Monday, March 3, 2014

සූර සරදියෙල් සොයා උතුවන්කන්දට | Hike Uthuwana | Castle Rock | Uthuwan Kanda


කොළඹ නුවර පාරේ මාවනැල්ල කිට්ටු වෙනකොට පැත්තකින් ගලක් උඩ ගලක් වගේ සීන් එකක් ඔය පාරේ වටපිට බල බල යන එන අය ඕනේ  තරම් දැකලා තියෙනවා ඇතිය. අන්න ඒ අපේ ලෝකල් රොබින්හුඩ්ගේ හෙවත් සූර සරදියෙල්ගේ මර්මස්තානය හෙවත් උතුවන්කන්දය. එදා තලේගල නැග්ග වෙලාවේ ඒක උඩට පේන  කදු ඔක්කොම කවදා හරි නගිනවා කියන මොංගල් සිතුවිල්ල පහල නොවන්නට මේ කදු කවදාවත් නගින්න වෙන්නේ නැත. බතලේගලට Bible Rock කියනවා වගේ උතුවන්කන්දට කියන්නේ Castle Rock ය. ඒ ඉස්සර සුද්දට ඕක පෙනුනේ උන්ගේ මාලිගාවේ දුම් කවුළුව වගේ නිසාලුය. ගමේ මිනිස්සු නම් මේකට කියන්නේ සරදියෙල් ගල කියලාය. සීයා කෙනෙක්ගෙන් පාර අහන්න ගිහින් රජා දැනගත් දේ ඔන්න ඕකය.

රජා බයික් එක අතට අරන් යන්න පටන් ගත්ත පාර නැවතුනේ කෙලින්ම මාවනැල්ලෙය. ස්මාට් පෝන් වල ප්‍රයෝජනේ දැනෙන්නේ එතකොටය. මම උතුවන් හන්දිය පහුකරගෙන ඇවිල්ලා තිබුනේය. ගූගල් මැප්ස් පිහිටෙන් ආපහු බයික් එක හරෝගෙන හන්දියට ගියේය. අපේ මධුරංග අයියලා බතලේගල නැගලා එනකන් බෝක්කුවක් උඩ ඉදගෙන හිටියෙමි. පාරේ ගිය පිස්සෙකුට රුපියල් විස්සකුත් දෙන්න උනේය. හරි යන්නේ නැත. මෙතන ඉදන් පාරේ වාහන දිහා බලන් ඉන්න බැරිය. මම හෙමින් හෙමින් උතුවන් කන්ද පාරේ ඉදිරියට ඇදුනෙමි. ගලට යන්න පොඩ්ඩක් එහායින් සරදියෙල් ගම්මානය ප්‍රතිනිර්මාණය වෙන්නේය. තාම ඔෆීෂියලි විවෘත කරලත් නැත. ඒ උනාට බලන්න සෑහෙන පිරිසක් නම් එන්නේය. මට වෙන කරන්න දේකුත් නැති එකේ රුපියල් සීයක් දීලා ඒක බලන්න ගියෙමි. විස්තර කරන්න ගයිඩ් කෙනෙක් එහෙම හිටියේය. මිනිහා ලස්සනට වැඩේ කලේය. අහන් ඉන්න ආසය මම සරදියෙල් කතාව කියන්න යන්නේ නැත. සිළුමිණේ ලස්සනට ලියලා තියෙන්නේ කැමති නම් කියවන අය සදහාය.

