Thursday, August 30, 2012

දඩුමොණරය සොයා තොටුපල කන්ද බඩගෑවෙමු

මෙවර කණ්ඩායම ටිකක් ලොකුය. සාමාජිකයෝ  8 දෙනෙක් වුහ. සුපුරුදු පරිදි කොටුව දුම්රිය ස්ථානයට  රැස්උ‍නෙමු. අපි කොහේ ගියත් යන්නේ නයිට් මේල් එකේ බව දන්නෝ දනිති. මෙවර නම් එදා ගලබොඩ ගියා වගේ මගදී අයියලා සෙට් උනේ නැත. අපි නිදහසේ කයියක් ගහගෙන ගියෙමු. කෝච්චියේ සෙනග එන්න එන්නම අඩු උනේය. ඒ වන විට අපි සිටියේ නානුඔය දුම්රිය ස්ථානයේය. තිබුනේ පුදුම සීතලක්ය. දත් ටික එකට පූට්ටු වෙන්නේය. හද්ද සීතලේ එලියට බැස්සෙමු. අපිත් එක්ක රජාගේ ගෙට ඉස්සරහ ඔටු අයිය අපිත් එක්ක ට්‍රිප් එක ගියේය. ඌ කොච්චි පිස්සෙක්ය. නොහදුනන එකෙක් නැත. උගේ මාර්ගයෙන් අපිට කෝච්චි එන්ජිමේ යාමේ භාග්‍යය උදා විය. කොහොමින් කොහොම හරි අපි පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආවෙමු. වෙලාව මහා පාන්දර 2-3 අතර විය. එලිය වටෙන් තුරු විවේකාගාරය තුලට වී ඕමි ගැසුවෙමු. පොඩි ඇලට් එකක් දැම්මෙමු. ඒ වෙලාවේ තිබුන සීතල නම් පංකාදුය. වැසිකිලියට ගොස් හරියට හෝදා ගන්නවත් බැරිය. වතුර ගෑවෙනකොට පස්ස වදින්නේ වහලේය. 

පට්ටිපොල අපේ සෙට් එක
යන්තමින් එලිය වැටීගෙන එන විට අපි රේල් පාර දිගේ ඉහලට ඇවිද ගියෙමු. ඒ ලංකාවේ දුම්රිය මගේ උසම තැන නැරඹීම සඳහාය. උසම තැන චූචු පාරක් එහෙම දමා නැවත දුම්රිය පොලට එන්නට හැරුනෙමු. මේ වන විට බඩ පනුවෝ අඛන්ඩ වැඩ වර්ජනයේය. ස්ටේශමට එහා පැත්තේ පාර දිගේ කඩයක් සොයමින් ඇවිද ගියෙමු. වෙලාව උදේ 6 ට පමණය. වෙලාවට කඩ ඇරලා තිබුනේය. ලුණු මිරිස් සමග රොටි ඕඩර් කළෙමු. අපි නොදන්න ලුණු මිරිස්.... ගෙදර කනවා වගේ තලි තලි ගාගෙන කවෙමු. වැඩි වෙලාවක් ගියේ නැත. මේසය උඩ තිබූ වතුර බාජන ක්ෂණිකව හිස් උනේය. සූස් බූස් හඩවල් කඩය පුරා පැතිරුනේය. කටින් දුම දාන්න පටන් ගත්තේය. 

උසම ස්ථානයේ චූ කිරීම
රොටි 20කට 25කට වගකීමෙන් අනතුරුව කඩයෙන් එලියට ආවෙමු. පහලට විහිදුනු පාරක් දිගේ හෝටන් තැන්න සොයා අපි ගමන් කළෙමු. ඔක්කොටම වඩා අමාරු උනේ ඒ ගමනය. කිලෝමිටර 10ක් පමණ වංගු සහිත කඳු මාර්ගයක් දිගේ ඇවිද ගියෙමු. ලොවෙත් හති යායය. රජා, ගවේෂක, ඔටුවා හා මුරු මල්ලි ඉදිරියෙන් ගමන් කල අතර අලි පැටියා, දුලියා, ආශා සමග මුරුවා හෙමින් හෙමින් පිටුපසින් පැමිණියෝය. ඔවුන් හති අරින අතර තුර ලංකාවට අවේනික කුජීත සුදු වන අලින්ගේ ඡායාරුපද වැදී තිබුණි.

