මේක නං මාරම දවසක්ය. කරුමයක් පටිසන් දුන්න දවසක්ද එහෙමත් නැත්තන් පින පලදුන්න දවසක්ද කියලා හිතාගන්න බැරිය. එක එක සිද්ධි දාමයක් එකට පැටලිලා, මිශ්‍ර වෙලා, මෙව්වා වෙලා, කම්බයින් වෙලා, අරහෙම වෙලා තිබ්බ මහා අමුතුම දවසක්ය.
උදේ පාන්දර 7ට ඇහැරුන රජා හෙමින් හෙමින් ලෑස්ති වෙලා BMICH එක පැත්තට ගාටන්න 154ක නැග්ගේය. 154 විදින්න ඕනේ කරුමය ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැත. දන්නෝ දනිතිය. මට පුට් සයිකලයක් තිබ්බානං බස් එකට කලින් එතනය. කොහොම හරි 8.45 වෙනකොට මම එතනය. අපේ අනිත් උන් එතනය. පොකුණ උඩ ඉදගත් රජා එස්එම්එස් ක්‍රියාවලිය ඇරඹුවේය. ගෑණු ළමෙකුත් උදේ පාන්දර වද දුන්නා වගේ මතකය. ඒත් නැද්ද කොහෙදය.
රජා: කොහෙද යකෝ උඹලා?
දුලියා: BMICH එක ගාව
රජා: වරෙන් යකෝ...මම පොකුණ උඩ
දුලියා: ලොල්... නෑ යකෝ අපි තාම බොරැල්ලේ...
රජා: නොදකින්...
ටිකකින් උනුත් එතනට කඩන් වැටුනේය. ඒ අළුත් සාමාජිකයෙක් සමගය. නම තෙසරුය. අද පටන් මුගෙ නමත් අඩවියේ යාවජීව වනු නියතය. ආපු ගමන් කට්ටිය BMICH එකෙ වැසිකිළි වල පුරවා Construct ප්‍රදර්ශනේ බලන්න ලෑස්ති උනේය. තාම පටන් අරගෙනත් නැත. අපි පඩිපෙලක් උඩ ඉදගෙන ඔහේ කියෝ කියෝ සිටියෙමු. 9.45ට විතර ටිකට් දෙන්න පටන් ගත්තේය. ටිකට් අරන් ඇතුලට ගිහාම මෙලෝ වන සතෙක් ඇතුලේ නැත. අද ප්‍රදර්ශනේ විවෘත කලේ අපිද කොහෙදය. ප්‍රදර්ශනේ එක තැනක තිබ්බ ටයර් කඩයක් නම් දාලා තිබ්බේ රජාට අපහාස කරන්නමය. ඒකේ තිබ්බ ටයර් මටත් වඩා උසය. අපි වටේම කැරකිලා එලියට එනකොට නං ඔන්න සූ ගාලා 100ක් විතර ඇවිල්ලා හිටියේය.
එතකොටම වගේ අශානයාගේ තාත්තාගෙන් කෝල් එකක් ආවේය. ඒ උන්ගේ කැබ් එක එනවා කියලාය. අපි කොහොමත් හිටියේ ඊලගට අළුත් වරාය කෑල්ල බලන්න යන්නය. වෙලාවට වගේ අන්කල් මාමා ආවේය. අම්මෝ... බොහෝම පෙරැත්ත කරලා කැබ් එකේ පිටිපස්සට හතර දෙනෙක් නැග ගත්තේය. ඇන්ටි නම් කිව්වේ ඕක පොලිසිය අල්ලන වැඩක් කියලාමය. පොලිසිය ඇල්ලුවොත් අපි බේරලා දෙනවා කියලා දුන් පොරොන්දුව මත අව්වේ කර වෙමින් වරයා බලා ඇදුනෙමු. යන අතරමග කට්ටිය අන්කල්ට පින් දෙන්නේය. නිකන් නෙමේය. මුළු හත්මුතු පරම්පරාවටමය.
අංකල්ව හදා වඩා ගත්තු දෙමාපියන්ට, මේ ජොබ් එක ගන්න ඉගැන්නුව ගුරුවරුන්ට, ජොබ් එක ඉන්ටවීව් කරලා තෝරගත්තු එකාට පින්සිද්ධ වේවා...කොටින්ම රජයේ වාහන වලට ජය වේවා... මේ තරම් හොද වාහන ලොවෙත් නෑ!!!!
