Tuesday, February 5, 2013

බඩිගින්නේ හැදූ ලැම්බෝගිනිය - X-BAN 2008


අපේ ඉස්කෝලේ සෑම අවුරුදු 5කට වතාවක්ම අභිමානයෙන් පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනය ළඟ ලගම එමින් පවතී. බණ්ඩාරනායකේට  කාලෙකින් එන එකලඟ අවුරුදු වල බැච් 3ක් අනිවාර්යෙන්ම X-BAN දෙකකට සහබාගි වීමේ වරම් ලබන්නේය. එය සිරාවටම කනාවට ලැබෙන පිනා චාන්ස් එකකි. මං රජත් පලවෙනි X-BAN එකට 7 වසරේදීත්, අනික 12 වසරේදීත් සහභාගි විය. 7 වසරේදී ළඟ තිබ්බ කොල්ලන්ගේ ගෙවල් වලට ගිහින් එක එක විකාර කලෙමු.

එදා අපි හැදුවේ අනාගත ක්‍රිකට් පිට්ටනියක අනුරුවකි. හෙන ප්ලයිවුඩ් රවුමක් උඩ කොළ පාට කුකුල් සායම් වල පොගොපු පොල් කුඩු වලින් තණකොළ නිරෑපනය කළෙමු. ඉස්සර සුදු පාට  LED ලයිට් තිබුනේ නැත. අපි ලයිට් වලට යොදා ගත්තේ රතු පාට ඒවාය. ෂුහ්.... කිරි ගහට මන්නෙන් කෙටුවා වාගෙය. ලයිට් ටික පත්තු කලාම පිට්ටනිය නිකන් මස් කඩේ පරාදය.

සමහර දවස් වලට මේක හදන්න යනවා යයි පන්තියෙන් පයින අපි අර කොල්ලන්ගේ ගෙදර ගිහින් කරන්නේ එක්කෝ බයිසිකල් පදින එකය. නැත්තන් හැංඟිමුත්තන් කරන එකය. මේ අපි හැදු ප්‍රධාන අයිටම් එකය. මිට අමතරව තව එක එක විෂයන්ට අදාලව එක එක විකාර අපි හැදුවෙමු. ඒවා ගැන විස්තර නොලියන්නේ ඒවා ඒ තරම් විශිෂ්ට මානව සොයාගැනීම් වන නිසාවෙන්ය.

කාලය එලෙස ගෙවී යද්දී අපි 12 වසරට සැපත් උනෙමු. වර්ෂය 2008ය. ණි අංශයේ හෙන  පොරවල් ලෙස පීචන් නිර්මාණයක් අපිට මෙවර ඉදිරිපත් කල නොහැකිය. 10,11 වසරවල් වල මෝටර් යාන්ත්‍රික විද්‍යාව කරපු අපේ සෙට් එක එකට සෙට් උනෙමු. එන්ජින් ගලෝලා  ආපහු හයි කරගන්න බැරුව දගලපු අපේ අරමුණ වූයේ මෙවර ප්‍රදර්ශනයට කාර් එකක් ඉදිරිපත් කිරීමය. එක එකාට එක එක සම්භාව්‍ය අදහස් ගලා එන්නට විය. කෙසේ හෝ වාහනේ ගොඩ දාගන්න නම් සැහෙන ගානක් යට කරන්න වෙන ලයින් එකක් අපිට පෙනුනේය. එකාගෙන් 1000 ගානේ එකතු කළෙමු. අපේ සෙට් එකට හිටියෙත් 7,8ක් වගෙය. 

පාස්සන වැඩ යකඩ බට නමන වැඩ තිබු හෙයින් එය කර ගැනීමට අපි ගියේ යක්කල චන්ද්‍රජෝතියට එහා පැත්තේ තිබුන පොඩි ගැරිජ් එකටය. එකේ හිටපු අයියාකාරයට පින් සිද්ද වෙන්න අපි බාන්ඩේ හැදුවෙමු. ඇත්ත වශයෙන්ම අපි කරපු ඇති දෙයක් නැත. ඌ ඒක හදනකන් අපි කලේ සින්දු ඇහීමය. නැත්තන් පොටෝ සෙන්ඩ් කිරීමය. 

