Monday, April 2, 2012

මංගල කිංකිණි (ලොවෙත් නැති මගුල් ඇඩ්)


රජතුමා ඉතින් තාම තනිකඩයනේ...ඒ හින්දම හැමදාම ඉරිදා පත්තරේ මංගල කිංකිණි අතිරේකෙ වැරදිලාවත් මිස් වෙන්නෙ නං නෑ. හැබැයි ඉතින් ඒක බලන්නෙ ගෑනු හොයන්න නං නෙමේ, එක පාරක් ගෑනියෙක් හින්දා කෙලෝගත්තු හැටි බිදුනු කුළුදුල් හද පෝස්ටුවෙ තිබ්බා මතකනෙ. එදා ඉදන් මේ වෙනකන් තාම කෙල්ලෙක්ට නං ඇහැ දැම්මෙ නෑ. මං මේ මගුල් අතිරේකෙ බලන්නෙ ඒකෙ දාලා තියෙන ආතල් ඇඩ් බලලා කුණු ලේ ටික ටිකක් පිරිසිදු කර ගන්න. 

ඇයි අඩේ මාර විශේෂණ පදනේ අප්පා ඒවයෙ දාලා තියෙන්නෙ.සමහර ඒවා අහලවත් නෑ.ගැලපෙන්නෙත් නැද්ද මන්දා..

උදහරණයක් ගත්තොත්,

ඉතා රූමත් අවු.50 යුවතියට............................අවු.55ට නොඅඩු තරුණයකු නැගණිය සොයයි. 

මේවා එච්චරම ප්‍රශ්නයක් නෑමයි කියමුකෝ.ඒත් මේ මනමාල මහත්තයාට නං කවදා බදින්න වෙයිද මන්දා...



දන්න එක්කෙනෙක් එහෙම ඉන්නවනං කියන්ඩෝ...!!! 

මමත් හොයන්නේ මේ වගේ එක්කෙනෙක්. බදින්න නෙමේ...හුරතලේට ඇති කරන්න. :පී 



54 comments:

  1. මොකද්ද බං පුරුසෝත්තමබාවය කියන්නේ???

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අර....මිනිහා තමා වැඩර් කියලා හිතන් ඉන්න සංකල්පෙ වෙන්ඩෑ

      Delete
    2. පුරුසෝත්තම=පුරුෂ+උත්තම ="පුරුසයා උතුම්" කියල පිලිගැනීම.

      Delete
  2. මෙහි මේල් එකක් ආව වගේ මතකයි.. :))

    ReplyDelete
    Replies
    1. මමත් සේවි කරන් සිටි පින්තූරයක්...කොහෙන්ද මන්දා :ඩී

      Delete
    2. මේ මේල් වලින් අවා ඒවා මේවා කියන්න එපා... රාජ උදහසට ලක් වෙයි.

      Delete
    3. ඔව් ඈ... තියනවා උල :ඩී

      Delete
  3. Replies
    1. ඔයත් මේ වගේද? එක පාරට බය උනේ... හිකිස්

      Delete
  4. විවාහ නොවෙන්න තීරනය කරපු එකෙක් දාපු දැන්වීමක්

    අදමයි මේ පැත්තේ ආවෙ කියවලා හොරෙන්ම යන්න හදන කොට තමයි ඔය පහල තියෙන ටික දැක්කේ..කොහේදිවත් දැකකේ නැහැ නොවැ මෙච්චර ආදරෙන් කොමෙන්ට් ඉල්ලනවා ඒ නිසා ඔන්න පලවෙනි දවසෙම කොමෙන්ට් කොරා

    //අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...එහෙනං මගෙ පොර ටෝක් එක නැගල යනවා වගේ

      Delete
    2. කමෙන්ටුවට ටැංකියු ඇ...

      Delete
  5. පිස්සු හැදෙනවා මෙහෙම එව්වො හොයන්න නම් මව් කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා ළඟ තියාගෙන හදාගත්තත් බෑ.... හැබැයි හොඳ වැස්සියක් නම් හරියයි

    ReplyDelete
  6. වරදට සමාව දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අහන්නේ කේන්දර ගැලපුනාමලු.. :)

      Delete
    2. මට නං හිතෙන්නෙ දෙයි නෙහ්...

      Delete
    3. අයියූ...ඇයි දැකලා නැද්ද ඇඩ් වල දාලා තියෙන්නෙ වරදට සමාව දෙමි කියලා

      Delete
    4. විලි ලැජ්ජයි නැත්නම් පැහැදිලි කරලා දෙනවා.

