දැන් සීන් එක මෙහෙමය. රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් ගත්තම ඌට සූ....ගාලා කෙල්ලොය. මොන කෙල්ල තෝරගන්නද කියලා හිතාගන්න එක හද්ද අමාරුය. කරන්න තියෙන්නේ බොක්කේ සෙට් එකේ එකාට එක ගානේ බෙදලා දෙන එකය. ඒ බෙදලා දෙන්නත් හොදම කෙල්ල අපි ලග තියාගන්න ඉන්න ඕනෑය. නැත්තන් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවාය. අර මොකෙද්ද රිලා පැටියෙක් සල්ලි වලට කරන්න දෙයක් නැතුව කියන සින්දුවකුත් තියෙන්නේ,
ගිය ගිය තැන යන යන තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා...
කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපේ පස්සෙන් එනවා...
මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේය. අනාගතය ගැන සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේක විසදිය යුත්තේ බොක්කෙන්ය. ටිකක් විතර මොලෙත් ඕනෑය. සමහරු නිකන් වැරදිලා වගේ මොලේ උඩ ඉදගෙන ඉන්නවා නම් ඒ පිරිස මේ පොස්ටුව කියවිය යුත්තේ හිටගෙනය. නැත්තම් පස්සේ තේරුනේ නෑ කිය කිය කන්කෙදිරි ගෑම තහනම්ය. ඉදගෙන කියෝලත් තේරුනේ නැත්නම් ඒ අයත් හිටගෙන කියවා පරීක්ෂා කල යුතුය. මන්ද ඔවුන් තමන් මොලේ උඩ ඉදගෙන සිටියා යැයි නොදන්නවා වෙන්නට පුළුවන.
උදාහරණ ලෙස ගෑණු ළමයි 5 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මං වගේ කොල්ලෙක් ගමු... දැන් මට ඕනෑ වෙන්නේ මට ගැලපෙනම කෙල්ල තෝරා ගන්නටය. පල්ලෙහා ඉන්න ගෑල්ලමයින්ට අදාල මාක් එක මතක තියාගෙන පහලට එන්න. පොටෝ එක දිහාම වැඩි වේලා බලා සිටීම ඇස් වලට අහිතකරය.
දැන් මෙහෙමයි......
අපි මේ ගෑල්ලමයිට ලකුණු ක්‍රමයක් මගින් හිමි තැන ලබා දිය යුතුය. ළකුණු දිය යුත්තේ පහත සදහන් ගුණාංග සළකා බැලීමෙන් අනතුරුවය.
1. ඔබ ඇගේ අහිංසක බවට අශා කල යුතුය. ඇය දකින විට ඔබේ සිතට සතුටක් දැනිය යුතුය.
2. ඇය තරමක් ලස්සන විය යුතුය. අනිත් කොල්ලෝ හැමෝම එයාට කැමති නිසා ඔබ ඇයව තෝරා නොගත යුතුය. එහෙම තෝරගත්තොත් වෙන්නේ නිකන් උඹේ ප්‍රසිද්ධිය සදහා එයාව ගත්තා වගේ සීන් එකක්ය.
ලස්සන අර්ථ දැක්වීම - There's no Barrier, under the Buriya කිව්වට... දැක්කම වමනේ යන ඒවා හරියන්නේ නැත. මට නං ඇය පැහැපත් විය යුතුය. කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය.
3. ඇය නිකන් අමුතුම ශෛලියක කෙනෙක් විය යුතුය.
අමුතුම ශෛලිය අර්ථ දැක්වීම - අමුතුම ශෛලිය කිව්වම ඉතින් මේකි වේස කෑල්ල වගේ එකක් නොවිය යුතුය. ඔය කියන අමුතු එක නැටුම් කරපු ගෑල්ලමයිගේ, රේඩියෝ ස්ටේෂන් වල කෙල්ලන්ගේ තියෙන්නේය. අනිත් අයත් නැතුවාම නොවේ. කොහෙන් හරි ඇයට අමුතු ශෛලියක් තිබිය යුතුය.
4. තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට අනිත් කොල්ලෝ එක්ක වැඩිපුර භජනෙට යන එක්කෙනෙක් නොවිය යුතුයි. කොල්ලට සෙකන්ඩ් වෙන්න ඉඩ නොදෙන කෙනෙක් විය යුතුයි
5. ඇය පිරිසිදුව ඉන්න කෙල්ලෙක් විය යුතුයි. හොදට නාලා කරලා, ඔළුව පීරලා එහෙම
ආ....ඔය ඇති. වැඩිය කියන්න ගියොත් මෙතන මොනවා ලියවෙයිද දන්නේ නැත. දැන් කරන්න තියෙන්නේ ළකුණු දීමය. ඒකට මෙන්න මෙහෙම රේටින්ග්ස් තියෙන කොලයක් අරන් පිරවිය යුතුය.
මේකෙදි වෙන්නේ සැසදීමක්ය. 1-2, 1-3, 1-4, 1-5, 2-3, 2-4, 2-5, 3-4, 3-5, 4-5 පිළිවෙලටය.
දැන් උඩ වගුවේ වගේ දෙවෙනි ගෑණු ලමයට වඩා පළවෙනි ගෑණු ළමයට ගොඩා....ක් කැමතී නම් ළකුණු 7ක් දෙන්න. ගොඩක් කැමතී නම් 5ක්, ටිකක් නම් 3ක්. දෙන්නටම එක වගේ කැමතී නම් 1යි.
පළවෙනි ගෑණු ළමයට වඩා දෙවනි ගෑණු ළමයට කැමතී නම්, පාට කල යුත්තේ දෙවනි ගෑණු ළමයගේ පැත්තේ 7 ඉලක්කමය.
අන්තිමට.. ළකුණු ඔක්කොම වගුවකට අරන් එකතු කරලා ප්‍රතිශතයක් බැලිය යුතුය.
මෙහෙමයි හරිද... 2ට වඩා 1ට කැමති හින්දා, 1ට ලකුණු 7යි. එතකොට... 1ට වඩා 2ට කැමති 1/7යි. හරිද??? අන්න ඒ වගේ පැත්ත මාරු වෙවී වගුව පිරවිය යුතුය. අන්තිමට එක එක්කෙනාගෙ ළකුණු එකතු කරලා % අගය හොයාගෙන වැඩිම ප්‍රතිශතේ තියෙන එක්කෙනා තමන්ගේ කර ගත්තම වැඩේ ගොඩ!!!
මේකෙ හැටියට
1- 11.2
2- 10.3
3- 15.3
4- 6.5
5 - 2.3
එතකොට වැඩිම ප්‍රතිශතේ එන්නේ තුන්වෙනි නංගිට -
15.3/45.6 *100
= 33.5%
හරි... දැන් උඩට ගිහින් බලමු. කවුද තුන්වෙනි නංගි කියලා!!!
අම්මටහුඩු...
කෑල්ල නෙහ්? ඇඩෙනවා....
එයා මට හොදා...
දැන් ඉතින් කියහන් ඕකට යකෝ ඔච්චර මැරෙන්න ඕනෙද කියලා. එහෙම තමා ඩෝ...ගෑණිව තෝරගද්දි රිසර්ච් එකක් කරලා තෝරගන්න ඕනේ. මෙච්චර ගේමකුත් ගහලා...අර හදහනේ යෝනි පොරොන්දම් ද මොනවද ගැලපුනේ නැත්තන් ඉතින් පුතේ මම නෑ....
ප/ලි:
මචන්ස්ලා... අපේ සෙට් එක පොඩි තරගෙකට ඉල්ලුම් කරලා තියෙන්නේ. පොඩි අන්තර් විශ්වවිද්‍යාල පොටෝ තරගයක්. වැඩිම ලයික්ස් තියෙන පොටෝව දිනනවා. රුපියල්ම 10000ක් දෙනවා. රජාලගේ පොටෝව දිනවන්න ලෝබ නැතුව ලයික් එකක් දානවලකෝ....පොටෝව ලොවෙත් ඉතින්. මේ තියෙන්නේ.... ඔය කට්ටිය විසිවෙන්න පවර්ස් දාන්නේ රජාලු ඉතින් :)
මෙතන ක්ලික් කරලා ගිහින් ලයික් එකක් දාන්ඩකෝ අනේ.....
(මේවට හිගාකාලා පුරුදු හින්දම හොදා ඉතින්)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ වල් රජා මෙච්චර ගේමක් දෙනවද කෙල්ල හොයන්න. පිස්සු බං උඹට. තව කල් යද්දි කෙල්ලව ඔයිට ඇඩ්වාන්ස් විදියට තොරගන්න මොළේ පැදෙයි. පොටොවට ලයික් නම් කලා.
