සාමාන්‍යයෙන් ටීන් ටීන් ගාන අවුරුදු වල හෙවත් නව යෞවන වියේදී අපිට එක එකාකාර වූ ආසාවන් ඇති වෙන්නේය. රජ උනත් මටත් එසේමය. සමහර ඒවා නම් වැලදුනොත්
වැලදුනාමය. 7 වසරේදී හැදුන රෙස්ලින් පිස්සුව මට තාමත් සුව වී නැත. එදා මෙදා කාලය තුල කිසිදු එපිසෝඩ් එකක් මට මිස් වී නැත. මිස් උනත් ඔන්ලයින් හෝ
බලනවාමය. ඊට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ඉස්කෝලේ ඉස්සරහ රෙස්ලින් කාඩ් විකුණූ අන්කල් කාරයාය.
ඒ වන විට අපි සිටියේ 9 වසරේය. සෞඛ්‍ය පොතට අනුව අනාවැකි පවසා තිබු සියලු විපර්යාස සිදුවෙමින්
පැවතින. ඇත්තම කියතොත් ඉස්සර අපේ උන්ට අකුරක් නෑර පාඩම්ව තිබු එකම පාඩම
ලිංගිකත්වය හා ප්‍රජනනය ය. ඉස්සර ඔය පාඩම යද්දී එකෙක් හුම්...සද්ද නැත.
පාඩමේ ගිලී කරවටක් බැසගෙන සවන් දීගෙන සිටින්නේය. පන්තියේ කෙල්ලොත් නැති එකේ සර්කාරයා ලෙසටම කියා දෙන්නේය. අවශ්‍යනම් රූප සටහන් පවා බෝඩ් එකේ මතුවෙන්නේය. පසු
පස කලාපයේ සිට තනි ඇහෙන් අඩමින් අපි ඒවා දෙස බල සිටින්නෙමු. දැන් කතාව වෙන
පැත්තකට ඇදෙන්න යන්නේය. බල්ලා ගැන කියන්න ගිහින් බලු මැක්කා ගැන කිව්වා වගේ
සීන් එකක් වෙන්නට පෙර වහාම මාරු විය යුතුය.
ජර්මනියෙන් කෙල්ලෙක් දාගෙන උන්ට ලියුම් යවන්න හෙවත් පෑනේ මිතුරියක් දාගන්න එක ඉස්සර ස්ටයිල් ඒක්කය. මේ පිස්සුව ඉස්කෝලෙට ගෙන ඒමේ සම්පුර්ණ වගකීම බර ගත යුත්තේ ඉන්ග්ලිෂ් මීඩියම් ක්ලාස් එකේ උන්ය. කොහෙන්දෝ
මන්ද ඇප්ලිකේෂන් එකක් රජාටත් ලැබුණි. ඌටත් ඕනේ කුණුගොඩක් මසුරන්ය. පුරෝලා
දැම්මෙමි. හැබැයි මට ඕනේ කෙල්ලෝ විතරමයි කියා Female එකට ටික් එකකුත් කළු පෑනෙන්ම
දැම්මෙමි. සතියක් විතර ගතවිය. ජර්මනියෙන් ලියුමක් ආවේය. හානේ.... මෙන්න
අපි ඔයාට කෙල්ලෙක් හොයා ගත්තා යයි එහි සටහන්ව තිබුණි. එයාගේ ඇඩ්‍රස් එකත්
එහි තිබුනේය.
ඇඩ්‍රස් මැකුවා... පව්නේ නැත්නම් |
ලියුම ආපු දවසෙම මම ලියුමක් ලීවෙමි. මා දයාබර කැතරින්....ඔයා කන්න කැමති මොනවද? ඔයා අදින්නේ මොනවද? ඕවද මේවද ලොවෙත් නැති සිගිති ප්‍රශ්න පෝලිමය. ලියුම
ජර්මනියට යවන්න රුපියල් පනහක්ද කොහෙද මුද්දර ගාස්තු ගෙවන්න උනේය. ඉස්සර පනහ කියන්නේ හෙන ගානක්ය. මම එච්චර ඉස්කොලේවත් ගෙනිච්චේ නැද්ද කොහෙදය. ටික දවසකින් ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. රජා දැන් උඩ පාවෙන්නේය. ඇවිදින්නෙත් පොලවට සමාන්තර වෙනම ගමන් පථයක් දිගේය. වෑන් එකේ කෙල්ලන්ටත් මේක පෙන්නන්නේය.
