ඉන්නා යනු මිනිසාගේ පරම මිතුරෙක්ය. ඔහු ඇගේ එක එක තැන් වල එල්ලෙන්නට හෙන
රුසියෙක්ය. ඉස්සර හෙවත් රජා පැටියා කාලේ එනම් 1, 2 වසර වලදී, තවත් වැඩි දුර
විස්තර කියනවා නම් අර අත පුච්ච ගත්තු කාලේ වන විටත් රජා සාඩම්බර ඉන්නෙක්ගේ
ප්‍රෞඩ හිමිකරුවෙක්ය. ඉන්නා හිටියේ වම් ඇහේ ඇහි බැම උඩය. එතරම්ම ලොකු එකෙක්
නොවේය. අමු මුන් ඇටයක් තරම් එකෙක්ය. රජාගේ වැඩේ ටීච උගනන්නන වෙලාවට ඕක
උඩින් අල්ලලා කරකවන එකය. ඌ එහෙම ලේසියෙන් කැඩෙන්නෙත් නැත. රිදෙන්නෙත් නැත.
ඉන්නා පරපුරෙන් එනවා කියා සමහරු කියන්නේය. බාග වෙලාවට එය ඇත්තද කොහෙදය. අපේ
සීයාගේ බෙල්ලෙත් දෙතුන් දෙනෙක්ම හිටියා වගේ මට මතකය.
අපේ මව්තුමිය මේකාව මර්ධනය කරන්න නොකල කෙමක් නැත. මට මතක විදිහට උදේ පාන්දර
මාව නැගිට්ටවා කට වහගෙන ලිප ගාවට ඇදගෙන ගියාය. අර උතුරන පෙන දාන බත් මුට්ටියට අත දමා පෙන අහුරක් අරන් මේ රාජකීය ඇහි බැම උඩ පතිත කලාය. ඉන් පසුව එලඹෙන්නේ අතුරු රැගුම් වාරයය.
පොඩි රජා අහසට පිඹිමින් අම්මා වටේ වටේට දුවන්නේය. පෙන ටික හිදුනු පසු සීන්
එක ඉවරය. ඉස්සර එහා ගෙදර ඇන්ටිගේ එලාම් එක මමය. නැන්දා නැගිටින්නේ මම කෑගගහ අම්මා වටේට දුවන කොටය.
ඉස්සර අපේ ස්කූල් වෑන් එකේ උන්ට එහෙම මේ ඉන්නා හෙනම ප්‍රශ්නයක්ය. උන්ට විවිධාකාර ප්‍රශ්න පැනනැග්ගේය?
මේ මොකද්ද මේ?
ඔන්න මොකෙද්ද ඉන්නවා...
ඔන්න කුරුමිනියෙක් ඇහේ...
සමහරු උන් මුව එලවන්න අතින් පවා ගැසූ අවස්ථාද නොතිබ්බාම නොවේ...
කාලයත් සමග මේ ඉන්නා ඔටෝම හැලී ගියේය. මූ මා සමග කල් ගෙව්වේ අවුරුද්දකටත්
අඩු කාලයක්ය. ටේබල් ටෙනිස් ගහන කාලේ වෙනකොට මූ හැලී තිබුනේය. මං හිතන්නේ ඌට
මාව එපා වෙන්නට ඇත. නැත්නම් අර අච්චර පෝෂනේට වැඩුන ඉන්නා එක වරම මා අතහැර
යන්නට කිසිම හේතුවක් නැත. විටෙක ඌත් දැන් හැදෙන කෙල්ලෝ වගේ යයි මට හිතෙන්නේය.
දැන් හැදෙන කෙල්ලෝ හෙන පොස්ය. නමුත් උන්ගේ හිත නම් හද්දම ගොඩේ පොස්ය.
රජා 6 වසරට එන විට අපේ පන්තියේ ඉන්නෝ ඇති කරන පොරක් සිටියේය. උගේ අත් දෙකේම
ඉන්නෝ වැහි වැහැලාය. උන්ව දකින විට මට මගේ ප්‍රථම කුලුදුල් ඉන්නා සිහි විය.