කාර් එක පාට කරන්න ගෙනාපු ලැකර් වලින් X-BAN කියා බිත්තියේ ලිව්වෙමු. තාමත් ඒ ගැරිජ් එකේ බිත්තියේ අපි ලියපු එක ලොකුවට ඇත. නුවර පැත්තෙ ඉදන් කොළඹට යන ඕනෙම කෙනෙකුට එය යක්කල දීම ප්‍රදර්ශනය වෙන්නේය. 

කාර් එකේ එන්ජිමට ගත්තේ 125 එන්ජිමක්ය. සීට් වලට රජා බස් එකෙන් ගලෝගෙන ආපු ජම්පින් සීට් ගෙනාවත් ඒවා ප්‍රතික්ෂේප වීමෙන් හෙම පත සීට් දෙකක් එල්ලුවෙමු. ප්‍රදර්ශනේ දවසේ රජා ගෙනිච්ච පොග් ලයිට් දෙකත් හයි කරගෙන ඉස්කෝලේ පොකුණ වටේට ඕක පැද්දෙමු. හිටපු ගමන් මිස්ලා ඇවිල්ල ඕකට නැග්ගෝය. පන බයේ සිට එක බදාගෙන ගියෙත් ඔවුන්මය. ශේහ්... ලොවෙත් නෑ ඈ... බඩු ගින්දර වගේ වැඩ කලේය.

කාර් එක ස්ටාට් කරපුවාම මුළු ප්‍රදර්ශන භූමියම ඒ බව දන්නේය. ඒ තරම් මියුරු කන්කළු නාදයක් අපේ වාහනේ සතු විය. ප්‍රදර්ශනේ දෙවෙනි දවසේද කොහෙද මේ හුචක්කුවේ යොදා තිබු රෝද වල ඇති විශිෂ්ට තත්වය දුටු DSI එකේ මාමලා කට්ටියක් ඇවිත් අපිට කිරි කිරි කළු පාට සුවද ගහන අලුත්ම ටයර් දෙකක් දුන්නෝය. ඒ මදිවට පත ස්ටිකර් ද දුන්නෝය. ටයර් 4 දාලා...ස්ටිකර් එහෙම ගහලා...බ්‍රෑන්ඩ් නිව් කෙල්ල වගේ ලැම්බෝගිනිය ඉස්කෝලේ වටේ දිව්වේය. 






කෝමද මල්ලී,......


නිර්මාණයට විද්‍යා අංශයේ දෙවන ස්ථානය හිමිවිය. 

සෙට් එක:
කල්ප (වැඩියෙන්ම පර්ස් එකට කෙල උනේය)
චාමර
සුබයා
චොකා ( වෙඩික්කාරයා)
හදයා
ආරි
රජා
  
ප/ලි:

“X-BAN“

ශ්‍රී ලාංකේය පාසල් වංශ කතාව තුල දිග හැරෙන විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනයයි.  වරක එය නැරඹීමට පැමිණි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා එයට මෙවැනි අර්ථකතනයක්ද දී ඇත.


නම් නොබැලිය යුතු 

BAN නම් තහනම් 


එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නොමැති යන්න අරුත් ගැන්වී. 

විද්‍යාලීය 95වන සංවත්සරය වෙනුවෙන්
එන්න අත්විදින්න X-BAN 2013
මෙම වසර අගදී...



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

112 comments:

  1. දැන් එතකොට බඩගින්නේ හිටියේ කවුද :O
    ඒ දැන් කෝ ඕක? බැරිද නයිට් රේස් පාරක් දාන්න

    ReplyDelete
    Replies
    1. අපිනේ යකෝ!

      ආරක්ෂිතව ඇත... පිස්සුද යකෝ?

      Delete
  2. අඩේ බයෝ උං කාර් හදනවා ඇහුවමයි...
    අපිනං අපේ ප්‍රදර්ශනේදි සත්තු කපලා එන කෙල්ලංට රස කර කර විස්තර කරනවා...
    කොල්ලෝ ප්‍රශ්ණ ඇහුවොත් ඇහුන්නෑ වගේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. බයෝ නෙමේ හිවලෝ... මැත්ස්!

      Delete
  3. අඩේ මරු ඈ , මටත් එක පදින්න ඕනේ :D

    ReplyDelete
  4. දැන් කෝ භාන්ඩේ?

