Thursday, February 21, 2013

තව පොඩ්ඩෙන් ඒ මරාලෙත් මගෙ ඇගේ...


පුන් සඳ පාය ඇති සුන්දර උදෑසනකි. නමුත් මට ඇහැරුනේ 10ත් පහුවෙලාය. නිවැරදි ලෙස කාල ගණනයක් කල හොත් මම පැය 12කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදාගෙනය. අපේ ටීච කියලා තියෙන්නේ මනුෂ්‍යයෙක් දවසකට පැය 6කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදා ගන්න ඕනේ කියලාය. මේ දවස් වල කරන්න වැඩකුත් නැති එකේ නෙට් එකේ උඩ කොටුවේ රගන මකුළු පැටව් දෙන්නෙක් දෙස මම ටිකක් වෙලා බලාසිටියෙමි. උන් දෙන්නත් කරන්නේ එකම දේමය. එකත් හරියන්නේ නැති තැන මුණ හෝදන්නට යන්නට ඇදෙන් බැස්සෙමි. 

හෙමින් හෙමින් බෝජනාගාරේ පැත්තට ගිහින් කටපුරෝපු වතුර එකක් ගැහුවෙමි. ඊළඟට යෙදී තිබුනේ දත් මැදීමේ නැකතය. ගෙදර හැමෝගෙම දත් බුරුසු ටික ලස්සනට තිබ්බත් මගේ එක එතනින් සුවිශේෂී වන්නේ එහි ආරක්ෂිත ක්ලිප් එක නැති බැවින්ය. වෙනදා මෙන්ම නොව මට හෙන අමුත්තක් දැනුනි. මගේ කෙදි ඈත්වුණ බුරුසු රාජයා  පෙනෙන්නට නැත. මම වහාම මව්තුමිය ඇමතුවෙමි.

රජා: අම්මේ................... මගේ බුරුසුව නැතෝ............

අම්මා: ආ.... ඒක උඩ කැරපොත්තෙක් හිටියා. මම ඒක විසික්කෙරුවා....

 
හා...කාලා  වරෙන්කො....දැන් ඉතින් දත් මදින්නේ අහවල් එකෙන්ද? මුණ හොදලවත් නැතුව කඩේ යන්නේ කොහොමද? අම්මට යන්න කිව්වොත් බැනුම් කෝටියය. එතකොටම වගේ සහෝදර ප්‍රේමය මගේ සිත තුල දළු දැම්මේය.

රජා: මම මල්ලිගේ එකෙන් මදිනවා ඈ...?

අම්මා: මගෙන් ගුටි කන්න එපා....අල්ලන්නේ නෑ ඒක එහෙම. පොඩි එකාටත් ලෙඩ හදවන්න... 

 
හයියෝ සහෝදර ප්‍රේමය. කියෝ කියෝ ඉන්නේ නැතුව කෙලින්ම අරන් මදින්න තිබ්බේ. දැන් ඉතින් කරන්න දෙයක් නැත. අම්මත් රබර් ඇහැ දාගෙනය.

ඇගිල්ලට ක්ලොගාඩ් ටිකක් අරන් කට වටේ අතුල්ලා ගත්තෙමි. අවුලක් නෑ ගෙදරනේ ඉන්නේ. මම හිත හදා ගත්තෙමි. කිරි එකක් එහෙම ගහලා ලැප් එක දාගන්නකොට වෙලාව 11ට විතරය. එතකොටම වගේ ප්‍රමුදියා කෑගහගෙන ආවාය. උදව්වක් කරනවකෝ.... හසංගි ගැන පොස්ටුවක් දානවකෝ....කෙනෙකුට උදව්වක් ඕනේ උනාම උණු වෙන හිතක් රජාටත් ඇති හෙයින් මම පොස්ටුවක් දැම්මෙමි. පොස්ටුවෙන් පසුව රජා කෙලින්ම යන්න ගියේ බැංකුවටය. ඒ ඇය වෙනුවෙන් මුදලක් දැමීමටය. 

