බ්ලොග් ලියන උන්ගේ අවුරුදු උත්සවේට යන්න අපි පුල පුලා මූණ බිම ඔබා බලන් සිටියෙමු. දවස උදා විය. මහ පාන්දර 6 විතර නැගිටගත් රජා කෙලීන්ම ආවේ නිට්ටඹුවටය. හොදට ෂපාන් එකේ කොළඹ බස් එකක ඉදගත්තෙමි. ඉරිදා හින්දා වැඩිය සෙනගත් නැත. උදේ පාන්දරම ආතල් එක දුන්නේ බස් එකේ කොන්දා සහ ඩයිවරයාය. බස් එකේ සෙනග නැති හින්දා කොන්දා කෑගහන්නේය. ඒකත් අළුත්ම විදිහකටය.
ආ එන්න...කොළඹ කොළඹ කොළඹේ.....
වචන ටික අවුලක් නැති උනාට මූ ඕක කියන්නේ පස්ස නලෝ නලෝය. අර PSY ගේ ජෙන්ටල්මන් එකේ වගේය. මං හිතන්නේ ඌ උදේ පාන්දර ඉනට එක්සයිස් දෙනවා විය යුතුය. එක්කෝ පට්ට බොකක් සෙට් වෙලාය. බස් ටෑන්ඩ් එකේ තුන්මන් හන්දියේ කකුල කොර ගගහ ආපු බල්ලෙක් තඩි බොකක් බෑවේය. වාසනාවට වගේ මම එය දැක්කේය. අද දවසම සුභ වෙන බව හීනෙන් වගේ මට තේරුනේ එතකොටය. ඩයිවරයා බෙට්ට වගේ බස් එක කැරකෙව්ව විදිහ මාරම ලස්සනය. බෙට්ටට කිසිදු හානියක් නැත.
කොටුවට එනකොට දැකලා පුරුදු එකෙක් වටපිට බල බල කැරකෙන්නේය. අඩේ අප්පේ....කොට නාඩියාය.
රජා: අඩො....
නාඩියා: අම්මට සිරි...උඹ තනියමද ආවේ.
රජා: නෑ බං මේ කෙල්ලෙක් ඉන්නවා කිව්වා....
නාඩි: මේ මමත් එකක් එක්කන් ආවා බං...හොයාගන්න බැරුව ඉන්නේ...
නාඩි: කෝල් කරමින්.... කොටුවේ ටී අකුර යටට එන්න ඈ...
මම අර ගෑල්ලමයට කතා කලෙමි. එයා නම් ඈත එනවා පෙනුනි.
රජා: ආ එනවා....
නාඩියා: අනිකත් පිටිපස්සෙන් එනවද කොහෙද....
වෙනදා වගේම ගවේෂකයා පරක්කුය. කොටුවෙන් යනකොටත් 9ට කිට්ටුය. 138 ඇවිල්ලා හොයාගෙන හොයාගෙන එනකොට 9.30ට විතර ඇතිය. ඇතුලට ආපු ගමන් බනියා සෙට් උනේය. පඩි ටික බැහැගෙන බැහැගෙන එනකොට රාජ් අයියා රජාව ඇදගෙන ආවේය තව පොඩ්ඩෙන් හොම්බ කට සමතලා වෙන්නේය. ඒ ඇදගෙන යෑම අස්සේ ඇස් දෙක වික්ෂිප්ත කල දර්ශනයකි. රෙඩ් බුල් අක්කලා දෙන්නා නම් ලොවෙත්ය. රෙඩ් බුල් එක ගහන්නත් කලින් මට තටු ආවේය. සුදීක අයියේ........ෆිට් තමා ඈ ;)
උදේ පාන්දරම ශම්මියා, සමියා, නිශානයා, නොහික්මුණ එකා, නලීන් අයියා එහෙම බැහැලා වැඩය. ආයේ මොකටද කරදර කරන්නේ. අපි පැත්තකට වෙලා හිටියෙමු. කොඩි උස්සලා එහෙම වැඩ ආරම්භ උනේය. ඒ අස්සේ කරන්ට් එකත් නැතිය. ටික වෙලාවක් යනකං බස් එකේ උන්ගෙන් බේරිලා හිටියද කවුදෝ එකෙක් කරන්ට් එක හොයාගැනීමත් සමගම වැඩේ දෙල් විය. අයිසා, නීනු අපේ කන් කෑවේය.