    ReplyDelete
    Replies
    1. යහතින් තියනෝ.... කොල්ලෙක්ගේ ගෙදර

      Delete
  5. මිස්ලත් රජාගේ කාර් එකට නැග්ගයි ? :o

    ReplyDelete
    Replies
    1. නැග්ගා මදිවට රවුමකුත් ගියා... :)

      Delete
  6. නියමඉ රජො :D..........

    ReplyDelete
  7. මේකනම් රාජ උෂ්නේ තියෙන භාණ්ඩයක්,පට්ට ඇන්ටික් පහර රජෝ ...:p

    ReplyDelete
    Replies
    1. හෙහ්... ලොවෙත් ඕයි :)

      Delete
  8. හි හි... ඈ රජෝ... පළ‌ෙවනි ස්ථානය හම්බුනේ මොන වගේ නිර්මාණයකටද...?

    ReplyDelete
    Replies
    1. ඒක මාර නිර්මාණයක්...

      අපි අතේ පෑනක් වගේ එකක් තියෙනවා... ඒකෙන් ඕනැම තැනක ලියන එක කම්පියුටර් තිරේ සටහන් වෙනවා. කොල්ලන්ගේ බඩවල් වල හිටන් ලිව්වා මතකයි. ඕකට ඉස්කෝලේ විතරක් නෙමේ තව මොක්කුද වගයක් ඇවිල්ලා වර්ණනා දීලා හෙන සීන් ගොඩක් ගියා :)

      Delete
  9. සිරා කොලුවාගේ පාසලද මෙයම නිසා...මට මාර ගටක් ආවා රජෝ මේ පින්තූර / විස්තර දකිනකොට... මම පාසලට ඇතුලත්වූ 93 වසරෙ තිබුන 75 සංවත්සරය තමයි එදා මෙදාතුර අපේ විද්‍යාලයේ තිබුන හොදම ප්‍ර‍දර්ශනය...පොළව යටට හරලා හදපු විශාල පිරමීඩය වගේම..පිට්ටනිය අසලට වෙන්න ගැඹුරට කනින ලද මිනිරන් පතල සහ මිනිරන් පතලෙන් පිට්ටනියට ඇතුලුවිය හැකි ලෙස කැණීම් කර තිබූ දෝනාව මේවා එදා මෙදා තුර කිසිම පාසලක නොකරපු විශ්ම කර්ම වැඩ... ඒ වගේමයි 75 සංවත්සරේදි තමයි ලංකාවෙ ප්‍ර‍ථම වතාවට පාසලක් තමන් විසින්ම නිපදවපු ඇන්ටනාවක් මගින් සජීවී FM විකාශයක් පැවැත්වූයෙ...

    2003 X-Ban එකේ වීඩියෝ දර්ශන මගෙ ළග කියෙනවා...අවශ්‍ය නම් බොට දෙන්නම්...ඒ වතාවෙ තමයි දුරස්ථ පාලකයකින් ගුවන්ගත කල හැකි ගුවන් යානයක් අපේ උන් හැදුවෙ....මේ දවස් වල සිරා කොලුවා බටහිර තූර්ය වාදක ඛණ්ඩය එක්ක අව්වෙ පිච්චෙනවා..අපේ උන් නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සූදානම් කරන්න...මගේ පාසල කිව්වොත් මට නම් තවත් දෙයක් නෑ...එච්චරට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. මට කියන්න තවත් දෙයක් අමතක වුනා...75 සංවත්සරයේදීත් පොකුණ වටේ දුවන ඔය වගේම කාර් එකක් තිබුනා...පිරමීඩයට සහ මිනිරන් පතලට කපපු ගැඹුරු වලවල්...කුණු දාලම ගොඩ කලා...නමුත් 99 ප්‍ර‍දර්ශනේට පිරමීඩය පමණක් නැවතත් කැණීම් කරලා එම ස්ථානයේම නැවතත් පිරමීඩයක් හැදුවා.

      Delete
    2. මට මතකයි 2003 දිත් මිනිරන් පතලක් තිබුනා.. ඒ වගේම පිරමීඩෙකුත් තිබුනා

      අර ප්ලේන් එක නං සිරා ඈ! ඒක යවන්න හදපු ට්‍රැක් එකේ අපි පස්සේ බෝල ගැහුවා :)

      Delete
    3. X-BAN (Ex-Bandaranayake) කොලුවෙකු නිසාම මටත් මෙතනම කොටන්නට සිතුනි... වයස්ගත නිසා මතකය එතරම් පැහැදිලි නැත... මා සහභාගී වූ අවස්ථාව X-BAN90 ලෙස මගේ මතකයේ ඇත.. අවුරුදු 5න් 5ට තිබ්බා නම් මේ වසර නොගැලපෙන බව පෙනේ... ඒත් මතකය නම් එසේ බවය.. X-BAN90 මේ ආකරයට නම් කරන ලද මුල්ම ප්‍රදර්ශනය යැයි අපැහැදිලි මතකයක් ඇත...

