පුන් සඳ පාය ඇති සුන්දර උදෑසනකි. නමුත් මට ඇහැරුනේ 10ත් පහුවෙලාය. නිවැරදි ලෙස කාල ගණනයක් කල හොත් මම පැය 12කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදාගෙනය. අපේ ටීච කියලා තියෙන්නේ මනුෂ්‍යයෙක් දවසකට පැය 6කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදා ගන්න ඕනේ කියලාය. මේ දවස් වල කරන්න වැඩකුත් නැති එකේ නෙට් එකේ උඩ කොටුවේ රගන මකුළු පැටව් දෙන්නෙක් දෙස මම ටිකක් වෙලා බලාසිටියෙමි. උන් දෙන්නත් කරන්නේ එකම දේමය. එකත් හරියන්නේ නැති තැන මුණ හෝදන්නට යන්නට ඇදෙන් බැස්සෙමි.
හෙමින් හෙමින් බෝජනාගාරේ පැත්තට ගිහින් කටපුරෝපු වතුර එකක් ගැහුවෙමි. ඊළඟට
යෙදී තිබුනේ දත් මැදීමේ නැකතය. ගෙදර හැමෝගෙම දත් බුරුසු ටික ලස්සනට
තිබ්බත් මගේ එක එතනින් සුවිශේෂී වන්නේ එහි ආරක්ෂිත ක්ලිප් එක නැති බැවින්ය.
වෙනදා මෙන්ම නොව මට හෙන අමුත්තක් දැනුනි. මගේ කෙදි ඈත්වුණ බුරුසු රාජයා පෙනෙන්නට නැත. මම වහාම මව්තුමිය ඇමතුවෙමි.
රජා: අම්මේ................... මගේ බුරුසුව නැතෝ............
රජා: අම්මේ................... මගේ බුරුසුව නැතෝ............
අම්මා: ආ.... ඒක උඩ කැරපොත්තෙක් හිටියා. මම ඒක විසික්කෙරුවා....
හා...කාලා වරෙන්කො....දැන් ඉතින් දත් මදින්නේ අහවල් එකෙන්ද? මුණ හොදලවත් නැතුව කඩේ යන්නේ කොහොමද? අම්මට යන්න කිව්වොත් බැනුම් කෝටියය. එතකොටම වගේ සහෝදර ප්‍රේමය මගේ සිත තුල දළු දැම්මේය.
රජා: මම මල්ලිගේ එකෙන් මදිනවා ඈ...?
අම්මා: මගෙන් ගුටි කන්න එපා....අල්ලන්නේ නෑ ඒක එහෙම. පොඩි එකාටත් ලෙඩ හදවන්න...
හයියෝ සහෝදර ප්‍රේමය. කියෝ කියෝ ඉන්නේ නැතුව කෙලින්ම අරන් මදින්න තිබ්බේ. දැන් ඉතින් කරන්න දෙයක් නැත. අම්මත් රබර් ඇහැ දාගෙනය.
ඇගිල්ලට ක්ලොගාඩ් ටිකක් අරන් කට වටේ අතුල්ලා ගත්තෙමි. අවුලක් නෑ ගෙදරනේ ඉන්නේ. මම හිත හදා ගත්තෙමි. කිරි එකක් එහෙම ගහලා ලැප් එක දාගන්නකොට වෙලාව 11ට විතරය. එතකොටම වගේ ප්‍රමුදියා කෑගහගෙන ආවාය. උදව්වක් කරනවකෝ.... හසංගි ගැන පොස්ටුවක් දානවකෝ....කෙනෙකුට උදව්වක් ඕනේ උනාම උණු වෙන හිතක් රජාටත් ඇති හෙයින් මම පොස්ටුවක් දැම්මෙමි. පොස්ටුවෙන් පසුව රජා කෙලින්ම යන්න ගියේ බැංකුවටය. ඒ ඇය වෙනුවෙන් මුදලක් දැමීමටය.
රජා: අම්මේ.......මම බැංකුවට යනෝ..........
අම්මා: ඔහොම ඉන්න මටත් යන්න ඕනේ....
