අපේ සිවිල් බැච් එකේ ඇකඩමික් සීසන් එක අවසන් වීම
සැමරීම සදහා පාටියක් සංවිධානය විය. කට්ටියට බොන්න ඕනේ, කන්න ඕනේ, නටන්න ඕනේ,
ආදී විවිදාකාර වූ අවශ්‍යතා හැකි පමණ පිරිමසමින් ස්ටුඩනට් කවුන්සිල් එකේ උන්
වැඩේ සංවිධානය කලෝය. ටිකට් ජාති 2කි. අමද්‍යප නම් 1000ය. මද්‍යප (වචනේ හරිද?) නම් 1500යය. අනිත් බැච් වල උන්ටත් අරාධනා ලැබුණි. ලාහට ගෙම්බෝ එකතු කරගන්නවා වගේ ටික දෙනෙක් එකතු විය. අනික මේක තියෙන්නෙත් හෙන රෑය. කෙල්ලන්ට එන්නත් බැරි වෙන්නේය. නමුත් හතර
පස් දෙනෙක් එන බවට තහවුරු වී තිබුනේය.
දිනය 2012 සැප්තැම්බර් මස 27 වෙනිදාය. මම බෝඩිමට වී ඇලට් එක ගෙන සිටියෙමි. ඇලට් එක කිව්වට අර උදේ නින්දෙන්
නැගිටලා නින්දත් නොනින්දත් අතර ඉන්න එකය. එහෙමත් ඉන්න බැරිම තැන ඇදෙන්
බැස්සෙමි. වෙලාව 10යය. එහෙම්මම ගල්කිස්ස උසස් බාලිකාව දිහා කබ පිරුණු
ඇස් වලින් බලාගෙන මූණ හෝදන්නට ගියෙමි. YMCA එක සුද්ද කරන අංකල් මා ඇමතුවේය.
අද කැම්පස් නෑ වගේ. නැත්තන් මෙච්චර දවල් වෙනකන් නිදියන්නේ නැනේ.
අද නෑ.... මම නිදිබරිත ගැඹුරු හඩකින් පැවසුවෙමි.
ගිය
වැඩේ කරගෙන නැවත කාමරයට ආවෙමි. පාටිය පටන් ගන්නේ 7ට විතරය. අදින ඇදුම් දෙක
එහෙම හදලා ලැප ලඟට ආවෙමි. එක්ස්ටර්නල් එක ගැසුවෙමි. ඉංගිරිසි ෆිල්ම් ෆෝල්ඩරය
සොයා ගියෙමි. හැමදාම තියෙනවා දැක්කට බැලුවේ නැති ෆිල්ම් එකක් තිබුනේය.
කරන්න වැඩකුත් නැති එකේ ප්ලේ කලෙමි.
The Reader - ඇයි දෙයියනේ මම මේක කලින් බැලුවේ නැත්තේ? මගේ
සුදු මල්ලි හඩා වැලපෙන්නට විය. අතිශය අතී.....ශයින්ම සම්භාව්‍ය ෆිල්ම් එකක්ය. ඇන්ටිලාට පෙම් බදින කොල්ලෙකුගේ කතාවක් ලස්සනට දිග හැරුනේය.
The Tuxedo - ඊළඟට ඇල්ලුවේය. ජැකී චෑන් අයියාගේ පරණ ෆිල්ම් එකක්ය. දෙපාරක් විතර බලලා තිබුනත් ඒක පට්ට ආතල් හින්දා නැවතත් බැලුවෙමි.
ඊළඟට
ගියේ හාර්ඩ් එකේ වැඩියෙන්ම තියෙන කැටගරියටය. පුදුමේ කියන්නේ ඕනෙම ෆිල්ම්
එකක් බලපු මට ඒක ආයේ බලන්න ඕනෙම නැත. අකුරක් නෑර මතකය. නමුත් මේවා එහෙම මතක
හිටින්නෙම නැත. එකනම් මහා පුදුම කරුමයක්ය.
වෙලාව කෙමෙන් කෙමෙන් 5 වී තිබුනේය. ක්ෂණිකව නා ගත් මම කැම්පස් එක පැත්තට
ගියෙමි. අෆ්ෆට සිරි..... කට්ටිය කැන්ටිමේ සෙට් වෙලා මැච් එක බලන්නේය. මට සීන් එක
මතක් උනේ එතකොටය.
මල්ලි හෙට අපේ මැච් එක 3ට.. සෙට් වෙයන් ඈ බලන්න..
