Thursday, August 23, 2012

අවසාන කොටස - කුජීත වීමක නැවතුම



මුල් කොටස් දෙක කියවා සම්භාව්‍ය ලෙස කුජීත වී පැමිණීම මැනවි....




දෙමිතුරෝ දෙදෙනා සීතාගේ අම්මගෙන් ඉල්ලාගත් මන්නයද සහිතව ගේ පිටිපස්සෙන් කැලයට ඇතුළු වෙන්නට ගියෝය. ඔවුන්ට වැඩිදුර යන්නට ලැබුනේ නැත. සරුසාරේට වැඩුන බටු වගාවක් මුදිතගේ ඇස ගැටුණි. වහා කැමරාව මානා ගත් මුදිත බටු ගස් වටේ කැරකෙන්නට විය. මෙය දුටු සුමන් මද සිනහවක් ද සමගින් තම වාචාල කට අවදි කළේය. 

සීතා හෙන වැඩකාරියක් වගේ නේ බං... බලහන්කො බටු වගාවේ සරු...

උඹව හදන්න බෑ බං... පව් ඒ අසරණ කෙල්ල... කතා හදන්නේ නැතුව හිටපන්. මුදිත පොටෝ ගසන ගමන්ම පැවසුවේය.

ඕවා ඉතින් මම කියන ඒවා නෙමේ... ඉස්සර ඉඳන් පැවතගෙන එන කතා. ඔන්න බලහන්... මුදිත කයියක් කියන්නට විය. 


ගම්බද ලියන් සුරතින් අරගෙන                 බට්ට
ගසනා විටදී කැඩුනා බට්ටේ                   නට්ට
මොනව කරන්නද පොල්ගහවෙල      ඩොක්ට
ඇරියා (ටී...ක්) විසි උනා (ටී...ක්)කෙන්  බට්ට

මිතුරෝ දෙදෙනාම හිනා වෙමින් කාලය ඇතුලට පිය මනින්ට විය. මේ වන විට යන්තමින් අදුර වැටෙමින් තිබුනද රාජකාරියේ තිබුණු ආශ්වාදජනක බව නිසාම හා සිංහරාජය තුල වූ සෞම්‍ය දේශගුණය හේතුවෙන් ඔවුන්ට කිසිම මහන්සියක් දැනුනේ නැත. ඔවුන්ට කරදර කල එකම දෙය කූඩැල්ලන් පමණය. එයත් සීතාගේ අම්මා දුන් ලුණු කැට කීපය හේතුවෙන් මග හැර ගැනීමට ඔවුන්ට හැකි විය. 

හෝව් හෝව්.... දගලන්න එපා. අන්න අතන මීමින්නෙක් ඉන්නවා. ශේප් එකේ වාඩි වෙලා බලන් ඉඳපන්.. සුමන් ඈතට අත දිගු කරමින් මුදිතට පැවසුවේය. 

අම්මට සිරි ඔව් නේන්නං. ඌ මොකද බං කරන්නේ? මුදිත රහසින් මෙන් ඇසුවේය.
 
අනේ මන්ද බං වටේට කැරකි කැරකි ඉන්නවා. 

හෙහ්... ඕකටත් ඉස්සර අපි කයියක් කියනවා උබට මතකද? මුදිත ඇසුවේය.

ඒ මොකද්ද බං??

වත්තට ආ මීමින්නිය
වත්ත වටේ කැරකෙන්නිය‍
යන්න තැනක් විමසන්නිය
(ටී..ක්)කෙන් පල මීමින්නිය

මග සලකුණු කරමින් ඇදෙන යහළුවන් දෙදෙනාට එක තැන ගොඩ ගැසූ ගල් ගොඩක් දක්නට ලැබුණි. තරමක් විශාල ප්‍රමාණයේ ගල් වලින් සමන්විත වූ එය අතට දැරිය හැකි ගල් වලින් සමන්විත විය. මිතුරෝ දෙදෙනා කුතුහලයෙන් එකිනෙකාගේ මුහුණ බලා ගත්තෝය. 

