Tuesday, July 31, 2012

මල්ලිට අකරතැබ්බයක් | OMG he is in TROUBLE !!!

රජා ගේ මල්ලි හෙවත් යුව රජ, රජා වගේ නොවේය. හැන්සම් කොල්ලාය. මිනිහා දැන් ඉන්නේ 8 වසරේය. මොනවා උනත් මූත් හෙන සොමියට බර කොල්ලාය. මේ කියන්න යන්නේ ඌට සාටර් සිද්දියක්ය. අදින් ඇරබෙන යුවරජ සිද්දි ලේබලය යටතේ මුගේ කතා සෛබරයේ දිග හැරෙනු ඇත.




වර්ෂ 2009 ය. මල්ලි හිටියේ 5 වසරේය. එනම් ශිෂ්සත්තේ කරන කාලයේය. මුගෙ පන්තියේ දුප්පත් ගෑල්ලමෙක් සිටියාය. හැම විෂයක්ම ලියන්නේ එකම පොතේය. අපිත් නං ඉතින් එහෙමය. ඒ අපිට ඇති කම්මැලිකම නිසා නොව පොත් ගන්නට සල්ලි නැති නිසා නොවේය. පොඩි උන් කොහොමත් ලස්සනට වැඩ කරන්නට ආසාය. විශේෂයෙන් ගෑල්ලමයි කොහොමත් විස්චූර්නය. මේ ගෑල්ලමයාගේ අම්මා අපේ මව් තුමියගේ යාලුවෙක්ය. ඇගේ තාත්තා එම පවුල ඇත හැර දමා ගොස්ය. ජීවත් වෙන්නේ පොඩි පැලකය. මේ හේතුවෙන් හිත උණු වූ අපේ මව්තුමිය ඇයට හෙන පොත් පාර්සලයක් තෑගී දුන්නේය. ඒ සදහා මමද ඇගේ නිවසට යනු ලැබීය. තෑගි පාර්සලේ ගත් ඇය කෙතරම් සතුටට පත් වීද යත් ඇය කට කනේ තබාගෙන පුදුම හදිස්සියකින් එය ලිහා බලමින් පොත් වල සුවද බැලුවාය. පෑන් පැන්සල් වල හැඩ බැලුවාය. අපේ අම්මගේ ඇස් වල කඳුළුත් තිබ්බාද මන්දාය. 

නිධාන කතාව එහෙමය. දැන් කියන්නේ අද කතාවය. මේ දවස් වල මලයට විභාගේය. මිනිහ බොක්කෙන් වැඩ කරන්නේය. තාම මිනිහට මං රජාට වගේ කෙල්ලෝ ගැන ආශාවක් නැත. මිනිහ බෝ පැලේය. මිනිහට මේ හෙන අකරතැබ්බය වෙලා ඇත්තේ විභාගේ ඉවරවෙලා වෑන් එක එනතුරු සිටින වේලාවේදීය. අර ගෑල්ලමයාගේ නම පුබුදු කුමාරිය. ඇය එතරම් ලස්සන කෙල්ලෙක්ද නොවේය. ශරීර වර්ණයෙන් කලුය. කළු කෙල්ලෝ ලස්සනය. එත් මේ කෙල්ලගේ ඒ හැටි ලස්සනක් නැත. ලොකු වෙද්දී ලස්සන වෙයිද මා දන්නේ නැත. 


මලයා දැන් ගෙදර ඇවිත් අම්මත් සමග රන්ඩු අල්ලන සද්දේ ඇසී මමද දිව ගියෙමි. මන්ද අපිට වලි පේන්ඩ බැරිය.

ඔයා හින්ද තමයි අම්මේ මේ ඔක්කොම. මොනවා කරනවද මන්ද කෙහෙල්මල...!!!

මොකද ළමයෝ කෑගහන්නේ???

මොකද තමා. මම බෑන්න අද අර කෙල්ලට

මොන ළමයද ළමයෝ??

අර පුබුදු කුමාරි...

ඒ මොකද? මොලේ හොඳ නැද්ද අසරණ ලමයිට බයින්නේ?

