Tuesday, April 9, 2013

මොංගල් බෝඩිම - 18+ විය හැකිය


අපේ ඩිගිරියේ ෆයිනල් ඉයර් එකපටන් ගත්තේ පෙරේදාය. ඔරියන්ටේෂන් එකක් වගේ එකක් තිබ්බේය. එකට ගිය මට ඇඩුනේය. ඇයි හත්තිලව්වේ....ඉන්නේ එකම එක කෙල්ලක් විතරය. ඒත් අපේ පළවෙනි අවුරුදු  2 හිටපු අක්කෙක්ය. මේ ලෙක්චර්ස් වල දැන් ඉගෙන ගන්නේ කොහොමද යකෝ? අර කැත අමන ගණන් හදලා මනස සන්සුන් කරගන්න බලන්න වෙන්නේ එහා පැත්තේ ඉන්න හම්බයෝ සෙට් එක දිහාද? මීට වැඩිය හොදා යකෝ මාව කොටියට කන්න දැම්මනං. ඔච්චර උ/පෙත් පාස් වෙලා ජ‘පුරෙටවත් ගියේ නැති පවෙහි ආනිශංස මට ටිකෙන් ටික වැටහෙන්නට ගත්තේය (1ට 3යි ලුනේ) රජාගේ අදෝනාව තහවුරු කරමින් සිවිල් හෙඩ් ලෙකාද පොඩි දේශනාවක් දෙමින් කියා සිටියේ,

මම මේ ආපු ගමන් බැලුවේ ගෑල්ලමයි ඉන්නවද කියලා.  ගෑල්ලමයි නැති බැච් එක නිකන් අයිසිං නැති කේක් එකක් වගේලු.

දෙයියනේ කියලා ඔක්කොම බණ ඉවර වෙලා කන්නත්  දුන්නේය. අලුතෙන් ආපු උන් එක කේක් කැල්ලක්, එක රෝල් එකක් කද්දී අපි සෙට් එක එකා රෝල් 4, කේක් කෑලි 4 බැගින් කෑවේය. ඩේලි පැකට් නම් බොන්න උනේ එක ගානෙය.


ඉරිදා ලෙක්චර්ස් පටන් ගන්න පලවෙනි දවසය. උදේ ලෙක්චරේ නම් පැවතුනේය. හවස එක කොහොමින් කොහොම හරි කැන්සල් වෙලාය.  11 වෙනකොට ලෙක ඉවරය. හවස 7ට බන්ටියගේ උපන්දින පාටියය.  එතකන් ඉතින් මේක ඇතුලේ හෑන්ඩ් බෝල් ගහන්නද? රොත්ත බුරුත්ත පිටින්ම රජාගේ බෝඩිම බලා ඉගිල ගියෝය.  ඒ අස්සේ රජාගේ කාමරේ කරන්ට් එකත් නැත. රජ වහාම අපේ අමිල තඩියාගේ කාමරයට සැපත් විය. 


යන අතර මග,

චමියා: අඩෝ බලහන්කො අද මාර සීන් එකනේ  උනේ.

අපි: ඇයි ඇයි මොකද සීන් එක?

චමියා: අද මම එද්දී ස්ටේෂන් එකේ අදුරන කැල්ලක් හිටියා. මට එක පාරටම...අම්මට සිරි....(නම) ඉන්නවා කියල කියවුනා. මගේ කෑල්ලට ඕක ඇහුනා කියහන්කෝ. පස්සේ කෑල්ල මට බැන්න ඕයි. 

රජා: නෑ.....මොකද කිව්වේ. 

චමියා: ගෑනු පෙරේතයා කිව්වා බං....

දුලියා: අඩෝ......ඊයා ඕයි! 

චමියා: මෙන්න බලහන්කො මැසේජ් එක...(පෙන්නමින්) thamuse nam ganu perethayek.

රජා: ඇත්තනේ ඉතින්....


රජා මුලින්ම බෝඩිමට ඇතුල් උනේය. අම්මට සිරිස්....චෝයි චීන කෑල්ලක් ඉස්සරහ ඉදගෙන ටැබ් එකකින් ෆිල්ම් එකක් බලන්නීය. අපේ උන්ට මේක සෑහෙන ප්‍රශ්නයක්ය. කවුද කවුද ගගා අහන්නේය. රජාගෙන් ලැබුන පිළිතුර උනේ ඔනෙනම් ගිහින් අහගනින් කියාය.