බනිස් කෑමේ තරගයත් පුල් ආතල්ය. සුපිරිම එක දුන්නේ මාරයා සමග සමියාය. උන් දෙන්නා අතින් අල්ල අල්ල බනිස් ගෙඩි දෙක තුනක්ම කෑවේය. අතින් අල්ලන්න එපා කියන උන්ට මාරයා තර්ජනය කලේය. සමියා නම් බුදියගෙනත් කෑවේය. ඉතුරු වෙච්ච බනිස් තුනකට රජා වගකිව්වේය. ඇයි බං....සල්ලි දීලත් ඇවිල්ලා බඩිගින්නේ ඉන්නේ මොකටද නේ?
තරග වලට මොනා උනාද දන්නෙත් නැත. ටික වෙලාවකික් කට්ටිය පිට්ටනිය මැද්දේ සුකුරුත්තන් ඩාන්ස් දමන්න ගත්තේය. රජා බිම ඉදගෙනම පොටෝ අල්ලන්න ගත්තේය. අනේ අම්මේ....අර කෙට්ටු ගෑණු ළමයා ඉන සුග ඇඹරුව ඇඹරිල්ලට මම නං හිතුවේ ඉන ජොයින්ට් එකෙන් ගලෝලා නුගේගොඩ දිහාට විසිවෙයි කියලාමය. ඒ අස්සේ කවුදෝ එකෙක් ඈත ඉදන් දුවගෙන එන්නේය. සෙනග අස්සෙන් රිංගගෙන පණ කඩාගෙන ආවේය. අම්මට සිරි....මේ අපේ මාරයියාය.
මාරයා: මේවා බලන්නැතුව වෙන මොනා බලන්නද බං...
රජා: අනිවා අනිවා....අර පේන්නැද්ද...
එකෙක් දර්ශන පථය අවහිර කලේය.
මාරයා: පින්වත පොඩ්ඩක් අයින් වෙනවද අපිට මේක බලන්න.
තව මොනවද විකාරෙන් වගේ කියෙව්වද මට මතක නැත. අර කෙට්ටු අක්කා නාඩියා එක්ක නැටුවේය. මමනං හිතුවෙම නාඩියාට ගැහුවම තමා කියලාය. නාඩියා බයෙන් වගේ අත පය විසිකරනවා අපි දැක්කෙමු.
ඒ අස්සේ තරියා රජා සහ අනිත් සෙට් එක පොටෝවකට පෙනී සිටින අතරම තරියාගේ කේරල දේශයෙන් ගෙනා සරම උස්සා කක්කි පැත්තම පෙනෙන සේ පොටෝවක් එකෙක් ගැසුවේය ඒ අලකලංචි අස්සේ ගවේෂකී, සහ ශෝනා කෙල්ලගේ පොටෝ ගහන්නට ගොස් රජා ඉල්ලගෙන, ගාගෙන, නාලා, කාලා, වමාරලා, ඒවත් කාලා, ආයේ නාලා, ටොයිලට් ගිහින්, දාලා, ආයේ ඒවා කාලා, වමාරලා ආයෙත් කාපු සීන් එකක් ගියේය. උන්ගේ හෑන්ඩ් බෑග් එල්ලා ගත් රජා ටක් ගාලා පොටෝවක් ගැහුවේ අනිත් උන් දකින්න කලින්ය. අනේ හත්තිලව්වේ......ඒ තප්පර දෙකට සීන් එක ලීක් වෙලාය.
