Tuesday, July 10, 2012

බස් රේඩියෝවේ ගිනි මද්දහන ගිනි තැබීමේ ක්‍රියාන්විතය - Operation BuzZ

කවුරුත් හදුනන  බස් රේඩියෝව යනු බ්ලොග් අවකාශය වෙනුවෙන්ම තැනුනු එකම ගුවන් විදුලි නාලිකාවය. හැමදාම නිවාඩු දවසට ඕක කනේ ගහගෙන ඇහුවාට කවදාවත් සින්දු ඉල්ලන්න ගියේ නැත. ඒත් ඊයේ නිකමට වගේ සින්දුවක් ඉල්ලන්නට සිතුනේය. සෝමතිලක ජයමහ මහත්තයගේ ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ සින්දුව ඉල්ලුවෙමි. එකතු කරගන්නටත් පිරිසක් ඕනෑය. මතකයට ආපු බ්ලොග් යාළුවෝ ටික දෙනෙක් හා ඒ වෙලාවේ බුකියේ ඔන්ලයින් හිටපු ටික දෙනෙක්ගේ නම් සටහන් කලෙමි. ඒ,

වර්ණා අක්කා
දම්මි අක්කා
මීගොඩයා
කාව්‍යා අක්කා
මධුරංගයා
ක්සැන්ඩරයා
නාඩියා
රෙපා
දිනේශ්

මේ ඒ සෙට් එකය... කට්ටියට අහන්න කියලා බුකියේ ස්ටේටස් එක්කද දැම්මෙමි. ඒත් සමගම ක්සැන්ඩරයා අමුතු යෝජනාවක් කලේය.

මොකද කියන්නේ? කට්ටිය එකතු වෙලා මාරුවෙන් මාරුවට සිංදු ඉල්ලමුද?

එලම තමා දාමුද කියහන්කෝ අයිස් අක්කා කොර වෙලා යන්න. ඕං මං ආයේ දානවා ඈ...

මේ අතර රජා ඉල්ලූ ගීතය ගැන අයිස් අක්කා දොඩවන්නට විය...

මෙන්න අද අළුත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා... හර්ෂණ අදිකාරි හෙවත් අඩවි රාජා... (රජා ට රාජා ලූ)... අම්මෝ... බයෙත් බෑ... 
මෙන්න මෙයාලව එකතු කරගන්නවා.. කියා නම් කියවන්නට විය.. ක්සැන්ඩරයාගේ නම විකෘති විය. එය කක්කාසැන්ඩර් වැන්නකට පෙරලී තිබුනි.

අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්ය. ඒ අස්සේ අනිත් අයට රේඩියෝව ලෝඩ් වෙන්නේ නැතිලුය. මේ වන විට ක්සැන්ඩර්ද තම ගීත ඉල්ලීම යවා තිබුනි. එය කඩු වැනිල්ලකි. ඊට


හසිත
තනි  අලියා

හා තවත් විශාල පිරිසක් එකතු කර ගත්තේය. ඒ අතර වර්ණා අක්කත් රික්වෙස්ට් එකක් යවා තිබුනි. ඒ චම්මක චල්ලෝ ගීතයටය. ඊට එකතු කරගන්නන් ලෙස හිතක් පපුවක් නැති ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ මට වල් රජා කියා යවා තිබුනාය. ඒකත් අයිස් අක්කාත් එහෙම්මම කියා ලාවට එල්ලෙමින් තිබූ යට ඇදුම් පවා ගලවා විසික් කලාය. ක්සැන්ඩරයාගේ නම කීවේ ක්ක්...ඩබල්සැන්ඩර්ද මොකක්දය...

ඊලගට තව දෙතුන් දෙනෙක්ගේ සින්දු දෙක තුනක් ගියේය. ඒවා නං හෙන නිදිමතය. ඒත් සමගම නිව්ටන් අයියගේ ඉල්ලීමක්ද ගියේය. එයා හැදුවේ නිදියන්නය. ඒ කිව්වේ ඔබ නිදන්න ඔබ නිදන්න ගීතයය. නැවතත් අයිස් අක්කාගේ හඩය,

අපිට තව ගීත ඉල්ලීම් කීපයක්ම තියනවා ක්සැන්ඩරගෙන්, වර්ණා අක්කගෙන් වගේම මේ අඩවි රාජාගෙන් (එතනත් කෑවා නම) ආ... තව දම්මි කියලා යාළුවෙකුගෙන් තියනවා එකක්. එයා මේ සින්දුව දෙන්නේ හර්ෂණ මල්ලි ඇතුළු බ්ලොග් ආදරවන්තයෝ හැමෝටම.

