Saturday, February 9, 2013

මල්ලි ඕක ලේඩීස් අයිටම් එකක්


මාගේ රාජකීය සපත්තු දෙකත් දැන් සෑහෙන්න අබලන්ය. කොයි යම් මොහොතේ ගැලවෙයිද කියා සුවර් නැත. කලින් දවසක රජා සමග නිශාන් කොලුවා ගල්කිස්ස හන්දිය එකට ගොඩ උනේ රජාට අලුත් මිරිවැඩි සඟලක් මිලදී ගන්නටය. හැමදාම හවසට ඔතනින් එහාට මෙහාට යද්දී මම නෝට් කරගෙන හිටපු ඩෙක් දෙකක් තිබුනේය. කීයක් උනත් ඒකනං අනිවා ගන්නවා යන පාරමිතාවේ මා එකල ගිලි සිටියෙය. 

ඉරිදා හවස් වරුවක අපි DSI එක ඇතුලට රිංගුවෙමු. ඩෙක් තියෙන තැන දැන් ඔහොම මෙහෙමය. සිහින් සිරුරැති, කටකාර, හැඩකාර, විසේ ඇති, නමුත් එය නොපෙන්වූ අක්කා කෙනෙක් අපි ලඟට ආවාය. 

අක්කා : මල්ලි මොනවද බැලුවේ?

අපි මේ අඟලේ කොන්ක්‍රීට් ඇන කිලෝවක් ගන්න ආවා. මට ගත් කටටම කියන්න හිතුනේය. ඇයි යකෝ...සපත්තු කඩේට එන්නේ සපත්තු දෙකක් ගන්නය. අනික අපි හිටියෙත් ඩෙක් රාක්කේ අබිමුවේමය.

රජා: අක්කේ අපි මේ ඩෙක් දෙකක් බලන්න...

අක්කා: ආ බලන්න මල්ලි... බලලා කියන්නකෝ!


රජා: හා..

මගේ හිත ගිය ලස්සන හුරතල් පාත්තු දෙක මගේ ඇස් ඉදිරියේ දිලිසෙන්නේය. කළු පාට පසුබිමේ මම ආසම ලා  නිල් ඉරි හා කොළ පාට ඩොට් ඩොට්. අනේ.....හරිම කිවුට්ය. ඒ උනාට ඒ යුගල මට පොඩි වගෙය. රජා වහාම අක්කාතුමිය ඇමතුවේය. 

රජා: අක්කේ මේකේ සයිස් නැද්ද...?

අක්කා සමච්චලේට මෙන් අපි දෙන්නා දෙස බැලුවාය. 

අක්කා : මල්ලි ඕක ලේඩීස් අයිටම් එකක්නේ.... අපි වෙන එකක් බලමු... 

හිටගෙන උන් තැන හාරගෙන පහලට යනවා මෙන් මට දැනුනි. මම කෝකටත් වට පිට බැලුවෙමි. හොද වෙලාවට කිසිදු ප්‍රාණවාචී සත්වයෙක් අක්කාගේ හඩ පිටවූ පරාසයේ ජීවත්ව නැත. බැරි වෙලා හෝ හිටියානම් රජාගේ සියළු වස්ත්‍රාභරණ ගල්කිස්ස වෙරල තිරයේ නිදහසේ පාවෙන්නේය. ඒ අක්කගේ කැහැටු මූණට මට මොකුත් කිව නොහැකිය. අරහෙම චාටර් කලා මදිවට මේකි අපේ මුළු සරුවාංගයම පිරික්සලාය. 

අක්කා: කොහෙද මේ යන්නේ සේෆ්ටි ශුස් දාගෙන?

මෙයා නිකන් දැන් අපිව නෝන්ඩි කරන්න ටෝක දෙන්නේය. හුහ්....එව්වා කොහෙද අපිත් එක්ක...අපිත් ක්‍රෙස් කැට් එකෙන් කාලා හැදුන කොල්ලෝ හරිය...

රජා: අපි ඉන්ජිනියර්ස්ලනේ....

රජා අතට අරගෙන තිබු ටොයෝටා ලාංඡනය කෙටූ කීටැගය සහිත බෝඩිමේ යතුර කරකවමින් කිවේය. බාග වෙලාවට ඒක දොරක යතුරක් නොව කාර් එකක යතුරක් යයි ඇයට සිතෙන්නට ඇත. සියලු පඩ ලයින් ක්ෂණයකින් පහව ගියේය. ලස්සන සුකුමාල කටහඩ එලියට  ආවේය. 

