අයියා....පොඩි බීඩියක් උරමුද? රජා ට්‍රේනින් හිටපු සයිට් එකේදී ඇහුණු සුපුරුදු වදන් පෙළකි. සේෆ්ටි ඔෆිසර්ස්ලට හොරෙන් කට්ටිය බීඩි ඇද්දේය. උන් බීඩිය උරන වෙලාවට රජා ශේප් එකේ එතනින් මාරු වෙන්නේය. මන්ද, උන් ඕක උරන තැන මම ඉදලා මාට්ටු උනොත් ලෙඩේ මටය. ඒත් ඉතින් වැඩක් නැත. මොකෙක් හරි බීඩිය උරපුවාම තට්ටු තුන හතරක් යටට සුවද යන්නේය.
අපේ අත්තා තුමා ඉන්න කාලෙත් කිරිඅම්මා පොඩි බිස්නස් එකක් ලෙස බීඩි එතුවේය. ඉස්සර ඒ පැත්තේ ගෙවල් වල ගෑණු උදවිය ස්වයං රැකියාවක් ලෙස කලේ මේකය. සෑහෙන ඉල්ලුමක් තිබ්බා මතකය. පොඩි පාන්ගෙඩියක් වගේ වෑන් එකක් ඇවිත් මේවා පටවගෙන යන එක අත්තලාගේ ගෙදර ගිය දවස් වලට මට අමුතු දර්ශනයක් නොවුනේය. කාලයත් සමග බීඩිය අභාවයට ගියේය. බිස්නස් එකත් එහෙම්මම නතරව ගියේය.
රජා මේ ඊයේ පෙරේදා කිරිඅම්මව බලන්න ගියේය. හානේ......ආයෙත් බීඩි එතිල්ල පටන් අරගෙනය. වෙලාවට කැමරා පොඩ්ඩත් නංගිගේ කැබින් එකේය. ටක් ගාලා පොටෝ දෙක තුනකුත් අල්ලගෙන අර සුදීක අයියා වගේ බීඩි ගැන සම්මුඛ සාකච්ඡාවක් ගත්තේය.
රජා: කිරි අම්මේ දැන් කීයද මේවා විකුණන්නේ?
කිරිඅම්මා: මිටිගානට දෙන්නේ පුතේ....බීඩි දාහකට රුපියල් 500ක් දෙනවා.
රජා: මිටියක බීඩි කීයක් තියේද?
කිරිඅම්මා: එකක 20යි!
රජා: ^_^
මම පැයක් විතර බීඩි එතිල්ල බලාගෙන සිටියෙමි. පොඩිකාලේ දැක්කට පස්සේ දැක්කමය. මේ වැඩේට පොඩි පොඩි ගැජට් කෑලි දෙක තුනකුත් ඇත. මේ තියෙන්නේ.....
බීඩි කොල |
ඔතමින් |
මේකෙන් තමා ඉස්සරහා හදන්නේ |
බීඩියේ සම්මත දිග මනින අයිටම් එක |
බීඩිය ඔතන නූල් |
මල්ටි බැරල් බීඩි ^_^ |
බීඩි ලොවක තනිව |
ඔන්න බලනවනම් වීඩියෝවත්....
බීඩි එතිල්ල බැලූ රජා බඩ පැලෙන්න කුරුම්බා ගෙඩි දෙකකුත් ගසා මාලිගාව බලා ආවේය.
අති විශේෂ රාජ අවවාදය
බීඩි බීම පිළිකා ඇතිකරයි! පළාතම ගද ගසයි!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බීඩියකුත් බිව්වා නේද තෝ..?? :D
ReplyDeleteපොඩි කාලේ බීඩි මිටියක් එක දිගට බීපු හැටි මතක් උනා.
Deleteපිස්ෂුද ඩෝ!
Delete:O
ReplyDeleteමේ මොක? ;)
Deleteහපූයි බීඩි ගදයි ඕයි :v
ReplyDeleteඉබින්න එපා ඕයි!
Deleteගද පැත්තකින් තියල ගහල බලමුද ඈ?:v
Deleteඇත්ත කියපිය,, බොලත් බීඩියක් බීලා නේද ආවේ?
ReplyDeleteපිස්සුද යකෝ... මේ පින්වන්ත කටින් බීඩි බොනවද?