මම
යනකොට කට්ටිය උඩ දාගෙන ටීවී එක දිහා බලාගෙනය. මමත් පිටිපස්සෙන් ජෝයින් උනෙමි.
කැම්පුස් එකේ මැච් බලන තරම් ආතල් එකක් පිට්ටනියෙවත් නැති බව මම හොඳින්ම
දන්නේය. සංඟා සමග දිලී වැඩේ ලෙසටම කරගෙන යන්නේය. අපි ආතල් එකේ බලාගෙන
සිටියෙමු. සංඟ පුල් ෂොට් ගහනවා... නිකන් වෙඩි වගේය. කිසිම ටෙන්ශන් එකක් නැත.
හතරට අත්පුඩියයි... හූවයි... එච්චරයි. එක පාරට සංඟා රනඋට් උනේය. තනිකර වැරැද්ද
දිලීගේය. එක දෙයක් නම් ගලේ කෙටුවා වගේ සහතිකය. ඒ වෙලාව දිලියගේ මුළු පවුලටම
චිබුහුන් යන්නට ඇත. මැරිච්ච උන්ටත් එසේමය.
ඊලගට ආව උන් දෙන්නා එහෙන් මෙහෙන් වනලා යන්න ගියේය. ඒත් තිසරයයි, මෙන්ඩියයි
ගහපු හතරේ පාරවල් දෙක නිසා බෝලයි ලකුනුයි පරතරේ සැහෙන්න අඩු විය. හතරේ පහරට පසුව තිසරයා අවුට් විය. ඒ වෙලාවේ කැන්ටිමේ තිබ්බ නිහැඩියාවට මීයෙක් හූ.... කිව්වත් ඇහෙන්නේය. ඊළඟට අවේ
තිරියාය. ඌටත් ගොන් ෂොට් එකක් ගහන්න ගිහින් තව සුට්ටෙන් හරිය. උගේ වෙලාව
හොඳය. අන්තිම බෝල 2ට ලකුණු ලකුණු 5ක්ය. කැන්ටිමේ මේස ටිකි ටිකි ගාන්නේය,
නියපොතු කෑලි විසිවෙන්නේය.
මෙන්න යකෝ තිරියා පැනපු ගමන් හතරක් ගහපි. ඒ ආපු
කෑගැහිල්ලට අනිවා කැන්ටිමේ වහලේ නම් උඩ ගියාමය. සුවර් ඇන් ශොට්ය. ටීවී එකේ ඉරිත් ගියේය. මැච් එක
ටයි ය. ඒ බෝලෙට හතරක් ගැහුවේ නැත්තන් මායියා තිරියාව මරාගෙන කන ලයින් එකේ හිටි බව
ඉදිරිපෙළ අසුන් වලින් තොරතුරක් පසුපස කලාපයට ආවේය. අන්තිම බොලේ රන් අවුට්
කියහන්කෝ. කැන්ටිමේ උන්ට නිකන් චූ යන්න වගේය. තර්ඩ් අම්පයර් ඩිසිෂන්
පෙන්ඩින්ය. එක එකා, එක එක අදහස් දෙන්නේය.
අඩෝ කකුල වදිනවා බං...
නෑ යකෝ... බොලේ නැතුව අතින් කඩන්නේ...
බලපන් ඇස් දෙකෙන්... බොලේ වදිනවා අයිනේ පොල්ලේ..
කෙසේ හෝ වැඩේ දෙල්ය. සුපර් ඕවරේ ආවේය. අපේ උන් ලෑස්ති වෙන අස්සේ මෙන්න යකෝ ගේල් අයියා පෙන්නන්නේය. රජාට රජා අයිඩියා එකක් ආවේය.
අඩෝ ගේල්ට කතා කරලා දෙන්න බැරිද බං...?
සිරාවට බං... කීයක් හරි දෙමු. ඌට තියෙන්නේ එතන ගිහින් පොඩ්ඩක් දෙපැත්තට වනන්න විතරයි.
හිකිස් හූ හූ....
සුපිරි ඕවරෙත් සුපිරිය. බැට්ස්මන්ලා දෙන්නා පල්ලේකැලේ බැටින් කරද්දී බයි රන් එක දෙන්නේ ගල්කිස්සේය.
දෙක දුවපන්... දෙක දුවපං....
තුනයි... තුනයි.... කැන්ටිම ඇතුල නිකන් ගණන් පන්තිය වගෙය.
