Wednesday, August 22, 2012

වනය මැද තරුවක් 2 - යුගයේ කුජීතම කෙටි කතාව

පලවෙනි කොටස මිස් උනාද?? එහෙනං කියෝලම එන්න. නැත්තන් මඤ්ඤං වෙයි. තරුව පළවෙනි කොටස..

ටොස් එක තොරා දුන්නේ වම් පැත්ත හේතුවෙන් මිතුරෝ දෙදෙනා හෙමින් හෙමින් වම් පැත්තට විහිදුන අඩි පාරේ පියමනින්නට විය. කුරුල්ලන්ගේ කිචි බිචි හඩ මැද්දෙන්, රැහැයියන්ගේ කන කීරි ගස්සන හඩ මැද්දෙන්, ඉදහිට ඇසෙන ගෙරවිලි හඩ මැද්දෙන් ඔවුන් ඉදිරියටම ඇදුනොය. මේ අතර වාරයේ ඔවුන් විවිධාකාර වූ කෝණ වලින් පොටෝ හිතේ හැටියට ගත්තෝය. නිහඩ පිළිවෙතකින් ගමන් කල මිතුරෝ දෙදෙනා අතර කතාවක් ඇති කරවන්නට සමත් වුයේ ලේනාය. ඌත් එසේ මෙසේ ලේනෙක් නොව ලංකාවේ ජාතික සත්වයා වූ දඩු ලෙනාය. මුදිත තම කැමරාව ලේනාට නාභි ගත කළේය. ඌ එක තැනක රැදුනේ නැත. එහෙ මෙහෙ දුවන්නට විය. ලේනාට සාප කරන ඇසුණු සුමන්ට මද හිනාවක් සමග තවත් කයියක් මතකෙට ආවේය. ඔහු කින්ඩියට මෙන් එය මුමුණන්නට විය... 

ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ඌ ලේනා.....


ලේනාගේ අයියා....
ටුරුක් ටුරුක්.... ටුරුක් ටුරුක්...
ඌ දඩු ලේනා..
ටුරුක් ටුරුක්.... ටුරුක් ටුරුක්...


විනාඩි පහක් පමණ ලේනා අල්ල ගන්න වලි කෑ මුදිත තම ආශාව ඉටු කර ගත්තේය. යලිත් ඔවුන් ඉදිරියට ඇදෙන්නට විය. නොසිතු බාධකයකි. මග හරස් කරමින් දොළක් ගලා බසින්නේය. බැලු බැල්මට ගැබුරු පෙනුමක් පෙනෙන්නට විය. කළු පැහැ වතුර ගැඹුර කියා පෑවේය. 

මොකද බං කරන්නේ. සුමන් ප්‍රශ්නාර්ථයක් මවමින් මුදිත දෙස බැලුවේය.

බලමු ඒ දණ්ඩක්වත් නැද්ද කියලා. සුමන් දොලට සමාන්තරව යමින් කිවේය.

අඩෝ උඹ දන්නවනේ මම ඒදඩු වල යන්නේ නෑ කියල. සුමන් බැරෑරුම් හඩින් කිවේය.

ඉතින් ආපහු යන්නද කියන්නේ? මුදිතගේ ප්‍රශ්නය විය.

සුමන්ගෙන ඊට පිළිතුරක් නම් ලැබුනේ නැත.

ඔවුන් මද දුරක් නිහඩව ඉදිරියට අදුනොය. ඔවුන්ගේ වෙලාව හොඳය. තනි පුවක් කොටයක් දමා සකස් කරන ලද ඒදණ්ඩක් ඈතින් දිස් විය.

හාහ් හාහ් හා.... වෙලාව හොඳයි ආ... අන්න එදණ්ඩක් මුදිත අත දිග හරිමින් කිවේය.

මට නම් ඕකෙ යන එක සුවර් නෑ බන්.. කෝකටත් මගේ බෑග් එකත් උඹම අරන් යමන්. සුමන් බෑග් එක මුදිතට දිගු කරමින් කිවේය.

අනේ උඹනං...... මුදිතට කියවින.

