මාගේ රාජකීය සපත්තු දෙකත් දැන් සෑහෙන්න අබලන්ය. කොයි යම් මොහොතේ ගැලවෙයිද කියා සුවර් නැත. කලින් දවසක රජා සමග නිශාන් කොලුවා ගල්කිස්ස
හන්දිය එකට ගොඩ උනේ රජාට අලුත් මිරිවැඩි සඟලක් මිලදී ගන්නටය. හැමදාම හවසට
ඔතනින් එහාට මෙහාට යද්දී මම නෝට් කරගෙන හිටපු ඩෙක් දෙකක් තිබුනේය. කීයක්
උනත් ඒකනං අනිවා ගන්නවා යන පාරමිතාවේ මා එකල ගිලි සිටියෙය.
ඉරිදා හවස් වරුවක අපි DSI එක ඇතුලට රිංගුවෙමු. ඩෙක් තියෙන තැන දැන් ඔහොම මෙහෙමය.
සිහින් සිරුරැති, කටකාර, හැඩකාර, විසේ ඇති, නමුත් එය නොපෙන්වූ අක්කා කෙනෙක්
අපි ලඟට ආවාය.
අක්කා : මල්ලි මොනවද බැලුවේ?
අපි මේ අඟලේ කොන්ක්‍රීට් ඇන කිලෝවක් ගන්න ආවා. මට ගත් කටටම කියන්න හිතුනේය. ඇයි යකෝ...සපත්තු කඩේට එන්නේ සපත්තු දෙකක් ගන්නය. අනික අපි හිටියෙත් ඩෙක් රාක්කේ අබිමුවේමය.
රජා: අක්කේ අපි මේ ඩෙක් දෙකක් බලන්න...
රජා: හා..
මගේ හිත ගිය ලස්සන හුරතල් පාත්තු දෙක මගේ ඇස් ඉදිරියේ දිලිසෙන්නේය. කළු පාට පසුබිමේ මම ආසම ලා නිල් ඉරි හා කොළ පාට ඩොට් ඩොට්. අනේ.....හරිම කිවුට්ය. ඒ උනාට ඒ යුගල මට පොඩි වගෙය. රජා වහාම අක්කාතුමිය ඇමතුවේය.
රජා: අක්කේ මේකේ සයිස් නැද්ද...?
අක්කා සමච්චලේට මෙන් අපි දෙන්නා දෙස බැලුවාය.
අක්කා : මල්ලි ඕක ලේඩීස් අයිටම් එකක්නේ.... අපි වෙන එකක් බලමු...
හිටගෙන උන් තැන හාරගෙන පහලට යනවා මෙන් මට දැනුනි. මම කෝකටත් වට පිට බැලුවෙමි. හොද වෙලාවට කිසිදු ප්‍රාණවාචී සත්වයෙක් අක්කාගේ හඩ පිටවූ පරාසයේ ජීවත්ව නැත. බැරි වෙලා හෝ හිටියානම් රජාගේ සියළු වස්ත්‍රාභරණ ගල්කිස්ස වෙරල තිරයේ නිදහසේ පාවෙන්නේය. ඒ අක්කගේ කැහැටු මූණට මට මොකුත් කිව නොහැකිය. අරහෙම චාටර් කලා මදිවට මේකි අපේ මුළු සරුවාංගයම පිරික්සලාය.
අක්කා: කොහෙද මේ යන්නේ සේෆ්ටි ශුස් දාගෙන?
මෙයා නිකන් දැන් අපිව නෝන්ඩි කරන්න ටෝක දෙන්නේය. හුහ්....එව්වා කොහෙද අපිත් එක්ක...අපිත් ක්‍රෙස් කැට් එකෙන් කාලා හැදුන කොල්ලෝ හරිය...
රජා: අපි ඉන්ජිනියර්ස්ලනේ....
රජා අතට අරගෙන තිබු ටොයෝටා ලාංඡනය කෙටූ කීටැගය සහිත බෝඩිමේ යතුර කරකවමින් කිවේය. බාග වෙලාවට ඒක දොරක යතුරක් නොව කාර් එකක යතුරක් යයි ඇයට සිතෙන්නට ඇත. සියලු පඩ ලයින් ක්ෂණයකින් පහව ගියේය. ලස්සන සුකුමාල කටහඩ එලියට ආවේය.
අක්කා: කොහෙද මල්ලිලා දැන් වැඩ?
රජා: කොල්ලුපිටියෙනේ....
