Tuesday, July 24, 2012

අමුතු සයිට් විසිට් | Civil Eng's ROXXX

දිනය දැන් සති දෙකකට පමණ පෙරය. ඇග හිරි වැටෙන එසයිමන්ට් දෙකක් ලැබුනේය. එකක පිටු 10 ක් විතරය. මෙලෝ මල දානයක් තේරෙන්නේ නැත. අහලා තියෙන්නේ ටනල් ඩෑම් ගැනය. ලෙක්චර් එකේදී ඉගැන්නුවට පසු පස පේලි වලට මේවා ඇහෙන්නේද නැත. අනික හෙන බෝරින් සබ්ජෙක්ට් ඒකක්ය. 

ඒක කරන්නේ කොහොමද කියා අහස පොළවට සෙට් කරමින් සිටින අතර තුර ඇකඩමික් එකෙන් පණිවිඩය ආවේ මෙය කල යුත්තේ සයිට් විසිට් එකකින් අනතුරුව බවය. ඒ අනුව ඊළඟ සතියේ විසිට් එක ලාවට වගේ සංවිධානය විය. දවස් දෙකක් සඳහා සංවිධානය උනා කීවට රෑට නවතින්න තැනක් නැතිය. කන්න කෑම ගන්න තැනක් නැතිය. යන උන් ගෙදරින් අවසර ගෙනත් නැතිය. 

විසිට් එක යන්නට ඇත්තේ 18 වෙනිදාය. 16 වෙනිදද කොහෙද පොඩි මිටීමක් තිබුනේය. එහිදී සාකච්ඡා උනේ නවතින්නේ කොහෙද? යන්නේ කොහෙද? කරන්නේ මොනවද? අරවා මේවාය. නවතින්න ප්ලේස් එකක් කොල්ලෝ දෙන්නෙක්ගේ පිහිටෙන් හොයා ගත්තේය. කොහේ ගියත් අපි වැඩ කරන්නේ ලෝ බජට් වලින්ය. එකේ ආයේ කිසිම සැකයක් නැත. 5 ස්ටාර් උනත් බජට් එකනං ලෝම ලෝය. ඒ අතර පුලාට හෙන ප්‍රශ්නයක් ඇති වී තිබුනේය. ඔහු එය මෙසේ කෝඩිනේටර් අක්කාගෙන් ඇසුවේය. 

මි.. මි... මිස්... එහෙ සීතලද ද ද.. දන්නේ නෑ නේ?

කොහොමද දන්නේ නෑ... හැබැයි කවුරුවත් ඇල්කොහොල් එහෙම යූස් කරන්න බෑ...

හැක හැක හු........

නෑ නෑ මිස් මම මෙ ඇහුවේ ජර්සියක් එහෙම ගෙන්න ඕනෙද දන්නේ නැනේ...


දිනය 17 වෙනිදාය. දැන් හෙනම ප්‍රශ්නය බෝතලේය. සෙට් කරපු හෝටලේ එක කාමරේක සිටිය යුත්තේ 4ක් හෝ 5ක්ය. සෙට් පිටින් කට්ටිය බෝතල් සෙට් කරන්නේය. බන්ටි ඇතුළු පිරිස ඕල්ඩ් කෙග් එකක් සෙට් කර රජා ට ලබා දුන්නේ ගූ පාන්දර ඕක උස්සන් එන්න බැරි නිසාය. දැන් අපේ සෙට් එකට බෝතලයක් නැතිය. රජා හෙන ගුලියක් ඇඹරුවේය. අපේ බැච් එකේ ආශාන්ලා 3 ක් ඇත. ඒ,

පච අශාන් - කට ඇරියොත් කෙප්පයකය
වැල අශාන් - බැච් එකටම වැල ඩිස්ට්‍රිබුටර්
මල් අශාන් - මල් කොල්ලෙකි පැණි හැලියකි 

පචාය බෝතල් ගැන හෙන ලොකු කතාවය. ඌ එකක් ගෙන්න වගේ ටෝක්ස් දෙන්නේය. ඔය කිව්වට ගේන්නේ නැති බව අපි දන්නවාය. රජා පච අශානයට පොඩි ට්‍රික් එකක් දුන්නේය.  

උඹ බෝතලයක් ගෙනාවොත් මම බොනවා.

සිරාවට???

අනිවා දන්නවනේ රජා කිව්වොත් කිව්වා...

හරි එහෙනං හිටපන්..

පචයා, වැලයාට 1300ක්ම දුන්නේය. බයිට් රජා ගානෙය. 

දිනය 18 වෙනිදාය. මහා හද්ද කළු කැත පාන්දර 4.30 ට පිටත් වීමට කතිකා කර ගෙන තිබුනේය. ගවේෂක චමියාට එන්න එකක් නැත. ඌටත් පිස්සුය. මාමාගේ කොටෙජ් එක අල්ලපු වැටේ තියෙද්දී බොරුවට ගෙදර ගියේය. 9.00 කෝච්චියෙන් ආපහු ගල්කිස්සට ඇවිල්ලය. 11.45 වෙද්දී මිනිහ කැම්පස් එක ගාවය. ඒ වෙලාවේ අපිත් තවම නිදි නැත. මූට අපේ බෝඩිමට එන්නද තිබුනේය. කැම්පස් එකේ නිදාගන්න ගොස් ඇත. මදුරු සේනාව මිනිහව වට කරගෙන ඇත. මොන නින්දක්ද? පසුව බටයක් දල්වාගෙන ඇත. මදුරුවෝ සිහි සුන්ය. නිදා ගැනීම පැත්තක තබා සික්කා එක්ක කයියක් දමාගෙන සිට ඇත. නැවත අර අසරණ වෙනද වයිෆ් එක්ක 3.30 වනතුරු කයියක් දමාගෙන එහෙට මෙහෙට ඇවිදමින් සිට ඇත. මූ අපේ බෝඩිමට එන විට 3ට පමණ ඇත. ඇවිල්ලත් දුන්නේ පුදුම වදයක්ය. අපිට හරියට ලෑස්ති වෙන්නට දුන්නෙත් නැතිය. 4.30ට හරියටම යන්න දගලනවාය. 

වෙලාව 5.15 පමණ වන විට අපිට කැම්පස් එකෙන් පිටත් වීමට හැකි විය. එකා එකා මගින් අහුලා ගනිමින් ගියෙමු. අතර මග කට්ටිය ගෙනාපු පාන් බනිස් කමින් ගියෙමු. උදේ ආහාරයට නවතින්න තිබුනේ කිතුල්ගලය. පට්ට කඩයක් හම්බුනේය. ප්ලේස් එකත් සුපිරිය. එකා දෙන්නා හෙමින් හෙමින් බස් එකෙන් බැස්සේය. නිකමට වගේ පචයා ප්ලේට් එකක ගාන ඇසුවේය. 

අයියේ කොහොමද ප්ලේට් එකක ගාන?

500 මල්ලි....

බස් එකෙන් බැහැපු, කඩේ ළඟ හිටපු එකෙක් වත් පෙනෙන තෙක් මානයක නැත. උන්ට බස් එකේ හිටපු තැන් වල ඉඳගන්න ගතවී තිබුනේ තත්පරයෙනුත් අඩක් වගේ වෙලා ගණනක් පමණකි.  

