Tuesday, August 13, 2013

එක දවසක්.. ගමන් ගොඩක් - Construct 2013/ Harbour/ Provincial T20


මේක නං මාරම දවසක්ය. කරුමයක් පටිසන් දුන්න දවසක්ද එහෙමත් නැත්තන් පින පලදුන්න දවසක්ද කියලා හිතාගන්න බැරිය. එක එක සිද්ධි දාමයක් එකට පැටලිලා, මිශ්‍ර වෙලා, මෙව්වා වෙලා, කම්බයින් වෙලා, අරහෙම වෙලා තිබ්බ මහා අමුතුම දවසක්ය. 

උදේ පාන්දර 7ට ඇහැරුන රජා හෙමින් හෙමින් ලෑස්ති වෙලා BMICH එක පැත්තට ගාටන්න 154ක නැග්ගේය. 154 විදින්න ඕනේ කරුමය ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැත. දන්නෝ දනිතිය. මට පුට් සයිකලයක් තිබ්බානං බස් එකට කලින් එතනය. කොහොම හරි 8.45 වෙනකොට මම එතනය. අපේ අනිත් උන් එතනය. පොකුණ උඩ ඉදගත් රජා එස්එම්එස් ක්‍රියාවලිය ඇරඹුවේය. ගෑණු ළමෙකුත් උදේ පාන්දර වද දුන්නා වගේ මතකය. ඒත් නැද්ද කොහෙදය. 

රජා: කොහෙද යකෝ උඹලා?

දුලියා: BMICH එක ගාව

රජා: වරෙන් යකෝ...මම පොකුණ උඩ

දුලියා: ලොල්... නෑ යකෝ අපි තාම බොරැල්ලේ...

රජා: නොදකින්...

ටිකකින් උනුත් එතනට කඩන් වැටුනේය. ඒ අළුත් සාමාජිකයෙක් සමගය. නම තෙසරුය. අද පටන් මුගෙ නමත් අඩවියේ යාවජීව වනු නියතය. ආපු ගමන් කට්ටිය BMICH  එකෙ වැසිකිළි වල පුරවා Construct ප්‍රදර්ශනේ බලන්න ලෑස්ති උනේය. තාම පටන් අරගෙනත් නැත. අපි පඩිපෙලක් උඩ ඉදගෙන ඔහේ කියෝ කියෝ සිටියෙමු. 9.45ට විතර ටිකට් දෙන්න පටන් ගත්තේය. ටිකට් අරන් ඇතුලට ගිහාම මෙලෝ වන සතෙක් ඇතුලේ නැත. අද ප්‍රදර්ශනේ විවෘත කලේ අපිද කොහෙදය. ප්‍රදර්ශනේ එක තැනක තිබ්බ ටයර් කඩයක් නම් දාලා තිබ්බේ රජාට අපහාස කරන්නමය. ඒකේ තිබ්බ ටයර් මටත් වඩා උසය. අපි වටේම කැරකිලා එලියට එනකොට නං ඔන්න සූ ගාලා 100ක් විතර ඇවිල්ලා හිටියේය. 

එතකොටම වගේ අශානයාගේ තාත්තාගෙන් කෝල් එකක් ආවේය. ඒ උන්ගේ කැබ් එක එනවා කියලාය. අපි කොහොමත් හිටියේ ඊලගට අළුත් වරාය කෑල්ල බලන්න යන්නය. වෙලාවට වගේ අන්කල් මාමා ආවේය. අම්මෝ... බොහෝම පෙරැත්ත කරලා කැබ් එකේ පිටිපස්සට හතර දෙනෙක් නැග ගත්තේය. ඇන්ටි නම් කිව්වේ ඕක පොලිසිය අල්ලන වැඩක් කියලාමය. පොලිසිය ඇල්ලුවොත් අපි බේරලා දෙනවා කියලා දුන් පොරොන්දුව මත අව්වේ කර වෙමින් වරයා බලා ඇදුනෙමු. යන අතරමග කට්ටිය අන්කල්ට පින් දෙන්නේය. නිකන් නෙමේය. මුළු හත්මුතු පරම්පරාවටමය. 

