Thursday, April 19, 2012

ඓතිහාසික වාගෙටේ රාජධානිය - Historical WAGETE Kingdom

මේ දවස් වල ට්‍රෙන්ඩ් එක කට්ටිය නිවාඩු පාඩුව ඉන්න ටිකේ ගිය ට්‍රිප් ගැන ලියන එක නෙහ්? මාරයා අයියා, වර්ණා අක්කා, සාතන් උන්නැහේ එහෙම ට්‍රිප් ගැන ලියල තියෙනවා මං දැක්කා. මටත් ඉතින් නිකන් ඉන්න එකේ යන්න හිතුන ට්‍රිප් එකක්. එකේ තිබ්බ ලස්සන ඔයාල එක්ක බෙදා හදා ගන්නයි කල්පනාව. මේක බලල ඉවර උනාම ඔයාලටත් මේක බලන්න එන්න ආස හිතුනනන් අමතන්න අදම.... තහනම් අඩවිය විනෝද චාරිකා සේවය... සියල්ල නැරඹීම නොමිලේ.... බලල ඉවර උනාම කීයක් හරි ගන්නවා, එච්චරයි...

මමත් උදේ පාන්දර 8.30 ට විතර නැගිට්ටා. දත් මැදලා, මුණ කට හෝදගෙන, කාලා එහෙම, හා හා පුරා කියලා එලියට බැස්සා. ඊයේ රෑ වැහැලා පොඩි නැවුම් ගතියකුත් පරිසරේ පෙන්න තිබුනා. හරියටම 9.00 වෙනකොට අපි, අපි කිව්වට මම වාගෙටේ ඓතිහාසික බෝක්කුව ගාවට ආවා. මේක හරි ආදී කාලෙ ඉඳන් පැවත ගෙන එන බෝක්කුවක්. මතක විදිහට රජතුමා සුටි කලේ තමයි මේක හැදලා තියෙන්නෙ. මේක රජතුමාගේ මාලිගාවේ වම පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. 

ඓතිහාසික බෝක්කුව





මේ වාගේටේ රාජදනියට ඇතුල්වෙන එකත් හරිම ලේසි... කොළඹ කුරුණෑගල (අංක 5 බස් මාර්ගය) අයිනෙම තමා මේක පිහිටලා තියෙන්නේ. ඕන වෙලාවක බස් තියෙනවා ඕනෙම දිහාවකට. හරි ලේසියෙන් ගමන් බිමන් කටයුතු කරගන්න පුළුවන්.

කොළඹ-කුරුණෑගල 5 බස් මාර්ගය

මෙතන නං මාරයි. මේ මාලිගාවට තට්ටු තුනක් තියෙනවා. හැබැයි එක තාම හදමින් තමයි පවතින්නේ. පිය රජතුමාට එක හදන්න පොඩි සල්ලි හිගයක් තියෙනවා කියල තමයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. 

ඉදිරි පෙනුම


මම කිව්වනේ මේක මාර පොට් එකක් කියල..බොරුනන් ඔය උඩ තියෙන මාලිගාවේ පින්තුරේ බලන්න. එකේ තට්ටු 2යි පෙන්නේ. එත් කෝ අනිත් තට්ටුව? එක තියෙන්නේ පාරේ මට්ටමට වඩා යටින්. ඒ කියන්නේ පොලව යට. පාර මට්ටමේ ඉඳන් බලන කෙනෙක්ට පෙන්නේ තට්ටු 2යි. 



මෙන්න මේ අංශක 40 කොනෙට හදල තියෙන ලෙස්සන පාර තමයි පලවෙනි තට්ටුව හොයාගෙන භූගත වෙන්න තියෙන එකම මාර්ගය. 



මේ තමා මාලිගාව ඇතුලට යන්න තියෙන ප්‍රධාන දොරටුව. අපි නොදන්වා ගිය හින්දම තාම වහලා. විනාඩි 5ක් විතර තට්ටු දාලා තමයි ඇර ගන්න පුළුවන් උනේ.


පසු පෙනුම

ආ.... මේ තියෙන්නේ සම්පුර්ණ ඡායාරූපයක්. මේ තමයි මාලිගාවේ පිටුපස කලාපය. ඔන්න පේනවා තට්ටු 3 ම.


මේ ඉන්නේ යුව රජු. රජු එලියට ගිය ටිකට මැෂින් එකට වග කියල. මේ සිංහාසනය තියෙන තැන මාර පට්ට කුල්....ඇයි මේ හරිය තියෙන්නේ පොලව ඇතුලෙනේ. ඉතින් ඒසී එකක් හයි කරලා වගේ මාරම සීතලයි.


