Wednesday, July 11, 2012

එතකොට ගලබොඩ ඇල්ලත් ඉවරයි ඈ...

යුගයේ සාටර්ම චාරිකා සටහන් පෙලේ ඊලග නැවතුම ලෙස අප යන්නේ දිය ඇල්ලක් ලගටය.
අපි මේ වනවිට,


සිසාරා ඇවිද ගියෙමු. අද ගාටන්නට යන්නේ අප්‍රසිද්ධ එහෙත් අතිශය කන්කලු වූ දිය ඇල්ලක් වෙතටය. එය නමින් ගල්බොඩ ඇල්ල නම් වෙය. එක පාරක් සාතන් අයියා මේ ගැන වාර්තාවක් ලියලා තිබ්බා වගේ මතකය. ඒත් එයාලා ඇල්ල ලගටම ගිහින් තිබුනේ නැත. රජා ඇතුළු රජ වාසල ඇමතියෝ සෙට් එකනම් ඇල්ල ඇගේ වදින සයිස් එකටම ගියෙමු. ඒක පමණක් නොවේය. ඩෙවෝන් ඇල්ල, ක්ලෙයාස් ඇල්ල ලගටද යන්නට පුළුවනය. හැබැයි අදත් සුපුරුදු ලෙස යන්නට වෙන්නේ මඩ වගුරක් දිගේය. කිසි දේකට බය වෙන්නට දෙයක් නැතිය. ඇල්ලේ හොද හැටි වතුර තිබේය.

මෙවර සෙට් එකේ 5 දෙනෙකි. ඒ ගවේෂක, යෂියා, නිශානයා, දිලූක සමග රජාය. සුපුරුදු පරිදි ගල්කිස්සෙන් කෝච්චියකට නැගුණු අපි නයිට් මේල් එක අල්ලාගැනීම සදහා පිටත් වුනෙමු. සතියේ දිනයක් උන බැවින් සෙකන් ක්ලාස් පෙට්ටි වල එතරම්ම සෙනගක් හිටියේ නැත. අපි සෙට් එකටම එක සීට් සෙට් එකක් ඉදගැනීම සදහා ලැබුනි. මෙවරද අපේ තනිකම මැකුවේ වෙන කවුරුවත් නොව කාඩ් පැක් එකය. මෙසේ කාඩ් ගගහා යන විට මෙවරද සෙට් උනේ අංකල් කෙනෙක්ය. මිනිහත් එක්කම අපි කාඩ් ගගහා ගියෙමු.

පොල්ගහවෙලට කිට්ටු වෙන්නට ඇත. කන සාක්කුවේ දමා ගත් හෙන සයිස් අයියලා සෙට් එකක් අපේ පෙට්ටියට නැග හිදගත්තෝය. අපි කාඩ් ගහනු දුටු උන් අපිත් සමග කයියට වැටුනි. එහෙන් මෙහෙන් ආ තොරතුරු අනුව කියවුනේ ඔවුන් නැව් වල සේවය කරන බවය. එතන ගිය සංවාදය කියන්නට තරම් සභ්‍ය නොවේය. එහෙත් ඕක ගැන කහටක් හිතේ තියගන්නවාට මේ රජා අකමැති හෙයින් මෙසේ ජුන්ඩක් ඉදිරිපත් කරමි.

හීන්දෑරි අයියාගේ කොරියන් කෑල්ල...
ඌ එයත් එක්ක පොර ගහන හැටි...
තඩි අයියා ඒ කෑල්ල එක්ක කොටු පයින හැටි...
නැවේ ඉන්න පට්ට කෑලි...
ඒ පට්ට කෑලි වල පාට පාට ගල්...

ආදි විවිධාකාර අපේ ළමා මනස විකෘති කරන ඒවා එතන කියවිනි. කෙසේ නමුත් හිත හොද එල කොල්ලෝ ටිකක්ය. අපිට නුවරදී බොන්නට නොමිලේ කෝපි අරං දුන්නෝය. උන්ට පින් දෙමින් අපි දිගටම ඇදුනෙමු. ගම්පොළ හරියට එද්දි ඇතමුන් ගොර අදින සද්ද ඉදහිට ඇසෙන්නට විය. 