අනේ අම්මියෝ.....ඒක බලන්න ඉන්න පෝලිම දැක්කම රජා ඇතුළු පිරිසට උණසන්නිපාතය වගේ හදුනානොගත් ලෙඩක් වැලදුනේය. ඒ තරමට සෙනගය. වෙලාවට අපි ගියේ රජයේ වාහනයකය. නිකන් වීඅයිපී වගේ සින් සින් ගාලා ඇතුලෙය. කොහොමත් වාහන වල එන උන්ට ඇතුලට යන්න පුළුවන්ය. මූදු හුලන් කාගෙන, අව්වේ පිච්චි පිච්චි , පොටෝ ගගහ පාර දිගේ ඔහේ ගියෙමු. මේක බලන්න මිනිස්සු පෝලිම් වල ඉදලා ඇවිත් ආයේ පයින් ඇවිදලා විදින දුක දැක්කහම මුළු සර්වාංගෙන්ම දුක හිතෙන්නේය. බලන්න කියලා ඇති දෙකුත් නැති තරම්ය. අර නයිටීන් එකේ කෑගගහ කියන යකඩ අස්සයෝ දෙතුන් දෙනානම් ලොකුවට පේන්න තිබ්බේය.
ඒ අව්ව නම් ඉවසන්නම බැරි තරම්ය.
තෙසරු: ගහක්වත් නැති හැටි බලහන්කෝ...
කාවින්ද: වරායේ කොහෙද යකෝ ගස්...
ගයාෂාන්: ඒ උනාට පොල්ගස් දෙක තුනක්වත් හිටවන්න තියෙන්නේ බං...@#%$ අව්වයිනේ
රජා: සිරාවට බං... අඩුගානේ තණකොල ගහක්...
වරායට ආපු තඩී නැවක් නම් අපි ලගීන් ගියේය. ඒක දිහානම් කට ඇරගෙන බලාගෙන හිටියෙමු. වෙන බලන්න දෙයක් නම් ඉතින් නැති තරම්ය. ඔහොම නෙමේ...වරාය උඩ වරායවල් ගහලා, ඒ වරාය උඩ එයාපෝර්ට් එකක් ගහලා, ඒක උඩ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැහුවත් රජාට නම් මහ රජාව පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.
අපි වාහනේ හරෝගෙන ආපහු ආවෙමු. හවස තියෙන T20 බලන්න කොටුවට යන්න ගලදාරිය ගාවෙන් බැස්සෙමු. දුලියා සමග තෙසරුවා කොටුවෙන් හැලුන අතර රජා,ගයාෂාන් සමග කාවින්දයා කෙත්තාරාමේ බලා ඇදුනෝය. මැච් එක පෙන්නන්නේ නිකන්ය. ආයේ මොනාද ඉතින්. ලෙසටම බලන්න Block A එකේ හොදම සීට් එකක් බලලා ඉදගත්තෙමු. ගෙනාපු බත් දෙක දිගඇරගෙන කාලා එහෙම පෙප්සියකුත් බිව්වෙමු. කාලා බීලා ඉවරවෙනකොටම ලෝක පූජිත සංගා කොළුවා බැට් එක උස්සන් අපි ඉස්සරහටම ඇවිල්ලා පුහුණුවීම් පටන් ගත්තේය. අපි වෙනකොහෙවත් බැලුවේ නැත. ඒ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඒ තරම් ලස්සන ෂොට්ය.
මැච් එක පටන් ගත්තේය. තරංගයා සට පට ගාලා ඕෆ් එකෙන් හතරේ ඒවා වනන්න ගත්තේය. විකට් එකක් වැටුනෙන් සංගා විකට් එකට ආවේය. ඒ වෙලාවේ ඉදන් අපි මැච් එකට බැහැලා තිබුනේය. සංගට කොහෙට දැම්මත් ෂොට් එකක් ඇත. මාරම ගතිය. හයේ ඒවා දෙක තුනකුත් බැස්සේය. සංගා දැන් 49ය.
