Sunday, September 30, 2012

ලෑලි වලේ ලූලා.... 7+

කැම්පස් එකේ එසයිමන්ට් එකක ස්ට්‍රක්චරල් ගණන් වගයක් හදමින් සිටින අතරය. කම්මැලිකමේ ඇඹරි ඇඹරි පිටුවක කටු ගගා සිටියෙමි. එක වරක “ල“ ලියවුනේය. හෙන හුරු පුරුදු අකුරකි. ගණන් හැදීම පැත්තකින් තබා “ල“යන්න ගැන චින්තන ශක්තිය යෙදෙව්වෙමි. ම්ම්ම්හු..... එන්නෙම නැත. මල්ලිට කතා කලෙමි.

රජා - බබී.....බබී....

යුව රජා - මොකද ඕයි?

රජා - මේ “ල“ යන්න හෙන අමුතුයි...ඕයි. මේකේ මොකක් හරි සෙල්ලමක් තියෙනවද?

යුව රජා - හෑ...?

මද නිහඩියාවකි.....

යුව රජා - හරිනේ.... ලෑලි වලේ ලූලා... :)

රජා - අඩේ අප්පා..... :)

මතකේ හැටියට අපි හතර පහ වසරෙදි මේ සෙල්ලම කලෙමු. හා... පුළුවන් නං ලෑලි වලේ ලූලා කියලා එක අකුරෙන් ලියන්න. වැඩේ දන්න එකා කියවන්නේ ලෝඩ් පකීර් වගේය. නොදන්න එකා ෆුල් හොල්මන් වෙන්නේය. 


සිද්දිය ඉවර වෙලා යුව රජා, මහ රජාගේ මේසය ලගින් යන ගමන් සින්දුවකුත් ගහගෙනම ගියේය. ඒ 

විස්කි කඩේ පූසා... පොඩි දාලා බීලා මත් වෙලා....//
විස්කි කඩේ පූසා... 

මං රජාටත් තාලයක් අහුඋනේය.  පෑන් දෙකකින් මේසෙට ගහමින්...

ලෑලි වලේ ලූලා.... පොඩි දාලා බීලා මත් වෙලා...//
ලෑලි වලේ ලූලා....

මේක යුව රජාට ඇහුනේය. පොර මල් හිනාවක් දාගෙන මේසෙට දුවගෙන ආවේය..

හෙහ් හෙහ්... පට්ට ඈ :)

යුව සහ මහ රජුගේ සංගීතයක් පටන් ගත්තේය. ගායනය වාදනය සහ නර්තනය - රජ සමග යුව. එනවනං කට්ටිය සෙට් වෙන්න අපිත් එක්ක බජව්වට... 

මේ විඩියෝවේ තාලෙටයි යන්නේ.... හැබැයි විස්කි කඩේ පූසා නෙමේ.. ලෑලි වලේ ලූලා ඈ... ^_^




Watch the Original HOME MADE Video

ලෑලි වලේ ලූලාගේ පින්තූරයක් හොයන්න දෙයියා ගාවට ගියා... යනකොට විචාරක මාමත් එකක් ලියලා කියහන්කො අපිටත් හොරෙන්. ඒකේ මේ වගේ අකුරු ගොඩයි!



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

97 comments:

  1. ඇ රජෝ රජාටත් හිතට එන දේවල්. ඒත නෙමේ කවුද යුව රජ

    ReplyDelete
    Replies
    1. රජාගේ මලයන්ඩි තමා යුව රජ. මට මතකයි පෝස්ට් එකක තිබ්බා :D

      Delete
    2. මල්ලි මල්ලි...

      ඊගාවට රජ වෙන්න ඉන්න එකා :)

      Delete
    3. මෙන්න මූ...

      http://harshana-bc.blogspot.com/2012/07/omg-he-is-in-trouble.html

      Delete
  2. උඹටත් ගනන් හදන වෙලාවට තමා චින්තනේ වැඩ කරන්නේ ....

    ReplyDelete
    Replies
    1. අනිවා...

