Saturday, August 3, 2013

නිවරැදිම කෙල්ල තෝරා ගන්නේ කෙසේද? - How to choose the perfect GIRL

දැන් සීන් එක මෙහෙමය. රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් ගත්තම ඌට සූ....ගාලා කෙල්ලොය. මොන කෙල්ල තෝරගන්නද කියලා හිතාගන්න එක හද්ද අමාරුය. කරන්න තියෙන්නේ බොක්කේ සෙට් එකේ එකාට එක ගානේ බෙදලා දෙන එකය. ඒ බෙදලා දෙන්නත් හොදම කෙල්ල අපි ලග තියාගන්න ඉන්න ඕනෑය. නැත්තන් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවාය. අර මොකෙද්ද රිලා පැටියෙක් සල්ලි වලට කරන්න දෙයක් නැතුව කියන සින්දුවකුත් තියෙන්නේ,

ගිය ගිය තැන යන යන තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා...
කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපේ පස්සෙන් එනවා...


මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේය. අනාගතය ගැන සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේක විසදිය යුත්තේ බොක්කෙන්ය. ටිකක් විතර මොලෙත් ඕනෑය. සමහරු නිකන් වැරදිලා වගේ මොලේ උඩ ඉදගෙන ඉන්නවා නම් ඒ පිරිස මේ පොස්ටුව කියවිය යුත්තේ හිටගෙනය. නැත්තම් පස්සේ තේරුනේ නෑ කිය කිය කන්කෙදිරි ගෑම තහනම්ය. ඉදගෙන කියෝලත් තේරුනේ නැත්නම් ඒ අයත් හිටගෙන කියවා පරීක්ෂා කල යුතුය. මන්ද ඔවුන් තමන් මොලේ උඩ ඉදගෙන සිටියා යැයි නොදන්නවා වෙන්නට පුළුවන. 

උදාහරණ ලෙස ගෑණු ළමයි 5 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මං වගේ කොල්ලෙක් ගමු... දැන් මට ඕනෑ වෙන්නේ මට ගැලපෙනම කෙල්ල තෝරා ගන්නටය. පල්ලෙහා ඉන්න ගෑල්ලමයින්ට අදාල මාක් එක මතක තියාගෙන පහලට එන්න. පොටෝ එක දිහාම වැඩි වේලා බලා සිටීම ඇස් වලට අහිතකරය. 


දැන් මෙහෙමයි......

අපි මේ ගෑල්ලමයිට ලකුණු ක්‍රමයක් මගින් හිමි තැන ලබා දිය යුතුය. ළකුණු දිය යුත්තේ පහත සදහන් ගුණාංග සළකා බැලීමෙන් අනතුරුවය. 

1. ඔබ ඇගේ අහිංසක බවට අශා කල යුතුය. ඇය දකින විට ඔබේ සිතට සතුටක් දැනිය යුතුය.

2. ඇය තරමක් ලස්සන විය යුතුය. අනිත් කොල්ලෝ හැමෝම එයාට කැමති නිසා ඔබ ඇයව තෝරා නොගත යුතුය. එහෙම තෝරගත්තොත් වෙන්නේ නිකන් උඹේ ප්‍රසිද්ධිය සදහා එයාව ගත්තා වගේ සීන් එකක්ය. 

ලස්සන අර්ථ දැක්වීම - There's no Barrier, under the Buriya කිව්වට... දැක්කම වමනේ යන ඒවා හරියන්නේ නැත. මට නං ඇය පැහැපත් විය යුතුය. කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය. 

3. ඇය නිකන් අමුතුම ශෛලියක කෙනෙක් විය යුතුය. 

අමුතුම ශෛලිය අර්ථ දැක්වීම - අමුතුම ශෛලිය කිව්වම ඉතින් මේකි වේස කෑල්ල වගේ එකක් නොවිය යුතුය. ඔය කියන අමුතු එක නැටුම් කරපු ගෑල්ලමයිගේ, රේඩියෝ ස්ටේෂන් වල කෙල්ලන්ගේ තියෙන්නේය. අනිත් අයත් නැතුවාම නොවේ. කොහෙන් හරි ඇයට අමුතු ශෛලියක් තිබිය යුතුය. 

4. තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට අනිත් කොල්ලෝ එක්ක වැඩිපුර භජනෙට යන එක්කෙනෙක් නොවිය යුතුයි. කොල්ලට සෙකන්ඩ් වෙන්න ඉඩ නොදෙන කෙනෙක් විය යුතුයි

5. ඇය පිරිසිදුව ඉන්න කෙල්ලෙක් විය යුතුයි. හොදට නාලා කරලා, ඔළුව පීරලා එහෙම

ආ....ඔය ඇති. වැඩිය කියන්න ගියොත් මෙතන මොනවා ලියවෙයිද දන්නේ නැත. දැන් කරන්න තියෙන්නේ ළකුණු දීමය. ඒකට මෙන්න මෙහෙම රේටින්ග්ස් තියෙන කොලයක් අරන් පිරවිය යුතුය. 


මේකෙදි වෙන්නේ සැසදීමක්ය. 1-2, 1-3, 1-4, 1-5, 2-3, 2-4, 2-5, 3-4, 3-5, 4-5 පිළිවෙලටය. 

දැන් උඩ වගුවේ වගේ ‍දෙවෙනි ගෑණු ලමයට වඩා පළවෙනි ගෑණු ළමයට ගොඩා....ක් කැමතී නම් ළකුණු 7ක් දෙන්න. ගොඩක් කැමතී නම් 5ක්, ටිකක් නම් 3ක්. දෙන්නටම එක වගේ කැමතී නම් 1යි. 

පළවෙනි ගෑණු ළමයට වඩා දෙවනි ගෑණු ළමයට කැමතී නම්, පාට කල යුත්තේ දෙවනි ගෑණු ළමයගේ පැත්තේ 7 ඉලක්කමය.

අන්තිමට.. ළකුණු ඔක්කොම වගුවකට අරන් එකතු කරලා ප්‍රතිශතයක් බැලිය යුතුය. 


මෙහෙමයි හරිද... 2ට වඩා 1ට කැමති හින්දා, 1ට ලකුණු 7යි. එතකොට... 1ට වඩා 2ට කැමති 1/7යි. හරිද??? අන්න ඒ වගේ පැත්ත මාරු වෙවී වගුව පිරවිය යුතුය. අන්තිමට එක එක්කෙනාගෙ ළකුණු එකතු කරලා % අගය හොයාගෙන වැඩිම ප්‍රතිශතේ තියෙන එක්කෙනා තමන්ගේ කර ගත්තම වැඩේ ගොඩ!!!

මේකෙ හැටියට 

1- 11.2
2- 10.3
3- 15.3
4- 6.5
5 - 2.3

එතකොට වැඩිම ප්‍රතිශතේ එන්නේ තුන්වෙනි නංගිට - 
15.3/45.6 *100
= 33.5%

හරි... දැන් උඩට ගිහින් බලමු. කවුද තුන්වෙනි නංගි කියලා!!!

අම්මටහුඩු...
කෑල්ල නෙහ්? ඇඩෙනවා....

එයා මට හොදා...

දැන් ඉතින් කියහන් ඕකට යකෝ ඔච්චර මැරෙන්න ඕනෙද කියලා. එහෙම තමා ඩෝ...ගෑණිව තෝරගද්දි රිසර්ච් එකක් කරලා තෝරගන්න ඕනේ. මෙච්චර ගේමකුත් ගහලා...අර හදහනේ යෝනි පොරොන්දම් ද මොනවද ගැලපුනේ නැත්තන් ඉතින් පුතේ මම නෑ....


ප/ලි: 

මචන්ස්ලා... අපේ සෙට් එක පොඩි තරගෙකට ඉල්ලුම් කරලා තියෙන්නේ. පොඩි අන්තර් විශ්වවිද්‍යාල පොටෝ තරගයක්. වැඩිම ලයික්ස් තියෙන පොටෝව දිනනවා. රුපියල්ම 10000ක් දෙනවා. රජාලගේ පොටෝව දිනවන්න ලෝබ නැතුව ලයික් එකක් දානවලකෝ....පොටෝව ලොවෙත් ඉතින්. මේ තියෙන්නේ.... ඔය කට්ටිය විසිවෙන්න පවර්ස් දාන්නේ රජාලු ඉතින් :)



මෙතන ක්ලික් කරලා  ගිහින් ලයික් එකක් දාන්ඩකෝ අනේ.....
(මේවට හිගාකාලා පුරුදු හින්දම හොදා ඉතින්)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

80 comments:

  1. අඩෝ වල් රජා මෙච්චර ගේමක් දෙනවද කෙල්ල හොයන්න. පිස්සු බං උඹට. තව කල් යද්දි කෙල්ලව ඔයිට ඇඩ්වාන්ස් විදියට තොරගන්න මොළේ පැදෙයි. පොටොවට ලයික් නම් කලා.

