තරු නැති අහස රතුපාටලු වටකුරුලු
ජෝඩු ජෝඩු තනි වෙනවා වගේ කුරුලු
මාරු මාරු ගහන අයට දැන් ඇතිලු
වාරු වෙන්න දැන් තුරුලට කල් හරිලු
හැව දකින්න පෙරුම් පුරපු දුක් විදපු
අද දකිනවා පුළුවන් නම් හැව අරිමු
වට්ටි වලින් පෙට්ටි නංගි හංගවපු
කිරි කනවා කිසි දින මට නොකාවපු
අම්මා බනියි උදේම රෙදි හෝදවමු
සුදු රෙද්දේ මඩ ගෑවුනු හැටි කියමු
තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු
කොල්ලගේ වැඩ මුළු ලෝකෙට පෙන්නවමු
අනේ............මම නං දන්නෑ ඕං..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ හරුපෙනම් හරියට තේරුනා මදි ආයේ කියවලා බලමුකො හිමින් සැරේ
ReplyDeleteහෑක් මෙන්න මම 1 වෙලා
Deleteහිමීට කියවන්නකෝ එහෙනං... හැබැයි මගෙන් තේරුම අහන්න එපා ඈ.. :-)
Deleteඔක්කොමත් හරි මොකද්ද බන් අර මාරු කථාවක් කියල තියෙන්නෙ .. උබ එහෙමද?
ReplyDeleteමට ලියලා එව්ව එක තමා ඔය දැම්මේ.. :-)
Deleteසික් විතරක්... මෙහෙව් රජෙක්
ReplyDeleteමම නෙමේ හලේ... :-)
Deleteඕකේ තේරුම සිංහලෙන් දාපංකෝ බං, අපිටත් තේරෙන්න...
ReplyDeleteඅරූ ලියලා එව්වෙනං සිංහලෙන්.. :-))
Deleteවල් රජා
ReplyDeleteමම??????? :(
Deleteබලමු රාජ සම්පත් ලැබේද කියලා!ර්
ReplyDeleteබලන්න දෙයක් නෑ.. අනිවා.. :-)
Deleteඅඩේ යාලුවා හිතලා තියෙන දුරක්. රජාත් තාත්තා කෙනෙක්ද එහෙනම්. :D
ReplyDeleteතහනම් වචනය තාත්තා... :-)
Deleteම්ම්ම්... මටත් මොකක්දෝ වගේ එකක් තේරුනා..
ReplyDeleteමං හිතුවේ රජා පොඩි කියලා.. එහෙම නැ වගේ නේ..
ජය වේවා..!
හී......යේ ය :)
Deleteමම පොඩී නේන්නං... තාම සූටි කොලු පැටියා :-)
Deleteඉතාමත් ලොල් සහගතයි ...............:D:D:D:D:D
ReplyDeleteහැකාස්..... :-)))
Deleteමට තේරුනේ නැත...
ReplyDeleteමටත් ඔක්කොම මීටර් නැද්ද මන්දා :-)
Deleteමටත් එහෙමද කොහෙද....
Deleteස්වයන් වින්දනයේ නිතරම රස බලන
ReplyDeleteඇති හැකි වෙලාවට සැමදා වැල් බලන
බඩුවක් ගහන්නට හැමදා කල්මරන
තෝ වගේ වලෙක් දැක්කාමයි මගේ ඇහැට !
+++++++++++++
Delete+++++++++++
Delete+++++++++++
Deleteනොමග නොයන් පුතේ නුඹට අතක් ඇතේ
Deleteහිතේ දිරිය අතට අරන් ගහපන් තව අතේ
ඒ කාලෙම අපෙ අම්මා එහෙම කියා ඇතේ
බඩුවක් ගැන දුක් වන්නේ කිමදැයි නොම සිතේ.......!
ධාතු වැඩකරු....හික්ස්
ReplyDeleteලොල්ස්... :-)
Deleteඔක්කොමත් හරි කියමුකෝ... හැබැයි රජෝ උඹ මට්ටුවෙන්නෙ අර හිස් බඩ නැතිකරලා වැඩ පෙන්නන්න හිතපු දවසට තමා.ඊට පස්සේ බොට රජකමත් අතාරින්න වෙනවා ෂුවර්
ReplyDeleteහූ ඈ... :-)))
Deleteබලමුකෝ එදාට
කලක සිට වැඩ තිබී ඇති හැඩයි..:)
ReplyDeleteකවුද කිව්වේ?? :-)
Delete"තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු"
ReplyDeleteමේක කොහොමද උඹ කරන්නේ?????????
ඒකි මාස ගානකින් හරියට කාලා නෑ කියන්නේ
Deleteහදිස්සිය මුන්ගේ...