අහෝ මේරා ඉන්නා... මට මා ගැනම දුක සිතුනේය. කාලයත් සමග උගේ ඉන්නොද හැලි
ගියේය. ඉන්නා හැන්සම් කොල්ලන්ගේ ඇස්වහ මකන්නට ආ දේව සංකුලන්ක්‍යාවක් දැයි මට විටෙක සිතෙන්නේය.
ප/ලි:
රාජ වැලන්ටයින් සුභාශිංසනය සමග උපදෙස
සුභාශිංසනය:
අපිට නැති වැලන්ටයින් තොපිටත් නැතිවෙන්න වැස්සටම හේදිලා පල!
උපදෙස:
චීත්තයක් නිසා සරමක් නැති කරගන්න එපා බං!
ආ.... ඒක නෙමේ... යකෝ වැලන්ටයින් හලාල්ලු...
සමරන්න එපා...
This comment has been removed by the author.
ReplyDeleteමොකද මේක මැකුවේ?
Deleteඇහේ ඉන්නා හැලිලා ගියා වගේම...
ReplyDeleteඅනාගතේ උබේ බඩට පහලිං පිහහිටා තියෙන ඉන්නත් හැලුනම රැජිනම තමා.....
හූ ඈ...
මෙන්න මම කියන්න අපු එක මේකා කියලා.
Deleteඇයි යකෝ ඌත් ඉන්නෙක්ද? @#$%^ - @බලමින්
Deleteඅර පොටෝ කෑලි ටික හොයාගත්තේ කොහින්ද බොලව්, :( දැක්කම මෙව්වා වෙනවා.. එර්ර්ර්... හැබැයි ඉන්නා කෙස් ගහකින් කපන්ට පුළුවනි...
ReplyDelete/*කෙස් ගහකින් ඉන්නා කපන්නට පුළුවනි...*/ මාත් අසා ඇත..
Deleteමගෙ එකා කපන්න හැදුවා... ඒත් මම ඉඩදුන්නෑ. :)
Deleteදැන් ඉන්නා කපන් ක්‍රමය කියා ඇති නිසා @තරියා කීව ඉන්නා පරිස්සං කර ගත්තොත් හොඳා
Deleteඌට අත තියන්නෑ එකෙක්වත්! :)
Deleteරජාටත් තියෙන ප්‍රශ්ණ....
ReplyDeleteතවත් ප්‍රශ්නයක් තිබ්බා... ඒක පසුවට :)
Deleteමට නම් කෙල්ලෝ තියා ඉන්නෙක්වත් තාම නැහැ බන් :P
ReplyDeleteඋඹ වැලාට ඉරිසියයි නේද?
වැලා හෙන සතා බං...
Deleteහේදිලාම පල ඔය රෙද්දේ ටයින්!!
ReplyDeleteඑකෙන්ම!
Deleteහික්ස්... ඉන්නව එලවන්න ගහපු පාරවල් සැරටම වදින්න ඇති නේද???
ReplyDeleteඒකනේ මේම උනේ ;)
Deleteඉන්න.. විය
ReplyDeleteකොහෙද?
Deleteශික් විතරක් බොල මේ පින්තුර වල ලස්සන දැක්කම කමෙන්ට් මතක් වෙන්නෙත් නෑ රජෝ ...:D
ReplyDeleteතිබ්බ ලස්සනම ඒවා ටික බං මේ!
Deleteඅපි නම් සමරන්නේ නැහැමොකක්ද බොල මේ අසමජ්ජාති පින්තූර ටික
ReplyDeleteනාකින්ට මොන වැලා ද බං ;)
Deleteබලනවකෝ ගතිය!!
උඹට කොහෙන්ද බං මේ ෆොටෝ ටික හම්බුනේ.. ඉරිසියාකාරයෙක්ද හොයලා දුන්නේ.... මේවා දැක්කම බලන්න වත් හිතෙන්නේ නෑ... හි හි
ReplyDeleteඋඹලා බලනවට දැම්මේ :)
Deleteබොට වගේම තමා අපිටත් වැලන්ටයින් නෑලු...හොද වෙලාවට එහෙම වුනේ...නැත්නම් මේ කෝඩෙ ගහලා ඉන්න වෙලාවෙ කොරේ පිටට මරේ කිව්වලු...