කාවින්ද: අඩෝ සංගට 50 ගහනවා කියන එක ගේමක් නෑනේ බං....
රජා: ඔව් බං...
ගයාෂාන්: ඌ දැන් ලකුණු මැෂිම බං...
කතාව ඉවර වෙන්න උනේ නැත. සංගා කැච් එක දීලා අවුට් උනේය. සියළු දෙනෙත් කාවින්දයා පැත්තටය.
රජා/ ගයාෂාන්: මොකද්ද යකෝ කලේ....තොගෙ කට වස්ති...බලහන් උඹ කිව්වා විතරයි සංගා අවුට්. නොදකින්....
කොහෙම හරි ඕවර් ටික ගෙවිලා ගියේය. අපි ලෝක පුදුමයක් දැක්කෙමු. ඒ ටුක්ටුක්මාන්න (තිරිමාන්න) 6ක් ගහන එකය. ඒක නං මාරය. මූ අද ඇවිල්ලා තිබුනේ ලෑල්ල විසිකර බැට් එකක් අරගෙනය. අන්තිම ඕවරේදී කුලේගේ බැට්ට වැඩ කෙරුවේය. ලස්සනට 6, 4 බැස්සේය. අපිට ඇඩුනේය. අපි හිතුවේ බෝලේ අපේ ඇස් බෝල වලට කෙලවයි කියලාය. මොකද අපි හිටියේ කුලයාගේ ආක් එකේය. කොහොමහරි කදුරට උන් 159 ගැහුවේය. චේස් එක 160ය.
ගයාෂාන්: අඩෝ මැච් එක ඉක්මනට යනවා නේ බං...
කාවින්ද: ඔව් බං.... ඇඩ් පෙන්නන්නෙත් නෑනේ....
ගයාෂාන්: ඔව් නේ බං... හෑ....????
මූ නිකන් හෑ ගෑවේ පිට්ටනිය මැද්දේ වෙනදට ඇඩ් පෙන්නනවා වගේය. අම්බෝ...ඌ ඒක කියපු හැටියට අපිට මැරෙන්න හිනාය. නිකන් අර මිනියන් කෙනෙක් වගේය. උනුත් කෑගන්නේ මෙහෙමය. හෑ....??
චේස් එක කරන්න කට්ටිය පිටියට පිවිසියේය. කුලයා පැත්තට වෙලා සිගිති ආතල් එකක් ගන්නේය. මම උගෙ පොටෝ එකක් ගැහුවේය. සුපුරුදු මල් හිනවා දාලා අත වන වන මොනවදෝ කීවේය. අපිට තේරුනේ නැත. මං හිතුවේ ඌ මාව අදුරගෙන කියලාය. ඇයි ඉතින් අපේ ඉස්කෝලේ බුවානේ. තේරුනේ පස්සෙය. මූ කියලා තියෙන්නේ පොටෝව ගහන්න එපා කියලද කොහෙදය.
චේස් එකනං ගූ හතය. ඩිල්ෂාන්, කුසල්, මුබාරක් කට්ටියම පෝලිමට අවුට් උනේය. අපි බැහැලා එන්න ආවේමු. හිරිකිතම සීන් එක උනේ මෙතනය. කෙත්තාරාම එන්ඩ් එකෙන් බැහැපු අපි මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව හොයාගෙන ගියෙමු. කෙලපන්කෝ හැලප....ඒක වහලාය. ආයෙත් මුළු ස්ටේඩියම් එක වටේට පයින් ගිහින් කෙත්තාරාම ගේට්ටුවෙන් එලියට ආවෙමු. ඊයා....ය. මේවා ඉතින් කාටවත් කියන්න පුළුවන් සිද්ධිත් නෙමේය. ඒතරම් චාටර්ය.
මෙතනදී පොටෝගත උනේ ගෑණු ළමයා නොව, ඊට එහායින් පේන සචිත්‍ර කොළුවාවය. |
ප/ලි:
බුකියේ පලවූ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්
මුළු දවසක ඔහොම හතර වටේ කැරකිලා එනකොට බෝඩිමේ වතුර නැත. නාගන්නත් නැත. බොන්නත් නැත. මොකද්ද බටයක් කඩාගෙන මුළු ඒරියා එකටම වතුර නැත. පහුවදා ලෙක්චර්ස් යන්න මූණ හෝදගන්නත් වතුර නැත. ක්ෂණික කඩේකට ගිහින් ජම්බෝ වතුර බෝතයක් අරන් ආවේ හදිසි අවශ්‍යතා සදහාය. කැතම සීන් එක කියන්නේ පස්සේ දවසේ උදේය.
පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.
පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
154 ගැන තියෙන්නේ දුක්බර අද්දැකීමක්. මගෙ පළවෙනි ජංගමය නැති වුණේ 154ක දි.
ReplyDeleteඅඩේ එහෙමද? එහෙනං ඒකද දන්නේ නෑ මං ඇහිලුවේ :))
Deletebreking news
ReplyDeleteubalage maligawa wate white van kerakenawalu poddak aliyata behela balapan
ඔහෙ කැරකුනාවේ.. මේ දිය අගල පැනලා උන් එනවා බොරු! :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහුම් පජාතයි නේ
ReplyDeleteබඩ වේවා දරු සම්පත් ලැබේවා :D
=D>
Deleteදැන් ඉන්නේ බොඩිමේද ?
ReplyDeleteනැත... ගෙදර
Deleteකුලයාගේ ආතල් එක තමා මරු... මොකෑ ඒ ඌ කොරන්නේ පොලවට?
ReplyDeleteමං හිතන්නේ ඌ පොලව තල්ලු කරන්න හදන්නේ :))
Deleteඋඹ පෝස්ටුවක් දැම්මොත් හිනා හතයි බන්. පට්ට ලිවිල්ල....
ReplyDeleteලොල් =))
Deleteඑල එල රජෝ පොස්ට් එකනම් මරු. ජය වේවා!
ReplyDeleteg-)
Deleteහයියූ සල්ලි... බොලා නම් :D
ReplyDeleteමොකද බොල :))
Delete154 කියන්නේ මාර ස්පීඩ් යන බස් එකක් නේ. ගොඩාක් වෙලාවට හයි ස්පීඩ් අල්ලනවා පොලීසියෙන්. උඹලා අර කෙල්ලට පෝලියෝ වලට බෙහෙත් ගන්න කීයක් වත් දුන්නේ නැතෙයි.. පව් කාගේ හරි දරුවෙක්නේ...
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
පෝලියෝ...???
Deleteහහ්.. දැක්කනම් ඔහොම කියන්නේ නෑ...
ඔය ඇට බැහැලා හිටියට ඉස්සර ඒවා තිබ්බේ දණිස් දෙකේ..
හම්මෝ... පේනවා නේ අර සචිත්‍ර කොළුවා පැණි හිනාවක් දාගෙන ඉන්න හැටි =))
ඔය වරායේ බලන්න වෙන මුකුත් තිබුනෙම නැද්ද බං?
ReplyDeleteගල් විතරමයි.
Deleteඅපරාදෙ කියන්නෙ මේ මිනිස්සු වලක් හෑරුවත් හිලක් විද්දත් හොල්සේල් මිනිස්සුන්ට පෙන්නනව දවස් ගනන්. අපේ මිනිස්සුන්ටත් කන්න නැතත් සුදිය තියෙ නම් එච්චරයි, පෝලිමේ අවුවෙ කරවෙවී යන්නෙ ආශ්චර්ය බලන්ට. නූපන් එවුන්ගෙත් අනාගතේ උකස් තියලයි කියල හීනෙන්වත් මතක් වෙන්නෙ නෑ.
Deleteඔය හම්බෙලා තියෙන්නේ උත්තර :)
Deleteඅපිටත් මතක් උනා ඔය ප්‍රදර්ශනේ බලන්න රජා අනිවා යන්න ඇති කියල :D
ReplyDeleteඑහෙමද? එන්නනේ තිබ්බේ බලන්න :)
Deleteවරාය ඕපන් කරනකොට ජාතික ගී ජාතික කොඩි නැති උනාට මොකද රෙද්ද උසාල පෙන්නුවනෙ.ඕකෙ චීනු වැඩට ඇවිත් උන්ගෙ චීන බඩු කොල්ලුපිටියෙ පාර අයිනෙ සේල් දානකොට අපිටත් මලක් තලාගන්න බැරිය. අනේ සාධු!
