කුජීතම සීන් එකනං රජා ලියන අඩවි කෑල්ල අපේ සයිට් එකේ මහත්තයෙකුට මාට්ටු වීමය. එයාටත් කියලා තියෙන්නේ එයාගේ යාළුවෙක්ලුය. මේ ළගදි මං ගාවටම ඇවිත් මල්ලි ඔයාද සයිට් එක කරන්නේ කියා ඇසුවේය. එදා ඉදන් රජා සයිට් එකට යන්නේ ඇදුම් මගින් ගලවලාය. ඇයි යකෝ... ලියලා තියෙන ඒවයේ හැටියට ඇදුමක් ඇදගෙන ඉන්න පුළුවනෑ... ඒ මදිවට දැන් ඒ මහත්තයා මංතුමා දැක්ක හැටියේ එක එක නම් වලින් අමතමින් හිනා වෙන්නේය.
ආ.... රජතුමා.....
ආ....මං රජා.....
වල් රජා....
ඇයි තව පෝස්ට් වල විස්තරද අහන්නේය. අරයා කවුද? මෙයා කවුද? අර බස් එකේ ගෑල්ලමයා... අයියෝ... රෙදි නැත. අනිවා දැන් ඕක ඔපිස් එකේ කට්ටියම කියවපු දවසට මට පෙරලගෙන ගහන්නේය. විශේෂයෙන් අර තුනී ලෑලි සංස්ථාවේ ගෑල්ලමයි සෙට් එකය.
මං රජා සයිට් එකේ වැඩ කරන්නේ කම්බි අංශයේ බව දැන් සෑම සියළු ජනී ජනයා දන්නා ප්‍රසිද්ධ රහසක්ය. අපිට කොහේ ගියත් මොකාක් හෝ පොල් ටොපියක් අනිවා සෙට් වෙන්නේය. අනේ ඉතින් මෙහෙදිත් එකේනම් වෙනසක් නැත. රජාට අළුතෙන් ආපු කම්බි බදින ගෘප් එකක් හෙවත් බාබෙන්ඩර්ස්ලා සෙට් එකක් භාර දුන්නේය. අනේ දෙයියනේ....උන් කම්බි තියා මේ ලෝකේ සංසාරයක් දන්නේ නැත. අඩුම තරමේ හෙඩ් බාසුන්නැහෙත් වැඩ්ඩෙක් නෙමේය. ඌත් වෙලාවකට කෙලින්නේ බයිලාය. ගෘප් එකේ නම KKB ය. නමුත් අපි කියන්නේ කක්කා බාබෙන්ඩර්ස්ය. ඒ තරමට උන්ගේ වැඩ සුපිරිය. කම්බිය ගැට ගහන තැන ළකුණු කරලා එතනින් ගැටගහපන් කියලා ගිහාම ගැට ගහන්නේ වෙන තැනකය.
රජාටත් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එකපාරට වැරදි ක්ලික් වෙන්නේද නැත. උන් කියන දේ හරියට නොකරන නිසා එක එකාගෙන් කතන්දර අහන්න වෙලා තියෙන්නේ මටය. උන් දැන් දවස් දෙක තුනක්ම වැරැද්දුවේය. අනික වැඩ කරන්නෙත් හෙමින්ය. පළවෙනි වැරැද්ද මීට හරියටම මාසෙකට කලින්ය. ලින්ටල් බීම් එකක උස මිලි 100ක් වැඩිපුර තියලා මුන් බැන්දේය. ඒ රජා සයිට් ගත වූ මුල්ම කාලෙදිය. ඒ නිසා කවුරුවත් මට බැන්නේ නැත. නමුත් මෙහෙප කරපන්.... මෙහෙම බලපන් කිය කිය උපදෙස් දෙන්නේය. ඒක බැනුම් ඇහුවාට වඩා හිතට වදින්නේය. පොළව හාරගෙන හාරගෙන හාරගෙන වැළලෙන්න හිතෙන්නේය.