උඹලට තමා අපිත් එක්ක කතා කරන්න බැරි....බලනවා....අපි දැන් රට කෙල්ලොත් එක්ක ආස්සරේ....
ඕක මූණ ළඟටම කරලා පෙන්නුවම උන්ටත් හෙනම ජෙල උපදින්නේය. ඇදලා අරන් බලල ඉවරවෙලා එක එක ප්‍රශ්න අහන්නේය.
කොහොමද අනේ හම්බුනේ?????
රජත් කොලර් එක එහෙම හදාගෙන උත්තර දෙන්නේය. ඒ මගින් වෑන් එකටත් උණ බෝ කිරීමට මංතුමා සමත් උනේය. දැන් කෙල්ලෝ ටික කොල්ලෝ සෙට් කරගෙනය. ලොවෙත් නැත. ජර්මනියෙන් ආපු කහ පාට ලියුම් වලින් වෑන් එක කහගැහිලාය.
කැතරින් එක්ක ලියුම් දෙක තුනක් හුවමාරු උනේය. රජාට මේ ලලනාවගේ මූණ බැලීමේ
ආශාවක් ඇති උනේය. මම පොටෝ එකක් ඉල්ලා ලියුමක් යැව්වෙමි. එදා ඉඳන් මේ වනතුරුත් මට එයාගෙන් පිළිතුරු ලිපියක් නොලැබුණි. රට කෙල්ලෝ උනත් ලංකාවේ උන්ට
හපන් බව මම එදා තේරුම් ගත්තෙමි.
මම සැහෙන කල් මග බල සිටියෙමි. බැරිම තැන මම LetterNet එකට ලියුමක් ලිව්වෙමි.
මම සැහෙන කල් මග බල සිටියෙමි. බැරිම තැන මම LetterNet එකට ලියුමක් ලිව්වෙමි.
අර උඹලා මට කලින් හොයල දුන්න ගෑනි...ඒකි දැන් මට ලියුම් එවන්නේ නෑ.. මට වෙන ගෑනියෙක් හොයල දියව්!!
වචන වල සැරටමද මන්දා සතියක් යන්නත් කලින් පිළිතුරු ලිපියක් ආවේය. එයාගේ නම ඇනීටා ය. ඇයත් සමග මම අවුරුද්දකටත් වැඩි කාලයක් ලියුම් හුවමාරු කර ගත්තෙමි. ඇය මට පොස්ට්කාඩ් පවා එව්වාය. නමුත් මම ඇයට කිසිම දෙයක් යැව්වේ නැත. ඒ කලින් කෙල්ල මට පොල්ල තිබ්බ නිසාය. නමුත් මේ කෙල්ල හෙන හොඳට මාත් එක්ක ලියුම් ලියා ගත්තේය. මට පොටෝ පවා එව්වාය. ඇය එතරම්ම ලස්සන නැත. කැතත් නැත. රජා මේ කෙල්ලගේ පොටෝ එකක් පර්ස් එකේ පවා දාගෙන හිටියේය. ඒ වෑන් එකේ කෙල්ලන්ට පෙන්නන්නය. රජා වන එකේ කෙල්ලෙක්ට ට්‍රයි කල බව වැඩි දෙනෙක් දන්නේ නැත. මේකත් සමග ඒ මතකයත් අවදි උනේය. ඒ ගැන පසුවටය.
පෝස්ට් කාඩ් |
කාලයත් සමග සාමාන්‍ය පෙල කරන කාලෙට රජා එළබියේය. මම ඇයට එය පවසා තිබුනේය.
අපේ සම්බන්ධය නවත්වන්න දැන් කලේ හරිය. මම හැඩූ කදුලෙන් ඇයට පවසා යැව්වෙමි.