හෝර්ටන් තැන්නේ සුදු අලි
ෙරජා ඇතුළු පිරිය රාවණා අයියාව හොයාගෙන තොටුපල කන්ද නගිනතුරු දුලියා, අලියා ඇතුළු පිරිස ප්‍රධාන ගේට්ටුව සොයා ගියෝය. අපි හතර දෙනා පැයක් ලෙස සදහන් කර තිබු කන්ද විනාඩි 25න් නැග්ගෙමු. තොටුපල කන්ද උඩට හරි ලස්සනට හෝර්ටන් තැන්න පෙනෙන්නේය. ඒක උඩ මොකද්ද කණුවකි. එකටත් නැග බැලුවෙමු. හරිම අලංකාරය.

කණුවට නැගීම
හති දාගෙන කන්ද බැහැගෙන එන අපිට මගදී ගෝනෙක් හමු විය. ගිය ආත්මේ අපේම යාළුවෙක්ද වග සැකය. ඌ මග යන වන වලට හොම්බ දාමින් කන්න දේවල් ඉල්ලනේය. අපි ළඟ රටඉදි පැකට් එකක් තිබුනේය. මුළු පැකට් එකම අපි ඌට කැව්වෙමු. ඌත් ලෝබ නැතුව කාගෙන කාගෙන ගියේ අපිට පින් දෙමින්ය. ඌට ටටා කිව් අපි නැවත අපේ අනිත් සෙට් එක සොයා ගියෙමු. 

රටඉදි කවන රජ
දැඩි පරික්ෂා කිරීම් මද්‍යයේ අපි හොර්ටන් තැන්නට ඇතුල් උනෙමු.  මෙතෙක් ජීවිතයේ වැරදී ගිය එකම පැපරාසි ඡායාරුපය ගැනුනේ මෙතනය. කිරි කැටේට සිටි ගෑණු ලමයා කැමරාවට මිස්විය. මුළු ට්‍රිපෙන්ම වැඩක් නෑ හා සමානය.
වැරදුනු කුරුමානම.. කෑල්ල මිස්ය
අපි කෙලින්ම ලෝකාන්තය සොයා ඇවිද ගියෙමු. එතනත් හැකි පමණ පීචන් වී ඒ ලඟට ගියේ ඩෙවොන් අල්ල සොයාගෙනය. මේ වන විට වැසි ඇදහැලෙමින් තිබුණි. කුඩ ඉහලාගෙන ඉටි රෙදි පොරෝගෙන අපි ඇවිද ගියෙමු. හොඳට පාර තියෙද්දී මොකද්දෝ හද්ද භයානක ලෙස්සන සුළු කැත පාරක අපි බේකර්ස් ඇල්ලට බැස්සෙමු. මේ අතර අපිත් එක්ක පිටුමපසින් ආ අපේ අලි පැටිය මිස් වෙලා තිබුනේය. ඌ ආගිය අතක් නැත. ගවේෂකට දෙලෝ රත් විය. මූ තනියම කිලෝමීටර් ගානක් දිව ගියේය. මගදී හෙන පජාත සිද්දියකට මුහුණ දීලාය. මේ ඌ පවසන ආකාරයට උගේ කතාවය. 

වැස්සෙන් බේරීමේ උපක්‍රම
මචන් මම අලියව හොයාගෙන ගියා. මගදී හම්බුනා මුස්ලිම් සෙට් එකක්. මම කඩ්ඩ වනල ඇහුවා උස මහත සුදු එකේක් යනවා දැක්කද කියලා. එතන හිටපු මුස්ලිම් කෙල්ලක් කිව්වා ආ මම කඩ්ඩ දන්නවා කියලා. එත් එතන හිටපු එකේක් පැනලා කියපි යූ ගෝ යූ ගෝ කියලා. මට මල පැන්නා මචන්. මම කිව්වා මචන් දන්නා ඔක්කොම කුණුහරප ටික දාලා... යූ ෆකින් මුස්ලිම්ස්.. කියල පටන් අරං දීලා ඇද්ද කොර වෙන්න. මිනිහ කට අරන් බලන් හිටියා, මම ගුටි කන්න බැරි හින්ද බැනගෙනම ශේප් එකේ දුවගෙන ගියා අරෑව හොයාගෙන.

අපි සෙට් එකත් මේ වන විට වැනි වැනී පිටුපසින් ප්‍රධාන ගේට්ටුව ලඟට ආවෙමු. ඒ වන විට තඩියා එතනට ඇවිල්ලා සිටියේය. ඌට සභ්‍ය වූ වචන වලින් ඇමතීමෙන් අනතුරුව උගේ අතේම තිබ්බ රොටියෙන් කෑලි කඩාගෙන කෑවෙමු. ඒ අස්සේ කොපි කෝප්පයක් ගැසුවෙමු. 

