Monday, February 18, 2013

මේම හිටියට අපි ජර්මන් කෑලි ටෝක් කරපු කොල්ලෝ හරිය..


සාමාන්‍යයෙන් ටීන් ටීන් ගාන අවුරුදු වල හෙවත් නව යෞවන වියේදී අපිට එක එකාකාර වූ ආසාවන් ඇති වෙන්නේය. රජ උනත් මටත් එසේමය. සමහර ඒවා නම් වැලදුනොත් වැලදුනාමය. 7 වසරේදී හැදුන රෙස්ලින් පිස්සුව මට තාමත් සුව වී නැත. එදා මෙදා  කාලය තුල කිසිදු එපිසෝඩ් එකක් මට මිස් වී නැත. මිස් උනත් ඔන්ලයින් හෝ බලනවාමය. ඊට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ඉස්කෝලේ ඉස්සරහ රෙස්ලින් කාඩ් විකුණූ අන්කල් කාරයාය. 

ඒ වන විට අපි සිටියේ 9 වසරේය. සෞඛ්‍ය පොතට අනුව අනාවැකි පවසා තිබු සියලු විපර්යාස සිදුවෙමින් පැවතින. ඇත්තම කියතොත් ඉස්සර අපේ උන්ට අකුරක් නෑර පාඩම්ව තිබු එකම පාඩම ලිංගිකත්වය හා ප්‍රජනනය ය. ඉස්සර ඔය පාඩම යද්දී එකෙක් හුම්...සද්ද නැත. පාඩමේ ගිලී කරවටක් බැසගෙන සවන් දීගෙන සිටින්නේය. පන්තියේ කෙල්ලොත් නැති එකේ සර්කාරයා ලෙසටම කියා දෙන්නේය. අවශ්‍යනම් රූප සටහන් පවා බෝඩ් එකේ මතුවෙන්නේය. පසු පස කලාපයේ සිට තනි ඇහෙන් අඩමින් අපි ඒවා දෙස බල සිටින්නෙමු. දැන් කතාව වෙන පැත්තකට ඇදෙන්න යන්නේය. බල්ලා ගැන කියන්න ගිහින් බලු මැක්කා ගැන කිව්වා වගේ සීන් එකක් වෙන්නට පෙර වහාම මාරු විය යුතුය. 

ජර්මනියෙන් කෙල්ලෙක් දාගෙන උන්ට ලියුම් යවන්න හෙවත් පෑනේ මිතුරියක් දාගන්න එක ඉස්සර  ස්ටයිල් ඒක්කය. මේ පිස්සුව ඉස්කෝලෙට ගෙන ඒමේ සම්පුර්ණ වගකීම බර ගත යුත්තේ ඉන්ග්ලිෂ් මීඩියම් ක්ලාස් එකේ උන්ය. කොහෙන්දෝ මන්ද ඇප්ලිකේෂන් එකක් රජාටත් ලැබුණි. ඌටත් ඕනේ කුණුගොඩක් මසුරන්ය.  පුරෝලා දැම්මෙමි. හැබැයි මට ඕනේ කෙල්ලෝ විතරමයි කියා Female එකට ටික් එකකුත් කළු පෑනෙන්ම දැම්මෙමි. සතියක් විතර ගතවිය. ජර්මනියෙන් ලියුමක් ආවේය. හානේ.... මෙන්න අපි ඔයාට කෙල්ලෙක් හොයා ගත්තා යයි එහි සටහන්ව තිබුණි. එයාගේ ඇඩ්‍රස් එකත් එහි තිබුනේය. 

ඇඩ්‍රස් මැකුවා... පව්නේ නැත්නම්

ලියුම ආපු දවසෙම  මම ලියුමක් ලීවෙමි. මා දයාබර කැතරින්....ඔයා කන්න කැමති මොනවද? ඔයා  අදින්නේ මොනවද? ඕවද මේවද ලොවෙත් නැති සිගිති ප්‍රශ්න පෝලිමය. ලියුම ජර්මනියට යවන්න රුපියල් පනහක්ද කොහෙද මුද්දර ගාස්තු ගෙවන්න උනේය. ඉස්සර පනහ කියන්නේ හෙන ගානක්ය. මම එච්චර ඉස්කොලේවත් ගෙනිච්චේ නැද්ද කොහෙදය. ටික දවසකින් ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. රජා දැන් උඩ පාවෙන්නේය. ඇවිදින්නෙත් පොලවට සමාන්තර වෙනම ගමන් පථයක් දිගේය.  වෑන් එකේ කෙල්ලන්ටත් මේක පෙන්නන්නේය.