ඒ අතර ක්සැන්ඩරයා කෑගසයි.... ඔන්න රාජකීය පෙමට සින්දුවක් දම්මි ගානේ.


අයිස් අක්කා ඒකට පරණ සින්දුවක් කීමත් සමගම දම්මි අක්කා අතුරුදන් විය.

ඒවායින් පසුව තව සින්දු දෙක තුනක් ගියේය..ආයෙත් අයිස් අක්කාය - අපිට තව ගීත ඉල්ලීම් තියනවා බලමු... අයියෝ මේ හර්ෂණ මල්ලියා එක්ක බෑ අනේ... තව ගීත ඉල්ලීම් 3යි.. කමක් නෑ.. අදනේ මේ පැත්තට ආවේ...


ඊට,


අග්නි ධාරා
සාතන්
බට්ටි

එකතු කර ගන්නා ලදී. නැවතත් වර්ණා අක්කාගේ ගීත ඉල්ලීමක්ය... ඉල්ලා තිබුනේ රජ්ජුරුවෝ උඩයි උඩයි.. කළු කෙල්ලෝ බිමයි බිමයි... (වර්ණා අක්කා වගේ) සින්දුවය. ආයෙත් කියා තිබුනේ වල් රජා කියාය. ඒ වන විට වෙලාව 5ය. වැඩසටහන ඉවර වෙන්න ඕනෑය. ඒත් ඉවර කල නොහැක. හේතුව අපේ ගීත ඉල්ලීම්ය.


රජා තනියම අහන්න හින්දි සින්දුවක් ඉල්ලීමත් සමගම සතර අතින් විරෝධතා එල්ල වෙන්නට විය. එහෙම තනියම අහන්නට බැරිලුය. ඇයි වදේ... මං අනිත් උන්ට සින්දු හතර පහක්ම ඉල්ලලා දුන්නේ..


අන්තිමට බස් එකට සිදුවූයේ එක්කෙනෙක්ගේ ගීත ඉල්ලීම් 3කට සීමා කිරීමටය. ඊයේ ගිනිමද්දහනේ 75% සින්දු ඉල්ලුවේ අපිය...පහට ඉවර වෙන ෂෝ එක ඉවර වෙද්දී 5.30ත් පහු වෙලාද මන්දාය.


වැඩියෙන්ම ඇසුන වචන ටික,


වර්ණා
ක්සැන්ඩර්
දම්මි
හර්ෂණ හෙවත් අඩවි රජා / වල් රජා


ඉල්ලූ ගීත සමූහය,

රජා - 6යි
ක්සැන්ඩර් - 3යි හෝ 4යි
වර්ණා අක්කා - 2යි
දම්මි අක්කා -1යි 

මේ ගීත ඔක්කොම නාහෙන් අඩමින්, අපට බනිමින් සපයා දුන් අයිස් අක්කාටත්, ජේඩියාටත් අප සැමගේ උත්තමාචාරය!


ඊයේ ක්සැන්ඩර් හා රජා බුකියේ ගෙන ආ සජීවී විකාශය මෙතනින්...


හෙටත් ගිනි තැබීමේ අදහසක් ඇත. එන කට්ටිය 2 වෙනකොට බුකියට ආවොත් හොදය...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් එක දිගට....


1. තෑගි ප්‍රශ්නය 6
2. නංගීට අම්මා අවසර දෙයි
3. නංගී යනු කවුද



53 comments:

  1. මාවත් මතක් වෙච්ච එකට ස්තුතියි.... නොදැක්ක බොක්කෙ යාලුවො ටික... බොලා සෙට් එක දකිනකන් ඉවසුමක් නැත

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවාම සෙට් වෙමු ඈ...