ඔහොම ඔහොම විස්තර කතා බහවීමක් සිදු උනේය. අපි ඒ වෙලාවේ සපත්තු බැලුවට ගත්තේ නැත. අපි ආපසු එන්නට හැරුනෙමු. අක්කගේ මුන ඇඹුල් උනේය. ඇයි යකඩෝ.. දැන් ගන්න වගේ කතා කරලා අපි දෙන්නා ආපහු යන්නේය.
එදා අර 66000 පඩිය අරන් එන ගමන්ය. අද නම් ගියේ ගන්නටමය. එදා ලේඩිස් අයිටම් කිව්වාට එක එසේ වෙන්නට බැරිය. අද
ඉන්නේ වෙන අක්කෙක්ය. අක්කා කිව්වට මෙයා නම් නංගිද කොහෙදය. මොක කිව්වත්
අවුලක් නැත. නංගිලා උනත් කැමති අක්කේ....... කියනවාටය.
රජා: අක්කේ...මේක ලේඩීස් අයිටම්ද?
රජා: අක්කේ...මේක ලේඩීස් අයිටම්ද?
අක්කා 2: නෑ...ඒ රෝස පාට එක....මේක ඔයාලට හරි.
අනේ අම්මේ....මගේ එකම පැතුම...මගේ ලස්සන පාත්තු දෙක. ඔයා දැන් මගේය. අක්කා 2ව අල්ලාගෙන ඉඹින්න හිතුනද එය මානව සමාජය තුල සභ්‍ය සම්පන්න නොවන ගුජුප්සාජනක ක්‍රියාවක් බැවින් මම ඉන් වැලකි සිටියෙමි. මගේ සයිස් එකට හරියන එක ලැබුණි. එය පෙට්ටියවත් නොකඩා ගෙයි මුල්ලක සගවා තිබුණි. එදා 27 වෙනිදා ගේට්ටුවට රජා දිලිසි දිලිසි දමාගෙන ආවේ මේකය.
ප/ලි:
ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට දමාගෙන ගියේ අබලන් වූ දෙකය. ගියෙත් නංඟී පිටෙය. ඒත් ඉස්කෝල ඇතුලට යද්දී සපත්තු දෙක කැඩිලාය. කරන්නට දෙයක් නැත. අර සූ....ගාන සෙනග ගොඩේ එක කකුලක් එලියට දමාගෙන ඉන්නට බැරිය. සුටුස් ගාල එලියට ගිහින් සපත්තු දෙක ස්කුල් වෑන් එකට දමා හෙලුවෙන්ම ගම්පහ ටවුමට ගියෙමි. සපත්තු කඩයක් තියෙන තැනක් මතකත් නැත. යන්තන් ටවුම වටේ රවුමක් ගිහින් එකක් හොයාගෙන බාටාවෝ දෙන්නෙක් මිලදී ගත්තෙමි.
රජා බාටා පිටින් බුකියේ ඇල්බමය මෙතනින්...
මෙන්න එකෙක් අපට මඩ ගහනෝ... මූව කාපියෝ....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඈ රජෝ එතකොට පළවැනි අක්ක කින්ඩියක්මද දාල තියෙන්නේ . එයාටත් වැරදිලාද,
ReplyDeleteඅනේ මන්දා... මගේ මූණ බලන් කින්ඩි දායිද කෙල්ලො? නෑනේ.... ;)
Deleteලේඩීස් උනත් මොකද බං, අයිටම් නේ :P
ReplyDeleteහික්... :)
Deleteදැන් ඉන්න ලේඩීස්ලගේ හුඟක් ඒවා අපේ ඒවා වගේ. නැද්ද මං අහන්නේ රජෝ?
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඇත්ත මාමේ ඇත්ත... :)))
Deleteරජාටත් වෙන අකර තෑබ්බ :P :D
ReplyDeleteඒකනේ බං :)
Deleteනංගිලා සම්බන්ද නිගමනය 100% නිවැරදිය........
ReplyDeleteලැබූ පට්ටම් ගොඩ...
DeleteBEng (Hons) in වල
BSc (Hons) in මඩ
B Com (Hons) in හිට්ස්
BA (Hons) in කාන්තා චරිතාප්‍රදාන
අක්ක උඹෙ අතේ සල්ලි නෑ කියල දන්න නිසා තමයි එදා බොරු කියල ආපහු එවල තියෙන්නෙ.
ReplyDeleteඅහුවෙයන්කෝ ඕකි...