ReplyDeleteමීට වඩා මොන ඇඩ්වාන්ස්ද මෙයා... :))
Deleteඑල ආ...දින්නොත් රුපියල් 10ක් දෙනවා!
යකෝ මේවා දැක්කම හිතෙනව මිට වඩා හොදය් forewer alone කියල
ReplyDeleteකොහොමත් එහෙමනේ බං.. මේක බලන්න ඕනේ නෑ :))
Deleteඅඩේ මටනම් හොඳ පස්වෙනි එක.
ReplyDeleteඒ බං, දන්නැති හින්දයි අහන්නේ. අර පොරොන්දම බලන්නේ කලිසම ගලොලද? :X
ඔන්න ලයික් එකක් දැම්මා. දැන් ඉතින් අසාධාරණේ සිද්ධ උනේ හැබෑවටම සුපිරි ෆොටෝව ගත්ත එකාට. :(
සිරා නේ?
Deleteඕක නං අහන්න ඕනේ ජෝතිශ්‍යෙව්දී මාර සේවයෙන් :)
අපි සෙට් වෙලා ගේමට එන්ටර් වෙලා තියෙන්නේ!
මෙය නොමිලේ ප්‍රචාරය කරනලද මංගල දැන්වීමකි.:-f ඉහත රූ සපුව ඇත්තේ නම් දැන්ම අයදුම් කරන්න.
ReplyDeleteඔබේ අයදුම්පත යොමුකරන්න :
වල් රජා,
රජ වාසල,
මූකලාන.
අවවාදයයි!
ප්‍රමාදය පසු තැවීමට මුල විය හැක. =))
අඩෝ සිරාවටම.. උඹට විතරයි බං තේරුනේ. එකෙන්ම!! :))
Deletemeka dakkama matath eka thamay hithune.
ReplyDeletemechchara gemak deela kellek thoragannavata wadiya hoday nobadama inna eka.
බුහහහා... =))
Deleteසුභවේවා ! රාජසම්පත් ලැබේවා ! කියල කියන්නේ ඔය උඩ ෆොටෝ එකේ ඉන්නවා වගේ අය හම්බෙන එකට වෙන්නැති නේද ?
ReplyDeleteඅනේ වාසනාවන් . ,ඒ විදියට කරලා කෙනෙක් තෝරන්න ට්‍රයි කරන්නම් .
එල කිරි.. අන්න හොද ළමයි! :)
Deleteඅඩෝ වල් රජෝ ඔච්චර දගලන්න ඕන නෑ බන්....
ReplyDeleteමන් තෝරගන්නේ 4 වෙනියා....පුළුවන් නම් උඹ කියපන් බලන්න හේතුව....
අඩෝ 4 තමා එතන ඉන්න සෙක්සිම කෑල්ල බං!! c-)
Deleteඒකත් එකක් තමා...
Deleteඊට වඩා ඒකිට විතරයි ඇදුම් අන්දලා පිරිමහන්න පුලුවන්...
ලොල්... උන් ඇදුම් අදිනවද බං? =))
Deleteඅර මොකද්ද #@^ නම් හදන්න ගියේ නෑ බං. පොටෝව නං බැලුවා. අනිකට නම් ලයිකක් දාගන යන්නම්.
ReplyDeleteහදන්න බෑනේ.. හූ....... :))
Deleteටැන්කියු වේවා!!!
අනේ මන්දා වලත්ත රජා...ඔන්න උඹෙ වල් වැදිච්ච පොටෝ කෑල්ලට නම් ලයික් එකක් දැම්මෝ
ReplyDeleteරුපියල් 10ක් දෙනවා දින්නොත්! :)
Deleteඅනේ බොට ගෑනු ඕනෙනම් උබ හොයාගනින් පස්සේ අපිට වද දෙන්නෙ නැතුව
ReplyDelete=))
Deleteටෙස්ටින් 1...2....3
උඹ ඔය පස් දෙනාම තියා ගනින් මට නම් එපා.. :P
ReplyDeleteමාත් ලයික් කලා ෆොටෝවට.. කලින්ම.
තෑන්ක්ස් හොදේ... :)
Deleteඅඩේ මමත් පහට තමා මනාප බං.උඹ තුන්වෙනියා අරන් මට පස්වෙනිය තැපැල් කරපන් හරිය !
ReplyDeleteලයික් ලයික් !