එක එක.. දෙක දෙක... එකතු කරලා, වයිඩ් ටිකත් එක්ක ලකුණු 13ක් අපේ උන් රැස් කරගත්තේය.කැන්ටිමේ මද නිහඩ තාවයකි. රිප්ලයි එක පටන් ගත්තේය.
අඩෝ මාලිංගයාද බං දාන්නේ? හරියට දායිද?
ආයේ මොනවා අහනවද? වයිඩි දෙකයි බං දාන්නේ.... සංඟට අල්ලගන්න බැරුව යනවා.... උන් දිනුම්. ඕකයි වෙන්නේ.
ඕවරේ සුමටව පටන් ගත්තේය. පලවෙනි බෝල දෙක නම් සුපිරිය. ඊලඟ බොලේත්
මැක්සය. හැබැයි සංඟා අතහැරියේය. වක්කඩ කැඩුවා වගේ සම්භාව්‍ය වදන් මාලාවක් කැන්ටිමේ සිට
රස බැලුවෙමු. ඒකේ සුවද සංඟට යන්නටත් ඇත. ඊලග බොලේ කැච් එකත් අතහැරියේය. ඒ පාර නම්
සුවද සංගගේ මහ ගෙදරටම යන්නට ඇත. පස්වෙනි බොලේ
උඩී..........................න් ඇදී ගියේය.
හරි මචන් ඕක වහපන්. මැච් එක ඉවරයි....
බෝලේ
හෙමින් පාත් උනේය. අඩෝ මොකෙද්ද ඇටකිච්චෙක් හතර සීමාව ළඟ ඉඳන් ඇල්ලුවා
කියහන්කෝ බෝලේ. කැන්ටිමේ මේස දෙක තුනක් පැලෙන්නට ඇත. ඒතරම් වේගයෙන් ඒවාට තඩි
බානු ලැබුවේය. ටිකකට ඉස්සරලා ඩිලීට බැනපු වදන් සියල්ල යලි හකුලා ගත්තෙමු.
අකුලාගෙනම හිතේ සතුටෙන් පාරට බැහැලා හෝටලේ හොයාගෙන ගියෙමු.
_______________________________________________
හෝටලේට යනකොට කුරුමිණි කෑගහන සද්දයක් ඇසෙන්නේය. පොඩ්ඩක් වටපිට අලුවෙමි.
ශේහ්!!!! මේ අපේ DJ සංජී වැඩ පටන් අරගෙනය. නටන්න සින්දු දාන්නේය. මොනවා
උනත් ඇත්තම කිව යුතුය. දාපු සින්දු ඌට තේරෙන්නෙත් නැත, අපිට කොහොමත් තේරෙන්නේ
නැත. පැත්තකට වී වාඩි වී සිටියෙමු. ටිකකින් බීම එකක් ආවේය. ඒක ගහලා ඉවර
වෙලා උඩ තට්ටුව පැත්තට ගියෙමු. බාර් එක නම් ඇරලාය. 1500 ටිකක් එකට ෆ්‍රී ෂොට්
6ක්ය. එහෙම පිනා චාන්ස් මිස් කරන එක නරක පුරුද්දක්ය. ශේප් එකේ ගිහන් ෂොට් 2ක්
විනාස කරගෙන ආවෙමු. ඉතුරුව ගහන්නේ බත් කාල ඉවර වෙලා කියන දැඩි ස්ථාවරත්වයේ රජා
ඇතුළු පිරිස සිටියේය.
මුහුද දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට රසබර ආරංචියක් ඈතින් ඇසුනේය.
බුෆේ එක ඕපන්.....
අපායට ගියත් කලින් යන්න ඕනෙය. සම්භාවනීය අඩවි රජා බුෆේ එක ඕපන් කළේය. කන දේට ලැජ්ජා වෙන්න හොද නැත. මචන්
හැබැයි බුෆේ එක නං මදි වෙයිද මන්දා... මමනේ ඉස්සරලාම බෙදා ගත්තේ. කෝකටත් මම දුලියාට අනතුරු
හගවා සිටියෙමි. පිරමීඩ වගේ පිගන් වැලි අතරින් මේසයක් සොයා ඇදුනේය. කට්ටිය
බෙදාගෙන එන්නේය. එකක් නං ටක්කෙටම සුවර්ය. හෝටලේ උන් බයවෙන්නට ඇත. මේ අතර
අඩවියේ කමෙන්ට් කරන නදීශයයි අමිලයයි හෙන බත් එකක් බෙදාගෙන ඈත එන්නේය.