රජා: අම්මේ.......මම බැංකුවට යනෝ..........


අම්මා: ඔහොම ඉන්න මටත් යන්න ඕනේ....


අම්මත් එක්ක මම ටවුමට ගියෙමි. අම්මා මහජන බැංකුවට ගිය අතර මම ගියේ සම්පත් බැංකුවටය. දෙකම ඇත්තේ මුහුණට මුහුණලා පාරෙන් දෙපැත්තේය. බැංකුවේ වැඩිය සෙනගත් නැත. මම ක්ෂණික සල්ලි දමා මහජනේ ගාවට ගියෙමි. අම්මා තාමත් ඇතුලේය. මම එතෙන්ට යනකොටම වාගේ මැදි වියේ ජෝඩුවක් ආවේය. රජා ලගින්ම බයික් එක නැවත්වා එහි බිරිද වූ අක්කා ATM එක ඇතුලට ගියාය. එයා එනකන් අයියාකාරයා බයික් මට පිටිපස්සෙන් පාර පැත්තට හරවාගෙන නවත්වාගෙන හිටියේය. 


අක්කා හදිස්සියෙන් වගේ එනවා මට පෙනෙන්නේය. ඇය බෑග් එක හදමින්ම බිම බලාගෙන ආවේය. කෙලිම ආවේ බයික් එක උඩ ඉඳගෙන සිටි රජා ගාවටය. ඇය දැන් මට ඉස්සර හිටගෙන සල්ලි බෑග් එකට ඔබන්නේය. මට නිකන් හීන් දාඩියක් වගේ දැම්මේය. මම ශේප් එකේ සයිඩ් කන්ණාඩිය බැලුවෙමි. අයියාකාරයා  පිටිපස්සේ ඉදන් දත් 64ම එලියෙ දාගෙන හිනාවෙන්නේය. මමත් දැන් හිනාව තද කරගෙන වෙන්නේ මොකද්ද කියා බලාගෙන හිටියෙමි. සල්ලි ඔබාගත් අක්කා උඩ බැලුවේය. ඇයට හික්...ගෑවෙනවා මට ලෙසටම ඇසුනේය. වටපිට බැලු ඇය අයියා දෙසට දිව්වාය. එතකොටම වගේ රජාටත් බකස් ගා හිනා ගියේය. මම පිටිපස්ස බැලුවෙමි. අයියා අක්කාට හිනා වෙමින් මොනාද කියන්නේය. බයික් එක ඉස්සරහට ගන්න ගමන් අයියා මට මෙහෙම කීවේය,

අයියා: තව පොඩ්ඩෙන් මල්ලිට මෙයාව ගෙදර අරන් යන්න වෙන්නේ...

රජා: හික් හික් හික්.... :D


ප/ලි:

මේ වගේ හැන්සම් කොල්ලෙක් දැක්කම කෙල්ලෝ උනත් ලගට ඇදෙන එක අහන්නත් දෙයක්ද... 

සහෝදර ප්‍රේමය මෙසේ අර්ථ දැක්විය හැක...
(රංගනය - රජ & යුවරජ )


කලින් දවසක විස්කි කඩේ පූසට, ලෑලි වලේ ලූලා දාලා සින්දු කිව්වෙත් මෙහෙම්මම තමයි. :) :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

100 comments:

  1. යකෝ ඉතින් දගෙන යන්න තිබුනනෙ,,,

    ReplyDelete
    Replies
    1. බයික් එකට නැග්ගෙ නෑනේ දාගන්න :)

      Delete
  2. ඉතින් නරකද සල්ලිත් එක්ක ගෑනියෙක්

    ReplyDelete
  3. // තව පොඩ්ඩෙන් මල්ලිට මෙයාව ගෙදර අරන් යන්න වෙන්නේ...//
    ඇන්න ගියානම් ඉතින් අන්තඃපුරයට තමයි

    ReplyDelete
  4. නැග්ග නම් තමයි වැඩේ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම දුවන්නේ බයික් එකත් දාලා :)