උඹලට තමා අපිත් එක්ක කතා කරන්න බැරි....බලනවා....අපි දැන් රට කෙල්ලොත් එක්ක ආස්සරේ.... 

ඕක මූණ ළඟටම කරලා පෙන්නුවම උන්ටත් හෙනම ජෙල උපදින්නේය. ඇදලා අරන් බලල ඉවරවෙලා එක එක ප්‍රශ්න අහන්නේය.

කොහොමද අනේ හම්බුනේ?????

රජත්  කොලර් එක එහෙම හදාගෙන උත්තර දෙන්නේය. ඒ මගින් වෑන් එකටත් උණ බෝ කිරීමට මංතුමා සමත් උනේය. දැන් කෙල්ලෝ ටික කොල්ලෝ සෙට් කරගෙනය. ලොවෙත් නැත. ජර්මනියෙන් ආපු කහ පාට ලියුම් වලින් වෑන් එක කහගැහිලාය. 

කැතරින් එක්ක ලියුම් දෙක තුනක් හුවමාරු උනේය. රජාට මේ ලලනාවගේ මූණ බැලීමේ ආශාවක් ඇති උනේය. මම පොටෝ එකක් ඉල්ලා ලියුමක් යැව්වෙමි. එදා ඉඳන් මේ වනතුරුත් මට එයාගෙන් පිළිතුරු ලිපියක් නොලැබුණි. රට කෙල්ලෝ උනත් ලංකාවේ උන්ට හපන් බව මම එදා තේරුම් ගත්තෙමි.

මම සැහෙන කල් මග බල සිටියෙමි. බැරිම තැන මම LetterNet එකට ලියුමක් ලිව්වෙමි. 

අර උඹලා මට කලින් හොයල දුන්න ගෑනි...ඒකි දැන් මට ලියුම් එවන්නේ නෑ.. මට වෙන ගෑනියෙක් හොයල දියව්!! 

වචන වල සැරටමද මන්දා සතියක් යන්නත් කලින් පිළිතුරු ලිපියක් ආවේය. එයාගේ නම ඇනීටා ය. ඇයත් සමග මම අවුරුද්දකටත් වැඩි කාලයක් ලියුම් හුවමාරු කර ගත්තෙමි. ඇය මට පොස්ට්කාඩ් පවා එව්වාය. නමුත් මම ඇයට කිසිම දෙයක් යැව්වේ නැත. ඒ කලින් කෙල්ල මට පොල්ල තිබ්බ නිසාය. නමුත් මේ කෙල්ල හෙන හොඳට මාත් එක්ක ලියුම් ලියා  ගත්තේය. මට පොටෝ පවා එව්වාය. ඇය එතරම්ම ලස්සන නැත. කැතත් නැත. රජා මේ කෙල්ලගේ පොටෝ එකක් පර්ස් එකේ පවා දාගෙන හිටියේය. ඒ වෑන් එකේ කෙල්ලන්ට පෙන්නන්නය. රජා වන එකේ කෙල්ලෙක්ට ට්‍රයි කල බව වැඩි දෙනෙක් දන්නේ නැත. මේකත් සමග ඒ මතකයත් අවදි උනේය. ඒ ගැන පසුවටය.


පෝස්ට් කාඩ්

කාලයත් සමග සාමාන්‍ය පෙල කරන කාලෙට රජා එළබියේය. මම ඇයට එය පවසා තිබුනේය. අපේ සම්බන්ධය නවත්වන්න දැන් කලේ හරිය. මම හැඩූ කදුලෙන් ඇයට පවසා යැව්වෙමි. කදුලු බින්දු ලියුම හැමතැනමය. (බොරු ඈ) එසේ ඒ කෑල්ලත් මා අතහැර ගියේය. නැත.... මා ඒ කෑල්ල අතහැරියේය. බුකියට පැමිණි පසු මම ඇයව හෙව්වෙමි. නමුත් තාමත් හොයා ගන්න බැරි උනේය. රජා තාමත් ඇයව සොයන්නේය. ඇය එවූ ලියුම් වල සුවද තාමත් ඒ ලියුම වල තියෙන්නේය. ඇගේ සුවද තාමත් රජා විදින්නේය. 