කදුලු බින්දු ලියුම හැමතැනමය. (බොරු ඈ) එසේ ඒ කෑල්ලත් මා අතහැර ගියේය. නැත.... මා
ඒ කෑල්ල අතහැරියේය. බුකියට පැමිණි පසු මම ඇයව හෙව්වෙමි. නමුත් තාමත් හොයා
ගන්න බැරි උනේය. රජා තාමත් ඇයව සොයන්නේය. ඇය එවූ ලියුම් වල සුවද තාමත් ඒ
ලියුම වල තියෙන්නේය. ඇගේ සුවද තාමත් රජා විදින්නේය.
ලියුම් ලිව්වේ නැතත් ලේටර්නෙට් එකේ උන් මැගසින් එව්වේය. ඒවා නම් පට්ටය. සමහර ලිපි තේරුනේ නැත්ත් රූප ටික නම් පංකාදු පහය. මාසෙකට එක බැගින් ආ ඒවා රජා එකතු කළේය. සමහර ඒවා මහ ගෙදර කාමරයකය. ටිකක් විතරක් මා සතුය. ඒ විතරක් නොවේය. උන්ගේ 10 වෙනි සංවත්සරේට අපිට තෑගිත් එව්වේය. ඒ වටිනා ඉටිපන්දමක්ය. ලයිට් ගිය දවස් වල කළුවරේ හිටියත් රජා ඒ පන්දම පත්තු කලේ නම් නැත. ඒ මතක සටහන මට ඒ තරමට වටිනා නිසාය.
මැගසින් සෙට් එක |
හම්බුන පන්දම |
ප/ලි:
ලංකාවේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් නැති එකේ රට එකකට ඇහැ යෙදවීම වටින්නේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
8 වසරේ සෞඛ්‍ය පොතේ 22 දෙවෙනි පිටුව අපි කට පාඩං කරේ 7 වසරේ ඉංගිරීසි විභාගේ දවසේ බං...
ReplyDeleteඑදා තමා 8 වසරට පොත් බෙදුවේ.....
අපේ උං විභාගේ බල්ලට දාලා පොත් කියෝනවා....
ජර්මන් කෙල්ලංට වඩා ඔස්ටේලියං කෙල්ලොනං එලය..
උං මිත්‍රසීලිය..
සුදුය...
හුරුබුහුටිය....
ලංකාවේ උං හරියන්නැති නිසාම තමා මං අනුෂ්කා එක්ක සැට් උනේ...
Deleteදැං ලංකාවේ උං ඒකටත් බාල්දිය පෙරලනවා..
මුං මහ කුහක ජාතියක් බං..
ලංකාවේ කෙල්ලෝ අපායටම පලයං!!!!!!!!!!!!!!!
හිටපිය, ඔය අන්තිම කෑල්ලට අල්ලගන්නම් බොලා ඔක්කමලව, කෙල්ලෝ ටික එකතු වෙලා ගහනවා 21 අප්‍රේල්... අම්මපා ගහනවා :/
Deleteඅන්න හරි මමත් එන්න බැරි උනත් කට්ටිය සෙට් කරල එවන්නම්... කොහොමත් තරියයි රජායි දෙන්නම ලංකවෙ කෙල්ලෙ එක්ක තරහයි වගේ.. රජාටත් පිලිපීන් උන් එහෙම චැට් කරනවලු ...
Deleteඅඩෝ තරියා.... කතාව ඇත්තය :)
Deleteශම්මියා... ඒවානම් හදේය
නදිනි අක්කා... එකෙන්ම!
අම්මට උඩු..මේං ශම්මියාට නහුතෙට තදවෙලා...!!!!!!!!!
Delete//ජර්මන් කෙල්ලංට වඩා ඔස්ටේලියං කෙල්ලොනං එලය..
Deleteඋං මිත්‍රසීලිය..
සුදුය...