      Delete
  7. මේ ඇඩ් එක දාන්න කීයක් ගියාද දන්නේ නෑ.. තාම 31ලු නේ? 61 දිවත් ඔය කියන විදිහේ කෙනෙක් හම්බුනොත් තමයි පුදුමේ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන ගානක් යන්න ඇති....ඇඩ් එකත් මාගල වගේනෙ..
      අයියෝ සල්ලි!!!

      Delete
  8. සම ගතිගුන කිව්වේ....සම සම ද දන්නෑ....

    ReplyDelete
  9. මේ ඇඩ් එක දැන්මෙ සඳරුද දන්නැහැ..අයි ටී උපදේශක කෙනෙක්ලුනෙ..:D

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්නත් බෑ....හෙහ් හොහ්!!

      Delete
  10. අපොයි... ඔහොම අය දැන් හොයන්න ඉන්නවද... වැදි කෙල්ලොවත් ඔහොම නැතුව ඇති දැන්.

    ReplyDelete
  11. ඔයිට වඩා මරු ඒවා තියෙනවා.. මමත් ආතල් එකක් ගන්න ඕවා කියවනවා.. තව මරු එකක් තමයි කාන්තා පත්තර වල ලිංගික ගැටළු... පට්ට

    ReplyDelete
    Replies
    1. අපේ මව්තුමිය ඕවා වැඩිය බලන්නෙ නෑනෙ...එහා ගෙදර ඇන්ටිලෑ දිහායින් තමා ඉතින් බැලුවොත්
      හික් හික්!!

      Delete
  12. මමත් ඕක දැක්ක මේල් එකකින්, මං හිතන්නෙ කවුරුහරි විහිලුවට දාපු එකක් කියල... එහෙමත් නැත්නම් තරහාකාරයෙක් ගෙ වැඩක් වෙන්නැති කියල..

    කමෙන්ට් කළෙමි, අහවල් එක්කටද කන පලා ගන්නෙ පෝස්ට් එකත් කියවල...

    ReplyDelete
  13. හුරතලේට කියල තමයි ඉස්සෙල්ල කියන්නෙ.

    ReplyDelete
  14. මු ඇලස්කාවේ ඉදන් ලඟදි ලංකාවට පදිංචියට අව එකෙක්ද කොහෙද. ..

    ReplyDelete
    Replies
    1. ලොල්ස්...අනේ මන්දා..

      Delete
    2. රජතුමාටත් හිතෙන දේවල්...නරකද අගබිසවක් ගැන හිතුව නම්..?

      Delete
    3. එකක් අගබිසව කරගන්න ගියා....ඒත් එයා ගියා :(
      එයා හින්දා තමා මම බ්ලොග අවකාශෙට ආවෙ...
      පළවෙනි පෝස්ටුව බලන්ඩකෝ :)

      Delete
  15. පිස්සු පීකුදු බං මේක.......

    ReplyDelete
    Replies
    1. ඔව් බං...ඌරු පීකුදු

      Delete
  16. ෂඃ.... පට්ට ඇඩ් එක... "පුරුසෝත්තමභාවය" අන්න ඒක තමා කේස් එක...
    31 කොල්ලා ගෙදරට නාකි වෙයි මෙහෙම ගියොත්...

    ReplyDelete
    Replies
    1. ඒක තමා...බැයිද ශානිට උදව් වෙන්න :පී

      Delete
  17. :P ඈ මෙහෙම එවුන්ව පොල්පිත්තකින් තමා කපලා ගන්න වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...සිරාවට

      Delete
  18. ගොංපාට් +

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං එකතු කිරීමේ ලකුණේ තේරුම. හිනා වෙනවා කියන එකද?

      Delete
    2. නෑ බං... ඒ කොමෙන්ටුවට කැමතී කියන එක

      Delete
    3. නෑ නෑ! ගොංපාට් ප්ලස්! එ් කියන්නෙ ගොංපාට් වලත් හොඳම එක (i mean මෙබඳු මනාලියන් සෙවීම!)

      Delete
  19. හේ හේ හේ මාත් මංගල කිංකිණි කියවන්නේ ඇගේ ලේ පිරිසිදු කර ගන්න තමා. එල එල

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ...හිනා කාලා මැරුනහැකි වෙලාවකට

      Delete
  20. නරකද රජ්ජුරුවන්වහන්සේටත් මෙහෙම දේවියෙක් ලැබුනොත්....
    :D

    ReplyDelete
    Replies
    1. හපෝ...වසලා හමාරයි
      මට ඕනෙ හොද ඇක්ටිව් දේවියක්...මේ වගේ මලහෝන්තුවක් නෙමේ බොලේ... :ඩී

      Delete
  21. අම්මට ශ්‍රී!! කොහෙන්ද බං මේක හොයා ගත්තේ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)