අංකල්ව හදා වඩා ගත්තු දෙමාපියන්ට, මේ ජොබ් එක ගන්න ඉගැන්නුව ගුරුවරුන්ට, ජොබ් එක ඉන්ටවීව් කරලා තෝරගත්තු එකාට  පින්සිද්ධ වේවා...කොටින්ම රජයේ වාහන වලට ජය වේවා... මේ තරම් හොද වාහන ලොවෙත් නෑ!!!!

අනේ අම්මියෝ.....ඒක බලන්න ඉන්න පෝලිම දැක්කම රජා ඇතුළු පිරිසට උණසන්නිපාතය වගේ හදුනානොගත් ලෙඩක් වැලදුනේය. ඒ තරමට සෙනගය. වෙලාවට අපි ගියේ රජයේ වාහනයකය. නිකන් වීඅයිපී වගේ සින් සින් ගාලා ඇතුලෙය. කොහොමත් වාහන වල එන උන්ට ඇතුලට යන්න පුළුවන්ය.  මූදු හුලන් කාගෙන, අව්වේ පිච්චි පිච්චි , පොටෝ ගගහ පාර දිගේ ඔහේ ගියෙමු. මේක බලන්න මිනිස්සු පෝලිම් වල ඉදලා ඇවිත් ආයේ පයින් ඇවිදලා විදින දුක දැක්කහම මුළු සර්වාංගෙන්ම දුක හිතෙන්නේය. බලන්න කියලා ඇති දෙකුත් නැති තරම්ය. අර නයිටීන් එකේ කෑගගහ කියන යකඩ අස්සයෝ දෙතුන් දෙනානම් ලොකුවට පේන්න තිබ්බේය. 


ඒ අව්ව නම් ඉවසන්නම බැරි තරම්ය. 

තෙසරු: ගහක්වත් නැති හැටි බලහන්කෝ...

කාවින්ද: වරායේ කොහෙද යකෝ ගස්...

ගයාෂාන්: ඒ උනාට පොල්ගස් දෙක තුනක්වත් හිටවන්න තියෙන්නේ බං...@#%$ අව්වයිනේ

රජා: සිරාවට බං... අඩුගානේ තණකොල ගහක්...


වරායට ආපු තඩී නැවක් නම් අපි ලගීන් ගියේය. ඒක දිහානම් කට ඇරගෙන බලාගෙන හිටියෙමු. වෙන බලන්න දෙයක් නම් ඉතින් නැති තරම්ය. ඔහොම නෙමේ...වරාය උඩ වරායවල් ගහලා, ඒ වරාය උඩ එයාපෝර්ට් එකක් ගහලා, ඒක උඩ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැහුවත් රජාට නම් මහ රජාව පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.

අපි වාහනේ හරෝගෙන ආපහු ආවෙමු. හවස තියෙන T20 බලන්න කොටුවට යන්න ගලදාරිය ගාවෙන් බැස්සෙමු. දුලියා සමග තෙසරුවා කොටුවෙන් හැලුන අතර රජා,ගයාෂාන් සමග කාවින්දයා කෙත්තාරාමේ බලා ඇදුනෝය. මැච් එක පෙන්නන්නේ නිකන්ය. ආයේ මොනාද ඉතින්. ලෙසටම බලන්න Block A එකේ හොදම සීට් එකක් බලලා ඉදගත්තෙමු. ගෙනාපු බත් දෙක දිගඇරගෙන කාලා එහෙම පෙප්සියකුත් බිව්වෙමු. කාලා බීලා ඉවරවෙනකොටම ලෝක පූජිත සංගා කොළුවා බැට් එක උස්සන් අපි ඉස්සරහටම ඇවිල්ලා පුහුණුවීම් පටන් ගත්තේය. අපි වෙනකොහෙවත් බැලුවේ නැත. ඒ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඒ තරම් ලස්සන ෂොට්ය. 


මැච් එක පටන් ගත්තේය. තරංගයා සට පට ගාලා ඕෆ් එකෙන් හතරේ ඒවා වනන්න ගත්තේය. විකට් එකක් වැටුනෙන් සංගා විකට් එකට ආවේය. ඒ වෙලාවේ ඉදන් අපි මැච් එකට බැහැලා තිබුනේය. සංගට කොහෙට දැම්මත් ෂොට් එකක් ඇත. මාරම ගතිය. හයේ ඒවා දෙක තුනකුත් බැස්සේය. සංගා දැන් 49ය. 

