රජතුමා ඉතින් තාම
තනිකඩයනේ...ඒ හින්දම හැමදාම ඉරිදා පත්තරේ මංගල කිංකිණි අතිරේකෙ වැරදිලාවත් මිස්
වෙන්නෙ නං නෑ. හැබැයි ඉතින් ඒක බලන්නෙ ගෑනු හොයන්න නං නෙමේ, එක පාරක් ගෑනියෙක් හින්දා කෙලෝගත්තු හැටි බිදුනු කුළුදුල් හද පෝස්ටුවෙ තිබ්බා මතකනෙ. එදා ඉදන් මේ වෙනකන් තාම කෙල්ලෙක්ට නං ඇහැ දැම්මෙ නෑ. මං මේ මගුල් අතිරේකෙ බලන්නෙ ඒකෙ දාලා තියෙන ආතල්
ඇඩ් බලලා කුණු ලේ ටික ටිකක් පිරිසිදු කර ගන්න.
ඇයි අඩේ මාර විශේෂණ පදනේ අප්පා
ඒවයෙ දාලා තියෙන්නෙ.සමහර ඒවා අහලවත් නෑ.ගැලපෙන්නෙත් නැද්ද මන්දා..
උදහරණයක් ගත්තොත්,
ඉතා රූමත් අවු.50
යුවතියට............................අවු.55ට නොඅඩු තරුණයකු නැගණිය සොයයි.
මේවා එච්චරම ප්‍රශ්නයක්
නෑමයි කියමුකෝ.ඒත් මේ මනමාල මහත්තයාට නං කවදා බදින්න වෙයිද මන්දා...
දන්න එක්කෙනෙක් එහෙම ඉන්නවනං කියන්ඩෝ...!!!
මමත් හොයන්නේ මේ වගේ එක්කෙනෙක්. බදින්න නෙමේ...හුරතලේට ඇති කරන්න. :පී
මොකද්ද බං පුරුසෝත්තමබාවය කියන්නේ???
ReplyDeleteමං හිතන්නෙ අර....මිනිහා තමා වැඩර් කියලා හිතන් ඉන්න සංකල්පෙ වෙන්ඩෑ
Deleteපුරුසෝත්තම=පුරුෂ+උත්තම ="පුරුසයා උතුම්" කියල පිලිගැනීම.
Deleteමෙහි මේල් එකක් ආව වගේ මතකයි.. :))
ReplyDeleteමමත් සේවි කරන් සිටි පින්තූරයක්...කොහෙන්ද මන්දා :ඩී
Deleteමේ මේල් වලින් අවා ඒවා මේවා කියන්න එපා... රාජ උදහසට ලක් වෙයි.
Deleteඔව් ඈ... තියනවා උල :ඩී
Delete:O හෆ්ෆටතිලි!!!
ReplyDeleteඔයත් මේ වගේද? එක පාරට බය උනේ... හිකිස්
Deleteවිවාහ නොවෙන්න තීරනය කරපු එකෙක් දාපු දැන්වීමක්
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවෙ කියවලා හොරෙන්ම යන්න හදන කොට තමයි ඔය පහල තියෙන ටික දැක්කේ..කොහේදිවත් දැකකේ නැහැ නොවැ මෙච්චර ආදරෙන් කොමෙන්ට් ඉල්ලනවා ඒ නිසා ඔන්න පලවෙනි දවසෙම කොමෙන්ට් කොරා
//අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
හෙහ් හෙහ්...එහෙනං මගෙ පොර ටෝක් එක නැගල යනවා වගේ
Deleteකමෙන්ටුවට ටැංකියු ඇ...
Deleteපිස්සු හැදෙනවා මෙහෙම එව්වො හොයන්න නම් මව් කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා ළඟ තියාගෙන හදාගත්තත් බෑ.... හැබැයි හොඳ වැස්සියක් නම් හරියයි
ReplyDeleteසිරාවට බං...
Deleteවරදට සමාව දෙනවද?
ReplyDeleteඒ ගැන අහන්නේ කේන්දර ගැලපුනාමලු.. :)
Deleteමට නං හිතෙන්නෙ දෙයි නෙහ්...
Deleteමොන වරදටද??...
Deleteඅයියූ...ඇයි දැකලා නැද්ද ඇඩ් වල දාලා තියෙන්නෙ වරදට සමාව දෙමි කියලා
Deleteවිලි ලැජ්ජයි නැත්නම් පැහැදිලි කරලා දෙනවා.
Deleteමේ ඇඩ් එක දාන්න කීයක් ගියාද දන්නේ නෑ.. තාම 31ලු නේ? 61 දිවත් ඔය කියන විදිහේ කෙනෙක් හම්බුනොත් තමයි පුදුමේ..
