Wednesday, February 27, 2013

කරගහගෙදර අම්බලමේ සුව වින්දෙමි | Karagahagedara Ambalama


පනාවිටිය අම්බලම බැලූ දහම් පාසල් ලමයි 12 වෙනකොට දහම් පාසලේ සිටිය යුතු බැවින් ඔවුන් ආපසු පිටත්ව ගියෝය.  රජ සීයා කියූ පරිදි මේ අහල පහල තව අම්බලමක් තිබිය යුතුය. රජා එම අම්බලම සොයා ගියේය. හෙමින් හෙමින් වට පිට බල බල ගියේ පුරාවිද්‍යා එකේ බෝඩ් එක කොහේ හෝ මුල්ලක තිබෙදැයි සොයමින්ය. මම ඉදිරියටම ගියෙමි. වැඩේ දෙල් වෙලා වගේ මට වැටහුණි. වහාම ටුක් ටුක් එකක අයියා  කෙනෙක්ගෙන් ඇහුවෙමි. මම ප්ලේස් එක පහු කරගෙන මීටර් 500ක් පමණ ඇවිල්ලාය. ආපහු කරකෝ ගත් බයික් එක ඉදිරියටම ඇදුනේය.  හැරිය යුත්තේ මෙතනින්ය. මම වහාම පාරෙන් පහලට දැම්මෙමි. 

කරගහගෙදර වූ කලි තවත් එක අම්බලමක් නොවන්නේය. එය අතීත දඹදෙණිය-යාපහුව මාර්ගයේ හමුවන අවසාන අම්බලමය. අනිත් ඒවා විනාශ වී ගොස්ය. මෙය පනාවිටිය තරම් කැටයම් වලින් සමන්විත නැත.  ඇත්තටම කියතොත් කැටයම් ඇත්තෙම නැත. නමුත් මෙහි අලංකාරය ඇත්තේ එහි පිහිටි භූමියේය. අම්බලම සමබර කර ඇත්තේ ගෝලාකාර ගල් 4ක් මතය. රජා අම්බලමට ගිය කාලය හරි නැත. අසල පිහිටි වෙල්යායවල් වල ගොයම් කපලාය. කුඹුර කොළ පාටට තියෙන දවසක ගියේ නම් අම්බලම මිට වඩා පට්ට ගතියට පෙනෙනු ඇත. 

ඇතුලේ ඉදන් පේන වෙල් යාය

බෝලගල් උඩ සමබරව

කකුල එහෙම තියාගන්න

සරල වහලය

කෝනර් වීව්

If u can read this.... ;)

ගෙදර අරන් යන්න බැලුවේ :)

බෝල ගලක් :)

පොඩි ඇලට් එකක්

පනාවිටියෙන් පැන්න බහුබූතයා

මෙයා මගෙ වස්තුව :)
මම එතනට එනකොට මැදි වියේ ජෝඩුවක් අම්බලම තුලය. උන් දෙන්නා ලව් කරන්නේ දැන්ද කොහෙදය. මම ටිකක් ඈතට වෙච්ච ගහක් යටට වී සිටියෙමි. ටික වෙලාවකින් දෙන්නා  පිටව ගියේය. අම්බලම ඇතුලේ ඉඳගන්න වගේම කකුල් තියාගන්න වෙනම කොටේකුත් සපයා ඇත. ඇත්තෙන්ම එහි ඉඳගෙන සිටීමත් මහත් ආශ්වාදජනකය. කොච්චර හිටියත් එපා වෙන්නේ නැත. රජා නම් අව්වේ ඇවිත් මහන්සිය වැඩි කමටම පොඩි ඇලට් එකකුත් දාගෙනම හිටියේය. හවසට ගමේ මිනිස්සුත් මෙතෙන්ට ඇවිත් පොඩි රස්තයක් ගහල යන බව මට මගදී හමුවූ ගොවි මහත්තයෙක් පැවසුවේය.  

අම්බලමට එන ඕනෙම කෙනෙකුට පහසු වන පරිදි මම මෙසේ මාර්ගය සටහන් කරන්නෙමි.

කොළඹ සිට එන අයෙකු නම්,

මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.



කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර 



කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර 

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල - කරගහගෙදර  

නාරම්මල සිට පැමිණිය යුත්තේ කුලියාපිටිය මාර්ගයේය. නාරම්මල සිට කිලෝමීටර් 2කින් පමණ හැරෙන හන්දිය හමුවේ. එය කඩහපොල හන්දියට කලින් හමුවන තුන්මන් හන්දියය.  පනාවිටිය අම්බලමේ සිට ශෝට් කට් එකක්ද ඇත. ඒක කියන්න ගිහාම ඇඩෙන නිසා මම නොකියා ඉන්නෙමි. අවශ්‍ය නම් රජා අමතා විස්තර ගත හැකිය. 