Deleteඋඹ එකක් ගහලා බැලුවේ නැද්ද?.මට නම් ඕවා පේන්න බැහැ අෆ්ෆෝ ගඳ.
ReplyDeleteනෑ බං... හිතෙන්නේ නෑ!
Deleteසික්... පළාතම ගඳයිනේ බන් බීඩි බිව්වම...
ReplyDeleteඅපේ ගෙවල් ලග ටිකක් අප්සෙට් ඩයල් එකක් ඉන්නවා මිනිහා දකින දකින ඕනම කෙනෙකුගෙන් රුපියලක් ඉල්ලනවා බීඩි බොන්න.. දන්න කාලේ ඉදන්ම රුපියලයි...
හිකිස්...එහෙමද? :))
Deleteමල් ඔතන්නෙත් මේමද අයියා ?
ReplyDeleteපොඩ්ඩක් වෙනස් නේ... ;)
Deleteමල් ඔතද්දී ඔතන ඔස්තාර්ගේ කෙළ පාර තමයි ඔතන කොලේටයි ,ඔතපු සුරුට්ටුවෙ සැර අඩු/වැඩි ගතිය තියෙන්නෙ.
Deleteමල් ඔතනව සුදු පේපර් එකෙයි,කාප්පෙයි[දුම්කොළ කැබැල්ල]පේපර් එකේ ඔතද්දී ලා කෙල පාර ඇති නිමැයුම ට තිත තියන්න.නමුත් කාප්පෙ නිමැයුම අහවර කරන්න නම් හීනියට කාරපු ගොරෝසු කෙල ටිකක් අවශ්‍ය ම තමයි නිමැයු මේ කෙළවරක් දකින්න.
Deleteඔය හම්බුනේ උත්තර :)
Deleteබීඩියක් විතර උස රජා
ReplyDeleteතපප්යක් උඩට වී
බිඩි බි බඩු මාට්ටුය
හිකිස්... :)
Delete.ෂෙහ්.....එකක් උරලම බලන්න ඕන රහ.කලු සුරුට්‍ටු තමා පට්ට ගඳ.........අප්පා මාර ගඳයි.
ReplyDeleteදැන් සිගරට් ගනන් නිසා පොරවල් උරන්නෙ සුදු බීඩි කියල ජාතියක් සුදුපාටයි බැලූ බැල්මට සිගරට් එකක් වගේ. බීඩි තරම් ගඳ නෑ.
ඉස්සර අපි පොඩි කාලෙ බීඩි මිටි ආවෙ ලී පෙට්ටියක. සැහැල්ලු ලී ජාතියකින් හදල තිබුනෙ.
ඒ කාලෙ දැන් වගේ වෛවාරණ සෙල්ලම් බ්ඩු තිබුනයි...කරත්ත හදන්න ගත්තෙ බීඩි පෙට්ටි. සෙරෙප්පුවක් කපල රෝද හදල. පෙට්ටියට තියල බට ගහකින් කපා ගත්තු බටයක් තියල ඇක්සල් එක හදල රෝද හයි කරල................පට්ට ෆන් ඒකාලෙ ගත්තෙ බං........! කඩේ මුදලාලියට නොවදිනා වැදුම වැන්ද හැටි තාම මතකයි..බීඩිපෙට්ටියක් ඉල්ල ගන්න.
මටනං මතක ඇති කාලෙක බීඩි ලී පෙට්ටිවල ආවෙ නෑ. ඔය කියන්නෙ සුරුට්ටු පෙට්ටි වෙන්න ඇති.
Deleteඔව් නේද..? දැන්නම් පටලැවිලා..බීඩිද..සුරුට්ටුද ..පෙට්ටිවල ආවෙ කියල...??? මට හිතෙන්නෙ.. ප්‍රසන්න හරි.ස්තුතියි මතක් කලාට.
Deleteමෙන්න මෙතන පෙට්ටි ප්‍රශ්නයක්.... දෙන්නම පෙට්ටිය කඩාගන්නැතුව විසදගන්න ;)
DeleteThis comment has been removed by the author.
Deleteකෝ උඹ බීඩි කියන එකා කොටු දාලා නෑනේ!
ReplyDeleteදැන් කොටු දාන්නෑනේ ;)
Deleteනියමයි, අපේ පොඩි එකාට මේ බිඩි ගැන දැනගන්න ඕනවෙලා තිබුනේ මම එකාට වීඩියෝ එක පෙන්නුවා, රජෝ ඔය බිදී කොළ කියන්නේ මොනවාද? ඒවා ඇතුලට දාන අර කුඩු මොනවාද? පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්.