මුදිත සීරුවෙන් එගොඩට ගියේය. ගහක් මුල වාඩි වූ ඔහු සුමන් එන හැටි බලා සිටින්නට විය. සුමන් වෙවුලන කකුල් වලින් යුතුව පුවක් කොටයට නැග්ගේය. අගලෙන් අගල හරහට ඇදෙන්නට විය. 

අඩෝ... හූ..... ඔහොම ඇවිල්ල උඹ එනකොට හෙට වෙයි. ඉක්මනට වරෙන්.... මුදිත කෑගසන්නට විය.

මට කයියක් මතක් වෙනෝ.......... මුදිත යලිත් කගසන්නට විය.

අනේ උඹේ කයිය තියල ඉදගනින්... සුමන් දෙපැත්තට වැනෙමින් කිවේය.

මුදිත තමන් ඉදගෙන සිටි බුරැත ගහේ අතු දෙස බලමින් කෑගසන්නට විය. 

අත පය නැති            කොටා
ඒ දණ්ඩෙන් යන        කලටා
ඌ වැටුනේ                ඇලටා

අන්තිම පදය කියන්නට එදණ්ඩ ඉඩ නොතබා තිබුනේය. එක්වරම ජබුං................... යන සද්දයෙන් හඩක් අසුනේය. ක්ෂණයකින් එදණ්ඩ දෙස බැලු මුදිතට සුමන්ව තම දර්ශන පථයට අහු උනේ නැත. නමුත් එලිසමය රකිමින්ම අවසන් පදය කියමින්ම මුදිත දොළ පාර දෙසට දිව්වේය.
…………………      හුටා


මුදිත පන කඩාගෙන දිව ගියේ සුමන්ට හරි හැටි පිහිනීමේ හැකියාවද නැති බව ඔහු දත්හෙයින්ය. සුමන් දොළ මත සම්ප්‍රාප්ත වී සිටියේය. හිතු තරම් දොළ ගැඹුරු නැත. වතුර තිබුනේ උරහිස් දක්වා පමණය. සුමන් වතුර නාගෙන එගොඩට ආවේය. සුමන්ට මහා හඩින් හිනා යන්නට ආවත් ඔහු මහත් ආයාසයකින් තම හිනාව තද කරගෙන සිටියේය.

නමුත් ඒ අසලම තිබු අකුලක් තුලින් නැගුනේ කිචි බිචි හඩකි. දෙමිතුරෝ ක්ෂණයකින් අකුල දෙසට හැරුණි. අනපේක්ෂිත ලෙස මතු උනේ කලින් මග හැරි ගිය යුවතියන් දෙදෙනාය. මහ හඩින් හිනා වෙමින් ඔවුන් මිතුරෝ දෙදෙනා ලගට ආවෝය. 


අපි ඔක්කොම බලාගෙන හිටියේ. අපෝ ඔයාලට ඒදණ්ඩකවත් යන්න බෑනේ. අපි දැක්කා. ඔයාල අපේ පස්සෙනුත් ආවා නේද? කැකිරි පැලෙන කොමල වෑහෙන කට හඩකින් දෙමිතුරන්ගේ හිතගත් යුවතිය කියවන්නට විය.

මුදිත හා සුමන් කට ඇරගෙන ඇය දෙස බලා සිටියේය. නමුත් මුදිත බලා සිටියේ ඇයගේ කටකාර කට දේශය. සුමන් නං බලා සිටියේ වෙන ප්‍රදේශයකය. ඇයගේ සිරි බිරිය අවසන් වුනේය. අන්ද මන්ද වී සිටි මුදිත කට හඬ අවදි කළේය. 

ඔයාල මොකද මේ කැලේ ඇතුලේ කරන්නේ?

අපේ ගමට යන්නේ මේ පාරෙන් තමයි. ඇය පිළිතුරු දෙන්නට වුවාය.

ඔයාගේ නම මොකද්ද? සුමන්ද කැලේ ඇතුලේ සිදු වෙමින් තිබු සාකච්ඡාවට සහභාගි වෙමින් ඇසුවේය.