      ඒ වෙලාවට කෙල්ලෝ, බල්ලෝ, ඔක්කොම මතක් වෙනවා :)

      Delete
  3. අඩේ සිරා රජ මාළිගාවක්නේ. මෙන්න රජ යුව රජ ප්‍රේමය :) :) :) :) :)

    අඩවිය සරුසාර වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් :)

      රාජ සම්පත ඈ!

      Delete
  4. aiyala mallila fun 1e innawa neh,

    Sorry sorry raja paulata apahasayak unada manda.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්....

      අපි දෙන්නා එක් වීලා... සහයෝගෙන් වැඩේ දෙන්නේ :)

      Delete
  5. මරු අයියා මලෝ ඩබල...

    ReplyDelete
  6. ලෑලි වලේ ලූලා තනි අකුර,හරියට සංයුත්ත කවි වගේ,

    ව ල අකුරු දෙකේ කවිය දන්නවා නේද ?

    වැල්ලව වෙ‍ලේ වේ වැල්වල............වවුල්ලූ
    වැව් වල වේලි වල විල්වල............ලේල්ලූ
    වැල්ලව වලව්වෙ ලී ලෝලු.............ලෑල්ලූ
    වැල්ලව වලව්වෙ වී ලෑවේ.............වාල්ලූ

    ReplyDelete
    Replies
    1. @සුමිත් අයියා - අදමයි ඒක ඇහුවේ ;)

      @රාජ් අයියා - කවුද යකෝ? :)

      Delete
    2. සමා වෙන්න පොඩි නිවැරදි කිරීමක්.

      ඔතන "වැල්ලව වෙ‍ලේ" නෙවේ "වැල්ලව වලේ" වෙන්න ඕන. වල කියල අදහස් කලේ වනය කියන එක. අනික "ලේල්ලූ" නෙවේ "ලුල්ලු" වෙන්න ඕන.

      Delete
    3. @itnishantha

      බොහොම ස්තූතියි සංශෝධනයට,
      මේවා ජන කවි නිසා ඒ ඒ ප්‍රදේශවල උච්චාරණය සහ භාවිතාව අනුව පද වෙනස් වෙන්න පුළුවන්.මම ඔය දෙවිධියම අහලා තියෙනවා.වඩාත් නිවැරදි ඔබ ලියූ ලෙස "වැල්ලව වලේ" විය යුතුයි, වළ කියන්නෙ කැළේට නිසා. හැබැයි අපේ ප්‍රදෙශයේ "වෙල" කිව්වම වෙලබඩ තියෙන ළදු කැළැවත් අයිතියි.
      දෙවෙනි පදයේ කියවෙන "ලේල්ලූ" යන්න අපේ ප්‍රදේශයට අනුවනම් නිවැරදියි. මෙහේ ලූල්ලු නෑ ලේල්ලු ඉන්නවා. ලේලා කියන්නෙ අඩියක් තරම විශාලව වැඩෙන කොරපොතු විශාල ප්‍රමාණයක් තියෙන ඒ වගේම ඒවා හොදින් පැහැදිලිව පේන ලස්සන මාළුවෙක්. මේ මාළුවාට සමහර අය හබරලියා කියලත් කියනවා.
      W.B.ඒකනායක (නියෝජ්‍ය ඇමති) ලේල්ලුයි ලූල්ලුයි දෙගොල්ලොම ගැන දන්නවලු, මෙතනින් හොයා ගත්තෙ.

      Delete
    4. නෝනා නාන්නෙනන් නාන්න, නොනාන්නෙනන් නොනාන්න, නෑනානන් නාන්නේ නෑ...

      Delete
    5. නාන්නේ නැති නෝනලා නං එපා බං ;)

      Delete
  7. අද තමයි මේ ‍බ්ලොග්ගුව පස්සේ එළවන්ට පටන් ගත්තේ...