Deleteඅක්කට දුක හිතිල වෙන නංගියෙක්ව එවන්න ඇති මෙහෙම කියල. "අනේ නංගි ඔය කොල්ල එන්නෙ මම අර පඩි ආපුවහම ගන්න හිටපු සපත්තු දෙක ගන්න. දැන් ඉතින් ඔය සපත්තු දෙක දෙනකම් ඇඹලය වගේ මෙතෙන්ට එයි හැමදාම. එහෙම උනොත් කරදරේනෙ නංගි. ඔන්න ඔහෙ ඔය දෙක දීල දාන්න."
ReplyDeleteසිරාවට එහෙම හිතුවද දන්නෑ :)
Deleteපඩියයි සපත්තුයි දෙකම එක වගේ කියනවනේ....පොඩි පඩියක් උනොත් හිර සපත්තුවක් වගේ කරදරමයි දෙන්නේ.....ලොකු පඩියක් උනොත් ලොකු සපත්තු දා ගත්තා වගේ බැලන්ස් එක නැතුව වැටෙනවලු...මට පේන විදිහට නම් මල්ලිගේ සපත්තුවයි පඩියයි දෙකම හරියට ම මල්ලීට ෆිට් වෙනවා වගේ.......
ReplyDeleteඑහෙමත් සීන් එකක්ද? :)
Deleteජස්ටිං බීබත් උබ වගේ තමා දන්නවැයි...
ReplyDeleteහොයන්නෙම ලේඩීස් අයිටං...
ආ.... වරෙන්කෝ!
Deleteඅනේ අපොයි... ඇයි බොලේ උබට ඇස් පේන්නෙ නැද්ද... අනික අර පලවෙනි කෙල්ලත් පොට්ටද??
ReplyDeleteඉතින් බං... ඒක ලේඩීස් කීවම මට හෙන චකිතයක් ඇති වෙනවනේ :)
Deleteඋබ ඔය පාත්තු දෙක දාගෙන ගිහින් පළවෙනි අක්කට හොදවයින් දෙකක් කියල වරෙන් පුතේ ...
ReplyDeleteඅන්න අයිඩියාව!!!! :)
Deleteඅක්කා 1 දැනගන්න ඇති රජා කඩේ ඇතුලට එනකොටම මුගේ අතේ සල්ලි නෑ කියල.
ReplyDeleteඅලේ මල්ලා :)
Deleteඅක්කා 1 ඇයි බන් බොරු කිව්වෙ... ? උඹව ආයෙ ගෙන්න ගන්න හිතිලද ? අර බ්ලොග් එකට ගියාමනෙ දැක්කෙ.. මේ රජා හෙන කොටෙක්නෙ..
ReplyDeleteකොටෙක් නෙමෙයි බං අංකුටු මිටිටෙක් මුගේ ඔලුවට අත තිබ්බහම මගේ අත චුට්ටක්වත් නැමෙන් නැ
Deleteඅයියෝ.....!!!
Deleteඅම්බෝ.....අටමගේ පච!!!!!!
Deleteඑදා කොහෙද අත නැමෙනවා තේරෙන්නේ?
මොකෙක් හරි ඇවිල්ලා වෙන කොහෙහරි නමලා ගියත් දන්නෑ මෙයා.. :)
ලස්සනම ලස්සන පාත්තු දෙකක්. ඕක නම් කීයටවත් ලේඩීස් අයිටම් වෙන්න බැහැ.....
ReplyDeleteඒකනේ... :)
Deleteරජා මල්ලි දැක්කම අක්කට හිතෙන්න ඇති මේකට ඩෙක් තියා බාටා කෑලි 2ක් වත් ගන්න සල්ලි නෑ කියල.. ඒකනේ බොරුවක් කරේ හිත නොරිදෙන්න...
ReplyDeleteඑහෙමත් වෙන්න පුළුවන් :)
Deleteබොටත් වෙන වැඩ රජෝ ...
ReplyDeleteබලහන් බං... ඇඩෙනවා!
Deleteඅර අක්කා 1 උබට ගැලපෙන එක ගන්න එපා කියලනේ, අක්කා 2 උබව රවට්ටලා.
ReplyDeleteඅනේ පවු බං මං... ඇයි මට ඕම කියන්නේ? :)
Deleteරජා පච විමේත් සිමාවක් නැත... මන් ඒක තමයි බැලුවෙ එදා උබගෙ සෙරෙප්පු කොහොමද ඔය තරම් අලුත් පාට වුනෙ කියලා උබ සෙරෙප්පු හෝදන එකෙක්යැ
ReplyDeleteඒක නං ඇත්ත ඈ! :)
Deleteරාජකීය සපත්තු දෙක රජෝ රාජ උෂ්නේ විහිදෙනවා ..