ලියුම් ලිව්වේ නැතත් ලේටර්නෙට් එකේ උන් මැගසින් එව්වේය. ඒවා නම් පට්ටය. සමහර ලිපි තේරුනේ නැත්ත් රූප ටික නම් පංකාදු පහය. මාසෙකට එක බැගින් ආ ඒවා රජා එකතු කළේය. සමහර ඒවා මහ ගෙදර කාමරයකය. ටිකක් විතරක් මා සතුය. ඒ විතරක් නොවේය. උන්ගේ 10 වෙනි සංවත්සරේට අපිට තෑගිත් එව්වේය. ඒ වටිනා ඉටිපන්දමක්ය. ලයිට් ගිය දවස් වල කළුවරේ හිටියත් රජා ඒ පන්දම පත්තු කලේ නම් නැත. ඒ මතක සටහන මට ඒ තරමට වටිනා නිසාය.

මැගසින් සෙට් එක

හම්බුන පන්දම

ප/ලි:

ලංකාවේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් නැති එකේ රට එකකට ඇහැ යෙදවීම වටින්නේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

114 comments:

  1. 8 වසරේ සෞඛ්‍ය පොතේ 22 දෙවෙනි පිටුව අපි කට පාඩං කරේ 7 වසරේ ඉංගිරීසි විභාගේ දවසේ බං...
    එදා තමා 8 වසරට පොත් බෙදුවේ.....
    අපේ උං විභාගේ බල්ලට දාලා පොත් කියෝනවා....

    ජර්මන් කෙල්ලංට වඩා ඔස්ටේලියං කෙල්ලොනං එලය..
    උං මිත්‍රසීලිය..
    සුදුය...
    හුරුබුහුටිය....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උං හරියන්නැති නිසාම තමා මං අනුෂ්කා එක්ක සැට් උනේ...
      දැං ලංකාවේ උං ඒකටත් බාල්දිය පෙරලනවා..
      මුං මහ කුහක ජාතියක් බං..
      ලංකාවේ කෙල්ලෝ අපායටම පලයං!!!!!!!!!!!!!!!

      Delete
    2. හිටපිය, ඔය අන්තිම කෑල්ලට අල්ලගන්නම් බොලා ඔක්කමලව, කෙල්ලෝ ටික එකතු වෙලා ගහනවා 21 අප්‍රේල්... අම්මපා ගහනවා :/

      Delete
    3. අන්න හරි මමත් එන්න බැරි උනත් කට්ටිය සෙට් කරල එවන්නම්... කොහොමත් තරියයි රජායි දෙන්නම ලංකවෙ කෙල්ලෙ එක්ක තරහයි වගේ.. රජාටත් පිලිපීන් උන් එහෙම චැට් කරනවලු ...

      Delete
    4. අඩෝ තරියා.... කතාව ඇත්තය :)

      ශම්මියා... ඒවානම් හදේය

      නදිනි අක්කා... එකෙන්ම!

      Delete
    5. අම්මට උඩු..මේං ශම්මියාට නහුතෙට තදවෙලා...!!!!!!!!!

      Delete
    6. //ජර්මන් කෙල්ලංට වඩා ඔස්ටේලියං කෙල්ලොනං එලය..
      උං මිත්‍රසීලිය..
      සුදුය...
      හුරුබුහුටිය....//

      තරියා ඇත්තම කියලා...:D

      Delete
    7. ලංකාවෙන් ඔස්ටේලියා ගිය අය ගැන නෙමේ මංහිතන්නේ කිව්වේ... ^_^

      Delete
    8. දන්න ටික තමයි ඉතිං .... හොඳම කෙල්ලෝ ඉන්නේ ග්‍රීන්ලන්තයේය ....අද්දැකීමෙන්ම ඒ බව දනිමි . ඔස්ට්‍රේල්යාවේ උන්ට වඩා උණ් හුරුබුහුටිය . ආකර්ශනියය , මන්මත්කරමන සුළුය ආදරේ හිතෙන්නේය
      ^_^^_^^_^