අක්කා: කොහෙද මල්ලිලා දැන් වැඩ? 

රජා: කොල්ලුපිටියෙනේ....

ඔහොම ඔහොම විස්තර කතා බහවීමක් සිදු උනේය. අපි ඒ වෙලාවේ සපත්තු බැලුවට ගත්තේ නැත. අපි ආපසු එන්නට  හැරුනෙමු. අක්කගේ මුන ඇඹුල් උනේය. ඇයි යකඩෝ.. දැන් ගන්න වගේ කතා කරලා අපි දෙන්නා ආපහු  යන්නේය.  

එදා අර 66000 පඩිය අරන් එන ගමන්ය. අද නම් ගියේ ගන්නටමය. එදා ලේඩිස් අයිටම් කිව්වාට එක එසේ වෙන්නට  බැරිය. අද ඉන්නේ වෙන අක්කෙක්ය. අක්කා කිව්වට මෙයා නම් නංගිද කොහෙදය. මොක කිව්වත් අවුලක් නැත. නංගිලා උනත් කැමති අක්කේ....... කියනවාටය.

රජා: අක්කේ...මේක ලේඩීස් අයිටම්ද?

අක්කා 2: නෑ...ඒ රෝස පාට එක....මේක ඔයාලට හරි.

අනේ අම්මේ....මගේ එකම පැතුම...මගේ ලස්සන පාත්තු දෙක. ඔයා දැන් මගේය. අක්කා 2ව අල්ලාගෙන ඉඹින්න හිතුනද එය මානව සමාජය තුල සභ්‍ය සම්පන්න නොවන ගුජුප්සාජනක ක්‍රියාවක් බැවින් මම ඉන් වැලකි සිටියෙමි. මගේ සයිස් එකට හරියන එක ලැබුණි. එය පෙට්ටියවත් නොකඩා ගෙයි මුල්ලක සගවා තිබුණි. එදා 27 වෙනිදා ගේට්ටුවට රජා දිලිසි දිලිසි දමාගෙන ආවේ මේකය.


ප/ලි:

ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට දමාගෙන ගියේ අබලන් වූ දෙකය. ගියෙත් නංඟී පිටෙය. ඒත් ඉස්කෝල ඇතුලට යද්දී සපත්තු දෙක කැඩිලාය. කරන්නට දෙයක් නැත. අර සූ....ගාන සෙනග ගොඩේ එක කකුලක් එලියට දමාගෙන ඉන්නට බැරිය. සුටුස් ගාල එලියට ගිහින් සපත්තු දෙක ස්කුල් වෑන් එකට දමා හෙලුවෙන්ම ගම්පහ ටවුමට ගියෙමි. සපත්තු කඩයක් තියෙන තැනක් මතකත් නැත. යන්තන් ටවුම වටේ රවුමක් ගිහින් එකක් හොයාගෙන බාටාවෝ දෙන්නෙක් මිලදී ගත්තෙමි.


රජා බාටා පිටින් බුකියේ ඇල්බමය මෙතනින්...

මෙන්න එකෙක් අපට මඩ ගහනෝ... මූව කාපියෝ....


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

104 comments:

  1. ඈ රජෝ එතකොට පළවැනි අක්ක කින්ඩියක්මද දාල තියෙන්නේ . එයාටත් වැරදිලාද,

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... මගේ මූණ බලන් කින්ඩි දායිද කෙල්ලො? නෑනේ.... ;)

      Delete
  2. ලේඩීස් උනත් මොකද බං, අයිටම් නේ :P

    ReplyDelete
  3. දැන් ඉන්න ලේඩීස්ලගේ හුඟක් ඒවා අපේ ඒවා වගේ. නැද්ද මං අහන්නේ රජෝ?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාමේ ඇත්ත... :)))

      Delete
  4. රජාටත් වෙන අකර තෑබ්බ :P :D

    ReplyDelete
  5. නංගිලා සම්බන්ද නිගමනය 100% නිවැරදිය........

    ReplyDelete
    Replies
    1. ලැබූ පට්ටම් ගොඩ...

      BEng (Hons) in වල

      BSc (Hons) in මඩ

      B Com (Hons) in හිට්ස්

      BA (Hons) in කාන්තා චරිතාප්‍රදාන

      Delete
  6. අක්ක උඹෙ අතේ සල්ලි නෑ කියල දන්න නිසා තමයි එදා බොරු කියල ආපහු එවල තියෙන්නෙ.