කාවින්ද: අඩෝ සංගට 50 ගහනවා කියන එක ගේමක් නෑනේ බං....

රජා: ඔව් බං...

ගයාෂාන්: ඌ දැන් ලකුණු මැෂිම බං...

කතාව ඉවර වෙන්න උනේ නැත. සංගා කැච් එක දීලා අවුට් උනේය. සියළු දෙනෙත් කාවින්දයා පැත්තටය. 

රජා/ ගයාෂාන්: මොකද්ද යකෝ කලේ....තොගෙ කට වස්ති...බලහන් උඹ කිව්වා විතරයි සංගා අවුට්. නොදකින්....

කොහෙම හරි ඕවර් ටික ගෙවිලා ගියේය. අපි ලෝක පුදුමයක් දැක්කෙමු. ඒ ටුක්ටුක්මාන්න (තිරිමාන්න) 6ක් ගහන එකය. ඒක නං මාරය. මූ අද ඇවිල්ලා තිබුනේ ලෑල්ල විසිකර බැට් එකක් අරගෙනය. අන්තිම ඕවරේදී කුලේගේ බැට්ට වැඩ කෙරුවේය. ලස්සනට 6, 4 බැස්සේය. අපිට ඇඩුනේය. අපි හිතුවේ බෝලේ අපේ ඇස් බෝල වලට කෙලවයි කියලාය. මොකද අපි හිටියේ කුලයාගේ ආක් එකේය. කොහොමහරි කදුරට උන් 159 ගැහුවේය. චේස් එක 160ය.

ගයාෂාන්: අඩෝ මැච් එක ඉක්මනට යනවා නේ බං...

කාවින්ද: ඔව් බං.... ඇඩ් පෙන්නන්නෙත් නෑනේ....

ගයාෂාන්: ඔව් නේ බං... හෑ....????

මූ නිකන් හෑ ගෑවේ පිට්ටනිය මැද්දේ වෙනදට ඇඩ් පෙන්නනවා වගේය. අම්බෝ...ඌ ඒක කියපු හැටියට අපිට මැරෙන්න හිනාය. නිකන් අර මිනියන් කෙනෙක් වගේය. උනුත් කෑගන්නේ මෙහෙමය. හෑ....??

චේස් එක කරන්න කට්ටිය පිටියට පිවිසියේය. කුලයා පැත්තට වෙලා සිගිති ආතල් එකක් ගන්නේය. මම උගෙ පොටෝ එකක් ගැහුවේය. සුපුරුදු මල් හිනවා දාලා අත වන වන මොනවදෝ කීවේය. අපිට තේරුනේ නැත. මං හිතුවේ ඌ මාව  අදුරගෙන කියලාය. ඇයි ඉතින් අපේ ඉස්කෝලේ බුවානේ. තේරුනේ පස්සෙය. මූ කියලා තියෙන්නේ පොටෝව ගහන්න එපා කියලද කොහෙදය. 


චේස් එකනං ගූ හතය. ඩිල්ෂාන්, කුසල්, මුබාරක් කට්ටියම පෝලිමට අවුට් උනේය. අපි බැහැලා එන්න ආවේමු. හිරිකිතම සීන් එක උනේ මෙතනය. කෙත්තාරාම එන්ඩ් එකෙන් බැහැපු අපි මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව හොයාගෙන ගියෙමු. කෙලපන්කෝ හැලප....ඒක වහලාය. ආයෙත් මුළු ස්ටේඩියම් එක වටේට පයින් ගිහින් කෙත්තාරාම ගේට්ටුවෙන් එලියට ආවෙමු. ඊයා....ය. මේවා ඉතින් කාටවත් කියන්න පුළුවන් සිද්ධිත් නෙමේය. ඒතරම් චාටර්ය. 

මෙතනදී පොටෝගත උනේ ගෑණු ළමයා නොව,
ඊට එහායින් පේන සචිත්‍ර කොළුවාවය.