අම්මත්
එක්ක මම ටවුමට ගියෙමි. අම්මා මහජන බැංකුවට ගිය අතර මම ගියේ සම්පත්
බැංකුවටය. දෙකම ඇත්තේ මුහුණට මුහුණලා පාරෙන් දෙපැත්තේය. බැංකුවේ වැඩිය
සෙනගත් නැත. මම ක්ෂණික සල්ලි දමා මහජනේ ගාවට ගියෙමි. අම්මා තාමත් ඇතුලේය. මම
එතෙන්ට යනකොටම වාගේ මැදි වියේ ජෝඩුවක් ආවේය. රජා ලගින්ම බයික් එක නැවත්වා එහි බිරිද වූ අක්කා ATM එක ඇතුලට ගියාය. එයා එනකන් අයියාකාරයා බයික් මට
පිටිපස්සෙන් පාර පැත්තට හරවාගෙන නවත්වාගෙන හිටියේය.
අක්කා හදිස්සියෙන් වගේ එනවා මට පෙනෙන්නේය. ඇය බෑග් එක හදමින්ම බිම බලාගෙන
ආවේය. කෙලිම ආවේ බයික් එක උඩ ඉඳගෙන සිටි රජා ගාවටය. ඇය දැන් මට ඉස්සර හිටගෙන
සල්ලි බෑග් එකට ඔබන්නේය. මට නිකන් හීන් දාඩියක් වගේ දැම්මේය. මම ශේප් එකේ
සයිඩ් කන්ණාඩිය බැලුවෙමි. අයියාකාරයා පිටිපස්සේ ඉදන් දත් 64ම එලියෙ දාගෙන හිනාවෙන්නේය. මමත් දැන් හිනාව තද කරගෙන වෙන්නේ මොකද්ද කියා බලාගෙන හිටියෙමි. සල්ලි ඔබාගත් අක්කා උඩ බැලුවේය. ඇයට හික්...ගෑවෙනවා මට ලෙසටම ඇසුනේය. වටපිට බැලු ඇය අයියා දෙසට දිව්වාය. එතකොටම වගේ රජාටත් බකස් ගා හිනා ගියේය. මම පිටිපස්ස බැලුවෙමි. අයියා අක්කාට හිනා වෙමින් මොනාද කියන්නේය. බයික් එක ඉස්සරහට ගන්න ගමන් අයියා මට මෙහෙම කීවේය,
අයියා: තව පොඩ්ඩෙන් මල්ලිට මෙයාව ගෙදර අරන් යන්න වෙන්නේ...
රජා: හික් හික් හික්.... :D
ප/ලි:
මේ වගේ හැන්සම් කොල්ලෙක් දැක්කම කෙල්ලෝ උනත් ලගට ඇදෙන එක අහන්නත් දෙයක්ද...
සහෝදර ප්‍රේමය මෙසේ අර්ථ දැක්විය හැක...
(රංගනය - රජ & යුවරජ )
කලින් දවසක විස්කි කඩේ පූසට, ලෑලි වලේ ලූලා දාලා සින්දු කිව්වෙත් මෙහෙම්මම තමයි. :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යකෝ ඉතින් දගෙන යන්න තිබුනනෙ,,,
ReplyDeleteබයික් එකට නැග්ගෙ නෑනේ දාගන්න :)
Deleteඉතින් නරකද සල්ලිත් එක්ක ගෑනියෙක්
ReplyDeleteනරකමත් නෑ... :)
Delete// තව පොඩ්ඩෙන් මල්ලිට මෙයාව ගෙදර අරන් යන්න වෙන්නේ...//
ReplyDeleteඇන්න ගියානම් ඉතින් අන්තඃපුරයට තමයි
අනිවාර්යෙන්ම ^_^
Deleteනැග්ග නම් තමයි වැඩේ.. :)
ReplyDeleteඑහෙනම් මම දුවන්නේ බයික් එකත් දාලා :)
Delete//බයික් එකත් දාලා// නෑ නෑ බං.. නංගිවත් දාලා :)
Deleteආ....ඔව්නේ :))
Deleteඒ අක්කා ලස්සනද බං????????????
ReplyDeleteඋබට දාං යන්න තිබ්බේ....