අපගේ ඊලග නැවතුම උනේ පොඩි කඩයක්ය. බස් එකෙන් බහින්න කලින් පචයා ගිහින් ගාන අහගෙන ආවේය. බුෆේ ප්ලේට් එක 125ය. ඒ ගාන ෂේප්ය. හෙමිට බසයෙන් බැස ගත්තේමු. කෑමට තිබ්බේ, ඉඳි ආප්ප, රතු බත්, සම්බෝල, කිරිහොදි, පරිප්පු, සමග පාන්ය. හෝටලේට ගියත් කලින් යන්න ඕනෑය කියා කතාවක් තියෙන්නේ නිකන් නොවේය. රජා, වැල අශාන්, ගවේෂක, නිශාන් සමග දිලුකයා බෙදා ගත්තේ ඉස්සරලාමය. පිටිපස්සෙන් ආපු උන්ට කන්න ඉතුරු උනාද කියා සැකය. රජා ඉදි ආප්ප 25යි . ගවේශකයා රතුබත් හැඳි 3ක් සමග ඉඳි ආප්ප තොගයයි. වැලයත් එහෙමමයි.  ඇත්තටම කඩේ ඇන්ටි ගැන නං මට දුකය. අපි 125 ට 250 ක පමණ කා තිබුනෙමු. 

ගහන්න පොටෝ නැතුව හෙන සියිස් හැකරුල්ලෙක් වගේ එකෙක් පොටෝ ගසන්නට දිව්වේ අපේ මලදිවයිනේ කොල්ලෝ දෙන්නාගේ කෑගැසිල්ල හමුවේය. කොල්ලෝ කිව්වට එකෙක් තාත්තෙක්ය. ඌට වයස 32 කි. ඌව මැක්රෝ කර කර ඉද්දි යශිකයා නම් හෙනහුරා කඩන් පාත් වී මගේ කිරි කිරි ටොයි කැමරාව කිසිම සිතක් පපුවක් නැතිව බිම පතිත කරන ලද්දේ පෙර ආත්මයක වෛරක්කාරයෙන් මා පසු පස හඹා විත් බොක්කටම කඩුවෙන් ඇන්නා පරිද්දෙනි. මම මොකුත් නොකිව්වෙමි, මම හිතන දේ ඌටම හිතා ගන්නට මම ඉඩ හැරියෙමි. 



ගිනිගත්හෙනෙන් තඩි හසියා බසයට ගොඩ වෙන ලදී. අපේ ඊළඟ නැවතුම උනේ කෙලින්ම ඉහල කොත්මලේ සයිට් එකය. ගිය විගසම අපිට ඇතුලට යන්න ලැබුනේ නැත. ඒ හරි හැටි අවසර අරන් නැති වීමලු. අපි අවසර ලැබෙන තුරු හතර අතේ කැමරාව වනමින් සිටියෙමු. එහෙත් අපිට වේල්ල උඩට යන්නට ලැබුනේ නැත. වේල්ල පෙනෙන තෙක් මානයේ සිට පොටෝ ගැසෙවෙමු. අපේ කෝඩිනේටර් මිස් අක්කාටත් තියෙන්නේ පුදුම පොටෝ පිස්සුවක්ය. අපි තව හොදයිය. ඇය ඇත්තේන්ම ලස්සනය. ඇගේ එක පින්තුරයක් ගැනීමට කොල්ලෝ 8 ක් කැමරා උල් කරගෙන වටවීමෙන්ම එය පැහැදිලි වේ. (පින්තූර බුකියේ) 

අපි ඊලඟට ගියේ පවර් හවුස් එකටය. එකෙත් විනාඩි 20 ක පමණ ගුජුප්සාජනක ප්‍රසන්ටේෂන් එකකට පසුව අපිව සයිට් එක වටේ බස් රථයකින් එක්කන් ගියේය. මෙලෝම මෙලෝ රහක් තිබුනේ නැත. ඉහල කොත්මලේ නං ගියේ බොරුවටය. කිසිම මල දානයක් ඉගෙන ගත්තේ නැත. මේ වන විට වෙලාව 3 ට පමණ වී තිබුණි. 


අපි ඊළඟට ගියේ රම්බොඩ උමග බැලීමටය. මෙතන පොටෝ ගහන්නට ගිහින් තව පොඩ්ඩෙන් එකෙක් දෙන්නෙක් වාහනේකට අඩ තියනවාය. සමහරු අපි පාර මැද සිට පොටෝ ගැසීම හේතුවෙන් වාහන නවත්තගෙන බලන් සිටියෝය. මෙසේ සිටින අතර උමග දෙසින් මහා හූ සද්දයක් ඇසෙන්නට විය. මෝරපු හද දුටු නරි රැල මෙන් අපේ උන්ට ජාතික ගීය ඇසෙන්නට බැරිය. පාර දෙපැත්තෙන් සෙට් උනි. එන උන්ට හූ කියන්නට කට උල් කරගෙන හුස්ම ඉහලට අරගෙන සුදානම් වී සිටියෙමු. එක පාරටම උමගේ දොර ළඟ වංගුවෙන් මතු වුයේ දෙදෙනෙක් රැගත් ත්‍රීරෝද රථයකි. 


අපේ සියලු බලාපොරොත්තු සුනු විසුනු වී ගියේය. නැත නැත.... තවමත් හූ හඬ ඇසෙන්නේය. නැවතත් සුදානම් උනෙමු. විශාල ටටා බස් රථයක් පැමිණෙනුනේය. කන පැලෙන හූ හඩක් දුන්නෙමු. දෙවියනේ.... ඒකේ සිටියේ බාලංශේ ලමයි පිරිසකි. උන් කට ඇරගෙන අපි දිහා බලාගෙන ගියෝය. කිව්ව හූවත් අකුලාගෙන නැවත බස් එකට ආවෙමු. සීමාවේ රැදී සිටි පිරිසට බඩිගින්න දරාගත නොහී බසය අසල තිබූ ඇම්බුන් කෙහෙකැනම එකකට ගෙඩි පිටින්ම රුපියල්ම 20 බැගින් ලබා දී අවසන් කලේ අපිට එකදු ගෙඩියක්වත් නොතබාය.


නැවත බසයට ගොඩ උනු අපි දෙවතාවක් එහෙට මෙහෙට උමග තුලින් ගියෙමු. රම්බොඩ හෙලවෙන්න හූ කිව්වෙමු. උමග ඇතුලෙන් කළුවරේ යන ගමනේදී බසයේ මැද සිටි එක්තරා ජෝඩුවක් බදාගෙන සිටිබව ගමනේ නිල මාධ්‍ය සහකරු රජා සමග පවසා සිටියේය. 


ප්‍රශ්නය 01 - කවුද???


අපි තවම දවාලට කෑවෙත් නැත. අපි පුස්සැල්ලාව නගරය තෙක් පැමිණියෙමු. ඒ වන විට වෙලාව 4.30 ට පමණ වී තිබුණි. බඩට අරක්ගත් පණු දේවතාවුන් වහන්සේලා තම ඉල්ලීම් දෙන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයේ යෙදීම හේතුවෙන් තත්ත්වය ටිකක් බරපතල වී තිබුණි. බස් එකෙන් බැසගත් අපි වහාම කඩයක් සොයා දිව ගියෙමු. ඒ යන අතර මග තරමක් ගමන අඩපන කරන්නට සමත් වුයේ පැහැපත් පෙනුමැති ගෑල්ලමයිය. 