මේ කැලේ මැද්දේ කොහෙන්ද බං ගල් ගොඩක්. මුදිත ඇස් ලොකු කර ගනිමින් අසන්නට උනේය. 

දෙයියෝ තමා දන්නේ. මොකද අපි නෙමේනේ ගෙනත් දැම්මේ. සුමන් හිනැහෙමින් කිවේය. 

මිතුරෝ දෙදෙනා අතට ගත් ගල් නැවත ගල් ගොඩටම විසි කරමින් තව දුරටත් ගමනේ යෙදෙන්නට විය. ඔවුන්ට වැඩි දුර යන්න ලැබුනේ නැත. පළාතම දෙදරවමින් ගෙරවිලි හඩක් අසුනේය. එත් සමගම මහා වරුසාවක් අද හැලෙන්නට විය. කැලේ ඇතුලේ සිටියද ඒ වරුසාවෙන් බේරෙන්නට හෙවනක් සොයාගන්නට ඔවුන් දිව්වේය. වැස්ස ඒ තරමටම දරුණුය. ඔවුන්ගේ වෙලාවට ගල් ගුහාවක් ඈතින් පෙනෙන්නට විය. මිතුරන් දෙදෙනා වහා ගල් ගුහාව තුලට රිංගුවේ තම කැමරා උපකරණ වැස්සෙන් බෙරා ගැනීමේ අදහසිනි.  වෙලාව ටිකෙන් ටික ගෙවී යන්නට විය. තවමත් වැස්සේ අඩුවක් පෙනෙන්නට නැත. කළුවරත් එන්න එන්නම වැඩි වෙන්නේය. 

අද අපිට මේකේ ඇතුලේ ඉන්න වෙයි වගේ බං. මුදිත සුමන් දෙස බලමින් කිවේය. 

ඒ වගේ නේ බං. සුමනද ඔලුව පිස දමමින් කිවේය. 

ඔය ගෙනාපු ඉටි පන්දමක්වත් පත්තු කරහන්. මෙලෝ දෙයක් පේන්නේ නෑ. මේ ගුහා අස්සේ මොක්කු ඉන්නවද දන්නේ නෑ.  මුදිත කිවේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ සුමන් ඉටිපන්දම් දෙකක් පත්තු කර ගුහාව දෙසට දිගු කළේය. එය එසේ මෙසේ ගුහාවක් නොවින. සැලකිය යුතු දුරක් ඇතුලට විහි දෙන්නක් විය. මිතුරෝ දෙදෙනා ගුහා කටෙන් මදක් ඈත්ව ගුහාව ඇතුලට වෙන්න ඉඳ ගත්තේය. බිස්කට් පැකට් එකක රස බලන ගමන් ඔවුන් තම චායාරූප දෙස ආසාවෙන් බලන්නට විය. 

මේ වන විට වැස්ස පායා තිබුනද රෑ බෝ වීම හේතුවෙන් ඔවුනට සීතාගේ ගෙදරට යා ගත නොහැකි විය. ඔවුන් ගල් ගුහාවේම නිදා ගත්තෝය. නමුත් සුමන්ට නින්ද ගියේම නැත. ඉඳහිට ඇහෙන බස්සන්ගේ මුසල හඩ, උල ලේනන්ගේ විලාප හඩ ඔහුව වික්ෂිප්ත කළේය. ඉටිපන්දම්ද නිවෙන්නට ආසන්නය. මුදිත සැප නින්දේය. සුමන් නිකමට මෙන් සිට ගත්තේය. පිටුපසින් එල්ල වූ දැඩි ප්‍රහාරයකින් ඔහු කෑගසමින් බිම පතිත විය. 

බුදු අම්මෝ......!!!!

සුමන් ගේ කෑගැසිල්ලේ සද්දෙට මුදිතද ගැස්සී අවදි උනේය. ක්ෂණිකව සිටගත් දෙමිතුරෝ පිටුපස බලන්නට වැඩි වෙලාවක් ගත උනේ නැත. ඇස් අදහාගත නොහැකි දසුනකින් හා භීතියකින් ඔවුන් ඇලලී ගියේය. ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ දැවැන්ත ශරීරයකින් යුතු කළු සිංහයෙකි. කන් බිහිරි කරවන තරමේ සද්දයකින් ඌ ගෙරෙව්වේය. මිතුරන් දෙදෙනාට කිසිත් කියාගන්න සිතුනේ නැත. දෙදෙනාම පණට තුබූ ආදරය නිසාම වේගයෙන් ගුහා කටෙන් එලියට දුවන්නට විය. 

