කූරු ගගා සිටියෙමි. අත තබාගෙන හිටියේ මේසයේ මුල්ලකට හේතුවෙන් එය ලෙස්සා ගියේය. ඒත් සමගම ඇගිල්ල ඇහේ අනුනි. කාචය අතේය. බොහොම අමාරුවෙන් රෑ 8ට විතර ගාලු පාරෙන් පැනගත් මම පාර දන්නා හෙයින් බෝඩිමට සැපත් විය. නැවත ඇහැට කාචය දාගෙන මැකරෝනිය රස විදින්නට විය.  

ඒවා මේවා අතර මේ කාච ඇහැට දාගන්නට හා ගලවන්නට ගොස් ඇහේ සුදු පැත්තට ගිය වාර අනන්තය. මා විදි වේදනාව අන්තය.. අප්‍රමාණය...  ඒ වේදනාව මෙය කියවන ඔබ කා හටවත් අත් නොවේවා යන්න මාගේ එකම පැතුමය.

හැමතිස්සෙම හිනා වෙලා ඉන්න උන්ගේ හිතේ කොහේ හෝ කොනක දුක කියන එක හැංගිලා තියෙනවලු මචං...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

78 comments:

  1. කියෙව්වා මල්ලියේ... උඹ විඳින දුක ගැන වගේම කාච භාවිතය ගැනත් ටිකක් ඉගෙන ගත්තා..මං හිතං හිටියේ ඕක මහ ටොයිස් වැඩක් කියලනේ... ඇයි බං අර චිත්තරපටිවල සුටුස් ගාන කොට කස්ටිය ලෙන්ස් මාරු කරන්නේ... මේ ඒක නෙවෙයි බං එතකොට මේ කෙල්ලෝ අර එක එක පාට ලෙන්ස් දාගෙන ඇයිවල පාට වෙනස් කරගෙන දඟලන්නේ ඔච්චර කට්ටක් කාගෙනද..?

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා මාර අයියා මෙහෙ ඇවිල්ලා... සතුටුයි ඈ.. :)

      ඒ පාට ලෙන්ස් හෙන තුනී.. ළූණු පොත්තක් වගේ. රිදෙන්නේ නෑ. ඒත් මේ ලෙඩේට දාන ඒවා ඊට වඩා ගොඩක් ඝනකම්. පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් සොරි තමා

      Delete
    2. අඩේ උඹ මාර කට්තක්නෙ කන්නෙ...

      මගෙත් පෙනීම අඩු හින්දා කාච දැම්ම කාලයක්.. හැබැයි උබ කියන තරම් කට්තක් කෑවෙ නෑ.. පළවෙනි දවසෙනම් ඇහැට ඇසිඩ් ගැහුව වගේ,, ඒ සොලියුෂන් ඇහැට ඇලජික් උණ හින්දා...

      දවස් දෙක තුනකට පස්සෙ හරි ගියා.. කාචෙ ඇහේ සුදු පැත්තට ගියොත් යන්තම් කෙවෙනවා වගේ විතරයි ඇහැ පියාගෙන ඇහැ කැරකෙව්වහම ගානට සෙට් වෙනවා....

      හැබැයි අර පැය 12කට වඩා දාන්න හොඳ නැති හින්දයි.. එක පාරක් ලෙන්ස් එකෙන් ඇහට විශබීජයක් ගිය හින්දයි මම කාච දැමිල්ල නවත්තලා කණ්නාඩි දැම්ම

      Delete
    3. උඹලට කණ්නාඩියට පේනවනේ... මට කණ්නාඩියෙන් පෙනීම ගන්න බැහැයිලුනේ :(

      Delete
  2. අපොයි දෙවියනේ.. අපිව හිනස්සන උඹ මෙච්චර දුක් විදින එකෙක් කියලා තේරුනේ දැන් තමා.. ඕකට නැද්ද බන් වෙන ප්‍රතිකර්මයක්.. ගිය පාර ලිපියෙ උඹ ඔපරේශන් එකක් ගැන කියලා තිබුනා මතකයි.. බැරිද ඒවගේ එකකින් කල්පවතින සහනයක් ලබාගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔපරේශන් කලත් එක පාරකට එක ඇහැයිලු. ඒක ඉවරවෙලා මාස 6ක් විතර ඉන්න ඕනෙලු අනිකට. ඒත් සාමාන්‍ය පෙනීම ගන්න බැහැයි කියලයි කියන්නේ

      Delete
  3. අඩෝ.. ඇස්වලට කඳුළු ආවා මේකේ අන්තිම ටික කියවලා.. අර සෙන්නා කියන්නා වගේ බැරිද ඔපරේෂන් එක කරගන්න??