අසරණ??? හොද අසරණ 

මොකද්ද ඕයි උනේ කියනවකො මගුලක් කියවන්නේ නැතුව... මම නොඉවසිල්ලෙන් ඇසුවෙමි.

බලනවකො ඔයි, මම අද වෑන් එක එනකන් ඉද්දි කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් මට කියනවා... මේ චන්දිම.. පුබුදු කුමාරි ඔයාට කැමති කියන්න කිව්වා කියලා... ඒ වෙලාවේ මුගේ මුහුණේ තිබු ඉරියව්ව මට වචනයෙන් විස්තර කල නොහැක. එය එතරම් සංකීර්ණය. ගුජුප්සාජනකය 

නෑ............... ඉතින්??? මම හිනාව බොක්කෙම තද කරගෙන ඇසුවෙමි. 

මම ගිහින් බැන්න ඒකිට.


සිරාවට....?? මොනවද කිව්වේ??

මම කිව්වා..
මේ තෝ ආයේ ඕක කිව්වොත් පට්ට ගහනවා තෝව...

බුදු අම්මියෝ... උගේ හුරතල් කටහඩින් කටහඩින් ඌ ඒක කිව්ව ආකාරයට මම හා අම්මා උඩ පැන පැන හිනා උනෙමු. හම්මෝ.... බඩත් කොර විය. 


මලයා විස්තර කරන ආකාරයට ඇය දැන් සිටින්නේ අර මොකද්ද කර වෙන අවදියේය. ඇය අයියලා දෙතුන් දෙනෙක් එක්කත් ඉන්නවාලුය. මං රජාගේ උපදෙස උනේ... මල්ලි උඹ ටිකක් ඈත් වෙලා හිටපන්. දැම්ම ලෙඩනං දාගන්න එපා. පස්සේ දා ගනින් හොදම එකෙන් සුපිරි ලෙඩක්. නැත්තං මටත් එක්ක ලැජ්ජයි ඕයි!!



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


166 comments:

  1. Replies
    1. යකෝ පොඩි උනුත් නරක් වෙන්නේ උඹල වගේ අයියලාගේ නරක හැසිරීම් නිසා නෙව ... නේද මං අහන්නේ...:p

      Delete
    2. මං ගෙදරට බෝ පැලේ බොල...

      Delete
  2. අනේ පවු!මේකා බාල අපරාධ කරන්නත් ලෑස්ති වෙලා වගේ!!!!!

    ReplyDelete
    Replies
    1. මම??? පිස්සුද ඕයි!!!

      Delete
  3. හය්යූ මෙහෙමත් අයියෙක් වටේම ඉන්න යාලුවන්ට මඩ ගහලා මදි වෙලා සහෝදරයටත් මඩ ගහනවා.... චී චී... හරිම නරක රජෙක්

    ReplyDelete
    Replies
    1. මඩ ගැහුවේ නෑ.. සිරා සීන් එකක් කිව්වේ :-)

      Delete
  4. හැම මල්ලියෙක්ම ඔහොමය.. අයියලා උන්ව නරක කොරන්නේය
    මල්ලිට මංගල යෝග නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මම ඌව හොද කරන්න හැදුවේ :-)

      Delete
  5. අපේ එකත් අටේමයි.. වෙනස ඇත්තෙ මූ කෙල්ලෙක්ට ට්‍රයි කරන එකය.. ‍(ඒකි හෙන දතකි) වෙනස ඇත්තෙ එතනය...

    ReplyDelete
    Replies
    1. මේකිගේ දතුත් නෑනේ බං.. :(

      Delete
  6. ෂහ්ඃ .... නියම රජ පවුල. බලාන ගියාම ඔරිජිනල් එකට වඩා හපන්.

    ReplyDelete
  7. රාජකීය පව්ලේ අභාෂය තමා

    ReplyDelete
  8. අනේ හපොයි අයියලා මල්ලිලාට දෙන උපදෙස්....:D

    ReplyDelete
    Replies
    1. හොදටනේ කිව්වේ අෆ්ෆා :-)

      Delete
  9. හච්චෝ..........ෂෝයි අනේ..ඔයාගෙ පෝස්ට්වල පින්තූර තමා ඔන්න පින්තූර.......නියමා.................යි සහෝ..:)

    ReplyDelete
    Replies
    1. හිකිස්.... :-)

      ටැංකියු ඈ...