මෙතනින් තමා හැරෙන්නේ

කුලියාපිටිය පාරේ හන්දිය

මම ඉතිහාසය ගැන දැනමුත්තෙක් නොවේය. නමුත් ඊට ආදරය කරන්නෙක්මි. මම අම්බලම් 2 හා රාජධානි 2 සිතියම් ගත කලෙමි. එවිට ලැබුනේ මෙයය. අතීත ගමන් මාර්ගය මෙහෙම තියෙන්න ඇති නෙහ්? (වැරදිත් ඇති. මොකද මම ඒ කාලේ හිටියේ නෑනේ)



ඉස්සර ජාතික රුපවාහිනියේ පෙන්වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමද තිරගත කර ඇත්තේ මෙම අම්බලම තුලය. එහි සියලුම කොටස් YouTube එකෙන් ඔබට නැරඹිය හැකිය. මම නම් මුල ඉඳලම බලන්න පටන් ගත්තෙමි. විශිෂ්ඨ ගණයේ කතාමාලාවකි. කනෙක්ෂන් එක අන්ලිමිටඩ් නිසා අවුලක් නැත. ඔන්න කට්ටියට බලනවනම් සුපිරි කතාවක්ය. දැන් මම බලන්නේ අන්තිම කොටස් කීපයය. 10 වෙනි සම්ප්‍රාප්තියේ තියෙනවා අම්බලම. මෙන්න ඒක... :) 

21,25,27,28,33 කියන කොටස් වලත් තියේ. 28 මුලම තියෙන්නේ අම්බලමේ ජවනිකා. එක දිගට දවස් 2ක් මේකම බලලා මට දැන් කියවෙන්නෙත් පරණ වචනමයි. 


 
කතා සාරංශය

“යකෝ....අඩවියේ ලේනා හැටියට මම දැන් මේක මේම උඹලට කිව්වට.... ඔය අංගපුලාව ඇති නෑම්ඹියෝ එහෙම තනිපංගලමේ අම්බලම බලාන්ට ගාටනවා එහෙම නෙමේ ඕං....මේක අඩවි රජාගෙ ගෝරමේන්තුව....හැමතැනම රාජ පුරුෂයෝ....තොපිට අල්ලන් පතබායි...ඉක්කනට තීන්දු ගමන යන්න කැමති උන් එහෙට ගාටනවා හොදයි....තොපේ ගසගරත්තුවේ අඩුවකුත් නෑනේ...මොකෑ බොල හිනාවෙන්නේ...තොපි දන්නවනේ රජා පූචානම් නොකියන විත්තිය. උඹලා ඒ පැත්තේ ගාටනවනම් රජාව හදිගැහිලා අවසරේ අරන් පල...තොපිට මොනා හරි උනොත් මගෙ හදුන්පොතනේ බොලව් කීං ගාන්නේ...එහෙම උනොත් මට මුළු දවසම කදුළු ගගා තමා ඉන්ඩ වෙන්නේ. පාන්දරින්ම වරෙල්ලා... එතකොට ඉරගල වැටෙන්න කලියෙන් අම්බලම් දෙකම බලලා පැල්වලට ගෑටුවෑකි. ආ...මතක ඇතුව එනකොට දැකුම් පෙට්ටි දෙක තුනක් ඇන්න වරෙල්ලා ඈ... ;) 

එහෙනම්....ගෙහුං එන්නං....

 මුලිච්චිවීම පසුවට තීන්දුයි....


බුකියේ පල වූ රූප ඇල්බමය --- මෙතනින් බලන්න



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

67 comments:

  1. "පනාවිටියෙන් පැන්න බහුබූතයා"
    මේක සිරා
    පනාවිටියෙන් පැන්න අම්බලන්පාලුවා කියල දාමු

    ReplyDelete
    Replies
    1. මම ඉන්නකන් අම්බලම පාලු වෙන්න දෙන්නෑ බොලව්! :)

      Delete
  2. දන්නා බවට බව ආදරය කිරීම තුල වටිනාකම සහ ආරක්ෂාව තහවුරු වේ.අගය කරමි මම  ඔබව

    ReplyDelete
    Replies
    1. හප්පේ... ඔලුවත් කැරෙකෙනවා කමෙන්ටුව කියෝලා! :)

      Delete
  3. මේකත් හරිම අපුරු නිර්මාණයක් නේද රජෝ?

    ReplyDelete
  4. එලනෙ! ඔය පැත්තෙ ගියොත් යන්න ඕන නිකමට බලාගන්න.

