Wednesday, February 13, 2013

ඉන්නෙක් ඉන්නෙක්... ඕං හප්පෙක්!!!


ඉන්නා යනු මිනිසාගේ පරම මිතුරෙක්ය. ඔහු ඇගේ එක එක තැන් වල එල්ලෙන්නට හෙන රුසියෙක්ය. ඉස්සර හෙවත් රජා පැටියා කාලේ එනම් 1, 2 වසර වලදී, තවත් වැඩි දුර විස්තර කියනවා නම් අර අත පුච්ච ගත්තු කාලේ වන විටත් රජා සාඩම්බර ඉන්නෙක්ගේ ප්‍රෞඩ හිමිකරුවෙක්ය. ඉන්නා හිටියේ වම් ඇහේ ඇහි බැම උඩය. එතරම්ම ලොකු එකෙක් නොවේය. අමු මුන් ඇටයක් තරම් එකෙක්ය. රජාගේ වැඩේ ටීච උගනන්නන වෙලාවට ඕක උඩින් අල්ලලා කරකවන එකය. ඌ එහෙම ලේසියෙන් කැඩෙන්නෙත් නැත. රිදෙන්නෙත් නැත. ඉන්නා පරපුරෙන් එනවා කියා සමහරු කියන්නේය. බාග වෙලාවට එය ඇත්තද කොහෙදය. අපේ සීයාගේ බෙල්ලෙත් දෙතුන් දෙනෙක්ම හිටියා වගේ මට මතකය. 

අපේ මව්තුමිය මේකාව මර්ධනය කරන්න නොකල කෙමක් නැත. මට මතක විදිහට උදේ පාන්දර මාව නැගිට්ටවා කට වහගෙන ලිප ගාවට ඇදගෙන ගියාය. අර උතුරන පෙන දාන බත් මුට්ටියට අත දමා පෙන අහුරක් අරන් මේ රාජකීය ඇහි බැම උඩ පතිත කලාය. ඉන් පසුව එලඹෙන්නේ අතුරු රැගුම් වාරයය. පොඩි රජා අහසට පිඹිමින් අම්මා වටේ වටේට දුවන්නේය. පෙන ටික හිදුනු පසු සීන් එක ඉවරය. ඉස්සර එහා ගෙදර ඇන්ටිගේ එලාම් එක මමය. නැන්දා නැගිටින්නේ මම කෑගගහ අම්මා වටේට දුවන කොටය.

ඉස්සර අපේ ස්කූල් වෑන් එකේ උන්ට එහෙම මේ ඉන්නා හෙනම ප්‍රශ්නයක්ය. උන්ට විවිධාකාර ප්‍රශ්න පැනනැග්ගේය?



මේ මොකද්ද මේ?
ඔන්න මොකෙද්ද ඉන්නවා...

ඔන්න කුරුමිනියෙක් ඇහේ...


සමහරු උන් මුව එලවන්න අතින් පවා ගැසූ අවස්ථාද නොතිබ්බාම නොවේ...

කාලයත් සමග මේ ඉන්නා ඔටෝම හැලී ගියේය. මූ මා සමග කල් ගෙව්වේ අවුරුද්දකටත් අඩු කාලයක්ය. ටේබල් ටෙනිස් ගහන කාලේ වෙනකොට මූ හැලී තිබුනේය. මං හිතන්නේ ඌට මාව එපා වෙන්නට ඇත. නැත්නම් අර අච්චර පෝෂනේට වැඩුන ඉන්නා එක වරම මා අතහැර යන්නට කිසිම හේතුවක් නැත. විටෙක ඌත් දැන් හැදෙන කෙල්ලෝ වගේ යයි මට හිතෙන්නේය. දැන් හැදෙන කෙල්ලෝ හෙන පොස්ය. නමුත් උන්ගේ හිත  නම් හද්දම ගොඩේ පොස්ය.