කෙසේ හෝ සයිවර කඩයකට රිංගාගත් අපි බිත්තර රොටි වලින් සප්පායන් උනෙමු. එදා දීපු සල්ලි වලින් වැල අශාන් ගෙනත් තිබුනේ වොඩ්කා බෝතලයකය. ඊට බයිට් සදහා සෙට් වෙන්නේ පලතුරුය. පලතුරු කඩ සොයා ගිය අපිට අහිංසක අක්කා කෙනෙක් ඉන්න තැනක් සෙට්විය. ලස්සන ඇපල් ගෙඩි හතරක් සමග දොඩන් ගෙඩියක් හා ජම්බෝ පීනට් පැකට් එකක් මිලයට ගත් අපි නැවත බස් රථය ලඟට පැමිණෙන අතරමග බන්ටි ඇතුළු සෙට් එක දිස්විය. අපිද නැවතුනෙමු. හුග කාලෙකින් නොකෑ ටිපි ටිප් එකක් කෑමේ ආශාව රජා ට පහල විය. මිලදී ගත්තෙමි. උඹ බබෙක්ද බං කී උන්ද පැන පැන කයි. ඒක කමින් සිටින විට එහා පැත්තේ ත්‍රී වීල් එක සුන්දර ලලනාවන් දෙදෙනෙකි. මෙය දුටු ගවේෂක නලියයි. 

නංගි ටිපි ටිප් එකක් දෙන්නද?

අපි කාලා තියෙනවා

අගර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි කිව්වලු. කට හඬ නම් මී කිරිය.

කමක් නෑ අපිත් ගොඩ කාලෙකින් කන්නේ ඔයාලත් කනවද?

එපා...

විකාර තර්ක දෙමින් අසමින් ඉන්න අතර තුර පැකට් එකත් ඉවර වෙලාය. අපි යන්න හැරෙන්වත් සමගම මෙතෙක් වෙලා වැසී තිබු රජාගේ කට ක්‍රියාත්මක විය.
ටිපි ටිප් එපා නං ආ කවරේ.... 

ටිපි ටිප් කවරයක් පාවී යනවා පෙනුනි.

මේ අතර එකෙක්ට බොකක් සෙට් වී වැසිකිලිගත වී ඇත. ඒ අසරණයාට නිදහසේ වැඩේ කරගන්නත් නොදී කවුදෝ එකෙක් මෙසේ හොරෙන් ජනෙල් කවුලුව අස්සෙන් පොටෝ ගසා තිබුණි.


 ප්‍රශ්නය 02 - පුස්සැල්ලාව හෙල්ලෙන සද්දෙන් බොක බෑවේ කවුද???

අපේ ඊලඟ නැවතුම උනේ කෙලින්ම හොටලයයි. මේ හොටලය සුපිරි යයි කට කතාවක් යමින් තිබුණි. පුංචි සුරංගනාවී, ලීඩර් යන චිත්‍රපට රූගත කර තිබුනේ මේ හෝටලයේය. අපේ බස් රථය තෙල්දෙණියට එන විට රාත්‍රී 7 ට පමණ වී තිබුණි. බස් එක හෝටලේට හරවන තැනට පැමිණියේය.

මල්ලි මෙතැනින්ද යන්න ඕනේ???

ඩයිවර් අයියා අන්දුන්කුන්දුන් වී ඇසුවේය.  ඒ පාර එතරම් පළල් හා කාපට් පාරක් විය. හද්ද කුණු ගේමක් දී බස් රථය හෝටලේ ඇතුලට ද ගනු ලැබීය. පන කඩාගෙන දුවගෙන ගොස් හොඳ කාමරක් අල්ලා ගනු ලැබීය. රජ පිරිස දෙවන තට්ටුවේ කොනේම එකට මෙහා පැත්තේ එක අල්ල ගනු ලැබීය.


දැන් තියෙන්නේ නාගෙන කාගැනීමය. රජා කෙලින්ම බාත්රුම් එකට රිංගගෙන නා ගත්තෙමි. ෂවර් එක ගැනනම් කතා කරලා වැඩක් නැත. මම වගේ දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳන් චූ කලානම් ඔයිට වඩා හයියෙන් වතුර එනවාය. කරන්නට දෙයක් නැත. අමාරුවෙන් ඇග තෙමා ගත්තෙමි. මේ අතර අපේ කාමරේ සෙට් එක රජාව දමා පූල් එකට ගිහිල්ලාය. රජා තනිකර දමා යාම හේතුවෙන් උන්ට මරු සීන් එකක් වී තිබුනේය. ගිය ගමන් පූල් එකට පැන ඇත. ටික වෙලාවක් නනා ඉන්න කොට වේටර් කාරයෙක් ඇවිත්,

මල්ලි පූල් එකට කෙමිකල් ගහල තියෙන්නේ ෆිල්ටෙර් වෙන්න 

මම යනකොට පූල් එකේ නනා හිටපු උන් පන කඩාගෙන හිරිකිත තැන් හයියෙන් අතුල්ල අතුල්ල පූල් එක ළඟ ෂවර් එකකින් නානවාය. 

අනේ මල්ලි කෙල්ලන්ගෙන් ෂැම්පු එකක් ඉල්ලං වරෙන්....

කට්ටිය බැගෑපත් වෙන්නට විය. ඊට පිටත්ව යන්නට කලින් මෙසේ රජාගේ බට්ටි කැමරාවේ මෙසේ පොටෝවක් සටහන් විය.




එළඟට එලඹියේ කෑම කතා වාරයයි. වෙන හෝටලේකින් අපිට කෑම ලැබුණි. ඒවා කා අවසන් වී වතුර බොන්න තිබූ විදුරු කට කපලා අයිස් ක්‍රීම් කෑම හේතුවෙන් අනිත් උන්ට අයිස අහිමි විය. අර කලින් කී පරිදි හැමදේටම කලින් යන්න ඕනේ කියන්නේ ඒකය.  

බස් එක හෝටලේට දමන්නට පෙර කතිකා කර ගත් පරිදි කෙල්ලන් බය කිරීමේ මහා සංග්‍රාමය මේසේ අරම්භ කරන ලදී. ගෑල්ලමි වෙනම ඉඳගෙන අයිස් කමින් සිටියෝය.

ඒ උඹලා දන්නවද? මේ හෝටලේ හනිමුන් ආපු කෙල්ලෙක් එල්ලීලා මැරිලා...

ඉක්මනට කාලා කාමර වලට ගිහිල්ල බුදිය ගනිල්ලා..

දොරට තට්ටු දැම්මට, එක එක සද්ද ආවට එකෙක්වත් ඇස් අරින්න එපා... 

ටික පිරිසක් එළියේ පොඩි සින්දු පාරක් දමද්දී රජා ඇතුළු පිරිස ඉක්මනින් කාමර ගත උනේ වොඩ්කා බෝතලේ රහයිද බැලීමටය. එකෙත් පොඩි ගතියක් තියෙනවාය. බොන එක උනත් කල යුත්තේ කලාත්මකව ප්‍රිය උපදවන සුළු ලෙසටය. බලන්න මේ බෝතලේ දැක්කම නොබී ඉන්නේ කොහොමද නේද? 

ඇපල් සෙට් එක නං ලොවෙත් නැති, ගහෙත් නැති, ගහ යටත් නැති ලෙස ලස්සනට නැගලා ගියේය. එකටත් හරියනම ෆෘට් ජූස් එකය.



පස් දෙනෙක් වටවෙලා බිව්වට හෙන පොර ටෝක් දුන්න එකෙකුට ෂොට් දෙක යනකොට  වැදුනාද මන්දාය. ඇදේ පෙරලි පෙරලි සිටියේය.  තවත් කවුදෝ මන්දා දෙපාර දෙපාර ශැන්ඩි කරනවා වගේ ලාවට මට මතකය. ඇයි තව මහ රෑ වොශ් රෑම් එකට පන කඩාගෙන දිව්වේද ඌමය.

ප්‍රශ්නය 04 - කවුද???

