Thursday, July 5, 2012

බතල ගල - කැත කතාවක් නෙමේ.. ඇත්තමයි!!!

ඇතැම් ගැහැණු ලමයි හෙවත් බවලත් උදවිය තහනම් අඩවියට පා තැබීමට මදක් බිය කමක් දක්වන්නේය. මන්ද මෙහි නම ඔවුන් හට මද චකිතයක් දක්වන්නේලුය. මා දයාබර දම්මි අක්කා කියන්නේ එසේය. ඉස්සර අඩවි රජා කිව්වම හෙන වස සැර පරුෂ පුද්ගලයෙක් යයි සිතා ගෙන සිටියෙලුය. එකනං හෙනම ලෝල්ය. එය කී මොහොතේ මට මැරෙන්න හිනාය. එකේ සිට දහයට සෙනග සිටින තැනක මට හරියට ගැනගන්නවත් බැරිය. මෙහි ඇත්තේ මොනවාද? යන ගැටලුව බොහෝ අයගේ හිතේ වද දෙන්නේය. බිය වීමට කිසිදු දෙයක් නැතිය. දන්නෝ දන්නේය. 

අදත් කියන්නට තරම් විශේෂ වූත් සාටර් වූත් දෙයක් නැත. එම නිසා ලංකාවේ තවත් සොඳුරු ඉසව්වකට ඔබව මඩ ගොහුරක් හරහා කැන්ඳන් යාම වස් මෙසේ තවත් එක චාරිකා සටහනක් ඔබ හමුවේ තබන්නට සිත් වෙමි.ආරම්භය මම මෙසේ සනිටුහන් කරන්නෙමි.

නුවර පාරේ නුවර පැත්තට යනවිට මාවනැල්ල නගරය පසු වෙනවාත් සමගම සීගිරිය වැනි පර්වතයක් ඈතින් දිස් වෙනවා දැක ඇතිවාට කිසිම සැකයක් නැතිය. එය නමින් බතලේගලය. රජ වාසල සාමාජිකයන් හතර දෙනෙක් සමග එක දවසකින් මෙම ගල තරණය කිරීමේ වීර ක්‍රියාව මෙතැන් සිට දිග හැරෙන්නේය.



අද නම් වැඩේ ටිකක් ලේසිය. කොච්චි ගානේ බඩ ගාන්නට තරම් අවශ්‍ය වන්නේ නැත. මන්ද අපි යන්නේ මාවනැල්ලටය. එහෙට කොච්චි නැත. එකත් වෙලාවය. නැත්තං අනිවා යන්න වෙන්නේ කෝච්චියේය, මන්ද ගවේශකයාට නිකන් යන්න පුළුවන්ය. ඒ උන්ගේ තාත්තගේ පිහිටෙන්ය. මම සමග මගේ දහම් පාසලේ සර් හෙවත් නා ඔට්ටා අයියා සමග අපි මීරිගම නගරයට ආවෙමු. කවදාවත්ම නැතුව ගවේෂක චමියා එතැනය. වහාම වේවැල්දෙනිය බස් එකකට ගොඩ උන අපි වෙවැල්දෙනිය හන්දියට ගියේ ගල්කිස්සේ සිට පැමිණෙන නිශාන් කොල්ලගේ බස් රථය අල්ලා ගැනීමටය. නිශාන් අපේ අනිත් ගමන් බොක්ක උනේය. ජංගම දුරකථන වල පිහිටෙන් උගේ බස් එක ටක්කෙටම හදුනාගෙන අපි ඊට ගොඩ උනෙමු. කෑගල්ල කිට්ටු වෙනවාත් සමගම රජාට ඉඳගන්න සීට් එකක් සෙට් උනේය. ඒ කෙල්ලෝ ටිකක් ඉන්න තැනකය. මේකනං හරිම පුදුමය. මම ට්‍රිප් එකක් යන්න බස් එකකට කෝච්චියකට නැග්ගොත් හම්බෙන්නෙම කෙල්ලෙක් ඉන්න තැනකය. බාග වෙලාවට මගේ පෙර පිනක් වෙන්නටත් පුළුවන්ය. පැයක පමණ ගමනකින් පසු අපි මාවනැල්ල නගරයට සැපත් උනෙමු.

ලැජ්ජා ටැක්සියක අයියා කෙනෙක්ගෙන් පාර අසාගෙන පුඩ් සිටිය බලා ගියෙමු. වෙනද මෙන්ම එය කණපිට පෙරලුවෙමු.