මම සීතා.... මේ ඉන්නේ මගේ යාළුවා නිමාලි. ඇය තමන්ගේ යාලුවාද හදුන්වා දෙමින් පැවසීය. 

එතකොට ඔයාලා කවුද?

මම මුදිත. මේ ඉන්නේ සුමන්. මුදිත පැණි බෙරෙන කට හඩකින් පැවසීය.

සුමන්??? හෙහ් හෙහ් මරු නම... සීතා හිනැහෙමින් පැවසීය.

හෑ? මොකද්ද එකේ මරු? සුමන් මරුමුස් පෙනුමක් පෙන්වමින් ඇසුවේය.

ඇයි අනේ අර කවියක් තියෙන්නේ...ඔයාල දන්නේ නැද්ද? ඇය හිනැහෙමින් පැවසුවාය.

ඒ මොකද්ද ඒ? දෙමිතුරෝ දෙන්න එක විට මුහුණට මුහුණ බලා ගනිමින් ඇසුවෝය.

ඇයි අනේ...

අංගම්මන සුමන...    අංගම්මන සුමන...
අංගම්මන සුමන...    අංගම්මන සුමන... 
අංගම්මන සුමන...     අංගම්මන සුමන... 
අංගම්මන සුමන...                  උ........


ඇයට ඉතිරි පද ටික කියන්නට ලැබුනේ නැත. සුමනගේ කට ක්‍රියාත්මක විය. එපා.......... රැහැයියන්ද නිහඩ කරවන්නට සමත් වූ ඒ දරුණු කෑගැහිල්ලෙන් සීතාද අන්දුන් කුන්දුන් විය.

ඔයාට මොකද උනේ? ඇස් ලොකු කරගෙන සීතා සුමන් දෙස බලමින් ඇසුවාය.

මොකද??? ගෑල්ලමයි ඔහොම කැත කතා කියනවද මම අහන්නේ ආ? සුමන් ඇහි බැම වකුටු කරමින් ඇසුවේය.

කැත??? මොකද්ද අනේ එකේ කැත.. මට නං එකේ කැතක් පෙන්නේ නෑ...

එහෙනං කියන්න බලන්න ඉතුරු ටික...සුමන් දෙගිඩියාවෙන් කීවේය.


...... උදේට සිල් රකින.

ආ...ඒකද? අපි දැනන් හිටියේ වෙන එකක්නේ නේ මුදියා ... සුමන් හිනැහෙමින් කිවේය.

ඒ මොකද්ද කියන්න බලන්න... සීතා දෙමිතුරන් දෙස බලමින් ඇසුවාය.

නෑ.. නෑ... ඒක ඕනේ නෑ... මෙතෙක් වෙලා හිනැහෙමින් ජවනිකාව නරඹමින් සිටි මුදිත හඩ අවදි කළේය.

ඒක නෙමේ. අපේ ගෙවල් මේ ළඟ ඔයාලත් එන්න ගිහින් තේ ටිකක් එහෙම බීල යමු. සීතා අරාධනාවක් කලාය.

යමු යමු. මුදිත එක පයින් පිළිතුරු දුන්නේය. 

යමු එහෙනං... සුමන්ද මැද්දෙන් පැන්නේය. 

යුවතියන් ඉස්සර කර ගත් යහළුවෝ දෙදෙනා ඔවුන් පිටු පසින් ඇදෙන්නට විය. මේ යන අතර මග තිබු කිසිම දෙයක් චායාරුප ගත නොවින. මිතුරන් දෙදෙනා සිටියේ නාරිලතා යෝගයට සමවැදිලාය. එක එල්ලයක් ඔස්සේ ඔවුන් දෙදෙනාම ඇස යොමාගෙන ගියෝය. කිසිදු හැල හොල්මනක් කැලයේ නොවීය. නිහැඩියාව බිදිමින් සුමන් කට හඬ අවදි කළේය. 

මේ වගේ ඒවා දකිද්දී කොහොම කට පියාගෙන ඉන්නද බන්. මට තව කයියක් මතක් වෙනවා ඕයි!!!