    ReplyDelete
  7. අක්කට දුක හිතිල වෙන නංගියෙක්ව එවන්න ඇති මෙහෙම කියල. "අනේ නංගි ඔය කොල්ල එන්නෙ මම අර පඩි ආපුවහම ගන්න හිටපු සපත්තු දෙක ගන්න. දැන් ඉතින් ඔය සපත්තු දෙක දෙනකම් ඇඹලය වගේ මෙතෙන්ට එයි හැමදාම. එහෙම උනොත් කරදරේනෙ නංගි. ඔන්න ඔහෙ ඔය දෙක දීල දාන්න."

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම හිතුවද දන්නෑ :)

      Delete
  8. පඩියයි සපත්තුයි දෙකම එක වගේ කියනවනේ....පොඩි පඩියක් උනොත් හිර සපත්තුවක් වගේ කරදරමයි දෙන්නේ.....ලොකු පඩියක් උනොත් ලොකු සපත්තු දා ගත්තා වගේ බැලන්ස් එක නැතුව වැටෙනවලු...මට පේන විදිහට නම් මල්ලිගේ සපත්තුවයි පඩියයි දෙකම හරියට ම මල්ලීට ‍ෆිට් වෙනවා වගේ.......

    ReplyDelete
    Replies
    1. එහෙමත් සීන් එකක්ද? :)

      Delete
  9. ජස්ටිං බීබත් උබ වගේ තමා දන්නවැයි...
    හොයන්නෙම ලේඩීස් අයිටං...

    ReplyDelete
  10. අනේ අපොයි... ඇයි බොලේ උබට ඇස් පේන්නෙ නැද්ද... අනික අර පලවෙනි කෙල්ලත් පොට්ටද??

    ReplyDelete
    Replies
    1. ඉතින් බං... ඒක ලේඩීස් කීවම මට හෙන චකිතයක් ඇති වෙනවනේ :)

      Delete
  11. උබ ඔය පාත්තු දෙක දාගෙන ගිහින් පළවෙනි අක්කට හොදවයින් දෙකක් කියල වරෙන් පුතේ ...

    ReplyDelete
  12. අක්කා 1 දැනගන්න ඇති රජා කඩේ ඇතුලට එනකොටම මුගේ අතේ සල්ලි නෑ කියල.

    ReplyDelete
  13. අක්කා 1 ඇයි බන් බොරු කිව්වෙ... ? උඹව ආයෙ ගෙන්න ගන්න හිතිලද ? අර බ්ලොග් එකට ගියාමනෙ දැක්කෙ.. මේ රජා හෙන කොටෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. කොටෙක් නෙමෙයි බං අංකුටු මිටිටෙක් මුගේ ඔලුවට අත තිබ්බහම මගේ අත චුට්ටක්වත් නැමෙන් නැ

      Delete
    2. අම්බෝ.....අටමගේ පච!!!!!!

      එදා කොහෙද අත නැමෙනවා තේරෙන්නේ?
      මොකෙක් හරි ඇවිල්ලා වෙන කොහෙහරි නමලා ගියත් දන්නෑ මෙයා.. :)

      Delete
  14. ලස්සනම ලස්සන පාත්තු දෙකක්. ඕක නම් කීයටවත් ලේඩීස් අයිටම් වෙන්න බැහැ.....

    ReplyDelete
  15. රජා මල්ලි දැක්කම අක්කට හිතෙන්න ඇති මේකට ඩෙක් තියා බාටා කෑලි 2ක් වත් ගන්න සල්ලි නෑ කියල.. ඒකනේ බොරුවක් කරේ හිත නොරිදෙන්න...

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් :)

      Delete
  16. බොටත් වෙන වැඩ රජෝ ...

    ReplyDelete
  17. අර අක්කා 1 උබට ගැලපෙන එක ගන්න එපා කියලනේ, අක්කා 2 උබව රවට්ටලා.