අඩෝ නදීෂ්.... මුණ පෙන්නපන් බලන්න...
ඇයි බං?
උබේ මූණ පෙන්නේ නෑ... බත් එකට වැහිලා...
 |
පිරමීඩ |
බත් ටික බඩෙ සෙට්ල් වෙන්න ඉඩ හැර ටික වෙලාවක් ඉඳගෙන සිටියෙමු. තව ෂොට් 4ක්
ඉතුරුය. ඕක බොනකන් කට්ටිය නලියන්නේය. 4ම දාගෙන ඇවිත් ඇති වෙනකං නැටුවෙමු. මෙතන රජාට පිනා චාන්ස එකක් ආවේය. ඕපලේ අන්තිම ශොට් එක හෙවත් ශක්ති කට දෙන්නේ ඉස්සෙල්ලාම ගහපු එකාටය. වෙන කාටද ඉතින් ශක්ති කට මම ආධුනිකයාටය. සමහරු නං ලාවට වගේ වැදිලත් හිටියා වගේ මතකය. සන්ජියගේ සින්දු නං අප්පිරියාය. එකම බීට් එකය. තේරෙන්නෙත් නැත. දාපු සිංහල සින්දු දෙක තුනට නටන්න කට්ටිය
සූ..ඌඌඌ ගාලා හිටියේය. එත් මු සිංහල සින්දු දාන්නෙම නැත.
ඌට තනියම නටාගන්න කියලා අපි පුටුත් උස්සන් බීච් එකට ආවෙමු. අපි එනකොට ෆ්ලෝර් එකේ නට නට හිටියේ මසියා පමණය. නියම හුලන් පාරය.
ගහපුවා ගානට පදම් වෙනවා නියමෙට දැනෙන්නේය. ඔන්න එතකොටම වගේ ගවේෂකයාගේ හද
පතුලේ තිබු යම් දෙයක් එලියට පැන්නේය.
“අඩෝ උඹලා කියන්නේ මේ X නම් මහ මාර
කෙල්ලෙක් බං. මම ආශ්‍රය කරපු චොරම කෙල්ල බං. ඒ අතින් මගේ කෙල්ල රත්තරන්
බං. උන් කවදාවත් කියන්නේ නෑ ෆිල්ම් එකක් බලන්න යමු කියලා. මම යමු කිව්වොත්
එනවා මිසක්. අපි ඒ විදිහට හදාගෙන තියෙන්නේ උන්ව. ඒවාට මේකී කියන්නේ යමු
කියලා. මොකද අපි ගෑනී මිනිහයි නෙමේනේ බං ඒ කාලේ. අඩෝ කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන. මම මගේ කෙල්ල එක්ක ෆිල්ම් එකක්
බලන්න ගියා. තිබ්බේ බහුභාර්ය කියහන්කෝ....“
මේක කියනවත් සමගම පුලා ඔය අහල පහලින් ගියේය.
පුලා - අඩෝව්.... උඹ බැලුවද බහුභාර්යා 2? පට්ට නෙහ්?.....
වැලයා - ඕවා මොනවද බං... මම බැලුවා ඇගේ වෛරය 1,2,3,4,5
පුලා - ඒ වගේද බං බහුභාර්යා 2
රජා - අපෝ මොනවද බං... සිංහල ඒවා ඔක්කොම මම ගාව තිබ්බ 10 වසරේදී.
පුලා - සිරා? දැන් නැද්ද බං?
රජා - නෑ බං... මම 10 කියන්නේ, 2006 යකෝ...
මේ කතාව යන අතරේ දවසේ කතා බහට ලක්වූ යසිකයා අපේ පැත්තට ඇදෙන්නට උනේය. කතාබහට ලක්වීමට හේතුව නම් ඌ මේ පාටියට එන්න රුපියල්ම 10000කම ඇදුම් අරං තිබීමය. යසිකයාවත් ඒ තරම් නොවටින බව නං අනිවාය. මිනිහා කැමරාව උස්සගෙන අපේ පොටෝ ගහන්නට ආවේය.
ඔන්න බහුභාර්යා 3 ආවා.....!!!