කෙසේ හෝ පාන්දර එක වන විට අපි අපේ දිලූක සහෝදරයාගේ ‍උපන් නගරය වූ නාවලපිටියට සැපත් උනෙමු. එතැන් සිට උගේ ගෙදෙට්ට හැතැම්ම තුන් කාලක් තියෙන්නට ඇත. ඒ ටිකත් මහ පාන්දර හීතලේ පයින්ම ගෑටුවේ ඉදගෙනම සිටීමෙන් හිරිවැටුනු පස්සවල් ටික යතා තත්වයට හැකි ඉක්මනින් ගෙන ඒම සදහාය.

දිලූකගේ නිවහනට ගොඩවදින විටම උගේ අම්මා අපිට නූඩ්ල්ස් භාජනයක් දිගුකලාය. ඇය මහන්සි වී සාදා තිබූ එය අපි කෑවේ පෙරේතකමකට නොව ඇය පව් නිසාය. කා බී අවසන් වී  දිලූකගේ කාමරය බදු ගත් අපි නිදාගන්නට සැරසුනෙමු. යන යන තැන මොකාක් හෝ කුජීත ප්ලාස්ටරයක් ගහගන්න ගවේෂක චමියා මෙතනද මොනවදෝ කර ගත්තේය. ඇදේ චූ කලාද? නැත්තං අර අකුරු දෙකේ සුදු පාට ඒවා හැලුවද? දන්නේ ඌමය? එතන නිදියන්නෙත් ඌමය.


කෙසේ හෝ නිදාගන්නා විටත් 3 ට පමණ වී තියෙන්නට ඇත. නැවත පසු දින හයට පමණ අවදි උනේ ගල්බොඩට යන කෝචිචිය අල්ලාගැනීමේ කූට අදහසිනි. දිලූකගේ තාත්තා නොහිටින්න අපිට ඒකත් මිස් වෙනවාය. කෝච්චියේ බලු බල්ලෙක්වත් නැත. හිටියේ අපි පස්දෙනා පමණය. පැය බාගෙක පමණ ගමනකින් අනතුරුව අපි ගල්බොඩ දුම්රිය ස්ථානයට පැමිණියෙමු. මෙතැනත් හරියට කීනවල දුම්රිය ස්ථානයට සමානය. බලන බලන තැන මල්ය.

කෝච්චි පාරේ යන මිනිසුන්ගෙන් අසාගෙන අපි ඇල්ලට යන මාර්ගයට පිවිසුනෙමු. පච හල හල ඇල්ල හමුවන තුරුම ඇවිද්දෙමු. ඇල්ලේ සද්දේ එන විට කකුලට පොඩි අමුතු කික් එකක් ඇවිත් ආපසු ගියේය.

පාරේ ඇවිදගෙන යන අපිට එක්වනම මුන ගැසුනේ ලෑලි පාලමක්ය. අපි එය හරහා යා යුතු වන්නේය. අපිට උඩින් ගිහින් පුරුදු නැත. පළමුව යටින් ගොස් සාටර් පොටෝ ගසා නැවත උඩින් ගියෙමු.







ලෑලි පාලමෙන් එගොඩ වෙනවාත් සමගම අපිට මීටර් 200ක් පමණ ඇතින් සුන්දර දිය ඇල්ල පෙනෙන්නට විය. ඈත සිට කිසිම දෙයක් නරඹා පුරුදු නැත. ඒක අස්සේ ඔලුවද ගසන්නට අපිට ඕනෑය. එබැවින් ලිස්සන දිය සෙවෙල බැදි ගල් දිගේ ජල සීරාව දිගේ ඉදිරියට ඇදුනෙමු.