      Delete
    2. //බයික් එකත් දාලා// නෑ නෑ බං.. නංගිවත් දාලා :)

      Delete
    3. ආ....ඔව්නේ :))

      Delete
  5. ඒ අක්කා ලස්සනද බං????????????
    උබට දාං යන්න තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයයි බං... මියු 60ක් දුන්නැහැකි! :)

      Delete
    2. 60ත් වැඩී බං :))

      Delete
  6. යකෝ පටෝගෙන යන්නනෙ තිබුණෙ. නිකංයැ සල්ලිත් එක්කනෙ.

    ReplyDelete
    Replies
    1. ලගට ඇවිත් හිටන් උන්නා විතරනේ... නැග්ගෙ නෑ :)

      Delete
  7. හොඳ වෙලාවට බේරුනේ...

    ReplyDelete
  8. අනේ පලයන් බං යන්න! එහෙමත් නගිනවද ගිරිඋල්ලේ කෙල්ලෝ???

    ReplyDelete
    Replies
    1. ඇයි ගිරිඋල්ලේ කෙල්ලෝ ලොකුද? පන්නල උන් වගේ නෙමේ ඩෝ.. මෙහෙ කෙල්ලො හෙන ස්වීට් ඈ!

      Delete
  9. නැග්ග නම් එපා කියන මල්ලි... :P

    ReplyDelete
  10. අඩේ ගෙනිච්ච නම් කාටද ආඩම්බර

    ReplyDelete
  11. අද රජට කලින් කරපු පිනක් පල දිල තියෙනව... නැත්නම් ඉතින් ගෑනු පරානයක් එක්කන් ගිහින් විදවන්න වෙනවනේ....

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි බං හිත හැදෙන දෙයක් කිව්වේ :)

      Delete
  12. හැන්සම් නේන්නම් අර වීඩියෝ එකේ ඉන්න පොඩි එකා.. (යුව රජා)

    ReplyDelete
    Replies
    1. උඹලගේ ඇස් හීන මාන්නෙන් අන්ධ වෙලා... :/

      Delete
  13. අනිත් එක දත් මැදලත් නැති නිසා ආකර්ශනය වැඩි ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ඒකයි මමත් කට වහගෙනම හිටියේ :)

      Delete
  14. ubata thibbe start karala yanna haraka

    ReplyDelete
    Replies
    1. ඉතින් මම විතරනේ බං බයික් එකේ ^_^

      Delete
  15. අප්පා මු එපා කියයි ගෙදර යන්න ආවනම් එහෙම.... :)

    ReplyDelete
    Replies
    1. බණ කතා කරනවා මූ.... :)

      Delete
  16. මූ ගෙනිච්චා නම් අරූ මේ සිංදුව කියනවා ලූ " පරණ පිනක් මගේ ඉහේ කඩා වැටුනා"

    ReplyDelete
  17. අඩෝ වීඩියෝ එක මාරු බන්.උඹට වඩා ටැලන්ට් එකක් මල්ලිට තියෙනවා ඈ උඹට බෑනේ තාලෙට සින්දුවක් කියාගන්න මල්ලි එක්ක?.කොහොමහරි මල්ලිගේ බිස්කට් පැකට් එකට වැඩේ දුන්නා නෙහ් ශේප් එකේ? මේ කොහොමද බන් උඹ එක කටට මාරි බිස්කට් එක ඔබාගත්තේ? :D

    ReplyDelete
    Replies
    1. උඹලා තාම දන්නෑ මගෙ හැකියාව... ඉදපල්ලකෝ දවසක පෙන්නන්න :)

      Delete
  18. රජෙක් වෙලත් මාරිද කන්නෙ බොල

    ReplyDelete
    Replies
    1. මේවා රත්තරන් මාරි බොල...