ReplyDeleteබලාගෙන පිච්චෙයි කොලුවෝ! :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමාර වැඩේ කියන්නෙ රජෝ Ladies Sneakers කියලා සර්ච් කරාම හැම සර්ච් එන්ජිමෙන්ම දෙන ඉමේජ් එක උඹේ ඔය කකුල් දෙකයි පාත්තු දෙකයිනෙ. :D
ReplyDeleteඒක නෙවෙයි ලොක්කා, උඹ ගියේ DSI නෙ. මෙන්න බලාපං බාටා එකෙන් සපත්තු ගත්ත කතාවක් උණු උණුවේ. හිර සපත්තු හා නූඩල් සුප්. ඔන්න කවුරුත් ගිහින් බලාපල්ල. ලියලා තියෙනවා ලෙසටම. මෙන්න ලින්ක් එක.
http://pinchpoints.blogspot.com/2013/02/blog-post_9.html
උඩ තියෙන කොට දෙක අයින් කරහං රජෝ. අද වරදිනවා මාර විදියට.
අඩේ ඔව්ම නේන්නං :)
Deleteමොනාද මෙයා... මට බෑ ඕවා මකන්න :)
අඩේ ලේඩීස් එකක් දැම්මා කියලා බොට වෙනසක් පේන්නේ නැනේ....
ReplyDeleteපල පල යන්න රිලවා! :)
Deleteමේකත් ලේඩිස් අයිටම් එකක් වගේ බං! ;)
ReplyDeleteකොයි හරියද දන්නෑ?
Deleteමම ඒත් බැලුවා මොකද කියලා බොට කලින් පාත්තු දෙක පෙන්නේ.. O.o
ReplyDeleteදිලිසුනා නෙහ් එදා? :)
Deleteමොකක්..?
Deleteදිලිසුනා නෙහ් එදා... නෙවෙයි පුතා... දිලිසුනා නෙත් එදා.. :)
නොදකින් ඒ කෙල්ලට පෙන්නේ නැද්ද යකෝ එක ,
ReplyDeleteයකෝ එක අතකට කෙල්ලොන්ගෙයි කොල්ලොන්ගෙයි දැන් නම් වෙනසක් හොයන්නත් අමාරුයි වගේ :D
ඔව් බං...
Deleteඋදාරණෙකට උඹව අරන් බලහන්.. වෙනසක් නෑනේ :)
puh!
ReplyDeleteමෙන්න වැඩක් :)
Deleteමචන්, මටත් තියෙන්නේ ඔය ජැටියේ දෙකක් තමි. සපත්තු දෙකනම් එල, ඊත් ටික දවසකින් ඔය දෙපට්ටේ තියන sticker දෙකනම් ගැලවෙනවා.....
ReplyDeleteඅයියෝ.. ෆෝ තවුසන්!!! එහෙමද?
Deleteවෙන්ඩ බෑ...
ඒක ලුමිනස් පටි දෙකක් මහලා තියෙන්නේ!
ලේඩිස් වුනාට මොකෑ බන්.අපි ඉස්සෙලම දැම්මම අනිත් උනුත් දාන්න පටන් ගනියි :)
ReplyDeleteඑකෙන්ම! ;)
Deleteහික්....රජාටත් වෙන වැඩ....
ReplyDeleteහෙහ් :)
Delete//හිටගෙන උන් තැන හාරගෙන පහලට යනවා මෙන් මට දැනුනි//
ReplyDeleteමට මැවිල පෙනුනෙ, උබ නිකන් piling machine එකක aurger එකක් වගේ භූගත වෙන හැටි.:D :D පොලව හාරගෙන ගිහින් එහෙන්ම කොන්ක්‍රීට් උනා නම් හොදයි කියල හිතෙන්න ඇති නේද???
සිරාවට ඈ...!!
Deleteඕගර් එක වගේ තාලෙට කැරකෙනවා මට දැනුනා :)
උඹට තියෙන්නේ දැන් අර කැත ටෝක දාපු අක්කා ගාවට ඕක දාන් පෙන්න යන්න. :)
ReplyDeleteමටත් දැන් හිතෙනවා ඕක :)
Deleteඅපරාදෙ බන් එදාම කියුවනම් පොඩි පබ්ලිසිටියක් දෙන්න තිබුනා. ඇත්තටම රජෝ එදා උබ එන්න හිටියෙ සේෆ්ටි බූට් පිටින් කියලා කතාවක් තියනවා ඇත්තද ?
ReplyDeleteකවුද කියන්නේ ඈ? :)
Deleteපැරණි කියමනක්...
