අපේ බැච් මේට්ටුවෝ එකතු වෙලා හදාගත්තු It's time to HIKE - ගිය නොගිය දුටු නුදුටු නව මානයක් සොයා සැරිසරන
ගෘප් එකෙන් පහල වෙච්චි අදහසකට අනුව ලංකාවේ අප්‍රකට රජමහා විහාර ගවේෂණය හා ඒ
හා බැදි අතීත පුරාවෘත්ත සෙවීම අපගේ අභිප්‍රාය වේ. එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික් ආවරණය ලකියා සමග ගවේෂකයා සමග සිදුකරන අතර වයඹ පළාත, කුරුණෑගල
දිස්ත්‍රික් ආවරණය රජා සමග සැළලිහිණියාය.
ගිරිගුහාරාමය නාරම්මල නගරයට ආසන්නව නමුත් රුක්මලේ නම් තරමක් ග්‍රාමීය පෙදෙසක පිහිටි අප්‍රකට පුරාවිද්‍යාත්මකව වැදගත් විහාරස්ථානයකි.
ගමන් මාර්ගය
කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.
කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල
කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල
කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල
ප්‍රධාන මාර්ගයෙන් හැරිය යුත්තේ නාරම්මල නගරයට කලින්ය. පුරාවිද්‍යා එකෙන් ගහපු දැන්වීම් පුවරුවක්ද ඇත. හරියටම කීවොත් නාරම්මල බාර් එක ලගින්ය ;)
ගිරිගුහාරාමය සෑදූ රජ කෙනෙක් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නැත. යුග කීපයකට මෙම විහාරස්ථානය අයත් වන බව පුරාවිද්‍යාත්මක මතයය. අනුරාධපුර යුගයේ පටන් පැවති බවට මෑතකදී කල කැණීම් වලදී හමුවූ ගඩොල් වලින් තහවුරු වන බව විහාරාධිපති හිමියන් අප සමග ප්‍රකාශ කල සිටියහ.
පැරණි ගල් පඩි දිගේ අපි ඉදිරියටම ඇදුනෙමු. ගල් පඩි සීයක් පමණ ඉහලට නැගුනු විට ඉහල මළුවට ලගාවිය හැක. විහාරස්ථානයේ විහාර ගෙය හා ලැගුම් ගෙය ඉදිකර ඇත්තේ පිහිටි ගල් ලෙන් දෙකක් උපයෝගී කරගෙනය. ලැගුම් ගෙය අදටත් වස්වසන භික්ෂූන් වහන්සේලා භාවිතා කරන බව ගම්වාසීන් අප සමග පැවසුවේය. කටාරම් කෙටූ හිස් ගල් ලෙනක් අදටද දක්නට හැක.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ශඛ වර්ෂ 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී. විහාර මණ්ඩපය වන්දනාමාන කරන ඔබට එය දැක බලාගත හැක. තවද ඉපැරණි පින්තාලියක්ද දක්නට හැක. එහි ජලය කිසිදා සිදී තිබෙනු නැති බව ගැමියෙක් රජා සමග පවසා සිටියේය.
විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණ පිහිටි ස්ථානය මනරම්ය. පිහිටි ගල්කුලක් මුදුනත එය පිහිටා ඇත. ගල්කුළු මුදුනට පිවිසුනහොත් ඉතාමනරම් දර්ශනයක් දැක බලාගත හැක. හාත්පස සිසාරා පැතිරී ගිය වෙල්යායවල්ය. තවත් පසකින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ආභරණයක් බදු වූ පොල්වතු යායවල්ය.