    ReplyDelete
  5. හොඳ පෝස්ට් එකක් රජා.. කට ඇරලා හොඳ පෝස්ට් එකක් කියල කියන්න පුළුවන් විදියට ලියල.. එල එල..

    ReplyDelete
    Replies
    1. එහෙමද????

      එහෙම එකක් ලිව්වමද කොහෙද ^_^

      Delete
  6. :
    බෝල ගල් උඩ හදපු එක තමා වැඩේ... :0
    අන්තිම ටිකනම් සෝයි ඈ... :P

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික උඹට තේරුනාද? ;)

      Delete
  7. පට්ටනේ බං. ගල් ගෙඩි හතරක් උඩ හදපු සීන් එක මැක්සා

    ReplyDelete
  8. මෙන් තවත් අම්බලමක්.එල ඈ

    ReplyDelete
  9. රජෝ.....දවසක සෙට් වෙන්නත් පැත්ත නරක නෑ වගේ නේ...

    ReplyDelete
    Replies
    1. පට්ට අයිඩියාව... කට්ටිය සෙට් වෙමුද අම්බලම් පාටියකට :)

      Delete
  10. යන්න ඕන බලන්න බොහොම තුති ඈ විස්තර සැපෙවුවට

    ReplyDelete
  11. අඩේ මේ පෝස්ට් එකනං හෙන වැදගත් විදිහට උබ ලියලා ඈ...
    පට්ට...
    අර මැදිවියේ ජෝඩුවට උබ ගිහිං ඩිස්ටර්බ් කරා නේ....
    නෙකදිං වලා...

    ReplyDelete
    Replies
    1. නෙකදිං???? හූ ඈ.... :)

      ඇයි බං වැදගත් ස්ථාන වල මගුල් නටන්නේ? රෙද්ද... අපිට බලන්නත් නෑ :)

      Delete
  12. අර වල් කතා නොලියා මේවා ලියන එක කොයි තරම් හොඳද ?

    ReplyDelete
    Replies
    1. වල් කතා? කවුද ලියන්නේ?

      Delete
  13. ඔය ගල් බෝල කලේ මොකාද දන්නෑ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. මම වෙන්ඩත් ඉඩ තියෙනවා :)

      Delete
  14. ගල් හතරක් උඩ හදපු එකේ විශේෂ හේතුවක් ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...

      ඒ ලී දිරන එක නවත්තන්නත්, වේයෝ කන එක වලක්වන්නත් රෑට අම්බලමට සතා සර්පයා එන එක නවත්තන්නත්ලු :)

      Delete
  15. ඔය අඩවියෙ කුඹුරු කරන්නෙ මොන කාලෙටද බං?

    ReplyDelete
    Replies
    1. තව සති ගාණකින් පටන් ගනී බං... එතකොට වරෙන් පොටෝ අල්ලන්න :)

      Delete
  16. ඒ සෝයි අප්පා... අපි ඔහෙට ට්‍රිප් එකක් දාගමුද ඈ ??
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හා..... පණූස්ලා එනවැයි? :)

      Delete
  17. නංගියෙක් තියල අම්බලම කාල.
    අපිනම් ඕය ටෙලිය බැලුව.
    රාත්‍රියක් ගතකරන්න පුලුවන්ද බං ඕකෙ. අම්බලමක් ඉස්සර රාත්‍රියට නවාතැන් දීපු තැනක්නෙ.

    ReplyDelete
    Replies
    1. කාලා??? කොහෙද... බලව් එහි අලංකාරය :)

      පුළුවන්... මොකෝ බැරි!

      Delete
  18. ඔක්කොම හොදයි බොලා ඔහෙ ගිය එකයි වැරද්ද,, දැන් තව මනුස්සයෙක්ට යන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෑ.... එතන කුණු වෙනවද?

      Delete
  19. ඔන්න මැප් එකෙං බලාගෙන රජාගේ ගෙදර එන්ඩ තීරණය කර ගත්තා.මොකටද අම්බලං ගානේ රස්තියාදු වෙන්නේ.දවල්ට කාලා හවසට තේ එකක් එහෙම බීලා එන්ඩ බැරියෑ නේද රජෝ?

    ReplyDelete
    Replies
    1. අනිවා... වරෙන් වරෙන් :)

      Delete
  20. මෙහෙම දේවල් තියනවා කියල දැනුවත් කිරීම ගැන මාගේ මෙව්ව එක...අනේ යකෝ ගෑණු ලමයිට විතරයි නේද ඔය හදුන්පොත කීගාන්නෙ?

    ReplyDelete
    Replies
    1. හාකෝ...