කැතම කැත, අසික්කිත, කුප්ප, පජාත, ජවනිකා ටික පටන් ගන්නේ දැන්ය. ගරු රඟපෑම චමියා, දුලියා, කවින්දයා, අමිලයා, මේනකයා, සමග රජාය. මුන් වැඩිමනක්ම  බෝඩිමට ආවේ ෆිල්ම් බලන්නය. දුලියට English Vinglish හින්දි වර්ශන් එක බලන්න ඕනේ කියා කියා කෑගහන්නේය. ආ....ඔන්න බලහනින්. රජ එක්ස්ටර්නල් එකත් එක්කම ලැප දුන්නේය. චමියා සමග කවින්දයාද එක ලැපක්ද, දුලියා තනියමත්, අමිලයා තනියමත් ය. රජා ඇද උඩට වී පොටෝ  අල්ලන්නේය. ඒ HND එකේදී වගේ පැපරාසි ඇල්බම් එකක් හදන්නය. 


දුලියා: ඒ කොහෙද බන් මේකේ වැල තියෙන්නේ. 


රජා: දැන් තෝ ආවේ වැල බලන්ඩද? ඔය තියෙන්නේ බන් ඉස්සරලම ෆෝල්ඩරේ දිලිසි දිලිසි.

දුලියා: උම්වාහ්....

ඔන්න දැන් එකෙක් කොස් ගහකට බඩ ගාන්න සුදානම්  වෙන්නේය. කලිසමට උඩින් බෙඩ්ශීට් එකකුත් තියාගෙන එහෙම මිනිහා වැඩ ඇල්ලුවේය. ඒ බෙඩ් ශීට් එකනම් මට හොඳට දැකලා පුරුදුය.

රජා: අඩෝ කොහෙන්ද ඔය බෙඩ්ශීට් එක?

දුලියා: මෙතන බන් තිබ්බේ....

රජා: හු$% ඕක මගේ බෙඩ් ශීට් එක. තියපන් ඕක....

දුලියා: හරි හරි බන්... ^_^



ඔය ඩයලොග් එක යන අතරතුරම කාවින්දයා හා චමියා අතර තවත් පොඩි සාකච්ඡාවකි. 

කාවින්ද: තොගේ ලැපේ වැල නැද්ද....

චමියා: තිබ්බා තිබ්බා....බලහන්...සම්භාව්‍ය ඒවා තිබ්බේ....

රජා: අඩෝ ලැපේ තියා ගන්න එපා යකෝ....ඕවා මාට්ටු වෙනවා....අත්දැකීමෙන් කියන්නේ.

චමියා: අඩෝ මට්ටු උනා බන් කෑල්ලට.... මේකි රින්ගනවනේ බන් හැම තැනම. මේක දැකල මගෙන් ඇහුව මොනවද මේ? තමුසෙට නම් තියෙන්නේ මානසික ලෙඩක් කිව්වා ඕයි. 


දැවැන්ත හූ හඩක් ඇසුනි. කාමරේ වීදුරු දෙදරුවේය. උළු හෙල්ලුනේ නැත. නෑ නෑ...බාත්රූම් එකේ ටයිල් පැලුනේය.  දැන් කට්ටිය තරගෙට වැල බලන්නේය. එකෙක් ගිටාර් ගගහ ලැප් දෙකකින් වැල බැලුවේය. රජා ඉන්න හින්දම හොදාය. තව පොඩ්ඩෙන් බලන වැලේ තෝරගන්න බැරුව මරා ගන්නේය. 300GB කියන්නේ කජු ඇටද? කොස් ඇටද? 
_______________________________________________

වැල සීන් එක එසේ වෙද්දී මේනකයා කඩන් පැන්නේය. ඌ ඇවිත් ලැප් ඩොන්ගල් උදුරගෙන ගොසිප් සයිට්  පීරන්නේය. EX GOSSIP එකට රිංගුවේය. දැන් සෙට් එකට ලැප වටේය. 

මේනක: අඩෝ මේ බලහන්කෝ අර දිගන්තය කරපු කෙල්ලගේ සයිස් දැන්....

අපි: අම්මට උඩු....

මේනක: ඒ මේකනං පොටෝ ෂොප් බං....මේ බලකෝ බැලුම් පුම්බලා වගේ. 

දුලියා: නෑ බං....එහෙනං හෙව්වැකි.

රජා: අඩෝ ඒකිගේ අමුතු ලස්සනක් නේ බං තියෙන්නේ. මේකප් නැතුව උනත් ඒකි සෙක්සි බං!

_____________________________________________


ඒක එහෙම ඉවර වෙනකොට කසුන් හෝ සුපුන් ආවේය. (නිවුන්නුනේ. මට මතක නෑ ) ඒ අස්සේ ඌවත් බයිටකට සෙට් උනේය. කොහොමින් කොහොම හරි සබන් කතාවක් ඇදී ආවේය. ට්‍රිප් එකක් ගිය දවසකද කොහෙද වෙච්ච සීන් එකක්ය. 