      Delete
    9. යකෝ ග්‍රීන්ලන්තේ උන් ලස්සන උනාට උන් නිකන් ඒෆෝ කොලේ වගේ සුදුයිනේ බං. මට නං ඒ සුද සෙට් වෙන්නෑ! :))

      Delete
  2. අනේ බොලාගේ ජර්මනි, ස්ටේටස් එක වැටෙද්දිම හිතුවා අද හරි තමයි කියලා :P අර පෝස්ට් කාර්ඩ් ටික ආයේ ටිකක් බලනවා සජා, ඒවයේ ඉන්නේ නරියොයි, හරකුයි, බොට ඒම නොකියා ඒම කියලා,

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක බලා ශම්මියාට ජෙල සෑදී ඇත................ හිකස්!!!

      Delete
    2. නිකන් දුන්න ඒවා හින්දා මම මොකුත් කිව්වේ නෑ ඉතින්!

      කේන්දර... කට ඇරහන් ටොපියක් දාන්න :) :)

      Delete
  3. ඔය ජර්මන් කෑලි පට්ට උසයි... උඹට හොඳ ජපානෙන්...

    ReplyDelete
    Replies
    1. ඇයි කොරියා, මොන්ගෝලියා.. ;)

      Delete
    2. ඇයි ජර්මන් මිටි කෑලි නැතෙයි? :)

      ජපන් කෙල්ලෝ? හම්මේ... ඉටියෙන් අඹලා වගේ!

      Delete
  4. හැක්ස් මමත් ඉස්සර ඔය ලෙටර් නෙට් එකේ එවුන්ට ලියුම් ලිව්වා බන්....මටත් ඉන්දුනිසියන් එකියක් ලියුමක් එව්වා..ඒකිගේ පොල් ගෙඩි වගේ අකුරු දැක්ක ගමන් මම ආයේ ඒකිට ලිව්වේ නෑ...හම්බුනු ඉටිපන්දම තාම තියනවා මගේ ලගත...

    ReplyDelete
    Replies
    1. පව් යකෝ! :)

      දාපන් 5ක්!

      Delete
  5. හරකා ගේ මූන නම් නියමය!

    ReplyDelete
  6. මමත් ලිවුව හැබැයි අතරින් පතර සිංහලෙන් ලියල යවනව අමාරු වචන... ලගක් වෙනකන් එවුව... ඇයි බන් උන් අපිට ඉටිපන්දම් එවන්නෙ .. උන් හිතන් ඉන්නවද දන්නෙ නෑ අපේ රටේ ලයිට් නෑ කියල... """ මට එවපු එක ලගදි ලයිට් නැතුව පාවිච්චියට ගත්ත""

    ReplyDelete
    Replies
    1. අම්මපා මටත් හිතුනේ ඕකමයි බං :)

      Delete
    2. වීයා හොරා..... කොමෙන්ට් මකනවා! :)

      Delete
  7. මමත් ලිව්වා ඉස්සර ඒ ගෑණු ලමයා නම් මැලේසියාවෙ එක්කෙනෙක්, මටත් හම්බ උනා ඔය වගේ පෝස්ට් කාඩ්. අපේ නංගිට නම් ලිව්වෙ ඇමරිකාවෙ හිගන්නෙක් වගේ එකෙක්. එයා සෑහෙන්න උඩ ගිහින් හිටියෙ හිගන්න හරි ඇමරිකාවෙන්නෙ කියල
    ඒක නෙමේ රජෝ මොකද අර ගෑනු ලමය ඔයාට සත්තු ඉන්න ඒවම එවල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ ඉතින්... හිගන්නා උනත් ඇමරිකාවෙනේ :)

      අනේ මන්දා අප්පා...