    ReplyDelete
    Replies
    1. අනේ පවු බං මං... ඇයි මට ඕම කියන්නේ? :)

      Delete
  18. රජා පච විමේත් සිමාවක් නැත... මන් ඒක තමයි බැලුවෙ එදා උබගෙ සෙරෙප්පු කොහොමද ඔය තරම් අලුත් පාට වුනෙ කියලා උබ සෙරෙප්පු හෝදන එකෙක්යැ

    ReplyDelete
  19. රාජකීය සපත්තු දෙක රජෝ රාජ උෂ්නේ විහිදෙනවා ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන පිච්චෙයි කොලුවෝ! :)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මාර වැඩේ කියන්නෙ රජෝ Ladies Sneakers කියලා සර්ච් කරාම හැම සර්ච් එන්ජිමෙන්ම දෙන ඉමේජ් එක උඹේ ඔය කකුල් දෙකයි පාත්තු දෙකයිනෙ. :D

    ඒක නෙවෙයි ලොක්කා, උඹ ගියේ DSI නෙ. මෙන්න බලාපං බාටා එකෙන් සපත්තු ගත්ත කතාවක් උණු උණුවේ. හිර සපත්තු හා නූඩල් සුප්. ඔන්න කවුරුත් ගිහින් බලාපල්ල. ලියලා තියෙනවා ලෙසටම. මෙන්න ලින්ක් එක.

    http://pinchpoints.blogspot.com/2013/02/blog-post_9.html

    උඩ තියෙන කොට දෙක අයින් කරහං රජෝ. අද වරදිනවා මාර විදියට.

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්ම නේන්නං :)

      මොනාද මෙයා... මට බෑ ඕවා මකන්න :)

      Delete
  23. අඩේ ලේඩීස් එකක් දැම්මා කියලා බොට වෙනසක් පේන්නේ නැනේ....

    ReplyDelete
    Replies
    1. පල පල යන්න රිලවා! :)

      Delete
  24. මේකත් ලේඩිස් අයිටම් එකක් වගේ බං! ;)

    ReplyDelete
  25. මම ඒත් බැලුවා මොකද කියලා බොට කලින් පාත්තු දෙක පෙන්නේ.. O.o

    ReplyDelete
    Replies
    1. දිලිසුනා නෙහ් එදා? :)

      Delete
    2. මොකක්..?
      දිලිසුනා නෙහ් එදා... නෙවෙයි පුතා... දිලිසුනා නෙත් එදා.. :)

      Delete
  26. නොදකින් ඒ කෙල්ලට පෙන්නේ නැද්ද යකෝ එක ,
    යකෝ එක අතකට කෙල්ලොන්ගෙයි කොල්ලොන්ගෙයි දැන් නම් වෙනසක් හොයන්නත් අමාරුයි වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං...

      උදාර‍ණෙකට උඹව අරන් බලහන්.. වෙනසක් නෑනේ :)

      Delete
  27. මචන්, මටත් තියෙන්නේ ඔය ජැටියේ දෙකක් තමි. සපත්තු දෙකනම් එල, ඊත් ටික දවසකින් ඔය දෙපට්ටේ තියන sticker දෙකනම් ගැලවෙනවා.....

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ෆෝ තවුසන්!!! එහෙමද?

      වෙන්ඩ බෑ...
      ඒක ලුමිනස් පටි දෙකක් මහලා තියෙන්නේ!

      Delete
  28. ලේඩිස් වුනාට මොකෑ බන්.අපි ඉස්සෙලම දැම්මම අනිත් උනුත් දාන්න පටන් ගනියි :)

    ReplyDelete
  29. හික්....රජාටත් වෙන වැඩ....

    ReplyDelete
  30. //හිටගෙන උන් තැන හාරගෙන පහලට යනවා මෙන් මට දැනුනි//
    මට මැවිල පෙනුනෙ, උබ නිකන් piling machine එකක aurger එකක් වගේ භූගත වෙන හැටි.:D :D පොලව හාරගෙන ගිහින් එහෙන්ම කොන්ක්‍රීට් උනා නම් හොදයි කියල හිතෙන්න ඇති නේද???

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ...!!

      ඕගර් එක වගේ තාලෙට කැරකෙනවා මට දැනුනා :)

      Delete
  31. උඹට තියෙන්නේ දැන් අර කැත ටෝක දාපු අක්කා ගාවට ඕක දාන් පෙන්න යන්න. :)

    ReplyDelete
    Replies
    1. මටත් දැන් හිතෙනවා ඕක :)

      Delete
  32. අපරාදෙ බන් එදාම කියුවනම් පොඩි පබ්ලිසිටියක් දෙන්න තිබුනා. ඇත්තටම රජෝ එදා උබ එන්න හිටියෙ සේෆ්ටි බූට් පිටින් කියලා කතාවක් තියනවා ඇත්තද ?