    ReplyDelete
    Replies
    1. නිට්ටාවට සුව වීමක් නෑලු බං :(

      Delete
  4. උඹ මාර දුකක් නේ විඳින්නේ මචං. මේ ලෙන්ස් කතාව නිසා මම වෙන ටැබ් එකක් ඇරගෙන සර්ච් පාරක් දාල බැලුවා ලෙන්ස් වල හැටි කොහොමද කියලා.
    …සෙන්නා කිව්ව වගේ ඕකට නැද්ද බං මොකක් හරි දිගු කාලීන විසඳුමක්. ඉස්සර නම් මෙහෙ හිටියා ආයුර්වේද වෙද මහත්මයෙක්. ඕනම ඇස් ලෙඩක් හරි, ඇහේ තුවාලයක් හරි ඕනම එකක් සනීප කරනව. අවාසනාවට දැන් එයා නෑ.

    …මේ වගේ ලෙඩ රෝග නම් කිසි කෙනෙකුට නොහැදේවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං... කාටවත්ම හැදෙන්න එපා. අඩුම තරමේ සතෙකුටවත් හැදෙන්න එපා!

      Delete
  5. //හැමතිස්සෙම හිනා වෙලා ඉන්න උන්ගේ හිතේ කොහේ හෝ කොනක දුක කියන එක හැංගිලා තියෙනවලු මචං...// සම්පූර්ණ ඇත්ත...!හිනාවුන පලියට සමහරු හිතන් ඉන්නෙ.අපි දෙව්ලොව ඉදන් ආතල් ගන්නව කියලයි...!

    ReplyDelete
  6. අනේ සංසාරේ මටනම් ඔලුවත් කැරකැවෙනවා මේක කියවලා.කාචයක් දානවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයිනෙ බලන් යනකොට

    ReplyDelete
  7. මචං දැන් සමහරු ඇඩ් එකට පාට පාට කාච දානවා. උංට ඔය එක හෙනයක්වත් නෑ​නේ බං. සිරාවටම ඇහේ ආබාධයකට කාච දාන උඹට තමා කේස් එක. ආරක්ෂිතද බං ඔය කාචය?

    ReplyDelete
  8. මලේ ලේසර් ට්‍රීට්මන්ට් ගැන පොඩ්ඩක් හොයල බලපන්

    ReplyDelete
    Replies
    1. ඒක තමා දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ :(

      Delete
  9. ඉතිං බං කණ්ණාඩි දෙකක් දාපංකෝ!!!!

    ReplyDelete
    Replies
    1. කණ්නාඩියට පෙනීම ගන්න බෑනේ බං. :(

      Delete
  10. තනි ඇහැට ඇඩෙනවා රජෝ !!! සිරාවටම උබ පව් බන් !!!

    ReplyDelete
  11. ඇත්ටම රජා විදින දුක මට ඕනෑවටත් තේරෙනවා.මොකද මං කාච දාන්නේ නැති උනාට ඇස් කණ්නාඩි දානවා.කණ්නාඩි දාලා මෙහෙමත් දුක නම් කාච දැම්මම කොහොමද?

    ReplyDelete
  12. පිස්සු බම්ප් වෙයි ඈ!වනේ වන හතුරෙකුටවත් මෙහෙව් දුකක් අත් නොවේවා!

    ReplyDelete
  13. දුකයි බන්... ඇත්තටම පෙර ආත්මෙ අකුසලයක් වෙන්න ඇති... මේ ආත්මෙවත් පින් අතේ වැඩ ටිකක් කරගනිං ඔය කෙල්ලන්ට පැණි පෙරන එක නවත්තලා...