හුරුබුහුටිය....//
තරියා ඇත්තම කියලා...:D
ලංකාවෙන් ඔස්ටේලියා ගිය අය ගැන නෙමේ මංහිතන්නේ කිව්වේ... ^_^
Deleteදන්න ටික තමයි ඉතිං .... හොඳම කෙල්ලෝ ඉන්නේ ග්‍රීන්ලන්තයේය ....අද්දැකීමෙන්ම ඒ බව දනිමි . ඔස්ට්‍රේල්යාවේ උන්ට වඩා උණ් හුරුබුහුටිය . ආකර්ශනියය , මන්මත්කරමන සුළුය ආදරේ හිතෙන්නේය
Delete^_^^_^^_^
යකෝ ග්‍රීන්ලන්තේ උන් ලස්සන උනාට උන් නිකන් ඒෆෝ කොලේ වගේ සුදුයිනේ බං. මට නං ඒ සුද සෙට් වෙන්නෑ! :))
Deleteඅනේ බොලාගේ ජර්මනි, ස්ටේටස් එක වැටෙද්දිම හිතුවා අද හරි තමයි කියලා :P අර පෝස්ට් කාර්ඩ් ටික ආයේ ටිකක් බලනවා සජා, ඒවයේ ඉන්නේ නරියොයි, හරකුයි, බොට ඒම නොකියා ඒම කියලා,
ReplyDeleteපෝස්ට් එක බලා ශම්මියාට ජෙල සෑදී ඇත................ හිකස්!!!
Deleteනිකන් දුන්න ඒවා හින්දා මම මොකුත් කිව්වේ නෑ ඉතින්!
Deleteකේන්දර... කට ඇරහන් ටොපියක් දාන්න :) :)
ඔය ජර්මන් කෑලි පට්ට උසයි... උඹට හොඳ ජපානෙන්...
ReplyDeleteඇයි කොරියා, මොන්ගෝලියා.. ;)
Deleteඇයි ජර්මන් මිටි කෑලි නැතෙයි? :)
Deleteජපන් කෙල්ලෝ? හම්මේ... ඉටියෙන් අඹලා වගේ!
හැක්ස් මමත් ඉස්සර ඔය ලෙටර් නෙට් එකේ එවුන්ට ලියුම් ලිව්වා බන්....මටත් ඉන්දුනිසියන් එකියක් ලියුමක් එව්වා..ඒකිගේ පොල් ගෙඩි වගේ අකුරු දැක්ක ගමන් මම ආයේ ඒකිට ලිව්වේ නෑ...හම්බුනු ඉටිපන්දම තාම තියනවා මගේ ලගත...
ReplyDeleteපව් යකෝ! :)
Deleteදාපන් 5ක්!
හරකා ගේ මූන නම් නියමය!
ReplyDeleteඇයි නරියා?
Deleteමමත් ලිවුව හැබැයි අතරින් පතර සිංහලෙන් ලියල යවනව අමාරු වචන... ලගක් වෙනකන් එවුව... ඇයි බන් උන් අපිට ඉටිපන්දම් එවන්නෙ .. උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ අපේ රටේ ලයිට් නෑ කියල... """ මට එවපු එක ලගදි ලයිට් නැතුව පාවිච්චියට ගත්ත""
ReplyDeleteඅම්මපා මටත් හිතුනේ ඕකමයි බං :)
DeleteThis comment has been removed by the author.
Deleteවීයා හොරා..... කොමෙන්ට් මකනවා! :)
Deleteමමත් ලිව්වා ඉස්සර ඒ ගෑණු ලමයා නම් මැලේසියාවෙ එක්කෙනෙක්, මටත් හම්බ උනා ඔය වගේ පෝස්ට් කාඩ්. අපේ නංගිට නම් ලිව්වෙ ඇමරිකාවෙ හිගන්නෙක් වගේ එකෙක්. එයා සෑහෙන්න උඩ ගිහින් හිටියෙ හිගන්න හරි ඇමරිකාවෙන්නෙ කියල
ReplyDeleteඒක නෙමේ රජෝ මොකද අර ගෑනු ලමය ඔයාට සත්තු ඉන්න ඒවම එවල තියෙන්නෙ?
ඇත්තනේ ඉතින්... හිගන්නා උනත් ඇමරිකාවෙනේ :)
Deleteඅනේ මන්දා අප්පා...
කෙල්ල එවපු පොස්ට් කාඩ් වල තියෙන්නේ කෙල්ලගේ ෆොටෝවක් ද ? උඹේ ෆොටෝවක් ද?
ReplyDeleteමම හිතන්නේ ඒකි ගෙදර ඇති කරන උන් බං :)
Deleteඋඹ ගාව තියෙන මැගසින් වලින් තුනක් දැනට මගේ මේසය යට ඇත. ඔය පිස්සුය අපිටත් තිබුනේය. කීවත් වගේ සමහර වුන් ගෑස්ය.