සාමාන්‍යයයි බං... මියු 60ක් දුන්නැහැකි! :)
Delete60ත් වැඩී බං :))
Deleteයකෝ පටෝගෙන යන්නනෙ තිබුණෙ. නිකංයැ සල්ලිත් එක්කනෙ.
ReplyDeleteලගට ඇවිත් හිටන් උන්නා විතරනේ... නැග්ගෙ නෑ :)
Deleteහොඳ වෙලාවට බේරුනේ...
ReplyDeleteමමද? අක්කද?
Deleteඅනේ පලයන් බං යන්න! එහෙමත් නගිනවද ගිරිඋල්ලේ කෙල්ලෝ???
ReplyDeleteඇයි ගිරිඋල්ලේ කෙල්ලෝ ලොකුද? පන්නල උන් වගේ නෙමේ ඩෝ.. මෙහෙ කෙල්ලො හෙන ස්වීට් ඈ!
Deleteනැග්ග නම් එපා කියන මල්ලි... :P
ReplyDeleteහූඌඌඌඌඌඌඌඌඌඌ.. ;)
Deleteඅඩේ ගෙනිච්ච නම් කාටද ආඩම්බර
ReplyDeleteකාටද ඉතින් නේ...
Deleteඅද රජට කලින් කරපු පිනක් පල දිල තියෙනව... නැත්නම් ඉතින් ගෑනු පරානයක් එක්කන් ගිහින් විදවන්න වෙනවනේ....
ReplyDeleteඋඹ විතරයි බං හිත හැදෙන දෙයක් කිව්වේ :)
Deleteහැන්සම් නේන්නම් අර වීඩියෝ එකේ ඉන්න පොඩි එකා.. (යුව රජා)
ReplyDeleteඋඹලගේ ඇස් හීන මාන්නෙන් අන්ධ වෙලා... :/
Deleteඅනිත් එක දත් මැදලත් නැති නිසා ආකර්ශනය වැඩි ඇති.
ReplyDeleteඅනිවාර්යෙන්... ඒකයි මමත් කට වහගෙනම හිටියේ :)
Deleteubata thibbe start karala yanna haraka
ReplyDeleteඉතින් මම විතරනේ බං බයික් එකේ ^_^
Deleteඅප්පා මු එපා කියයි ගෙදර යන්න ආවනම් එහෙම.... :)
ReplyDeleteබණ කතා කරනවා මූ.... :)
Deleteමූ ගෙනිච්චා නම් අරූ මේ සිංදුව කියනවා ලූ " පරණ පිනක් මගේ ඉහේ කඩා වැටුනා"
ReplyDeleteහික් හික් :) :)
Deleteඅඩෝ වීඩියෝ එක මාරු බන්.උඹට වඩා ටැලන්ට් එකක් මල්ලිට තියෙනවා ඈ උඹට බෑනේ තාලෙට සින්දුවක් කියාගන්න මල්ලි එක්ක?.කොහොමහරි මල්ලිගේ බිස්කට් පැකට් එකට වැඩේ දුන්නා නෙහ් ශේප් එකේ? මේ කොහොමද බන් උඹ එක කටට මාරි බිස්කට් එක ඔබාගත්තේ? :D
ReplyDeleteඋඹලා තාම දන්නෑ මගෙ හැකියාව... ඉදපල්ලකෝ දවසක පෙන්නන්න :)
Deleteරජෙක් වෙලත් මාරිද කන්නෙ බොල
ReplyDeleteමේවා රත්තරන් මාරි බොල...
Deleteසල්ලිත් එක්ක ආපු අක්කා දාලා ආපු මෝඩ වල් රජෙක්.....
ReplyDeleteරාජාවලියේම මෙහෙම රජෙක් ගැන ඇහුවමයි
අය්යත් බලන් හිටියද දන් නෑ රජා මරාලෙට කර ගහනකන්
අනේ මන්දා... ඌටත් එපා වෙලාද කොහෙද... ඒකනේ මට සෙට් වෙනකන් උඩ බලාගෙන උන්නේ :)
Deleteඋඹෙ පෝස්ටුව නම් මෙලෝ රහක් නෑ බං. :D ..හැබැයි අර වීඩියෝ එක නම් පට්ට. හිනාකාලා පණ යනවා. යුවරජා දැනගෙන හිටියද බෝ වීඩියෝ කෙරුවයි කියලා?