සැන්විච් පාන් ගෙඩි පැකට් 2
20 චොකලට් 12
ඩේලි කිරි පැකට් 1
චීස් බටන් පැකට් 1
කොක් 1
බයිට් පැකට් 2

ආදී වශයෙන් අපේ බකට් එක පිරෙන්නට විය. අතින් කටින් එල්ලා ගත් ෂොපින් මලු සමග අපි ගමන අරම්භ කළෙමු.  අරණායක බස් එක සොයා ගිය අපි එහි නැගී ගැවිලිපිටිය හන්දියෙන් බැස්සෙමු. ඒ යන අතර මග බස් එකේදී උදේ ආහාරය සඳහා බඩ ඉරිගු කරල් ගත්තෙමු. ගවේශකයා බස් එක ඇතුලේ සිතියම් දිග ඇරගෙන පාර හොයනවාය. බස් එකේ මිනිස්සු අපි දිහා බලන්නේ අමුතු සත්තු ටිකක් දැක්ක සේය. ඇතැම් විට ඔවුන් මෙසේ සිතන්නට ඇත. සිතියම බලමින් සිටියේ නා ඔට්ට සමග චමියාය. උන් දෙන්නාම හද්ද කලුය. නයිජීරියාවෙන් ආපු උන් දෙන්නෙක් බතලේගලට යන්න පාර හොයනවා වෙන්න ඇති. 


ගැවිලිපිටියේ සිට හත්ගම්පල හන්දියට පයින් යා යුතුව ඇත. ඒ පාරේ බස්ද යයි. එත් අපි අර කොහෙද අමාරුකාරයෝ බැවින් ඒ ටිකත් පයින්ම යන්නට තීරණය කළෙමු. දෙයියන්ටම ඔප්පු වෙන්න... ඒ ටික කිව්වට ගෙඩි පිටින්ම කිලෝමීටර්ම 2 1/2 ක් ය. අර හෙන මලු එල්ලාගෙන පාර දිගේ ඔහේ වැනි වැනි බඩ ඉරිගු කකා ඉදිරියටම ඇදුනෙමු. ඒ අතර මග දුටු දර්ශන ගවේෂක චමියාගේ පොස්ටුවෙන් දැක බල ගත හැක.

මෙසේ ඇවිදගෙන යන සද අපිට මහත් වූ දරුණු චූචු බරක් දැනෙන්නට විය. පුදුමයකි. නඩයේ හතර දෙනාටම එකවර චූ බරක් හැදුනු ප්‍රථම අවස්ථාව මෙය විය. අපි තවත් ගමන් ගියෙමු. නමුත් කවමදාකවත් මෙසේ සිදු වුයේ නැත. පාර අයනේ තිබු දැවැන්ත මාර ගසක් ඇල්ලු අපි එය වටේටම නිදහසේ චූ කළෙමු. අවසාන විනාඩි කිහිපය තුල මාර ගස යාන්තමට අංශක 12 ක් පමණ ඇල වී තිබෙනු රජාගේ ඉංජිනේරු දෑසට හසු උනේය.

 ඇල වූ මාර ගස පසුපසින්
ඒ අතර ගවේශකයාට බටයක් ඉරීමේ ආශාව පහල උනේය. පෙනෙන තෙක් මානෙක තිබු එකම එක කඩෙන් එකක් මිලදී ගත ඔහු නැවත අප හා ගමනට එක් විය. ඒ යන අතරමග බතල ගලේ විවිධ ආනති අපට දර්ශනය විය. හත්ගමපලින් හැරුනට පස්සේ වෙච්චි දේ නම් හරිම ඛේදජනකය. ඒ පාරේ ආසාවට ඉන්න තැනිතලාවක් නැත.  ඒ පාර හදපු එකාගේ හත්මුතුපරම්පරාවමතක් කරමින් අපි තැන් තැන් වල නැවතෙමින් ඉදිරියටම ඇදුනෙමු. ඒ යන අතර මග මාගේ මොටිවේෂන් එක උනේ මම පෙම් කල යුවතියයි. අතර මග කෝල් කරමින් මැසේජස් යවමින් ගමන් කිරීම හේතුවෙන් මහා ලොකු වෙහෙසක් දැනුනේද නැත. එහෙත් කියන්න දුකය. මම මෙතෙක් කල් මේ පොස්ටුව නොලියා හිටියේ ඇය මතක් වීම මට මහා අපහසුවක් වූ බැවින්ය.