      Delete
  8. කෙල්ල එවපු පොස්ට් කාඩ් වල තියෙන්නේ කෙල්ලගේ ෆොටෝවක් ද ? උඹේ ෆොටෝවක් ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒකි ගෙදර ඇති කරන උන් බං :)

      Delete
  9. උඹ ගාව තියෙන මැගසින් වලින් තුනක් දැනට මගේ මේසය යට ඇත. ඔය පිස්සුය අපිටත් තිබුනේය. කීවත් වගේ සමහර වුන් ගෑස්ය.
    මොනා වුනත් උඹට දෙවනි කෙල්ල උඹේම පොටෝ එවා ඇත...සතුටු වෙයන්

    ReplyDelete
    Replies
    1. හිකිස්... උඹලගේ ඇස් වලට වැලි ගහලා කවුරුහරි!

      Delete
  10. ඒකි උඹට එවලා තියෙන්නේ සත්තුමනේ බං! ඒ මොකෝ??උඹට හැබැයි හරියන එකම එවලා! ඉටිපන්දමක්!

    ReplyDelete
    Replies
    1. හැකස්... මම කිව්වා කියලා හිතාගන් හිවලා!

      Delete
  11. දෙවෙනියට හම්බවිච්ච කෙල්ලනං පශුවෛද්‍ය එකක වැඩකරන එකියක්ද කොහෙද.

    ReplyDelete
  12. දැන් ඔය කෙල්ලො හොයාදෙන වැඩසටහන උන් නතර කොරලද බන්...මටත් එකක් මෙහෙන් බැරිනම් එහෙන් හරි හොයාගන්න විස්තර දීපන්කො...

    ReplyDelete
    Replies
    1. අයියෝ... අපේ නසීයා :)

      ගූගල් කරලා බලන්න... විස්තරේ එනවා!

      Delete
    2. කවුද බොල නසියා කියන්නෙ ?

      Delete
  13. අර දෙවැනි කෙල්ල සත්තුන්ගේ ෆොටෝස් ම එවපු එකේ යම්කිසි ගත යුත්තක් තියනවා නෙහ් ?

    ReplyDelete
    Replies
    1. කියහන් බලන්න ගතයුත්ත?

      Delete
  14. ඔය පිස්සුව අපිටත් බෝ වෙලා තිබ්බා.
    මුලින් මුලින් ලියුම් ආවම රජ මගුල්. පස්සෙ පස්සෙ වෙන වෙන පිස්සු හැදිල ඔය පිස්සුව හොද වුනා.

    ReplyDelete
  15. අඩේ අපිත් මේම හිටියට, ජර්මන්, ප්‍රංස, නවසීලන්ත, හවායි කෙල්ලන්ට ලියුං යැව්වෝය.. එක එක දේවලුත් හම්බ උනෝය. එහෙම බැලුවොත් රජෝ ලංකාවේ උන්ට වඩා උං හෙන හොදාය... කතාව නං පට්ටය.. රජා වල්ය.. පොඩි කාලේ සිටම...

    ReplyDelete
    Replies
    1. හා මේකෙ මම කොහෙද වල් කියහන්...

      මම වචනයක් ලිව්වත් උඹලට වල්නේ බං.. ;)

      Delete
    2. හෙහ්... රජා බය වෙලා.. යකෝ රජවරු බය වෙනවැයි බොරුවටවත්...

      Delete
    3. හෙහ්... බය වෙන්නැද්ද මේම කියද්දි ^_^

      Delete
  16. අපේ කාලේ සෙට් කර ගත්තේ සිත්තර පත්තරේ සතුට පත්තරේ උන්න කෑලී..

    ReplyDelete
  17. රට කෙල්ලෝ නම් අපිට සුම්මාය ..පාරේ යද්දිත් ජර්මන් ,ස්විස් ,ඉටලි,ෆ්‍රාන්ස්,ජපන්,චයිනා,(තව ඇත)කෙල්ලෝ ඇඟේ හැපී විසිවේ
    මට පෙන්නේ රජා ජර්මන් කෙල්ලට සිරා ලව් වාගේ තාම බුකියෙනුත් හොයන්නේ එකනේ ..සුබ වේවා රජාට මේ
    කෙල්ලව හොයාගන්න ලැබේවා ..:D

    ReplyDelete
    Replies
    1. ෂෙහ්.. අපිට නෑනේ ඕම චෑන්ස් :)

      Delete
  18. අර කාඩ් ටික නම් මරු.