ReplyDeleteතව පිපියන් තව පිපියන් චින ගහේ මල්.
සුභ අනාගතයක් දරුවා!! :))
Deleteඑල ඈ... අන්තිමට දාපු ෆොටෝ එකනම් ඇල්ලුවේ නෑ...
ReplyDeleteඒක තමා හොදම එක =))
Deleteමුං අස්චර්යෙත් බලන්න ගිහිල්ලාය. අපි ගියෙ නෑය. අපි පව්ය.
ReplyDeleteයමල්ලා ඉතින්... හැමදාම නෑ හොදේ.. :)
Deleteela... kohomada neh kandurata kastiyage wada?? eeye match 1t api dinum aaaa.........
ReplyDeleteඇඩෙනවා ඕයි... උන්ටික සිරා.
Deleteමං හිතන්නේ සෙට් වෙයි වගේ ඉන්දියා යන්න!
ඔක්කොටමවඩා ආතල් ටික
ReplyDelete// පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය //
!@#$%%& :(
Deleteමැච් එක මාත් බලන්න හිතං ඉන්නේ..
ReplyDeleteවෙලාවක් තමා නැත්තේ...
බඩ වේවා දරු සම්පත් ලැබේවා!!!!!!!
වෙලාව හදාගන්න ඕනි බං මේ අපි වගේ :)
Delete154 මම කැමතිම රූඩ් එක
ReplyDeleteඑක හිමින්ම්ම යනවනම් තමයි පට්ට..
ඇයි මල්ලි එයාර්ලයින් එකකද වැඩ කරන්නේ
Deleteඇයි උඹ මල්වත් කඩනවද යන ගමන් :))
Deleteමමත් ඔය මඟුල් වරාය වගේ එක බලන්න ගිහින් ආපහු හැරිලා ආවා සෙනඟ වැඩි නිසා!
ReplyDeleteඅපිනං වාහනේම ගියා ඇතුලටම. හෙන ගහන සෙනගක් නේ ඕයි..
Deleteඋඹට කියන්න බං රජෝ... වතුර නැති එක තරම් ඉවසන්න බැරි වෙන කිසිම දෙයක් නෑ බං. හදිසියකට පැයකට දෙකකට වතුර කැපුවත් මට නම් ඌරු ජුවල්. ජල සම්පාදනේ අහවල් එකාගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවා ගිහින්. අනෙක ඔය පාරවල්වල කානු කපන්නයි අරවටයි මේවටයි රෙද්දවල්වලට එන එවුවො ඉන්නව නේද, ඕකුන්ට වතුර බට පේන්න බෑ, අනිනවා හිල් වෙන්න, එතකොට තමා සුපිරිම ආතල් එක. ඉතිං වතුර නැති උනාම වෙඩි කන්න හරි පාරට බහින එක අහන්නත් දෙයක් ද.
ReplyDeleteඉතින් හිතහන්කෝ මුළු දවසම වතුර නෑ කියන්නේ.. :(
Deleteconstruct ප්‍රදර්ශනය නම් මෙලෝ රහක් නෑ කියලා ආරංචිය කලින්ම ආවා. වරායේ උණත් කිව්වත් වගේ මොනවා කියලා බලන්නද බන්?
ReplyDeleteබලන්න දෙයක් නෑ සිරාවටම!
Deleteකවුද බං කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ඇඩ් පෙන්නන්නේ නෑයි කියලා. ග්‍රවුන්ඩ් එකේ වටේමයි, ක්‍රිකටර්ස්ලගේ ඇඟේ බැට් එකෙයි විකට් එකේ තණකොල වලයි හැමතැනම ඇඩ් නේද?
ReplyDeleteක්‍රිකට් මැච් එකක ෆෝටෝ ගන්න එකත් ඒකාධිකාරයක්ද?
ඒ ඇඩ් නෙමේ... අර ටීවී එක ඇතුලේ දගලන්නේ :))
Deleteපළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.