      Delete
  10. හ්ම්ම්ම්ම්......., මලයාට තද වුනු එක නම් හරි නෑ වගෙ පේන්නේ..,
    අනික අරහෙම හයියෙන් කිව්වමත් පව්නේ බන් කෙල්ල..
    ඒත් ඉතින් ඔය වගෙ අකැමති කෙනෙක් ඇහුවොත් අපි වුනත් එහෙම්මමයි කරන්නේ නේද...

    ReplyDelete
  11. //කළු කෙල්ලෝ ලස්සනය//// නෙගිටිව් කලාම...

    අයිය ගිය පාරට තනිකරම වෙනස් පාරකනේ මල්ලි යන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කළු කෙල්ලෝ මේක බලනවා ඈ... :-))

      Delete
  12. මොකෝ මේ නොම්බර :-)

    ReplyDelete
  13. රජ පවුල් වල හැටි එහෙමය. කොයි රජාත් කොයි යුව රජාත් එකය. තිත් දෙකයි පී... ජය...

    ReplyDelete
    Replies
    1. තිත් ගොඩා.........යි ඩී

      Delete
    2. කතිර තුනායි ...... :D

      Delete
  14. හපොයි අහිංසකය. මට මැවිල පේනව.

    ReplyDelete
    Replies
    1. අහිංසකයා???? නින්දගියාම :-))

      Delete
  15. බලනකොට මලයට මාර ප්‍රේක්ෂක ප්‍රතිචාරනෙ තියෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. හිකිස්... යුව රජ නේ :-)

      Delete
  16. අනේ.. හරිම cute මල්ලියෙක්....
    අයියට කලින් මල්ලි ලෙඩක් දාගනි වගේ... :P

    ReplyDelete
    Replies
    1. කියුට්?????

      මේ දෑස කෙසේ මේවා දකිම්ද???

      Delete
  17. ගිහින් අහපං පට්ට ගහනවා කියන එකේ තේරුම දන්නවද කියලා....

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      ඕකා දන්නවා ඇති :-)

      Delete
  18. එක වාක්‍යයි, පොඩි එකාව හිතට අල්ලල ගියා

    //රජා ගේ මල්ලි හෙවත් යුව රජ, රජා වගේ නොවේය.//

    ReplyDelete
    Replies
    1. අනේ මගේ මලයා....
      ඌව පරිස්සන් කරගන්න වෙනවා :)

      Delete
  19. අයියා වගේ නැතෑ මල්ලිත් :D

    ReplyDelete
  20. අය්යන්ඩි බිය නොවන්න මම නියම කෑල්ලක් සෙට්කරගෙන පෙන්වමි....! බලපන්කො තව ටික දවසකින් ඔය ටික කියන්නැත්ද කියල...හැක...හැක..!

    ReplyDelete
    Replies
    1. මටත් ලාවට හිතුනා :-)

      Delete
  21. හික්... බලාගෙන යුවරජ ඔබවහන්සේගෙ ගෙල සිඳ රාජ්‍ය පැහැර ගනීවි මෙව්ව ප්‍රසිද්දියෙ දානව කියල දන්නවනම්... :D

    ReplyDelete
    Replies
    1. ඌ මේවා දකින්නේ තව අවුරුදු 4,5කින් :-)

      Delete
  22. අර අහිංසක කොල්ලට පාඩුවේ ඉන්න දීපන් ....
    උබගේ මේ අට මගලේ ඌව කුජීත කරන්න එපා

    ReplyDelete
  23. කළු උනාට දොදොල් රහයි යකුනේ

    ReplyDelete
    Replies
    1. අර රතු ඒවා පට්ට ඕයි!!!!

      Delete
  24. මල්ලි සුපිරි කොල්ලෙක්ය....ගාණකට ගණන් උස්සන උන්ට කෙල්ලො වහ වැටෙති. දැනට රජා, යුව රජාට උපදෙස් දුන්නද, ඉතා ඉක්මනට යුව රජා, රජා ටත් ටොකු අනිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒවනං ඉතින් හදේ තමා :-)

      Delete
  25. මලයා රජ වගේ උන නැති උන එක නම් ලොකුම දෙයක්. නැත්නම් එකත ඉවරයි.