    ReplyDelete
  19. උඹනම් ලොවෙත් නැති රජෙක් බං..මමත් මේ දවස්වල උස්බැකිස්තානි කෙල්ලෙක්ට ටෝක් කරනවා. හරි ගියොත් කියන්නම්කො

    ReplyDelete
    Replies
    1. නෑ.......... බලුකිස්ථානෙනුත් එකෙක් බලහන්! :)

      Delete
  20. රජාටම ගැලපෙන ෆොටෝ ටික. ඒ සෙට් එකෙත් තුන වෙනියට තියෙන එක නම් පට්ට මැචින් නේ බං..

    ReplyDelete
    Replies
    1. මැචින් මැචින්... අනේ මගෙ කට! :)

      Delete
  21. ඕකත් ඉංගිරිස් පොලිෂ් කරගන්න කියාපු බෙහෙතක්.

    ReplyDelete
    Replies
    1. ඉංග්ලිෂ් පොලිෂ් කරගන්න කියලා ගෙදට්ට කියලා තමයි ඔය ලියුම් යවන්න සල්ලි ඉල්ලගන්නේ.. නැද්ද රජෝ... හි හි....

      Delete
  22. කාලයක් මටද ඔය උණය තිබුණේය.ඉස්කෝලේ ප්‍රින්සිපල් සිස්ටර්ගේ උවමනාව මත ඉංගිරිසි මීඩියම් මමද කලෙමි .එමෙන්ම හොද හැටි අනා ගතිමි ,එහෙත් හොද මිතුරු කැලක් ලැබුණි. මා හට ඉංගිරිසි බැරි බව හැබෑය .පාරම්පරික කතෝලික මිතුරන් ඇසුරු කිරීමෙන් ලද ඉංගිරිසි දැනුම ඇති මහත්ය.මිතුරියන්ගේ ලේටර්නෙට් ලියුම් අපිද කියවීමු.පසු කලක මමද ඇප්ලයි කලෙමි එහෙත් එය එක ලිපියකින් සිඉම විය . රජාද ලෙටෙර්නෙට්ටෙක් වීම ගැන සතුටු වෙමි .ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. හහ්හහා.... මෙන්න තවත් සාමාජිකයෙක්! :)

      Delete
  23. මමනං විභාගෙකට ඇර ලියුමක් ලියලා නෑ බොල.ලිඛිත සාක්ෂි තියන්ඩ හොඳ නෑනෙව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැබැයි කතාව! :)

      Delete
  24. ඒ කාලේ එතකොට අපි හැමෝටම ඔය පිස්සුව තිබිලා තියනවා එහෙමනම්... මාක් අයියා මුණු පොත හැදුවේ නැත්නම් තාමත් ඕක අපි කර කර ඉදිවී නේද?
    සිරාවටම සත්තු විතරක් මොකද බන්

    ReplyDelete
    Replies
    1. අනිවා... එහෙනම් මරු මරු සීන් ටිකක් බලාගන්න තිබ්බා :)

      Delete
  25. රජ පරපුර පිටරටට දෙන්නද හදන්නෙ

    ReplyDelete
  26. ජර්මන් කාරයෝ නේද බං ඉස්සරහ තියන ඒවා පස්සට ගන්නේ. ෆොක්ස් වැගන් එහෙම.. ඔවුවෝ හිට්ලර්ගේ නෑයෝද දන්නෙත් නෑ.. කෝකටත් ආයේ ඇයි හොඳයි තියා ගන්නවා නං පරිස්සමින් ඈ.. :)

    ReplyDelete
    Replies
    1. හෑ....?

      බය හිතෙන කතානං කියන්න එපා ඈ! :)

      Delete
  27. මූ ඔය ටික ඉස්කොලෙ අරන් ඇවිත් රඟපු රැඟිල්ල ගැන තව පොස්ට් එකක් ලියන්න පුලුවන් මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. හික්... ඒක උඹ ලියහන් බලන්න. මට මතක නෑ :)

      Delete
  28. අපිට පෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලවත් නැහැ බන්.අපේ ඉස්කෝලේ ඔහොම සීන් එකක් තිබ්බේ නැහැනේ?.අනේ මන්දා මට හැමෝගෙන්ම කුඩම්මාගේ සැලකිලි බන් :)

    ReplyDelete
    Replies
    1. අඩෝ.. ගනන් ගන්න එපා පොඩි එකෝ! :)

      Delete
  29. දිගටම කොරන් ගියානම් රජා...දැන් ජර්මන් ඈ..!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... එහෙනං මෙහෙම දුකක් නෑ!