සරදියෙල් ගම්මානය

අම්බලමේ ඉදන් දෝලාවෙන් එන එකා පිළිගනිමින්
පිංචොහාමි ඉස්සර හෙන කෑල්ලලු. රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තපුරෙත් හිටියය කියන්නේ
ප්‍රභූ නිවස මේ කලගෙඩි වල ජෝ ටික පට්ට!!
කෑලි ටිකක් නානවා! අර ඉන්නේ සරදියෙල් අර අර!!!
සරදියෙල් සුද්දට *ක පෙන්නලා දිව්වලු
මාවනැල්ල ගඩොල් පාලම දිගේ සරදියෙල් හා මරික්කාර් බෝගම්බරට
සරදියෙල් එල්ලා මරනු දුටුවෙමි
අන්න අර ගලේ සෑර් ඕකා ඉන්නේ
සුද්දා යන ගල්
සංවාරකයන්ට නවාතැන්
ගැමි කැවිලි
කට්ටිය එනකන් ගම්මානේ ඇවිද ඇවිද හිටපු මම ඊට ටිකක් එහායින් වූ පාරේ හෙවන ගහක් යටට වෙලා හිටියෙමි. අව්ව හොදටම සැරය. මී හරකෙක් වෙලේ මඩ නාන්නේය. ටික වෙලාවකින් උගෙ අයිතිකාරයා ඇවිල්ලා මූව ඇදගෙන රජා ඉන්න පැත්තට ආවේය. මූ මං ලගට ඇවිල්ලා නැවතිලා මගේ දිහා බලාගෙන හිටියේය. මට නිකන් හීන් දාඩිය වගේ දැම්මේය. ඇයි යකෝ උගේ අං දෙක මේම... මේමය.... ඇන්නන් එහෙම බොකු බඩවැල් අං දෙකේය. මම ෂේප් එකේ පැත්තකට උනෙමි. අයිතිකාරයා අරෑගේ ළණුවෙන් දාගෙන අදින්නේය. මූ මං දිහා බලාගෙන එක පාරට එතනින් දිව්වේය.

අයිිකාරයා ~ ඌ මල්ලිට බය වෙලා... හෙහෙ..!!

රජා ~ ආහ්.. හෙහෙ!

මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි යකෝ නිකන් මැරුනා වගේද හරකෙක් අතින් මැරුන් කන එක. මොන නව නිංගිරාවක්ද. මං හිතන්නේ ඌ බය උනේ The King is here කියන ටී ෂර්ට් එකටය. ඌ හිතලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවෝ වෙලට සම්ප්‍රාප්ත වෙලා කියලාය. ලොල්..!!!

මධුරංග  අයියලා සෙට් එක ආවේය. අපි ගමන පටන් ගතිමු. එක එක ටෝක්ස් ගොඩය. හම්මේ.... සරදියෙල් හොරෙන් හරි මේවා අහන් හිටියනම් ඌටම වෙඩිතියාගන්න දෙපාරක් හිත හිත ඉන්නේ නැත. අව්වට වේලිලා වේලිලා ගිය පොළවයි කර වෙලා ගිය කොලයි හින්දා අඩිය තියෙන තැන් වහා ලෙස්සන සුළුය. පරිස්සමට යන්න වෙනවාය. අනික ඉතින් අපේ ෆිට්නස් එහෙම සුපිරි නිසා අඩි දෙක යනකොට දිව ටයි පටිය වෙලාය. ඔය යන අතරේ සිරාම කතාව කිව්වේ මධුරංග අයියගෙ යාළුවාය.

අපි ගිය ආත්මේ සුද්දෝ වෙලා මූව අල්ලන්න එන්න ඇති බං එකයි මේ අපි ආයේ මේක නගින්නේ...


ගමනේ එකම එක තැනක පොඩි රිස්ක් එකක් තියෙන්නේය. ගල් පොත්තක් බදාගෙන ගහක් අල්ලගෙන තණකොල පදුරු වල එල්ලිලා නගින්න ඕනැය. හිත සැනසෙන්නේ මුදුනට ගිහාමය. අලගල්ල, අම්බුලුවාගල, තලෙගල, ඔක්කොම පෙනෙන්නේය. සතුට කියන්නේ ඒ ඔක්කොම නැග්ගා වීමය. උඩට ගිහින් වැඩිය සද්ද දාන්න බැරිය. මොකද දොන්ත සයිස් මීවද ගොඩක් තියෙන්නේය. උන් ඇවිස්සුනා නං වෙන දේ උන්වත දන්නේ නැත. සදා සොත්ති වෙන බං නං ටක්කෙටම ෂුවර්ය. මුදුනෙම තියෙන ගල්කෑලි ටික හරියට මිට මොලවන් ඉන්න අතක් වගේය. ඒක නං මාරම පිහිටීමක්ය.

මීයෝ


ටික වෙලාවක් උඩ පොටෝ අල්ලපු අපි බහින්න පටන් ගතිමු. ඒ අස්සේ එකෙක් ලොකු අම්මාට කෝල් එකක් ගන්නේය. අපි හෙමින් බහින්නේය. අරෑ කෑගන්නේය.

ඉදහල්ලා මම එනකං... අවසාන කෝල් එකද දන්නෙ නෑ. මතක තියාගනිල්ලා ලොකුඅම්මට ඈ ගත්තෙ අන්තිමට...



