Friday, April 5, 2013

මල්ලී....ගහමුද බීඩියක්? - How to make Beedi


අයියා....පොඩි බීඩියක් උරමුද? රජා ට්‍රේනින් හිටපු සයිට් එකේදී ඇහුණු සුපුරුදු වදන් පෙළකි. සේෆ්ටි ඔෆිසර්ස්ලට හොරෙන් කට්ටිය බීඩි ඇද්දේය. උන් බීඩිය උරන වෙලාවට රජා ශේප් එකේ එතනින් මාරු වෙන්නේය. මන්ද, උන් ඕක උරන තැන මම ඉදලා මාට්ටු උනොත් ලෙඩේ මටය. ඒත් ඉතින් වැඩක් නැත.  මොකෙක් හරි බීඩිය උරපුවාම තට්ටු තුන හතරක් යටට සුවද යන්නේය.

අපේ අත්තා තුමා ඉන්න කාලෙත් කිරිඅම්මා පොඩි බිස්නස් එකක් ලෙස බීඩි එතුවේය. ඉස්සර ඒ පැත්තේ ගෙවල් වල ගෑණු උදවිය ස්වයං රැකියාවක් ලෙස කලේ මේකය. සෑහෙන ඉල්ලුමක් තිබ්බා මතකය. පොඩි පාන්ගෙඩියක් වගේ වෑන් එකක් ඇවිත් මේවා පටවගෙන යන එක  අත්තලාගේ ගෙදර ගිය දවස් වලට මට අමුතු දර්ශනයක් නොවුනේය. කාලයත් සමග බීඩිය අභාවයට ගියේය. බිස්නස් එකත් එහෙම්මම නතරව ගියේය. 

රජා මේ ඊයේ පෙරේදා කිරිඅම්මව බලන්න ගියේය. හානේ......ආයෙත් බීඩි එතිල්ල පටන් අරගෙනය. වෙලාවට කැමරා පොඩ්ඩත් නංගිගේ කැබින් එකේය. ටක් ගාලා පොටෝ දෙක තුනකුත් අල්ලගෙන අර සුදීක අයියා වගේ බීඩි ගැන සම්මුඛ සාකච්ඡාවක් ගත්තේය. 

රජා: කිරි අම්මේ දැන් කීයද මේවා විකුණන්නේ?

කිරිඅම්මා: මිටිගානට දෙන්නේ පුතේ....බීඩි දාහකට රුපියල් 500ක් දෙනවා. 

රජා: මිටියක බීඩි කීයක් තියේද?

කිරිඅම්මා: එකක 20යි!

රජා: ^_^

මම පැයක් විතර බීඩි එතිල්ල බලාගෙන සිටියෙමි. පොඩිකාලේ දැක්කට පස්සේ දැක්කමය. මේ වැඩේට පොඩි පොඩි ගැජට් කෑලි දෙක තුනකුත් ඇත. මේ තියෙන්නේ.....

බීඩි කොල

ඔතමින්

මේකෙන් තමා ඉස්සරහා හදන්නේ
බීඩියේ සම්මත දිග මනින අයිටම් එක
බීඩිය ඔතන නූල්
මල්ටි බැරල් බීඩි ^_^
බීඩි ලොවක තනිව

ඔන්න බලනවනම් වීඩියෝවත්....




බීඩි එතිල්ල බැලූ රජා බඩ පැලෙන්න කුරුම්බා ගෙඩි දෙකකුත් ගසා මාලිගාව බලා ආවේය. 

අති විශේෂ රාජ අවවාදය

බීඩි බීම පිළිකා ඇතිකරයි! පළාතම ගද ගසයි!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

98 comments:

  1. බීඩියකුත් බිව්වා නේද තෝ..?? :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ බීඩි මිටියක් එක දිගට බීපු හැටි මතක් උනා.

      Delete
    2. පිස්ෂුද ඩෝ!

      Delete
  2. හපූයි බීඩි ගදයි ඕයි :v

    ReplyDelete
    Replies
    1. ඉබින්න එපා ඕයි!

      Delete
    2. ගද පැත්තකින් තියල ගහල බලමුද ඈ?:v

      Delete
  3. ඇත්ත කියපිය,, බොලත් බීඩියක් බීලා නේද ආවේ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ... මේ පින්වන්ත කටින් බීඩි බොනවද?