මේනක: අඩෝ දුලියා මතකද එදා සබන් කෑල්ල....

දුලියා: අම්බෝ....මතක් කරන්න එපා හු#$

රජා: ඒ කියහන්කෝ සීන් එක....

මේනක: අපි මචන් සබන් කෑල්ලක් ගෙනාවා නාන්ඩ හරී... මුලින් නෑවේ මුන් දෙන්නා. අපි නං මෙහෙ ගාන්නේ අතට සබන් පෙන අරන්නේ ( මල්ලි ගේ වාසස්ථාන ප්‍රදේශය පෙන්නමින්) මුං සබන් කෑල්ල පිටින්ම අතුල්ලා බං....සබන් කෑල්ලේ මයිල් එකයි ඕයි!

රජා: ඊයා යකෝ....

දුලියා: ඒවා අර රළු මයිලුත් නෙමේ බං...නිකන් පූස් මයිල් වගේ...

මේනක: පස්සේ අපිට ගාන්න ආයේ වෙනම එකක් ගෙනාවා බං....

____________________________________________

තවත් අපිට වගේ අප්සට් ඩයල් එකකි. මිනිහා මිකැනිකල් බැච් එකේය. අළුතෙන් ආපු අයියා කෙනෙක් ඌට මරු නමක් කියා ඇත. 

මේනක: ඒ බං....අර  අයියා අරූට මරු එකක් කිව්වා බං....

දුලියා: මොකද්ද?

මේනක: මෙයා නේද අර මනස නොමේරූ ළදරුවා??? කියලා ඇහුවා කියහන්කෝ!

___________________________________________

ඒ අස්සේ කට්ටිය පෝලිමට චූ කරන්න යන්නේය. පෝලිමට කොමඩ් එක ෆ්ලෂ් කරන්නේය. අන්තිමට ගිය දුලියට ෆ්ලෂ් කරන්න වතුර නැත. 

දුලියා: යකෝ කෝ මේකෙ වතුර?

රජා: නැත්තන් ඕං ඔතන බාල්දියක් තිබ්බා...අරං ගහපන් වතුර එකක්..

දුලියා: වතුර තිබහයි...වතුර එකක් ගෙනත් දියන්කෝ...

රජා: මට බෑ....

නොදකින් අර බාත් ටබ් එකේ ටැප් එකෙන් වතුර අරන් බිව්වනේ මේ හිවලා...
_________________________________________________

අපි සෙට් එක ට්‍රේනින් ගිහින් ඇවිත්, ඩිග්රියට සෙට් උන පළවෙනි දවසය. එදා නම් බුරිය ඉදිමෙන්න හිනා උනේය. උණ්ඩුකපුච්චෙත් හීනි වෙලාද කොහෙදය. වැල බලලා ඇහැ උල් වෙලාය. බැච් එකේ කෙල්ලෝ නැතුව හිත හිල් වෙලාය.  එක දවසට බිව්වෙත් නැතුව ආතල් කෝටියය. මේ අවුරුද්ද ගෙවෙන හැටි ගැන කිසිදු සැකයක් නැත. පිස්සු හැදෙන සද වැටිලා, බම්ප් වෙලා, කුණු වෙන ලයින් එකක් තියේන බව නම් ටක්කෙටම සුවර්ය. 


කලින් බැච් එකේ බීලා ගත්තු ආතල්




මෙන්න අපිටම ගහපු අළුත්ම සින්දුව

සුකුරුත්තං මොත්තේ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපි සෙට් එකේ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මර්සි ටයර් කට්ට කා හඩූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

ජෝගි නටන්නේ.... හිටගෙන ආතල් ගන්නේ
පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ
අල වගේද ගෝවා හොද්ද බොර වෙලා යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

එකෙන්ම.....

අම්මා ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්මා තමයි ඇහුනොත් දුර අපේ රල් එක
දැම්මා තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

වරකා නතින් වැල සම්තින් ඇතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින් බදාගෙන පුටූ
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔටුවොද ඇඹරෙන්නට කබ්බෙකුට බටූ

ජෝගි නටන්නේ.... හිටගෙන ආතල් ගන්නේ
පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ
අල වගේද ගෝවා හොද්ද බොර වෙලා යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ






සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

75 comments:

  1. චික් මුන් නම් හැදිල ඉවරයි... කසාදයක් එහෙම බැන්දල කරන්න දේවල් ඉතුරුකරගනින්...