ඉහල කාමර වලත් හොඳ හොඳ සිද්දි ටිකක් සිදුවී තිබුනේය එකෙක් කේරලෙන් ගෙනාපු මොනවද බීලා හිනාව නවත්තගන්න බැරුව මැරෙන්න ගොස් ඇත. ඌ පැය බාගයක් පමණ එක දිගට හිනා වෙමින් සිට ඇත. තවත් සද්දන්ත කුලේ එකෙක් අධික ප්‍රවේගයකින් ඇදක් මතට සම්ප්‍රාප්ත වීම හේතුවෙන් සිරි යහන ගබඩාව සමතලා වී ඇත.



පාන්දර එකට පමණ ගයියා ඇතුළු පිරිස පහල මාලයට පැමිණ ඇත. ඒ තවත් කුපාඩි වැඩකටය. එනම් රජා ඇතුළු පිරිස බය කිරීමටය. වෙලාවට වගේ උන්ටත් වෙරි මර ගාතේ අපේ කාමරේ හොයාගැනීමට නොහැකි වී ඇත. තට්ටු දමා ඇත්තේ අල්ලපු කාමරේ මුස්ලිම් උන්ටය. තට්ටුව දමා මුන් එක එක හොල්මන් සද්ද දමා ඇත. එකෙක් දොර හිමීට අරිනවාත් සමග ගයියලා හැංගී ඇත. අරූ හෙමීට ඔලුව එලියට දමා දෙපැත්ත බැලුවේය. කිසිවෙක් පෙනෙන්නට නැත. දොර වැසුවේය.  තත්පර කීපයකින් ක්ෂණයකින් ඇරුන දොරෙන් එලියට පැන්නේ බයට යටිගිරියෙන් කෑගසාගත් එකෙකි.

ප්‍රශ්නය 05 - කවුද???

උදේ පාන්දර අවදි වී පූල් එකේ නාගෙන එහෙම වික්ටෝරියාව බලා යාමට පිටත් උනෙමු. ඇත්තටම එකනං මාරම අත්දැකීමක්ය. වේල්ල ඇතුලේ උමන් වගේ ඒවා අස්සේ ගියෙමු. 

බ්ලොග් කියවන හැමෝම ඉන්ජෝ නොවන බැවින් මම වේල්ල පිළිබද චුටි විස්තරයක් කියන්නම්. හැබැයි ඉතාමත් සරලව.

වේල්ලට කොන්ක්‍රීට් සමග කම්බි භාවිතා නොකළ බව
කොන්ක්‍රීට් ඇනුවේ අයිස් වතුරෙන් බව
වේල්ලට මිලිමීටර් 60 උපරිම පැත්තකට ඇලවිය හැකි බව
වේල්ල ඇතුලේ තට්ටු 7 ඇති බව
වේල්ල ඇතුලේ 50000 ක පිරිසකට සිටිය හැකි බව.
පුදුමයි නේහ්?

Thats why, I Love Civil Engineering...
Civil Eng's RoxxxXXXXxxxx



සිවිල් ඉංජිනේරු විද්‍යාවෙදී ට්‍රිප් සදහා තාක්ෂණික යෙදුම සයිට්/ෆීල්ඩ් විසිට් වේ.
සයිට් විසිට් = ට්‍රිප්

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


බුකියේ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

ප/ලි: 
ප්‍රශ්න ඇහුවේ අපේ බැච් එකේ උන්ගෙන් ඈ...

133 comments:

  1. අඩේ පට්ට ෆීල්ඩ් විසිට් එකක් නෙව....
    අපේ සිවිල් බැචාලත් ඔය ෆීල්ඩ් විසිට් එහෙම යන්නේ. ඒවත් ඔය වගේ ෆන් ද දන්නේ නෑ. අපට ඉතින් කොයින්ද ෆීල්ඩ් විසිට් !!!
    ෆීල්ඩ් විසිට් ගියොත් ඉතින් තවත් කොම්පීතරයක් ගාවට නෙව !!!

    ReplyDelete
    Replies
    1. අහලා බලමු... :-)

      ඒකත් ඇත්ත තමා නේ..? නරකද ඔය කම්පීතර හදපු උන්ගේ ගෙවල් වල ගියොත්.. ඒක පට්ට ආතල් වෙයි :-)))

      Delete
  2. යකෝ අපිව හිනස්සවලා මරන්නද යන්නේ.... උඹ පින්තූර වලට මූණු දාන එක ටොප් එකටම කරනවා....

    //හුග කාලෙකින් නොකෑ ටිපි ටිප් එකක් කෑමේ ආශාව රජා ට පහල විය//

    මේකනම් මටත් මේ ළඟකදි ඉඳන් තියෙන ලෙඩක්.බොම්බයි මොටයි එකක් පස්සෙත් පන්නගෙන ගිහින් රුපියල් 10ක කෑවා ලඟදි... ඒවා අමෘතය වගේ බොල දැන්.

    ඒ මේ තෙල්දෙණියේ මෙහෙම හොටෙල් එකක් නෑනේ.එක්කෝ මේ රඹුක්වැල්ලේ නැත්තම් ඔරුතොට... නම මතක නැතෙයි??

    නියමයි මචෝ ලිපිය.... අර ප්‍රශ්න සේරටම උත්තරය "රජාමය"
    ඒක නෙමේ මම මේ දුවගෙන ආවේ අර rox කියන එකට x අකුරුම තුනක් තියෙන්නේ මක්කැයි බලන්න.

    ReplyDelete
    Replies
    1. තෙල්දෙණියේ indramanel hotel eka. pool eka shower eka dakke gaman kiyanne puluwan !!!!

      Delete
    2. @ ගැමී - ඕං තව එකක් මතක් කලා... මටත් ඕනේ බොම්බයි මොටයි!!!

      @ ඇනෝ - ටක්කෙටම හරි නොවැ :-)

      Delete
    3. බොහෝම ස්තූතියි ඇනෝ... එහෙම එකක් ඇහුවෙත් අදමනේ.... මචං රජෝ සුට්ටි සුට්ටි එව්වා බිව්වට කමක් නෑ කියලා කියන්නම් උඹෙත් ආසාවනේ ඒත් ලොකු ලොකු දේවල් කටේ ගාගන්න කලින් ඩිංගක් කල්පනා කරහං හොඳේ එව්වා බීලා අනික් උන් නටන නාඩගම් උඹත් නටනවද කියලා....

      Delete
  3. Replies
    1. තුන බේරුණු එක ලොකු දෙයක් හි හි.. එකම වෙලාවේ කොමෙන්ට් දෙකක් නිසා දෙන්නම දෙක.....

      Delete
    2. ඇති යන්තම් ටින් ටින්ට තුන හම්බෙලා නැත්තම් විනාසයි

      Delete
    3. තව ඩිංගෙන් තුනත් ලොස්.. :-)

      Delete
  4. අයියෝ අයියෝ වල් රජාගේ ෆොටෝස් තමා ෆොටෝස් :D

    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල් අන්න එහෙමයි පැපරාසි ඡායාරූපකරණය :-)

      Delete
  5. අඩේ පට්ට රජෝ
    ඔන්න කාලෙකින් උඹේ ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙනවා කිරිගහට ඇන්න වගේ උත්තරේ හරි ඈ ප්‍රශ්න පහටම උත්තරේ තමා රජා නොහොත් උඹ
    ශික් ඉඳල ඉඳල උත්තර දුන්නහමවත් එව්වට තෑගි නැහැල්ලු

    ReplyDelete
    Replies
    1. එතකොට අර බයඋන කෙල්ලත් මමද? :-)

      Delete
  6. හප්පා ඉරිසියාවෙ බැහැ රජතුමෝ...අර ඇඳේ පෙරලිලා ඉන්නෙ අලිපැටියෙක්ද?