පහ දීගෙනම ඉන්නවා නේ? ඒකයි මේ කට්ටිය කැමති =))
Deleteade math hithuwe 3weni eka fasta kiyala.... koi yako meke 18+ kiyala dala nane... me wage picture 1k dammama suti kollo narak wenawa kiyala danne nadda.... onna ara 4to 1tath like 1k damma....
ReplyDelete:)) එහෙමද ඕනෑ?
Deleteතෑන්ස් බොක්ක!!
කෙල්ලෙක් හොයා ගන්න එකත් මේ තරම් අමාරුද? හැමදාම තනියෙනම් ඉන්නවා මීට හොදයි
ReplyDeleteඔව් බං... සෑහෙන අමාරුයි! :))
Deleteකරුනාකට මෙම පෝස්ටුව ලහිපිට සඳහා යොමු කරන්න! :P
ReplyDeleteලහිපිට හරියන්නෑ... නොමිලේ පලකර ගන්න ඕනේ නලීන් මාමට කියලා :))
Deleteමම නම් මේ පැත්තට ආවේ මගෙ උන්නැහේ කමෙන්ට් කොරල තියෙද බලන්න :v
ReplyDeleteනෙද්දකින් බොලා නම්, ඔච්චර ගේම් දෙන්වද කෙල්ලෙක්ව හොයන්න ඇ.. :/
ඇයි උන්නැහේගේ කමෙන්ට් දැක්කේ නැත්තම් අවුල්ද? :))
Deleteෆේස්,ලෙග්ස්,පැතලි බඩ පොඩිය &උල් පස්ස ලයික් වුනාට,එක දේකට භය හිතෙනව මට නම්.
ReplyDeleteඇයි යකෝ ඒකිල අදින "බ්‍රා"එහෙකින් බෙලි 7ක් විතර එකට තියල හිර කරන්න පුලුවන්නෙ.
මතකයිනෙ පපුවක් නැති පගර නැට්ටි තඩි බෙල්ලක් තිබුන පොලියෙස්ටර්ව මරපු හැටි.
ලොල්.. සිරාම කතාව! එච්චර සයිස් නේ? =))
Deleteබ්‍රා තිබ්බද? මං දැක්කේ නෑ නේ.....
Deleteකෙල්ලෙක්ව තෝර ගන්න ඔයිට වැඩිය ලෙහෙසි ක්‍රම නැද්ද?
ReplyDeleteඅපෝ තියෙනවා... :)
Delete//"කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය. "// ඔහොම් කියපු ගොඩ දෙනෙක් කෑවේ කරවෙච්ච කළු දොදොල්ය.
ReplyDeleteඅපි නම් කයි! :(
Deleteඔයිට වැඩිය කෙටි ක්‍රමයක් නැද්ද බං. ගණං වලට කොහොමත් කැමති නෑනෙ.
ReplyDeleteෆොටෝ එකට කලින්ම ලයික් කළා.
තියනවා කියන්නෑ... :))
Deleteරුපියල් 10ක් දෙමි!
ඈ රජෝ දැන් කාලේ කෙල්ලන්ව ඔහොම වගු ගහලා ගනන් හදලා තෝර ගන්න ගියොත් අනිවා කෙල්ල පැනලා යනවා අල්ලපු ගෙදර එකා එක්ක.....බොලාට හුලන් තමා :( :p
ReplyDeleteබුහහහහා...අම්බෝ =))
Deleteකොටු ගගහා කොටු පැනිල්ලක් තියෙන්නේ :))
මූ නං මහ හිඟන්නෙක්ද කොහෙද.. ලයික් හිඟාකන කැත... හි හි
ReplyDeleteදැන් ඒක පුරුදු වෙලා!!! ලැජ්ජා නෑ :))
Deleteදැන් ඇත්තටම උඹට ඕන උනේ ෆොටෝ එකට ලයික් එකක් නේ.... ඔන්න එක දැම්ම...
ReplyDeleteසිරාවටම ඈ.... ටැන්කෝ!!!