ReplyDeleteඒ කොලේ ගැන කියන්න විස්තර නම් දන්නෑ... කොහොම හරි වෙනම ගස් ජාතියක් තියෙනවා. ගහ මොකද්ද දන්නෑ. මට අහන්න බැරිඋනා!
Deleteඅර කුඩු ඇවිල්ලා දුම්කොළ පොඩිකරලා ගත්තු කුඩු.
කැප්පෙටියා කොළ ගන්නවා(ලු).
Deleteඅයියෝ බීඩි...
ReplyDeleteදැන් එතකොට එනගමන් රජා බීඩි කීයක් සාක්කුවේ දාගත්තද?
0 ක් ;)
Deleteඅපේ ගෙවල් පැත්තේ ඉන්නවා නැන්දා කෙනෙක් . අපේ නෑදෑයෝ. ඉස්සර එයත් බිඩි ඔතනවා. පොඩි කාලේ අපිත් ඔතලා දීලා තියෙනවා එයාට.ඉස්සර මං තමයි කොළ ගානට කපන්නේ.හැබැයි රජ අයියේ අර මිනුම් උපකරණය නම් දැක්කේ අදයි.
ReplyDeleteඇයි එයාලා මනින්නේ නැද්ද?
Deleteයකෝ බීඩීය හදලා ඒක අතටත් දීලා මූ කියපි.. " බීඩි බීම පිළිකා ඇතිකරයි! පළාතම ගද ගසයි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! " කියල. හරියට අර දුම්වැටි සමාගම් වලින් කියනවා වගේ.. එහෙමනම් විකුන්නේ මක්කටැයි ඕවා.. :ඩී
අපි විකුණනවයෑ... ;)
Deleteආහ්.. අදමයි දැක්කෙ බීඩි ඔතනවා.
ReplyDeleteපොඩි කාලෙ යාන්තම බීඩියක් දැකලා තියෙනවා වගේ මතකයි
එහෙනං එල... :)
Deleteබීඩි ඔතනවයි බිඩි ගහනවයි කියන්නෙ දෙකක්.
ReplyDeleteනිකං පච දෙසාබාන්න එපා මචන් බීඩි දාහක් ගහනවට දෙන්නෙ රු 27යි. බීඩි දාහක් ඔතනවට දෙන්නෙ රු15යි.
ඒක දෙන්නෙත් පලපුරුද්ද අනුව. එක්කෙනෙක්ට සති දෙකක තාගට් එක(සාමාන්‍ය පටිපාටියට) බීඩි ලක්ෂයයි.
ඔතන දෙකමවෙන නිසා බීඩි දාහකට උපරිමය 60ක සීමාවකට යටත්ව සල්ලි දෙන්නෙ.
මම දන්නෑ ඕවා. මොකද මම බීඩි ඔතන එකෙක් නෙමේනේ.
Deleteමම අහපු ප්‍රශ්නෙට එයා දුන්න උත්තරේ තමා ඔය! වැරදිලාද දන්නේ නෑ.
රාජ බීඩීයක් ඉල්ලගෙන එන්න එපායැ... අනේ ගොං රජා..
ReplyDeleteමම බොන්නෑ ඕයි!
Deleteමම පොඩි කාලෙ බීඩි එතුව... නමුත් බීඩි කොලෙන් නෙමෙයි... පැපොල් කොලෙන්... හොඩට වේලිච්ච කොලේකින්... හැදුව විතරයි බොන්න බැරි උනා...
ReplyDeleteඅඩෝ මමත් ඔහොම කලානේ :)
Deleteපස්සේ උත්තල කාචේ අව්වට අල්ලලා බීඩිය පත්තු කලා :)
හ්ම්ම්..අපේ උන් දැන් සිගරට් ගණන් නිසා බිඩි වලට බැහැලා ඉන්නේ! පට්ට ගඳක් තියෙන්නේ!!! හපෝ!!! කෙලින්ම ලඟින් යද්දී ආසිරි බීඩි ෆැක්ටරිය ළඟින් ගියා වගේ තමා!
ReplyDeleteවෙලාවකට සුවදයි ඕයි ඒකත්! ;)
Deleteයකෝ දැං බීඩි 20 ක මිටියක් රුපියල් 45 යි.