      එවක පොඩි කොලුවෙකු වූ මම, ලංකා සිතියමක් විශාල කාඩ්බෝඩ් එකක ඇඳ, පළාත් ලකුණු කර, ඒ ඒ පලාත වෙනුවෙන් LED බල්බ සවිකර, පහත ඇති පුවරුවකින් තමන්ට අවශ්‍ය පලාතේ නම එබූ විට අදාල LED බල්බය දැල්වෙන ආකාරයට සකස් කලෙමි. ශ්‍රී ලංකාවේ පළාත් කෙනෙකුට ලේසියෙන් සොයාගත නොහැකි නිසා, එමගින් ඉතා විශාල සේවයක් නැරඹීමට පැමිණි සියළු දෙනාටම සිදුවූ බව මගේ අදහසයි.

      දින දෙකකට පසු මගේ පවර්පැක් එක නැතිවී තිබිණි... පළාත් පෙන්නීමට නොහැකිව මා ඇඬූ කඳුලෙන් සිටිද්දී, ඉතා හොඳ ටීචර් කෙනෙක් පැමිණ සනසවා, ප්‍රදර්ශනයේ 'හෙල්පර්' කෙනෙක් විදිහට මා බඳවා ගත්තාය. එම තනතුරට මාලු බනිසයක් හා බීම වීදුරුවක්ද ලැබුණු බව මතකය... ප්‍රදර්ශනය පුරාම සැරි සරමින්, අවට පාසල් වල අක්කලාට නංගිලාට පාර කියාදෙමින්, පලාත් පෙන්නා දීමට වඩා වැඩි සේවාවක් කල බව නම් මතකය...

      Delete
    4. ලස්සනම කමෙන්ට් ටික...

      Delete
    5. හප්පේ.. මේ ගම් කුකුළත් අපේ ඉස්කෝලෙද?
      එතකොට මූට හද්ද වයසයිනේ.... :)

      ඉස්සර අවුරුදු 4න් 4 තියලා තියෙන්නේ... පස්සේ 5න් 5 කරලා..

      මොනාද ඉතින්... ඉස්කෝලෙට කෙල්ලෝ එනවා කියන්නේ ගැන්සියම එතන ;)

      Delete
  10. Replies
    1. හෙහ්... මනමාලිගේ කන ඇහෙන්නෑ ගෙදරට යද්දි :)

      Delete
  11. Rajath karala tiyana dewal..
    Hodai hodai.. (y)

    ReplyDelete
  12. ඒ මටත් යන්න ආසයි රවුමක්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණුවන් මෙම උත්තුංග වාහනය තුළට වැද්ද නොගනී :)

      Delete
    2. :O නරකට හිටීවි...
      යනෝ යන්න රැජින.. :p

      Delete
    3. නරකයි නේන්නං....

      සීට් එක ගිලා බැස්සොත් :)

      Delete
  13. ලක්ෂණ කාර් රථයකි..

    ReplyDelete
  14. මේ දාලා තියෙන්නෙ හදපු වාහනයේ පින්තූරද රජෝ ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඒක තමා :)

      Delete
  15. රජා කොච්චර කෑ ගැහුවත් ඔකාට මේක එලවන්න දුන්නේ නැත....


    අනේ බං අපේ කාරෙක... මෙක හදන්න අපි කාපු කට්ටක්....

    ReplyDelete
    Replies
    1. අප්පට...මේකට මේක එලවන්න දුන්නෙ නැද්ද ? එතකොට ඔය ටීචෑර්ලා දාගෙන ගියා කියන්නෙ...