මේ තියෙන්නේ රාජකීය සිරි යහන් ගබඩාවට ඇතුලුවෙන දොරටුව. ඇතුලට යා ගන්න හෙන ගේමක් දෙන්න සිද්ද උනා.  එත් ඔයාලට පෙන්නන්න පොටෝ එකක් ගන්න බැරි උනා. ගත්තා....ඒත් ඒවා නිසි බලධාරියා විසින් කපාහැරියා.





කාටවත් කියන්න එපා...මම මාලිගාවෙ ගබඩා කාමරේට රිංගලා පොටෝ එකක් නං ගත්තා. දැන් කොටු දාන්නෙ නෑනෙ? ඕං දැම්මා ඒකත්.

දුම්කොළ හා මධ්‍යසාර භාවිතයේ ආදිනව ඔබේ හය හතර නොදත් පුංචි දරුවාට කියා දෙන්න


 අපි යනකොට මාලිගාවේ ගස් වල හරියට පලතුරු පිරිලා හොරෙන්ම ගහගත්තා පින්තුර කිහිපයක්. සමහරු නං කඩාගෙන කවත් එක්ක. ඉරිසියාවෙ බෑ...ලබු එල්ලෙනවා.





 













මේ තියෙන්නේ මාලිගාව පිටිපස්සෙන් ගලාගෙන බහින දිය හොඳ ඇල. එක තමා මේ ඇලෙ ඇත්තම නම. හැබැයි පේන විදිහට නං... එච්චර හොඳ පාටක් පෙන්න නෑ. ඒ ඊයෙ රෑ වැහැපු හින්ද වෙන්ඩත් ඇති.




ඇලට යන අතරමග සුන්දරත්වය



රාජධානියේ ඉන්න රාජකීය සුරතල්ලු දෙන්නත් අපිට මේ සංචාරයේදී දැක බලාගන්න පුළුවන් උනා. උන් දෙන්න නං හරිම ශොයි.... වෙන උන් දැක්කේ නැති හින්දා...

රජුගේ ප්‍රියතම බලූස්...



අප්‍රියතම පූස්..

මාලිගාව වටේම නරඹලා ඉවර වෙච්ච මම ආයේ ටවුන් එක පැත්තට යන්න එද්දී මලිගාවේ වහලේ මෙන්න මෙහෙම ඈතට පෙනුනා.


 තවත් එක සුන්දර වූ චාරිකාවක් මෙලෙස නිමාවට පත් උනා.......

ප/ලි : එකෙක් හරි ආවොත් බලාගම්මු... :-)

38 comments:

  1. අන්න අ‍පේ මාලිගාවත් ‍‍පේනවා

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටෂිරි... ඔවුම නේන්නං :-)

      Delete
  2. කෝ මේ මාලිගාවේ අන්ත:පුර කෑල්ල ???අපිට උබ ඒක හැංගුවා නේද... :-(

    ReplyDelete
    Replies
    1. වටින කියන ඒවා එහෙමත් පෙන්නනවද බං.. :-)

      Delete
  3. වගෙටේ ගියාද?

    රජා බැරි වෙලාවත් වමගටේ ගියා නම් විනාසයි!

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියා එක..!!!
      හෙට යන්න ඕනා. මේ දවස් වල වැඩත් නෑ...

      Delete
  4. ඔන්න අපිත් ලගදිම එනවෝ.....

    ReplyDelete
    Replies
    1. පික්ෂුද? එපා එපා... :-)

      Delete
  5. යහන් ගැබේ පින්තූර අපරාදෙ නේ! :(

    ReplyDelete
    Replies
    1. ඒත් ඒවා නිසි බලධාරියා විසින් කපාහැරියා බං...
      පොඩි උන්ට හොද නෑලු..

      Delete
  6. වාගේටේ රාජධානිය...

    රජතුමා චාරිකාව ගියේ මාලිගාවෙමද... අපරාදේ බොක්කුවෙ ඉදන් ගමන පටන්ගත්තේ...

    ReplyDelete
    Replies
    1. එහෙනං කොහෙන්ද හොද? :-)

      Delete
  7. ඒ නයාත් නරක නෑ.