      Delete
  4. උඹ එකක් ගහලා බැලුවේ නැද්ද?.මට නම් ඕවා පේන්න බැහැ අෆ්ෆෝ ගඳ.

    ReplyDelete
    Replies
    1. නෑ බං... හිතෙන්නේ නෑ!

      Delete
  5. සික්... පළාතම ගඳයිනේ බන් බීඩි බිව්වම...
    අපේ ගෙවල් ලග ටිකක් අප්සෙට් ඩයල් එකක් ඉන්නවා මිනිහා දකින දකින ඕනම කෙනෙකුගෙන් රුපියලක් ඉල්ලනවා බීඩි බොන්න.. දන්න කාලේ ඉදන්ම රුපියලයි...

    ReplyDelete
  6. මල් ඔතන්නෙත් මේමද අයියා ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් නේ... ;)

      Delete
    2. මල් ඔතද්දී ඔතන ඔස්තාර්ගේ කෙළ පාර තමයි ඔතන කොලේටයි ,ඔතපු සුරුට්ටුවෙ සැර අඩු/වැඩි ගතිය තියෙන්නෙ.

      Delete
    3. මල් ඔතනව සුදු පේපර් එකෙයි,කාප්පෙයි[දුම්කොළ කැබැල්ල]පේපර් එකේ ඔතද්දී ලා කෙල පාර ඇති නිමැයුම ට තිත තියන්න.නමුත් කාප්පෙ නිමැයුම අහවර කරන්න නම් හීනියට කාරපු ගොරෝසු කෙල ටිකක් අවශ්‍ය ම තමයි නිමැයු මේ කෙළවරක් දකින්න.

      Delete
    4. ඔය හම්බුනේ උත්තර :)

      Delete
  7. බීඩියක් විතර උස රජා
    තපප්යක් උඩට වී
    බිඩි බි බඩු මාට්ටුය

    ReplyDelete
  8. .ෂෙහ්.....එකක් උරලම බලන්න ඕන රහ.කලු සුරුට්‍ටු තමා පට්ට ගඳ.........අප්පා මාර ගඳයි.
    දැන් සිගරට් ගනන් නිසා පොරවල් උරන්නෙ සුදු බීඩි කියල ජාතියක් සුදුපාටයි බැලූ බැල්මට සිගරට් එකක් වගේ. බීඩි තරම් ගඳ නෑ.

    ඉස්සර අපි පොඩි කාලෙ බීඩි මිටි ආවෙ ලී පෙට්ටියක. සැහැල්ලු ලී ජාතියකින් හදල තිබුනෙ.
    ඒ කාලෙ දැන් වගේ වෛවාරණ සෙල්ලම් බ්ඩු තිබුනයි...කරත්ත හදන්න ගත්තෙ බීඩි පෙට්ටි. සෙරෙප්පුවක් කපල රෝද හදල. පෙට්ටියට තියල බට ගහකින් කපා ගත්තු බටයක් තියල ඇක්සල් එක හදල රෝද හයි කරල................පට්ට ෆන් ඒකාලෙ ගත්තෙ බං........! කඩේ මුදලාලියට නොවදිනා වැදුම වැන්ද හැටි තාම මතකයි..බීඩිපෙට්ටියක් ඉල්ල ගන්න.

    ReplyDelete
    Replies
    1. මටනං මතක ඇති කාලෙක බීඩි ලී පෙට්ටිවල ආවෙ නෑ. ඔය කියන්නෙ සුරුට්ටු පෙට්ටි වෙන්න ඇති.

      Delete
    2. ඔව් නේද..? දැන්නම් පටලැවිලා..බීඩිද..සුරුට්ටුද ..පෙට්ටිවල ආවෙ කියල...??? මට හිතෙන්නෙ.. ප්‍රසන්න හරි.ස්තුතියි මතක් කලාට.

      Delete
    3. මෙන්න මෙතන පෙට්ටි ප්‍රශ්නයක්.... දෙන්නම පෙට්ටිය කඩාගන්නැතුව විසදගන්න ;)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  9. කෝ උඹ බීඩි කියන එකා කො‍ටු දාලා නෑනේ!