      Delete
    2. මම දාගෙන ගියා කියා කොතනකවත් නෑ ඈ.... :)

      Delete
    3. එලෙව්වා කිවුවට මෙක එලවන එකත් ලෙසි නැත.... පරන ලොරියක් වගේ එලවන්න ඔනේ

      Delete
    4. අප්පාද කියන්නේ.... මට බැරි හින්දමයි නිකා හිටියේ. ඉස්කොලේ පොකුණ කුඩු කරන්නේ මොකටද නිකන් :)

      Delete
    5. අනේ මචංලා මෙව දකිද්දී පික්ෂු හැදෙනවාය...!

      Delete
    6. මටත් දැන් ඇඩෙනවාය!!

      Delete
  16. හික්ස්! මරු භාණ්ඩයක් වගේ මේකනම්!

    ReplyDelete
    Replies
    1. ඉදහන්කෝ වීඩියෝ එකක් හොයාගන්න නැද්ද බලන්න!

      Delete
  17. අපෝ මේවගේ ඒවනම් අපේ මනුස්පයාටවත් උන්දෑගේ තාත්තාටවත් පෙන්වීම සුදුසු නැත, මන්දයත් කැඩුනු වාහන ගෙනැවිත් අලුත් අදහස් අනුව වැඩ කරන ටිකවත් නැති කිරීමත්, අලුතින් දේවල් සොයාගන්නවා කියමින් නිවාඩු දවසම වාහනයක ඇන්ජිමක් ඔලුව ගසාගෙන කල් ගෙවීම ඔවුන් දෙදෙනාගෙම විනෝදාන්ශය බැවිනි.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... හම්බෙන්න වටින කොල්ලෝ දෙන්නෙක් :)

      Delete
  18. හේ රජෝ ඕක පේටන්ට් කොලකෑල්ලක්වත් අරන් අපේ අටේ අඩුවට ගන්න පුළුවන් වාහනයක් හදපන්කෝ..... බොල රජෝ තොට හරියන්නේ වාහන බං ටනල් නෙවෙයි බං.... බලපන්කෝ රෝද හතරේ එකේ ගතිය !

    ReplyDelete
    Replies
    1. මේකට නං ගන්න වෙන්නේ නෑ බං :)

      හෑ...? ඒමද?

      Delete
  19. අනී ඒක හලි සෝයි අප්ප.....^_^

    ReplyDelete
    Replies
    1. උයාට දෙල්ලේ ලෑ..... :)

      Delete
  20. ෆොටෝ කෑල්ලෙ හැටියට නම් ඕක පදින්න කලින් පිටගැස්මට බෙහෙත් ගහන්න වෙනවා...
    අනේ රජෝ මටත් හදාදෙන්න බැරිද ගර්ලි කාර් එකක් සෝස පාටයි කලු පාටයි දාලා.. ^_^

    ReplyDelete
    Replies
    1. හදලා දෙන්නම්... හැබැයි ගාණක් අය කරනවා! :)

      *කොන්දේසි සහිතයි

      Delete
  21. ෂැහ්... අපරාදෙ, නැනෝ එකට කලින් මේක බස්සන්න තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. ඒකට කලින් මේක බැස්සුවා :)

      Delete
  22. ooka pe*ද*la ma da oyaata ohoma une...........???????

    ReplyDelete
  23. එදා ගම්පහ මල්වත්තට ඕක අරන් එන්න එපැයි බන්

    ReplyDelete
    Replies
    1. පොලිසියෙන් ඇල්ලුවානං එහෙම :)

      Delete
  24. ෂෙහ්.... නියම භාණ්ඩයක්නේ.... මටත් පදින්න ආස හිතුනා....

    ReplyDelete
    Replies
    1. හා හා..... ගෑල්ලමයි කොහෙද ඕවා පදින්නේ :)

      Delete
  25. හැක්, පස්ටනෙ බොල.

    මෙ පස්ට වැඩෙ කරපු නිසා රජ කමට සුදුසු බව මම යෝජනා කරනව(උඹ නෙමෙයි. ගැරෙජ් බාස්)

    ReplyDelete
  26. වැඩේ නම් එල......
    බයිසිකල් පැද්දලු...හැංගිමුත්තන් කලාලු.....අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ... අපි සූටි ළමයි!

      Delete
  27. බලන් යද්දි මුන් හොද වැඩ කාරයොනේ.. එල එල..

    ReplyDelete
    Replies
    1. අපි ඒවා හංගන් ඉන්නේ :)

      Delete
  28. මරු කාර් එක රජෝ

    ReplyDelete
  29. කෝ මේකට මං දාපු කොමෙන්ට් එක.