    ReplyDelete
    Replies
    1. මම කෙල්ලෙක් ඉන්න ලගින්වත් යන්නේ නෑ..

      Delete
    2. ඒක හරි.. උඹ යන්නේ ලඟින් නෙවෙයි නේ.. ඉන්න තැනින් නේ.. :D

      Delete
  14. ara anthimata kiyala tiyena denam sampurna aththa ayya.........aththatama oya paw ayye....!

    ReplyDelete
  15. රජෝ ඕකට වෙන විසදුමක් ඇත්තෙම නැද්ද බං?
    උඹ පුදුම කට්ටක් නේ කන්නේ

    ReplyDelete
    Replies
    1. ඔපරේශන් එක තමා ඉතින් :(

      Delete
    2. එකට උබම කැමති නැද්ද මචං

      Delete
    3. නෑ බං... බයයිත් එක්ක.
      සල්ලිත් ඕනැනේ වැඩිපුර

      Delete
  16. ඇත්තටම දුකයි බං උඹ ගැන.
    වෙන මෙනව හරි ක්‍රමයක් තියෙනවද කියල හොයල බැලුවෙ නැද්ද?

    ReplyDelete
  17. පිස්සු හැදෙනවනේ බං මේක කියෙව්වම... මම අර කිව්ව නංගිටත් ඔය සන්තෑසියටම මුහුණ දෙන්න වෙයි.. පව් බං උබලා ගැන දුකයි .. ජිවිත කාලෙටම ඕක දාන්න වෙනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං මොනවා වෙයිද කියලා :(

      Delete
  18. ලෙන්ස් කේස්..
    ඉස්සර මාත් ආසාවෙං හිටියා කන්නාඩි දාන්න තිබ්බනං එල කියලා..
    බලං යනකොට මේක මාර කට්ටක්නේ..
    ඇඩෙනවා..

    ReplyDelete
  19. අඩෝ ඒක දැකලා මගේ ඇස් දෙකටත් කඳුළු ආවා.. මාර දුකක්නේ... මොනා කරන්නද බන්... ලබා උපන් හැටිනේ...
    ඒත් අමතක කරන්න එපා...
    මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා
    අංජන කුංකුම ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා..
    උඹ නිකන් නිල් පාට ලෙන්ස් දෙකක් දාගෙන නළුවා වගේ ඇති නෙහ්.....
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. නිල් පාට උනාට දැම්මම පාට පේන්නේ නෑ බං.

      නළුවගේ බව්වා වගේ තමා :)

      Delete
  20. දුකයි මචං උඹ ගැන

    ReplyDelete
  21. Replies
    1. මට හැදෙන්නේ නැතුව ඇති. නැත්නම් මට මෙලහකටත් හැදිලා

      Delete
  22. දුක සීන් එකක්නෙ මලේ... මාත් කණ්නාඩිය අමාරුවෙන් හරි දාන් ඉන්නෙ ඔය මල වදේ ඊට වඩා ලෙඩක් නිසා. ඕක ට්‍රයි කරහන් ඔප් එකක් කරල අඩු කරන් ඉන් පස්සෙ කණ්නාඩි දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ තව ටික කාලෙකින් බලනවා :(

      Delete
  23. මටත් තියනවා ඇස් කේස් එකක්...දුර පෙන්නේ නෑ මම නම් පාවිචි කරන්නේ කන්නාඩි දෙකක්..එක දාපුහම නිකන් 3gp වීඩියෝ බලලා full HD වීඩියෝ එකක් බලනවා වගෙයි.....

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං... මට නං 3gp වලටත් වඩා අඩුයි :)

      Delete
  24. අඩේ මේක මාර කට්ටක් නෙහ්....
    ඒක නෙමේ මල්ලි මම් දැක්කා මේල් එකක තිබ්බා ඔය ලෙන්ස් දාගෙන ගොඩක් රස්නේ තියෙන හරියක ඉන්න හොඳ නෑ කියලා.
    ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
    කොයිකටත් පරිස්සම් වෙනු !