ReplyDeleteමොනා වුනත් උඹට දෙවනි කෙල්ල උඹේම පොටෝ එවා ඇත...සතුටු වෙයන්
හිකිස්... උඹලගේ ඇස් වලට වැලි ගහලා කවුරුහරි!
Deleteඒකි උඹට එවලා තියෙන්නේ සත්තුමනේ බං! ඒ මොකෝ??උඹට හැබැයි හරියන එකම එවලා! ඉටිපන්දමක්!
ReplyDeleteහැකස්... මම කිව්වා කියලා හිතාගන් හිවලා!
Deleteදෙවෙනියට හම්බවිච්ච කෙල්ලනං පශුවෛද්‍ය එකක වැඩකරන එකියක්ද කොහෙද.
ReplyDeleteසිරාවටම :)
Deleteදැන් ඔය කෙල්ලො හොයාදෙන වැඩසටහන උන් නතර කොරලද බන්...මටත් එකක් මෙහෙන් බැරිනම් එහෙන් හරි හොයාගන්න විස්තර දීපන්කො...
ReplyDeleteඅයියෝ... අපේ නසීයා :)
Deleteගූගල් කරලා බලන්න... විස්තරේ එනවා!
කවුද බොල නසියා කියන්නෙ ?
Deleteදන්නෑ...
Deleteඅර දෙවැනි කෙල්ල සත්තුන්ගේ ෆොටෝස් ම එවපු එකේ යම්කිසි ගත යුත්තක් තියනවා නෙහ් ?
ReplyDeleteකියහන් බලන්න ගතයුත්ත?
Deleteitipandama kandada yako?
ReplyDeleteඋන්ගෙන් අහපන්!
Deleteඔය පිස්සුව අපිටත් බෝ වෙලා තිබ්බා.
ReplyDeleteමුලින් මුලින් ලියුම් ආවම රජ මගුල්. පස්සෙ පස්සෙ වෙන වෙන පිස්සු හැදිල ඔය පිස්සුව හොද වුනා.
පේනවා පේනවා! :) :)
Deleteඅඩේ අපිත් මේම හිටියට, ජර්මන්, ප්‍රංස, නවසීලන්ත, හවායි කෙල්ලන්ට ලියුං යැව්වෝය.. එක එක දේවලුත් හම්බ උනෝය. එහෙම බැලුවොත් රජෝ ලංකාවේ උන්ට වඩා උං හෙන හොදාය... කතාව නං පට්ටය.. රජා වල්ය.. පොඩි කාලේ සිටම...
ReplyDeleteහා මේකෙ මම කොහෙද වල් කියහන්...
Deleteමම වචනයක් ලිව්වත් උඹලට වල්නේ බං.. ;)
හෙහ්... රජා බය වෙලා.. යකෝ රජවරු බය වෙනවැයි බොරුවටවත්...
Deleteහෙහ්... බය වෙන්නැද්ද මේම කියද්දි ^_^
Deleteඅපේ කාලේ සෙට් කර ගත්තේ සිත්තර පත්තරේ සතුට පත්තරේ උන්න කෑලී..
ReplyDeleteඔය අහුවෙන්නේ... :)
Deleteරට කෙල්ලෝ නම් අපිට සුම්මාය ..පාරේ යද්දිත් ජර්මන් ,ස්විස් ,ඉටලි,ෆ්‍රාන්ස්,ජපන්,චයිනා,(තව ඇත)කෙල්ලෝ ඇඟේ හැපී විසිවේ
ReplyDeleteමට පෙන්නේ රජා ජර්මන් කෙල්ලට සිරා ලව් වාගේ තාම බුකියෙනුත් හොයන්නේ එකනේ ..සුබ වේවා රජාට මේ
කෙල්ලව හොයාගන්න ලැබේවා ..:D
ෂෙහ්.. අපිට නෑනේ ඕම චෑන්ස් :)
Deleteඅර කාඩ් ටික නම් මරු.
ReplyDeleteඔව් ඈ!