ඉහල මළුව අසලින්ම පහලට ඇති කුඩා අඩිපාරකින් පහල පිහිටි වැව වෙත පිවිසිය හැක. ඒ අසලම වාගේ පුරාවිද්‍යා වැඩබිමකි. නම්කල පස් තට්ටු වෙන වෙනම දැකගත හැක. මෙම කුඩා වැව දිය නෑමට නම් නුසුදුසු බව ගැමියෝ පවසන්නේ ඔවුන්ට තරුණ ජීවිත කීපයක්ම අහිමි වූ නිසාය. මේ වැව බිලිගන්නවා මහත්තයෝ... ඒ ඔවුන්ගේ කටහඩයි.
අනිත් විහාරස්ථාන වලට මෙන් ගිරිගුහාරාමයට දායක ගම් රාශියක් නැත. ඇත්තේ එකම එක ගමකි. පවුල් ගණන 60කි. ඉන් බොහෝ දෙනා ගොවියන් හෝ කුඹල් කර්මාන්තයේ යෙදෙන පිරිස්ය. මුළු ගමම අක්කර 6ය. මේ දින වල වයඹ සංස්කෘතික අරමුදලේ ආධාර මත ගල් පඩි වෙනුවට කොන්ක්‍රීට් පඩි යොදමින් පවතී.
ප/ලි:
වෙසක් එකට කුරුණෑගල පැත්තේ එනවානම් මෙන්න නියම පන්සලක්. මේකත් වන්දනා කරගෙනම යන්න.
රාජ චාරිකා සටහන් පෙල
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
10) අලගල්ල
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ දැන් ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් වලටත් දෙන්නද හදන්නේ
ReplyDeleteඇයි අවුල්ද?? ^_^
Deleteමේ ආයේ යනවනම් මටත් කියපිය! එන්නම්!!!
ReplyDeleteබොහෝ විට ලබන සතියේ සදුදා දිහා ආයේ යයි කොහෙ හරි. මම කියන්නම්!
Deleteලස්සන පන්සලක්නේ..... යන්න වටින තැනක් වගේ තමා....
ReplyDeleteයා යා... :)
Deleteපුරාණ රජමහා විහාරයක් නම් හතර පේරුවක් තිබිය යුතුයි. අක්කර හයක ඉන්නා පවුල් හැටක දායකින් ගැණ ඇති සඳහණෙන් පේන්නේ මෙතන කුල කේස් එකක් තියෙන බවද?
ReplyDeleteඑහෙම පොඩි කේස් එකක් තියෙනවා. මොකද කුඹල් කර්මාන්තයේ යෙදෙන අය තමා ගොඩක්ම ඉන්නේ!
Deleteඉඳලා හිටලා උඹ කුණු නැති හරුපත් කියනවා... යකෝ බාර් එකට ගියා ඔය බෝඩ් එක දැක්කෙ නෑනේ...
ReplyDeleteඋඹ බාර් එකට යනකොටත් බීලා.. එනකොටත් බීලා... ;)
Deleteරජමහා විහාරයක් කිව්වාට පසු කාලෙක මේ පැත්තෙ ජනාවාස නැතිවෙලා යන්න ඇති...
ReplyDeleteවෙන්න පුළුවන්. ඒ ගැන හොයලා බලන්න ඕනේ!
Deleteහොඳයි මචං... ඒ පැත්තේ ගියොත් බලන්න යන්න ඕන...
ReplyDeleteඅනිවාර්යෙන්..
DeleteUdarata paththe ena witaka matath danwanna.
ReplyDeleteMe satahana elaya. Mewa raka gatha yuthu deya. Niyamayi ya.
එල... මම මේල් එකක් විදින්නම්!
Deleteනිවාඩු දවස් වල යනවානමි මටත් කෝල් එකක් දෙනවද? ( වෙන තැන් වලට)
ReplyDeleteඑල... පෝයට නිවාඩුනේ? පෝය දවසට යමු. එතකොට වැඩිපුර විස්තරත් අහගන්න පුළුවන් :)
Deleteලස්සණ පන්සලක් :) කාලෙකට පස්සේ රජා වැදගත් වැඩකට සෙට් වෙලා වගේ.