මං මටම මඩ ගහගැනීම |
රජා නං හිටියේ කිරි කෑමේ තරගයට විතරමය. ඒකත් යෝගට් එක කන්න ඔනේ නිසාමය. අර කෙල්ලට හිමින් කවපන් දිනන්න ඕනේ නෑ...මට කන්නයි ඕනේ කිව්වම මගෙ ඇග පුරා හලමින් කැව්වා කියහන්කෝ. මට ඇඩුනේය. අයියෝ ඩෙනිමය.
ජන ගී ගායනා තරගය නම් ෆුල්ම ෆන්ය. බුරිය ඉදිමෙනකන් හිනා උනෙමු. ඔක්කොටම වඩා සෙට් වෙන්නේ ඕනයාගේ කමෙන්ට්ස්ය. නැගලම ගිය සින්දුව කිව්වේ නෙරන්ජි අක්කාය. කට්ටිය ජන ගීයට නැටුවෝය. සින්දුව අවසානයේ උශානයාද කොහෙද පඩිපෙලේ ඔලුව ගහගන්නවා හැමෝම දැක්කේය. අර කැඩිච්ච පෙට්ටියක් අරන් ඇවිල් විරිදු සින්දුවත් ලොවෙත්ය. උමාගේ පාරු කවිය අස්සේ සමහරු ඔරු පැද්දේය. උමා අක්කට දුන්න කමෙන්ට්ස් ටික කෝමද?
තව පද 4ක් තිබ්බනං ඔඩොක්කුවේ...
ඔයාට කඩේ යවන්න පුළුවන්...හොද හැකියාවක් තියෙනවා. (ඒ ඒවා වීඩියෝ කරපු උන් දාපල්ලා.........)
සිරාවටම සිරාම සිරා දවස ඈ....පට්ට ආතල්.
බුකියේ රාජ පොටෝ ඇල්බමය
ප/ලි:
අපිට දැන් මඩ වැදිලා ඉවරයි.........වෙන වෙන්න දෙයක් නෑ. අනිත් උන්ටත් ගහමු නේ?
කතා කරන මඩ පොටෝ මේ පාරත් මමම කරන්නද?????????
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පාරිශුද්ධයි... ^_^ අවුලක් වී නැත, දැනට..
ReplyDeleteජන ගී එකේ ක්මෙන්ට්ස් ටික නම් මරු.. :D
සොරි ඈ ශම්මි....
Deleteපොඩ්ඩක් කුජීත උනා කතා කරන මඩ පොටෝ පෝස්ටුවෙන් ;)
//කතා කරන මඩ පොටෝ මේ පාරත් මමම කරන්නද?///
ReplyDeleteඕක ඉතිං උඹ ඇරෙන්න වෙන කාටද කරන්න පුළුවන්... හි හි....
අපරාදේ නේ බං යෝගට් එක....
ජන ගී එකේ කමෙන්ට් ටික අහලා මට හිනාවෙලාම ඔලුවේ කැක්කුමත් වැඩි උනා.... ඒක නම් නියමයි...
Deleteඅක්කේ ඔයා ආවද?? කතා කරන්න බැරි වුනානේ දැක්කෙත් නෑ
Deleteහිරූ..උඹ ආවද..බොරු නේද?
Deleteහිරු ආපු නිසා තමයි කට්ටියටම එන්න පුලුවන් උනේ.
Deleteආවේ නෑ......ඔය ගෙදර ඉදන් අහගෙන ඉදලා. බලහන් බල්ටියේ දුර තියාගෙන මේක ආවේ නෑනේ :/
Deleteඅපි ගහමු බං මඩ...
ReplyDeleteමේ මදි....
මේ මඩද බං.... විස්තරේ පමණය!
Deleteඇයි මේ හැම එකාටම මාරය බනිස් කනව විතරක් පේන්නෙ ඈ.. :D
ReplyDeleteදවසේ ආතල්එකනං කියල වැඩක් නැතිය.