ප/ලි:

බුකියේ පලවූ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

මුළු දවසක ඔහොම හතර වටේ කැරකිලා එනකොට බෝඩිමේ වතුර නැත. නාගන්නත් නැත. බොන්නත් නැත. මොකද්ද බටයක් කඩාගෙන මුළු ඒරියා එකටම වතුර නැත. පහුවදා ලෙක්චර්ස් යන්න මූණ හෝදගන්නත් වතුර නැත. ක්ෂණික කඩේකට ගිහින් ජම්බෝ වතුර බෝතයක් අරන් ආවේ හදිසි අවශ්‍යතා සදහාය. කැතම සීන් එක කියන්නේ පස්සේ දවසේ උදේය. 

පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

74 comments:

  1. 154 ගැන තියෙන්නේ දුක්බර අද්දැකීමක්. මගෙ පළවෙනි ජංගමය නැති වුණේ 154ක දි.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද? එහෙනං ඒකද දන්නේ නෑ මං ඇහිලුවේ :))

      Delete
  2. breking news

    ubalage maligawa wate white van kerakenawalu poddak aliyata behela balapan

    ReplyDelete
    Replies
    1. ඔහෙ කැරකුනාවේ.. මේ දිය අගල පැනලා උන් එනවා බොරු! :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හුම් පජාතයි නේ

    බඩ වේවා දරු සම්පත් ලැබේවා :D

    ReplyDelete
  5. දැන් ඉන්නේ බොඩිමේද ?

    ReplyDelete
  6. කුලයාගේ ආතල් එක තමා මරු... මොකෑ ඒ ඌ කොරන්නේ පොලවට?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඌ පොලව තල්ලු කරන්න හදන්නේ :))

      Delete
  7. උඹ පෝස්ටුවක් දැම්මොත් හිනා හතයි බන්. පට්ට ලිවිල්ල....

    ReplyDelete
  8. එල එල රජෝ පොස්ට් එකනම් මරු. ජය වේවා!

    ReplyDelete
  9. හයියූ සල්ලි... බොලා නම් :D

    ReplyDelete
  10. 154 කියන්නේ මාර ස්පීඩ් යන බස් එකක් නේ. ගොඩාක් වෙලාවට හයි ස්පීඩ් අල්ලනවා පොලීසියෙන්. උඹලා අර කෙල්ලට පෝලියෝ වලට බෙහෙත් ගන්න කීයක් වත් දුන්නේ නැතෙයි.. පව් කාගේ හරි දරුවෙක්නේ...

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. පෝලියෝ...???
      හහ්.. දැක්කනම් ඔහොම කියන්නේ නෑ...

      ඔය ඇට බැහැලා හිටියට ඉස්සර ඒවා තිබ්බේ දණිස් දෙකේ..

      හම්මෝ... පේනවා නේ අර සචිත්‍ර කොළුවා පැණි හිනාවක් දාගෙන ඉන්න හැටි =))

      Delete
  11. ඔය වරායේ බලන්න වෙන මුකුත් තිබුනෙම නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. ගල් විතරමයි.

      Delete
    2. අපරාදෙ කියන්නෙ මේ මිනිස්සු වලක් හෑරුවත් හිලක් විද්දත් හොල්සේල් මිනිස්සුන්ට පෙන්නනව දවස් ගනන්. අපේ මිනිස්සුන්ටත් කන්න නැතත් සුදිය තියෙ නම් එච්චරයි, පෝලිමේ අවුවෙ කරවෙවී යන්නෙ ආශ්චර්ය බලන්ට. නූපන් එවුන්ගෙත් අනාගතේ උකස් තියලයි කියල හීනෙන්වත් මතක් වෙන්නෙ නෑ.

      Delete
    3. ඔය හම්බෙලා තියෙන්නේ උත්තර :)

      Delete
  12. අපිටත් මතක් උනා ඔය ප්‍රදර්ශනේ බලන්න රජා අනිවා යන්න ඇති කියල :D

    ReplyDelete
    Replies
    1. එහෙමද? එන්නනේ තිබ්බේ බලන්න :)

      Delete
  13. වරාය ඕපන් කරනකොට ජාතික ගී ජාතික කොඩි නැති උනාට මොකද රෙද්ද උසාල පෙන්නුවනෙ.ඕකෙ චීනු වැඩට ඇවිත් උන්ගෙ චීන බඩු කොල්ලුපිටියෙ පාර අයිනෙ සේල් දානකොට අපිටත් මලක් තලාගන්න බැරිය. අනේ සාධු!