      Delete
  30. ඔහ්..ඔය ඉටිපන්දම මා ලඟත් තිබුණා ඉස්සර .. මම නම් ඒක පත්තුකලා ලයිට් ගිය දවසක :D ඇයි ඔය ඉටිපන්දමත් එක්ක කොල කීපයක කේක් රෙසිපි පොතකුත් එවල තිබ්බා නේද? :D කොහොමත් ලෙට්ටෙර් නෙට් එකෙන් හොයලා දෙන්නේ ජර්මන් යාළුවෝ විතරයිනේ...

    ReplyDelete
    Replies
    1. තිබ්බා නේන්නං... මම ඒක දැම්මේ නෑ...

      මගෙ චරිතෙට හොද නෑනේ ^_^

      Delete
  31. කොල්ලෝ අර පෝස්ට් කාඩ් වල තුන්වෙනි එක නම් උඹ යවපු ෆොටෝ එකකින් හදපු එකක් වගේ . . :D

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඔන්න ඔන්න ඉතින් :)

      Delete
  32. Issara witharak nemei mama grade 8 Waladith ape panthie un okkotoma e padama kata padamin kiyanna puluwan..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... තවත් මතකයිද මන්දා බං :)

      Delete
  33. Replies
    1. මම දැන් ලොකු මිනිහෙක්! :)

      Delete
  34. අඩේ මට ඇඬුණි

    පෙන් ප්‍රෙන්ඩලා ඇති කරගන්න මං තරං කටු කාපු එකෙක් තවත් ඉන්නට බැරිය අවුරුදු මාස ගනන් බලාගෙන හිටි හැටි මතක් වී ඉරිසියාවට තව ඩිංගෙන් මාව පුපුරනවාය

    ආයෙ ට්‍රයි කොරන්ඩ හිතෙනවා අප්පා ඔහොම ඒත් ඉතින් බුකිය තියෙද්දි ලියුම් එවයිද කියලා සැකයිය

    මම ලෙටර් නෙට් සයිට් එකට පැන්නේ පෝස්ටුවේ මුල් වචන ටික කියවද්දිමය

    එල පෝස්ටුව ඈ

    අපේ ඉස්කෝලේ ඒ පාඩම මග ඇරියා බොලව් දුකේ බෑ

    ReplyDelete
    Replies
    1. අඩෝ මට හම්බුනා ගින්දර කෙල්ලක් බං..

      Delete
  35. මොනවද බෝල අර එකී එවපු ලියුම් වල පැල්ලම් හිටලා තියෙන්නේ ඈ උබ $#@*@@ ද නරිය

    ReplyDelete
    Replies
    1. පල යන්න හිපාටුවා... උඹලා මාව නරක් කරනවා!

      Delete
  36. මටත් ඉස්කෝලෙ යන කාලේ ඔය පිස්සුව තිබුනා..ඒත් ඉතිං උන් සිංහල දන්න එකක්යෑ.ලියුම ලියලා මිස්ට ගිහින් ට්‍රන්සර් කර ගෙන පෝස් කරන එක එපා වෙන සීන් එකක්.මම ඒ නිසා ඒ පැනෙ මිතුරු අත ඇරලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. හාපෝ....කම්මැලි බට්ටෙක් :)

      Delete
  37. මාත් ඔය විජ්ජාව කාලයක් කරේය.. එහෙත් මේ වෙනතුරුත් යැවූ එක ලිව්මකටවත් රිප්ලයි ආවේ නැත..

    ReplyDelete
    Replies
    1. උඹලා පව්කාරයෝ... ඒකයි :)

      Delete
  38. අර පින්තූරෙ කුකුළෙකුයි හරකෙකුයි ඉන්නවත් පේනව නරියට අමතරව... රජා ලියල යවපුව අනුව ද දන්නෙ නෑ ගෑණු ළමය පෝස්ට් කාඩ් එව්වෙ...