      Delete
  19. සල්ලිත් එක්ක ආපු අක්කා දාලා ආපු මෝඩ වල් රජෙක්.....
    රාජාවලියේම මෙහෙම රජෙක් ගැන ඇහුවමයි

    අය්යත් බලන් හිටියද දන් නෑ රජා මරාලෙට කර ගහනකන්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඌටත් එපා වෙලාද කොහෙද... ඒකනේ මට සෙට් වෙනකන් උඩ බලාගෙන උන්නේ :)

      Delete
  20. උඹෙ පෝස්ටුව නම් මෙලෝ රහක් නෑ බං. :D ..හැබැයි අර වීඩියෝ එක නම් පට්ට. හිනාකාලා පණ යනවා. යුවරජා දැනගෙන හිටියද බෝ වීඩියෝ කෙරුවයි කියලා?

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් එච්චර සෙට් නෑ බං පෝස්ටුව!

      මමයි දන්නේ නැත්තේ...මලයා තමා වීඩියෝ කලේ. උඹ බැලුවේ නැද්ද අන්තිම වෙනකන් :)

      Delete
    2. හරි හරි පොඩි එකා සැරින් සැරේට කින්ඩි හිනා පාන්නේ ඒකයි එහෙනම් ඈ?

      Delete
  21. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... හයියෝ.. හයියෝ... පවු හෆ්ෆා අක්කා...

    ReplyDelete
  22. හයියෝ අර වීඩියෝව තාමත් හිනා යනවා :) සිරාවට යුව රජා නම් අර කිව්වා වගේ හැන්සම්

    ReplyDelete
    Replies
    1. ඕං ඕං ඉතින්.... අපේ ලස්සන පේන් නෑනේ බොලේ කාටවත් :(

      Delete
  23. සල්ලිත් එක්කම නම් අරන් ගියත් අවුලක් නැහැනේ !

    ReplyDelete
    Replies
    1. පවුල් වෙනකන් අවුලක් නැ!

      Delete
  24. යුවරජානම් බොගෙ රජ කමට හෙටානිද්දම කෙලිනවා.. ශූර්ම තමා... :D

    ReplyDelete
  25. Replies
    1. නරකට තියේවි අක්කා ගෙදර එක්ක ගියා නම්

      Delete
  26. යුව රජ දැන් වල් රජට වඩා හැන්ඩියෙක් ය.

    ReplyDelete
  27. අනේ උඹත් එක්ක ආවොත් ඉතින් ඇන්ටිපා එකක්ම තමා

    ReplyDelete
  28. අක්ක ගාව සල්ලි කීයක් විතර තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් කෝමද දන්නෑ බං..

      Delete
  29. ඒ අක්කා සල්ලිත් අරගෙන නෙ ආවෙ, අපරාදෙ එහෙනම් ස්ටාර්ට් කරලා එක්කං යන්නයි තිබ්බෙ! :P

    ReplyDelete
    Replies
    1. අපේ මව්තුමිය බැංකුව ඇතුලෙනෙ එතකොට :)

      Delete
  30. ඔය පැත්තට උදේට සුන්දර හඳක් පායනවද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්... සමහර දවස් වලට තියෙනවා! :)

      Delete
  31. Replies
    1. නැතුව ඉතින් පුරෝහිත වෙන්ඩෑ.. ;)

      Delete
  32. අපරාදේ.. "දෙන්න මෙයා බෑග් එක" කියල සල්ලි ටිකත් අරගෙන මාරු උනා නම් ඉවරයි :D

    ReplyDelete
    Replies
    1. හික් හික්... :)

      අයියා එලවයි එහෙනම් මගෙ පස්සෙන් පණ දාගෙන. ගෑණි නැතිඋනත් සල්ලි? :) :)

      Delete
  33. අදහන්න වටිනව රජෝ වීඩියෝ එක...
    මැක්ස්ම මැක්ස් අයියයි මල්ලියි.....
    හිනාවෙන කෑලි ටික දැකල අම්බානක හිනා මටත්
    කියලම වැඩක් නෑ - ජයෙන් ජය..!!!!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... :)

      රාජ සම්පත!!!