කියන ලබ්බක් කියහන්... හැබැයි කුණුහරප කියන්න ඔට්ටු නෑ... අර කෙල්ලට ඇහුනොත් අපේ චරිතෙට හොද නැනේ බං. මුදිත සුමන් දෙස බලමින් කිවේය. 

එහෙනං ඔන්න කිව්වා ඈ..

අනේ මචං සීතා හොඳ එකී                        මචං
ගල මස්කට් තොල බිස්කට් වගේ              මචං
අනේ මෙමට නොලැබුන එක දුකයි          මචං
බලෙන් (ටී.....ක්) හිරේ ගියත් සැපයි          මචං

අනේ නෙදකින්... ඕකද උඹේ මහා ලොකු කයිය. කිව්වටත් පාඩුයි යකෝ.... තුහ් තුහ් තුහ්.... උඹ අහල නැද්ද මෙහෙම කයියක් තියෙනවා. දැනගනින්.... ඊට පස්සේ කරන මගුලක් කරලා හිරේ යමන්. ඔන්න අහගනින්. මුදිත කට ගොරකයක් ලෙස හදා ගනිමින් කිවේය. 


බලු බෙටි                     පොඩිත්තක
නලියන පණුවො             රොත්තක
කුණු දිය                          කඩිත්තක
තිබෙන ගඳ ඇත නාකි  (ටී....ක්)   ක


ඉතින් බොල මේකි නාකිද? සුමන් හිනා වෙමින් ඇසුවේය.

මොකද නැත්තේ... බලහන්කො අවුරුදු 25ක් විතර වයස පාටයි. මුදිතද හිනේහෙමින් පැවසුවේය.

මොවුන්ගේ හිනා හඩ ඉදිරියෙන් ගමන් කල ගෑල්ලමයි දෙන්නාටද ඇසුනි. ඔවුන්ද හිනෙහෙමින් පිටුපස බැලුවෝය.

මොකද දෙන්න හිනා වෙන්නේ? අපිට නේද හිනා වෙන්නේ?

අපෝ නෑ සීතා... අපිට මේ කැමරාවේ තිබ්බ පොටෝ එකක් දැකල හිනා ගියේ. මුදිත කැමරාව පෙන්වමින් කිවේය.

කතාවෙන් කතාවෙන් ඔවුන් සීතලාගේ පැල් කොටේ වෙත පැමිණ තිබුණි. පොල් අතු සෙවිලි කරන ලද වහලයක් සහිත කටුමැටි බිත්ති සහිත පැලක් වූ එය මිතුරන් දෙදෙනාගේ සිත බැද ගත්තේය. නැවතත් කැමරාව ක්‍රියාත්මක විය. නිවසේ චායාරූප කිහිපයක් ගනු ලැබීය. සීතා ගේ ඇතුලට ගියාය. නැවත එලියට පැමිණුනියේ තම මව යැයි කිව හැකි වයසේ කාන්තාවක් සමගය. ඇය කිසියම් කටයුත්තක සිට පැමිණි බවක් ඇගේ මුහුනෙන්ම පෙනුනි. ඇය දහඩිය වගුරුවමින් සිටියාය. 


එන්න මහත්තයෝ ගෙට... මම මේ කිතුල් හකුරු වගයක් හදමින් උන්නේ. තේ ටිකක් බීලම යමු. ඇය දෙමිතුරන්ට ආරාධනා කලාය. 

තරමක බඩගින්නේ සිටි දෙපල ගේ ඇතුලට යන්නට පැකිලුනේ නැත. කිතුල් හකුරු සමග තේ බිවු මුදිත හා සුමන් හකුරු හදන හැටි දෙසද ටික වෙලාවක් බලා සිටින්නටද අමතක කලේ නැත. ටිකක් වෙනස් ආකාරයේ අත්දැකීමක් වූ හෙයින් ඔවුන් එය චායාරුප ගත කරන්නටද වග බල ගත්තෝය. නැවතත් තම රාජකාරිය ඉටු කරන්නට යන්නට ඔවුන් ගෙපැලින් එලියට බැස්සෝය. 