ReplyDeleteමේක නම් එලය. කොහොමත් ඔය යකඩ අස්සයන් බලන්ට එන්ට එන්ට කීවාට මම ගියේ නැත. ඊට වඩා මී පාසානම් ටිකක් කාලා බුදියාගන්න එක සැපකි.
ප්‍රදර්ශණයත් එතරම් හොඳ නැතයි කියා කලින්ම ආරංචි මාර්ග වලින් ආව නිසා ඔය සේරම අතහැර ගෙදෙට්ට වී සිටියෙමි.
බඩ වේවා... පුත්‍ර සම්පත්ති ලැබේවා :p
අපි තමා ඔය හොද නැති ඔක්කොම බලලා චාටර් වෙලා ආවේ :))
Deleteඋනසන්නිපාතය හඳුනා නොගත් ලෙඩක් කියල දැනගත්තෙ අදනෙ.
ReplyDeleteඒකනේ කියන්නේ... මේවා කියෝලා මොනා හරි ඉගෙන ගන්න ඕනේ :))
Deleteමටත් ඔය යකඩ අශ්වයො ටික බලන්න යන්න හම්බ උනේ නැති එක ගැන මම ගොඩාක් සතුටු වෙනව....
ReplyDeleteඑකෙන්ම...
Deleteදැන් එතකොට පිළිවෙලකට හිතන කොට පලවෙනි පොස්ට් එක මේක ... දෙවැනි එක උබ නාපු එක ...... යකෝ උබේ බ්ලෝග දැන් එඩිට් කොරන්නේ ITN එකේ නාට්ටි එඩිට් කරන එකෙක්ද ???
ReplyDeleteඅන්න හරි... :))
Deleteලොල්... ඒවගෙත් මෙහෙමයි නේ?
මොකට ඕක බලන්න ගියාද? හොද කට්ටක් නම් කාල තියනව වගේ එක බලන්න ..
ReplyDeleteකට්ට ඉතින් අව්ව තමා.. කැබ් එකේ ගිය හින්දා බේරුණා
Deletekawda ban ara horikata kakul dekak eliye daagena inna goraka kaalla ?
ReplyDeleteනම ඇහුවේ නෑ බං..
Delete//කෙලපන්කෝ හැලප...//
ReplyDeleteබඩ වේවා !! දරු සම්පත් ලැබේවා !!
ලොල්.. =))
Deleteඔක්කෝටම කලින් බොගේ මූනු පොතට එබිලා නයට ගත්තු ආස්චර්යේ ෆොටෝ ටික බලලා එන්න ඕන.
ReplyDeleteඅහ් අර කෝටු කකුල් නංගී දන්නවද උඹලා එයාගේ ෆොටෝ ගත්තු බවක් . . හික්ස්
බලන්ඩ බලන්ඩ...
Deleteපිස්සුද... එයා දල්ලෑ,.. :))
හෑක් හෑක් හෑ එව බලව අශ්චර්යය
ReplyDeleteකීයක් හරි දියල්ලා මට ඒක බැලුවට!
Deleteමේ රජා නං ගමනේ මයි.... පිංවන්ත රජෙක් :D
ReplyDeleteසචිත්‍ර බලං ඉන්නෙ ඒකි දිහා නෙවෙයිනෙ බොල
අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි නංගී (අක්කේ..) :))
Deleteඒ දිහා තමයි...
ආතල් තමයි. :)
ReplyDeleteහවස නං ආතල්! :)
Deleteරජා කොලෙ වහලා අර ගෑනු දැරිවිගේ පොටෝ කෑල්ලක් උස්සල ඈ............
ReplyDeleteබුහහා... කවුද එහෙම එකක් කිව්වේ :))
Deleteමාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව වැසීමට කටයුතු කලේ ගලධාරි බලධරයන් නොවැ.
ReplyDeleteඋබල උන්ට දීපු කට්ටට පෝරියල් එක.
මේ රජෝ උබ ආවෙම නෑ ඒ පැත්තේ. දුලාගේ අඩවිය | Dula's Place
මේ සැරේ ආවෙ නැතොත් දන්නොනෙ ?
හප්පා කොහේ හරි ගිහින් බෝඩිමට අවම වතුර නෑ කියන්නේ ඕන්නෑ..!!!
ReplyDeleteඅඩෝ කුලයා හෙන ආතල් නේද