ඇවිදලා ඉවර වෙලා
මේ වන විට ගවේෂක කතා කර තිබු වෑන එකක් ගේට් එක ලගට පැමිණ තිබුණි. ඉතාමත් අනර්ඝ තත්වයේ තිබු එය කොයි මොහොතක හෝ කෑලි වෙන වෙනම ගැලවී වැටීමේ අවදානමක තිබුනේය. නැතහොත් සීට් එක ලග තිබු පෙට්‍රල් බෝතලය පුපුරා යන්නට ඉඩ තිබුණි. හවස් යාමයේ තැන්නෙන් එලියට එන ගෝන රංචු බලමින් අපි ඔහිය දුම්රිය ස්ථානයට ආවෙමු. දුම්රිය එන තුරු ඉන්න තැනක් තිබ්බේ නැත. හොඳ වෙලාවට වෑන එකේ අයියාගේ හෝටලේ එතනම ඉස්සරහාය. පොර ඒකේ කාමරයක් අපිට නොමිලේ ලබා දුන්නේය. අපි රෑ වෙනකන් ඒකට වී සිටියෙමු. සමහරු නිදා ගෙන සිටියේය. ඒ අතර සිදුවූ හද සසල කරන ගුජුප්සාජනක සිද්දිය උනේ අලි පැට්ටාටය. ඌ හීනයක් දැක අත කලිසම අස්සට ගියේය. ඒත් සමගම කැමරා කිහිපයක් අකුණු ගසන්නාක් මෙන් සට පට ගා දැල්වුනේය. 


හා...හා...පැටියෝ අත...
අපිට කාමරයක් දීමේ මහා පුණ්‍ය කර්මය වෙමුවෙන් අපි උගේ කඩෙන් රෑට රොටි කා ඌව පොහොසත් කිරීමට ගියෙමු. රොටි ටිකනම් පංකාදුය. ලුනුමිරිසත් පැනීම පැණි රසය. තක්කාලි, ලුණු දා සාදා තිබු බැවින් අහුරු  පිටින් කෑවෙමු. උදේ කෑව එකට හපන් විය. ටිකෙන් ටිකේ දිව රත් විය. කදුළු ගලන්නට විය. සුස් ගෑමේ වීර්යට තව ටිකෙන් ඔහිය ස්ටේසන් එක හුළගට ඇවිත් කට ඇතුලේය. රොටි වල බිල ගෙවිමෙන් අනතුරුව අපි ස්ටේෂමට ආවෙමු,. ටික වෙලාවකින් කෝච්චිය ආවේය. ඔහියට සමු දෙමින් අපි නැවතත පොල්ගහවෙල දක්වා පැමිණ නැවත කොටන කෝච්චියකින් මිරීගමට ආවෙමු. අපේ අනිත් උන් කලින් දුම්රියේම කොලඹතෙක් ගියෝය. තවත් ලොවෙත් නැති මතක හිටින ට්‍රිප් එකක් එසේ නිමාවට පත් විය. 

තොටුපල කන්දට යන මග, කන්ද උඩ අසිරිය ඇතුළු බුකියේ සම්භාව්‍ය පින්තූර ඇල්බමය මෙතනින් නරඹන්න. 

අමතක නොවෙන රාජ චාරිකා පිළිවෙලට,
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය 
5) කොත්මලේ, වික්ටෝරියා


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

94 comments:

  1. මුන් එක්ක ට්‍රිප් යන එක මහ භයානකයිනේ. පවු අර අහිංසක අලියා.

    ReplyDelete
  2. හය්යෝ මුගේ තවත් අසික්කිත පැපරාසි ක්‍රියාවක්..... මූව ට්‍රිප් වලට සැට් කොරගන්න එවුන්ට ගහන්න ඕනේ

    ReplyDelete
  3. mamath asama kamak tama lunumiris ekka roti............

    ReplyDelete
    Replies
    1. aluth aduma lassanai ayya.....!

      Delete
    2. තෑන්ක්ස් අරලියා :)

      Delete
    3. අපිත් එහෙම තමේ.

      Delete
  4. අපොයි අර අත දාගෙන කරන විරිය... පවු කොල්ලා සීතලේ නේ ඉතිං..