සිංහයාද දෙවැනි උනේ නැත. ඌද පිටුපසෙන් හබා යන්නට විය. රෑ කළුවරේ කොහේ දුවනවද යන්නේ කොහෙද, කියන්න ඔවුන් දැනසිටියේ නැත. දෙදෙනාම එකම දිශාවකට දුවන්නට විය. එක්වරම සුමන් බිම පතිත උනේ යමක ඔහුගේ පය පැටලීම හේතුවෙනි. පිටුපසින් දුවගෙන ආ මුදිත සුමන්ව නැගිට්ටවන්නට උත්සාහ කළේය. නමුත් සුමන්ගේ කකුල බරපතල ලෙස තුවාල වී තිබුනේය. 

නැගිටපන් යකෝ නැගිටපන් අරූ පස්සෙන් පන්නනවා. මුදිත කෑගසමින් කිවේය. 

උඹ දුවපන් මුදිත... උඹ දුවපන්... සුමන් කකුල බදාගෙන කෑගසුවේය. 

ඒ වන විටත් සිංහයා දුවගෙන එන වේගෙට අතු පොඩි වෙනවා දෙමිතුරන්ට ඇසුනි. 

දුවපන් යකො... සුමන් කෑගසන්නට විය. 

තම පණට තිබු ආදරය නිසාවෙන් මුදිත දුවන්නට විය. සුමන් වන මැද තනි විය. 

හීන් දාඩිය දමමින් මුදිත දිව්වේය. ඔහුගේ වෙලාවට ඈතින් ලාම්පු එළියක් දිස් උනේය. මුදිත එදෙසට දුවන්නට විය. ඔහුගේ වෙලාවය. ඒ වෙන කොහෙවත් නොව සීතාගේ ගෙදරය.  ඔහුට කතා කරගන්නවත් පණ නැත. සීතා ඔහුව ඇදගෙන මෙන් ගෙට ගෙනාවාය. 

ඔයාලට මොකද උනේ? කෝ සුමන්? සීතා ඇසුවාය

මුදිත තමන්ට උන ‍ඛේදවාචකය අකුරක් නෑර සීතාට හා ඇගේ මවට කිවේය. දෙදෙනාම කට ඇරගෙන අසා සිටියෝය. සීතාගේ අම්මා ඉහිල්ලුම් හඩක් සමග මෙසේ කිවාය. 

හත්දෙයියනේ....... මහත්තයල ගිහින් තියෙන්නේ මම යන්න එපා කියපු සිංහ ගල ඉසව්වටනේ... 

මහත්තයල කලින් දැකල තියෙන්නේ ගල් ගොඩ තම යොධ ගල්ගොඩ කියල තැන. ඉස්සර මේ කලේ හිටපු සිංහයෙක්ව ලංකා කියන යොධයා ගල් වලින් විදලා මරලා දාලා. ඒකට එකතු කරපු ගල් තමා එතන තියෙන්නේ. එතකොට මහත්තයලා පස්සෙන් පන්නලා තියෙන්නේ ඒ මැරුවයි කියන සිංහයාගේ අවතාරේ. මේ ළඟදිත් මිනිස්සු කීපදෙනෙක් මැරිලා තිබ්බා ඕකට බයවෙලා. 

දෙයියනේ සුමන්.. මුදිතට ඉබේටම කියවිණි.

මම තෙල් ටිකක් මතුරලා තියන්නම් එලිය වැටිච්ච ගමන් අපි යමු. ගල් ගුහාවට. මහත්තයලගේ අඩුම කුඩුම ටික අරන් එන්න.  සීතාගේ අම්මා කීවාය. 