    ReplyDelete
  30. තාම භාන්ඩේ යහතින් තියනවාද?

    ReplyDelete
  31. රජෝ මේ වැඩේ අන්තිම ඉහළයි. ඇත්තෙන්ම මේවා අගය කල යුතු වැඩ. ඔබ දන්නව ද ඇමරිකාවේ ඉහළ පාසැලක ළමුන් කණ්ඩායමක් ඔවුන්ගේ ජීව විද්‍යා ජ්‍රොජෙක්ට් එකක් විදියට කරන්නෙ, ශුන්‍ය ගුරුත්වය යටතේ මී මැසි පාලනය උන්ගේ හැසිරීම නිරීක්ෂණ වගේ දේ. ඔවුන් ඒ සදහා ඉලෙක්ට්‍රොනික උපාංග සවිකළ මී මැස්සන් යවා තිබෙනවා, අභ්‍යවකාශ තොටුපළ වෙත. මෙහෙ සිට මී මැස්සන් නිරීක්ෂනය කරනවා. මම, ඔබ කළ වැඩෙත් ඇමරිකානු දරුවන්ගේ වැඩෙත් දකින්නෙ එක ලෙස. මොකද ඔබලා ඉතාම අඩු පහසුකම් යටතේ මේ කළ දෙය ඔවුන් ඉතාම ඉහළ පහසුකම් යටතේ කළ දෙයට හාත්පසින් සමානයි. මේ දක්ෂතා දියුණු කරගන්න අපේ සමාජය, අධ්‍යාපනය, උදව්වක් නොවෙන එක ගැණයි මගේ කනගාටුව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඈ... අපි සෑහෙන මූල්‍ය අර්බුධ රැසකට මූණ දුන්නා...
      හිතුවට වඩා හෙන ගානක් ගියානේ වැඩේට. ඇඩිලා හිටියේ ඒ දවස් වල :(

      Delete
  32. යන්තං වල් කතාවක් අහන්න බැරි උනා.. හෙක්..

    ReplyDelete
    Replies
    1. උඹලා එන්නෙම පීචන් මොනාහරි බලන්න නෙහ්? හිවලා... :)

      Delete
    2. අජෝව් තෝ මට හිවලා කිව්ව එහෙනං.. වල් රජා.. හෙහ්.. හෙහ්..

      Delete
  33. අඩෝ මටත් දියන්කෝ බං රවුමක් යන්න. මොකද්ද බං දීකෝ.....

    ReplyDelete
    Replies
    1. පල පල... වැද්දෝ ගන්නේ නෑ මේකට... :)

      Delete
  34. ඔය තෑග්ග හිමි අර ගරාජ් බාස් උන්නැහේටනෙ බං.

    මූණ නම් ඔස්ටින් A30 යකින් උස්සලා වගේ ලයිට් දෙකත් එක්ක.

    ඈ බං. අලුත් ටයර් දෙකක් දුන්නෙ?

    ReplyDelete
    Replies
    1. අළුත් ටයර් 4ක් දුන්නේ... තිබ්බ ටයර් එච්චරට හොද හින්දා :)

      Delete
  35. මේ සැරේ අපිට. මොනා හරි කොරන්න ඕන

    ReplyDelete
    Replies
    1. අඩෝ මූ අපේ ඉස්කෝලේ නෙහ්?

      අපි එනවා බලන්න.... හදලා තියපන් සුපිරියට ඈ

      Delete
  36. දියුනු කර දේශීය නිශ්පාදනයක් කොරහල්ල.

    ලොවෙත් නැති ආතල් වැඩක් බං..ඉරිසියාවයි බොලා ගැන.

    ReplyDelete
    Replies
    1. ඉලිසියා කලන්නේ නාක ලමයි ඈ... :)

      Delete
  37. රජ වැඩක් නේ...

    ReplyDelete
  38. මීට අවුරුදු 13-14කට කලින් අපි කරපු වැඩක් ගැන මම ලිව්වා http://biththiya.blogspot.com/2011/11/blog-post.html මම දන්නේ නෑනේ රජත් බණ්ඩෙක් කියල...එල කිරි...

    ReplyDelete
    Replies
    1. තවත් අයියෙක්.... යකෝ තව හැංගිච්ච කීයක් ඇද්ද? :)

      බලමු බලමු.... මම ඇවිල්ලත් නෑ ඔය පැත්තේ!