    ReplyDelete
    Replies
    1. දඩුමොණරේ ස්ටාට් කරනවා :-)

      Delete
  5. ඔය අනිත් එවුන් බ්ලොග් ලියන්නෙ නැද්ද? මොකටද උඹේ වැඩකිඩ බලාගන්න! :)

    ReplyDelete
    Replies
    1. සිරා ප්‍රශ්නේ !

      Delete
    2. ගවේශකයා ලියනවා :)

      ** යන එන තැන් **

      Delete
  6. ලොල්.. කැතයි හොදේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....ලස්සනයිලු :)

      Delete
  7. රජා මළයා මාර ට්‍රිප් කාමී වෙලානේ... ඇත්තටම අලියාත් බ්ලොග් එකක් ලිව්වානම් අපට බලාගන්න තිබුණා රජාගේත් කුජීත වැඩ... කවදහරි මේ රජා හතරවටේම ඉන්න ගෑනු ළමයින්ගේ පැපරාසි ෆොටෝ ගන්න ගිහින් අමතක නොවෙන කෑමක් කනවා..

    ReplyDelete
  8. මරු මචං... සිරා ගමනක්...

    ReplyDelete
  9. Replies
    1. පට්ට පට්ට.... යමන් යමන් :)

      Delete
  10. ට්‍රිප ගැන විස්තරයනං පට්ටය.
    අර වෑන් එක අයිතිකාරයගෙ හෝටලේ උඹලයි ඔලුව උඩට කඩාගෙන වැටුනෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ප්‍රසන්න අයියා තැන දන්නවා :)

      Delete
  11. ගමන හොඳා රාජ සම්පත් ලැබේවා...ඈ හික්ස්

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  12. නියම ජොලි ට්‍රිප් එකක් වගේ...රාජ සම්පත් ලැබෙවා..!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  13. මරු ට්‍රිප් එක බං. අපිත් ඉස්සර යනව සිරිපාදෙ යනකොට හපුතලේට ගිහින් එතන ඉඳල ට්‍රේන් එකේ හැටන් වලට. මාර ලස්සන පරිසරය.

    …මචං උඹගේ යාලුවා කලිසම අස්සේ අත දාගෙන ඉන්නේ දඬුමොණරේ හොයන්න වෙන්න ඇති. :D උඹලා ඌට ඒක හොයන්න දීලා නෑනෙ. :)))

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ලයින් එක බං...මාරම ලස්සනයි :)

      Delete
  14. පුරවලා හම්බවෙයි රජෝ කොයි වෙලාවක හරි ඔය ෆොටෝ කෙරුවාවෙන්නම් ...

    ReplyDelete
  15. වැස්සෙන් බේරීමේ උපක්‍රම පින්තුරේ මාර ගතියක් තියනවා රජෝ! :)

    ReplyDelete
  16. මමත් අද රෑ නයිට් මේල් එකේ යනවා දියතලාව පැත්තට. දාන්නම්කෝ පොස්ට් එකක්.

    සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!!

    යටහත් අඩවි වැසියා ...

    ReplyDelete
    Replies
    1. එල එල..

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  17. පට්ට ට්‍රිප් එක නේ?????
    කිවුවත් වගේ අරූ අත දාං හොයන්නේ දඩු මොනරෙද බං???????

    ReplyDelete
  18. ado uba ponzi wadak karanne paparasi kiyala kellakge photo gahana eka nam..owa kolu kamata karanne podi un ban age 15, 16 un..hitapan ube ganige pic ekak kauru hari photo ekak aragena.. upset post ekak ekka upload kara kiyala.. mokakda ubata hitenne.. ponz wada karanna epa ban..

    ReplyDelete
  19. ඌ සුදු අළියෙක් නෙමේ හොර අලියෙක් !

    ReplyDelete
  20. හොඳ චාරිකා විස්තරයක්. තව පරිසර පින්තුර ටිකක් එකතු කලානම් ඉතා අගෙයි. ඔය පරිසරය ආශ්‍රිතව බැනුම් අසමින් විවිධ දඬුවම් විඳිමින් හමුදා පුහුණුව ලබපු හැටි මතකයට ආවා. ඔබ හෝටන් තැන්නේ ඇවිද්දානම් හමුවන්නේ 'ඩෙවන්' ඇල්ල නොව 'බේකර්ස්' ඇල්ල විය යුතුයි.



    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි!!!! ඔව් නේන්නං. වැරදීමක්.