පසු දින එලිය වැටීමත් සමග ඔවුන් සිංහ ගල දෙසට පිය මන්නොය. ගුහාවෙන් කැමරා උපකරණ රැගෙන සුමනගේ හෝඩුවාවක් සොයමින් ඔවුන් කැරකුනෝය. නමුත් සුමනගේ කිසිම හෝඩුවාවක් පෙනෙන්නට තිබුනේ නැත. මුදිතගේ ඇස් වලින් කදුලක් ද ගලා ආවේය. ඔහු තමාගේ කුඩා කල සිට අතිජාත මිත්‍රයාය. අවසානයේ නොහැකිම තැන ඔවුන් නැවත නිවස බල එන්නට හැරුනෝය. 

සීතාගේ අම්මා ඉස්සර කර ගනිමින් ඔවුන් පැල වෙත ආවෝය. එක වරම ඇය නැවතින. කිසිවෙකු තම මිදුලේ වැටි සිටිනු ඇයට දක්කට ලැබුණි.

ඇයි අම්මේ නැවතුනේ? මුදිත ඇසුවේය. 

නෑ මහත්තයෝ.. අර කවුද මනුස්සයෙක් අපේ මිදුලේ වැටිලා ඉන්නවා. ඒකයි මම බැලුවේ මේ කවුද කියලා ඇ ය ඇස හීනි කරමින් ඈත බලමින් කීවාය.

මුදිතද විමසිල්ලෙන් එදෙස බලන්නට විය.

දෙයියනේ සුමනයා...... මුදිත එදෙසට දුවන්නට විය. සීතාද ඔහු පිටිපස්සෙන්න් දුවන්නට විය. 

සුමන් අපි උඹව කොච්චර හෙව්වද? උඹට මොකද උනේ? මුදිත කදුළු පිසලමින් ඇසුවේය.

උඹ දිව්වට පස්සේ අඩි සද්දේ නැවතුනා බං.  පස්සේ මොකෙක්වත් ආවේ නෑ. සුමන් බිම වැතිරී සිටිමින්ම කිවේය.

දුවගෙන පැමිණි සීතා සුමන්ව උස්සාගෙන ඔහුගේ හිස තම ළැම මත තබා  ගත්තාය. ඇය ඔහුගේ හිස සෙමෙන් පිරිමදින්නට විය.

අනේ මචං සීතා හොඳ එකී                        මචං
ගල මස්කට් තොල බිස්කට් වගේ               මචං

සුමන් කෙදිරි ගාමින් කියන්නට විය.

ඇය කට කොනින් සිනහවෙමින් සුමන්ට හෙමිහිට ටොක්කක් ඇන්නාය..

නිමි..

භාවිතයට උපදෙස් :
  • යෝධ ගල්ගොඩ නමින් හැදින්වෙන ස්ථානයක් සිංහරාජයේ තවමත් තියනවලු.
  • සිංහරාජයේ ඉස්සර සිංහගල කියන ගලේ සිංහයෙක් හිටියලු. ඌ එතනින් යන මිනිස්සුන්ට කරදර කලාලු. ලංකානාථ කියන යෝධයා ගල් වලින් විදලා ඒ සිංහයව මැරුවලු. ( ජනප්‍රවාදයකි)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

87 comments:

  1. Replies
    1. අන්තිම ටික මුල ටික එක්ක බලනකොට මදි වගේ බන්.. ඒත් අවුලක්ම නැ..
      ජය වේවා...

      Delete
    2. හෑ...? එහෙමද?

      ගනන් ගන්න එපා බං :-)

      Delete
  2. කියවපු රසවත්ම වනචර පොස්ට් එක

    ReplyDelete
  3. මේ නවකතාව අතිශයින් සම්භාව්‍ය එකක් විය යුතුමැයි...
    ඒ නිසාම මට එය නොතේරීම පුදුමයක් නොවේ..
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
  4. හික් ... මදැයි ඔයිං ගියා...

    ReplyDelete
  5. ගල මස්කට් තොල බිස්කට් වගේ මචං........

    ReplyDelete
    Replies
    1. එහෙමයිලු මචන්.. :-)

      Delete
  6. අවංකව කියනවා නම් ආතල් මදි !!!!!!
    ඉස්සර වගේ පවුද්ගලික අද්දැකීම් සහිත වල කතා තමයි අපිට ඕනේ !!