    ReplyDelete
  8. රජයි යුවරජයි දෙන්නම එකයි වගේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      මම ටිකක් ලොකුයි ඌට වඩා.. එච්චරයි ;)

      Delete
  9. මේ අවුරුද්දේ ජනවාරි 29 වැනිදා මම ලෑලි වලේ ලුලා සහ තවත් දේ ගැන මගේ බ්ලොග් අඩවියේ ලියා තිබෙනවා. මෙතනින් බලන්න.
    http://jangun.wordpress.com/2012/01/29/%e0%b6%b8%e0%b7%9c%e0%b6%b1%e0%b7%80%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම කලින්ම ලින්කුව දීලා තිබ්බේ යට ප/ලි යේ :)

      Delete
  10. ...ඇයි රජා මචෝ වළලූ ....

    ReplyDelete
  11. ලෑලි වලේ ලූලා
    රජාගේ ඇමට අහුවෙලා
    ගත්තු ගමන් අල්ලා
    මුලු ලෑලි වලම හොල්ලා
    ලෑලි වලේ ලූලා ...........

    ReplyDelete
  12. හැක හැක . අනේ මන්දා බන් . මට බන්දුවගේ ඇගට උඹේ මුණ සෙට්වෙලානේ පේන්නේ.

    ReplyDelete
    Replies
    1. තව පාරක් බලහන් පොඩ්ඩක් :)

      Delete
  13. අනේ මන්දා බොලා ගේ සිඟිති ආතල්..

    ReplyDelete
  14. යුවරජ රජාව පරද්දයි වගේ තව ටික කාලෙකින් :ඩී

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.... මූ මට ගහලා අඩවිය උදුර ගන්න ලයින් එකක් තියෙන්නේ :)

      Delete
    2. රජෝ පරිස්සමින්... ලංකා ඉතිහාසේ පුරාවටම රජවරු යුවරජු මරාගන මිසක් රටට වැඩක් කොරලා නෑ.. උඹ යුවරජාට ඇහැ ගහගන පරිස්සමින් හිටහන්... මම කියන්නෙ බොරු කියලා හිතෙනවනම් සයුරි මිස්ගෙන් හරි, හසිත සෑර් ගෙන් හරි අහලා බලපන්..

      Delete
  15. ආ ... රජ ලූලෙක් !

    ReplyDelete
  16. කමෝන් රජා. තව අහලා බැලුවොත් යුව රජාගෙන් මේ වගෙ නිර්මාණ ඇති. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... මිනිහා හෙන ආතල් පොර :)

      Delete
  17. ශිකේ මට ඕක බලන්න නෑනේ. ලෑලි වලේ ලුලා ඒ කාලේ මාත් එක්කත් හිටියලුනේ

    ReplyDelete
    Replies
    1. එතකොට උබද ලෑලි වලේ කනයා

      Delete
    2. ඔය තියෙන්නේ... බලහන්කෝ :)

      මූ ලූලිලු ;)

      Delete
  18. රජාට බඩු හම්බවෙනව යුවරජාගෙන් ඒක ෂුවර්..!!

    ReplyDelete
    Replies
    1. තව ටිකක් කල් යයි :))

      Delete
  19. ඔය වලවල් වල එක එක ලුල්ලූ ගෙන් පරිස්සම් වෙයන්!එල ඈ!!!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලා වගේ කනයිගෙන් ;)

      Delete
  20. වල් රජා ට කෙලවිමට උපන් හාදයෙක් :P

    ReplyDelete
  21. රජෙක් මදිවට දැං යුවරජෙකුත් එන්නයි යන්නේ මචංලා...
    අපේ රටේ සාටක රජාගේ සීන් එක වෙයි වගේ...
    මූත් සෙට් බස්සන්නයි යන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි තව අග බිසව.... මග එනවලු ඈ ;)

      Delete
  22. අවුරුදු 30ක් විතර පස්සට ගියා රජෝ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කොල්ලා උනා :)

      Delete
  23. මං බබීව නිකන් හොම්මං වෙලා ගියා අප්ප....

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකද අග්ලි බබී :)

      Delete
  24. ලූලා කථාව අදමයි ඇහුවෙ...

    ReplyDelete
  25. උඹගේම මලයන්ඩියා නේ :ප

    ReplyDelete
  26. මට පෙනෙනා ලෙසට යුවරජ වැඩ්ඩාය....