      ස්තූතියි විචාරක මාමේ

      Delete
    2. වැරද්දක් පෙන්වාදුන් පසුව එය පිළිගැනීමේ මහත්මා ගුණය ඔබ සතුවීම සතුටක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. mamth oka ahanna hitiye giyapara දඩු ලෙනා ගැන ඇසු නිසා නොඅසා සිටියෙමු

      Delete
  21. කවුද රජෝ අර පොටෝවේ ඔබතුමාගෙ මූන අතගාන එළුවා. මම දැක්කමයි රජතුමා ඔටුන්නක් දාගෙන ඉන්න පින්තූරයක්.
    ඔහියෙ station master මීරිගම කෙනෙක් නෙ, රජතුමා කතා කලේ නැද්ද ? ආයේ ගියොත් කතා කරන්න, නියම පාරක් පෙන්නයි world 's එන්ඩ් යන්න.

    ReplyDelete
    Replies
    1. සිරාවට??? බලමු බලමු :)

      Delete
  22. ළඟදි කොහෙවත් යන්නත් බැරි වුණා.කොහෙවත් යන්නත් බයයි, එදාට මෙයත් එහෙ ආවොත් අපේ ෆොටෝස් ත් ගැහුවොත්. ඇහැට කනට පේනෙ කෙල්ලොනෙ මෙයාගෙ පැපරාසි වැඩ වලට අහු වෙන්නෙ. ;-) lol

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයාගේ පොටෝ මගේ කැමරාව රිජෙක්ට් කරනවා. සේව් වෙන්නේ නෑ :)

      Delete
  23. පට්ට ආතල් තමයි රජාලා ගන්නේ.

    ReplyDelete
  24. උපරිමයි... ඔන්න ඔහොම ගමන් යන්න ඕනි.

    ReplyDelete
  25. මඩ කියලා ඔහොමත් මඩ ගහන්න හොඳද..ඕවා මහ කුජීත අප්පා..හි හි
    මොනා උනත් හරිම සුන්දර ගමනක් වගේ පේනවා. පින්තූර ඔක්කොටම වඩා කැමතිම පින්තූරය තමා අර වැස්සේ පින්තූරය...ඒක නම් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේ ලාවට ගහලා තියෙන්නේ :)

      Delete
  26. අර තඩි අලියා එල බං. උගෙ බඩ තමා බඩ !

    ReplyDelete
  27. හික්ස්..මරු ට්‍රිප් එක..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  28. ට්‍රිප් ගියත් හරි ගතිය තියෙන්නේ මේ පොටෝවල... දවසක මැරෙන්න වෙන්නෙ මේ වගේ එකක් කියවලා හිනාවෙන ගමන් තමා....

    නියමයි ඈ... දැන් අර අලියා හොයපු දඬුමොණරෙ හම්බුවුනැයි??

    ReplyDelete
    Replies
    1. දන්නෑ බං... උගෙන් අහමු :)

      Delete
  29. පවු අර පොඩි එකා!ඒ කිව්වේ කලිසම අස්සට අත දාපු එකා... ;)

    ReplyDelete
  30. ඔහිය ස්ටේශන් එකේ ඉඳලව චුට්ටක් වම් පැත්ත බලද්දි තියනව බිංගෙයක් දැක්කද? එතනින් උඩට මහා කන්ද, මහා කැලෑව..ඔය කැලෑව මැද්දෙන් තියනව හෝර්ටන් තැන්නට යන්න අපූරු කැලෑ පාරක්..හැබැයි සත්තුත් ඉන්නවා..අපි ඒ කැලෑ පාරෙන් ඇවිදගෙන ගිහින් ලෝකාන්තය බලල ආපහු ඔහියට ආවා ඔයාල ඔය ආපු පාරෙන්...
    ඒ බිංගෙට ටිකක් එහා ගෙදරක ලමයි දෙන්නෙක් අපිව එක්ක ගියෙ කැලෑව මැද්දෙන්..එයාලට සල්ලි දුන්නාම ඒ පාරෙන් එක්ක යනවා..

    ReplyDelete
    Replies
    1. ඒක දැනගත්ත එක නම් මාර වටිනවා..මම ඒ බිංගේ නම් දන්නවා..ඒත් ඒ හරියෙන් උඩට යන්න පාරක් තියෙනවා කියලා දැනන් හිටියේ නැ...ඊලග පාර ගියහම ට්‍රයි එකක් දෙන්න ඕන...

      Delete
  31. කවුද බං අර බඩා... කියලා වැඩක් නෑ.. උබලා එක්ක ට්‍රිප් යන්න බයයි.. හොද වෙලාවට අපි ලංකාවේ නැත්තේ..