ReplyDeleteෂික්! අපරාදේ... කෝඩෙට බදාගෙන ඉන්න තිබ්බා :)
Deleteනොදකින් වල් රජාගේ තවත් අප්පිරියාසහගත පොස්ටුවක්.....රුප ටික ස්කිප් කොට පොස්ටුව අමාරුවෙන් කියවීමි... ;)
ReplyDeleteඅපරාදේ... අප්පිරියා සහගතයි කියලා දාන්න තිබ්බේ උඩින් :)
Deleteඅපේ අක්කගේත් ඇහැ උඩ පොඩි ඉන්නෙක් ඉන්නවා. ඌ නම් හැලුනේ නෑ තාම....
ReplyDeleteබොට වැලන්ටයින් නෑ කියල තියෙන එවුන්ට ඉරිසියාකරන එක හරිද බොල......
ඇහැ උඩ?????? මල කෙලියයි... :)
Deleteකිසිදු ඉරිසියාවක් නැත..ඇත්තේ සංකුලන්ක්‍යාවක්ය
මගෙත් වම් අතේ චූටි ඉන්නෙක් හිටියා ඉස්සර, ටිකක් ලස්සනට තිබුනු නිසා මමත් ගනන් ගත්තෙ නෑ. ටික කාලෙකින්ම දෙක තුන වෙල 5-6 ක් විතර තැනින් තැනින් තිබුන. වැඩි විශ්වාසයක් නොතිබුනත් මමත් ඔය කෙමක් කරල බැලුව, ටික කාලෙකින් මම දන්නෙම නැතුව ඒව හැලිල ගිහින්.
ReplyDeleteමෙන්න තවත් ඉන්නන් ඇති කල හැන්සම් කොල්ලෙක් :)
Deleteඉන්නන්ට බේතක් තියෙනවා ටොම් සෝයර් පොතේ.
ReplyDeleteඅනේ මේ වගේ ඊරිසියාකාරයෙක්. රජාට ඉන්නෝ වැස්සක් වසීවා....ජය...!
ReplyDeleteඅෆ්ෆා... තුහ්! තුහ්! තුහ්! :)
Deleteතොගෙ ඉන්නා ද හැලුනේ අහවල් එකද??
ReplyDeleteහලාල් නම් වැල-ඉන්-ටයිම් එපා බං !
වැල තියෙන හලාල් බලන්නත් එපා! ;)
Deleteසිරාවටම...අවංකෙම්ම මෙන්න වහිනවා රජෝ.....
ReplyDeleteඅපිටත් කුඩු පොද බං...
Delete"සංකුලන්ක්‍යාවක්" මේ මොකක්ද බං..
ReplyDeleteඅපේ එකෙක්ගේ ඉන්නෙක් තිබුන අතේ. බොසා නැති දවසක ඌ අලුත් බ්ලේඩ් එකක් ගෙනා ගත්තා කඩෙන්. පැය බාගයක් විතර යද්දී අමුවෙන් ඔපරේෂන් එක ඉවරයි. කොහොම කලාද මන්දා.. ඒ මදිවට මේ බලපන් කියා කියා බාගෙට කපල අපිටත් පෙන්නනවා ඇවිල්ලා..
උඹට සුබ වැලන්ටයින් එකක් මෙව්වා වේවා..! :)
අඩෝ මම දන්නෙත් නෑ..හදපු වචනයක්! :)
Deleteඅම්මට උඩු... මාර බුවෙක්නේ. මම කෙස්ගහෙන් නොකපා උන්නේ.
වැල රොක්ස් ඈ!!!
කොහෙද ඉතින් රජාත් එක්ක ඉන්නෙක්වත් ඉන්න කැමති නැතුව ඇති..ඒකනෙ හැලිලා ගියේ...හි හි හී
ReplyDeleteආ අහන්න අමතක උනානේ අර " දැවෙන ප්‍රශ්ණ " වලට පිළිතුරු දෙන්නෙ වතුර ගහලද ? :b
හික්!!!
Deleteවතුර නෙමේ... පෙට්රෝල් :)
අර සුභාශිංසනය කොරන්ට මාත් එකතු වෙනව රජෝ.
ReplyDeleteඑතකොට ඉන්න වැටුන කිව්ව නේ.
වරෙන් වරෙන්...
Deleteවැටුනා!