      Delete
  34. දෑවැද්ද එක්කමනේ අක්ක ඇවිත් තියෙන්නේ..! අර වීඩියෝව පට්ට බං පින්තුර විතරයි....ඔෆිස් එකේ සවුන්ඩ් නෑ බං.. මොකක්ද බන් සින්දුව රජා...නන්ස්ටොප් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. නනස්ටොප් කියන්නේ යුගයේ නැගපුම ඒවා! :)

      Delete
  35. හනේ මට යුවරජව ගෙදර එක්කන් යන්න ඕනි...:D :D
    ෂෝයි කොලු පැටියා. <3 <3

    ReplyDelete
    Replies
    1. ඉදහල්ලකෝ...ඊලග දවසේ දාන්නේ මම තනියම සින්දු කියන එකක්..

      Delete
  36. ඇත්තම කියනවනම් රජාට සින්දු බෑ ඒත් හොඳට බිස්කට් කන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. හුහ්.... හිතන් ඉන්න හැටි තමා ඔය :)

      Delete
  37. ඉරිසියයි රජෝ.......... හරිම ස්වීට් යුව රජ කෙනෙක් නෙව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්වීට් ස්වීට්... ඔය යකා මට නිදාගන්නවත් දෙන්නෑ!

      Delete
  38. //...මුණ හොදලවත් නැතුව කඩේ යන්නේ කොහොමද?....//

    මේව නම් ඉතින් බොරු මොත්තේ තමා :P

    අයියාකාරයා කැමැත්තෙන්මද දන්නේ නැහැ අක්කාව දෙන්න ගියේ :D

    ReplyDelete
    Replies
    1. ඌරන්ට මොන සෞඛ්‍යද බං.. ^_^

      අනේ මන්දා ඒකනම්..

      Delete
  39. මේ උඹලගේ මල්ලිට හොඳ හඬක් තියෙනවා වට 4,5 යවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කෙලින්ම අවසාන වටේට දැම්මොත්? ;)

      Delete
  40. " අම්මා: මගෙන් ගුටි කන්න එපා....අල්ලන්නේ නෑ ඒක එහෙම. පොඩි එකාටත් ලෙඩ හදවන්න... "

    දැන් උඹට මොනාද තියෙන ලෙඩ එතකොට.. මට ආව ප්‍රශ්ණේ අන්න ඒක..

    ReplyDelete
    Replies
    1. අහු මුළු වල තියෙන ඒවා අදින්න එපා යකෝ! :)

      Delete
  41. මොකක්ද ඇත්තටම එතන සිද්ධ වුනේ?

    ReplyDelete
    Replies
    1. අක්කට පොඩ්ඩක් ටැපලිලා... අර අයියා කියලා හිතලා මං ගාවට ඇවිත් :)

      Delete
  42. කතාව කෙසේවෙතත් නොනවතින ගීතය නම් මාරු.නියමෙට සින්දු මරුකරන්ව.මලයට ඉස්ටුඩියෝ එකක සෙට් කර නම් හොඳ අනාගතයක් තියෙනවා,.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... දාමු දාමු :)

      Delete
  43. මල හුට්ටප්පරයයි...ඒකිව දාගෙන ගියා නම් බොගෙ අන්තංපුරේට මොකද වෙන්නෙ... මමත් පුංචි කාලෙ වැරදිලා මලයගෙ බුරුසුවෙන් දත් මැද්දා...

    ReplyDelete
    Replies
    1. ^_^

      ඒ වැරදිලානේ...මම මදින්න හැදුවේ මට එකක් නැති හින්දා :)

      Delete
  44. එළිවෙන පාන්දර පට්ට සීන් එකක්නේ බැලුවේ. උඹත් එකයි. උඹේ යුව රජාත් එකයි. මල්ලි සින්දු කියනවා. ඒ අස්සේ අයියා මල්ලිගේ බිස්කට් ටිකට කෙලිනවා. මරු ඈ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මෙච්චර උදේ බොග් බලන්නේ?

      බුදියගනිල්ලකෝ මං වගේ :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)