    ReplyDelete
    Replies
    1. සුදු අලියෙක්... හිකිස් :-)

      Delete
  7. පව් කොල්ලන්ට පොවලා.. විනාස කරලා...

    හොද බ්‍රෑන්ඩ් එකක් සහෝ.. :ඩී

    ReplyDelete
    Replies
    1. කඩුවෙල වොඩ්කා....... රොක්ස්ස්ස්ස්ස් :-)

      Delete
  8. ෂික් ... මුන් තනියම බීල. අර ගෑනු දැරිවියොන්ට නැතුව. මූ ඉන්න පැත්තක් බලන් වැසිකිලියන්නත් නරකයි ඕං.

    ReplyDelete
    Replies
    1. හෑ...? උන් බොන වොඩ්කා :-)

      Delete
  9. ආ...වේල්ල ගැන අදනේ මේ විස්තර දැන ගත්තේ...නියමයි. මාත් ඉස්සර සිවිල් යන්න හිතාගෙන හිට්යා. පස්සේ අදහස වෙනස් උනා....කලින් කියන්න එපාය සිවිල් ඉංජිනියරින් රොක්ස්ස්ස් කියලා...

    ReplyDelete
    Replies
    1. අපරාදේ... :-)

      සිවිල් ඉංජිනියරින් ගල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්..

      Delete
  10. මාර පින්තූර ටික යාළු..:)
    හ්ම්ම් ඔයානම් හරිම පින්වන්තයි මෙහෙම ඇවිදින්න යන්න..

    ReplyDelete
    Replies
    1. මං??? පින්වන්තයි???

      ඇහුවමද කොහෙද.. ඔයාටත් පින් ඈ මට එහෙම කිව්වට :-)

      Delete
    2. yaluve mage sit 1tat lipi liyanna. satsamuduren eha.http://sathsamudereneaha.blogspot.kr/

      Delete
  11. හේ හේ... රජෙක ලගටනේ මමත් ඇවිල්ලා තියෙන්නේ...දාන්න 5 ක්! මමත් සිවිල් තමයි..හේ හේ

    ReplyDelete
    Replies
    1. පට්ට පට්ට.... දාමු 10ක්ම.

      චටා......ස් :-)

      Delete
  12. //පුස්සැල්ලාව හෙල්ලෙන සද්දෙන් බොක බෑවේ කවුද???
    වෙන කවුද ඉතිං රංගොජා තමා...

    ReplyDelete
  13. මූ ගිය ආත්මෙ පැපරාසියෙක්ද කොහෙද..... උබ මං ඉන්න තැනකට එහෙම ඔය අටමගල උස්සගෙන ආවොත් ගලක් උඩ තියල වෙඩි තියනවා..

    නෑ එක්කො ඕනෙ නෑ උබට වෙඩිතියන්න බලාගෙන එක්කෙනෙක් ඉන්නවා මම එයාට වැඩෙ සබ් දෙනවා

    ReplyDelete
    Replies
    1. එදාට දාන්නේ මීයා හෙළුවෙන් ඉන්න එකක් :-)

      ආ... ඔව්මයි. එයා ආයේ මාව අල්ලගනීද බං. බයේ බෑ

      Delete
  14. යාළුවන්ට පොවලා මේකා ෆොටො ගන්නවා වගේ... :)

    කෝම උනත් මරු ට්‍රිප්...

    ReplyDelete
    Replies
    1. අඩෝ මෙදා පාර මමත් බිව්වා හරිය...

      Delete
    2. රජා ලොකු ලමයෙක් වු දවස..මොනව වුනත් හොද අනාගතයක් තියෙනවා රජෝ...

      Delete
  15. ඉගෙන ගද්දි මෙහෙම නම් ඔය උපාධිය ගත්තට පස්සේ කොහොම වෙයිද?:)

    මොනවා උනත් හොඳ ෆීල්ඩ් ට්‍රිප් එක. ෆොටෝ ටික හොඳයි. ඒත් ඉන්න අය කැතේ බෑ හී හී....

    ReplyDelete
    Replies
    1. අපි උපාධිය ගනීද? :-))))

      හි හ හී....

      Delete
  16. උඹ සුදුසු රජ කමට හෝ ඉන්ජෙකුට නොව සිනමාවටයි......!!
    ඔය වේල්ල ගහපුතැන මුලින් තිබුන ඉඩ ඉතාම ප‍ටු ඉඩක් කියලයි අහල තියෙන්නෙ.එතන තියෙන පොටෝ වල තියෙනවනේද..?
    මේව දැක්කම අපිගෙනගත්තු කාලෙ ගිය මෙව්ව එකමතක් උනා ඕය්...ඒත් දාන්න පොටෝ නැති නිසා..ලියල වැඩැක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... මේ වේල්ල ගහලා තියෙන්නේ මහවැලි ගගේ පටුම ස්ථානයේ..

      Delete
    2. නෑ මචන් උපදේශක අපිට එහෙම කිව්වට පටුම තැන නෙමෙයිලු..පටුම තැන ඔයිට ටිකක් පහලට වෙන්න තියෙන්නේ..ඔතන වේල්ල හදන්න හේතුව පාෂාණ වල ස්වභාවය කියලයි ඉන්ජිනියර් ඇසිස්ටන්ට් කෙනෙක් කිව්වේ.ඒක ඇත්ත වෙන්න පුලුවන් පටුම තැනට වඩා යෝග්‍ය වෙන්නේ හොද බෙඩ් රොක් එකක් එක්ක සයිඩ් දෙකේ පාෂාණවල ස්වභාවය හොද ශක්තිමත් වෙන එකනේ...

      Delete
    3. මට එහෙම එකක් ඇහුනේ නෑනේ බං... :0

      Delete
  17. බෝතල් තිබුනත් නැතත් ෆීල්ඩ් විසිට් නම් පට්ට ෆන් බව නොකියාම බැරිය..සාමාන්‍යයෙන් ට්‍රිප් යන්න අවසර නොදෙන බැවින් ගෑණු ළමයින්ද හොඳ ෆන් එකක් ගත් බව මතකයේ ඇත..

    //බ්ලොග් කියවන අය ඉන්ජන් නොවන බැවින්//
    එතකොට අපි කවුද? ඔටුවොද?..හහ්..:D

    අනේ රජෝ..සයිට් විසිට් ගිහිල්ලා පාඩම් අහගෙන හිටියෙ නෑනෙ ඒකනෙ වේල්ල ගැන කරුණු කාරණා කියන්න බැරි..හික්ස්..
    පුළුවන් නම් දාන්න බලන්න පෝස්ටුවක් ඉගෙන ගත්ත දේවල් ගැන..:P
    බැචාලගෙන් කොපි කරන්න ඔට්ටු නෑ..

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ බ්ලොග් කියවන හැමෝම ඉන්ජෝ නොවන බැවින් කියලා... මම නොදන්නවයෑ මේකේ ඉන්න ඉංජෝ.

      පෝස්ට් ලියන්න නෙමේ.. පිටු 25ක විතර එසයිමන්ට් එකක් තියනවා හදන්න වේල්ල ගැන

      Delete
  18. ට්‍රිප් එකනං පට්ටය.
    වේල්ල ගැන විස්තර ටික ඇහුවෙ අදමය.