අපේ කාලේ නම් මේවාට බෙහෙත් ඇත, ඒත් ඉතින් රජාට දැන් සෑහෙන්න වයස නිසා ඒවා දන්නෙ නැතිව ඇති.... අහ්හා හැපි මෙව්ව එකක් වේවා...
ReplyDeleteහුහ්!! :) :)
Deleteහැපි නෑ මෙයා...
රජාට ජය වේවා....වැස්සටම හේදිලා පල වැලන්ටයි...එකෙකුට එළියට බහින්න බැරි වෙන්න හෙන ගගහම වැහැපිය අද දවසම...
ReplyDeleteඅනේ ඔව්!! :)
Deleteඕවා රාජ සලකුණු බොල..
ReplyDeleteඅපිත් හෙට සමරන්නේ නැති එකේ වැස්සට කමක් නෑ බං..
ඒමද???
Deleteඒ උඹලට හෙන ගැහුවලු නේ? අර ප්‍රවෘත්ති වලට පෙන්නුවේ
// සංකුලන්ක්‍යා // මේක හින්දි වචනයක් ද බොල
ReplyDeleteමාත් මේ ඕකමයි අහන්න ආවේ
Deleteඕක තිබ්බේ රාජ පුස්කොළපොතක!
Deleteසෑහෙන්න දුලභ පෞරාණික වචනයක්!
සමරපියව් බං වැලන්ටයින්.... අහල පහල කෙල්ලෙක් හොයාගෙන
ReplyDeleteඅහලකවත් කෙල්ලෙක් නැති එකනේ ප්‍රශ්නේ!
Deleteකොල්ලො ඉන්නව අතගාන්න අහෙම ආවෙ නැද්ද?
ReplyDeleteආවා ආවා...
Deleteදැනුත් ඔයා රජා පට්ටම ගහගෙන ඉන්නේ ඉන්නෙක්ට පිංසිද්ද වෙන්න නේද..ඕක හලිච්ච දාට උඹ නිකම්ම රැජින...
ReplyDeleteපල යන්න හෝතඹුවා! :)
Deleteමගෙත් ඇහැට යටිං ඉන්නෙක් තිබුන. වෙඩිමට කලිං කෙස්ගහේ බේතෙන් හලාගත්ත.
ReplyDeleteරිදුනේ නැද්ද?
Deleteනෑ. ඒකෙන් වෙන්නෙ ඉන්නට ලැබෙන පෝෂණය නැතිවෙන එක. ඌ හැකිලිලා යනව. වේදනාවක් නෑ. සත්තයි.
Deleteඑහෙමද? :)
Deleteude pandarama mada blog kiyawanna awa
ReplyDeleteහික්... සයිබරේම එපා වෙන්න ඇති!
Deleteඈ බන් රජෝ, ඔය හැලුනේ ඇහි බැම්මේ හිටපු ඉන්නා විතරද?
ReplyDeleteවෙන කොහෙවත් හිටියේ නෑනේ! :)
Deleteඉන්නගෙ රජා හිටියද...නැත්නම් රජාගෙ ඉන්නෙක් හිටියද..?
ReplyDeleteවෙලාවට හැලුනෙ නැත්නම් රජාව හොයාගන්න බැරිවෙනව ඉන්න නිසා..!
ලොල්ස්... ඌ රජ ඉන්නෙක් ඈ!
Deleteමාත් දැං එකෙක් ඇතිකරනව බොල බෙල්ලෙ.
ReplyDeleteඅපි හලාල් වැල වර්වනය කරමු.
අප්පට එහෙමද? දෙමළ ඉන්නෙක් ද? :)
Deleteඅනිවා!
මගෙත් කකුල් දෙක පටන් ගන්න තැන ලොකු ඉන්නෙක් ඉන්නවා.. අම්මනම් කියන්නේ උපන්දා ඉඳන් ඉන්නවා කියලා. කෙල්ලොත් හරි කැමතියි ඒ ඉන්නට...
ReplyDeleteඅප්පා ගොයියෝ... එතනත් එකෙක් ඇවිල්ලා නම් ඒ සමාජ රෝගලු ඈ!
Deleteමාතලන් ඉවරයි!!!