ReplyDeleteරජා සපත්තු දැම්ම වගේ.. (කියමනක් වුනාට කිව්වේ මං ඈ) :D
පරණයි නේන්නං :)
Deleteඉතින් උඹට අක්කට කියන්න තිබුනේ මේ අපි බැලුවේ ගිර්ල් කෙනෙක්ට කියලා. අය බන් හැරෙන හැරෙන පැත්තට උත්තර දෙන්න එපැයි..
ReplyDeleteහෙහ්! :)
Deleteඅසරණ රජතුෙමක් :)
ReplyDeleteමම පවු! :)
Deletegamapaha di sapaththu issuwe ekai ehenam :p
ReplyDeleteඔය තේරෙන්නේ......
Deleteඉතිං හරිනේ රැජිනියනි, අක්කගෙ ඇස් පේන්නෙ නැතුවද මන්ද ලේඩීස් අයිටම් කියල තියෙන්නෙ උඹ ගියාමත්.
ReplyDeleteමම අදහස් ප්‍රකාශයෙන් වලකිමි!
Deletehhe heeee hoda wede .. rajatath wena weda hoda wede... :P
ReplyDeleteඅයියෝ........ :)
Deleteඅහෝ රජුනි බඹුණි
ReplyDeleteමොකා කිව්වා?
Deleteකොහෙද බන් මේකේ හොඳේ.පොස්ට් එක කියවපන් ඊට පස්සේ කට්ටියට හිතට වදින පොස්ට් එකට අදාළ කමෙන්ට් එකක් දාපන්.ඉබේම කට්ට්ය උඹේ පැත්තේ එවි. නොන්ඩි කමෙන්ට් දාන්න එන්න එපා.
ReplyDeleteඒක තමයි මූ 27 නිතරම කකුල අල්ල ගත්ත ගමන් හිටියෙ..!
ReplyDeleteකවුද?
Deleteමම?
නෑ..... :)
රජෝ ඔය කථාව උඹ දැන් කිව්ව එක හොදට ගියා...නැත්නම් එදා සෑමගෙ සපත්තු දෙකට කලින් ඔය පාත්තු දෙකට සැට් එක වැඩේ දෙනවා ෂුවර්ය...
ReplyDeleteඒකම තමා නොකියා හිටියේ :)
Deleteමුලින්ම හිටි අක්කා හිතුවද දන්නෙ නෑ මලයට හොඳම සපත්තු දෙකක් විකුණගන්න
ReplyDeleteඅනේ මන්දා :)
Deleteඅඩෝ මට ලැජ්ජා හිතුනා බං මේ කොමෙන්ටුව දැකලා... :)
ReplyDeleteමම හොද ලිපියක් ලිව්වමද කොහෙද :) :)
උඹේ පොස්ට් එක බාලයි කියල නෙවෙයි අදහස් කලේ. මූ කියවන්නේ නැතිව කමෙන්ට් කරන නිසා මචං.
ReplyDeleteඋඹ ගේට්ටුවට දාන් ගියෙත් මේකමයි නේ.. ඒක තමා මදාරා කිවුවේ මූ ඇදුමේ පාටම සපත්තු දෙකක් දාගෙන ඇවිත් කැරකි කැරකි හිටියා කියලා..
ReplyDeleteආයේ නිකන් නළු බට්ටා වගේ ගියේ :)
Deleteමල්ලි ඕක සයිස් 4 වගේද?
ReplyDeleteසයිස් 8 මෙයා :)
Deleteඋඹ ඔය දෙක ඇත්තටම ගත්තේ DSI එකෙන්ද නැත්නම් පන්සලෙන්ද?
ReplyDeleteකෝවිලෙන් බං! ;)
Deleteඒක තමා මමත් කිව්වේ...
ReplyDeleteමේක කොහෙද බං හොදක් කියන්න පුළුවන් පෝස්ට් එකක් වෙන්නේ..
මම එහෙම ඒවා මේ තාක් ලියලා නෑ :)
අපොයි දෙයියනේ පාත්තු දෙකකට තියෙන ආදරයක්
ReplyDeleteඅපේ දේවල් වලට අපි ආ....දරෙයිනේ ;)
Deleteහූ..... හයියූ මෙයාටට් වෙන වැද......^_^
ReplyDeleteඒකනේ අග්ලියෝ :)
DeleteDSI එකෙත් හොඳ හොඳ අයිටම් තියෙනවා එහෙනම් ඈ..
ReplyDeletepau ane rajata
ReplyDeleteමටත් ඔයිට ආසන්න සිදුවීමක් සිදූ වී ඇත. මම වහා එතනින් මාරු වුනෙමි
ReplyDelete