බහුභාර්යාවගේ ආතල් එක එතනින් නිම විය.
 |
බහුභාර්යා 2 |
 |
10000 කිට් එකේ සළුව වෙනම |
_________________________________________________
ටිකකින් සංගියාගේ කතාව පටන් ගත්තේය. මම සින්ගර් කෙනෙක් වෙන්න හිටපු
එකෙක් නේ බං. දැන් බලහන් මට වෙලා තියෙනදේ. උඹලා දන්නවද මම සිවිල් කරන්න ආවේ ඇයි කියලා.
නෑනේ කියහන් බලන්න....
යකෝ... ගායකයෙක් උනාම ඌට වේදිකාවක්
තියෙන්නේ ඕනේ. මම සිවිල් කාලේ ඒ වේදිකාව හදන හැටි ඉගෙන ගන්න. දැන් මට
කවුරුවත් ඕනේ නෑ. තනියම වේදිකාව හදා ගන්න පුළුවන්. මොනවද ගල්, ඕනේ සිමෙන්ති
දාන්න ඕනේ වතුර ගාන, ඕනේ එකක්.
_________________________________________________
ඔහොම එක එක ජෝගි දිදී ඉන්නකොට ඈත මුහුදේ නැව් දෙකක් එක ලඟින් යන්නේය.
අඩෝ අන්න බලහන් අරුන් දෙන්න හැප්පෙන්නයි යන්නේ.
කෝ කෝ?
අර අර....අන්න ගියා එකක් අනික ඇතුලෙන් ගියා.
හුටා... බලහන් බලහන් අනිත් පැත්තෙන් එනවද කියලා..
අඩෝ.... අන්න එනවා.................. :)
_____________________________________________
හද මඩල හෙන විසාලේට අද පෙනේනේය. දිලූක හද මඩලක් දැක්කේ අදමලු. මේ ගැන කතා කරන්නට ගිහින් හද ගැන කතාවක් ඇදුනේය.
අඩෝ ලෝකේ වෘත්තාකාර නම් හදවල් දෙකක් තියෙන්නේ ඕනේ.
අපිට පේන උඩින් එකයි... පෙන්නේ නැති පැත්තේ එකයි...
එතින් යකෝ.. ලෝකේ වෘත්තාකාර නෑනේ. ලෝකේ ගෝලාකාරයි.
වෘත්තාකාර නම්....
ඉතින් වෘත්තාකාර නෑනේ..
හා... හා....
______________________________________________
අලුයම 1ට හෝටලය වසනු ලැබුවේය. අපි බීච් එකට වෙලා කයියක් දමාගෙන සිටියෙමු. ගල්කිස්ස දාලා යන්න තව ඇත්තේ දවස් කිහිපයක් පමණය. අපි කියපු කරපුවා නැවත
මතක ආවර්ජනයක යෙදුනෙමු. එකට සුදුසුම වෙලාව හා මූඩ් එක නියමෙට සෙට් වී
තිබුනේය. ආයේ මේ සෙට් එකේ උන් කීයෙන් කීයක් නම් හමුවෙයිද? හම්බුනාම කතා කරන ඒවගේ
රියසල්ද දැමුවෙමු.
අඩෝ උඹ බැන්දද බං?
ඔව් බං මට කොල්ලොම හතරයි...
මම අහවල් කොම්පැනියේ ප්‍රොජෙක්ට් මැනේජර්..
ගල්කිස්සේ
අපි නොකළ දෙයක් නැත. නොපෑගුන වැලි ඇටයක් නැත. නොකාපු කඩයක් නැත. අර එදා ගම්පහ ගැන කිව්වා වගේ ගල්කිස්ස හන්දියේ ඉඳන් හූ කිව්වොත් මොන බිල්ඩින්ග් වල
වැදිලා පරාවර්තනය වෙනවද? කාපුවාම බඩ යන්නේ මොන කඩේද? මේක මොන වගේ තැනක්ද?
ලමයින්ට හොදයිද? ඕනේ එකක්ය. ඒ කාලය දැන් නිම වෙන්න ළඟය... ඉතාමත් ළඟය.... කන ළඟය.... ආයේ කවදා ගල්කිස්ස පැත්තේ එන්න වෙයිද කියන්න මමවත් දන්නේ නැතිය.
ප/ලි:
- අඩෝ... යකෝ යන තැන් වලට කැමති සම්භාව්‍ය වචනයක් භාවිතා කල හැක.
- මම රජා කී දේවල් ලියන්න එකෙක් නැති වීම සෑහෙන පාඩුවක් බව මටම වැටහෙන්නේ දැන්ය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!