    ReplyDelete
    Replies
    1. හිකිස්...පුල්ලි තියෙන එකෙක්. :-)

      Delete
  8. හිකිස්....ආව් ආව්...ඩැන් කවඩ්ඩ ඩේවින්නාසෙ කෙනෙක් කැන්ඩන් එන්නෙ....^_^

    ReplyDelete
    Replies
    1. හයියූ.....හම්බෙලා නෑ අග්ලියෝ කැන්ඩන් එන්න :-(

      ආයෙ නං කෙල්ලො එපා අම්මා හොයලා දෙනකං :-)

      Delete
  9. ඔය පැත්තෙමද බං අර අම්බ කිස්ස දේවාලෙ, වකපුටේ හන්දිය, වට ඇල්ල, දෙන්තක විහාරය එහෙම තියෙන්නෙ.

    පුලුවන්නම් එව්වා ගැනත් දාපංකො. ඔයිට වඩා ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. දාමු දාමු වෙලාවක.... :-)

      Delete
  10. වාගෙටේ, එකපාරට හිතාගන්න බැරිවුනානෙ.. බෝක්කුව දැක්කමයි පොඩ්ඩක් සැළකිලිමත් වුනේ.. නියම චාරිකා සටහනක්..

    ඔය දිය හොඳ ඇල කියන්නෙ මීගමුව හරහා යන එකමද?

    ReplyDelete
    Replies
    1. ඒකනං කොහොමද දන්නෙ නෑ බං...කොහොමහරි මා ඔයට වැටෙනවා ගිරිඋල්ලෙන්..

      Delete
    2. එහෙනම් මීගමුවෙ තියෙන්නෙ වෙන දිය හොඳ ඇලක්..

      ඒක වැටෙන්නෙ මීගමු කලපුවට

      Delete
  11. මාත් දානව බෝක්කුවක්!

    ReplyDelete
    Replies
    1. එල....දාන්ඩ දාන්ඩ :-)

      Delete
  12. මේ වැනි නිරින්දා
    ලොවේ වෙන කොයින්දා
    බැති සිතින් ලඟට කැන්දා
    නෙලෙයි වාගෙටේ රන්දා

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ් හොහ්..... පස්ට කවිය මුවෝ :-)

      Delete
  13. අද රෑට ගෙට පනින්නෙයි.......:)

    ReplyDelete
  14. ඈ රජතුමෝ...කුරුණෑගලද ඒ කිට්ටුවද? අපිත් යන්නෙ ඔය පාරෙ තමා......

    ReplyDelete
    Replies
    1. ගිරිඋල්ල..දන්නවද? අන්න එහෙ...
      මේ පාරෙ යනවනං නොදන්න විදිහක් නෑ.. :-)

      Delete
    2. ගිරිඋල්ලෙ ඇන්ටිලාගෙ ගෙවල් ළඟද?

      Delete
    3. මොන ඇන්ටියෙක්ද බං...
      ටවුන් එකේම නෙමේ...ඊට ටිකක් එහා

      Delete
    4. අපේ පැත්තෙ කොල්ලෙක් ගිරිඋල්ලෙ ඇන්ටිලාගෙ ගෙදර යනවා කියලා යනවා මම හිතුවා ඒ කිට්ටුව කියලා

      Delete
  15. ගිරිඋල්ල දන්නව හොඳටම...සඳලංකාවෙ සිට කුරුණෑගල දක්වා දන්නවා....ඒත් දැන් නම් ඔය පාරෙ යන්නෙ අවුරුදු දෙක තුනකට සැරයක් වගේ............

    ReplyDelete
  16. ඔය පහ පාර මටත් හොදට පුරුදුයි.නිතරම මංගච්චන ඉසව්වක් නොවැ. මීට පස්සෙ යන එන කොට රබර් ඇහැක් දාලම බලන්න ඕනෑ දැකගන්න පුළුවන්ද කියලා

    ReplyDelete
  17. ෂා ..!! මාලිගාවේ මට අල්ලලම ගිය ලොකේෂන් එක තමයි ගබඩා කාමරය..අවුරුදු 4කට පස්සේ අතිසුවිශේෂ ගල් බෝතල් කොට දෙක තුනක් දැක්ක.. අහෝ මෙවන් සතුටක්... රජ තුමනි...!! ප්‍රීති..ප්‍රීති..ප්‍රීති...!!!!

    ReplyDelete
  18. අර ගබඩා කාමරේ ඩස්ට් බින් එකේ තියෙන්නෙ බයිට් එකද බං.

    ReplyDelete
  19. රජතුමා බාල බඩු නේ පාවිච්චි කරන්නේ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)