මහත් වූ දුෂ්කරතා මැද ගමන් කරන අපේ දෙනෙතට සුවයක් එක් කිරීමට මහා රාවණ රාජ උත්තමයාණන් වහන්සේ එවූ ලඳක් අපිට මගදී හමු විය. වහාම ක්‍රියාත්මක වූ රජාගේ පැපරාසි ජංගමය නතර වූයේ ඇගේ ඇග ළඟය. ඇග කිව්වට ඇත්තටම වෙන තැනකය. සියලු දෙනාගේ රස වින්දනය උදෙසා ඇයත් මෙම පෝස්ටුවට ඇතුලත් කලෙමි. මේ ඉන්නේ ඇයය.
පෙර දින කැම්පස් එකේ ලේ දන් දීමේ වැඩ සටහනකට සහභාගි වූ චමියා බොහොම අමාරුවෙන් කන්ද නගිද්දී අපිත් ගාට ගාට නැග්ගෙමු. නා ඔට්ටාට නං පිස්සු තද වෙලය. ඌ කන්ද නගිනවා නොව කන්දේ දුවනවාය. කෙසේ හෝ රජ ගැටයක් දැමු මම රජා බතලේ ගලට ගොඩ වීමේ පළමු ගෞරවය හිමි කර ගත්තේය. ඉක්මනින්ම ගල මුදුනට දිවූ මම ගහක් පල්ලේ වැටි සිටියදී ඔටුවාගේ කැමරාවට මෙසේ හසු විය.


බතල ගලේ අයිතිකාරයෝ වගේ කෑගසමින් ගමන ඇරඹුවෙමු. මල මගුලය. ගල උඩ තව කට්ටියක් ඉදලාය. ඒ කෙල්ලෝ තුනක් සමග කොල්ලෝ දෙන්නෙක්ය. අපි එක කෙල්ලක් තියා ගන්නට උන්ගෙන් අසුවද උන් එයට කැමති උනෙම නැත. උන්ට දෙකට තුන අනුපාතය ඔනෙමලුය.

හා හා පුරා කියා අපි ගියේ ගල උඩ තියෙන පන්සලටය. ඒ පන්සල දැන් වල බිහි වෙලාය. හිටපු හාමුදුරුවොත් එය හැර ගිහින්ය. බුද්ධ ප්‍රතිමාවට වැඳ අපි ඝන්ටාරයට උස නැති හෙයින් උඩ පනිමින් ඝන්ටාරය ගැසුවෙමු. රජා උඩ පනින මොහොත බලා හුන් ගවේශකයා එය අපු රුවට පොටෝවට නගා තිබුනේය.

ඊලඟ ට ගියේ ගල දකුණු කෙලවරටය. එහි  පැය බාගයක් පමණ කට්ට අවුවේ නැවතී සිටි අපි මරු මරු පොටෝද ගැසුවෙමු. ඒ අතරම තවත් එක ආදර කතාවක් අපේ දෑස මානයේ දිග හැරෙන්නට විය. කළු කුඩයක් යට ජෝඩුවක් පෙම් කෙලින්නේය. නැවතත් ජංගමය ක්‍රියාත්මක විය. පිටිපස්සෙන් පොටෝව වැදුනේය. මේ ඉන්නේ කවුද? සෑහෙන ප්‍රශ්නයක්ය. ඉස්සරහින් බලන කල දිස් උනේ මෙසේය. දෙයියනේ මේ අපේ ගවේෂක සහ නිශානයාය.




කට්ට අවුවේ හිඳගෙන සිටීම හේතුවෙන් අපිට මහත් බඩිගින්නක් දනේන්නට විය. රජ ගෙදරින් රැගෙන ගිය සීනි සම්බෝල සමග අපි පාන් කෑවෙමු. කිරි බිව්වෙමු. ඒ අතරම බතල ගල උඩ සිටි රාවණ රජුද අඩවි රජා මුණ ගැසුණි. ඔහු මට යක්ෂ මුහුනක්ද ලබා දුන්නේය. ඒ මෙයය. බලන්න එතුමන්ගේ ශ්‍රී දේහයේ අලංකාරය..

රාවණ සිද්ධම්!!!


මෙසේ කෑම කමින් සිටින අතර තුර අර රජා ආදරය කල ගැහැණු ළමයාගෙන් කෝල් එකක් ආවේය. ඒ සංවාදය කියන්නට තරම් දෙයක් නැත. නමුත් මෙසේ ඉදිරිපත් කරන්නට සිත් වන්නේය.

හලෝ දැන් ඔයාල කොහෙද ඉන්නේ?

අපි සුදූ දැන් ගල උඩ ඉන්නේ. අපි පාන් කාලා කිරි බොනවා

කිරි? මොන කිරිද?

මේ...ෆලූඩා එක. අර ඩේලි එකෙන් ගහන්නේ.

අනේ........එකද? මමත් ආසම ඕක... අපේ තාත්තලා ඕව හදන්නේ...

ඒ පිළිතුරෙන් මාගේ සියොලග හිරි වැටි ගියේය. ඇය කලින් කියා තිබුනේ ඇයගේ පියා ඉංජිනේරුවෙකු බවය.

රජා මේ කර ගහන්න යන්නේ කාගේ දුවෙක්ටද යන උබතෝකෝටික ප්‍රශ්නය සිතේ සගවා ගනිමින් මෙසේ ඇසුවෙමි.