ReplyDeleteහෙහ්... හැමදාම පිස්සෙක් වගේ ඉදලා හරියන්නේ නෑනේ! ;)
Deleteඑල. අලුත් වැඩේට සුබ පැතුම්. දිගටම කරගෙන යන්න.
ReplyDeleteඅපි ඔය පැත්තෙත් එනවා ඈ ;)
Deleteඑන්න, එන්න.
Deleteතව ගොඩක් මෙහේ තියනවා, ඒවත් ලියහන් මේ විදියටම. මේ වගේ අප්‍රකට ඒවා තියනවා.
ReplyDeleteඅනිවා...අපි යන හැම එකක් ගැනම ලියනවා බං!
Deleteඅප්‍රකට තැන් වලට තියා, ප්‍රකට තැනකටත් යන්න අකමැති, අපිරිසිඳුකම නිසා.
ReplyDeleteඒකනං ඇත්ත. අපි ගිය සමහර තැන් වල වවුල් විමාන. ගදේ බෑ!
Deleteමේවා සුද්ද කරන්නවත් හිතෙන්නේ නැද්ද දන්නේ නෑ දායක පින්වතුන්ට..
මාරු මරේ මරු
ReplyDeleteවර යන්න පන්සලකටවත්! ;)
Deleteවැඩේ නම් නියමයි. මේ විදිහට මතකයෙන් ඈත්වෙලා තියෙන අපේ අප්‍රකට සිද්ධස්ථාන ගැන දැනුවත් කරන එක වටිනවා. මේ සිද්ධස්ථාන සුරක්ෂිත කරන්න කරන කාර්යයක් විදිහට මේ වැඩේ ගන්න පුලුවන්
ReplyDelete//...කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී...//
මෙන්න මෙතන නම් රජෝ අවුලක් තියෙනවා. කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නේ 1747. කොටින්ම රජ්ජුරුවෝ උපදින්නෙත් 1734 වගේ. ඒක නිසා මේ අවුරුද්ද දාද්දී මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න
https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/936807_521058101288453_1900384365_n.jpg
Deleteමෙන්න මෙහෙමයි පන්සලේ ගහලා තිබ්බේ... ආ තව ශඛ වර්ෂ කියලත් ඉස්සරහට තියෙනවා.පොඩ්ඩක් බලන්ඩෝ..
අන්න එහෙම මොනවා හරි වැරැද්දක් තිබ්බොත් පෙන්නන්න ඈ. මොකද අපි ඉතිහාසය ගැන වැඩිය දන්නේ නෑනේ. :)
@ අඩවි රජ
Deleteශඛ වර්ෂ නම් ගැටලුවක් නැහැනේ රජා. ශඛ වර්ෂ හලපු එකෙන් තමා ගැටලුව ආවේ :)
ශඛ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ ව්‍යවහාර වර්ෂ එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ 78 ඉදන්. ඒක නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ කාර්යය කරලා තියෙන්නේ ව්‍යවහාර වර්ෂ 1786.
ඊළඟ ප්‍රශ්නේ එන්නේ එතකොට. 1786 වෙද්දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මියගිහින් රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ රජතුමා රජ වෙලාත් ඉවරයි.
කරුණු කාරණා වරද්දගෙන තමා මේ සටහන බිත්තියේ ලියපු මනුස්සයා ලියලා තියෙන්නේ කියලයි මගේ හැඟීම.
//ශඛ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ ව්‍යවහාර වර්ෂ එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ 78 ඉදන්.//
Deleteතෑන්ක්ස් හසිතයෝ.. සිරාවටම දැනන් හිටියේ නෑ. මම හිතුවේ ශඛ වර්‍ෂ නිකම්ම වර්ෂ කියලා :)
අඩේ එතකොට මාරම සීන් එකක්නේ වෙන්නේ. එතකොට මොන රාජසිංහද මේක හැදුවේ. බොන්න වෙන සීන් එකක්නේ!