Deleteඋඹනම් ලොවෙත් නැති රජෙක් බං..මමත් මේ දවස්වල උස්බැකිස්තානි කෙල්ලෙක්ට ටෝක් කරනවා. හරි ගියොත් කියන්නම්කො
ReplyDeleteනෑ.......... බලුකිස්ථානෙනුත් එකෙක් බලහන්! :)
Deleteරජාටම ගැලපෙන ෆොටෝ ටික. ඒ සෙට් එකෙත් තුන වෙනියට තියෙන එක නම් පට්ට මැචින් නේ බං..
ReplyDeleteමැචින් මැචින්... අනේ මගෙ කට! :)
Deleteඕකත් ඉංගිරිස් පොලිෂ් කරගන්න කියාපු බෙහෙතක්.
ReplyDeleteඑකෙන්ම!
Deleteඉංග්ලිෂ් පොලිෂ් කරගන්න කියලා ගෙදට්ට කියලා තමයි ඔය ලියුම් යවන්න සල්ලි ඉල්ලගන්නේ.. නැද්ද රජෝ... හි හි....
Delete=)) නැතුව!
Deleteකාලයක් මටද ඔය උණය තිබුණේය.ඉස්කෝලේ ප්‍රින්සිපල් සිස්ටර්ගේ උවමනාව මත ඉංගිරිසි මීඩියම් මමද කලෙමි .එමෙන්ම හොද හැටි අනා ගතිමි ,එහෙත් හොද මිතුරු කැලක් ලැබුණි. මා හට ඉංගිරිසි බැරි බව හැබෑය .පාරම්පරික කතෝලික මිතුරන් ඇසුරු කිරීමෙන් ලද ඉංගිරිසි දැනුම ඇති මහත්ය.මිතුරියන්ගේ ලේටර්නෙට් ලියුම් අපිද කියවීමු.පසු කලක මමද ඇප්ලයි කලෙමි එහෙත් එය එක ලිපියකින් සිඉම විය . රජාද ලෙටෙර්නෙට්ටෙක් වීම ගැන සතුටු වෙමි .ජය ශ්‍රී
ReplyDeleteහහ්හහා.... මෙන්න තවත් සාමාජිකයෙක්! :)
Deleteමමනං විභාගෙකට ඇර ලියුමක් ලියලා නෑ බොල.ලිඛිත සාක්ෂි තියන්ඩ හොඳ නෑනෙව.
ReplyDeleteඇත්ත හැබැයි කතාව! :)
Deleteඒ කාලේ එතකොට අපි හැමෝටම ඔය පිස්සුව තිබිලා තියනවා එහෙමනම්... මාක් අයියා මුණු පොත හැදුවේ නැත්නම් තාමත් ඕක අපි කර කර ඉදිවී නේද?
ReplyDeleteසිරාවටම සත්තු විතරක් මොකද බන්
අනිවා... එහෙනම් මරු මරු සීන් ටිකක් බලාගන්න තිබ්බා :)
Deleteරජ පරපුර පිටරටට දෙන්නද හදන්නෙ
ReplyDeleteකියන්න බෑ!
Deleteජර්මන් කාරයෝ නේද බං ඉස්සරහ තියන ඒවා පස්සට ගන්නේ. ෆොක්ස් වැගන් එහෙම.. ඔවුවෝ හිට්ලර්ගේ නෑයෝද දන්නෙත් නෑ.. කෝකටත් ආයේ ඇයි හොඳයි තියා ගන්නවා නං පරිස්සමින් ඈ.. :)
ReplyDeleteහෑ....?
Deleteබය හිතෙන කතානං කියන්න එපා ඈ! :)
මූ ඔය ටික ඉස්කොලෙ අරන් ඇවිත් රඟපු රැඟිල්ල ගැන තව පොස්ට් එකක් ලියන්න පුලුවන් මයෙ හිතේ
ReplyDeleteහික්... ඒක උඹ ලියහන් බලන්න. මට මතක නෑ :)
Deleteඅපිට පෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලවත් නැහැ බන්.අපේ ඉස්කෝලේ ඔහොම සීන් එකක් තිබ්බේ නැහැනේ?.අනේ මන්දා මට හැමෝගෙන්ම කුඩම්මාගේ සැලකිලි බන් :)
ReplyDeleteඅඩෝ.. ගනන් ගන්න එපා පොඩි එකෝ! :)
Deleteදිගටම කොරන් ගියානම් රජා...දැන් ජර්මන් ඈ..!