      ඔව්... කොල්ලන්ට මෙව්වා කරන්න ගිහින් කොලුකාරයා කිය කිය කතා හදාගන්ව ඕනේ නෑනේ බොරුවට ;)

      Delete
  21. අපිත් ඉන්නවා ස්පෑම් එකේ ඈ. මම කිව්වෙ උඹ දැන් මෑතක ඉඳලා වැදගත් පෝස්ට් දාන්නෙ මොකද කියලා. උඹේ මේ වෙනස ඇතිවුනේ ගෙට්‍ටුවෙන් පස්සෙද?

    ReplyDelete
    Replies
    1. ඇපෝ නෑ.... මම තාමත් කලින් විදිහම තමා. එකක් සෙට් උනේ නෑ ලියන්න :)

      Delete
  22. රජා වුවත් මහන්සි වී මේ කල දේ අගය කල යුතුය..තව තවත් චාරිකා සටහන් රැසක් ලිවීමට සිත් පහල වේවා..

    ReplyDelete
  23. අන්තිම ටිකේ මොකද බොට උනේ

    ReplyDelete
    Replies
    1. ඒ අර කතාවේ වචන ටිකක් බං :)

      Delete
  24. අඩේ මරු පොට් එකක්නෙ......

    ReplyDelete
  25. සැරදේවා රජ තුමනි
    අද සිට ඔබේ අඩවියට ගොඩවදින්න අවසර....

    ReplyDelete
    Replies
    1. අවසර ෂැගි පණුව...

      හැමදාම ගොඩවෙය! :)

      Delete
  26. අන්කල් රජා යන තැන්

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ අන්කල්... මම තාම පැටියා :)

      Delete
  27. පුරා වස්තු රකින එක රජුන්ගේ යුතුකම ඈ :)

    නියම පොස්ටුව මචං.. පින්තුර ටිකත් එල..!

    ReplyDelete
    Replies
    1. මමස හැදෙව්ව ඒවද කියලා කවුද දන්නේ :)

      Delete
  28. //දැකුම් පෙට්ටි// ඒ මොකක්ද බං.

    දැනගත්තා මචං උඹෙන් ඒ විස්තරයත්. තව උඹලගේ පැත්තේ තියෙන වටිනා කියන වැඩිය මිනිස්සු නොදන්නා දේවල් ටිකක් දාපන්.

    මචං අම්බලමේ මිනිස්සු හවසට රස්තා ගහන්නේ කොහොමද.පුරාවිද්‍යා එකේනම් එහෙම සෙට් වෙන්න බැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඒ තෑගි පෙට්ටි වලට කියන්නේ :)

      අනිවා දානවා... හොය හොය දානවා!

      රස්තේ කීවට ලොකුම රස්තා නෙමේ... අම්බලමේ ඉදගෙන විටක් කාලා... කයියක් ගහලා යන එක.
      අනික පුරාවිද්‍යා එකේ අය මෙතන නෑනේ :)

      ඒ කොහොම උනත් මේක අම්බලමනේ. තියෙන්නේ මිනිස්සුන්ට ඉන්න. :)

      Delete
  29. නියමයි රජතුමනි. අතිවිශිෂ්ටයි. හැබැයි ඔබතුමා අර නාකි ජෝඩුවට උදැල්ල දාපු එකනම් වැරදියි.

    ReplyDelete
    Replies
    1. නැත්තන් ඒක මට බලන්න වෙන්නේ නෑනේ බං.. :)

      Delete
  30. නියමයි රජෝ. මේවා ගැන මෙහෙම හරි කතා කරන එක හොඳා. නැත්නම් එකෙක්වත් දන්නේ නැහැ

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. තාම මේවගේ තැන් ඉතුරුවෙලා තියන එක ලොකු දෙයක්....ඔයවගේම (ඔච්චර ප්‍රසිද්ද නැති) අම්බලම් කීපයක්ම තියනවා ගම්පහ පැත්තෙත්....ඇත්කඳ ලිහිණියා මේකේ රූගත කලා කියල අහල තියනවා ..you tube එකේ සම්පුර්ණ කතාවම තියනවද...?

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා... :)

      Delete
  33. ආහ් මේ මම කැම්පස් එකට යන පාරනේ .. ( ඒකත් අම්බලමට දෙවෙනි නෑ :ප්)

    ReplyDelete
  34. ceylonica.org ලංකාවේ ගම්මාන තොරතුරු පද්ධතියක් හදන ස්වෙච්ඡා උත්සාහයක් මේක.. පුලුවන් නම් ගම් එකතු කරන්න

    ReplyDelete
  35. ceylonica.org ලංකාවේ ගම්මාන තොරතුරු පද්ධතියක් හදන ස්වෙච්ඡා උත්සාහයක් මේක.. පුලුවන් නම් ගම් එකතු කරන්න

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)