බිම පතබෑවීමේ පුරෝගාමියා වූ රජා එළඹි සුභ නැකතින් රාජකීය ලෙස පස්ස තෙමා ගනු ලැබීය. ගල් දිගේ පියාඹන්නට යාම මේ අනතුරට හේතුව බව පසුපස්සෙන් පැමිණි දණ්ඩාගේ වාර්තාවේ සටහන් විය.






කෙසේ හෝ පස්සවල් කුඩු කරගනිමින්, තව තව ඒවා තලා ගනිමින් අපි ඇල්ල ඇගේ වදින සයිස් එකටම ආවෙමු. එතන නං ඉන්නත් බැරිය. හුළං පාරට පින්න ඇගේය. අපිට ඕවයේ ගානක් නැත. හෙම්බිරිස්සාව හැදෙන්නේ හෙටය. අද තෙමුනාට කමක් නැත. මෙතනත් සම්භාව්‍ය ගණයේ පොටෝ වැදුනි.






දිලූක විඩියෝ කල, රාජා විසින් බුකියේ පල කල කුඩා ඇල්ලේ වීඩියෝ ක්ලිපය මෙතනින් නරඹන්න

කෙසේ හෝ නැවතත් පරිස්සමෙන් ගල්බොඩ දුම්රිය සථානයට පැමිණ, නැවත තලවාකැලේ දුම්රිය ස්ථානයට පැමිණි අපි ගියේ සෙන් ක්ලෙයාස් ඇල්ල බැලීමටය. එහිදී සිදුවූ වැදගත්ම දෙය නම් තේ වත්ත මැදින් යද්දි රෝස පාට ගලවා ඉවත් කල ජංගියක් දැකීම පමණක්මය.


නැවතත් කිලෝමීටර ගනනක් පයින්ම ගෑටූ අපි ගියේ ඩෙවෝන් ඇල්ල බැලීමටය. ගවේෂක සමග දිලූක ඉදිරියෙන් දුවද්දී අපි පසුපස්සෙන් ගියෙමු. පැය බාගෙකට පමණ පසු අපි ඩෙවෝන් ඇල්ල මානයට පැමිණියෙමු. පට්ට ප්ලේස් එකය. සුද්දියෝ පිරිලාය. ඇල්ලට වඩා බැලුවේ එයාලා දෙසය.




ඒ ඇල්ලත් රස විදීමෙන් අනතුරුව අප ගියේ කෝච්චිය අල්ලා ගැනීමටය. අපේ වාසනාවට ඒකත් අප දමා ගිහින්ය. ඊලග කෝච්චිය හෙන වෙලාවකට පස්සෙය. හෙටද මන්දාය. අපි බස් එකෙන්ම නාවලපිටියට එන්නට තීරණය කලෙමු. බස් එක කෙතරම් වේගෙන අර වංගු දිගේ ආවාද කියතොත් දුම්රිය නාවලපිටියේ නවතනවාත් සමගම අපි එතනය.


නැවත දිලූකගේ නිවහනට පැමිණියේ ගේ ගාව ඇලේ නාන්න බලාගෙනය. ඒ යන අතරමග ඔයේ කට්ටියක් නාන්නේය. ඒ අමුතු වූ දර්ශනයද අපි මිස් නොකලෙමු.




නාන පොටෝ ගැසීමට මෙදා එකෙක් නොමැති විය. මන්ද සියල්ලෝම සිටියේ ඇලේ බැවින්ය. එදා රැයත් ඒ ගෙදරම ගත කොට පසු දින මහ පාන්දර 3 බසයෙන් අපි ගල්කිස්සට එන්නට පිටත් වූයේ පසුදින ලෙක්චර් එකට සහභාගී වීම සදහාය..


තවත් එක් සුන්දර ගමනක් මෙසේ නිමාවිය..

බුකියේ පල වූ ලස්සන පොටෝ ඇල්බමය මෙතනින්...


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!



බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් එක දිගට....