    මේ කතා හරිම කුජීතයි !!!!!!!!

    අනික කතාව තුන හතරකට කැඩූවහාම ආතල් මදි !

    ReplyDelete
    Replies
    1. තට්ටේ පැලෙයි!!! :-))

      Delete
  7. ගල මස්කට් තොල බිස්කට් නරකම නැ අවසානෙදි උට හිරේ යන්න වෙන්නේ නැ

    ReplyDelete
  8. ammo.......kohomada aththatama sinhayek awanam.....mamanam ethanama kalanthe dai....(bayatanam nemei hode..... :D )

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... එහෙනං කැලේ හෝදන්නත් වෙයි :-)

      Delete
  9. මදැයි ඔයිං ගියා ....

    ReplyDelete
  10. ලස්සන කතාව Joke වුනත් ගානට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනං මරු ඈ.. :-))

      Delete
  11. ඉවරත් උනාද බං... මම හිතුව තව ඇති කියලා..

    එල එල කතාව මොනා උනත්...

    ReplyDelete
    Replies
    1. අපෝ මදිද බං තවත්... :-))

      Delete
  12. හොඳ ඉතිහාස කතාව..

    ReplyDelete
  13. අයසරයි අඩවි රාජයානන් වහන්ස,
    මා හට එක් ජවනිකාවක් නොතේරේ. එය සිදු වූයේ කෙසේද?
    යහපති..... රාජ සම්පත් ලැබේවා!!!!! අඩවිය සරුසාර වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. කිමක්ද දරුව ඒ ජවනිකාව? වහා පවසනු මැන..

      Delete
    2. දැන් තේරේ, දැන් තේරේ. ඉරියව්ව අපහැදිලිව තැවතුනි. දැන් තේරේ රජපුමනි :D LoL ජ‍ය!!!!!

      Delete
    3. සමාව භාජනයට දමනු මැන දේවයන් වහහන්ස..... කොම්පීතර අයියාගේ දෝෂයක් කරණ කොවගෙ ඉස්පෙලින් මිස් ටේක් ඇත.....

      Delete
  14. මම හිතුවා බොට ඔහොම වෙයි කියලා...

    ReplyDelete
  15. අනේ ඉවර උන එකමයි හොද

    ReplyDelete
    Replies
    1. සික්... මෙයාලා නං... ;)

      Delete
  16. චික්..අපේ පිරිසිදු හිත් අපිරිසිදුකරනව...! D

    ReplyDelete
  17. අර සිංහයාගෙ කතාව මාත් අහලා තියනවා. අපි සිංහරාජයේ ගියා කාලෙකට ඉස්සර. සිංහගල ලඟට යන්න හිතා ගෙන ගියත් ටයිම් මදි වුනා.
    …පස්ට කතාව...

    …ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි නං සිංහගල පේන ගානට ගිහින් ආපහු ආවා.. :-)

      Delete
  18. සාජ් සම්පට් ලැබේ වා !

    ReplyDelete
  19. කුජීතය් අ. එනමුත් රසවත් ය... අන්තිම ටික තේරුණා මදි වගේ.....

    ReplyDelete
    Replies
    1. හෑ??? තේරුනේ නැද්ද?? :0

      Delete
  20. ඇත්ත කියපන්!!!මේකේ උඹ කවුද?

    ReplyDelete
  21. චැඃ ... මෙගා සීරීස් එකක් දාන්ට තිබ්බෙ, අපරාදෙ ඉවර කරේ.

    මේක උඹව බයකරන්න පොඩි කාලෙ කවුරුහරි කියපු කතාවක් නේ, අර කවි ටිකත් එක්කමද ඕක කියල දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. :-)

      කවි ටික එක එක වයස් කාණ්ඩ වලදි අහුල ගත්තුවා බං

      Delete
  22. යාලුව ව දාල දිව්ව ලස්සන..චී චී වැඩේ කැතයි ඈ....