    මටත් හතේ අටේ පන්තිවලදි හිටිය ජර්මන් පෙන් පෑල් කොළුවෙක්... ගුරුවරයෙක්... උසම උසයි... නංගිලා කිව්වෙ අක්කගෙ කොකටුවා කියල... පොර ලෝකෙ වටේ ඇවිදින එකෙක්... ඒ හැම සංචාරයකම ෆොටෝස් හෙන තොගයක් එව්වා... මං හරියට මං ඇවිදපු තැන්වල එව්ව වගෙ ඇල්බම් පිරෙව්වා ඒවා දාල... අන්තිමට පොර ලංකාවට එන්න ලැහැස්ති වෙනකොට මං ලියන එක නැවැත්තුව... හික්ස්... ඉංග්‍රීසි කතා කොරන්න බෑනෙ ලිව්වට...

    ReplyDelete
    Replies
    1. හාපෝ....මූණ බලාගෙන කිව්ව කතාව! :)

      අපරාදේ... මිනිහා ආවානම් මෙයා අද ජරමනියේ! ^_^

      Delete
  39. ඇයි කෑලි කිව්වේ..බෝම්බෙකටවත් අහු වෙලාද?

    ReplyDelete
    Replies
    1. කෑලි කිව්වේ ඉස්සර... හෙන පොඩීනේ... දැන් නම් ඇති බුරුත කද වගේ :)

      Delete
  40. මටත් හිටියා මේ වගේ කිහිප දෙනෙක්.එත් පැනෙන් නෙවෙයි ලිවුවේ.

    උඩින් ඉන්න ගොඩක් දෙනෙක් උඹට හරකා කියල තියෙන නිසා මම එහෙම කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙනං මොකෙන්ද ලිව්වේ? හෆ්ෆා... :)

      Delete
  41. රජාට කැතරින් ද අහිමි උනේ ය, අනීටා ද අහිමි උනේ ය. අන්තිමට ලංකාවෙ කෙල්ලෙක්ම හිමි වේය. ඒක මතක තබාගත යුතු ය... :D :D

    ReplyDelete
  42. අර කාඩ් ටික නම් මරුය. ඒ දැරිවි රජාව ඉන්තේරුවටම හදුනා ගෙන ඇති බැව් පෙනේ..... :p

    ReplyDelete
  43. අර පෝස් කාඩ් වල හිටියේ කෙල්ලද බං

    ReplyDelete
  44. letternet එකට පිස්සු වැටිල උඔ කරපු හැම දෙයක්ම මමත් කලා රජෝ....සුපිරි සුන්දර මතකයක්...... :)

    දැන් එන්නේ නෑ නේද lettenet mag එක.... :'(

    ReplyDelete
  45. මායි අපේ පන්තියේ යාළුවොයි 6 වසරේදී ඔය වගේ වැඩ කළා :D හැබයි අපි ලියුම් වලට reply කරන්න ගියේ නෑ වැඩිය. එන ඒවා බල බල හීනා වේවි උන්නා.. මට මතකයි අපේ පුංචිත් ඒ කාලේ පකිස්තාන් girl කෙනෙක්ටද කොහෙද ලිය ලිය උන්නා කියලා.. :v හැබයි එතින් එයා ලංකාවට එන්න අහපු ගමන් මෙයාල උත්තර ලියන එක නවත්තලා :D ඒ උනාට දැන් කාලේ ඉන්න ළමයි නම් ඕවා කරන්න හිතන්නෙවත් නැතිව ඇති..

    ReplyDelete
    Replies
    1. පව් අප්පා... ගෙන්න ගන්නනනේ තිබ්බේ :))

      Delete
  46. මටත් හිටියා ජර්මනියේ කෙල්ලෙක් :D
    හැබැයි ඒකී නම් මව තාම මාව අමතක කරලා නෑ. ඉදල හිටලා ෆෝන් එකට SMS එකකුත් දානවා. කොහොම උනත් fb අව් පස්සේ ලියුම් ලිව්වේ නැති උනාට fb නිසාම කෙල්ලව තව සෙට් උනා

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)