හෑ...? තාත්තා ඉංජිනේරුවෙක් කිව්වා නේද?
තාත්තා මැශින් හදනවද?

ඒ.....පිස්සුද අනේ..... එයා එකේ මැනේජර් කෙනෙක්.

ඉතින් ඉංජා මොන කෙහෙල්මලකටද ඕකේ වැඩ කරන්නේ.

ඇය එයාලට වැඩ කරන්න බැයිද.... ඔයා නම් හරි මෝඩයි අනේ...

එත් සමගම බතලේගල හෙල්ලෙන හූ හඩක් වටෙන් පිටින් ඇසෙන්නට විය. එක රවුමට හිද පාන් කමින් සිටි උන් හැමෝටම මගේ පෝන් එකේ සද්දේ හොදින්ම ඇසී ඇත. ඔය අතර මගේ අතින් ඇයවද මහත් ලෙස සාටර් වීම හේතුවෙන් ඇය තරහා විය. යාලු කරගන්නට හෙන ගේමක් දුන්නද වැඩේ හරි ගියේ නැත. ඒ හේතුවෙන් ගවේෂක, නිශානය සමග නා ඔට්ටා මා වටා පවුරක් ආකාරයෙන් ගමන් කලේ මේ සූටි රජතුමා බතලේගලින් බිමට පැනීමේ උත්සාහය වියර්ථ කරමින්ය.

ගලේ දකුණු පැත්ත නරඹා අවසන් කල අපි ඊළඟට ගියේ වම් පැත්ත පීරා බැලීමටය. ඉතාමත් ලස්සනම හා විචිත්‍රවත්ම හා හුලං වැඩිම පැත්ත මේ පැත්තය. වටේටම ගල්ය. ගිය උන්ගෙන් සමහරෙක් තම දැනුවත් බාවය  පෙන්වීම පිණිස ගල් වල නම් පවසන්නේය. අපි හාවෝය. ඕවා දන්නේ නැත....

මචං අන්න අලගල්ල...

නෑ බන් ඒ උතුවන් කන්ද...

තව ටිකකින් වෙන කෝණෙකින් ඒ ගලම,

අන්න අන්න උතුවන් කන්ද...

නෑ නෑ බං ඒ වෙන මොකද්ද....

නෑ යකෝ ඒ අලගල්ල.... 

මේ වන විට සැඳෑ සාමය එලබෙමින් තිබුණි. මද හිරු රැස් මැද අපි බොහෝ වෙලාවක් මේ ස්ථානයේ රැදී සිටියෙමු. පට්ටම පොට් එකය. ආසාවේ බැරිය. රැයක් ගත කිරීමට ලොවෙත් නැතිය....

අලංකාරය
රජා ඇන් ගවේෂක ප්‍රේම ජවනිකා

බතලේගල උඩට ප්‍රථම වරට සංචාරකයෙක් රැගෙන ගිය ලැපට හිමිකම් කියන්නේ වෙන කවුරුවත් නොව මේ රජාමය... :)

ආවාට වඩා ඉක්මනින් ගල බැස්සෙමු. බෑග් එකත් ඉරා ගත්තෙමු. නැවත පස්යාල හන්දියට පැමිණෙන විට පිය රජතුමා කාර් එකේ පැමිණි සිටි හෙයින් හැමෝටම කැත නැතුව ලස්සනට ගෙවල් බලා යා ගත හැකි විය. තවත් එක සංචාරයක් එසේ නිමාවට පත් විය.

බුකියේ පල වූ සම්භාව්‍ය රූප ඇල්බමය මෙතනින්..

බතලේගල යන්න ආසා හිතිච්ච අය ගවේෂකගේ වෘත්තීමය පොස්ටුවෙන් විස්තර ලබා ගන්න.


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

108 comments:

  1. කඩුගන්නාවෙන් යන හැමවතාවෙම ගොඩක් ආසාවෙන් බලාගෙන යන දර්ශණයක්.....අපේ බාප්පල එක සැරයක් පත්තර වාර්ථාකාරයො වගයක් වගේ ඒ පංසලට ගිහින් හොඳ පිස්සුවක් නටල තිබුන.....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙද හාමුදුරුවෝ පොට්ටනි බැඳගෙන ගියේ ?? හික් හික් හික්...

      Delete
    2. කක්කාසැන්ඩර් - ++++ :)

      Delete
    3. වෙන්ටැති මයෙ හිතේ......හික් හික්...මොකද බාප්පල යනකාලෙ හාමුඩුලු නමක් හිටියලුනේ...;)

      Delete
    4. එහෙනං ඒකම තමයි සීන් එක... හාමුදුරුවෝ බය වෙලා.. ;)

      Delete
  2. පස්ටයි ආ රජ කුමරිවත් ඉක්මනට යාලු කර ගන්න ...........