      Delete
    2. අනිවා සෙට් වෙමු ඈ.... :-)

      Delete
  2. රේඩියෝ එකක්වත් පාඩුවෙ කරන්න දෙන්නැත්තෙ ඉතිං වල් රජාම තමා ඈ...

    ReplyDelete
  3. අනේ ස්තූතී මාවත් මතක් උනාට ඈ.... ඒත් ඉතින් මම මේ වෙලාවේ ඉන්න බැරිඋනානේ අප්පා චික් අපලාදේ

    ReplyDelete
    Replies
    1. හැමදාම එන හින්දා මතක් වෙලා දැම්මේ ඈ... :-)

      අපලාදේ... :-)

      Delete
  4. අනේ රජෝ මට අර පලවෙනි සින්දුව අහද්දීම වගේ දොයි මතක් ආවනේ..හෙටවත් නැගිටලා ඉන්න බලමු.... ;)
    අනික පැය ගානක් දොන්ගාගෙන් රේඩියෝ ඇහුවොත් භාණ්ඩාගාරෙ හිස වෙනකම්ම බිල ගෙවන්න වෙයි මට!

    ReplyDelete
    Replies
    1. අපුයි.... ගනිල්ලකෝ ඒඩී ඇස් ඇල් :-)

      Delete
    2. ඊයා.....!!! අපි නම් ඕවට නෑ!!!

      Delete
  5. හොඳයි හෙට සටනට ජය වේවා

    ReplyDelete
  6. හෙට සින්දු දෙන්නේ තුනක් විතරයි එකෙක්ට. ඒ හින්දා කට්ටිය එකතු කරගන්න එක හොඳයි. ඒත් මට එන්නට විදියක් නැත. මන්ද ඒ වෙලාවේ මම ගුවන් යානයක ගත කරන්නට ඉටාගෙන ඉන්න බැවිනි. අද ද බස් එකට ෆෝන් එකේ පිවිසී සින්දු ඉල්ලා රික්වෙස්ට් කලෙමි. ඒත් ඊයේ තරම් නැත.

    ReplyDelete
    Replies
    1. අයියූ.... එහෙමද? එහෙනං අපි ඉල්ලලා දෙන්නංකෝ.. :-)

      Delete
  7. එල එල හෙට බලමු ට්‍රයි එකක් දීලා

    ReplyDelete
    Replies
    1. අනිවා... ‍වරෙන්.. අපි එනවා ඈ.. :-)

      Delete
  8. මම ඕක අහලම නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒ අහනවකෝ.....නියමයි!!!!

      Delete
  9. මට කළුයි කියුවට හෙන ගහෆිය :පි
    හැක හැක හැක හෙටත් ඉල්ලමු :පි

    ReplyDelete
    Replies
    1. එල එල... හෙටත් වර්ණා අක්කා ඔපීසියේද?

      Delete
    2. හෆොයි ඔව්ව්. එත් මම හෑන්ඩ්ෆ්‍රී ද මොකක්ද අටමගලයක් අරන් ආවා,, මට හුරේ :පි

      Delete
  10. අනී සුඩා මාවට් මටක්කලල.........^_^

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ මතක් උනා සුඩා... ^_^

      Delete
  11. හිකිස්‌ ..මොනවා ලෝකයා කියන දෙයක් තමයි මේ රජා හෙනම වල් කියලා...බලහන් අදත් එක ඔප්පු වෙලානේ...

    ReplyDelete
  12. මට නම් අහන්ඩ වෙන්නේ නෑ.
    කනෙම්ශන් එක අවුල් නෙව. ඒ නිසා ගුටි කන එවුවා ඇරෙන්න ඉල්ලන උලවුවකට මාවත් එකතු කරගනිල්ලා.
    - ස්තුතියි -

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... එහෙමද?