ReplyDeleteසිරාවටම මටත් එච්චර සෙට් නෑ බං පෝස්ටුව!
Deleteමමයි දන්නේ නැත්තේ...මලයා තමා වීඩියෝ කලේ. උඹ බැලුවේ නැද්ද අන්තිම වෙනකන් :)
හරි හරි පොඩි එකා සැරින් සැරේට කින්ඩි හිනා පාන්නේ ඒකයි එහෙනම් ඈ?
Deleteඔව් බං.. :))
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... හයියෝ.. හයියෝ... පවු හෆ්ෆා අක්කා...
ReplyDeleteමමනේ යකෝ පවු! :)
Deleteහයියෝ අර වීඩියෝව තාමත් හිනා යනවා :) සිරාවට යුව රජා නම් අර කිව්වා වගේ හැන්සම්
ReplyDeleteඕං ඕං ඉතින්.... අපේ ලස්සන පේන් නෑනේ බොලේ කාටවත් :(
Deleteසල්ලිත් එක්කම නම් අරන් ගියත් අවුලක් නැහැනේ !
ReplyDeleteපවුල් වෙනකන් අවුලක් නැ!
Deleteයුවරජානම් බොගෙ රජ කමට හෙටානිද්දම කෙලිනවා.. ශූර්ම තමා... :D
ReplyDeleteඅනේ ඌ ලියන බොග්... :)
Deleteවිඩියෝ එක ප්ලේ උනේ නැනේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නරකට තියේවි අක්කා ගෙදර එක්ක ගියා නම්
Deleteආයේ බලන්න...
Deleteරජා ඔබට ජය... interesting...
ReplyDeleteරාජ සම්පත!!!
Deleteයුව රජ දැන් වල් රජට වඩා හැන්ඩියෙක් ය.
ReplyDeleteඔය දෑස මක්කටෙයි? :/
Deleteඅක්කා උසද ..?
ReplyDeleteනෑ... ගානට :)
Deleteඅනේ උඹත් එක්ක ආවොත් ඉතින් ඇන්ටිපා එකක්ම තමා
ReplyDeleteඅම්මපා ඕයි! :)
Deleteඅක්ක ගාව සල්ලි කීයක් විතර තිබුනද?
ReplyDeleteඒකනම් කෝමද දන්නෑ බං..
Deleteඒ අක්කා සල්ලිත් අරගෙන නෙ ආවෙ, අපරාදෙ එහෙනම් ස්ටාර්ට් කරලා එක්කං යන්නයි තිබ්බෙ! :P
ReplyDeleteඅපේ මව්තුමිය බැංකුව ඇතුලෙනෙ එතකොට :)
Deleteඔය පැත්තට උදේට සුන්දර හඳක් පායනවද? :)
ReplyDeleteඔව්... සමහර දවස් වලට තියෙනවා! :)
Deleteරජා රජා විය :D
ReplyDeleteනැතුව ඉතින් පුරෝහිත වෙන්ඩෑ.. ;)
Deleteඅපරාදේ.. "දෙන්න මෙයා බෑග් එක" කියල සල්ලි ටිකත් අරගෙන මාරු උනා නම් ඉවරයි :D
ReplyDeleteහික් හික්... :)
Deleteඅයියා එලවයි එහෙනම් මගෙ පස්සෙන් පණ දාගෙන. ගෑණි නැතිඋනත් සල්ලි? :) :)
අදහන්න වටිනව රජෝ වීඩියෝ එක...
ReplyDeleteමැක්ස්ම මැක්ස් අයියයි මල්ලියි.....
හිනාවෙන කෑලි ටික දැකල අම්බානක හිනා මටත්
කියලම වැඩක් නෑ - ජයෙන් ජය..!!!!!!!
හෙහ් හෙහ්... :)
Deleteරාජ සම්පත!!!