    ReplyDelete
    Replies
    1. ඒ කුමරි දැන් අන්සතුයි... :-)

      Delete
  3. එල එල.. මාත් දවසක් යන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ගිහින් විදින්න ඒ සුන්දරත්වය... ආසාවේ බෑ... :-)

      Delete
  4. අපිත් ඇවිත් බලල යනවා ඈ...

    ReplyDelete
  5. H tv එකේ පෙන්නපු ප්‍රෝග්‍රෑම් එකක් දැකලා යන්න ආසාවෙන් හිටියේ. යන්න තව මොකෙක් හරි එකෙක් සෙට් කර ගන්න බැරි උන නිසා වැඩේ නැවතුනා :(((

    ReplyDelete
    Replies
    1. අයියෝ.....

      නයිටක් ගහන්න එක්කම යමුද?
      ගිනි මැලයක් එහෙම ගහලා... :-)

      Delete
  6. එහෙනම් බතලේ ගලත් ඉවරයි!!!!!

    ReplyDelete
    Replies
    1. තාම තියනවද කොහෙද... යන ගමන් බලන් යමන්.. :-)

      Delete
  7. //ඒ අතර ගවේශකයාට බටයක් ඉරීමේ ආශාව පහල උනේය
    ඒ රජා මේවට කොටු දහං ඈ...
    අපි වගේ සූටි ලමෝ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. කොයි හරියද දැන් ඔය සූටි.. :-)

      Delete
  8. 1967 දී පාසල් ශිෂ්‍යයෙක් කාලේ ගියා. ඒ කාලේ හරිම දුෂ්කර ගමනක් ඔය කිසිම පාරක් තිබුනේ නැහැ අඩි පාරවල් තමයි. තෙමිලා බත්වෙලා බැස්සා. දන යන්න ආසා වුනත් මට මහලු වයසේ. . . . . . . .

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ කියන්නේ විචාරක මාමා කෙනෙක්නේ... අපේ අම්මවත් ඉපදිලා නෑ.
      දැන් ඉතින් බැරුව ඇති නේන්නං..

      Delete
    2. මාමා නෙමේ බොලේ සීයා.. ^_^

      Delete
  9. අඩේ... හැමදාම කඩුගන්නාවෙන් බල බල යනව ඕක දිහා. තවම යන්න බැරි උනානෙ.
    ඊරිසියාවෙ බෑ රජෝ. හැමදාම ට්‍රිප් නේ?

    ReplyDelete
    Replies
    1. මේක දැන් ලිව්වට ජනවාරි මාසේ ගියේ බං...
      සමහර ඒවා මතකත් නෑ උන සිද්ධි. :-)

      Delete
  10. ඇවිදින්න පුළුවන් කාලේ ඇවිදලා බලන එක තමා විනෝද . ඉරිසියා කරන්න හිතෙන තරමේ ලස්සන ගමනක් . ඉංජිනේරුවෝ අර කහපාට හෙල්මට් එක දාගෙන පාලම් බෝක්කු හදන වැඩ විතරක් නෙමේය කරන්නේ එයාල ෆැක්ටරි වල මැනේජර් ල විදිහටත් වැඩකරනවාය කියල මටත් තේරුනේ පස්සේ කාලෙක . D

    ReplyDelete
    Replies
    1. ඒකනේ... තව ගමන් මග එනවා පෝලිමට :-)

      Delete
  11. දෙපාරක් නැග්ගා.එක පාරක් ඉස්කෝලෙ යන කාලෙ.ළඟදි පවුල සහ මිතුරු මිතුරියෝ කිහිප දෙනෙක් සමඟ.අලගල්ලත් නැග්ග නෙව.ඔය කිට්ටුව හරියක තියෙන හුන්නස්ගිරියටද නැග ඇත්තෙමි.ගමන පට්ට උනාට පට්ට මහන්සිය.

    ReplyDelete
    Replies
    1. අලගල්ල යන්න ඕනේ බං වෙලාවක..

      ගවේශකය නං ගියා.. මට මිස් උනානේ :(

      Delete
  12. ** බතල ගල - කැත කතාවක් නෙමේ.. ඇත්තමයි!!! **

    මට දුකත් හිතෙනව බං උඹ ගැන. උඹට හොඳ කතාවක් කියන්න දැන් දිවුරන්නත් වෙල. :)

    අන්න පස්කුට්ටියක් එක්ක මාර ගහක් නාය ගිහින්ළු. ඒකට වගකියන්න ඕන උන් හොයනව. වහන්වෙල හිටපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි..!!! උඹලා මාව වැරදියට තේරුම් අරන්නේ.. :-)

      හෑ...? අපි ඔහෙ ගියේ ජනවාරියේ බං..