    ReplyDelete
  26. මොකක්ද බන් අර අයියලා දෙතුන් දෙනෙක් එක්ක ඉන්නවා කියපු එකේ තේරුම ? යුව රජාගේ හඳහන බලෝපන් සිකුරා cඋච්ච වෙලාද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. සිකුරා c කියලා එකෙකුත් ඉන්නවද? :-)

      Delete
    2. ඔව් උඹ දන්නැද්ද ? පොඩි උන්ට ලබන්නෙ සිකුරා C . ඒ කියන්නෙ සිකුරා Child කියන එක.. දන්නැත්තම් අපෙන් අහගනින්.. හෙහ්...

      වැරදිලා වැදිච්ච මගුලක් බන් ඒක.. උඹටත් ඕනා නැති එකමයි පේන්නෙ..

      අහපු ප්‍රශ්නෙට උත්තර දියන්.. උඹ අහන ප්‍රශ්න වලට විතරද උත්තර දෙන්ඩ ඕනා ? :-)

      Delete
  27. උඹ වගේම මල්ලිට මඩ ගහන තව එක බ්ලොගර් කෙනෙක් මට මතක් වුනා. මේ පාර සතියේ ප්‍රශ්ණය මගෙන්. ඌ කවුද? උත්තර දිය හැක්කේ කුජීත රජාට පමණි. වෙන එවුන් උත්තර දීම තහනම්ය.
    henryblogwalker the Dude

    ReplyDelete
  28. රජාටම ගැලපෙන යුවරජ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... මගෙ මල්ලිනේ :-)

      Delete
  29. අයියා වගේම නැතෑ..
    පව් අසරණ කෙල්ල..
    කලු කෙල්ලො ලස්සන බව මටත් පසක් උනේ හෙන කාලයක් ගිහිල්ලා බං..

    ReplyDelete
    Replies
    1. එතකොට සුදු කෙල්ලො ලස්සන නැහ්..??...පට්ට ගහනව ඉහේ ඉඳලම..!

      Delete
    2. තරියෝ හැංගියන්.... :-))

      Delete
    3. @ කිරිල්ලි,

      PA ද ?

      Delete
  30. //මලයා දැන් ගෙදර ඇවිත් අම්මත් සමග රන්ඩු අල්ලන සද්දේ ඇසී මමද දිව ගියෙමි. මන්ද අපිට වලි පේන්ඩ බැරිය.//
    හැක් හැක් හැක් එසේය එසේය...!! වෙරි වෙරි තුරූය..!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.... :-)))

      Delete
    2. හැබැයි 5 වසරෙ මල්ලි කතකරන විදිය වෙරි වෙරි බෑඩ්ය..!!!

      Delete
    3. දැන් 8 වසරෙය.

      Delete
    4. \\හැබැයි 5 වසරෙ මල්ලි කතකරන විදිය වෙරි වෙරි බෑඩ්ය..!!!\\
      හර්ශන මල්ලි...ඔය උඩ කොමෙන්ට් එක දාල තියෙන්නෙ මම නෙවේ..මගෙ නමින් ඉන්න අසහනකාරී .
      පුද්ගලයෙක්...බලන්න එයාගෙ ප්‍රොෆයිල් එක
      වෙනස්....මේ ගැන මම පෝස්ට් එකක් දාල ඇති බලන්න....

      Delete
  31. mallita kiyanna ayya mama kiwwa kiyala oyagen parissam wela inna kiwwa kiyala hode.............nattam paw ara chuti malaya.eyath narak wei..... :D

    ReplyDelete
    Replies
    1. හිකිස්... හරි හරි මම කියන්නන්කෝ... :-)

      Delete
  32. rajo ban malaya ube pare yanawa athi.epa kiyanna epa kiyanna kello lan wenawane nadda ban man kiyanne ???.