    ReplyDelete
    Replies
    1. දැන් කොටු දාන්නෑනේ ;)

      Delete
  10. නියමයි, අපේ පොඩි එකාට මේ බිඩි ගැන දැනගන්න ඕනවෙලා තිබුනේ මම එකාට වීඩියෝ එක පෙන්නුවා, රජෝ ඔය බිදී කොළ කියන්නේ මොනවාද? ඒවා ඇතුලට දාන අර කුඩු මොනවාද? පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්.

    ReplyDelete
    Replies
    1. ඒ කොලේ ගැන කියන්න විස්තර නම් දන්නෑ... කොහොම හරි වෙනම ගස් ජාතියක් තියෙනවා. ගහ මොකද්ද දන්නෑ. මට අහන්න බැරිඋනා!

      අර කුඩු ඇවිල්ලා දුම්කොළ පොඩිකරලා ගත්තු කුඩු.

      Delete
    2. කැප්පෙටියා කොළ ගන්නවා(ලු).

      Delete
  11. අයියෝ බීඩි...
    දැන් එතකොට එනගමන් රජා බීඩි කීයක් සාක්කුවේ දාගත්තද?

    ReplyDelete
  12. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නැන්දා කෙනෙක් . අපේ නෑදෑයෝ. ඉස්සර එයත් බිඩි ඔතනවා. පොඩි කාලේ අපිත් ඔතලා දීලා තියෙනවා එයාට.ඉස්සර මං තමයි කොළ ගානට කපන්නේ.හැබැයි රජ අයියේ අර මිනුම් උපකරණය නම් දැක්කේ අදයි.

    ReplyDelete
    Replies
    1. ඇයි එයාලා මනින්නේ නැද්ද?

      Delete
  13. යකෝ බීඩීය හදලා ඒක අතටත් දීලා මූ කියපි.. " බීඩි බීම පිළිකා ඇතිකරයි! පළාතම ගද ගසයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! " කියල. හරියට අර දුම්වැටි සමාගම් වලින් කියනවා වගේ.. එහෙමනම් විකුන්නේ මක්කටැයි ඕවා.. :ඩී

    ReplyDelete
  14. ආහ්.. අදමයි දැක්කෙ බීඩි ඔතනවා.
    පොඩි කාලෙ යාන්තම බීඩියක් දැකලා තියෙනවා වගේ මතකයි

    ReplyDelete
  15. බීඩි ඔතනවයි බිඩි ගහනවයි කියන්නෙ දෙකක්.
    නිකං පච දෙසාබාන්න එපා මචන් බීඩි දාහක් ගහනවට දෙන්නෙ රු 27යි. බීඩි දාහක් ඔතනවට දෙන්නෙ රු15යි.
    ඒක දෙන්නෙත් පලපුරුද්ද අනුව. එක්කෙනෙක්ට සති දෙකක තාගට් එක(සාමාන්‍ය පටිපාටියට) බීඩි ලක්ෂයයි.
    ඔතන දෙකමවෙන නිසා බීඩි දාහකට උපරිමය 60ක සීමාවකට යටත්ව සල්ලි දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම දන්නෑ ඕවා. මොකද මම බීඩි ඔතන එකෙක් නෙමේනේ.

      මම අහපු ප්‍රශ්නෙට එයා දුන්න උත්තරේ තමා ඔය! වැරදිලාද දන්නේ නෑ.

      Delete
  16. රාජ බීඩීයක් ඉල්ලගෙන එන්න එපායැ... අනේ ගොං රජා..

    ReplyDelete
  17. මම පොඩි කාලෙ බීඩි එතුව... නමුත් බීඩි කොලෙන් නෙමෙයි... පැපොල් කොලෙන්... හොඩට වේලිච්ච කොලේකින්... හැදුව විතරයි බොන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. අඩෝ මමත් ඔහොම කලානේ :)

      පස්සේ උත්තල කාචේ අව්වට අල්ලලා බීඩිය පත්තු කලා :)

      Delete
  18. හ්ම්ම්..අපේ උන් දැන් සිගරට් ගණන් නිසා බිඩි වලට බැහැලා ඉන්නේ! පට්ට ගඳක් තියෙන්නේ!!! හපෝ!!! කෙලින්ම ලඟින් යද්දී ආසිරි බීඩි ෆැක්ටරිය ළඟින් ගියා වගේ තමා!