      Delete
    2. බලාගෙන ගිහාම එකම රෝල යන වෙලාවලුත් තියේ නෙහ්?

      1. බයෝ උන්ගේ ඩයිනසෝර් (අපේ උනුත් කලා... හැබැයි ලෙසටම තිබ්බා ඈ)
      2. කාර් එක (අපි හැදුවා... හැබැයි වෙනදට වඩා කොලිටියටම)

      Delete
  39. ඒ බං ඒක විකුනපන් කෝ මට.

    ReplyDelete
  40. මරු ලම්බෝගිනිය. අසාරෝ ,එක මගේ :/

    ReplyDelete
  41. මේක නම් අපූරු නිර්මාණයක්..!!

    ReplyDelete
  42. මරු බහන්ඩේ.දැන් එක කෝ?. රජ වේඩකාරයෙක් ඇ.

    ReplyDelete
  43. awasara rajathumani,
    X ban kiyana eketheruma kiwwe hitapu viduhal pathiwarayeku nowa ewakata arakshaka amathi wee siti Lalith Athulathmudali mathi thumaya.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි එහෙමද... ඔන්න හැදුවා!!!

      Delete
    2. Hiru Sadu Tharu Book 1ke 238 page eke oya gana hariyatama wistharee thiyenawa

      Delete
  44. Habai rajoo, mama uba oka elawagena yanawanam 1ka dawasak wath dakke naa ne :P

    ReplyDelete
    Replies
    1. අඩෝ මම එලෙව්වා කියලා කොතනකවත් නෑ හරී....

      අනික මම ඕක එලෙව්වෙත් නෑ තමා බං :))

      Delete
  45. 3rd පාර්ටිද ? ෆුල් ඔප්ශන්ද ?

    ReplyDelete
  46. මේක හදන්න කාපු කට්ට දන්නේ අපිනේ...මගේ ලග තිබ්බ තුට්ටු දෙකම ඉවරයි.....අයියෝ සල්ලි....අවුලක් නෑ ඉතින් කට්ටියම සෙට් වෙලා කොහොමහරි වැඩේ ගොඩ දැම්මනේ...

    ReplyDelete
    Replies
    1. උඹේ පොකට් එකට තමා වැඩිපුර කෙලඋනේ කියන එක ඉතින් ප්‍රසිද්ධ රහසක්නේ ඒ දවස්වල :)

      Delete
  47. මටත් චෑන්ස් එල ලැබුනෙ එක X-Ban එකකට විතරයි. ඒ අපි 9 වසරෙදි ද කොහෙද. ඒ පාර මම හැදුවෙ බැකෝ එකක්. ඔය බැකෝ එකට ඕන කරන සේලයින් බට ගේන්න ලියුමකුත් ලියාගෙන ගියා ගම්පහ ඉස්පිරිතාලෙට. ඉස්සර ලියුමක් නැතුව ප්‍රදර්ශනේ වැඩකටවත් එලියට දාන්නෙ නෑ අර සනත් අංකල්. :D බාලදක්ෂ එකෙන් කරපු මහ පාර හරහා ගුවන් පාලමත් සිරා. අපි AL දෙවනි පාර කරද්දි තිබ්බ X-Ban එකේදි තමයි මම හොඳම අයිටම් එක දැක්කෙ. පාවෙන පුටුව. AL Science එකෙන් කරල තිබ්බෙ. ඒකනං මරු.

    ReplyDelete
  48. අපේ එවුන් සමඟ කරන්නට ගොසින් සිදු වූ අතිශයින් රසබර කථා ඇතුලත් බැවින් කෝපයෙන් දිදුලන බැවින්... කොමන්ටුවක්වත් දාගැනීමට නොහැකි වූ බව කණගාටුවෙන් රජා‍ට දැනුම් දෙමි

    ReplyDelete
  49. මොනා උනත් වාහනේනම් පට්ට. උඹල බයික් එකක් මස් කරල. මමනං කියන්නෙ ඔය වාහනේ ගැලපෙන්නෙ කොල්ලන්ට විතරයි. සායවල් අදින කෙල්ලන්ට අනුමත නොකරමි.. වැඩේනම් පට්ට... කියල වැඩක් නෑ රජෝ..

    ReplyDelete
  50. එල එල . ලබන ආත්මේ කන්ටේනර් එකක හදන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)