රජා 6 වසරට එන විට අපේ පන්තියේ ඉන්නෝ ඇති කරන පොරක් සිටියේය. උගේ අත් දෙකේම ඉන්නෝ වැහි වැහැලාය. උන්ව දකින විට මට මගේ ප්‍රථම කුලුදුල් ඉන්නා සිහි විය.  අහෝ මේරා ඉන්නා... මට මා ගැනම දුක සිතුනේය. කාලයත් සමග උගේ ඉන්නොද හැලි ගියේය. ඉන්නා හැන්සම් කොල්ලන්ගේ ඇස්වහ මකන්නට ආ දේව සංකුලන්ක්‍යාවක් දැයි මට විටෙක සිතෙන්නේය.



ප/ලි: 

රාජ වැලන්ටයින් සුභාශිංසනය සමග උපදෙස

සුභාශිංසනය: 
අපිට නැති වැලන්ටයින් තොපිටත් නැතිවෙන්න වැස්සටම හේදිලා පල!

උපදෙස:
චීත්තයක් නිසා සරමක් නැති කරගන්න එපා බං!

ආ.... ඒක නෙමේ... යකෝ වැලන්ටයින් හලාල්ලු...
සමරන්න එපා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!



IF Have any දැවෙන ප්‍රශ්න...
ASK ME
Click Here  

99 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇහේ ඉන්නා හැලිලා ගියා වගේම...
    අනාගතේ උබේ බඩට පහලිං පිහහිටා තියෙන ඉන්නත් හැලුනම රැජිනම තමා.....
    හූ ඈ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මම කියන්න අපු එක මේකා කියලා.

      Delete
    2. ඇයි යකෝ ඌත් ඉන්නෙක්ද? @#$%^ - @බලමින්

      Delete
  3. අර පොටෝ කෑලි ටික හොයාගත්තේ කොහින්ද බොලව්, :( දැක්කම මෙව්වා වෙනවා.. එර්ර්ර්... හැබැයි ඉන්නා කෙස් ගහකින් කපන්ට පුළුවනි...

    ReplyDelete
    Replies
    1. /*කෙස් ගහකින් ඉන්නා කපන්නට පුළුවනි...*/ මාත් අසා ඇත..

      Delete
    2. මගෙ එකා කපන්න හැදුවා... ඒත් මම ඉඩදුන්නෑ. :)

      Delete
    3. දැන් ඉන්නා කපන් ක්‍රමය කියා ඇති නිසා @තරියා කීව ඉන්නා පරිස්සං කර ගත්තොත් හොඳා

      Delete
    4. ඌට අත තියන්නෑ එකෙක්වත්! :)

      Delete
  4. රජාටත් තියෙන ප්‍රශ්ණ....

    ReplyDelete
    Replies
    1. තවත් ප්‍රශ්නයක් තිබ්බා... ඒක පසුවට :)

      Delete
  5. මට නම් කෙල්ලෝ තියා ඉන්නෙක්වත් තාම නැහැ බන් :P
    උඹ වැලාට ඉරිසියයි නේද?

    ReplyDelete
  6. හේදිලාම පල ඔය රෙද්දේ ටයින්!!

    ReplyDelete
  7. හික්ස්... ඉන්නව එලවන්න ගහපු පාරවල් සැරටම වදින්න ඇති නේද???

    ReplyDelete
  8. ශික් විතරක් බොල මේ පින්තුර වල ලස්සන දැක්කම කමෙන්ට් මතක් වෙන්නෙත් නෑ රජෝ ...:D

    ReplyDelete
    Replies
    1. තිබ්බ ලස්සනම ඒවා ටික බං මේ!

      Delete
  9. අපි නම් සමරන්නේ නැහැමොකක්ද බොල මේ අසමජ්ජාති පින්තූර ටික

    ReplyDelete
    Replies
    1. නාකින්ට මොන වැලා ද බං ;)

      බලනවකෝ ගතිය!!

      Delete
  10. උඹට කොහෙන්ද බං මේ ෆොටෝ ටික හම්බුනේ.. ඉරිසියාකාරයෙක්ද හොයලා දුන්නේ.... මේවා දැක්කම ‌බලන්න වත් හිතෙන්නේ නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. උඹලා බලනවට දැම්මේ :)

      Delete
  11. බොට වගේම තමා අපිටත් වැලන්ටයින් නෑලු...හොද වෙලාවට එහෙම වුනේ...නැත්නම් මේ කෝඩෙ ගහලා ඉන්න වෙලාවෙ කොරේ පිටට මරේ කිව්වලු...