මංතුමා ළග හිටියත් වරද්දන එකේ ළග නැතිකොට කවර කතාද? රජා දවස් දෙකක් නිවාඩු ගත්තේය. ඒ නිවාඩු දවස් දෙකේ මුන් ටික පඩිපෙලේ කම්බි වැඩ කරලා තිබුනේය. මම මොකුත් දන්නේද නැත. එදා මුන් තව හද්ද වැරුද්දක් කරලාය. බැදපු බීම් ඔක්කොම තැන් තැන් වල වැරදිය. පහුවදා මම එනකොට එකම ගූ හැලියය. ඒ මදිවට වටේ කම්බි බැදපු උනුත් වරද්දලාය. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගොඩ දාගෙන වැඩේ ඉවර කරනකොට පෙරහැර ගිහිල්ලා ඉවරය. බලන්න ආපු උනුත් ගිහිල්ලාය. වඩේ විකුණන්න ආපු උන් දෙන්නෙක් හිටියා වගේ මතකය.
ඒකෙන් මෙකෙන් උනේ ෂෙඩූල් කරලා තිබ්බ දවසට වැඩිය දවසක් කොන්ක්‍රීට් එක පස්සට යාමය. ප්‍රොජෙක්ට් මැනේජර් මහත්තයාට හෙන අප්සට්ය. උදේම තියන සයිට් මීටිමේදී මගේ රෙදි ගැලෙව්වේය.
දැන් බලන්න... ස්ටෙයාකේස් එකේ කොන්ක්‍රීට් එක අපිට දවසක් පස්සට දාන්න උනා.. ඇයි එහෙම උනේ?
කම්බි වරද්දලා මහත්තයා
ඒ මොකද ඒ? කවුද එතන කම්බි බලපු මහත්තයා?
රජා කියලා මහත්තයෙක් තමයි බැලුවේ..
කෝ රජා මහත්තයා?
තාම ඇවිල්ලා නෑ....
මම එදා මොකද්දෝ වෙලාවකට සයිට් එකට ආවේ පරක්කු වෙලාය. මේ කතාව යද්දී මම පිටීමපස්සට වෙලා හැංගිලා සිටියෙමි. ඇත්තටම ගත්තොත් අවුල් ගිහින් තියෙන එක කම්බියක් බැදපු තැනක මම හිටියේ නැත. ඒත් ස්ටාෆ් එකේ ලොකු ලොකු මහත්තුරු කලේ මේ පොඩි එකාගේ නම විකුණලා තමන්ගේ ඇග බේරාගත්තු එකය. හේතුව ඒ ගෘප් එක බලන්නේ රජා වීමය.
එදා හවස ස්ටාෆ් මීටින් එකය. ඒකෙත් මේ කතාව ඇදුනේය.
කවුද එතන කම්බි බැලුවේ?
හරියට හරි... පසුපස කලාපයේ ඉදගෙන සිටි මට හීන් දාඩිය දැම්මේය. ගලනාල, බල නහර, සිරා ධමනි ඔක්කොම හිර විය. කරකියාගන්න දෙයක් නැති විය. කුණු බැනුම් අහන්න හිත හදාගෙන බල්ලා වගේ, ක්ෂණිකව නැගී සිටියේය. රජාගේ මුහුණේ වූ අහිංසක ලීලාව රැස්ව සිටි පිරිසගේ ඇස් කදුලින් තෙත් කලේය.
මීට කලින් කම්බි බලලා තියෙනවද?
වචනයක්වත් කතා නොකර හිස දෙපැත්තට වැනුවා වගේ මට මතකය. ආයේ ඉදගන්නවාත් යන්තමට මතකය. ඊට පස්සේ ගෙනාපු කිරි තේ එක බිව්ව එකනං ලෙසටම මතකය.
එක්ස්පීරියන්ස් අඩු එක්කෙනෙක් වැඩට යොදවපුවාම අපේ මහත්තුරු එතන ගිහින් බලන්න ඕනේ... නැතුව එයාලට තාම තේරුමක් නෑනේ.
අන්න ඒ වචන ටිකෙන් රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේය. තව ටික වෙලාවක් එතන හිටියානම් සුදු රුධිරාණු වැඩි වෙලා ලියුකේමියාව හැදිලා එතනම සොට්ටපොච්චි වෙන්නේය. මට එවෙලෙම පී.එම් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනේය.
මට ස්ටාෆ් එකේ එක ගොබ්බයෙක්ට ප්‍රසිද්ධියේ බැනීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇත. ඒත් ඒක තවම කරන්න බැරිය. හේතුව මට ට්‍රේනින් එක ඉවර කර ගත යුතු නිසාය. නමුත් වෙලාවට ගේම ගැසිය යුතුය. පොර හිතාගෙන ඉන්නේ මිනිහා හෙන ලෝඩ් කියලාය.