    ReplyDelete
  33. මල්ලිට මේ රජ ගේ අය්යා සදාලා,,,,,,,,,,,,,,,අපෙ රජ අය්යා සදාලා,,,,,

    ReplyDelete
  34. //ලොකු වෙද්දී ලස්සන වෙයිද මා දන්නේ නැත. //

    පස්සේ කෑල්ල වුනොත් මල්ලි උබට සාප කොරයි.. :ඩී

    ReplyDelete
  35. ඔන්න ඔහේ මල්ලිට ඕක කරගන්න කියපන් බන්.....

    ReplyDelete
  36. උපාසක පූසෝ මීයෙ දෙන්න දෙන්න අල්ලනවාලු . . මල්ලිව හොඳට බලා ගනින් . . :D

    ReplyDelete
  37. මමත් මල්ලිට ආදරෙයි කිව්වා කියන්න..

    ReplyDelete
  38. අනිවා කොල්ලා ලොකූ වෙනකොට ගෙම්බා වෙනවා.
    සජ්ජුලුවෝ මොනවද ඔට්ටු

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා බං.. :-)

      Delete
  39. හයියෝ...අසරණ පොඩි එකා :)

    "මේ තෝ ආයේ ඕක කිව්වොත් පට්ට ගහනවා තෝව..."

    :P:P:P:P:P

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම උනානං??? :-))))

      Delete
  40. මල්ලි හැන්සම් කොල්ලා කියලම පටන් අරන් මේ මඩ ගහන්නේ තියෙන පැහැදිළි ඉරිසියාවට.. අපි දන්නේ නැද්ද මූ ගැන.. අයියට කලින් කෙල්ලෙක් මල්ලිට සෙට් වෙයි කියලා හිතලා තමයි මේ..... :)

    ReplyDelete
    Replies
    1. මට එපා බං දැම්ම කෙල්ලෝ... එකක් දාගෙන කෙලෝගත්තනේ. මේ තනිකඩ ජීවිතේ මල්

      Delete
    2. හා හා... මාත් මේ ටික කාලෙකට කලින් ඔහොම තමයො කිය කිය හිටියේ.. " තනිකඩ ජීවිතේ මල්.." :)

      Delete
  41. උඹ ගම්පහ කනත්තගාව පිට්ටනිය තියන පාසැලට ගියා කියලා අපේ සිරා කිව්වා එක එහේමනම් තුන් දෙනාම එක ස්කොලේ එවපං මෙලක් raj1981@gmail.com

    ReplyDelete
    Replies
    1. වැරදුනා traj1981@gmail.com අපේ සිරා http://siragekamare.blogspot.com/2012/07/blog-post_28.html#comment-form

      Delete
    2. එකෙන්ම... දාන්න 5ක් :-)

      එව්වා!!!

      Delete
    3. උඹල හෝලි ක්‍රොස් ද ගියේ . හුටා..

      Delete
    4. ඇයි උඹ රතනාවලීද?

      අඩෝ මචන් කම්මල.......
      උඹ මේ දැම්මේ 5000 වෙනි කමෙන්ට් එක.

      පට්ට පට පට ඈ..

      Delete
    5. 5000 සෙල්ලන්ද රජ කිව්වලු, රත්නාවලියේ ගේට්ටුව ගාවට යනකම් ගියා. ඇතුලට යන්න දුන්නෙම නෑනේ සිකුරිටි මාම.

      Delete
    6. වැලි පිට්ටනිය ලග තාප්පෙන් පැනලා යන කසගහවත්තෙ කනත්ත ගැන වෙන්න ඇති ඔය කියන්නෙ...මෙන්න තව එකෙක් :D

      Delete
  42. මලයත් අයියට නොදෙවෙනි වගේ ...

    ReplyDelete
    Replies
    1. ගෙදර අයියා ඌ.. මම මල්ලි

      Delete
  43. බලං ගියාම රජාත් එකයි යුව රජත් එකයි...
    මුගේම මල්ලි නේ ඉතිං.. හිකිස්!!