    ReplyDelete
    Replies
    1. මීට වඩා මොන ඇඩ්වාන්ස්ද මෙයා... :))

      එල ආ...දින්නොත් රුපියල් 10ක් දෙනවා!

      Delete
  2. යකෝ මේවා දැක්කම හිතෙනව මිට වඩා හොදය් forewer alone කියල

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙමනේ බං.. මේක බලන්න ඕනේ නෑ :))

      Delete
  3. අඩේ මටනම් හොඳ පස්වෙනි එක.

    ඒ බං, දන්නැති හින්දයි අහන්නේ. අර පොරොන්දම බලන්නේ කලිසම ගලොලද? :X

    ඔන්න ලයික් එකක් දැම්මා. දැන් ඉතින් අසාධාරණේ සිද්ධ උනේ හැබෑවටම සුපිරි ෆොටෝව ගත්ත එකාට. :(

    ReplyDelete
    Replies
    1. සිරා නේ?

      ඕක නං අහන්න ඕනේ ජෝතිශ්‍යෙව්දී මාර සේවයෙන් :)

      අපි සෙට් වෙලා ගේමට එන්ටර් වෙලා තියෙන්නේ!

      Delete
  4. මෙය නොමිලේ ප්‍රචාරය කරනලද මංගල දැන්වීමකි.:-f ඉහත රූ සපුව ඇත්තේ නම් දැන්ම අයදුම් කරන්න.
    ඔබේ අයදුම්පත යොමුකරන්න :
    වල් රජා,
    රජ වාසල,
    මූකලාන.

    අවවාදයයි!
    ප්‍රමාදය පසු තැවීමට මුල විය හැක. =))

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරාවටම.. උඹට විතරයි බං තේරුනේ. එකෙන්ම!! :))

      Delete
  5. meka dakkama matath eka thamay hithune.
    mechchara gemak deela kellek thoragannavata wadiya hoday nobadama inna eka.

    ReplyDelete
  6. සුභවේවා ! රාජසම්පත් ලැබේවා ! කියල කියන්නේ ඔය උඩ ෆොටෝ එකේ ඉන්නවා වගේ අය හම්බෙන එකට වෙන්නැති නේද ?
    අනේ වාසනාවන් . ,ඒ විදියට කරලා කෙනෙක් තෝරන්න ට්‍රයි කරන්නම් .

    ReplyDelete
    Replies
    1. එල කිරි.. අන්න හොද ළමයි! :)

      Delete
  7. අඩෝ වල් රජෝ ඔච්චර දගලන්න ඕන නෑ බන්....
    මන් තෝරගන්නේ 4 වෙනියා....පුළුවන් නම් උඹ කියපන් බලන්න හේතුව....

    ReplyDelete
    Replies
    1. අඩෝ 4 තමා එතන ඉන්න සෙක්සිම කෑල්ල බං!! c-)

      Delete
    2. ඒකත් එකක් තමා...
      ඊට වඩා ඒකිට විතරයි ඇදුම් අන්දලා පිරිමහන්න පුලුවන්...

      Delete
    3. ලොල්... උන් ඇදුම් අදිනවද බං? =))

      Delete
  8. අර මොකද්ද #@^ නම් හදන්න ගියේ නෑ බං. පොටෝව නං බැලුවා. අනිකට නම් ලයිකක් දාගන යන්නම්.

    ReplyDelete
    Replies
    1. හදන්න බෑනේ.. හූ....... :))

      ටැන්කියු වේවා!!!

      Delete
  9. අනේ මන්දා වලත්ත රජා...ඔන්න උඹෙ වල් වැදිච්ච පොටෝ කෑල්ලට නම් ලයික් එකක් දැම්මෝ

    ReplyDelete
    Replies
    1. රුපියල් 10ක් දෙනවා දින්නොත්! :)

      Delete
  10. අනේ බොට ගෑනු ඕනෙනම් උබ හොයාගනින් පස්සේ අපිට වද දෙන්නෙ නැතුව

    ReplyDelete
  11. උඹ ඔය පස් දෙනාම තියා ගනින් මට නම් එපා.. :P

    මාත් ලයික් කලා ෆොටෝවට.. කලින්ම.

    ReplyDelete
  12. අඩේ මමත් පහට තමා මනාප බං.උඹ තුන්වෙනියා අරන් මට පස්වෙනිය තැපැල් කරපන් හරිය !
    ලයික් ලයික් !