එකට හේතුව මචන් මාර බනිස් කැමක් නිසා.
Deleteඒක කෑමක්ද? නෑමක්නේ!
Deleteවටිනම පොටෝව රජා දණගහගෙන, බර කරගහගෙන ඉන්න එක... රජෙක් වුනත් ඉතිං ලෝක ධර්මතාවයට පිටු පාන්න බෑ කියන්නෙ ඕක වෙන්ටෑ...
ReplyDeleteසිරාවට එකද මේ සාතන් අය්යා....
Deleteතප්පර දෙකෙන් ලීක් උනානේ සීන් එක :/
Deleteෂික්...........ඇඬෙනවා..ඕයි..!
ReplyDeleteමටත් අයියෝ.......................
Deleteඇයි යකෝ නාවේ? :(
Deleteඅපෝ රජා බලුවුනේ ඊයේ රෑමයි...උපන්දිනේ කියපං මම හෑන්ඩ් බෑග් එකක් අරං එවන්න..
ReplyDeleteජනවාරි 6 බං....අනේ එවපං ඈ! ;)
Deleteඅනිත් උන් ගහන්න කලින් උඹම මඩගහ ගත්තාම නම්බුයි නේ
ReplyDeleteඅනිත් උන් ගහන්න කලින් උඹම මඩගහ ගත්තාම නම්බුයි නේ
ReplyDeleteඑකෙන්ම! :)
Deleteමඩ එනකම් ලබා සිටිමි..................ඔයාට බ්ලොග් එකේ එල්ල ගන්න ෆොටෝවක් දාන්න මට එන්න බැරි වුණානේ.............හික් විතරක්.............
ReplyDeleteඅර හෑන්බෑග් එල්ල ගත්තු ෆොටෝවනම් කැතම කැතයි ෂික් ලැජ්ජාවෙ බෑ ඒ නිසාම ඒක ඉස්සෙල්ලාම දාගෙන........................
ඒ ෆොටෝව ගත්තු කෙනා කවුරු වුනත් එයාට සුභ පැතුව කියන්න...........
වෙන කවුද ඉතිං... ;)
Deleteනාඩියට පුරා සත් දවසක් එක දිගට බඩම පල...
Deleteමඩ පෝස්ට් එකක් උඹම දාපන්...(හැබැයි කක්කා කේස් නැතුව)
ReplyDeleteහික්...
Delete// කට්ටිය ජන ගීයට නැටුවෝය.//
ReplyDeleteනැටුමේ නම් දාලා නෑනේ...:D
අඩේ එක මතක නෑනේ ;)
Deleteමේ සැරේ ආවේ හැමෝම දැකබලා ගන්ටය, කට්ටිය අඳුනා ගත්තේය (ටිකදෙනෙකු)
ReplyDeleteකතා කර්ණාට ලජ්ජා හිටුනේය, ලබන සැරේ කතා කරමිය,
එල කිරිස්.... අපි එක්ක කතා කලානේ :)
Deleteපාරු පැදීමේ අවස්ථාව විඩියෝ කලේ නෑ කියලා මතක් උනෙත් දැන් ඉයහන්කෝ..කෙමෙන්ට්ස් ටික අහාන් හිටිය මිසක වීඩියෝ වැඩේ මතක් උනේ නැති එකේ පාඩුව..
ReplyDeleteඅයියෝ........බං :(
Deleteහරි.................. මේකත් කියෙව්වා........ :D
ReplyDeleteහොද ළමයා...
Deleteමට බොලත් එක්ක මල ඈ.. කමක් නැහැ .. මං බොලාව පණපිටින් (හැබැහින්) දැක්කනේ... දාන්න දාන්න.. දාන ඕනි එකක්
ReplyDeleteඋඹ ඉතින් යක්කු ගස්යන වෙලාවට කඩන් පාත් උනාම මම මැරෙන්නද?