    ReplyDelete
  44. නියම මල්ලියෙක් මොනවා උනත්.....ඩී

    ReplyDelete
  45. රජමැදුරේ රජ්ජුරුවොයි, යුවරජාලයි, ඔක්කොම එකයි වගේ . යුවරජා නම් පට්ට බුවෙක්. අනාගතය ගැන හිතලා තීරණයක් අරන්. ඒක කියපු විදිහට හිනා නොයා තිබුනොත් තමයි පුදුමේ. අඩේ අර කෙල්ලගේ මොකක්ද කර වෙලා කිව්වා නේද ?

    ඕක කර වෙලාම ගියොත් බඩුම තමයි !!!

    ReplyDelete
    Replies
    1. මම ටෙස්ට් කරලා බලන්න ඕනේ වෙලාවක.. ෆියුස් එකක්වත් ගිහින්ද දන්නේ නෑනේ :-)

      Delete
    2. "ටෙස්ට් කරලා බලන්න ඕනි" හෙහ්.. හෙහ්.. :-)

      Delete
  46. යුවරජු මැඩවීමේ මහා මංගල්‍යය... අද සිට ඇරඹෙන වගයි!!!

    ReplyDelete
  47. හෑ.... අප්පටසිලි!!! මල්ලිට ගිය කල හහ්හ්හ්හ්..... :D

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම ඉල්ලුම.. :-)

      Delete
    2. හැබැයි අයියණ්ඩිට කිසිම ඉල්ලුමක් නැතිවීම ගැන අපගේ සාතිශය ස0වේගය...!

      Delete
  48. මල්ලි කොල්ලා බොට හපන් වෙයි වගේ ඉස්සරහට...

    ReplyDelete
  49. ෆට්ටයි ඕයි!! අන්න මල්ලිල :D

    ReplyDelete
  50. කළු මෙලෝ රහක් නැති නිසා ඔහොම කියන්න ඇති...පට්ට මැක්සා කෙල්ලෙක් වුනා නම් ඔහොම කියායි ද ??

    ReplyDelete
    Replies
    1. අන්න එතන තියනවා පොඩි කොරහක් :-)

      Delete
  51. මලයා දියුණු වෙලා නෙව... :)
    අර පොත් අරන් දීලා කරපු වැඩේ අගය කරමි. එතනින් එහාට්ට රජා ගැනවත් රජාගේ මලයා ගැනවත් මුකුත් නොකියමි. (මේ කුප්පයෝ දෙන්නා ගැන මුකුත් කියලා වැඩක් නෑ.)

    ReplyDelete
    Replies
    1. හිකිස්... එහෙමයි නේ හිතන් ඉන්නේ? :-)

      Delete
  52. හෝමෝන ටිකක් අරන් විදිමු ඌට!

    ReplyDelete
  53. හෆ්ෆා අයියා රජාගේ අහලින් වත් තියන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. ළගින් තියහන්කෝ :-)

      Delete
  54. අයිය වගේ හැදෙන්න මල්ලී

    ReplyDelete
  55. පිස්සු හැදෙනවනේ රජෝ. අනේ ඉතින් අපිව කව්රුත් ඔය වගේ පිං අතේ වැඩ වලට ගාවගන්නැති හැටි !!!!!

    ReplyDelete
  56. රජාණන් කුපාඩියාය. :P මුට්ටියත් නිතරම පෙරලි කට කොනින් ගලනවා වගෙය. :P
    මල්ලි යුවරජ ලොකු ල ඉ න් වගෙය. මල් පුදිනකොට ඔයකෙරුන් අහවල්ල්ය. රජාට වඩා ඉදිරියට යන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  57. සුපිරි මල්ලියෙක් නේ, රජාට ඉන්නේ
    (ඒත් අර කෙල්ල පව්.පොඩි එකෙක් නේ.නොතේරෙන කමට කියන්න ඇත්තේ) :)

    ReplyDelete
  58. යුව රජට ජය වේවා !!! , රාජ්‍ය පාලනය ඉක්මනටම ලැබේව!

    ReplyDelete
    Replies
    1. උඹලා මාව එලවන්නමයි හදන්නේ නේ? :-)

      Delete
  59. අනේ බං මලයව ඇස් දෙක වගේ බලාගනින් හොඳේ. කරදරයක් කරගත්තොත්.