    ReplyDelete
    Replies
    1. තව මාර කරුණු තිබ්බා.. ඇත්තටම මතක නෑ :-))

      Delete
    2. වේල්ල ගැන අහන් ඉද්දි පුදුම ආසාවක් ඇති වුනේ..හයිඩ්‍රොලික් සබ්ජෙක්ට් එකයි ඩැම් කන්ස්ට්‍රක්ෂන් එකයි හරියට ඉගෙන ගත්තේ නැති එක ගැන දුකත් හිතුනා...ගොඩාක් දේවල් තියෙනවා වේල්ල ගැන කියන්න..ඇත්තටම පුදුම හිතෙනවා ඒ විශ්මිත නිර්මාණය දැක්කම...තව දෙයක් අපිට මග පෙන්වපු ඉන්ජිනියර් ඇසිස්ටන්ට් කියපු එක දෙයක් තමයි ඒ දවස්වල මේ වේල්ල හදන්න එංගලන්තෙන් ආපු සුද්දන්ට වඩා අපේ ඉංජිනියර්ස්ලා කොලිෆයිඩ් කියපු එක..සැලසුම් සේරම එංගලන්තෙන් උනත් අපේ මිනිස්සුන්ගේ මහන්සිය තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ...ඒ වෙනුවෙන් දිවිපිදු අය කැපකිරිම් කරපු කරපු අය නිසා තමයි දෙයියනේ කියලා ඊයේ පෙරේදා පැය දෙක තුනක් විතරක් කරන්ට් එක කපලා බේරෙන්න පුලුවන් උනේ...

      Delete
  19. පට්ට ඕයි...!!!
    මරු එකට ලියල තියේ...සුපිරි..

    ReplyDelete
  20. හලේ උඹලා ඕවා ඉගෙනගත්තට කමක් නෑ. ටනල්ස්, ඩෑම්ස්. බ්‍රිජස් වගේ දේවල් හදන්න නං යන්න එපා ඕං. TBM නං ඔය කොයි කවුරු ගාවත් තියෙන්නෙ. :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. TBM කිව්වේ සර්...??

      ඇත්තටම දන්නැති හින්දා ඇහුවේ

      Delete
    2. Tunnel Boring Machine රජතුමනි. අර ප්‍රංසෙ ඉඳලා එංගලන්තෙට මුහුද යටින් උමග හෑරුවෙ එව්වා දෙකකින්නෙ දෙපැත්තෙන් පටන් අරං. එකට හම්බ වෙනකොට ටනල් දෙකේ වෙනස සෙන්ටිමීටර් කීපයයි කියන්නෙ!!
      ඉතින් ඔය කොයි කවුරු ගාවත් තියෙන්නෙ TBM! :D
      henryblogwalker the Dude

      Delete
    3. අන්න එහෙම කියන්න එපැයි... :-)

      දැන්නේ තේරුනේ..

      Delete
    4. ඩිස්කවරි වැඩසටහනක දැක්කා ඔය හාරන මැෂිමක් සදහටම පොලොවේ වලක් කපාගෙන වැලලෙනවා කියලා... ඒක වීඩියෝ එකකින් පෙන්නුවේ.... ඔය මැෂිප හාරගෙන යනකොට ඒ මැෂිමෙ පිටිපස්සෙන්ම කොන්ක්‍රිට් එකක් වැටෙනවා ටනල් එකට...

      Delete
  21. අඩෝ එක බෝතලේ ගහලා කබත් දැම්මද බන් ?

    ReplyDelete
    Replies
    1. යා යා අපි කෙලින්..කෙලින් කිව්වට නිදා ගත්තේනම් හරහට.

      Delete
  22. අය්යෝ දෙයියනේ,.,., මරුනේ,.,., ෆට්ටම ෆට්ට,.,., මේ අර තඩියා කවුද බන් සිරි යහන් ගබඩාව කඩාගෙන වැටිච්ච පවු ඒකා නන්

    ReplyDelete
    Replies
    1. කොහොමද සයිස්... අපේ බැච් එකේ තඩිම එකා

      Delete
  23. මරු අනේ..හිනාව නවත්තගන්න බෑ තාම.හී හී හී

    ReplyDelete
    Replies
    1. කේරලෙන් ගෙනාපු එව්වාවත් පාවිච්චි කලාදෝ?????

      Delete
  24. හයියෝ මෙහෙමත් ආටක නාටක හිනා වෙලා කටත් රිදෙනවා අප්පා, බුකියේ පුන්තූරනම් කලින්ම බැලුවා ඇත්තටම චූටි ටීචනම් ලස්සනයි මේ වල් යක්කුන්ගෙන් කොහොම බෙරිලා ඉන්නවද මංද

    ReplyDelete
    Replies
    1. අපූ අපිනං ඇහැක් ඇරලා බැලුවේ නෑ එයා දිහා... :-)

      Delete
  25. අඩේ පට්ට ට්‍රිප් එක ඕයි උඹ ඊට වඩා රහට මේක ලියලා තියෙනවා ඈ.කව්ද බං අර පුක එළියේ දාගෙන නිදියන් ඉන්න එකා?.

    ReplyDelete
    Replies
    1. ඌ තමා තඩියා...

      බොරු කියන්න එපා බං. පුක පේන්නේ නෑ... මම කොටු කොටු දාලා තියෙන්නේ. :-)

      Delete
  26. ඔය කොරලා තියන්නේ දහ දුරා වැඩක්!රජා ඉන්ජිනියර් කෙනෙක් උනාම හදන පාරක වත් මම නම් යන්නේ නෑ ඔන්න!බයේ බෑනේ ඔයි!මුන් කොන්ක්‍රීට් අන්නනෙත් වොඩ්කා වලින්ද දන්නේ නෑනේ! :පි

    ReplyDelete
  27. අහෝ රජෝ උඹලා ඉංජිනේරුවෝ උන කලට මේ රටට යන කල කුමක්ද ;)
    අහෝ....ඛේදයකි :පි

    ReplyDelete
  28. රෝජෝ එල ට්‍රිප නේ. හම්මප ඉරිසියත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න එපා බං ඉතින් :-)

      Delete
  29. උඹ හැමෝටම පොර ටෝක් දීලා... වැඩියෙන් ෂැන්ඩි කරලා අඩුවෙන්ම බීලා අනිත් උන්ගෙ ෆොටෝස් හොරෙන් අරන් මේකෙ දාලා උන්ට කින්ඩිය දාන එක සාධාරනද රජෝ ?

    ReplyDelete
  30. ඉන්ද්‍රා මානෙල් හොටෙල් එකෙත් කතාවක් තියනවා. ඒ හෝටලේ අයිතිය ඩොක්ටර් කෙනෙක්ට. එයාගේ මන්ද මානසික අබාධිත දුවලා දෙන්නා ගේ නම් තමා ඔය ඉන්ද්‍රා මානෙල් කියන්නේ කියලයි මම දන්නේ. මොක උනත් මඩරජෝ උඹ ඉන්න හත්ගව්වකට එහායින් යන්න ඕනේ. ෆොටෝ මරුවෙක් නේ උඹ..

    ReplyDelete
    Replies
    1. හොටෙල් එක නම් ඇත්තටම සුපිරි..එතන්ට යන්න තියෙන පාර තමයි අවුල..හදිසියේ හනිමුන් යන කපල් එකකටවත් එන්න පාර හොදට හදලා තිබ්බනම් තමයි හොද.....

      Delete
    2. ආයේ ඒ පැත්තේ ගියොත් ඔරුතොට චැලේ එකට ගිහින් බලන්න. දිගනේ ඉඳලා එනකොට ඔරුතොට පල්ලම බැහැල ඉවරවෙච්ච ගමන්ම දකුණට තියන පාර යන්නේ චැලේ එකට.