      Delete
    2. හ්ම්ම්...රජතුමා පව් තමා...
      සමාවෙන්න රජතුමෝ..බ්ලොග් එකේ නම සමග තියෙන වාක්කිය දැකලයි මම බයවුනේ...

      Delete
  13. ඔය පැත්තෙන් යද්දි පොඩි කාලෙ අපේ නංගිට බතලෙ ගල සීගිරියය.
    "අන්න සීගිරිය" හැමදාම කෑගසන්නේ එසේය.
    කොතරම් පැහැදිලි කළත් ආපසු එන ගමනේදීද, වෙනත් දවසක යන ගමනකදීද "අන්න සීගිරිය" ලෙසින් කෑ ගසන්නේය.
    දැනුත් හැමදාම සතියකට සැරයක් යන එන ගමනේදීද එසේ කෑගසනවාද යනු මා දන්නේ නැත.

    නියම ගමනක් වෙන්න ඇති මල්ලි. මගෙ යාළුවෙකුත් ගියා දැන් දවස් 4කට උඩදි. මම තවම ගිහින් නෑනෙ. :-( මේකටම වටිනා කමක් එකතු වෙන්න ගවේශකයා මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙත් යන්න ඕනෑ.

    බඩ ඉරිඟු මගෙ ප්‍රියතම කෑම.

    ReplyDelete
    Replies
    1. හෑ...? මෙයාලගේ නංගිටත් ගවේශකට හිතුන දේ හිතිලා.. :-)

      නියමයි ඇත්තටම..

      Delete
  14. හැමදාම නුවර ඉදන් එද්දි බයික් එක නවත්තල බගතලේ කන්දත යන පාරගාව කඩේකින් ටී එකක් ගහනවමයි.....

    යකෝ මෙහෙම පෝස්ට් දාන්න එපා බන් මාව කොකියනවා.. මටත් ලංකාවෙ ඉද්දී දිය ඇලි.. කඳු, ගල් එහෙම පෙන්නන්න බැරි ලෙදක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. අන්න එතන සිරා පොට් එක... මාර වීව් එක නේ? අපිත් නුවර යනකොට ඔතන නවත්තනවාමයි :-)

      Delete
  15. අප්පත සිලි,.,මලුනේ,.,., අපි ඕවයෙ යන්න ආසයි ඈ.././. වෙලාවක යන්න ඕනි

    ReplyDelete
  16. හි හී.. නියම පොස්ට් එක..:)

    ReplyDelete
  17. අවිදපන්. මමත් ඒ කාලේ අවිදපුටිකක් විතරයි ඊට පස්සේ ඉතින් නො ට්‍රිප්.

    උඹ බැලුවොත් ඇත්නම් ඉතින් කොහේ හරි ඇවිදින ගමන නේ ඉන්නේ. ඉගන ගන්නේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්නවා.. ඉගෙන ගන්නවා... මාසෙකට සැරයක් කොහෙහරි යනවා :-)

      Delete
  18. සම්පූර්ණ ගමනට කොච්චර වෙලාවක් ගියා ද රජෝ?

    ReplyDelete
    Replies
    1. ගල නගින්න පැය 1යි
      උඩ ඉන්න පැය 5යි
      බහින්න පැය 1/2යි

      ඉතුරුවා බස් එකට :-)

      Delete
  19. ඵල ඵල මේ කාලේ ඇවිද්දොත් තමයි. අපිටත් තව මාස දෙක තුනකින් සොරි ම තමයි!

    ReplyDelete
    Replies
    1. අපිටත් එසේමය... ට්‍රේනින් යනවා තව ටික දවසකින්. :(

      Delete
  20. සුන්දරම තැනක් කඩුගන්නවෙදි දකින ඒත් කවදාවත්ම ගිහින් නැති, යා යුතුම පරිසර ගවේෂණයකට ගිය එක ගැන නම් සතුටුය.

    බතට කන්න බැරි බතලේගල... රමණීය දසුනකි.

    ReplyDelete
  21. මලු අනේ.
    අර ප්‍රේම ජවනිකා ටිකටනම් මගේ හිත ඇදීලා ඇදීලා ගියා

    ReplyDelete
    Replies
    1. ආදරේ.............අහස තරං

      හිකෑස්.. :-)

      Delete
  22. නියමයි...රජෝ.. වැඩේ අල්ලල යනව ..උඹලත් ගන්න ආතල්,ඉරිසියාවෙ බෑ...බං..!

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න එපා බං... :-)

      Delete
  23. මම හිතන් හිටියේ ජේ ආර් ගෙ නහය විදිහට තියෙන්නේ බතලේගල කියලා ....

    ReplyDelete
    Replies
    1. නෑ නේද? ඒ වෙන මොකක්ද නේ? මට ඒ ගලේ නම මතක නෑ

      Delete
  24. පුළුවන් තරම් ඇවිදලා, පුළුවන් තරම් රට තොට බලාගෙන සතුටින් ඉන්න ඔන.