ReplyDeleteඑකෙන්ම... එහෙනං මෙහෙම දුකක් නෑ!
Deleteඔහ්..ඔය ඉටිපන්දම මා ලඟත් තිබුණා ඉස්සර .. මම නම් ඒක පත්තුකලා ලයිට් ගිය දවසක :D ඇයි ඔය ඉටිපන්දමත් එක්ක කොල කීපයක කේක් රෙසිපි පොතකුත් එවල තිබ්බා නේද? :D කොහොමත් ලෙට්ටෙර් නෙට් එකෙන් හොයලා දෙන්නේ ජර්මන් යාළුවෝ විතරයිනේ...
ReplyDeleteතිබ්බා නේන්නං... මම ඒක දැම්මේ නෑ...
Deleteමගෙ චරිතෙට හොද නෑනේ ^_^
කොල්ලෝ අර පෝස්ට් කාඩ් වල තුන්වෙනි එක නම් උඹ යවපු ෆොටෝ එකකින් හදපු එකක් වගේ . . :D
ReplyDeleteහෙහ්... ඔන්න ඔන්න ඉතින් :)
Deleteඅනේ අම්මපා....
ReplyDeleteඇයි බොලං?
DeleteIssara witharak nemei mama grade 8 Waladith ape panthie un okkotoma e padama kata padamin kiyanna puluwan..
ReplyDeleteඑකෙන්ම.... තවත් මතකයිද මන්දා බං :)
Deleteවයසට කළ වැඩ නම් පුංචි නැ රජෝ..........
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මම දැන් ලොකු මිනිහෙක්! :)
Deleteඅඩේ මට ඇඬුණි
ReplyDeleteපෙන් ප්‍රෙන්ඩලා ඇති කරගන්න මං තරං කටු කාපු එකෙක් තවත් ඉන්නට බැරිය අවුරුදු මාස ගනන් බලාගෙන හිටි හැටි මතක් වී ඉරිසියාවට තව ඩිංගෙන් මාව පුපුරනවාය
ආයෙ ට්‍රයි කොරන්ඩ හිතෙනවා අප්පා ඔහොම ඒත් ඉතින් බුකිය තියෙද්දි ලියුම් එවයිද කියලා සැකයිය
මම ලෙටර් නෙට් සයිට් එකට පැන්නේ පෝස්ටුවේ මුල් වචන ටික කියවද්දිමය
එල පෝස්ටුව ඈ
අපේ ඉස්කෝලේ ඒ පාඩම මග ඇරියා බොලව් දුකේ බෑ
අඩෝ මට හම්බුනා ගින්දර කෙල්ලක් බං..
Deleteමොනවද බෝල අර එකී එවපු ලියුම් වල පැල්ලම් හිටලා තියෙන්නේ ඈ උබ $#@*@@ ද නරිය
ReplyDeleteපල යන්න හිපාටුවා... උඹලා මාව නරක් කරනවා!
Deleteමටත් ඉස්කෝලෙ යන කාලේ ඔය පිස්සුව තිබුනා..ඒත් ඉතිං උන් සිංහල දන්න එකක්යෑ.ලියුම ලියලා මිස්ට ගිහින් ට්‍රන්සර් කර ගෙන පෝස් කරන එක එපා වෙන සීන් එකක්.මම ඒ නිසා ඒ පැනෙ මිතුරු අත ඇරලා දැම්මා...
ReplyDeleteහාපෝ....කම්මැලි බට්ටෙක් :)
Deleteමාත් ඔය විජ්ජාව කාලයක් කරේය.. එහෙත් මේ වෙනතුරුත් යැවූ එක ලිව්මකටවත් රිප්ලයි ආවේ නැත..
ReplyDeleteඋඹලා පව්කාරයෝ... ඒකයි :)
Deleteඅර පින්තූරෙ කුකුළෙකුයි හරකෙකුයි ඉන්නවත් පේනව නරියට අමතරව... රජා ලියල යවපුව අනුව ද දන්නෙ නෑ ගෑණු ළමය පෝස්ට් කාඩ් එව්වෙ...