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තක් වෙන්න බෑ.. අනේ මන්දා

      Delete
  25. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න උන්ගේ හිතේ කොහේ හෝ කොනක දුක කියන එක හැංගිලා තියෙනවලු මචං...

    එක දුකින් ඉන්න උන්ට වැඩිය ගොඩක් වැඩි එක තමයි අවුල

    ඔයිට එහා දෙයක් කියන්න ඉතුරු වෙලා නෑ බන්.ජීවිතේ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. දුකෙන් ඉන්න උන් දුකෙන් ඉන්නේ සමහර වෙලාවට මහ ලොකු දේකටත් නොවෙන්න පුළුවන්

      Delete
  26. මමත් 2001 ඉදලා කණ්ණාඩි නම් දානවා. කාච දාන එක ගැන දන්නෙ නෑ. මොනවා කරන්නද මලේ. ඔහොම තමයි ජීවිතේ හැටි. ජය..!

    ReplyDelete
  27. හැමදාම මොනව හරි කියල අපිව හිනස්සන උඹ හැමදාම ඔච්චර දුකක් විඳිනව කියල අපි දැනගෙන හිටියෙ නෑ බං. ඇත්තටම දුකයි බං ඒ ගැන. ජීවිතේ ඔහොම තමයි යාළුව, හැමෝටම මොනව හරි ප්‍රශ්නයක් තියෙනව. ඔපරේෂන් එකකින්වත් ඒක නිවැරදි කරගන්න පුළුවන් නම් ඒක කරපන් මචං. උඹට සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව යාළුව.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...
      තෑන්ක්ස් මචන්... :)

      Delete
  28. Replies
    1. නිකන් පිස්සු වගේ බං....

      Delete
  29. අපොයි රජෝ.. හිතන්න එපා බං. ජීවිතේ ඕමයි !

    ReplyDelete
  30. මට තේරෙන්නෙ නෑ මොනව කියන්න ද කියලා, වෙනත් ලෙඩක අතුරු ප්‍රතිඵලයක්නම් ආයුර්වේද ප්‍රතිකාර ගැනහරි හිතන්න තිබුණා. මේකට එහෙම කරන්නත් බෑ නේද ?

    ReplyDelete
  31. අර හිට්ස් ලක්ෂෙ සීන් එක වෙන්න ඇති බුකියේ කියන්නේ.. හරි හරි මගේ සප් එකත් දෙන්නම්...

    ReplyDelete
  32. එච්චරම කට්ටක් කාගෙන ඉන්න ඕනෙද මචං ලෙන්ස් දාගෙන ඉන්න? මං දැනන් හිටියේ නෑ ලෙන්ස් හින්දා මේ වගේ කට්ටක් කන්න වෙනවා කියලා. මාත් ආසාවෙන් හිතං හිටියේ ලෙන්ස් දාන්න. මේ කියලා තියෙන ඒවා දැක්කම දැක්කම හිතන්න වෙයි තව පාරක්.. ඒ මොනවා උනත් උඹට සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  33. හ්ම්ම්ම්... ඕක කට්ටක් බව දන්නවා රජෝ.. මම දාන්න ගිය එකත් පස්සේ වෙනස් උනේ ඔය දේවල් නිසා.. ඒත් මගේ ඇහේ තිබ්බ අසනීපෙත් වෙනස් හැබැයි.. කොකටත් අර ලේසර් ට්‍රීට්මන්ට් එක ගැන බලහන්.. කොකටත් කරන්න කලින් ඒක ගැන හොදට හොයලා බලපං මල්ලියේ..

    ReplyDelete
  34. අමාරුවෙන් හරි ඔපරේෂන් එක කරගන්න බලන්න, තව කල් යද්දි තව අමාරුයිනේ. අනිත් එක ජොබක් එහෙම කරන්න ගත්තම කොහොමත් වෙලාවක් නැහැනේ.

    ReplyDelete
  35. හෙන අවුල් අප්පා මේක කියවල.. ෂික්.