ReplyDeleteකාගෙද??? :-))
Deleteඅඩෝ රජෝ ... උඹ ගැන යාළුවොන්ගේ තීන්නේ මාර පැහැදීමක් නෙව බන් නැත්නම් මෙහෙම අසමජ්ජාති කම්පනාවන් ඕකුන්ට පහල වෙයිද..
ReplyDeleteතොගේ රජකම බලු කමට යන්නේ අර මොකක්ද හිස් බඩ නැති කරපු දවසට තමා ඕන් ...:p
අනේ මන්දා මේ අහින්සකයා ගැන උන්ට කොහොම මෙහෙම හිතුනද කියලා :(
Delete//අනේ............මම නං දන්නෑ ඕං..//
ReplyDeleteදන්නේ නෑ රජා බබා ;)
මම බබා ;)
Deleteතේරෙනවා හොරයි... තේ බීලා එන්ඩද
ReplyDeleteසරලව පැහැදිලි කිරීමක් කලොත් ?
එහෙනං සිලෝන්ටා එකක් ගහලා වරෙන්.. :-)
Deleteමට පුදුම සන්තෝසයක් තියෙන්නෙ අනිත් උන් වැඩි දෙනෙකුටත් මේක නොතේරිච්ච එක ගැන. නැත්නම් අර රජ්ජුරුවන්ගෙ අලුත් ඇඳුම වගෙ වෙනවනෙ. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ රජතුමනි.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔය ලමයින්ට උගන්නපු ඒවත් මෙහෙම නොතේරීද දන්නෑ ඉගැන්නුවේ නෙහ් :-)
Deleteඅනේ මමත් බටලයිට්. මටත් ඔව්ව තේරෙන්නෙ නෑ අෆ්ෆා. අර දවස් තුනකින් හිස් බඩ නැති කරනව කියන්නෙ එක දිගට දවස් තුනක් ඒ අහිංසකීට කෑම කවන්නද කම්පනාව.
ReplyDeleteහිකිස්... බුරියානි කවන්න යන්නෙ බුරිය එලියට පයින්න :-)
Deleteහිස් බඩ පුරවන්න ගිහිං තමා තෝ අනාගන්නේ..
ReplyDeleteබලහංකෝ..
අනලා කවන්න එපෑ ඉතින්.. :-)
Deleteඅනේ බලන්න කොච්චර ධාර්මික රජෙක්ද කියලා කුසගින්නේ ඉන්න කාන්තාවෝ මාළිගාවට ගෙනල්ල තුන් දිනක් කුස පිරෙන්න කන්න දෙන එක ගැන කවියෙන් ලියා පළ කරලා නොවැ.
ReplyDelete"තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු"
අනේ වාසනාවන්!!!!
බුරියානි කාලා....... බුරියානි කාලා..
Deleteරෑට කන්න වටලප්පන් දීපන්..
අනේ සොපියෝ ලගට ඇවිත් මගෙ බඩ අත ගාපන්...
මගෙ බඩ.. මගෙ බඩ.. මගෙ බඩ..
මගෙ බඩ අත ගාපන්..!!!
ජෝඩු ජෝඩු තනි වෙනවා වගේ කුරුලු
ReplyDeleteමාරු මාරු ගහන අයට දැන් ඇතිලු
ගේ කුරුල්ලෝ ගැනද බං මේ?උඹ මේක දාලනම් නාගත්තා වගේ වැඩක් බං.
නාලා ඇවිල්ලා තමා දැම්මේ.. :-)
Deleteපට්ට ආතල් කවිය රජෝ....
ReplyDeleteහා ඈ..
Deleteමේක හොඳටම තේරුනේ නැහැ රජු..
ReplyDeleteසිරාවට...?? :(
Deleteම්හු!
ReplyDeletes w r s l!
ඕ යේ... :)
Delete" තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු
ReplyDeleteකොල්ලගේ වැඩ මුළු ලෝකෙට පෙන්නවමු"
මෙච්චර දෙයක් වෙද්දිත් මොකුත් දන්නේ නැහැ කියන්නේ කොහොමද :D
කන්න අරන් දෙන එක එච්චර දෙයක්යෑ.. :-)
Deleteමාරු මාරු ගහන අයට දැන් ඇතිලු
ReplyDeleteවාරු වෙන්න දැන් තුරුලට කල් හරිලු
නැන්දේ මෙන්න ............
කෑ ගහන්න එපා යකෝ.......ව්!!! :-))
Deleteහිස් බඩ නැති කරන්න නම් රජාට හේනට වියදම් කරන්න වෙය් වගේ.............මොකෝ ඉතින් ෆුල් ටෑන්ක් ගහන්න ඕනනේ .......හික්ස්........... කවි නම් ඉතා ලොල් සහගතය.....
ReplyDeleteපොරි මොන රහද?
Deleteලුණු රහ එකද? පැණි රහ එකද?