තව ටික දවසකින් අව්වේ කට්ට කාපු කාලේ නිමා වෙන්නේය. රජාගේ දැඩි ඉල්ලීම පරිදි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් මහත්තයා, රජාව හා ගවේෂකව ෆිනිෂින් සෙක්ෂන් එකට මාරු කර දෙනවා කීවේය. ඒ කියන්නේ රෝස් කරපු කුකුළා වගේ ඉන්න රජා තව ටික දවසකින් කලින් තිබූ සුදු පාටට එන්නේය..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුපිරි ඈ බාසාවනම්
ReplyDeleteලොවෙත්
වෙනදා එකම තමා ඈ... :)
Deleteහොදම වැඩේ... හික්
ReplyDeleteඅර ගේමක් දෙන්න ඔනේ එකාට අනිවා මතක් කරලා ගේම දෙන්ඩ රජෝ...
අනිවා... අනිවා... :)
Deleteඒ ගොබ්බයා ඔබ තුමියට කරදර කරොත් අපිට කියන්න...
ReplyDeleteඅපි වැඩේ ගොඩ දාලා දෙන්නං...
රාජ සම්පත් ලැබේවා රැජිනියනි!!!!!!!!!!!
අඩෝ... මූ තමා මට රැජිණ රැජිණ ගාන්න පටන් ගත්තු එකා
Deleteඋඹට දෙන්නං ගේම!
තරිය මොකද්ද ඔය රැජිණි කතාව... ගොඩ දවසකින් ආව නිසා මෙලෝ දෙයක් දන්නෑ... :P
Deleteපිනිසින් කිව්වේ උඹ පිනිස් වෙන්නද යන්නේ?????
ReplyDeleteඒ වගේ තමාලු ;)
Deleteසයිට් එකේ එකා දැන් ඕක දැක්කම තොගේ බෙල්ලෙන් අල්ලන්නේ නැද්ද ?
ReplyDeleteඋඹ කොහේ හරි ගියොත් ගූ ගාගන්න දක්ෂයි ....මතකනේ ඕපන් යුනි එකේ එකෙක් මගෙනුත් ඇහුව !! මල්ලි තහනම් අඩවිය කරන්නේ ඔයාගේ යාලුවෙක් ද ?? ෆක් යා ර්
හෝ...ලි ශිට්!!! සිරාවට?
Deleteදැන් අලුත් නමකින් ආමන්ත්‍රණය කරාවි.
ReplyDeleteඅඩවි රැජිණිය..!! :P
හයියූ...
Deleteකොහොමද නේ පොරසේ උඹව ෆිනිෂින් එකට මාරු කරලා සුදු වෙලා නිකන් රැජිනි කාන්ති වගේ ඉන්නකොට.
ReplyDeleteආව් ආව්!!! ;)
Deleteඑල බන් හැමදාම වගේ නියමයි අසාවෙන් බැලුව..
ReplyDeleteෆිට් තමා ඈ.. :)
Delete\\පහුවදා මම එනකොට එකම ගූ හැලිය//
ReplyDeleteපට්ට පොස්ට් එක...ගූ හැලියට මොකෝ කලේ ඉතින්....
මම හත්පොලේ ගාගත්තා බං! :(
Deleteඇත්ත කියහං පොර ටෝක් දුන්නට උඹට කම්බි බදින උන් ටොකු අනිනවා නේද
ReplyDeleteහිකිස්... එව්වා කොහෙද මාත් එක්ක ;)
Deleteකම්බි බඳින උන් රජාව බීම් එකකට තියා කම්බි වලින් බැඳීමට පෙර ෆිනිෂින් සෙක්ෂන් එකට මාරුවී හෝ ෆිනිෂ් වීම හොඳය.
ReplyDeleteලෝ.....ල් :) :)
Deleteඒ කියන්නෙ දැන් එතකොට site එකෙත් රජකම ගත්තා එහෙනම්........ ඔහොම යං ඔහොම යං.........
ReplyDeleteලැජ්ජයි වගේ මෙයා ;)
Deleteලියල තියෙන විදිහනම් මරු ඈ
ReplyDeleteරජාගේ බ්ලොග කොම්පැනියට මාට්ටු විය. ඒකත් රජාගේ වාසිය පිණිසම වන්නේය. දැන් ඌ සියල්ලන්ටම පේන පරිදි තමන්ගේ නිදහසට කාරණා මේකේ කොටන්නේය. කොම්පැනියේ ඇත්තෝ එය කියවා රජා කෙරෙහි සානුකම්පිත වන්නේය. රජාට ලකුණු වැටෙන්නේය. වල් රජාත් මහ රජා වාගේමය. රට කපටියාය.