    ReplyDelete
    Replies
    1. පහ දීගෙනම ඉන්නවා නේ? ඒකයි මේ කට්ටිය කැමති =))

      Delete
  13. ade math hithuwe 3weni eka fasta kiyala.... koi yako meke 18+ kiyala dala nane... me wage picture 1k dammama suti kollo narak wenawa kiyala danne nadda.... onna ara 4to 1tath like 1k damma....

    ReplyDelete
    Replies
    1. :)) එහෙමද ඕනෑ?

      තෑන්ස් බොක්ක!!

      Delete
  14. කෙල්ලෙක් හොයා ගන්න එකත් මේ තරම් අමාරුද? හැමදාම තනියෙනම් ඉන්නවා මීට හොදයි

    ReplyDelete
    Replies
    1. ඔව් බං... සෑහෙන අමාරුයි! :))

      Delete
  15. කරුනාකට මෙම පෝස්ටුව ලහිපිට සඳහා යොමු කරන්න! :P

    ReplyDelete
    Replies
    1. ලහිපිට හරියන්නෑ... නොමිලේ පලකර ගන්න ඕනේ නලීන් මාමට කියලා :))

      Delete
  16. මම නම් මේ පැත්තට ආවේ මගෙ උන්නැහේ කමෙන්ට් කොරල තියෙද බලන්න :v
    නෙද්දකින් බොලා නම්, ඔච්චර ගේම් දෙන්වද කෙල්ලෙක්ව හොයන්න ඇ.. :/

    ReplyDelete
    Replies
    1. ඇයි උන්නැහේගේ කමෙන්ට් දැක්කේ නැත්තම් අවුල්ද? :))

      Delete
  17. ෆේස්,ලෙග්ස්,පැතලි බඩ පොඩිය &උල් පස්ස ලයික් වුනාට,එක දේකට භය හිතෙනව මට නම්.
    ඇයි යකෝ ඒකිල අදින "බ්‍රා"එහෙකින් බෙලි 7ක් විතර එකට තියල හිර කරන්න පුලුවන්නෙ.
    මතකයිනෙ පපුවක් නැති පගර නැට්ටි තඩි බෙල්ලක් තිබුන පොලියෙස්ටර්ව මරපු හැටි.

    ReplyDelete
    Replies
    1. ලොල්.. සිරාම කතාව! එච්චර සයිස් නේ? =))

      Delete
    2. බ්‍රා තිබ්බද? මං දැක්කේ නෑ නේ.....

      Delete
  18. කෙල්ලෙක්ව ‍තෝර ගන්න ඔයිට වැඩිය ලෙහෙසි ක්‍රම නැද්ද?

    ReplyDelete
  19. //"කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය. "// ඔහොම් කියපු ගොඩ දෙනෙක් කෑවේ කරවෙච්ච කළු දොදොල්ය.

    ReplyDelete
  20. ඔයිට වැඩිය කෙටි ක්‍රමයක් නැද්ද බං. ගණං වලට කොහොමත් කැමති නෑනෙ.

    ෆොටෝ එකට කලින්ම ලයික් කළා.

    ReplyDelete
    Replies
    1. තියනවා කියන්නෑ... :))

      රුපියල් 10ක් දෙමි!

      Delete
  21. ඈ රජෝ දැන් කාලේ කෙල්ලන්ව ඔහොම වගු ගහලා ගනන් හදලා තෝර ගන්න ගියොත් අනිවා කෙල්ල පැනලා යනවා අල්ලපු ගෙදර එකා එක්ක.....බොලාට හුලන් තමා :( :p

    ReplyDelete
    Replies
    1. බුහහහහා...අම්බෝ =))

      කොටු ගගහා කොටු පැනිල්ලක් තියෙන්නේ :))

      Delete
  22. මූ නං මහ හිඟන්නෙක්ද කොහෙද.. ලයික් හිඟාකන කැත... හි හි

    ReplyDelete
    Replies
    1. දැන් ඒක පුරුදු වෙලා!!! ලැජ්ජා නෑ :))

      Delete
  23. දැන් ඇත්තටම උඹට ඕන උනේ ෆොටෝ එකට ලයික් එකක් නේ.... ඔන්න එක දැම්ම...

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඈ.... ටැන්කෝ!!!