එහෙනං අම්මේ අපි ගිහින් එන්නන්. සීතා... අපි ගිහින් එන්නන්. මුදිත සීතාගේ අම්මට ආචාර කිරීමෙන් පසු කිවේය. 

හොඳයි මහත්තයෝ.  ඇයද පෙරලා උත්තර දුන්නාය. 

එක නෙමේ අම්මේ... අපිට කැලේ ඇතුලට යන්න ඕනා.. කොහොමද යන්නේ. සුමන් ඇසුවේය. 

මහත්තයලට යන්නම ඕනෙනම් මම පාර කියන්නම්. හැබැයි සිංහ ගල තියෙන පැත්තට යන එක නම් එච්චර හොඳ නෑ.  අනික මේ මායිමෙන් පස්සේ පාරවල් සලකුනු වෙලා නෑ. මහත්තයලට යන්න වෙන්නේ කැලේ මැද්දේ පාර හොයාගෙන. මතක ඇතුව මග සලකුණු කරන්නත් අමතක කරන එපා.  ඇය කියන්නට විය. 

ඒ මොකද අම්මේ සිංහ ගල??? මුදිත ඇහි බැම හකුළුවමින් ඇසුවේය. 

එක දිග කතාවක් මුදිත.. ඔයාල ගිහින් එන්නකෝ මම ඔයාලට කියන්නම් රෑ වෙලා.  සීතා කියන්නට වුවාය. 

හිතේ කනස්සල්ලෙන් මිතුරෝ දෙදෙනා සීතාගේ අම්මගේ ඉල්ලාගත් මන්නා පිහියද සමග කැලේ මැද්දට පියමනින්නට විය. 

මතු සම්බන්ධයි....

භාවිතයට උපදෙස්,
  • ලේනා ජම්බු ගහට සින්දුව සම්පූර්ණයෙන් රසවිදින්න මෙතනින්.
  • ටී...ක් පද වල වචන අහන්න එපා


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


86 comments:

  1. හිහ් හිහ් කුප්ප රජාගෙ පස්ට කතාවක් ...එල ආ...මචන්..මේකෙ නව එකක්ද කෙටි එකක්ද..තා කොච්චර කොටස් තියෙද කියා කියනවද..

    ReplyDelete
    Replies
    1. අපොයි පැන්නා නේද.... :p

      Delete
    2. පළවෙනි කොටසටත් වඩා ලොල් !!!!! ( අඩේ ඉතුරු කොටහත් ඉක්මනට දාහන්කෝ )

      Delete
    3. මේක කෙටි එකක් බං... එක පාරම ඔක්කොම දාන්න බැරි හින්දා කොටස් වශයෙන් කුජීත වෙනවා..

      තව එකක් තියෙයි :-)

      Delete
  2. Replies
    1. මේ මේකේ තව කොටස් කීයක් තියෙනවද රජෝ??? :D

      Delete
    2. තව එකක් තියෙයි මගෙ හිතේ :-)

      Delete
  3. නානකොට කියපු කිවිය තේරිලා නැද්ද කොහෙද????
    නැත්නම් ඒකට උත්තරයක් නොදී ඉදියිද?????

    ReplyDelete
    Replies
    1. හෙහ් කවුද බං දන්නේ ඕවා :-)

      Delete
  4. ela ela kunuharupa tikak adu karala me wage digatama liyamu
    :)

    ReplyDelete
    Replies
    1. අඩෝව්... එක කුණුහබ්බයක් නෑ ඕං මේකේ :-)

      Delete
  5. අඩේ රෑවෙලqඅ කථාව කියන්නම් කිව්වේ රෑට බොලාට එහෙ නවතින්න එන්නත් කිව්වද?????

    කවිටිකනම් පුරුදුයි.. ඒ උනාට කථාව සුපිරියට ගොඩ නගනවනේ.. ඒ හින්ද මගෙනුත් තරුවක් දෙනවා ඈ

    ReplyDelete
    Replies
    1. එතකොට තරු ගොඩයි... එල එල :-)

      Delete
  6. ඔහොම යන්... ඔහොම යන්...