ReplyDeleteහික් .... හික් .....
Delete++++++++++++++++++++++++++++++
ammapa nova
Deleteඅම්මපා!!! මටත් දැන් මීටර් උනේ :)
Deleteහි හි හි.. මට හිනායනවා බං උඹට වෙන වැඩ දැක්කාම. :)
ReplyDeleteහිනා වෙන්න එපා බං... මට ඇඩෙනවා!
Deleteරජා රැජිනක් බවට පත් උනා කියලා තවම සයිට් එකේ උන්ට ආරංචි වෙලා නැතුව ඇති නේද?
ReplyDeleteකවද්ද?
Deleteඋබටත් වෙන දේවල් ..............
ReplyDeleteබලහන් බං :(
Deleteඋඹලා තුන් දෙනා ඔය බිල්ඩිම සමතලා වෙන විදියට නෙවෙයි නේද වැඩ කරන්නේ.... හි හි....
ReplyDeleteමොනවා වෙයිද දන්නේ නෑ :)
Deleteලැජ්ජා නහරේ කොහෙද රජෝ තියන්නේ..:)
ReplyDeleteමොනවා උනත් මොකද බං, බලහන්කො රාජ කීර්තිය නේ ඔය පැතිරෙන්නේ.. :):)
උණ්ඩුකපුච්චෙට ටිකක් යටින් :)
Deleteකම්බි බදිනවා බලා ගන්න බැරි රජෙක් රටක් කරන්නේ කෙසේද?
ReplyDeleteතීරනය ජනතාව!
පල පල සැමා! ;)
Deleteසැමා කැම්පේන් වගේ ;) :P
Deleteවයසක බාස්ලත් එක්ක වැඩ කරනකොට අලුතින් එන මහත්තුරුත් බල්ලො තමයි බං. අපේ ගේ හදපු බාසා කිව්වා අලුතින් ආපු පොරක් මුන් බැම්මක් බඳිද්දී සද්දේ දැම්මලු. ඉතින් මූ නූලට පුවක් කෑල්ලක් හිර කරලා. අන්තිමේදී බැම්ම බන්දලා ඉවර වෙනකොට රුවිතෙට ලු තියෙන්නේ. පරිස්සම් වෙයන්.
ReplyDeleteඅෆ්ෆට හුක්ස්සු... ඇඩෙනවා නෙහ්?
Deleteඊකේ.. මේ වල් රජාගෙ කට නම් තියෙනම්.. ඒත් කම්බියක් වත් හරියට ගැටගහගන්න බෑ
ReplyDeleteThoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි
:) :)
Deleteබිල්ඩිම හදලා ඉවර වෙද්දී රුයිතෙට තියෙයිද දන්නෙ නෑ...... :P
ReplyDeleteහික්ස්..... මේකම තමා මටත් හිතුනේ......
Deleteමටත්... හි හි
Deleteයකෝ මේ කෙල්ලන්ට විතරක් ඇයි ඇද වෙන සීන් එක හිතුනේ? ;)
Deleteඅඩේ ගහන එක ගහපන් හොම්බෙන් යන්න.
ReplyDeleteකෝරලේ වලව්ව
එකෙන්ම!!!
Deleteකතාව නම් ලෙසටම ලියා ඇත. අපිට හිනා ගිහින් පණ කොහේදෝ ගොස් ඇත.හික්.....
ReplyDeleteඔය හදනවයි කියන බිල්ඩිම අනාගතයේ දවසක අපිටත් බලන්න හැකි වේවිනේ. සමහර විට ඕක අර අයිෆල් කුළුන වගේ එකක් වීමටද බැරි නැත.......
මොක නැතත් පණ පරිස්සන් කරගන්න මෙයා... :)
Deleteහිකිස්!!
පව් අප්පා....වල් උනත් රජෙක්නේ...
ReplyDeleteඒකනේ ඕයි!
Deleteහෆොයි ! රජා මල්ලිටත් වෙන වින්නැහි.
ReplyDeleteඅර දෙසා බාන්න ඕන කෙනා ගැන හොඳ ලිපියක් ලියල දාමු, දැන් එහේ කට්ටියත් බලන නිසා අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ, වැඩේ කෙරෙයි.