Delete// මමනං හිතුවෙම නාඩියාට ගැහුවම තමා කියලාය. නාඩියා බයෙන් වගේ අත පය විසිකරනවා අපි දැක්කෙමු.//
ReplyDeleteමමත් හිතුවේ නාඩිගේ *කට කවුරුන් හෝ පෙට්‍රල් ගසා ඇතිය කියාය.
හික්.... මම හිතුවේ ගැලවෙයි කියලා ;)
Deleteඅයියො :D හිතුවා අර ටකරමා උබලෑ කං කනවම තමා කියලා ශුබ වේවා රාජ සම්පත් ලැබේවා
ReplyDeleteලොල්...
Deleteරජා නියමයි ඈ......
ReplyDeleteෆිට් තමා ඈ...
Deleteඒ මතෝ උබ ගිය පාර කිඋව නේද තෑගි ඔක්කොම දිනනවා කියලා ඉතින් දින්නද
ReplyDeleteඒ ගිය පාරනේ බං....මේ මේ පාර ;)
Deleteපස්ට අතල් හැ..... අවුරුදු කුමරය තොරන වෙලෙ එහෙම...
ReplyDeleteහෙහ් :)
Delete:P
ReplyDeleteඋඹ තමා මිනිහා.. ;)
Deleteමොනා නැතත් කට්ටිය හොඳට බඩ පුරවගෙන නම් තියෙනවා
ReplyDeleteමම බනිස් 3
Deleteරෙඩ් බුල් 2
බත් එකයි
යෝගට් එකයි
වතුර ලීටර් 3 :)
අඩේ මට එන්න බැරි වීම පිළිබඳව පශ්චාත්තාප වෙනවා...
ReplyDeleteපට්ටම පොටෝ1 තමයි අර රජා කියන එකා හෑන්ඩ් බෑග් දෙකත් දෙපැත්තෙ දාගෙන පොටෝව ගන්න එක..
ඒ පොටෝව ගත්ත එකාට හිමාගේ උත්තමාචාරය...හෙක්...හෙක්...
සික්...
Deleteෆොටෝ ගහන්න හරි කෙල්ලො ඉස්සරහ බඩ ගාන්න තොට ලැජ්ජ නැත්ද යකෝ. චැහ් .. දැන් ඉන්න රජවරුත් මහ සෙවලයොනේ.
ReplyDeleteසම්පූර්ණ වැරැද්ද කෙල්ලෝ දෙන්නගේ. ඇයි යකෝ පොටෝ ගහන එකාටම බෑග් දුන්නේ? :/
Deleteපට්ට ආතල් බං
ReplyDeleteඇයි බං නාවේ?
Deleteena bari una ea unta Blog ekata awa.
ReplyDeleteJayawewa.
එන්න තිබ්බේ බං...
Deleteහා හා උඹම මඩයා වෙයංකෝ එහෙනං
ReplyDeleteහා හා... ;)
Deleteලබන අවුරුද්ෙද්වත් අාතල් ඒකක් ගන්න අපිටත් ෙගදරින් අවසර ලැෙබ්වා!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteහික් හික් තමයි කියන්න තියෙන්න
ReplyDeleteඅනිවා!
Deleteඅනේ පල පල රජෝ.
ReplyDeleteහෑන්ඩ් බෑග් ෆොටෝ ඒක පබිලිස් වුනාට පස්සේ දැන් උඹ උඹටම මඩ ගහගත්තා කියල බේරෙන්න නේද හදන්නේ..??
අපි අහුවෙයි ඔව්වට :p
ඒ අහුවෙයකෝ! ;)
Deleteඅපරාදේ මිස් විය! :( ලබන පාර තිබුනොත් නම් ලොවෙත් එමි!!
ReplyDeleteඅපරාදේ :(
Deleteමල්ලි නීනු සහ නෙරංජි කියන්නෙ දෙන්නෙක් කියලා රට්ටු රැවටෙයිද?