    ReplyDelete
    Replies
    1. ෂික්! අපරාදේ... කෝඩෙට බදාගෙන ඉන්න තිබ්බා :)

      Delete
  12. නොදකින් වල් රජාගේ තවත් අප්පිරියාසහගත පොස්ටුවක්.....රුප ටික ස්කිප් කොට පොස්ටුව අමාරුවෙන් කියවීමි... ;)

    ReplyDelete
    Replies
    1. අපරාදේ... අප්පිරියා සහගතයි කියලා දාන්න තිබ්බේ උඩින් :)

      Delete
  13. අපේ අක්කගේත් ඇහැ උඩ පොඩි ඉන්නෙක් ඉන්නවා. ඌ නම් හැලුනේ නෑ තාම....
    බොට වැලන්ටයින් නෑ කියල තියෙන එවුන්ට ඉරිසියාකරන එක හරිද බොල......

    ReplyDelete
    Replies
    1. ඇහැ උඩ?????? මල කෙලියයි... :)

      කිසිදු ඉරිසියාවක් නැත..ඇත්තේ සංකුලන්ක්‍යාවක්ය

      Delete
  14. මගෙත් වම් අතේ චූටි ඉන්නෙක් හිටියා ඉස්සර, ටිකක් ලස්සනට තිබුනු නිසා මමත් ගනන් ගත්තෙ නෑ. ටික කාලෙකින්ම දෙක තුන වෙල 5-6 ක් විතර තැනින් තැනින් තිබුන. වැඩි විශ්වාසයක් නොතිබුනත් මමත් ඔය කෙමක් කරල බැලුව, ටික කාලෙකින් මම දන්නෙම නැතුව ඒව හැලිල ගිහින්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඉන්නන් ඇති කල හැන්සම් කොල්ලෙක් :)

      Delete
  15. ඉන්නන්ට බේතක් තියෙනවා ටොම් සෝයර් පොතේ.

    ReplyDelete
  16. අනේ මේ වගේ ඊරිසියාකාරයෙක්. රජාට ඉන්නෝ වැස්සක් වසීවා....ජය...!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... තුහ්! තුහ්! තුහ්! :)

      Delete
  17. තොගෙ ඉන්නා ද හැලුනේ අහවල් එකද??

    හලාල් නම් වැල-ඉන්-ටයිම් එපා බං !

    ReplyDelete
    Replies
    1. වැල තියෙන හලාල් බලන්නත් එපා! ;)

      Delete
  18. සිරාවටම...අවංකෙම්ම මෙන්න වහිනවා රජෝ.....

    ReplyDelete
    Replies
    1. අපිටත් කුඩු පොද බං...

      Delete
  19. "සංකුලන්ක්‍යාවක්" මේ මොකක්ද බං..

    අපේ එකෙක්ගේ ඉන්නෙක් තිබුන අතේ. බොසා නැති දවසක ඌ අලුත් බ්ලේඩ් එකක් ගෙනා ගත්තා කඩෙන්. පැය බාගයක් විතර යද්දී අමුවෙන් ඔපරේෂන් එක ඉවරයි. කොහොම කලාද මන්දා.. ඒ මදිවට මේ බලපන් කියා කියා බාගෙට කපල අපිටත් පෙන්නනවා ඇවිල්ලා..

    උඹට සුබ වැලන්ටයින් එකක් මෙව්වා වේවා..! :)

    ReplyDelete
    Replies
    1. අඩෝ මම දන්නෙත් නෑ..හදපු වචනයක්! :)

      අම්මට උඩු... මාර බුවෙක්නේ. මම කෙස්ගහෙන් නොකපා උන්නේ.

      වැල රොක්ස් ඈ!!!

      Delete
  20. කොහෙද ඉතින් රජාත් එක්ක ඉන්නෙක්වත් ඉන්න කැමති නැතුව ඇති..ඒකනෙ හැලිලා ගියේ...හි හි හී

    ආ අහන්න අමතක උනානේ අර " දැවෙන ප්‍රශ්ණ " වලට පිළිතුරු දෙන්නෙ වතුර ගහලද ? :b

    ReplyDelete
    Replies
    1. හික්!!!