අපිට නැති වැලන්ටයින් තොපිටත් නැතිවෙන්න වැස්සටම හේදිලා පල....මගේත් අත් දෙකේ අල්ලේ හිටියා ඉන්නෝ දහයක් විතර..දන්නෙම නැතුව එක එකා මාව හැරදාලා ගිහින්.
ReplyDeleteමෙන්න තවත් ඉන්නෙක්... :)
Deleteඑහෙනං උන්ටත් උඹව එපා වෙලා!
මට තිබුනේ නැහැ.එත් පොඩි පංති වලදී මගේ එහා පැත්තේ ඉන්න කොල්ලෝ දෙන්නෙකුට තිබුනා.ඒ කාලේ අපේ මතයක් තිබුනේ එහෙම තියෙන වුන් වාසනාවන්තයි කියල.පස්සේ උන්ගේ තිබුන ඉන්නෝ නැතිව ගියා අපි වගේම අවසනාවන්තොයෝ බවට ඉබේම පත් වුනා.
ReplyDeleteඒ උන් හැලිලා යන්නේ වාසනාව ඇගට ඇතුල්කලාට පස්සේ... :)
Deleteමේ වගේ ෆොටෝ දැම්මට රජා ගේ ඇග පුරා ඉන්නෝ හැදෙන්න ඕනේ :පී
ReplyDeleteඇයි බං එහෙම කියන්නේ... :)
Delete//චීත්තයක් නිසා සරමක් නැති කරගන්න එපා බං!//
ReplyDeleteඑක එක විදියට අහල තිබ්බට අද රජ විදියට අහ ගත්ත
හෙහ්... මටත් ඕක කවුරුහරි කිව්ව එකක් බං :)
Deleteඉන්නා වගේම අනිත් එකත් හැලෙන්ට ඉඩ තියෙනවා පරිස්සන් කරපන් රජෝ,
ReplyDeleteඋඹලට තියෙන්නේ ඉන්නෙක් වගේ එකෙක්ද? ;)
Deleteඔය ඉන්නෝ යවන්න ක්‍රමයක් තියෙනවා කොළඹ මහ ඉස්පිරිතාලේ.
ReplyDeleteගෑස් එකක්ද මොකද්දෝ අල්ලනවා. ඊට දවසකින් දෙහෙකින් ඉන්නා වැටෙනවා.
මමත් අහලා තියෙනවා!
DeleteKathawa hodata liyala thiyenawa..habai mata mathrukawa hithata alluwe na.. :D photo tikath supiri...
ReplyDeleteහෙහ්... ඒහෙමද?
Deleteවල් හිත උඹලගේ :)
අඩෝ.. ඉන්නන්ට කෙස්ගහක් ගටගහපන්.. බඩුම තමා..
ReplyDeleteඅම්මේ බං... උඹව දැක්ක කල්.. :)
Deleteඉන්නගෙ චූ ටිකක් අරං ගාපං. සිරාවට හොඳ වෙනවලු. ගමේ ගොඩේ කියන්නෙ එහෙමයි.
ReplyDeleteඑහෙම කියල උඹ චූ වලින් මූණ හෝදන්න යන්නෙපා උදේට :P
හෙහ් :)
Deleteඑහෙමයිලු!
ඇයි බන් මේ ..... උබත් එක්ක ඉන්නේක්ටවත් ඉන්න බැහැනේ අනේ මන්ද බන් උබත් ......... පවු යකෝ උබේ අසහනේ හන්ද තමා ඉන්න යන්න ඇත්තේ
ReplyDeleteඋඹත් එක්ක කතා කරලා වැඩක් නෑ!
Deleteමා මෙයට පෙර කමෙන්ටුවක් දැම්මාදැයි මතක නැත. එබැවින් සොය සොයා නොයිද කියමි. තොපි ඔය ඉන්නා එපා කිවාට මේ ඉන්නා නම් එපා කියන්නේ නැත :P
ReplyDeletehttp://musicwalls.org/walls/inna_water_wallpaper-other.jpg
http://www.youtube.com/watch?v=VNfFTuIk-dQ
උම්මා! උම්මා! උම්මා! :)
Deleteමේ ඉන්නව ඕනැමයි!
කලින් කොමෙන්ට් නෑ... ;)
Delete