1. තෑගි ප්‍රශ්නය 6
2. නංගීට අම්මා අවසර දෙයි
3. නංගී යනු කවුද
4. බස් රේඩියෝව ගිනි තැබීම




79 comments:

  1. අපෝ..මේ තැන් වලට යන්න හොඳ නෑ..ඔය පැත්තම නරකයි..ඇඹුලයි..තිත්තයි..ගියොත් බඩ රිදෙනවා

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      නෑ අනේ මෙහෙ හරී හොදයි... රහයි... බඩ පිරෙනවා :-)

      Delete
  2. මටනම් ඊරිසියාවේ බෑ ලබන ආත්මෙවත් කොල්ලෙක් වෙන්න මේ ආත්මේ පින් කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි... එතකොට අර ගොරවන ගතියත් ටිකක් අඩු වෙන්නේ නැතෑ.. :-)

      Delete
    2. මාත් අනේ.. :)

      Delete
    3. පොඩි ශල්‍යකර්මයක් කරන්න තියෙන්නේ.... ;)

      Delete
  3. හෑ....
    අඩෝ උබලා ඇල්ලෙ නාන ගමං සූ කරේ නෑ නේ????
    ඔය පැත්තෙ මිනිස්සු බොන්නෙ ඇල්ලෙ වතුරලු..

    ReplyDelete
    Replies
    1. නෑ....? චූ කලාද මන්දා බං... මතකත් නෑ ජනවාරි වලනේ ගියේ.. :-)

      Delete
  4. නියමයි ලොක්කා හොඳ ට්‍රිපක් ලොකේවටේ යන්ඩ කලින් ලංකාවේ අහුමුලු සෙවීම නියමවැඩක්

    ReplyDelete
    Replies
    1. අනිවා... ලස්සන ඒවා මිස් නොකර බලන්න ඕනා :-)

      Delete
  5. රජ ගියොත් ගිය තැන විනාශයි යි අනේ මන්ද මු නම් වල රජෙක්ම තමා

    ReplyDelete
    Replies
    1. හිකිස්.....අනේ මන්දා :-)

      Delete
  6. හිකිස් ආසයි නේ,., ගියොත් ඒ පැත්ත සුනේ සුන් හිකිස්,., එල ඈ

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඇල්ල තාම ඇති නේ? :-)

      Delete
  7. පට්ට ආතල් එකක් අරගන

    ReplyDelete
  8. සිරා ටුවර් එකක් වගේ...

    ReplyDelete
  9. දැන් එතකොට ගල්බොඩ ඇල්ල කන්කලුයි....... ;)

    ReplyDelete
    Replies
    1. කලුයි නේන්නං...... හොදටම කලුයි....

      Delete
  10. අපිත් ගිය සතියේ ගියා බං ...............

    ReplyDelete
    Replies
    1. නෑ....? සිරාවට.. එල නේ? :-)

      Delete
  11. හැක හැක හැක ගිහිල්ලම නැහැ අෆ්ෆා ඊරිසියාවේ බෑ

    ReplyDelete
    Replies
    1. අයියෝ......යනවලා වෙලාවක...

      Delete
  12. එල රජෝ උඹලට නම් පිස්සු එකේ හොඳ එක :ප

    ReplyDelete
    Replies
    1. හිකිස්.... අපේ අම්මත් කිව්වා

      Delete
  13. ගවේෂක මහත්තයාගේ 3 meters accurate GPS එක අරන් ගියේ නැද්ද මේ පාර ??? අරන් ගියානම් තමයි වටින්නේ. කට්ටියට නියමෙට පාර බලාගෙන යන්න තිබුන. හික්ස් !!!!

    ReplyDelete
    Replies
    1. නෑනේ... එතකොට අරං තිබ්බේ නෑනේ.. :-)

      Delete
  14. නියමයි සහෝ..ෂික් අපිත් යන්න ඕන යාළුවො ටික එකතු කරන්..:)

    ReplyDelete
    Replies
    1. යන්න යාළු යන්න.... නියම ප්ලේස් එක... :-)

      Delete
  15. මාත් දිගටම ට්‍රිප් යන්න ඉන්නේ. යනවා ලංකාව වටේම !!
    දැන් නම් මලයා ඕන නෑ.. තනියෙන්ම යනවා !!
    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හෑ.... අපෙන් තැන් ටික අහගෙන හොරෙන්ම යන්න නේ...?