      අනිවා එකතු කරගන්නංකෝ එහෙනං... :-)

      Delete
  13. තේරුනේ දැන් තමා :P

    ReplyDelete
    Replies
    1. ආහා..... ඕං හසියාවත් එකතු කරගත්තා ක්සැන්ඩර්.. :-)

      Delete
  14. වෙලාවට ‘වල් රජා‘ ගීත ඉල්ලීමට බ්ලොග් යාළුවො ටික එකතු කරගත්තෙ. රජ පවුල එකතුකරගත්ත නම් අනිත් එවුන්ට සිංදු අහන්න වෙන්නෙ නෑ, රාජකීය වරුණෙ ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. වෙලාව තමා..... වල් රජා කියලා කී පාරක් නං කිව්වද... ඊයා..... :-)

      අද මූවත් එකතු කරගම්මු...

      Delete
  15. ඇඩෝව් මෙතන මම නෑනෙ...හිටුකෝ මාත් හෙට එනවා...

    ReplyDelete
    Replies
    1. වරෙව් වරෙව්... 2ට ඈ.. :-)

      Delete
  16. අපිටත් සිංදුවක් දියල්ලකෝ උබල විතරක් අහන්නේ ..

    ReplyDelete
    Replies
    1. අද එකතු කරගන්නවා.... මතක් උනේ නෑ බං උඹලගේ නම්..

      Delete
  17. උඹල වැඩකට අතගැහුවොත් ඔහොම්මම තමයි :ප

    ReplyDelete
    Replies
    1. හිකිස්.... මලයව අමතක උනානෙ...

      අද එකතු කරගන්නවා අනිවා... :-)

      Delete
  18. ඕක කොහොමද බොලවු අහන්නෙ ? මීටරේ කීයද ? :-)

    ReplyDelete
    Replies
    1. http://www.buzzradio.lk/

      මේං මීටරේ...

      Delete
  19. මාව මතක් වෙලා නෑනෙ. එන්නෙ නෑ ආයෙ මේ පැත්ත පළාතෙ. අඩවියම පාලු වෙන්නෙ නැද්ද බලන්නකො. හෙට එහෙනම් මම 2 ට එනවා

    ReplyDelete
    Replies
    1. හිකිස්.... අනේ අමතක උනා සුදු අක්කියෝ... :-)

      අද එකතු කර ගන්නවාමයි...

      Delete
  20. මාවත් මතක් වෙලා තියෙන්නේ.. ඒ වෙලාවට මම මල් බොල.. කොහේ එන්නද ඔය පැත්තේ.. කලින් කියන්න එපැයි.. හෙට පුළුවන් උනොත් එඤ්ඤං.. මාවත් එකකට හරි එක්කහු කර ගනින් හොදේ... :)

    ReplyDelete
    Replies
    1. එල අනිවා..... :-)

      මල් සින්දුවක්ම ඉල්ලලා දෙන්නංකෝ දෙන්නට...

      Delete
  21. අඩේම්,මායෙම පිස්සුවක් කෙලිමූ,.,මේ ඕක තියන දවස කියන්නකෝ,.,., :D

    ReplyDelete
    Replies
    1. අද අද........ 2-5

      5 කිව්වට 6 වෙනකන්වත් අදිමු.. :-)

      Delete
  22. දවල්ට ඕවා දාගන්න එපා බං අපි ඔපීස් නේ.. රෑට කරන එකක් කරමු :ඩී

    ReplyDelete
    Replies
    1. රෑට සින්දු ඉල්ලන්න බෑනේ බං...

      අපි ඉතින් එකතු කරගන්නන්කෝ... :-)

      Delete
  23. යකෝ මේ අහිංසක රේඩියෝ එකකට වද දෙන්නේ ස්වාධීන රූපවාහිණියට කතා කොරලා බැණපියව්කෝ.

    ReplyDelete
  24. ඒයි Mr. රජස්, අනේ ඇත්තට තමන්ගේ රාජ්ජේ දැහැමෙන් සෙමෙන් පාලනේ කරගෙන ඉන්නැතිව........ අනේ මන්ද !!!!! එක්කෝ කමක් නෑ. හැමදාම නැනේ. නේද රාජෝ ???????

    ReplyDelete
  25. අනේ ඉතින් මම එන්න පරක්කු උනානේ....
    හිහී..නියමයි නේද රජතුමෝ....

    ReplyDelete
  26. සැහැ මටත් එකක් ඕනේ ඉල්ලන්න :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)