      Delete
    3. ඒක සිරාද???? හනිමූන් එකට යන්න ඉන්නේ නංගි එක්ක :-)

      Delete
  31. මේක නම් සුපිරි ඈහ්..

    ReplyDelete
  32. අඩේ මූ දාලා තියෙන පින්තූර ටික..හික්ස්...

    ReplyDelete
  33. අඩෙ එහෙම බැලුවම මත් නිතරම "ට්‍රිප්" යනවා කන්තොරුවෙන්

    ReplyDelete
    Replies
    1. අපිට කියන්නෙවත් නෑ.. :/

      Delete
  34. ඈ...රජෝ කෝ අර පුස්නවලට උත්තර දාලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ ඒවා.. :)

      Delete
  35. අප්පෝ. උඹ නම් මහ පැපරාසි පොරක් නේ මචන්. කොහොමද ඔහොම ෆොටෝ ගන්නේ. (මමත් ඔය වගේ තමා)

    ReplyDelete
  36. මා ඔයේ නාන්න යන්න හිටියෙ, ගමන කැන්සල් කරන්න වෙයි. රජාගේ පැපරාසි වැඩ හින්ද.

    ReplyDelete
  37. ආ ඒ ගමන බොන්නත් පටන් ගත්තද?
    :-(

    ReplyDelete
  38. Machan,

    Campus eka ICBT ekada?
    Loweth naha itin. ICBT kivvoth alcohol nathi venavada?
    Ela. Patta fun ekak aran wage.

    Mamath ICBT student kenek.

    ReplyDelete
  39. කට ඇරියොත් කෙප්පයk kiyana dial eka ekka innakota parissamin ...honde

    ReplyDelete
  40. අපිත් යනවා නොවැ ෆීල්ඩ් විසිට්.ඩෙංගු මර්ධනයට, කුණු ප්‍රශ්න විසඳන්න, ගෙවල්වල උන් කන බොන ඒවා හොයන්න, උන්ට ලෙඩ තියෙනවද බලන්ඩ.

    පූල් එකේ සිද්දිය වගේ එකක් අපිටත් උනා නොවැ.අපේ ඉස්කෝලෙ අපි දවසක් රෑ ඉද්දී අපිත් ගියා නොවැ පූල් එකට නාන්ඩ කියලා.බහින්ඩ කලිං අපිටනං සික්කෙක් කිව්වා සීන් එක.

    ReplyDelete
  41. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලල්ලෑ... :-)

      Delete
    2. කමෙන්ට් එක අයින් කලාට අවුලක් නෑ බන්.මට දුක පෝස්ට් එකෙනුත් කොටසක් අයින් කරන්න උන එකටයි..මීට ටික දවසකට කලින් පච්ච සීන් එකකට එක්කෙනෙක් කලබල වෙලා ලොකු පෝස්ට් එකක් දාලා තිබ්බනේ.ඒකෙයි මේකෙයි වෙනසක් නැ බන්..එයා එයාගේ පච්ච දැකලා පෝස්ට් එක වැරදියට වටහගෙන ෆෝම් උනා ඒ හා සමානව මෙයට අදාල තැනැත්තියත් එයාගේ නම දැකලා ෆෝම් වුනා..දෙන්නටම කියන්න තියෙන්නේ එකම දේ බන්..අපි එක් එක්කෙනා බ්ලොග් ලියන ශෛලින් වෙනස්..අරමුණු වෙනස්..තහනම් අඩවියේ අරමුණ කියවන්නාට විනෝදයක් දෙන එක හුස්මට කම්මැලි කමක් නැතුව කියවගෙන යන්න පුලුවන් ආකර්ෂනිය පෝස්ට් එකක් නිර්මාණය කිරිමයි..ඒ තුලින් කිසිදු ආකාරයක කෙනෙකු විවේචනය කිරිමක් හෝ අපහසුතාවයට පත්කිරිමක් සිද්ධ වෙන්නේ නැ..ඒ බව තහනම් අඩවියත් එක්ක හිටපු අය දන්නවා..හර්ෂන මල්ලි පෝස්ට් එකකින් අපේ පාටි එක්ක ගැන අපි ඩ්‍රින්ක්ස් ගත්ත හැටි ලිව්වට මම හිතන්නෙ නැ මේක කියවන පුද්ගලයෙක් මාව බේබද්දෙක් විදිහට දකියි කියලා..අපි කෙල්ලෙක්ට ලයින් එකක් දුන්න හැටි ගැන ලියවුනොත් මම හිතන් නැ කියවන පුද්ගලයා මාව සල්ලාලයෙක් විදිහට දකියි කියලා...සම්ප්‍රධායික රාමුවෙන් බැහැරව අපේ ජීවිතයේ අත්දකින රසමුසු තැන් හැමෝම එක්ක බෙදා ගැනිමයි තහනම් අඩවියේ අරමුණ.. එය වැරදි ලෙස තේරුම් ගැනීම ගැන ඇත්තටම කනගාටුයි..

      Delete
  42. සිවිල් වගේද කම්පියුටර් මලයා..:P අපි නම් ඔහොම යන්නේ කට්ටිය සෙට් උනාම තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා... සිවිල් රොක්ස් ඈ.. :-)

      Delete
  43. මට දැන් හිනා ගිහිල්ලම බඩ රිදෙනව වගේ. ගුජුප්සාජනකයි ඈහ්

    ReplyDelete
    Replies
    1. Yako මු මගේ අයියද නැත්නම් මල්ලිද?

      Delete
    2. යකෝ බොරළුලා ගොඩ.. :-)

      Delete
    3. mona godada Rajo api made Nethnam ART karawida ekath not sure {masekata 2 days class cut ne}

      Delete
  44. සෙට් එකම ගැහුවේ එක බෝතලේද..එළ ඈ....

    ReplyDelete
  45. උම්බාගේ ට්‍රිප් එකටවදා මම ආසා කලේ කාපු කෑම වලට ඉඳි අප්පා අරවද මේවාද. හිටුකෝ තව මාසයක් මමත් ලංකාවට ආවම කනවා තව අවරුද්දකට හරියන්න.

    ReplyDelete
  46. සියලුම පින්තූර නිරීක්ෂණය කලෙමි.පියුමේ මරු ඕයි.....

    ReplyDelete
  47. හෑ... අර වොඩ්කා එකට තුන්දෙනෙක් සෙට් වුනාම ඔහොම නිදාගෙන නැගිට්ටා ඇති. මේක සයිට් විසිට් කෙසේ වෙතත් කෑමටයි බීමටයි විතරයි යම් තරමකට සේවයක් කරල තියෙන්නේ.

    ReplyDelete
  48. වේල්ලට මිලිමීටර් 60 උපරිම පැත්තකට ඇලවිය හැකි බව මෙ මොකක්ද? රජො

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මචන් වේල්ලේ මුලික පිහිටුමේ (Initial position)ඉදන් මිලි 60 ක් දුරක් දක්වා පිහිටුම වෙනස් වෙන්න පුලුවන් කියන එකයි(flexible) . උදාහරණයකින් කිව්වොත් 2010 දි දොරටු 8ම ස්වයංක්‍රියව ඇරිලා වාන් දමපු වෙලාවේ වේල්ල මිලි 38 ක් ඉස්සරහට ඇවිත් තියෙනවා..ඒ තමයි මේ දක්වා වාර්තා වෙලා තියෙන වැඩිම අගය..ජල පීඩනය නිසා තමයි එහෙම වෙන්නේ, වෙල්ල හදද්දි කම්බි භාවිතා නොකලේ ඒ හින්දයි(to maintain flexibility)..වෙල්ලේ ආරක්ෂාවට තමයි එහෙම යම් අගයක් දක්වා ඉස්සරහට එන්න පුලුවන් විදිහට හදලා තියෙන්නේ...මිලි 60ට වඩා ඉස්සරහට ආවොත් වහාම ආරක්ෂාත ක්‍රියාමාර්ග අරන් වෙල්ලේ ආරක්ෂාව තහවුරු කරන්න වෙනවා..