අර කක්කා බාබෙන්ඩර්ස්ලට එහෙම මේක පෙන්නන්න එකෙක් ඕකෙ නැතුව ඇති, නෙහ්..
හරි නෑනේ... මිනිහට කලින් මාව එලෙව්වොත්? :)
Deleteඅපේ අහිංසක රජාටත් වෙනදේවල්
ReplyDelete:(
Deleteඋඹේ බිල්ඩිම ඉවර කරපුවහම, නවීන ලෝකයේ ඉංජිනේරු තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් වගේ තියෙයි... එතකොට කාටද ආඩම්බර කම්බි බැලුවට..
ReplyDeleteඅන්න කොල්ලට තේරුණා!!!! :)
Deleteඑල ද බ්‍රා!!!
ReplyDeleteමහ එකී(රැජින) වැඩ දන්නේ නැතිකොට හරියට අනිත් උන් ලව්වා වැඩේ කොර ගන්නේ කොමද රජෝ.. මටත් ඔය වගේ කේස් එකක් උනා.. හැබැයි කම්බි කේස් එකක් නං නෙවෙයි.. මැෂින් එකක. මං බොසාට කියල මැෂිමම ගැලෙව්වා.. ආයෙම අටෝගත්තා හෙන ගේමක් දීලා.. එදා ඉදං වැඩ කරන එවුන් මැෂින් එක අවුල් කියලා වැඩ නතර කරන්නේ නෑ. මං එතකොට උං ලව්වා මැෂිමම ගලවලා සුද්දකරවනවා.. ඊට හොද හින්ද උං මැශිම මොන ලෙඩේ දුන්නත් ගැට ගහගෙන හරි වැඩේ කරනවා..
ReplyDeleteරජෝ හා වැරදීමක් රැජිණියනි, (ගොඩාක් රට වැසියෝ කියන හිංදා මාත් කිව්වා ;))
ඔතනින් අයින් වීම මා දකින්නේ නිවට කමක් කියාය. කළු වීම සාධාරණයි. ඒත් මචෝ දෙයක් ඉගෙන ගන්නවනං මුල ඉදංම කරපං.. බාගෙට කරල වැඩක් නෑ.. ඔය සබ්ජෙක්ට් එක සුපිරියටම කරල අර වැඩක් දෙන්න ඕනයි කිව්ව එකාට වැඩෙන්ම ගේම දීපං.. උඹට ජය!
:) එල!!
Deleteබිල්ඩිම හදලා අවුරුද්දක් දෙකක් ගියත් ඒක ගැන විශ්වාසයක් තියන්න බෑ වගේ. හෙහ් හෙහ් හ්හ්........ යකෝ මේක මට මිස් උනේ බ්ලොග් කාරයා කන පැලෙන්න ගහලා හිටපු නිසාද ?
ReplyDeleteඅලේ මල්ලල්ලෑ :)
Deleteපව් අලේ ලජා..මොනවා වුනත් හිත හොදයි.. ඒ මේ.. බිල්ඩිම ගැන ගැරන්ට් කරන්න පුළුවන්ද??
ReplyDeleteහෑ.. රජා දැන් කම්බි රජා වෙලාද?? දැන් නම් කම්බි උලක් තියයි මට හිතේ,..
ReplyDeleteඅඩවි රජා කම්බි රජා නෙවේ දැන් මු අඩවි රැජින අර තුම්මුල්ල වද්දගත්තට පස්සේ
ReplyDeleteආහ්.... තුනී ලෑලි සංස්ථාවේ කෙල්ලෙක් පෙරලගෙන ගහනකොට දැනෙන සනීපය....
ReplyDeleteඋඹ ළඟ හිටියත් පහල හොටෙල් දිහා බලන් ඉන්න එකනේ කරන්නේ.උඹලට කියලා අනාගතේදී වැඩ කරගන්න මිනිස්සු පව්.උන්ගේ බිල්ඩින් අවුරුදු දෙක තුනකින් කඩන් වැටෙයිද මන්දා :)
ReplyDeleteමේක බලන රජාතුමාගේ සේවා ස්ථානයේ වගකිවයුතු මහතෙක් වේනම් වහාම කම්බි ගණනය කර වාර්තාවක් ලබාගන්න... නැතිනම් ආයතනය කම්බි නැති ස්ලැබ් එකක් මෙන් පහුවෙද්දි කඩා වැටිය හැක... :D
ReplyDelete