    ReplyDelete
    Replies
    1. කසාද බැඳල මොනව කරන්නද දැං ගන්න ආතල් 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.

      Delete
    2. @නදිනි අක්කා: පිරිමි ළමයි අවුරුදු 21 පැන්නට පස්සේ හැදෙන එක කොහොමත් නවතිනවා මෙයා...
      ගෑණු ළමයි 18න් නවතිනවා ;)

      @රාජ් අයියා: ෆිට් තමා ඈ...

      Delete
  2. මෙයා නේද අර මනස නොමේරූ ළදරුවා Kiyala ahuwe electrical batch ekata aluten apu naki dial ekak !! miniha Amalkage charithaya ghatanaya kala !!

    ReplyDelete
    Replies
    1. හික්... අම්බෝ බං ඕක කියලා හිනා උන තරමක්.. බඩත් කොර උනා! :))

      Delete
  3. හරි!!!! එහෙනම් ආයේ ගල්කිස්ස පැත්තෙන් යන එක නවත්තන්න වෙයි වගේ!!! මේ යකා ආයේ ඇවිත්නේ!!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ අවුරුදු උත්සවේ ඉවර වෙලා හවස යමුද බීච්???

      Delete
  4. කොහෙද බොලව් මේකේ 18+ තියෙන්නේ??

    ReplyDelete
    Replies
    1. දැන් බොලා ආවේ ඒවා බලන්නද?

      ෂික්...දැන් කාලේ හැදෙන කෙල්ලෝ හෙන වල්!

      Delete
    2. :O ඇයි යකූ ලජා,, බොලානේ කීවේ 18+ ඒවා බලන්න එපා කියලා,,

      Delete
  5. ගෑල්ලමයි නැතිනං වැඩක් නෑ තමයි, බං. ෆයිනල් යියර් වුනත් කමක් නෑ, අම්ම තාත්තගෙ සල්ලි අපරාදෙ වුනත් කමක් නෑ. ඕක ඔහොමම දමලා ගහලා පලයං ඔය කුකරි ක්ලාස් එකකට, අයිසිං කෝස් එකක්, නැතිනම් ඔය මල් හදන, මනාලියන් හැඩ ගන්වන කෝස් එකකට.

    ReplyDelete
    Replies
    1. අන්න හරි..එතකොට ගොඩ..හිකිස්..!

      Delete
    2. සිරාවට නෙහ්.... අර මාරයත් යන්නේ. අපි ගිහාම මොකෝ ;)

      Delete
  6. Replies
    1. ඕක දාපුවාම හිට්ස් වදිනවා නාන්න බං :)

      Delete
  7. අම්මෝ අප්පච්චි ඉන්නවො... ඉන්න බෑ හිනා යන්න එනවා..

    ReplyDelete
    Replies
    1. ගෙදර අය ඉන්න තැන “තහනම් අඩවියට“ එන්න එපා බං...

      උඹලව මානසික රෝහලට ගෙනියයි තනියම හිනා වෙනවා කියලා ^_^

      Delete
  8. මුල ටික ලියනකොටනං රජාගෙ වෙරි බැහැල නෑ වගෙ. සෑහෙන්න ස්පෙලිං මිස්ටේක් තියෙනව.

    මේක 300GB වැල තියාගෙන ඉන්නවනං එසේ මෙසේ රජෙක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. You Know what????

      That folder contains - 4,356 Files, 147 Folders

      Delete
    2. හැදුවලු මිස්ටේක්ස් :)

      Delete
  9. මු වැල රජෙක්......

    ReplyDelete
  10. එල කතන්දරටික රජෝ. හොඳටම හිනාවුනා.

    ReplyDelete
  11. මට නම් තේරුනේ කෙල්ලෝ නැති එක විතරමයි.:D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... සිරාවට? :)

      Delete
  12. අඩෝ මූ මහ වැල් රජෙක් නොව... මචන් උබේ අන්තප්පුරේ ඒවද??

    ReplyDelete
  13. හපොයි මෙහෙමත් කොල්ලෝ :D:D

    ReplyDelete
  14. මු වලත්ත රජෙක්.

    ReplyDelete
    Replies
    1. නිකන්ද වල් රජා කියන්නේ? ;)

      Delete
  15. ආදර්ශයට ගැනීමට වඩාත් සුදුසුය! :P

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ආදර්ශමත්!