      වතුර නෙමේ... පෙට්රෝල් :)

      Delete
  21. අර සුභාශිංසනය කොරන්ට මාත් එකතු වෙනව රජෝ.

    එතකොට ඉන්න වැටුන කිව්ව නේ.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්...

      වැටුනා!

      Delete
  22. අපේ කාලේ නම් මේවාට බෙහෙත් ඇත, ඒත් ඉතින් රජාට දැන් සෑහෙන්න වයස නිසා ඒවා දන්නෙ නැතිව ඇති.... අහ්හා හැපි මෙව්ව එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. හුහ්!! :) :)

      හැපි නෑ මෙයා...

      Delete
  23. රජාට ජය වේවා....වැස්සටම හේදිලා පල වැලන්ටයි...එකෙකුට එළියට බහින්න බැරි වෙන්න හෙන ගගහම වැහැපිය අද දවසම...

    ReplyDelete
  24. ඕවා රාජ සලකුණු බොල..

    අපිත් හෙට සමරන්නේ නැති එකේ වැස්සට කමක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. ඒමද???

      ඒ උඹලට හෙන ගැහුවලු නේ? අර ප්‍රවෘත්ති වලට පෙන්නුවේ

      Delete
  25. // සංකුලන්ක්‍යා // මේක හින්දි වචනයක් ද බොල

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඕකමයි අහන්න ආවේ

      Delete
    2. ඕක තිබ්බේ රාජ පුස්කොළපොතක!
      සෑහෙන්න දුලභ පෞරාණික වචනයක්!

      Delete
  26. සමරපියව් බං වැලන්ටයින්.... අහල පහල කෙල්ලෙක් හොයාගෙන

    ReplyDelete
    Replies
    1. අහලකවත් කෙල්ලෙක් නැති එකනේ ප්‍රශ්නේ!

      Delete
  27. කොල්ලො ඉන්නව අතගාන්න අහෙම ආවෙ නැද්ද?

    ReplyDelete
  28. දැනුත් ඔයා රජා පට්ටම ගහගෙන ඉන්නේ ඉන්නෙක්ට පිංසිද්ද වෙන්න නේද..ඕක හලිච්ච දාට උඹ නිකම්ම රැජින...

    ReplyDelete
  29. මගෙත් ඇහැට යටිං ඉන්නෙක් තිබුන. වෙඩිමට කලිං කෙස්ගහේ බේතෙන් හලාගත්ත.

    ReplyDelete
    Replies
    1. රිදුනේ නැද්ද?

      Delete
    2. නෑ. ඒකෙන් වෙන්නෙ ඉන්නට ලැබෙන පෝෂණය නැතිවෙන එක. ඌ හැකිලිලා යනව. වේදනාවක් නෑ. සත්තයි.

      Delete
  30. ude pandarama mada blog kiyawanna awa

    ReplyDelete
    Replies
    1. හික්... සයිබරේම එපා වෙන්න ඇති!

      Delete
  31. ඈ බන් රජෝ, ඔය හැලුනේ ඇහි බැම්මේ හිටපු ඉන්නා විතරද?

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙවත් හිටියේ නෑනේ! :)

      Delete
  32. ඉන්නගෙ රජා හිටියද...නැත්නම් රජාගෙ ඉන්නෙක් හිටියද..?

    වෙලාවට හැලුනෙ නැත්නම් රජාව හොයාගන්න බැරිවෙනව ඉන්න නිසා..!

    ReplyDelete
    Replies
    1. ලොල්ස්... ඌ රජ ඉන්නෙක් ඈ!

      Delete
  33. මාත් දැං එකෙක් ඇතිකරනව බොල බෙල්ලෙ.

    අපි හලාල් වැල වර්වනය කරමු.

    ReplyDelete
    Replies
    1. අප්පට එහෙමද? දෙමළ ඉන්නෙක් ද? :)

      අනිවා!

      Delete
  34. මගෙත් කකුල් දෙක පටන් ගන්න තැන ලොකු ඉන්නෙක් ඉන්නවා.. අම්මනම් කියන්නේ උපන්දා ඉඳන් ඉන්නවා කියලා. කෙල්ලොත් හරි කැමතියි ඒ ඉන්නට...