    ReplyDelete
  60. අයියට හපන් මල්ලි වගේ..අනේ අහිංසක කෙල්ල.:)))))

    ReplyDelete
  61. උඹත් රත්ගමයා වගේ මලයට මඩ ගහන්නද හදන්නේ?.භාෂා විලාසය නම් සෑමාගේ වගේ.ඒත් ව්‍යාකරණ වැරදියි බං.වරදවා හිතන්න එපා උබේ මොරාල් අප් කරන්න කිව්වේ ඈ.

    ReplyDelete
  62. අයියගෙම මල්ලිනේ... ඉතිං කවර කතාද? :))))

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඉතින් :)

      Delete
  63. පොඩි එකා උනාට යුව රජෙක් නේ..එහෙම ආවට ගියාට කෙල්ලෙකුට කැමති වෙයි ද ඒකා ? :) මොකක් උනත් අර ළමයට උදවු කරපු එක නම් අගය කරනවා මම. ----<<@

    ReplyDelete
  64. එක ඉදිච්ච කෙහෙල් ගෙඩියකට ඇහැක්ය කියනවනේ කැනේ අනික් කෙහෙල් ඉදවන්න....

    ඔය ඉදෙන්නේ අපූරුවට.... උඹේ රජකමට කවද හරි උරුමකම් කියන්න හොඳටම සුදුසුකම් තියෙනවා.උඹේ කටම නැතෑ මල්ලිටත්... පට්ටම කතාවය නැවත නැවතත් කියවා හිනා උනෙමි...

    දැන් මල්ලි සිදුවේචි දේ ගැන කම්පා වෙවිද දන්නෑ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. අඩෝ... කෙහෙල් මම ආසම කෑමක් බං :)

      Delete
  65. රජාගේම මල්ලි යුවරජ....හික්ස්....දැම් ඔහොම වුණාට ෂුවර් රජාගේ කැත ගතිම පිහිටයි දෙයියනේ කියලා....මොනව වුනත් එසේ නො‍වී යුවරජට ඉක්මණින් ඔටුන්න හිමිවේවා....

    ReplyDelete
    Replies
    1. අනේ මගේ ගති ලස්සනයි... මේ......... :)

      Delete
  66. හයියෝ අයියා වගේම ඇති මලයත්.....

    ReplyDelete
  67. අපේ රජු බයවෙලා අයියාලාගෙන් ගුටිකන්න වෙයබ කියලා අයියෝ සල්ලි ...........................

    ReplyDelete
    Replies
    1. හයියෙන්ම හූ ඈ ;)

      Delete
    2. ade boralu uba meheth innawada ?
      man EK silent...

      Delete
  68. හනේ අම්මප මෙහමත් රජෙක් ඇත්තට... :D

    ReplyDelete
  69. කෝ ඩූ මම කලින් කියවලා මේකට දැම්ම කොමන්ටුව? :/ මට මතකයි කොමන්ටුවක් දැම්ම වගේ. අනේ මන්දා :O
    මූ ඔහොම කියන්නේ තව ටික කාලයයි. ඊට පස්සේ අයියට එහා. අපි නොදන්න යුව රජ :D LoL

    අලේ මොනා උණත් කියුට් කොල්ලා ඈ. තෝයී :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඈ... කලින් එකක් දැම්මද? බලමු...

      හිකිස්..

      Delete
  70. පව් රජෝ මල්ලි... මඩ ගහන්නවනේ එයාටත්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මඩ නෙමේ.
      සිද්ධ වුන දේ කිව්වේ :)

      Delete
  71. අනේ රජෝ මලය නියම කොල්ලෙක්නේ ඉතින් ඌව හොඳට හදාගන්න එක ඔයාගේ වැඩක්.

    ReplyDelete
  72. අද තමා නිවී හැනහිල්ලේ ආවේ .. මොනා උනත් එළලු ඈ

    ReplyDelete
  73. me raja hinda ara podi ekath narak wenawa pau appa

    ReplyDelete
  74. මොක උනත් සෝක් අයිය ඈ
    රාජ සම්පත්ම ලැබේවා ඉඳගෙන

    ReplyDelete
  75. යකූ..මං හිතුවෙ මෙහෙම වැඩ කරන්නෙ අපේ එකා විතරයි කියල :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)