    ReplyDelete
    Replies
    1. ඔය තාලෙට යන කයියක් තියෙනවා නෙහ්? :)

      Delete
    2. අන්දරේගේ කවියක්...

      මට පෙනෙනා ලෙසට මහරජ ඉබ්බාය... වගේ එකක්

      Delete
    3. අන්න අන්න.... ඒක තමා :)

      Delete
  27. පොඩි කාලේ කරපු සෙල්ලම් නම් මරු නේහ්..දැන් මතක නැ බන්..මේ වගේ ආතල් ඒ කාලේ සෑහෙන්න තිබ්බා..මතක් උනොත් තව ලියපන්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... මලයගෙන් අහලා කියන්නම් :)

      Delete
  28. යුව රජ මලයන්ඩිත් ජොලි පොරක් නේ..:)

    ReplyDelete
    Replies
    1. අනිවා... ඌ එල කොල්ලෙක් :)

      Delete
  29. මතක් උනා මතක් උනා !

    ReplyDelete
    Replies
    1. හයියෙන් අල්ලගන්ඩෝ! ;)

      Delete
  30. යුව රජ ගැන මං පනුච්චි අදමයි ඇහුවේ ඕන්... :)

    ReplyDelete
    Replies
    1. හෑ...?

      ඇයි මේ පෝස්ටුව කියෙව්වේ නැද්ද?

      http://harshana-bc.blogspot.com/2012/07/omg-he-is-in-trouble.html

      Delete
    2. මේක කියවලයි ඒක කියෙවුවෙ :D

      Delete
  31. හප්පුච්චි..මටත් මතක් වුනා කලෙකින් මේක..හිකිස්..අර සිංදුව නම් මරු ඈ..මම ඒක අදමයි ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට නෙහ්... මරු සින්දුව තමා :)

      Delete
  32. අපි පොඩි කාලේ වැඩ පෙන්නුවේ එක අකුරින් වලලු ලියලා :)

    ReplyDelete
    Replies
    1. ඕක ලිව්වම ඉතින් හෙන වැඩ්ඩා වෙනවා... අත්දැකීමෙන් කියන්නේ :)

      Delete
  33. හානේ අපිත් කලානේ ඕක

    ReplyDelete
  34. හි හී.....:)

    ReplyDelete
  35. මම නම් ඔන්න දැනගෙන හිටියේ නෑ ඔයා කිව්ව අකුරු සෙල්ලම....

    ReplyDelete
    Replies
    1. හෑ....? සිරාවටම?

      ඔන්න ඔන්න බොරු කියනවා ;)

      Delete
  36. හේ හේ මම අහලා තිබුනට ඔහොම ලියලා මේ දැක්කමයි රජෝ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ලෙසටම ආවා ඈ ලිව්ව එක :)

      Delete
  37. ඉද හිටල වෙහෙස වෙච්ච වෙලාවක මොලේට මේ වගේ බ්‍රේක් එකකුත් පුංචි රෙස්ට් එකකුත් දුන්නට නරක නෑ.

    ReplyDelete
  38. තව ටික දොහකින් රජාට අඩවිය හැරපියා යාමට සිදුවන බව අද මම අනාවැකියකින් කියමි... මෙන්න ඊට හේතුවුණු කොටස... බලන්න යුවරජා අප රාජෝත්තමයන් වහන්සේට යටහත් පහත්ව ගරුසරු ඇතිව කතා කරන අපූරුව.. මම නම් ගඟේ පනිනවා
    "රජා - බබී.....බබී...."
    "යුව රජා - මොකද ඕයි?"

    ReplyDelete
    Replies
    1. අපේ ගගේ වතුර හිදිලා මේ දවස්වල... නැත්තන් මමත් ජබුංංංංංංං තමයි ;)

      Delete
  39. විෂ්කි විෂ්කි... මරැ ලුලා

    ReplyDelete
  40. අද තමා නිවී හැනහිල්ලේ ආවේ .. මොනා උනත් එළලු ඈ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)