      Delete
    2. lot of thank you ගවේෂක මම A/L 2013 mama nodenagena hitpu deyak kiyala dunnata thanx api enjo neweine Art karayo ne

      Delete
    3. thawa ගැටලුවක් තියනවා කොන්ක්‍රීට් ඇනුවේ අයිස් වතුරෙන් බව එ මොකද? දන්න කෙනෙක් කියලා දෙන්නකො pleeseeeeeeee ගවේෂක dannawa ethi

      Delete
    4. ඒකට හේතුව සරලව කිව්වොත් ක්‍රොන්ක්‍රීට් එකක් දැම්මම ඒක ඇතුලේ තාපදායක ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා(සිමෙන්ති වල කැල්සියම් කාබනේටුයි ජලයයි අතර)..ඒ කියන්නේ රස්නෙ පිටවෙනවා කියලා සරලව කියමුකෝ..මේ හින්දා ක්‍රොන්ක්‍රීට් එකේ ක්‍රැක්ස්(ඉරිතැලිම්) එනවා...මල්ලි දැකලා ඇති ක්‍රොන්ක්‍රිට් එකක් දැම්මම වතුරෙන් තෙමපු ගෝනි වලින් වහනවා..වතුර ඉහිනවා වගේ දෙවල්..එහෙම කරන්නේ තාපදායක ප්‍රතිකියා අවම කරගන්න..ඩෑම් එකක් වගේ හදද්දි ක්‍රැක්ස් ගැන සැහෙන්න සැලකිලිමත් වෙන්න ඕන..මොකද ඒ හරහා වතුර කාන්දු වෙන හින්දා..ක්‍රැක්ස් ඇතිවෙන එක 100% නවත්න්න බැ..ඒත් විවිධ උපක්‍රම යොදලා ඒක අවම කරගන්න පුලුවන්..ඒ සදහා යොදපු උපක්‍රමයක් විදිහට තමයි අයිස් වතුරෙන් ක්‍රොන්ක්‍රිට් අනලා තියෙන්නේ..අයිස් වතුර භාවිතා කිරිමේ තවත් අරමුණු තියෙන්න පුලුවන්..මම දන්නේ අර හේතුව නිසා කියලා විතරයි..ඔයා ආර්ට් කරනවා කියපු නිසා මම පුලුවන් විදිහට සරලව කිව්වා..තේරෙන්න ඇති කියලා හිතනවා..

      Delete
    5. වෙලාවට මම ගෙදර හිටියේ නැත්තේ.. නැත්තං මටනේ උත්තර දෙන්න වෙන්නේ :-)

      Delete
    6. තෙරුනා ගවේෂක thank you lot mati RaJa

      Delete
    7. මේකට තව හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සිමෙන්ති.(OPC-Ordinary Portland Cement). තව තියෙනවා ඇලුමිනාධික සිමෙන්ති (High Alumina cement), සල්ෆේට් රෝධක සිමෙන්ති (Super Sulphate Resistance Cement), ධාරා ඌශ්මක සිමෙන්ති වගේ ඒවා.
      (අවු:5කින් විතර පාවිච්චියට ගත්තු නැති මතකයක්. වැරදි නැතුව ඇති කියලා හිතනවා. වැරදිනම් කවුරු හරි කියන්ඩෝ.)

      අපි පාවිච්චි කරන සිමෙන්තිත් (OPC) අනනකොට රත් වෙනවා හැමෝම දන්නවානේ. ඒවා හයි වෙන්න විනාඩි 30-45ත් අතර කාලයක් යනවා. (ඒ කියන්නෙ කොන්ක්‍රීට් එකක් දානකොට දාපු ගමන් සවලෙන් එහාට මෙහාට කරලා මට්ටම් කරන්න පුළුවන් උනත් පැය බාගෙකින් විතර ඒ සෙල්ලම් බෑ.)
      ඒත් පැය 10ක් විතර යනකම් නියම ශක්තිය ගන්න බෑ. ඒ වෙනකම් අග්ගලා ගුලියක් වගේ. තදින් පාරක් වැදුනොත් කැඩෙනවා.

      එතකොට ධාරා ඌශ්මක සිමෙන්තිවල පළමු සවි කාලය විනාඩි 5ක්. (OPCවල විනාඩි 30-45)
      අවසාන සවි කාලය විනාඩි 30ක්. (OPCවල පැය 10ක්)
      දැන් හිතාගත්තෑකි නේද මේ සිමෙන්ති කොච්චර රත් වෙනවද කියලා. රත් වීමෙන් වන හානිය වළක්වාගන්න තමයි අයිස් වතුරෙන් සිමෙන්ති අනන්නේ.

      Delete
  49. නියම කතාව....
    හයියෝ...ෆූල් එ‍කේ සිද්ධිය...
    තාම හිනා

    ReplyDelete
  50. සුපිරි ආ..හිනා වෙලා පන යනවා අම්මපා...

    ReplyDelete
  51. හික්ස්....නියම ගමන සිනා සාගරයයි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.. :-)

      Delete
  52. බුෆේ ප්ලේට් එක 125ට තියන කඩේ තියෙන්නේ කොහේද හැබෑටම.. ඒ දවස් වල පේරා, නුවර ඒරියා වල තිබුණු ඔය වගේ කඩ කීපයක්ම අපේ සෙට් එකක් බහින්න ගත්තට පස්සේ වැහුණා. කොටින්ම කියනවා නම් රෝහල් අපේ ආපනශාලාව කරන්න ගත්තු අළුත් පොරක් වෙනසකට එක්ක බුෆේ දෙන්න ගත්තා. ඔන්න ඉතින් අපේ එක්කෙනෙක් යනවා... රුවන්වැලියට වඩා පොඩ්ඩක් උස බත් එකක් අරගෙන චිකක් කෑලි කීපයක්ම දාගෙන් මේසෙට එනවා... පහක් හයක් විතර වටවෙලා ඕක කනවා. ඊලඟට තව එකෙක් යනවා ආයේ ඒවගේ කෑම එකක් ගේනවා... මුදලාලි ඇස් උඩතියාගෙන බලන් ඉන්නවා. බුෆේ එක තිබුණෙ සතියයි..

    ReplyDelete
  53. ආ.. රජෝ... අර බ්ලොග් පෝස්ට් එකට දාපු ෆොටෝ වටේට බෝඩර් එකක් දාන්නේ කොහොමද?
    ඔටුන්න දිනුවම බ්ලොගේ හැඩකොරන්න උදව් දෙනවාය කිව්වාය නේද? ඔන්න චාන්ස් එකක්.. ;-)

    ReplyDelete
  54. weille eka thanaka reinforcement dala thiyanawa....

    ReplyDelete
  55. ඒකා හැකරැල්ලො වර්ගයක් තමයි. කෑගල්ල රත්නපුර පැතිවල මේ ජාතියේ හැකරැල්ලන්ට කියන්නේ “කංකුණ්ඩා“ කියලා.
    http://1.bp.blogspot.com/-u5h8yq2MmnE/UA7ToBJQCjI/AAAAAAAABes/PJkC78PXuzI/s1600/DSCN0180.JPG

    මං දන්න තරමට නම් ලංකාවට ආවේණික සතෙක්ද කොහෙද.....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)