හිකිස්.. :-)
මාර රජෙක්නේ අප්පා
ReplyDeleteඅෆ්ෆා.... :-)
Deleteහප්පොච්චියේ.......!!!!
ReplyDeleteමොකද හත්වලාමේ!!!!
Deleteනැතිමුත් දොඩමක් දෙකක් උසට
ReplyDeleteවල් කම ඇත මුගේ උඩිනුත් ඉහට
බැරි උනොතින් නංගිට කිරි කවන්නට
මෙහෙන් වරෙන් දෙන්නම් උබට කිරි පෙරෙන්නට ..
ඔය පැත්තේ එන්න සල්ලි නෑ මචන්... තව ටික කාලෙකින් එන්නං :-)
Deleteමටනම් තේරුනා..මෙහෙම වෙන් කළින් රජු සිර අඩස්සියේ තැබිය යුතුයි.
ReplyDeleteදයානන්ද සර්ට කවි තේරුනේ නැත්තං තමා පුදුමේ.. :-)
Deleteමටත් නිකන් මාරු උනා වගේ....බොට මොකැයි බං උනේ...
ReplyDeleteඋඹ කියන්නේ මේක කියෝලා අපේ බැච් එකේ උනුත් ශෝට් උනා :-)
Deleteරජාටත් හිතෙන දේවල්...
ReplyDeleteමට නෙමේ... යාළුවට.. :-)
Deleteසිරිත් පරිදි මාගේ අක්මාවට කිසිත් නොවැටහේ.....
ReplyDeleteඋණ්ඩුකපුච්චෙට දැනුනද? :-)
Deleteතේරුණා නැද්ද කියල තවම හිතනගමන් ඉන්නේ.
ReplyDeleteපිළිතුරු කවියක් නැද්ද?
මග එනවා... :-)
Deleteඉස්සර වගේ නෑ දැන් අත වෙහෙසයිලූ
ReplyDeleteමැශින් ලැබිලා අත හොර වෙලාලු
හැමදාම මොකො බං සුදු රෙදි ලිං පඩ්යේලු
........................
අන්තිම පදේ මට කියන්න හිත දෙන්නෙම නෑ.. උඹ ඕන එකක් හිතා ගනින්...
ඇයි මට කැත පදයක්ම හිතෙන්නේ.. :(
Deleteඑයා සනීප නැතුව ඉදලද? දවස් තුනකට පස්සෙ වැඩ අල්ලන්න යන්නේ..
ReplyDeleteමට තේරුන විදිහ වැරදිද මන්දා :)
හරි හරි තේරුන විදිහ හරි කියලා හිතමුකෝ.. :-)
Deleteමොකෝ උඹ ස්කූටි පෙප් එක අරන් ආවද, හරි නේද කොල්ලෝ
ReplyDeleteදැන් ඉතින් අනාතයි, ඕකි බඩ කරලා. ගන්න සල්ලි පුදලා දුවන්න තමයි තියෙන්නේ
කන්ග්‍රැටුලේටඔන්
නෑ බං... ප්ලෙෂර් එකක් ගත්තේ.. :-)
Deleteඒකනේ බන් මට ගොනාට සේ තේරුනේ ,
Deleteවාහන ගත්තා වගේ නෙමෙයි රජෝ පරිස්සමින්
ශික් උඹ නං මහ පුදුම රජෙක්.....
ReplyDeleteඇයි බං.. :0
DeleteTherena bashawen kiyanna barida....?
ReplyDeleteහින්දි පුළුවන් නෙහ් :-)
Deleteමොකක්ද බන් මේ හරුපේ. අර බයික් කතාවවත්ද ?
ReplyDeleteබයික් බයික් :-)
Deleteඅනේ අප්පේ !! මේ මොකක්ද මේ .....
ReplyDeleteතේරෙන්නේ නැතෝ.... :(
අපේ අප්පෝ.. :(
Deleteඅනේ රජෝ මට තේරුනෙත් නෑ :(
ReplyDeleteමටත් හොරයි බං :-)
Deleteඅයියෝ සල්ලි කියලා තමයි කියන්න තියෙන්නෙ..
ReplyDeleteහිකිස්... අපරාදේ නෙහ් :-)
Deleteහප්පා....වල් කියන්නේ වල් තුන් වන බලයේ රජෙක් . දැලි පිහියෙන් කිරි කනකොට හරි රහලු. :D
ReplyDeleteරජා කිව්වෙ මෙහෙමලු
ReplyDeleteතරු නැති අහස උඹ බැලුවද මා
මිතුරු....
ජෝඩු ජෝඩු තනිවේදැයි බිය
කපුටු....
මාරු මාරු කිව්වට වී නැත
මාරු.....
වාරු වෙන්න දැන් ඇත්තේ
හැරමිටිලු.....
ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com