    ReplyDelete
  23. කතාවනම් හොදයි බන් ඒ උනාට අන්තිමට තමයි අවුල සිතු දෙය නොම වෙයි නොසිතු දෙයක්ම සිදු වෙයි

    ReplyDelete
    Replies
    1. උඹලා බලන් හිටියේ... වැඩිහිටියන්ට පමණයි එකක් යනකං නේ??

      සික්... :-)

      Delete
  24. පස්වාන් දහසකට බුදු වෙයන් දේවයන් වහන්ස. උඹ ඔය කියල ඉවරෙයි. හා හා එහෙනම් රාජ සම්පත්ම ලැබේවා. ලොල්..!!

    ReplyDelete
  25. වඩාත් සුදුසු වැඩිහිටියන්ට ය !!!

    ReplyDelete
    Replies
    1. මං එහෙම එකෙක් නෙමේනේ :-)

      Delete
  26. මටත් තේලුනේ නෑ අප්පා.. ඇර පස්සේ ලියපු ටික නම් තෙලුන.. සමන් >>> සුමන් වීම තේලෙන්නේ නෑ.. මුදිත... තොට රජෝ මම එදත් කිව්වා... වනචරයා..
    යුව රජට අඩවිය බාර ගැනීමට කාලේ හරි වගේ.. මහ රජ පිස්සු නටයි.. :P
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ඌ සුමන්ම තමයි මුල ඉදලම :-)

      ඌට දෙන්නේ නෑ තාම මේක...

      Delete
  27. වැඩිහිටයන්ටම ගැලපෙයි..හැබැයි මිතුරා අතැර යාම අනුමත නොකරමි.

    ReplyDelete
  28. මුල් දෙක තරම් ආතල් නෑ
    එත් පට්ට කොමඩි ඉතිහාස කතාව බං :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං... හැම කොමඩියකම අන්තිමට සීරියස් කෑල්ලක්නේ යන්නේ :-))

      Delete
  29. සිංහරාජෙ ඔය සිංහයව ලංකා කියන යෝධයා මැරුවා කියන කතාව ප්‍රසිද්ධයි. සිංහගල කියන එක තවමත් සිංහරාජෙ තියෙනවා. යෝධ නවද ගහ තියෙන පැත්තෙ තමයි තියෙන්නේ. ජය...!

    ReplyDelete
    Replies
    1. යා යා.... :-)

      රාජ සම්පත!!!

      Delete
  30. එල ඈ
    තිත් දෙකයි ඩී

    ReplyDelete
  31. රජාගේ කුජීත කුප්ප කතාවක් වුනත් රසවත් විදියට ලියලා තියනවා... ඔන්න බලන්න හොඳම යාලුවා වුනත් කරදරේ වැටිචිචි වෙලාවට කරලා තියෙන දේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... පණට ආදරේනේ :-)

      Delete
  32. කතාව පට්ටය....මොනවා උනත් පොල්ගහවෙලට බැනීම හෙලාදකිමි...පොල්ගහවෙල කෑලි මෙලෝරහක් නැත..එහෙත් කොල්ලෝ එල කොල්ලන්ය.....

    ReplyDelete
    Replies
    1. පොල්ගහවෙල ඉන්නේ පොල් කෑලිනේ බං :-)

      මම ඉතින් ගිරිඋල්ලෙනේ

      Delete
  33. සුභ වේවා! අහවල් එකත් ලැබේවා!

    ReplyDelete
  34. මදැයි කොළා... ඉවරයි නේද?

    ReplyDelete
    Replies
    1. තව එකක් දෙන්නද? :-)

      Delete
  35. අම්මපා නියම හීනේ බන්

    ReplyDelete
    Replies
    1. මේ හීනයක්ද නෙමේ බොලං :-)))

      Delete
  36. සුපිරි කතාව මොනව වුණත් හාස්‍ය අවසානය දක්වාම තිබුණා.

    ReplyDelete
  37. කුප්ප කතාවක අවසානය. හැක හැක මම හිතුව තව මොනවහරි වෙයි කියල .

    ReplyDelete
  38. අවසරයි රජතුමනි,
    මරු මරු :)

    ReplyDelete
  39. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී
    www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)