මධුරංග අයියා සහ රජා!!


කෝමහරි කිසි අවුලක් නැතිව අපි පහලට ආවෙමු. බැසයන ඉරයි උතුවන් කන්දයි මහ අමුතු දර්ශනයක් මවා පෑවේය. සරදියෙල්ට සමුදුන් අපි නැවත ගෙවල් බලා ඇදුනෙමු.


FB පොටෝ ඇල්බමය මෙතනින්
 
රොබින් හුඩ් වගේ ලක්දිව පල උන නමයි...
උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි... සූර සරදියෙල් මමයි...!!!
රාජ චාරිකා පෙල
 














සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

68 comments:

  1. සූරවීර සරදියෙල් කියලා පත්තරේක සීරියස් එකක්ම ගියා. පට්ට කතාව. මේවා දැක්කෙනම් උඹේ පොටෝ වලින් මුලින්ම. සුපිරි

    ReplyDelete
    Replies
    1. ටෙලි සීරීස් එකකුත් ගියා නෙහ්... ෆිල්ම් එකක් නම් තිබ්බා කෝම හරි! :)

      Delete
  2. මාවත් බ්ලොග් එකේ එල්ලලා තියෙන්නේ...
    ඒක නෙමේ... මල්ලි ගිහින් තියේද වාරණ, මාලිගාතැන්න, පිලිකුත්තුව, උරුවෙල කියන පන්සල් ටිකට ? පොඩි පොඩි කඳු තියෙන පන්සල් සෙට් එකක් එක දවසින් කවර් කරහැකියි. :)

    ReplyDelete
    Replies
    1. අම්බුලුවාවට ලින්ක් එකක් නැත්තේ තාම එහේ ගිහින් නෑ ද ? අම්බුලුවාවේ යනවා නම් කඩියන්ලෙන ඇල්ලෙන් නාන්නත් සෙට් වෙලා යන්න ඕන. :)

      Delete
    2. උරුවෙල... කොහෙද... එහෙ ගිහින් නෑ!

      අම්බුලුවාවේ ගියේ නමය වසරෙදි. ඉස්කෝලේ ට්‍රිප් එක. මේකෙ ලියලා නෑ! :)

      Delete
    3. මධුරංග කියලා කියද්දිම මට නිකමට මතක් වුනේ මේ මධුරංග අය්යා තමයි, බැලින්නම් එයාමයි :D

      Delete
    4. උරුවෙල තියෙන්නේ පිලිකුත්තුව බලාගෙන වතුරුගම පාරට ඇවිත් මාලිගාතැන්න පැත්තට ටික දුරක් ගියහම. ඒකත් පොඩි කන්දක තියෙන පන්සලක් !

      Delete
    5. යං යං යං යං යං!!!!!!!!!!! g-)

      Delete
  3. ඔන්න තවත් චාරිකාවක් යාමට සිතක් පහළ උනා. ඉතිං වෙලාව හොයා ගන්න එකනේ දැන් තියෙන අමාරුම වැඩේ!

    ReplyDelete
    Replies
    1. මම නං මේ ටිකේ ගමනෙමයි!
      ළකුණු එන්න පරක්කු වෙනවනම් හොදායිඊඊඊඊඊඊඊඊ!!! :))

      Delete
  4. රජා දැන් ලෝභ නැතුව පොටෝ තලනව අළුත් පෝං එකෙන්...

    එල එල ගමන y-)

    ReplyDelete
    Replies
    1. දන්නවනේ මල්ලි ආයේ! :P

      Delete
  5. නියමයි.. ඇත්තටම රජා ගේ සංචාර ගැන ලියන ලිපි ගොඩක් ඒවා මම කියවන්නේ ඉරිසියාවෙන් පිපිරී පිපිරී.
    අර සරදියෙල් ගම්මානයත් මරු!

    ReplyDelete
    Replies
    1. ඒක හදලා ඉවර නෑ තවම හදලා ඉවර උනාම ගතියට තියෙයි!

      Delete
  6. මෙච්චර ළග ඉන්න අපි ගිහිල්ල නෑ නෙව... ඒ කියන්නෙ ගිය ආත්මෙ අපි සුද්දො නෙවී වෙන්න ඇති නේහ්

    ReplyDelete
    Replies
    1. එහෙම තමා! ළග හිටියම යැවෙන්නේ නෑ බං මලාට!