      රුපියල් 10ක් එයි තැපෑලෙන් :)

      Delete
  24. අනෙ උබෙ හු$#%@^&*^% ක්‍රමේ.ලයික් එකක් නම් නොදි බෑ නෙ රජෙක් නෙ හිගා කන්නෙ

    ReplyDelete
  25. අපෝ ගෑනු නම් එපෝ

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් හම්බෙන්නෙත් නෑ බං :))

      Delete
  26. ඕකට ඔච්චර නැහෙන්න ඕනද :D මට කිව්වනම් තොරන්නෙත් එයා තමා :p

    හැබැයි පලවෙනි අක්කිට මන් මනාපයි :)

    ReplyDelete
  27. ade bn mehema thoranda giyoth mole uruguwal wenawane rajo... O.o

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං... හැමදාටමනේ තෝරගන්නේ :))

      Delete
  28. මේකට මෙච්චර දගලන්නෙ මොකද බං? කෙල්ලො maintain කරන්න ගියාම තමයි තේරෙන්නෙ උඹට...

    ReplyDelete
  29. දෙයියන්ගෙම පිහිට යි.

    ReplyDelete
  30. බොහෝ විට දෙයක් ගැන විශේෂඥයෙක් වෙන්නේ එය තමුන්ට කරගන්නට බැරි උනාමය.. රජා එසේ යයි නොකියමි..

    ReplyDelete
    Replies
    1. බුහහහා..... ටෘ ස්ටෝරි!!!! :))

      Delete
  31. මෙකාත් දැන් හිඟා කන රජෙක් වෙලා....

    ReplyDelete
  32. මොකක් හරි ඉක්මනට අග බිසව කරගනින් අපිට කනක් ඇහිලා පාඩුවේ බ්ලොග්ගක් බලාගෙන ඉන්න දීලා.
    ලයික් එකක් දැම්මා

    ReplyDelete
    Replies
    1. ලොල් සීන්...

      3වෙනියා හොදා වගේ නෙහ්? =))

      Delete
    2. අම්මපල්ල දුනොත් වැද. .වැද ඇද වටේ දුවනවා

      Delete
  33. අපිට නම් ඕව අදාල නෑ. කොල්ලන්ට තමා වටින්නෙ.

    ලයික් එකක් දැම්මා.රුපියල් දහය නම් එපා.

    ReplyDelete
  34. උඹ කැමති නම් ඔන්න මමත් තුනේ නගාට මනාපයි....

    ෆොටෝ එකටත් ලයික් එකක් දැම්මා. උඹ කෙල්ල හොයාගන්න රිසර්ච් කළා වගේම රුපියල් 10,000 දිනුවොත් ඒක ලයික් ගානෙන් බෙදලා අපේ කොටහත් දියන්..නැත්නම් රතුපස්වල යවනවා, හරිය?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...හැමෝටම දෙනවා! :)

      Delete
  35. ඇයි බං උඹ තුනේ ඉළක්කමටම ඔච්චර කැමති?

    අනේ බං උඹ මේ පෝස්ටුව කලින් දාන්න එපැයි. ඩ්‍රැකියයි මිසිස් ඩ්‍රැකියයි හම්බුවෙන්න කලින්....

    ලයික් එකක් දාන්නං, අපිටත් කීයක් හරි දියං ඈ...

    ReplyDelete
    Replies
    1. 3 ඇවිල්ලා මගේ ලකී නොම්බරේනේ :))

      Delete
  36. ලයික් දාන්ඩ මම මූනු පොතේ නෑනෙ බං.ඕනෙමනං හයියෙං කෑ ගහලා ලයික් කියලා කියන්නං.

    වැඩේ දැනටම කෙල්ලෙක් හොයාගෙන ඉවරයිනේ බං.දැං ඉතිං මේකිගෙං ගැලවෙනවා බොරු.

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් කමක් නෑ ඉතින්. හැබැයි හයියෙන් කෑගැහුවා කියලා වැඩිපුර දෙන්නෑ. දෙන්නේ රුපියල් 10 විතරමයි :)

      Delete
  37. අම්මපා මේක හැම මිනිත්තුවේම හිතන්නේ ගෑනු ගැනද මන්දා? මේකට කුප්ප රජා කියලා දාපු එකාගේ කටේ මසුරන් දාන්න ඕනේ.

    ReplyDelete
  38. උඹ පොරටෝක් දුන්නට සිරියහනෙ තාම බදාගන්නෙ කොට්ට විතරයිලු නේද... :D

    ReplyDelete
  39. උඹේ වචනනම් එලය. නියම ඩික්ෂනරියක්ය. මට 5,1 දෙකම ඕනෑමය..... තැපෑලෙන් එවහන්................

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)