ReplyDeleteබීඩි ඔතනවනං දැක්කෙ අදමද කොහෙද.
අවසාන පේළිය 'බීඩියක රස බැලූ රජා කන් දෙකේ බීඩි දෙකකුත් ගසාගෙන මාලිගාව බලා ආවේය.' ලෙස නිවැරදි විය යුතුය.
එහෙමද?
Deleteහික්.... බොරු!
"Hisahasa" Sadruge sakuwan watuna bidi mitiya matkada?
ReplyDeleteJayawewa.
නැතුව නැතුව.... :)
Deleteබිඩි වලට බදු සහන දීපං රාජෝ.
ReplyDeleteතව මොනවාහරි ඕනෙද? ;)
Deleteබ්ලොග් ලෝකෙට අලුත් හන්දා අද නිවාඩු දවසේ බ්ලොග් හොය හොය ඉන්න කොට දැක්කේ රජ කෙනෙක්ගේ අඩවියක් තියනවා කියලා.:)
ReplyDeleteඉතින් රජතුමාට, තමන්ගේ එකාධිපති බලය පාවිච්චි කරලා , මහජනයාගේ බීඩි බීම නවත්තන්න බැරිද?
බෑනේ.... එතකොට බිස්නස් එක ඩවුන් වෙනවනේ ^_^
Delete//මල්ටි බැරල් බීඩි// මට මිටිය පිටින් බොන්න හිතෙනවා. සුවඳේ බෑ. :)
ReplyDeleteඒක ගති නෙහ්? ;)
Deleteබිඩිය අනිත් පැත්තෙන් පත්තු කරාම ගද සහ දැනෙන තිත්ත අඩුයි
ReplyDeleteසිරාවට????
DeleteLike us on http://www.facebook.com/pages/Sunrise-cabs/115709491913605?ref=hl
ReplyDeleteSUNRISE CABS.
ReplyDeleteWe have many modern vehicles for hire cheaper prices with safety and comfortable travel from any destination to any place in Sri Lanka. We will provide well satisfied service for your money. Please call 0814 926 927 to book your vehicle.
Hot Line : 0814 926 927(Hunting)
Mobile : 0777 810 341, 0727 223 224, 0719 810 341, 0785 692 104, 0754 551 152,0718 143 624
Address: No.05, Dharmasoka Mw.,Kandy.
email : sunrisecabs1@gmail.com
Like us on http://www.facebook.com/pages/Sunrise-cabs/115709491913605?ref=hl
එල!
Deleteමටනම් බීඩි පේන්න බෑ, මතක් වෙනකොටත් ගද එනව වගේ. අපේ සීයා බිව්වා අපෝ මම නම් ලගට යන්නවත් ආස වුනේ නෑ..
ReplyDeleteපව් සීයා! :)
Deleteමිටි කීයක් ගෙනාවද බොල ?
ReplyDeleteගෙනාවේ නෑ යකෝ!
Deleteඅපේ ලොකු අත්තා පයිප්පේ උරනවා දැකලා තියනවා. අප්පච්චි බැනලා තියනවා මතකයි. මම හිතුවේ බීඩි බීවේ ගොඩක් ඉස්සර කාලේ මිනිස්සු කියලා. රජවරු බීඩි බොනවා නම් අහලම තිබුනේ නෑ හී හී...:D
ReplyDeleteරජවරු බීඩි බොන්නෑ.... ;)
Deleteඔය දුම් කොලය ඕන ගානට කපල වතුරෙ පොගවල නේද ඔතන්න ගන්නෙ.බීඩි ඇතුලට දමන්නේත් බුලත් විට කද්දී කන දුම්කොළ කුඩු නේද?විස්තරයක් ලියද්දි හරියට ලියපන්.නොදන්න එව්වො නොමග නොයව.
ReplyDeleteඔය වාගෙම නොමග යවන විස්තරයක් කිතුල් මැදිල්ල ගැනත් දාල තිබ්බ මතකද,ජීවිතේට කිතුලක් මදිනව දැකලවත් අහලවත් නැති කෙනෙක්.
Deleteපොගවලා ගන්නවා කියන එක කියන්න අමතක උනා.
Deleteඉතින් වීඩියෝවේ තියෙන්නේ කපපු කෑලි. හැමදේම පොඩි උන්ට වගේ කියන්න ඕනේ නෑනේ. පේනවනේ කපලා තියෙන්නේ කියලා.