ReplyDeleteසෑහෙන ගානක් යන්න ඇති....ඇඩ් එකත් මාගල වගේනෙ..
Deleteඅයියෝ සල්ලි!!!
සම ගතිගුන කිව්වේ....සම සම ද දන්නෑ....
ReplyDeleteහෆොයි!!!
Deleteමේ ඇඩ් එක දැන්මෙ සඳරුද දන්නැහැ..අයි ටී උපදේශක කෙනෙක්ලුනෙ..:D
ReplyDeleteඑව්වා කියන්නත් බෑ....හෙහ් හොහ්!!
Deleteඅපොයි... ඔහොම අය දැන් හොයන්න ඉන්නවද... වැදි කෙල්ලොවත් ඔහොම නැතුව ඇති දැන්.
ReplyDeleteඒක තමා :ඩී
Deleteඔයිට වඩා මරු ඒවා තියෙනවා.. මමත් ආතල් එකක් ගන්න ඕවා කියවනවා.. තව මරු එකක් තමයි කාන්තා පත්තර වල ලිංගික ගැටළු... පට්ට
ReplyDeleteඅපේ මව්තුමිය ඕවා වැඩිය බලන්නෙ නෑනෙ...එහා ගෙදර ඇන්ටිලෑ දිහායින් තමා ඉතින් බැලුවොත්
Deleteහික් හික්!!
මමත් ඕක දැක්ක මේල් එකකින්, මං හිතන්නෙ කවුරුහරි විහිලුවට දාපු එකක් කියල... එහෙමත් නැත්නම් තරහාකාරයෙක් ගෙ වැඩක් වෙන්නැති කියල..
ReplyDeleteකමෙන්ට් කළෙමි, අහවල් එක්කටද කන පලා ගන්නෙ පෝස්ට් එකත් කියවල...
හොදා හොදා... :ඩී
Deleteහුරතලේට කියල තමයි ඉස්සෙල්ල කියන්නෙ.
ReplyDeleteලොල්ස්!!!
Deleteමු ඇලස්කාවේ ඉදන් ලඟදි ලංකාවට පදිංචියට අව එකෙක්ද කොහෙද. ..
ReplyDeleteලොල්ස්...අනේ මන්දා..
Deleteරජතුමාටත් හිතෙන දේවල්...නරකද අගබිසවක් ගැන හිතුව නම්..?
Deleteඑකක් අගබිසව කරගන්න ගියා....ඒත් එයා ගියා :(
Deleteඑයා හින්දා තමා මම බ්ලොග අවකාශෙට ආවෙ...
පළවෙනි පෝස්ටුව බලන්ඩකෝ :)
පිස්සු පීකුදු බං මේක.......
ReplyDeleteඔව් බං...ඌරු පීකුදු
Deleteෂඃ.... පට්ට ඇඩ් එක... "පුරුසෝත්තමභාවය" අන්න ඒක තමා කේස් එක...
ReplyDelete31 කොල්ලා ගෙදරට නාකි වෙයි මෙහෙම ගියොත්...
ඒක තමා...බැයිද ශානිට උදව් වෙන්න :පී
Delete:P ඈ මෙහෙම එවුන්ව පොල්පිත්තකින් තමා කපලා ගන්න වෙන්නේ :)
ReplyDeleteහෙහ් හෙහ්...සිරාවට
Deleteගොංපාට් +
ReplyDelete++++++++++++
Deleteමොකක්ද බං එකතු කිරීමේ ලකුණේ තේරුම. හිනා වෙනවා කියන එකද?
Deleteනෑ බං... ඒ කොමෙන්ටුවට කැමතී කියන එක
Deleteනෑ නෑ! ගොංපාට් ප්ලස්! එ් කියන්නෙ ගොංපාට් වලත් හොඳම එක (i mean මෙබඳු මනාලියන් සෙවීම!)
Deleteහේ හේ හේ මාත් මංගල කිංකිණි කියවන්නේ ඇගේ ලේ පිරිසිදු කර ගන්න තමා. එල එල
ReplyDeleteඔව් ඈ...හිනා කාලා මැරුනහැකි වෙලාවකට
Deleteනරකද රජ්ජුරුවන්වහන්සේටත් මෙහෙම දේවියෙක් ලැබුනොත්....
ReplyDelete:D
හපෝ...වසලා හමාරයි
Deleteමට ඕනෙ හොද ඇක්ටිව් දේවියක්...මේ වගේ මලහෝන්තුවක් නෙමේ බොලේ... :ඩී
අම්මට ශ්‍රී!! කොහෙන්ද බං මේක හොයා ගත්තේ?
ReplyDelete