      Delete
  16. ඉඳපන් කවදා හරි කසාදයක් කොර ගන්නකන්. පෙන්නනවා මේවා තොගේ අග බිසවට.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔයා සුදු සුදීක මාමානේ! ^_^

      Delete
  17. ආදර්ශමත් රජෙකි, ෂුවර් එකටම සිංහල රජ පරම්පරාවේ නූතන පුරුකය,

    ReplyDelete
    Replies
    1. හුක්ෂුස්... නෑ.........? ;)

      Delete
  18. අල වගේද ගෝවා හොද්ද නැගලම යන්නේ

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පටන් ගත්තු තැන ඉඳල වල් කම.

    ReplyDelete
  21. lokka athal gaththta kamak na wade kara ganin

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනේ ඉතින් මගේ හැටි...

      මොන බයිලා කෙලියත් වැඩෙ ලෙසටම තියෙයි ;)

      Delete
  22. :P 18+ විය හැකිය.මොකක්ද යකෝ මේ කතාව

    ReplyDelete
    Replies
    1. ඒක තමා අළුත්ම වදන ;)

      Delete
  23. අර එක්ස්ටර්නල් හාඩ් එක ගන්න විදියක් නැති වෙයිද බං දවසකට ?
    :පී

    ReplyDelete
    Replies
    1. දෙන්නං... ඔය කට්ටිය උස්සන් යන්නේ ;)

      Delete
  24. ජෝගි නටන්නේ.... හිටගෙන ආතල් ගන්නේ
    පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ

    මාර ෆන්...
    ඉස්සරහට ෆන් කතා සෙට් ඒකක්ම ඒයි වගෙ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ.... කීප් ඉන් ටච්!

      Delete
  25. හම්මෝ උඹලා ගාව කෙල්ලෙක් නෙවේ ඇන්ටි කෙනෙක්වත් තියන්න බයයි බන් ;D

    ReplyDelete
    Replies
    1. අඩෝ ඕවා නොබලන, අහම්බෙන් බලන උන්ට තමා බං අසහනේ තියෙන්නේ.

      අපිට නං දැන් ඕවා දැකලම එපා වෙලා!

      Delete
  26. කෝ බන් දැන් මේ

    "අනේ රජා නම් හරි අහිංසකයි "


    කියපු උන් ..මන් අහන්නේ උන් කෝ යකෝ ....

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේට එයි... බලාගම්මු උන්ව!

      Delete
  27. හරියකෝ ඉතින් ඔව්වා අඬ බෙර ගහන්ට ඔනයෑ වෑ.....බලන්නැති කොලුකම කොස්කොටන්ටයෑ....

    ReplyDelete
    Replies
    1. හික්... වෙච්ච සිද්ධි ටික ඉතින් කිව්වේ! :)

      Delete
  28. අම්මපා 300GB තියෙනවද ඈ... එල ඈ.. රජාට පුලුවන්නම් අපිට බැරියෑ නෙහ්.. :ඩී

    ReplyDelete
  29. රජා තනි වැලකි.ලගදීම ලිදකි.ටිකකින් පල් වලකී

    ReplyDelete
  30. ආතල් බෝඩිම.. :D

    ReplyDelete
  31. කොහෙද රජෝ මේකෙ 18+

    ReplyDelete
    Replies
    1. හික්... එහෙම ඒවා නෑ ඉතින්..

      සමහරු එනවනේ....අපෝ යකෝ මේක හෙන වල් 18+ කියලා උඩින් දාපන් කිය කිය. ඉතින් මම කෝකටත් කලින්ම දැම්මා! ^_^

      Delete
  32. උඹලා ඉස්සරහට හොද ආතල් ගනියි වගෙ.ඔය දුලියා මන් හිතන්නෙ අපේ ඉස්කෝලෙ පොඩි එකෙක් :)

    ReplyDelete
  33. 300GB වැල.. මන් නම් බාන්නේ නෑ බං.. හැමදාම ඕන තරම් අප්ඩේට් වෙන සයිට් බුක්මාර්ක් කරන් ඉන්නවා මිස.. අපිට ඉතින් අන්ලිමිටඩ් නේ..

    ReplyDelete
  34. නියම පොස්ට් එක.පොස්ට් එක කියවගෙන යනකොට අපිත් උඹලත් එක්ක ට්‍රිප ගිය වගේ දැනෙන්නේ. රජ තුමනී උඹ කොච්චර තහනම් කිව්වත් මේ බ්ලොග් එකට එන්නමයි හිත. වෙන මොනවා නැතත් උඹට හොඳට ලියන්න පුළුවන් බවනම් දැනගත්ත. උඹ කියනවා වගේම උඹටත් සුභ වේවා....රජ සම්පත් ලැබේවා ....ආපහු එන්නම්කෝ තහනම් අඩවිය පැත්තේ....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)