දෑවැද්ද එක්කමනේ අක්ක ඇවිත් තියෙන්නේ..! අර වීඩියෝව පට්ට බං පින්තුර විතරයි....ඔෆිස් එකේ සවුන්ඩ් නෑ බං.. මොකක්ද බන් සින්දුව රජා...නන්ස්ටොප් එකක්ද ?
ReplyDeleteනනස්ටොප් කියන්නේ යුගයේ නැගපුම ඒවා! :)
Deleteහනේ මට යුවරජව ගෙදර එක්කන් යන්න ඕනි...:D :D
ReplyDeleteෂෝයි කොලු පැටියා. <3 <3
ඉදහල්ලකෝ...ඊලග දවසේ දාන්නේ මම තනියම සින්දු කියන එකක්..
Deleteඇත්තම කියනවනම් රජාට සින්දු බෑ ඒත් හොඳට බිස්කට් කන්න පුලුවන්
ReplyDeleteහුහ්.... හිතන් ඉන්න හැටි තමා ඔය :)
Deleteඉරිසියයි රජෝ.......... හරිම ස්වීට් යුව රජ කෙනෙක් නෙව ඉන්නෙ.
ReplyDeleteස්වීට් ස්වීට්... ඔය යකා මට නිදාගන්නවත් දෙන්නෑ!
Deletesalli neeeeeeeeeeeeeee
ReplyDeleteබැංකුවක් කඩමුද? :)
Delete//...මුණ හොදලවත් නැතුව කඩේ යන්නේ කොහොමද?....//
ReplyDeleteමේව නම් ඉතින් බොරු මොත්තේ තමා :P
අයියාකාරයා කැමැත්තෙන්මද දන්නේ නැහැ අක්කාව දෙන්න ගියේ :D
ඌරන්ට මොන සෞඛ්‍යද බං.. ^_^
Deleteඅනේ මන්දා ඒකනම්..
මේ උඹලගේ මල්ලිට හොඳ හඬක් තියෙනවා වට 4,5 යවන්න පුළුවන්.
ReplyDeleteකෙලින්ම අවසාන වටේට දැම්මොත්? ;)
Delete" අම්මා: මගෙන් ගුටි කන්න එපා....අල්ලන්නේ නෑ ඒක එහෙම. පොඩි එකාටත් ලෙඩ හදවන්න... "
ReplyDeleteදැන් උඹට මොනාද තියෙන ලෙඩ එතකොට.. මට ආව ප්‍රශ්ණේ අන්න ඒක..
අහු මුළු වල තියෙන ඒවා අදින්න එපා යකෝ! :)
Deleteමොකක්ද ඇත්තටම එතන සිද්ධ වුනේ?
ReplyDeleteඅක්කට පොඩ්ඩක් ටැපලිලා... අර අයියා කියලා හිතලා මං ගාවට ඇවිත් :)
Deleteකතාව කෙසේවෙතත් නොනවතින ගීතය නම් මාරු.නියමෙට සින්දු මරුකරන්ව.මලයට ඉස්ටුඩියෝ එකක සෙට් කර නම් හොඳ අනාගතයක් තියෙනවා,.
ReplyDeleteජයවේවා!
හෙහ් හෙහ්... දාමු දාමු :)
Deleteමල හුට්ටප්පරයයි...ඒකිව දාගෙන ගියා නම් බොගෙ අන්තංපුරේට මොකද වෙන්නෙ... මමත් පුංචි කාලෙ වැරදිලා මලයගෙ බුරුසුවෙන් දත් මැද්දා...
ReplyDelete^_^
Deleteඒ වැරදිලානේ...මම මදින්න හැදුවේ මට එකක් නැති හින්දා :)
එළිවෙන පාන්දර පට්ට සීන් එකක්නේ බැලුවේ. උඹත් එකයි. උඹේ යුව රජාත් එකයි. මල්ලි සින්දු කියනවා. ඒ අස්සේ අයියා මල්ලිගේ බිස්කට් ටිකට කෙලිනවා. මරු ඈ.
ReplyDeleteඇයි බං මෙච්චර උදේ බොග් බලන්නේ?
Deleteබුදියගනිල්ලකෝ මං වගේ :)