ReplyDeleteවැදගත් පුරස්නයක්! :)
Deleteදුකේ බැ.
ReplyDeleteඇයි ආවේ නැත්තේ?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම බනිස් කාලා එක උඹ ඒවා ලිව්වේ නැහැනේ :(
ReplyDeleteමතක නෑ ඕයි...
Deleteබොහොම මදි තව පිංතුර බොහොමයක් තිබ්බා දාන්න හා ලියන්න..
ReplyDeleteමග එනවා.....
Deleteකාලෙකින් නටන්න බැරි උන ඇරියස් එක කව්‍ර් කරගතිමි ...
ReplyDeleteඅපි දැක්කෙමු...
Deleteඑල ඈ රජා
ReplyDeleteෆිට් ඈ..
Deleteඅඩෝ කරන්ට් එක හොයාගත්තේ මමයි සෑමයි හරිය හික්ස් එල පොස්ටුව
ReplyDeleteඅම්මට උඩු ඒමද? :) :)
Deleteela machan godak sathutui....
ReplyDeletebala sanahunemi...
අපරාදේ එන්න තිබ්බේ :)
Deleteදාපන් දාපන් තව ටිකක්. (y) :D
ReplyDeleteනියමයි සයිබර් ෆෙස්ටිවල් එක.. එන්න බැරිවුන එකයි දුක...
ReplyDeleteඅපරාදේ ඈ...
Deleteකෝ යකෝ මඩ
ReplyDeleteමග එනවා
Deleteතෝව නේ දවසේ මුලින්ම දැක්කේ! දවසම කුප්පයි!!!!
ReplyDeleteඒ උනාට උඹ එක්ක ආපු අක්කා.... :* :*
Deleteතියෙන උන් වීඩියෝ දෙක තුනකුත් දාපල්ලකෝ බලන්න ..
ReplyDeleteබනියා දායි :)
Deleteඋඹ හොද එකා මට මොකවත් කියලා නැ
ReplyDeleteහැමදාම එකාටම ගහන්න හොද නෑනේ ;)
Deleteමදි මදි හොඳටම මදි . . :D
ReplyDeleteමග එනවා.....
Deleteමඩ ටිකත් බලලම ඉමුකො එහෙමනම්... ජය වේවා...
ReplyDeleteඑලාස්...
Deleteමොන කෙලියෙ හරි මඩ ටිකනම් මාර ජොලිය.
ReplyDeleteහෙක්... ;)
Deleteකතා කරන පින්තූර දාපං ඉක්මනට..
ReplyDeleteදැම්මෝ......
Deleteෆොටො ටික නම් මරු..කො වීඩියෝ ක්ලිප්ස් නැද්ද ඒවාත් දාන්නකො, කතා කරන මඩ ෆොටොසුත් ඕනැ ගිය පාරෙ වගේ.
ReplyDeleteඒක නෙවෙයි අර හැන්ඩ් බෑග් දෙකම මාර ලස්සනයි නෙ ලේටස්ට් ඩිසයින්ස්, ඔයාට අපහසුවක් දැනුනෙම නැද්ද දෙපැත්තෙම එල්ලන් ඉන්නකොට..? මොන අපහුසුද ඕවා ඉතිං රජ්ජුරුන්ගෙ ආතල් නෙ නේද :D :D
අනිවාර්යෙන්...දෙපැත්තම බැලන්ස් වෙලා ගියා ;)
Deleteනියමයි
ReplyDeleteනියමයි
ReplyDelete:)
Deleteරජා මහේෂිකාවන්ගේ ෆොටෝ ගන්න හැටි නම් නියමයි.:D
ReplyDeleteපව් අප්පා මම :(
Deleteඅඩෝ වෙන නැද්ද බං
ReplyDeleteදෙන්නං ගමකට ;)
Delete