    ReplyDelete
    Replies
    1. වෙලාවකට සුවදයි ඕයි ඒකත්! ;)

      Delete
  19. යකෝ දැං බීඩි 20 ක මිටියක් රුපියල් 45 යි.
    බීඩි ඔතනවනං දැක්කෙ අදමද කොහෙද.

    අවසාන පේළිය 'බීඩියක රස බැලූ රජා කන් දෙකේ බීඩි දෙකකුත් ගසාගෙන මාලිගාව බලා ආවේය.' ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙමද?

      හික්.... බොරු!

      Delete
  20. "Hisahasa" Sadruge sakuwan watuna bidi mitiya matkada?
    Jayawewa.

    ReplyDelete
  21. බිඩි වලට බදු සහන දීපං රාජෝ.

    ReplyDelete
    Replies
    1. තව මොනවාහරි ඕනෙද? ;)

      Delete
  22. බ්ලොග් ලෝකෙට අලුත් හන්දා අද නිවාඩු දවසේ බ්ලොග් හොය හොය ඉන්න කොට දැක්කේ රජ කෙනෙක්ගේ අඩවියක් තියනවා කියලා.:)

    ඉතින් රජතුමාට, තමන්ගේ එකාධිපති බලය පාවිච්චි කරලා , මහජනයාගේ බීඩි බීම නවත්තන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බෑනේ.... එතකොට බිස්නස් එක ඩවුන් වෙනවනේ ^_^

      Delete
  23. //මල්ටි බැරල් බීඩි// මට මිටිය පිටින් බොන්න හිතෙනවා. සුවඳේ බෑ. :)

    ReplyDelete
  24. බිඩිය අනිත් පැත්තෙන් පත්තු කරාම ගද සහ දැනෙන තිත්ත අඩුයි

    ReplyDelete
  25. Like us on http://www.facebook.com/pages/Sunrise-cabs/115709491913605?ref=hl

    ReplyDelete
  26. SUNRISE CABS.

    We have many modern vehicles for hire cheaper prices with safety and comfortable travel from any destination to any place in Sri Lanka. We will provide well satisfied service for your money. Please call 0814 926 927 to book your vehicle.
    Hot Line : 0814 926 927(Hunting)
    Mobile : 0777 810 341, 0727 223 224, 0719 810 341, 0785 692 104, 0754 551 152,0718 143 624
    Address: No.05, Dharmasoka Mw.,Kandy.
    email : sunrisecabs1@gmail.com
    Like us on http://www.facebook.com/pages/Sunrise-cabs/115709491913605?ref=hl


    ReplyDelete
  27. මටනම් බීඩි පේන්න බෑ, මතක් වෙනකොටත් ගද එනව වගේ. අපේ සීයා බිව්වා අපෝ මම නම් ලගට යන්නවත් ආස වුනේ නෑ..

    ReplyDelete
  28. මිටි කීයක් ගෙනාවද බොල ?

    ReplyDelete
  29. අපේ ලොකු අත්තා පයිප්පේ උරනවා දැකලා තියනවා. අප්පච්චි බැනලා තියනවා මතකයි. මම හිතුවේ බීඩි බීවේ ගොඩක් ඉස්සර කාලේ මිනිස්සු කියලා. රජවරු බීඩි බොනවා නම් අහලම තිබුනේ නෑ හී හී...:D

    ReplyDelete
    Replies
    1. රජවරු බීඩි බොන්නෑ.... ;)

      Delete
  30. ඔය දුම් කොලය ඕන ගානට කපල වතුරෙ පොගවල නේද ඔතන්න ගන්නෙ.බීඩි ඇතුලට දමන්නේත් බුලත් විට කද්දී කන දුම්කොළ කුඩු නේද?විස්තරයක් ලියද්දි හරියට ලියපන්.නොදන්න එව්වො නොමග නොයව.

    ReplyDelete
    Replies
    1. ඔය වාගෙම නොමග යවන විස්තරයක් කිතුල් මැදිල්ල ගැනත් දාල තිබ්බ මතකද,ජීවිතේට කිතුලක් මදිනව දැකලවත් අහලවත් නැති කෙනෙක්.

      Delete
    2. පොගවලා ගන්නවා කියන එක කියන්න අමතක උනා.