ඔව්...දුම්කොළ කුඩු තමා දාන්නේ!
@හැලප මාමා - දැන් කවුරු හරි නොමග ගියාද?
වැඩිහිටියො විදියට අපි කියල දෙන එක,පොඩි බොලාල තේරුම් අරගෙන නිවැරදි වියයුතුයි කියල මම හිතන්නෙ.පෙරලා ප්‍රශ්න ඇසීම නොවේ.
Deleteසොරි වේවා!! :)
Deleteහොඳයි,ඔයවාගෙම කියන කෑල්ල මම අයින් කර ගන්නම් රජෝ.වීඩියෝ එකකුත් දාල තියෙනවනෙ.
Deleteකොහොම කොහොමෙන් හරි රජා ආච්චිගෙ බිඩි බිස්නස් එක මාර්කට් කරන එක තමයි මේ කළේ! අනේ රජා පෙන්නුවත් අපි අහුවෙයි ඕවට. =D =D
ReplyDeleteදැන් මේක දැකලා උඹලා වරෙල්ලා ඈ බීඩි බොන්න ^_^
Deleteහා අපි එහෙම කරන්නන්කෝ!!!!!!!!!!!!!!!!!!!!!!අනේ බෝල රන්ගොජෝ!!!!!!!!!
Deleteහික්... :)
Deleteබිඩි රජා.අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා.පොර එනකොට මුණ පෙනුනේ නැතත් කියතහැකි එන්නේ මු කියල
ReplyDeleteහැකස්.... ^_^
Deleteබීඩි ඔතන්න කළුකම්බෙරිය කොළ කියලා යාන්තමට මතකයක් තියනවා හරිද දන්නේ නැ. ඔය මළගෙදරක එහෙම නයිටක් ගහද්දි විටක් කාල බීඩියක් ගහන කොට තියන ආතල් එක ශිහ් ..කියල වැඩක් නැ.
ReplyDeleteමම නං සිරාවටම දන්නේ නෑ.... හොයාගත්තොත් කියන්නම්!
DeleteKalukamberiya kathawa "HAPANA" pothe hari teledrama eke hari thibuna mathakai.
Deleteඔය කළුකම්බෙරිය කොළ කතාව මාත් අහලා තියෙනවා...
ReplyDeleteඅපේ රජතුමා බලාගෙනම විතරක් ඉඳල එන්න ඇති (Giggle#)
ඹය ඉතින්.... කියන එක අහන්නේ නෑනේ ;)
Deleteමං පොඩි කලෙ සීයට බීඩි ගෙනත් දෙනවා.ආච්චි බනින නිසා හොරෙන් කොන්ඩේ ගහගෙන තමයි ගේන්නෙ.
ReplyDeleteහෙහ් හෙහ්...නියම මිණිබිරී ^_^
Deleteඋඹ හොරෙන් බීඩි කීයක් ඉස්සුවද?
ReplyDeleteඉස්සුවේ නෑ කිව්වම අහපල්ලකෝ!
Deleteදුප්පතාගෙ දුම .. මොන මඟුලකට ඕක බොනවද කියල මට නම් තේරෙන්නේ නෑ.
ReplyDeleteසිරාවටම...
Deleteමටත් ප්‍රශ්නෙ ආවේ බීඩි ඔතන කොල ගැන..රජතුමනි තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද?
ReplyDeleteහොයාගෙන කියන්නම් වෙලාවක!
Deleteඊයා...බීඩී....
ReplyDeleteහපොයි ගඳ
ReplyDeleteඉතින් ඉම්ඹේ?
Deleteඅසව් අසව් අපේ රජා මෙන්න බීඩි බීලා.
ReplyDeleteඅඩෝ රජ වාසල පැත්තම පට්ට ගදා.....යි
රජාට වටිනවද මං අහන්නේ .. බීඩි බොන්න
රජෝ උඹ නියමෙට ඩොකියුමන්ට්‍රිය දීලා ඈ!
ReplyDeleteඅනේක BD දැකලා තිබුණට - ඔතනව දැක්කේ දැන්නේ බං
බිග් මැච් කාලේ නම් දිගක් පලලක් නැතිව නෙව ඔතන්නේ
මේක නම් පිළිවෙල වැඩක්!