      එව්වා කොහෙද? :-)

      Delete
  16. උඹලා කොහේ ගියත් ජංගි සෙට් වෙනවනේ :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.... මේ පාර රෝස පාට එකක් :-)

      Delete
  17. බොලව් උබල වගේ කජු ඇට 2ක් උස නැති කොල්ලෝ තනියම ගමන යන එක හොදද ඈ,, කියහල්ලකෝ අපිටත්,,,

    උපරිමයි... දිය ඇලි ඔක්කොම කවර් කරන්න ශක්තිය දිරිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකෑ..ස්... :-)

      ලබන පාර කියන්නන්කෝ...

      Delete
  18. ඉරිසියයි බොල.... මෙච්චර ලෙක්චර් අස්සෙත් බොලාලා මාර ෆන් එකක් ගන්නවනේ.මාර ගති ඈ... මේවා කියවලවත් හිත හදා ගන්ට බැරියෑ

    ReplyDelete
    Replies
    1. උඹලත් යමල්ලකෝ....අපිත් මේ නිවාඩුවක් වැටුන ගමන්මයි දුවන්නේ.. :-)

      Delete
  19. හෙහෙ... දැන් ඉතින් අපිත් ගියා වගේ තමයි ඈ!

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඇල්ල ලගටම එක්ක ගියානේ නේ :-)

      Delete
  20. අම්මපා මුන්ට ඉගෙන ගන්නත් වෙලාවක් තියෙනවද..?..බැලුවොත් ඇත්නම් නාන තො‍ටුපලක් ලඟ..!.........:)))

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා :-)

      ලොලේ ලොල්...

      Delete
  21. කෝ අර බෝතල් හිස්කරපු ටික දාල නැහැනේ ?

    ReplyDelete
    Replies
    1. මෙදා පාර ඒවා නෑ... :-)

      Delete
  22. ෂික් .... මේකෙ දාන්න ෆොටෝ එකක්වත් ගන්නෙ නැතිව තනියම ඇන්ටිල නානව බලල ආවට මාගේ බලවත් මෙව්ව එක !

    ReplyDelete
    Replies
    1. මූට ඇන්ටිව බලන්න තියන ආසාව... :-)

      Delete
  23. අඩේ..අපිත් ලගදි යන්න හිටියේ!ඒ අදහස ඇත ඇර ගත්ත ඔන්න!

    ReplyDelete
    Replies
    1. ඇයි බං... තාම ඇල්ල දූෂිත නෑ.. :-)

      Delete
  24. Replies
    1. ආයෙත් අහලා..

      රාජ සම්පත!!!

      Delete
  25. අයියෝ
    පට්ටයි
    කුජීතයි
    පජාතයි
    ඒත් ෆන් ඈහ්

    ReplyDelete
    Replies
    1. ආ සමීර අයියත් ගාටලා තියෙන්නේ.. :-)

      ෆන් ගොඩා.....යි

      Delete
  26. මම මුකුත් නොකියා ඉන්නම්.... :)

    ReplyDelete
    Replies
    1. කිය කිය මොනාහරි.. :-)

      Delete
  27. මම ආවේ මේ ෆෝටෝ ටික හොඳට බලන්න උඹලා සිගරට් බොනවද කියලා. මොකද උම පොරවගෙ කමෙන්ට් එකක් දාලා තිබ්බා අනිත් කොනේ අපි නම් දුම් නොබොන්නොනෙ කියලා.
    henryblogwalker the Dude
    The Smoke Detector

    ReplyDelete
    Replies
    1. හෑ..? The Smoke Detector... හිකෑස්.. :-)

      බොන්නෑ තමා.. කටේ තියන්නෑ

      Delete
  28. මේ වයසෙදි යන ගමනක් යා ගන්න එක හොදයි. මෙහෙම කාලයක් නැවත නෝන්නත් පුලුවන්. කොහේ ගියත් මෙහෙම සටහනක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?