      ඉතින් වීඩියෝවේ තියෙන්නේ කපපු කෑලි. හැමදේම පොඩි උන්ට වගේ කියන්න ඕනේ නෑනේ. පේනවනේ කපලා තියෙන්නේ කියලා.

      ඔව්...දුම්කොළ කුඩු තමා දාන්නේ!

      @හැලප මාමා - දැන් කවුරු හරි නොමග ගියාද?

      Delete
    3. වැඩිහිටියො විදියට අපි කියල දෙන එක,පොඩි බොලාල තේරුම් අරගෙන නිවැරදි වියයුතුයි කියල මම හිතන්නෙ.පෙරලා ප්‍රශ්න ඇසීම නොවේ.

      Delete
    4. සොරි වේවා!! :)

      Delete
    5. හොඳයි,ඔයවාගෙම කියන කෑල්ල මම අයින් කර ගන්නම් රජෝ.වීඩියෝ එකකුත් දාල තියෙනවනෙ.

      Delete
  31. කොහොම කොහොමෙන් හරි රජා ආච්චිගෙ බිඩි බිස්නස් එක මාර්කට් කරන එක තමයි මේ කළේ! අනේ රජා පෙන්නුවත් අපි අහුවෙයි ඕවට. =D =D

    ReplyDelete
    Replies
    1. දැන් මේක දැකලා උඹලා වරෙල්ලා ඈ බීඩි බොන්න ^_^

      Delete
    2. හා අපි එහෙම කරන්නන්කෝ!!!!!!!!!!!!!!!!!!!!!!අනේ බෝල රන්ගොජෝ!!!!!!!!!

      Delete
  32. බිඩි රජා.අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා.පොර එනකොට මුණ පෙනුනේ නැතත් කියතහැකි එන්නේ මු කියල

    ReplyDelete
  33. බීඩි ඔතන්න කළුකම්බෙරිය කොළ කියලා යාන්තමට මතකයක් තියනවා හරිද දන්නේ නැ. ඔය මළගෙදරක එහෙම නයිටක් ගහද්දි විටක් කාල බීඩියක් ගහන කොට තියන ආතල් එක ශිහ් ..කියල වැඩක් නැ.

    ReplyDelete
    Replies
    1. මම නං සිරාවටම දන්නේ නෑ.... හොයාගත්තොත් කියන්නම්!

      Delete
    2. Kalukamberiya kathawa "HAPANA" pothe hari teledrama eke hari thibuna mathakai.

      Delete
  34. ඔය කළුකම්බෙරිය කොළ කතාව මාත් අහලා තියෙනවා...

    අපේ රජතුමා බලාගෙනම විතරක් ඉඳල එන්න ඇති (Giggle#)

    ReplyDelete
    Replies
    1. ඹය ඉතින්.... කියන එක අහන්නේ නෑනේ ;)

      Delete
  35. මං පොඩි කලෙ සීයට බීඩි ගෙනත් දෙනවා.ආච්චි බනින නිසා හොරෙන් කොන්ඩේ ගහගෙන තමයි ගේන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...නියම මිණිබිරී ^_^

      Delete
  36. උඹ හොරෙන් බීඩි කීයක් ඉස්සුවද?

    ReplyDelete
    Replies
    1. ඉස්සුවේ නෑ කිව්වම අහපල්ලකෝ!

      Delete
  37. දුප්පතාගෙ දුම .. මොන මඟුලකට ඕක බොනවද කියල මට නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
  38. මටත් ප්‍රශ්නෙ ආවේ බීඩි ඔතන කොල ගැන..රජතුමනි තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. හොයාගෙන කියන්නම් වෙලාවක!

      Delete
  39. අසව් අසව් අපේ රජා මෙන්න බීඩි බීලා.
    අඩෝ රජ වාසල පැත්තම පට්ට ගදා.....යි
    රජාට වටිනවද මං අහන්නේ .. බීඩි බොන්න

    ReplyDelete
  40. රජෝ උඹ නියමෙට ඩොකියුමන්ට්‍රිය දීලා ඈ!
    අනේක BD දැකලා තිබුණට - ඔතනව දැක්කේ දැන්නේ බං
    බිග් මැච් කාලේ නම් දිගක් පලලක් නැතිව නෙව ඔතන්නේ
    මේක නම් පිළිවෙල වැඩක්!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)