ReplyDeleteමටත් හතේ අටේ පන්තිවලදි හිටිය ජර්මන් පෙන් පෑල් කොළුවෙක්... ගුරුවරයෙක්... උසම උසයි... නංගිලා කිව්වෙ අක්කගෙ කොකටුවා කියල... පොර ලෝකෙ වටේ ඇවිදින එකෙක්... ඒ හැම සංචාරයකම ෆොටෝස් හෙන තොගයක් එව්වා... මං හරියට මං ඇවිදපු තැන්වල එව්ව වගෙ ඇල්බම් පිරෙව්වා ඒවා දාල... අන්තිමට පොර ලංකාවට එන්න ලැහැස්ති වෙනකොට මං ලියන එක නැවැත්තුව... හික්ස්... ඉංග්‍රීසි කතා කොරන්න බෑනෙ ලිව්වට...
හාපෝ....මූණ බලාගෙන කිව්ව කතාව! :)
Deleteඅපරාදේ... මිනිහා ආවානම් මෙයා අද ජරමනියේ! ^_^
ඇයි කෑලි කිව්වේ..බෝම්බෙකටවත් අහු වෙලාද?
ReplyDeleteකෑලි කිව්වේ ඉස්සර... හෙන පොඩීනේ... දැන් නම් ඇති බුරුත කද වගේ :)
Deleteමටත් හිටියා මේ වගේ කිහිප දෙනෙක්.එත් පැනෙන් නෙවෙයි ලිවුවේ.
ReplyDeleteඋඩින් ඉන්න ගොඩක් දෙනෙක් උඹට හරකා කියල තියෙන නිසා මම එහෙම කියන්නේ නැහැ.
එහෙනං මොකෙන්ද ලිව්වේ? හෆ්ෆා... :)
Deleteරජාට කැතරින් ද අහිමි උනේ ය, අනීටා ද අහිමි උනේ ය. අන්තිමට ලංකාවෙ කෙල්ලෙක්ම හිමි වේය. ඒක මතක තබාගත යුතු ය... :D :D
ReplyDeleteහෙහ්... බලමු බලමු :)
Deleteඅර කාඩ් ටික නම් මරුය. ඒ දැරිවි රජාව ඉන්තේරුවටම හදුනා ගෙන ඇති බැව් පෙනේ..... :p
ReplyDeleteඔළුගෙඩිය :))
Deleteඅර පෝස් කාඩ් වල හිටියේ කෙල්ලද බං
ReplyDeleteඇයි අවුල්ද? :))
Deleteletternet එකට පිස්සු වැටිල උඔ කරපු හැම දෙයක්ම මමත් කලා රජෝ....සුපිරි සුන්දර මතකයක්...... :)
ReplyDeleteදැන් එන්නේ නෑ නේද lettenet mag එක.... :'(
දැන් එන්නෑ බං :((
Deleteමායි අපේ පන්තියේ යාළුවොයි 6 වසරේදී ඔය වගේ වැඩ කළා :D හැබයි අපි ලියුම් වලට reply කරන්න ගියේ නෑ වැඩිය. එන ඒවා බල බල හීනා වේවි උන්නා.. මට මතකයි අපේ පුංචිත් ඒ කාලේ පකිස්තාන් girl කෙනෙක්ටද කොහෙද ලිය ලිය උන්නා කියලා.. :v හැබයි එතින් එයා ලංකාවට එන්න අහපු ගමන් මෙයාල උත්තර ලියන එක නවත්තලා :D ඒ උනාට දැන් කාලේ ඉන්න ළමයි නම් ඕවා කරන්න හිතන්නෙවත් නැතිව ඇති..
ReplyDeleteපව් අප්පා... ගෙන්න ගන්නනනේ තිබ්බේ :))
Deleteමටත් හිටියා ජර්මනියේ කෙල්ලෙක් :D
ReplyDeleteහැබැයි ඒකී නම් මව තාම මාව අමතක කරලා නෑ. ඉදල හිටලා ෆෝන් එකට SMS එකකුත් දානවා. කොහොම උනත් fb අව් පස්සේ ලියුම් ලිව්වේ නැති උනාට fb නිසාම කෙල්ලව තව සෙට් උනා
ලොවෙත් නේ :)
Delete