      අනිවා දාන්නංකෝ :-)

      Delete
  29. සෙන්ට් ක්ලේයාර්ස් යනු කුවේණියගේ සේනාව හිටි තැනය.
    සෙන් යනු සේනාවය
    ක්ලෙයාර්ස් යනු කාල ඇය හෙවත් කලුපාට කාන්තාව යන්නය.
    කුවණ්ණා යනුවෙන් උතුරු ඉන්දියානු විජය ඇයට ආමන්ත්‍රණය කළේ,
    කු- අයහපත්, කැත, වැරදි යන අර්ථයේ යෙදෙන උපසර්ගයකි
    වණ්ණා- වර්ණය ඇත්තී

    රෝස පාට ජංගිය හමුවීමෙන් මේ බව ජෛව විද්‍යාත්මකවද තහවුරු වේ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට සිරි...... එහෙමත් සීන් එකක්ද? කවුද දන්නේ... :-) :-)

      Delete
  30. මගේ අරයා (දිනේෂ් අයියා) මුකුත් නොකිවට මම කියන්නම්... එයා එක්ක ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ වටෙම යන්න හිතුනා රජෝ.... හික් හික්.....

    ReplyDelete
    Replies
    1. යේ ජය වේවා........... ඕං දිනේෂ් අයියේ... උඹට බේරෙන්න වෙන්නේ නෑ.. :-) :-)

      හූ ඈ..

      Delete
  31. ඔය ඇල්ලවල් ටික බලන්න යන අතර මග කිතුල් රා එහෙම ත් තියෙන්න ඇති මයෙ හිතේ. ඒකනේ මේ පාර රට බීම අතෑරියේ. නැද්ද මං අහන්නේ..?

    ගවේෂකයන්ගේ දිය ඇලි සංචාරෙත් නියමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්..... තිබ්බේ නෑනේ අප්පා :-)

      Delete
  32. "කන්කලු වූ දිය ඇල්ලක් වෙතටය" හෝ ගාලා ඇදහැලෙන දිය ඇල්ල කන්කළු වෙන්නේ කොහොමදැයි මම දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක ගිය එකෙක්ගේ කන් දෙකම කලුයි බං... ඒකයි :-)

      Delete
  33. රජාලා ලංකාවම අල්ලයි වගේ
    අර ඇල්ල ඉස්සරහ පොටෝ කෑල්ල නම් පට්ට රජෝ

    ReplyDelete
    Replies
    1. ආයේ දවසක යනවා ලංකාව වටේ බයික් එකක... උඹලා එනවද? :-)

      Delete
  34. අපූරු සටහනක්..ඔයාට පින්සිද්ධ වෙන්න අපිත් ගලබොඩ ඇල්ල බැලුවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. හිහිහී.... බලන්න ආවාට ඔයාටත් පින් ඈ... :-)

      Delete
  35. ෂීක්.. රජා වලා වෙලා තියන තරම..........!!!! කියන කුප්ප කතා.. අඩේ පට්ට ආතල් බං ඔහොම ගමන් බිමන් යෙදේ නම් නිතර නිතර

    ReplyDelete
  36. මේ රජා ගමනේම තමයි නේද?පුදුමයි මේ පාර පොස්ට් එකේ ගැල්ලමයෙක්ගේ ෆොටෝ එකක් නෑ

    ReplyDelete
  37. රජ ගමන්...හරිම ශෝක්....හිහි.....
    කතාවත් හරි,......රජතුමාට වැටෙන කමෙන්ට්ස් ටිකත් හරි.....
    හිනා කාලා මං මලා.....

    ReplyDelete
  38. Rajooo mamat oheta giya ban, yana mahansiyanam ellen nala ,enakota shape ,eth aye enakota nam happeeee... epaawenawa..nedda.man giye meeta awrudu 5katat udadi...

    ReplyDelete
  39. ado raja ara bus ekedi kellek awith lagin wadi una kathawa nane

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)