    ඔය වයසෙදි මමනම් හිටියෙ හිරේ..... :)

    ReplyDelete
    Replies
    1. හෑ...? හිරේ...? ඒ මොන වරදක් කලාටද?

      Delete
  25. මමත් පේර කැම්පස් පය ගහන්න කියලා කෝච්චියේ ගිය මුල්ම දවසෙදී ඔය කන්ද දැකලා අනිත් එකාගෙන් ඇහුවනෙ "මචෝ සීගිරිය මෙහෙටත් පේනවද කියලා" පස්සෙ නම් ඔය පාරෙ අනත්තවත් එහාමෙහා යනකොට ඕක හුරුපුරුදු දසුනක් වුනා

    ReplyDelete
    Replies
    1. හිකිස්.... :-)

      ඒ උනාට නැග්ගෙ නෑනේ..

      Delete
  26. බතලේගල කියන්නේ බයිබල් කන්දටමද ??? අශ්රොප් ලොක්කා ගිය හෙලිකොප්ටරේ හැප්පුනේ මේ කන්දේ නේද ??

    ReplyDelete
    Replies
    1. කොක් ????
      මම මුකුත් නිකියමි !!!

      මරු ට්‍රිපක් ය ! යන්ඩ ආසා හිතුනේය...

      Delete
    2. අශ්රොෆ් ලොක්කා එලව ගියේ වෙන කන්දක හැපිලා

      Delete
    3. මමනං නොදනිමි.. :-)

      Delete
    4. බයිබල් රොක් කියන්නෙ බතලේගල කන්දටම තමයි..අශ් රොෆ් හැප්පුනේ අරණායකම වෙන කන්දක..

      Delete
  27. නුවරයන හැමපාරකම යන්න ඕන කියලා හිතුවත් අදවෙනකන් යන්න බැරිඋනානේ ඔහේ ...

    ReplyDelete
  28. රජාට කවුද පිටිපස්සෙන් බදාගෙන ඉන්නේ..

    සික්.. සම්මතයෙන් පිට සීන් !

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ලැජ්ජයි බං..

      Delete
    2. @ සෑම්
      +++++++++++++++++

      Delete
    3. උඹලටත් පේන්නෙම රුවිතෙට.. වල් හිත් :-)

      Delete
    4. ෂික්, නරක සමනල්ලු.

      Delete
    5. චීයා..... වල්.....

      Delete
  29. පට්ටයි නේ රජෝ මරු පොට් එක
    පින්තූරත් මරු ...

    ReplyDelete
    Replies
    1. පට්ට කියන්නේ... මරු ඈ... :-)

      Delete
  30. මේ පාර මොකෝ මේ අමුත්තන්ගෙ මූනවල් ඇනොනිමස් කලේ? ලෙඩක්වත් ඇදුනද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පව්නේ උන්... :-)

      Delete
    2. බුකියේ මූණ එලියේ අනේ යකෝව්...

      Delete
    3. හික් හික් හික්...
      හූ...ඈ... :)

      Delete
  31. නියමයි අනේ.... මොනා වුනත් ෆොටෝ ටික ලස්සනයි.... ;)

    ReplyDelete
    Replies
    1. තැන්කියු ඈ.. කලින් එක බැලුවේ නෑනේ මහී අක්කා :-)

      Delete
  32. රජාට සියළු පහසුකම් ඇත. ඔක්කොටම වඩා නිවාඩු ඇත. අපට එය නැත. කවදාවත් ගිහින් නැති නමුත් කියවීම සතුටකි....
    ගැටළු කීපයක් ඇත.
    1. //එකේ සිට දහයට සෙනග සිටින තැනක මට හරියට ගැනගන්නවත් බැරිය// - අපේ පැත්තට ආවොත් ලෙඩේ හොද කළහැකිය.
    2. ලැජ්ජා ටැක්සි යනු මොනවාද?
    3. රජ ගෙදරත් කන්නේ සීනි සම්බෝල සමග පාන්ද?
    ජය...

    ReplyDelete
    Replies
    1. නිවාඩු ලැබෙන්නේ නැත. ඒවා හදාගත යුතුය.. :-)

      1. ඒකනං එලය
      2. ත්‍රීවීල් බං
      3. අනිවා

      රාජ සම්පත!!!

      Delete
  33. අනේ මන්ද මේ රජා මල්ලිත් කරන දේවල්.....

    ReplyDelete
  34. මේකා මේ දවස් ටිකේම රස්තියාදු ගහලා අනුන්ට මඩ ගහනවා.. අපිත් ඉතින් බලනවනේ ඇවිත් :)

    සිරාවට නරකද හැමදාම ලියන ආතල් එවුවයින් මිදිලා කෙටි කතාවක් වගේ එකක් එහෙම ලිවුවනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... ලියමුකො රජ කෙටි කතාවක්..