    ReplyDelete
    Replies
    1. අප්පා ගොයියෝ... එතනත් එකෙක් ඇවිල්ලා නම් ඒ සමාජ රෝගලු ඈ!

      මාතලන් ඉවරයි!!!

      Delete
  35. අපිට නැති වැලන්ටයින් තොපිටත් නැතිවෙන්න වැස්සටම හේදිලා පල....මගේත් අත් දෙකේ අල්ලේ හිටියා ඉන්නෝ දහයක් විතර..දන්නෙම නැතුව එක එකා මාව හැරදාලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඉන්නෙක්... :)

      එහෙනං උන්ටත් උඹව එපා වෙලා!

      Delete
  36. මට තිබුනේ නැහැ.එත් පොඩි පංති වලදී මගේ එහා පැත්තේ ඉන්න කොල්ලෝ දෙන්නෙකුට තිබුනා.ඒ කාලේ අපේ මතයක් තිබුනේ එහෙම තියෙන වුන් වාසනාවන්තයි කියල.පස්සේ උන්ගේ තිබුන ඉන්නෝ නැතිව ගියා අපි වගේම අවසනාවන්තොයෝ බවට ඉබේම පත් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ උන් හැලිලා යන්නේ වාසනාව ඇගට ඇතුල්කලාට පස්සේ... :)

      Delete
  37. මේ වගේ ෆොටෝ දැම්මට රජා ගේ ඇග පුරා ඉන්නෝ හැදෙන්න ඕනේ :පී

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ... :)

      Delete
  38. //චීත්තයක් නිසා සරමක් නැති කරගන්න එපා බං!//

    එක එක විදියට අහල තිබ්බට අද රජ විදියට අහ ගත්ත

    ReplyDelete
    Replies
    1. හෙහ්... මටත් ඕක කවුරුහරි කිව්ව එකක් බං :)

      Delete
  39. ඉන්නා වගේම අනිත් එකත් හැලෙන්ට ඉඩ තියෙනවා පරිස්සන් කරපන් රජෝ,

    ReplyDelete
    Replies
    1. උඹලට තියෙන්නේ ඉන්නෙක් වගේ එකෙක්ද? ;)

      Delete
  40. ඔය ඉන්නෝ යවන්න ක්‍රමයක් තියෙනවා කොළඹ මහ ඉස්පිරිතාලේ.
    ගෑස් එකක්ද මොකද්දෝ අල්ලනවා. ඊට දවසකින් දෙහෙකින් ඉන්නා වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා!

      Delete
  41. Kathawa hodata liyala thiyenawa..habai mata mathrukawa hithata alluwe na.. :D photo tikath supiri...

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒහෙමද?

      වල් හිත උඹලගේ :)

      Delete
  42. අඩෝ.. ඉන්නන්ට කෙස්ගහක් ගටගහපන්.. බඩුම තමා..

    ReplyDelete
    Replies
    1. අම්මේ බං... උඹව දැක්ක කල්.. :)

      Delete
  43. ඉන්නගෙ චූ ටිකක් අරං ගාපං. සිරාවට හොඳ වෙනවලු. ගමේ ගොඩේ කියන්නෙ එහෙමයි.
    එහෙම කියල උඹ චූ වලින් මූණ හෝදන්න යන්නෙපා උදේට :P

    ReplyDelete
  44. ඇයි බන් මේ ..... උබත් එක්ක ඉන්නේක්ටවත් ඉන්න බැහැනේ අනේ මන්ද බන් උබත් ......... පවු යකෝ උබේ අසහනේ හන්ද තමා ඉන්න යන්න ඇත්තේ

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ!

      Delete
  45. මා මෙයට පෙර කමෙන්ටුවක් දැම්මාදැයි මතක නැත. එබැවින් සොය සොයා නොයිද කියමි. තොපි ඔය ඉන්නා එපා කිවාට මේ ඉන්නා නම් එපා කියන්නේ නැත :P
    http://musicwalls.org/walls/inna_water_wallpaper-other.jpg

    http://www.youtube.com/watch?v=VNfFTuIk-dQ

    ReplyDelete
    Replies
    1. උම්මා! උම්මා! උම්මා! :)

      මේ ඉන්නව ඕනැමයි!

      Delete
    2. කලින් කොමෙන්ට් නෑ... ;)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)