    ReplyDelete
  33. පැරණි කියමනක්...
    රජා සපත්තු දැම්ම වගේ.. (කියමනක් වුනාට කිව්වේ මං ඈ) :D

    ReplyDelete
  34. ඉතින් උඹට අක්කට කියන්න තිබුනේ මේ අපි බැලුවේ ගිර්ල් කෙනෙක්ට කියලා. අය බන් හැරෙන හැරෙන පැත්තට උත්තර දෙන්න එපැයි..

    ReplyDelete
  35. අසරණ රජතුෙමක් :)

    ReplyDelete
  36. gamapaha di sapaththu issuwe ekai ehenam :p

    ReplyDelete
  37. ඉතිං හරිනේ රැජිනියනි, අක්කගෙ ඇස් පේන්නෙ නැතුවද මන්ද ලේඩීස් අයිටම් කියල තියෙන්නෙ උඹ ගියාමත්.

    ReplyDelete
    Replies
    1. මම අදහස් ප්‍රකාශයෙන් වලකිමි!

      Delete
  38. hhe heeee hoda wede .. rajatath wena weda hoda wede... :P

    ReplyDelete
  39. අහෝ රජුනි බඹුණි

    ReplyDelete
  40. කොහෙද බන් මේකේ හොඳේ.පොස්ට් එක කියවපන් ඊට පස්සේ කට්ටියට හිතට වදින පොස්ට් එකට අදාළ කමෙන්ට් එකක් දාපන්.ඉබේම කට්ට්ය උඹේ පැත්තේ එවි. නොන්ඩි කමෙන්ට් දාන්න එන්න එපා.

    ReplyDelete
  41. ඒක තමයි මූ 27 නිතරම කකුල අල්ල ගත්ත ගමන් හිටියෙ..!

    ReplyDelete
  42. රජෝ ඔය කථාව උඹ දැන් කිව්ව එක හොදට ගියා...නැත්නම් එදා සෑමගෙ සපත්තු දෙකට කලින් ඔය පාත්තු දෙකට සැට් එක වැඩේ දෙනවා ෂුවර්ය...

    ReplyDelete
    Replies
    1. ඒකම තමා නොකියා හිටියේ :)

      Delete
  43. මුලින්ම හිටි අක්කා හිතුවද දන්නෙ නෑ මලයට හොඳම සපත්තු දෙකක් විකුණගන්න

    ReplyDelete
  44. අඩෝ මට ලැජ්ජා හිතුනා බං මේ කොමෙන්ටුව දැකලා... :)

    මම හොද ලිපියක් ලිව්වමද කොහෙද :) :)

    ReplyDelete
  45. උඹේ පොස්ට් එක බාලයි කියල නෙවෙයි අදහස් කලේ. මූ කියවන්නේ නැතිව කමෙන්ට් කරන නිසා මචං.

    ReplyDelete
  46. උඹ ගේට්ටුවට දාන් ගියෙත් මේකමයි නේ.. ඒක තමා මදාරා කිවුවේ මූ ඇදුමේ පාටම සපත්තු දෙකක් දාගෙන ඇවිත් කැරකි කැරකි හිටියා කියලා..

    ReplyDelete
    Replies
    1. ආයේ නිකන් නළු බට්ටා වගේ ගියේ :)

      Delete
  47. මල්ලි ඕක සයිස් 4 වගේද?

    ReplyDelete
  48. උඹ ඔය දෙක ඇත්තටම ගත්තේ DSI එකෙන්ද නැත්නම් පන්සලෙන්ද?

    ReplyDelete
  49. ඒක තමා මමත් කිව්වේ...
    මේක කොහෙද බං හොදක් කියන්න පුළුවන් පෝස්ට් එකක් වෙන්නේ..
    මම එහෙම ඒවා මේ තාක් ලියලා නෑ :)

    ReplyDelete
  50. අපොයි දෙයියනේ පාත්තු දෙකකට තියෙන ආදරයක්

    ReplyDelete
    Replies
    1. අපේ දේවල් වලට අපි ආ....දරෙයිනේ ;)

      Delete
  51. හූ..... හයියූ මෙයාටට් වෙන වැද......^_^

    ReplyDelete
  52. DSI එකෙත් හොඳ හොඳ අයිටම් තියෙනවා එහෙනම් ඈ..

    ReplyDelete
  53. මටත් ඔයිට ආසන්න සිදුවීමක් සිදූ වී ඇත. මම වහා එතනින් මාරු වුනෙමි

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)