      Delete
    2. ලියමුකෝ එහෙනං පොඩි වෙනසකටත් එක්ක.. :-)

      Delete
  35. බතල ගල කිව්වම මම හිතුවේ වෙන ගලක් ගැන කියන්න හදනවා කියල... වෙන ගල් වලට වඩා මේක හොදා ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුලින්ම කිව්වේ.. කැත කතාවක් නෙමේ කියලා :-)

      Delete
  36. ගවේෂකයාගේ පොස්ට් එක කියවා එහි වෘත්තිමය කමෙන්ටුවක් කලෙමි. මේ පොස්ට් එක කියවා ෆන් එක දෙපිටින් ගිය නිසා මුකුත් නොකියමි. ඒත්, ගව්ෂකයෝ, යන අහක රාජාද ඇදගෙන යනු මැනවි. :)

    ReplyDelete
    Replies
    1. එය පිනකි... ගවේෂකයා කීයටවත් තනියම යන්නේ නැත... :-)

      Delete
  37. උඹල නම් ට්‍රිප් යනවා අපි වේලෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇපල් වේලුනාම කුණු වෙනවා බං :-)

      Delete
  38. ඉහි ඉහි....ඉරිසියාය......

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වෙන්න එපෝ....... :-)

      Delete
  39. බතලේගල උඩට ප්‍රථම වරට සංචාරකයෙක් රැගෙන ගිය ලැපට හිමිකම් කියන්නේ වෙන කවුරුවත් නොව මේ රජාමය... :)
    ආඩම්බරයි :P
    සුභවේවා රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි නේද හසන්ත....
      අයිස්චර්ය අයිස්චර්ය.. වෙන මොකද්ද.. :-)

      Delete
  40. හැමදාම දකිනවා බං ඒත් යන්න විදියක් නෑනේ.... බැලුවාම උඹලා පාරෙමනේ ඉන්නේ... ගලක් පේන්න බෑ වගේ...

    // මම ට්‍රිප් එකක් යන්න බස් එකකට කෝච්චියකට නැග්ගොත් හම්බෙන්නෙම කෙල්ලෙක් ඉන්න තැනකය.//

    මෙන්න මේකනම් දෙපාරක් හිතන්න ඕනේ කතාවක්.සමහර විට ගිය ආත්මේ අන්තපුරේ හිටිය එවුන් වෙන්නැති

    මෙහෙම දේවල් ලියවෙන එක ගැනත් සතුටුයි ඉතින් අපිටත් එහෙ ගියා වගේනේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. :-)

      අන්න ඒක උඹ කියනකන් මට හිතුනේ නෑ බං.. :-)

      Delete
  41. අඩේ මාත් ඔය ගල දැකලනම් තියනවා..තාම මොකුත් බැරිවුනා කරගන්න..

    ReplyDelete
    Replies
    1. ගල් දැක්කම අතාරින්න එපා බං... මොනාහරි කරහන් :-)

      Delete
  42. නිශාන් කොලුවා කිව්වේ මට නෙවේ නේද බං?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ නෙමේ... උඹ වගේ වෙන එකෙක් :-)

      Delete
  43. මෙ පින්තූරනම් කලින්ම බුකියෙන් බලලා තිබුනේ, මේක මේ ගාල්ලෙ ට්‍රිප් එකට කලින් ගිය එකක් නේද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි... හරියටම හරි... :-)

      Delete
  44. අපි උතුවන් කන්දට නැග්ග..ඊලඟට ඕක..

    ReplyDelete
  45. අනේ අපේ රජතුමා...
    පෙම් කතාව ගැන දුක සිතේ...
    අපූරු රාජකීය චාරිකාවක්....ආසා හිතෙනවා යන්න

    අයියෝ මාර ගහ....
    අර රාවණා ළදගෙ මව් යානෙද පස්සෙන් එන්නේ....හිහි

    ReplyDelete
  46. බතලේගල මුදුනේ තියෙන උල්පතේ තමයි මම ලංකාවේ බීපු හොඳම වතුර..ලෙනක් ඇතුලේ තියෙන්නේ.. අපි මේකට ගියේ මීට අවුරුදු 10කට කලින්.. නියම විස්තරයක්.. ඕක මුදුනට පේනවා අහුපිනිඇල්ල.. තවත් බලන්න වටින තැනක්..

    ReplyDelete
  47. රජෝ මේ ගල උඩ නයිටක් (නයිටියක් නෙමෙයි ඔන්න) ගහන්නට බැරැවාද ? අපේ උන් නයිට් ගසන්නට රැසියෝය...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)