බාර් එකක් ගාවිං නේද හැරුන කිවුවෙ. :D
Delete@ අඩවි රජ
Deleteකීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කරපු ආගමික සේවාවන් එක්ක බලද්දී මේ කාර්යයත් ඒ රජතුමාගේම ගිණුමට බැර කරන්නත් පුලුවන්. එතකොට මේක ලිව්ව එකා ගහපු බුලක් නිසා අවුලක් වුණා කියලා හිතන්න තමා තියෙන්නේ
ෂුවර් එකට ඕක ලියපු එකා බාර් එකෙන් බීලා :)
Deleteඑකත් එකටම බාර් එක උගේද දන්නේ නැහැ.
Deleteහහහා... :) :)
Deleteඅඩෝ මම මේකට ගිහින් තියනවද කොහෙද බං
ReplyDeleteහෑ...? උඹ මෙහෙ ආවාද? ;)
Deleteඑල එල. දැන් නම් ඉතින් රජ බැල්මක් ලබාපු නිසා රජ මහා විහාරයක් කියලා ගන්න පුළුවනි.
ReplyDeleteඔව් ඔව්.. ^_^
Deleteඑල වැඩක් ...ආයේ දෙකක් නෑ ......රජාගේ වැඩක්නේ .......
ReplyDeleteහි හි :)
Deleteඇති යන්තම් පන්සලකටවත් යන්න හිතුන. අනේ හොඳයි.
ReplyDeleteඅපිට එහෙම ඒවත් හිතෙනවා හරිය.. ;)
DeleteWELAWAKA SET WELA YAMUD AYE
ReplyDeleteඅනිවා යං.... පුළුවන් දවසක් කියහන් :)
Deleteහොදය් (අද හෙන අප්සට් වැඩි දෙයක් කියන්ඩ බැ ඒනිසා :( )
ReplyDeleteඅප්සට් ගන්න එපා මෙයා... :)
Deleteඑල.....ෆවුසි...රජා
ReplyDeleteඅඩා මම මුස්ලිම් නෙමේ... ;)
Deleteදැන් උඹ ඕවාද එහෙනම් කරන්නේ?
ReplyDeleteහොදයි නෙහ්...? ;)
Deleteලංකාවෙ අපි නොදන්න ලස්සන තැන් කොච්චර තියෙනවද කියලා හිතෙන්නෙ මේවා දකිද්දි..හොඳ වැඩක් මල්ලි..
ReplyDeleteතව තැන් ගොඩයි...විස්තර දෙන්නං :)
Deleteඅදමයි මේ පන්සල ගැන ඇහුවෙත් රජෝ.. මං ආවම මටත් යන තැනක් කියපං හොද එකා වගේ..
ReplyDeleteආ...යමන් යමන්... අපිටත් කට්ටිය නැතුව ඉන්නේ :)
Deleteහලේ මේ මෙච්චර පංසල් හොයාගෙන යන පුද බිම් හොයාගෙන යන රජානේ මේ කුණු හබ්බ පෝස්ට්සුත් ලියන්නේ, ඈ? :-O
ReplyDeleteරජා කියන්නේ නිකන්ද? ^_^
Deleteරජෝ නියම වැඩක්... ඒ කියන්නෙ හොද වැඩක්.... මමත් අනිව ඕකට උබට උදවු කරනව....
ReplyDeleteඑල කොල්ලෙක්... යං වෙලාවක! :)
Deleteරජා රජ වැඩක් බලන්න ගිහින්.. තියෙන තැනටමනෙ හැමදේම ලැබෙන්නෙ. අර විසාල ප්‍රසිද්ද පන්සල් වෙනුවට මෙන්න මේ තැන්වලටයි මිනිස්සු ආදාර කරන්න ඕනෙ..
ReplyDelete//අර විසාල ප්‍රසිද්ද පන්සල් වෙනුවට මෙන්න මේ තැන්වලටයි මිනිස්සු ආදරේ කරන්න ඕනෙ//
Deleteසහතික ඇත්ත!!!