    ReplyDelete
  32. කෝ මේක ඔෆීසල් ලිපිය... ?

    මේක දවසින් යන්න පුලුවන් එකක්ද බන්...

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්... :)

      Delete
    2. ඔෆිසියල් එක තාම ලිව්වේ නෑ..:D. ඒක ලගදිම ලියන්නම්..දවසින් යන්න පුලුවන් හැබැයි රෑ දෙකක් යනවා...

      Delete
  33. ගිය අනික් එවුන් රජාගෙ වැඩ,පැප්‍රාසි ගේම් වලින් කාපු සනීපා පාරවල් ගැන ලියන බ්ලොගක් නැහ්?

    ReplyDelete
    Replies
    1. :) නෑ බං....
      මම කෑවා නං මමම ලියනවා :)

      Delete
  34. ලෝකාන්තෙට ගිහින් කොහොමද ඩෙවොන් ඇල්ල බැලුවේ? අපි නම් ගිහින් බැලුවේ බේකර්ස් ඇල්ල නේ? නෑවත් එක්ක පට්ට හීතලේ. පට්ට ට්‍රිපක් වගේ හැබැයි. ඵල ඵල! අලි පැටියත් පට්ට!

    ReplyDelete
    Replies
    1. වැරදුනා බං... වෙන කල්පනාවකින් ලිව්වේ :)

      Delete
  35. උඹලත් එක්ක ට්‍රිප් යන් උන්ට ගහන්න ඕනෙ.
    අපි ගාව තියෙන්නෙ ස්මයිල් ඩිටෙක්ෂන්, ෆේස් ඩිටෙක්ෂන් කැමරානෙ.
    රජා ගාවා තියෙන්නෙ අලි ඩිටෙක්ෂන් ෆීචර් එක වගෙ.

    නැවත නැවතත් මතක් කරන්නේ, උඹලා කනවා කොයිවෙලේ හරි පපරට්සි කැමටාකරණයෙන් නම් රජ පු‍තෝ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... අලි ඩිටෙක්ෂන් :)

      Delete
    2. @ ඩුඩ්... "අලි ඩිටෙක්ෂන් ෆීචර්" // ++++++++++++ හි හී... මේක අහලා මට මැරෙනකම් හිනා.. ඩූඩ් සර් පහුගිය දවස් ටිකේම අපිව හිනාගස්සනවා..

      Delete
  36. ඔය රටඉදි කාපු එකා මගෙ බත් එකට කෙලියා බිත්තරෙකුත් එක්ක උබලා ලොකාන්තයෙ යටට බැස්සෙ නැද්ද අර පහල තියන ගලට මම එතනින් පහලට මහා ගලක් විසික්කෙරුවා බලන්ගොඩට වැටුනද දන්නැ

    ReplyDelete
    Replies
    1. හහ් උඹද ඒ ගල වීසි කරපු එකා. යකෝ තාම මගෙ ඔලුවෙ තියෙනවා රුපියලක විතර bump එකක්. අහුවෙයකො මට!
      -බලංගොඩ මානවයා
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. අපරාදේ යකෝ බිත්තරේ... ඒක තියාගෙන බත් එක දෙන්න තිබ්බේ

      Delete
    3. අවුලක් නැ රුපියලය් නෙ 2 ක් unanam thama kess eka

      Delete
  37. මේ රජෝ, මන් බැලුව කව්ද කෑල්ල කියල පින්තුරේ ඉන්න.ඒ මාර ජො ලි ඇති නේද . මේ තරඟයේ දින්නේ කව්ද?

    ReplyDelete
  38. එළ එළ ඔය තියෙන්නේ වැඩ..මමත් මේ ගමන ගැන ලියන්න හිටියේ ඒත් තාම ලියාගන්න බැරි උනානේ...කැමති කෙනෙක් ඉන්නවන්ම් මෙන්න මගේ පොටෝ ඇල්බම් එක https://www.facebook.com/media/set/?set=a.3004844006344.2122438.1419700246&type=3

    ReplyDelete
  39. ට්‍රිප් යනවා විතරද කොහෙද

    ReplyDelete
  40. රජෝ ආයේ යමල්ලා දනිස් පොල්කටු ගෙවුනෙ නෑ කාලෙකින්

    ReplyDelete
  41. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  42. කුප්ප රජා කෙල්ලෙක් අතින් දූෂණය වීමේ දිනය අත ලඟය... යූ ගෝ යූ ගෝ රජා... :3

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)