    'හැමතිස්සෙම හිනා වෙලා ඉන්න උන්ගේ හිතේ කොහේ හෝ කොනක දුක කියන එක හැංගිලා තියෙනවලු මචං...'
    ඔව් මචං.අනුමත කරමි.

    ReplyDelete
  36. බස් වල ඩිකියකුත් තියෙනවද බං රජෝ? ඔය ලෙන්ස් එක බිම තිබිලා අරං ඇහැට දාගත්තම හොඳ නෑ නේද. මම හිතන්නෙ ඇහැට විශබීජ යන්න හොඳ අවස්තාවක් ඒක. ඇයි ඔය ලෙන්ස් එක සෝදන්න වෙනම දියරයකුත් තියෙනවා නේද? අර සොෆ්ට් ලෙන්ස් එක නම් වෙනම දියරයක රෑට දාලා තියන්නෙ නේද?

    රජා, මට තේරෙනවා ඕක කොයි තරම් කට්ටක්ද කියලා. නමුත් ඒ වෙලාවට හිතපං අතපය පවා අහිමි වෙච්ච උං ගැන. ඇස් නොපෙනෙන උන් ගැන.
    අනික ඕක අර ඔපරේෂන් එකෙන් කරන්න හිත හදාගන්න බලාපං. එක පාර එක ඇහැක් කරන එක හොඳයිනෙ. ඔය විභාගෙ හෙම ඉවරවෙලා බැලුවනම් හරි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  37. මේ තරම් කට්ටක් උඹ කනවැයි කියලා හිතාගන්නවත් බෑ බං.එක විනාඩියකටවත් හිතුනේ නෑ උඹ මෙහෙම දුකකින් ඉන්නවා කියලා.කොහොම හරි ඕක ටික ටික හරි හොඳ වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා....

    මාත් කණ්නාඩි දානවා මටත් දැන් හිතෙනවා ඇහැ ටිකක් චෙක් කොරගන්න ඔය විදියටම පෙනීම හිටපු හැටියෙ අවුල් වෙනවා ඇස් වලට කඳුලු ඇවිත් බොඳ වෙනවා..

    අන්තිමට කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත...



    ReplyDelete
  38. මටත් මතකයි මචන් physics lab එෙක්දි ෙලන්ස් එකක් ගැලවිලා උඹ විදපු දුකක්...

    ReplyDelete
  39. ලොවෙත් නෑ රජෝ...උබ පට්ට කට්ටක්නෙ කන්නෙ...දෙයියනේ කන්නඩි දාන අපිවත් ප්ච්චර කටු කනවැයි....ඔහොම තමා බන්....ජීවිතේ හැටි

    ReplyDelete
  40. අඩේ අන්තිමට කිව්ව එක නම් සහතික ඇත්ත ඈ...

    ReplyDelete
  41. දැන් ඉඳන් වත් පින් දහම් කරපන් එතකොට ඊළඟ පාර වත් බේරෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  42. අන්තිම කතාවනම් සහතික ඇත්ත..
    මමත් කාලයක් තිස්සේ කණ්නිඩි දානව, ඒත් ඔහොම කට්ටක් නම් නෑ.. ලේසර් ට්රීට්මන්ට් කරා නම් කණ්නාඩි දාන තත්වෙට ගොඩ දාගන්න පුලුවන් නේද.. මගේ යාලුවෙක් එහෙම කරා.. ඔය ලෙඩේටමද කියල නම් දන්නෙ නෑ.
    ඉක්මන් සුව පතමි..

    ReplyDelete
  43. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  44. සිරාවටම අය්යෙ දුක හිතෙනෙවා....මාර කට්ටක්නෙ කන්නෙ? මං සිංහල වෙදකම ඉගෙන ගන්නවා ගෙදරට හොරෙන්......පරම්පරාවෙන් වෙදකම ඉගෙන ගත්තු sir කෙනෙක්ගෙන්....එකෙ තියන දෙවල් මාර සිරා...ම්ං ටිකක් හොයල බලන්නම් ඔකටත් බෙහෙතක් තියනවද කියලා.....

    ReplyDelete
  45. අඩේ මටත් කෙලවෙලා ඕයි ��

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)