    තව පිපියන් තව පිපියන් චින ගහේ මල්.

    ReplyDelete
    Replies
    1. සුභ අනාගතයක් දරුවා!! :))

      Delete
  14. එල ඈ... අන්තිමට දාපු ෆොටෝ එකනම් ඇල්ලුවේ නෑ...

    ReplyDelete
  15. මුං අස්චර්යෙත් බලන්න ගිහිල්ලාය. අපි ගියෙ නෑය. අපි පව්ය.

    ReplyDelete
    Replies
    1. යමල්ලා ඉතින්... හැමදාම නෑ හොදේ.. :)

      Delete
  16. ela... kohomada neh kandurata kastiyage wada?? eeye match 1t api dinum aaaa.........

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා ඕයි... උන්ටික සිරා.
      මං හිතන්නේ සෙට් වෙයි වගේ ඉන්දියා යන්න!

      Delete
  17. ඔක්කොටමවඩා ආතල් ටික

    // පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය //

    ReplyDelete
  18. මැච් එක මාත් බලන්න හිතං ඉන්නේ..
    වෙලාවක් තමා නැත්තේ...
    බඩ වේවා දරු සම්පත් ලැබේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. වෙලාව හදාගන්න ඕනි බං මේ අපි වගේ :)

      Delete
  19. 154 මම කැමතිම රූඩ් එක
    එක හිමින්ම්ම යනවනම් තමයි පට්ට..

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි එයාර්ලයින් එකකද වැඩ කරන්නේ

      Delete
    2. ඇයි උඹ මල්වත් කඩනවද යන ගමන් :))

      Delete
  20. මමත් ඔය මඟුල් වරාය වගේ එක බලන්න ගිහින් ආපහු හැරිලා ආවා සෙනඟ වැඩි නිසා!

    ReplyDelete
    Replies
    1. අපිනං වාහනේම ගියා ඇතුලටම. හෙන ගහන සෙනගක් නේ ඕයි..

      Delete
  21. උඹට කියන්න බං රජෝ... වතුර නැති එක තරම් ඉවසන්න බැරි වෙන කිසිම දෙයක් නෑ බං. හදිසියකට පැයකට දෙකකට වතුර කැපුවත් මට නම් ඌරු ජුවල්. ජල සම්පාදනේ අහවල් එකාගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවා ගිහින්. අනෙක ඔය පාරවල්වල කානු කපන්නයි අරවටයි මේවටයි රෙද්දවල්වලට එන එවුවො ඉන්නව නේද, ඕකුන්ට වතුර බට පේන්න බෑ, අනිනවා හිල් වෙන්න, එතකොට තමා සුපිරිම ආතල් එක. ඉතිං වතුර නැති උනාම වෙඩි කන්න හරි පාරට බහින එක අහන්නත් දෙයක් ද.

    ReplyDelete
    Replies
    1. ඉතින් හිතහන්කෝ මුළු දවසම වතුර නෑ කියන්නේ.. :(

      Delete
  22. construct ප්‍රදර්ශනය නම් මෙලෝ රහක් නෑ කියලා ආරංචිය කලින්ම ආවා. වරායේ උණත් කිව්වත් වගේ මොනවා කියලා බලන්නද බන්?

    ReplyDelete
    Replies
    1. බලන්න දෙයක් නෑ සිරාවටම!

      Delete
  23. කවුද බං කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ඇඩ් පෙන්නන්නේ නෑයි කියලා. ග්‍රවුන්ඩ් එකේ වටේමයි, ක්‍රිකටර්ස්ලගේ ඇ‍ඟේ බැට් එකෙයි විකට් එකේ තණකොල වලයි හැමතැනම ඇඩ් නේද?

    ක්‍රිකට් මැච් එකක ෆෝටෝ ගන්න එකත් ඒකාධිකාරයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇඩ් නෙමේ... අර ටීවී එක ඇතුලේ දගලන්නේ :))

      Delete
  24. පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.
    මේක නම් එලය. කොහොමත් ඔය යකඩ අස්සයන් බලන්ට එන්ට එන්ට කීවාට මම ගියේ නැත. ඊට වඩා මී පාසානම් ටිකක් කාලා බුදියාගන්න එක සැපකි.