Deleteරුපියල් 10ක් එයි තැපෑලෙන් :)
අනෙ උබෙ හු$#%@^&*^% ක්‍රමේ.ලයික් එකක් නම් නොදි බෑ නෙ රජෙක් නෙ හිගා කන්නෙ
ReplyDeleteටැංකියු ඈ... :-f
Deleteඅපෝ ගෑනු නම් එපෝ
ReplyDeleteලේසියෙන් හම්බෙන්නෙත් නෑ බං :))
Deleteඕකට ඔච්චර නැහෙන්න ඕනද :D මට කිව්වනම් තොරන්නෙත් එයා තමා :p
ReplyDeleteහැබැයි පලවෙනි අක්කිට මන් මනාපයි :)
එකෙන්ම! :)
Deleteade bn mehema thoranda giyoth mole uruguwal wenawane rajo... O.o
ReplyDeleteඑහෙම තමා බං... හැමදාටමනේ තෝරගන්නේ :))
Deleteමේකට මෙච්චර දගලන්නෙ මොකද බං? කෙල්ලො maintain කරන්න ගියාම තමයි තේරෙන්නෙ උඹට...
ReplyDelete:-f
Deleteදෙයියන්ගෙම පිහිට යි.
ReplyDeleteබුදු සරණ වේවා!!!
Deleteබොහෝ විට දෙයක් ගැන විශේෂඥයෙක් වෙන්නේ එය තමුන්ට කරගන්නට බැරි උනාමය.. රජා එසේ යයි නොකියමි..
ReplyDeleteබුහහහා..... ටෘ ස්ටෝරි!!!! :))
Deleteමෙකාත් දැන් හිඟා කන රජෙක් වෙලා....
ReplyDeleteකරුමේ........ :))
Deleteමොකක් හරි ඉක්මනට අග බිසව කරගනින් අපිට කනක් ඇහිලා පාඩුවේ බ්ලොග්ගක් බලාගෙන ඉන්න දීලා.
ReplyDeleteලයික් එකක් දැම්මා
ලොල් සීන්...
Delete3වෙනියා හොදා වගේ නෙහ්? =))
අම්මපල්ල දුනොත් වැද. .වැද ඇද වටේ දුවනවා
Deleteඅපිට නම් ඕව අදාල නෑ. කොල්ලන්ට තමා වටින්නෙ.
ReplyDeleteලයික් එකක් දැම්මා.රුපියල් දහය නම් එපා.
අනේ ඇයි ඒ? :((
Deleteඋඹ කැමති නම් ඔන්න මමත් තුනේ නගාට මනාපයි....
ReplyDeleteෆොටෝ එකටත් ලයික් එකක් දැම්මා. උඹ කෙල්ල හොයාගන්න රිසර්ච් කළා වගේම රුපියල් 10,000 දිනුවොත් ඒක ලයික් ගානෙන් බෙදලා අපේ කොටහත් දියන්..නැත්නම් රතුපස්වල යවනවා, හරිය?
අනිවා අනිවා...හැමෝටම දෙනවා! :)
Deleteඇයි බං උඹ තුනේ ඉළක්කමටම ඔච්චර කැමති?
ReplyDeleteඅනේ බං උඹ මේ පෝස්ටුව කලින් දාන්න එපැයි. ඩ්‍රැකියයි මිසිස් ඩ්‍රැකියයි හම්බුවෙන්න කලින්....
ලයික් එකක් දාන්නං, අපිටත් කීයක් හරි දියං ඈ...
3 ඇවිල්ලා මගේ ලකී නොම්බරේනේ :))
Deleteලයික් දාන්ඩ මම මූනු පොතේ නෑනෙ බං.ඕනෙමනං හයියෙං කෑ ගහලා ලයික් කියලා කියන්නං.
ReplyDeleteවැඩේ දැනටම කෙල්ලෙක් හොයාගෙන ඉවරයිනේ බං.දැං ඉතිං මේකිගෙං ගැලවෙනවා බොරු.
එහෙම උනත් කමක් නෑ ඉතින්. හැබැයි හයියෙන් කෑගැහුවා කියලා වැඩිපුර දෙන්නෑ. දෙන්නේ රුපියල් 10 විතරමයි :)
Deleteඅම්මපා මේක හැම මිනිත්තුවේම හිතන්නේ ගෑනු ගැනද මන්දා? මේකට කුප්ප රජා කියලා දාපු එකාගේ කටේ මසුරන් දාන්න ඕනේ.
ReplyDeleteඇයි අවුල් වගේද? =))
Deleteඋඹ පොරටෝක් දුන්නට සිරියහනෙ තාම බදාගන්නෙ කොට්ට විතරයිලු නේද... :D
ReplyDeleteඋඹේ වචනනම් එලය. නියම ඩික්ෂනරියක්ය. මට 5,1 දෙකම ඕනෑමය..... තැපෑලෙන් එවහන්................
ReplyDelete