    ReplyDelete
  7. ඊළඟ එකත් ඉක්මනටම දාන්නකෝ බලන්න මොකද වෙන්නේ කියල අර බලෙන් ටීක් කවියනම් නියමයි. ඕක රජාගේ ප්‍රොඩක්ෂන් එකක්ද ඔරිජිනල් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් බං ඔරිජිනල්..

      දන්නවනේ අපේ බාල වැඩ නෑ කියලා :-))

      Delete
  8. රෑටත් එනවද ආපහු ?

    ReplyDelete
  9. එල එල ඔහොම යන්....එක නෙමේ අර මන්නා පිහිය අරන් ගියේ රැට බොන්න රා මදින්නද........??

    ReplyDelete
    Replies
    1. කැලේ කපාගෙන යන්න බොලව්.. :-)

      Delete
  10. එලටික් කතාව ඈ... කවි ටිකත් එක්ක කතාව මරු !

    ReplyDelete
  11. මේක වසරේ කුජීතම චිතුපටිය වෙයිද මන්දා..... මට මැවිලා පේනවා ඒදණ්ඩෙන් වැටෙන සීන් එක LoL :D :D :D :D :D

    ReplyDelete
  12. meke tawa kotas kiyak thiyenawada ayye???ehenam itiri tikath ikmanata liyamu hode........ :)

    ReplyDelete
  13. හය්යූ මෙහෙමත් කවි තියෙනවද අප්පා, අනික මේ හිස් තැන් තියන්න ඔට්ටු නෑ හරිය මට රහසෙන්වත් කියනවද ඒ හිස් තැනට සුදුසු අකුරු ?

    ReplyDelete
    Replies
    1. ඇහුනද මම කිව්වා හුඇ

      Delete
    2. අනේ මටනං ලැජ්ජයි... :-)

      Delete
  14. යුගයේ කුජීතම නව කථාව කියලා නම වෙනස් කරපන්... මේක දිග එකක් නිසා කෙටි කථාවක් වෙන්න බෑ... ලංකාවෙ ජාතික සත්වයා දඩු ලේනා වුනේ කවදා ඉදන්ද බොල...

    ReplyDelete
    Replies
    1. මචං සිරා...

      …ලංකාවේ,

      ජාතික සත්ත්වයා "දඬුලේනා
      …ජාතික පක්ෂියා "වළිකුකුලා"

      Delete
    2. මමත් ඕක අහුලගත්තේ මේ ලගදි... මල්ලිගේ සිංහල පොතෙන්ද කොහෙද.

      හුගක් අය ජාතික සත්ත්වයව දන්නේ නෑ.. අපි ඉගෙනගන්න කාලේ හිටියේ ජාතික පක්ෂියා විතරනේ :-)

      Delete
  15. යකෝ දැන්නම් ඉසරහට 18+ warining adults only එකක් දාපිය මේක පොඩි හිටියො බලනවා ලංකාවෙ ජාතික සත්වයා දඩු ලේනා වුනේ කවදා ඉදන්ද එකනම් අහන්න වටිනා ? එකක්

    ReplyDelete
    Replies
    1. ඔහොම්මම උඩ බලහන්..

      Delete
  16. ඔය ටීක් කවි ටික නම් අපි කැම්පස් කාලෙ අහලා තියෙනවා.හික්ස්ස්. ඕවට ඒකාලෙ කිව්වෙ "සාහිත්‍ය" කියලා...
    දැන් කියන්න බලන්න කුජීත වුණත් කෙටි කතාවක් කොටස් කීපයකින් යන්නෙ කොහොමද කියලා. එතකොට ඒක නවකතාවක් වෙනවනේ

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අළුත් කෙටි කතා... මේකේ පිටු වැඩියි :-)

      Delete
  17. වනය මැද තරු දෙකක් වගේනෙ බං..හපූයි දිග... :P ටී.....ක්... :D

    ReplyDelete
    Replies
    1. අර කතා කරන ඒවා හින්දා දිග වැඩී බං :-)

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝව්.... මැකුවේ :-)

      Delete
  19. ශාහ්..නියම නිර්මාණයක් බං
    මහ නරක කොල්ලො දෙන්නෙක් නේ..!!