    ප්‍රදර්ශණයත් එතරම් හොඳ නැතයි කියා කලින්ම ආරංචි මාර්ග වලින් ආව නිසා ඔය සේරම අතහැර ගෙදෙට්ට වී සිටියෙමි.

    බඩ වේවා... පුත්‍ර සම්පත්ති ලැබේවා :p

    ReplyDelete
    Replies
    1. අපි තමා ඔය හොද නැති ඔක්කොම බලලා චාටර් වෙලා ආවේ :))

      Delete
  25. උනසන්නිපාතය හඳුනා නොගත් ලෙඩක් කියල දැනගත්තෙ අදනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... මේවා කියෝලා මොනා හරි ඉගෙන ගන්න ඕනේ :))

      Delete
  26. මටත් ඔය යකඩ අශ්වයො ටික බලන්න යන්න හම්බ උනේ නැති එක ගැන මම ගොඩාක් සතුටු වෙනව....

    ReplyDelete
  27. දැන් එතකොට පිළිවෙලකට හිතන කොට පලවෙනි පොස්ට් එක මේක ... දෙවැනි එක උබ නාපු එක ...... යකෝ උබේ බ්ලෝග දැන් එඩිට් කොරන්නේ ITN එකේ නාට්ටි එඩිට් කරන එකෙක්ද ???

    ReplyDelete
    Replies
    1. අන්න හරි... :))

      ලොල්... ඒවගෙත් මෙහෙමයි නේ?

      Delete
  28. මොකට ඕක බලන්න ගියාද? හොද කට්ටක් නම් කාල තියනව වගේ එක බලන්න ..

    ReplyDelete
    Replies
    1. කට්ට ඉතින් අව්ව තමා.. කැබ් එකේ ගිය හින්දා බේරුණා

      Delete
  29. kawda ban ara horikata kakul dekak eliye daagena inna goraka kaalla ?

    ReplyDelete
  30. //කෙලපන්කෝ හැලප...//
    බඩ වේවා !! දරු සම්පත් ලැබේවා !!

    ReplyDelete
  31. ඔක්කෝටම කලින් බොගේ මූනු පොතට එබිලා නයට ගත්තු ආස්චර්යේ ෆොටෝ ටික බලලා එන්න ඕන.

    අහ් අර කෝටු කකුල් නංගී දන්නවද උඹලා එයාගේ ෆොටෝ ගත්තු බවක් . . හික්ස්

    ReplyDelete
    Replies
    1. බලන්ඩ බලන්ඩ...

      පිස්සුද... එයා දල්ලෑ,.. :))

      Delete
  32. හෑක් හෑක් හෑ එව බලව අශ්චර්යය

    ReplyDelete
    Replies
    1. කීයක් හරි දියල්ලා මට ඒක බැලුවට!

      Delete
  33. මේ රජා නං ගමනේ මයි.... පිංවන්ත රජෙක් :D

    සචිත්‍ර බලං ඉන්නෙ ඒකි දිහා නෙවෙයිනෙ බොල

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි නංගී (අක්කේ..) :))

      ඒ දිහා තමයි...

      Delete
  34. රජා කොලෙ වහලා අර ගෑනු දැරිවිගේ පොටෝ කෑල්ලක් උස්සල ඈ............

    ReplyDelete
    Replies
    1. බුහහා... කවුද එහෙම එකක් කිව්වේ :))

      Delete
  35. මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව වැසීමට කටයුතු කලේ ගලධාරි බලධරයන් නොවැ.
    උබල උන්ට දීපු කට්ටට පෝරියල් එක.

    මේ රජෝ උබ ආවෙම නෑ ඒ පැත්තේ. දුලාගේ අඩවිය | Dula's Place
    මේ සැරේ ආවෙ නැතොත් දන්නොනෙ ?

    ReplyDelete
  36. හප්පා කොහේ හරි ගිහින් බෝඩිමට අවම වතුර නෑ කියන්නේ ඕන්නෑ..!!!

    අඩෝ කුලයා හෙන ආතල් නේද

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)