    ReplyDelete
    Replies
    1. හෙහ්... හලි නාකයි :-)

      Delete
  20. කලින් කමෙන්ට් එකේ ටී..ක් තියන කවියක් කෙටුව. ආයේ හිතුනා ඕන නෑ කියලා. ඒකයි අයින් කලේ.
    …ටී...ක් :))))))

    ReplyDelete
    Replies
    1. අපරාදේ බං... අවුලක් නෑ ඒක :-)

      Delete
  21. පිපි මලි කිනිත්තක
    සුවදැති සදුන් වත්තක
    නිල්දිය කඩිත්තක
    නැවුම් සුව ඇත යොවුන් ***ක

    ReplyDelete
    Replies
    1. අනේ හම්මෝ බඩ... :-)))

      Delete
    2. @sAm

      යකෝ තව පොඩ්ඩෙන් බිබී හිටපු තේ එක පෙනහැල්ල දිහා යනවා. :))))))))))

      …ඔය තියන්නේ කවිනේ බං

      Delete
    3. තේ බිබී මේව බලන්න එපා බොලව් ! :)

      Delete
  22. හ්ම්ම්.. රැයකුත් තියනවා එහෙනම්...

    ReplyDelete
  23. බෙල්ල ගියත් එළිසමය රැකලා...... :D

    ReplyDelete
  24. මේක මොන ජාතියෙ කතාවක් ද බං. මම මේ මෙහෙම කතාවක් කියෙව්වමද මන්ද. දැන් අර කුණුහරුප නැති නම් දෙකක් තියෙන කොල්ලො දෙන්න රෑටත් අර ගෙට රිංගන්න ද ලැහැස්තිය. මේව නම් රජෝ උඹ ප්ලෑන් කරල කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. මේක කුජීත කතාවක් බං..

      වගකීම් භාරගනු නොලැබේ... :-)

      Delete
  25. වැඩේනම් අවුල් යාගෙන වගේ එන්නේ.... ;)

    ReplyDelete
  26. ටොස් එක දාලා පාර හොයාගත්ත එක වැරදිලා නෑ වගේ.. දැන් ඉතින් උඹ ඔය ගල ගැන ඊලග එකෙන් වත් කියනවද? :)

    ReplyDelete
  27. ඇයි බං අර කවි මැද්දෙං තරු පායන්නේ??????

    ReplyDelete
    Replies
    1. වනය මැද තරුවක් නේ බං.. :-)

      Delete
  28. පෙ‍ර පෝස්ටුවද,මෙයද දෙකම කියෙව්වෙමි.

    ReplyDelete
  29. අංගම්මන සුමන කවියේ අර ඉතුරු පදයත් කියපන්කො

    ReplyDelete
  30. කතාව මරු රජෝ..............!
    කෙටි කතාව නෙමේ කොටස් වශයෙන් පලවෙන නවකතාව කියලා දැම්මා නම් හරි
    ඊලග කෑල්ල තවත් රසවත් වේවි නේ :)

    ReplyDelete
  31. මේවා හිටිවන කවි වගේ නියම කතා පිංච...

    ReplyDelete
    Replies
    1. හෙහ්... ස්තූතී ස්තූතී :-)

      Delete
  32. රජා අඩෝ තෝ වගේම තමා කතාවත් පට්ට පජාතයි / කුජීතයි .:P
    ඉක්මනට අනිත්වත් දාපන්.

    ReplyDelete
  33. අඩේ පට්ට කතාව බොලන්. සිංහ ගල කියන්නෙත් කුජීතම ගලක්ද දන්නේ නෑ. අපෝ රජා හිතුවට වඩා වල් ශිකේ

    කමෙන්ට් දානකොට හිරවෙන අවුල හරි ගිහින් වගේ රජෝ

    ReplyDelete
    Replies
    1. ගැජමැටික් ටිකක් හැලුවා බං :-)

      Delete
  34. මසගේ කට කහනවා බං...මාත්තව ටීක් කවි ටිකක් දාන්නද

    ReplyDelete
  35. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)