      Delete
  7. මමත් ඉතින් ගොඩාක් ඇවිදිනවා. එත් රජා වගේ විස්තර ලියන්න හිතෙන්නේ නැනේ. මොනවා උනත් ඔය ගමනට සෙට් වෙන්න අදහස තිබුනා. කොහෙද රාජකාරිය හරස් උනානේ..

    ReplyDelete
  8. දැන්නම් ඉස්සරට වඩා හුඟක් සංචාරක කර්මාන්තය ගැන හිතලා තියනවා වගේ. 1960 දශකයේදී පාසල් සිසුවකු ලෙස මම ගියේ මහා ඝන වනාන්තරය මැදින්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් අඩිපාරක් පෑදිලා තියෙනවා! බඩගාගෙන යන්න තියෙන්නේ

      Delete
  9. උතුවන් කන්ද කෙසේ වෙතත් රදියෙල් ගම්මානයවත් බලන්න යන්නෝනි, අපේ අම්මලගේ මහ ගෙවල් එහේ, ඒත් ගිහින් නෑ, (යන්නෙ කොහෙද යකූ, දන්නෙත් අදයි ) 

    ReplyDelete
    Replies
    1. නුදකින්!!! d(
      යකෝ අම්මලගෙ මහ ගෙවල් කොහෙද කියලා බොලා දන්නෑ! මැරියන්!!! =D>

      කන්ද පොඩි එකක්! තමුසෙලට යන්න පුළුවන් :)

      Delete
  10. ලස්සනයි නෙ. ටෙලිය නම් බැලුවා වගෙ මතකයක් තියනවා.

    අර මී වල පැණි තියනවද බලන්න එපැයි :P

    ReplyDelete
    Replies
    1. පැණි බලන්න තිබ්බා කට්ටිය ඇවිස්සුනානම් එහෙම 5-p

      Delete
  11. රජා සෑහෙන වෙලාවක් ගතකොලාලු පිංචොහාමි ලගට වෙලා :D

    ReplyDelete
    Replies
    1. M....... I......... L .........F........ c-)

      Delete
  12. මේකා එෆ්බී එකේ ෆොටෝ ඇල්බම් එක දාපු ගමන් මට පිස්සු හැදුනා. මේවා නොබලන දෑස මක්කටෙයි. මමත් යනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි රජෝ. අර සිංදුව මෙහෙම වෙන්න ඕනේ

    රොබින් හුඩ් මගේ ලක්දිව පතල වුණු නමයි.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න!!!
      එහෙ තව බලන්න ඒවා තියෙනවා මමත් ආයේ යන්න ඕනා!

      Delete
  13. මේ ගම්මානය කවදාවත් දැකලාවත්, අහලා තිබ්බෙවත් නෑ. බලන්ට යන්ටම වෙනවා. මතක් උණේ මේ පැත්තේ හිටපු පරණ කෙනෙක් 'නෙඩ් කෙලී' කියන. එයත් 'සරදියෙල්'ගේ ජාතියේ කෙනෙක්.

    අර මහන්සි පාටින් ඉන්නේ මධූද? :D

    ReplyDelete
    Replies
    1. අපිම යන්න ඕන ඉතින් මේවා මෙයාලට කියන්න! w-)

      Delete
  14. හැමදාම කියනව වගේ පට්ට රජෝ කියන එකයි කියන්න තියෙන්නෙ... වෙන මොනා කියන්නද?? ඇඩෙනවා තනි ඇහැට...

    ReplyDelete
  15. ඔය ගම්මානෙ ගැනනං මුලිංම දැනගත්තෙ උඹේ ෆොට‍ෝ වලිං තමයි.
    අපිටත් ඉතිං කවදහරි නගින්න බැරියැ. බලමු.

    ReplyDelete
    Replies
    1. පොඩි කන්දක් ලේසී නගින්න!

      Delete
  16. සරදියෙල් ගම කියන්නෙ යා යුතුම තැනක් වගේ...

    ඒ ගල මුදුනටම නගින්න බැරිද...?

    ReplyDelete
    Replies
    1. යප් යප්!!

      පුළුවන් මුදුනටම යන්න පුළුවන්

      Delete
  17. එකත් විනාසායිද...?:D

    ReplyDelete
    Replies
    1. නෑ ඉස්සරට වඩා හොදයි දැන්!!

      Delete
  18. සරදියෙල් ගම්මානය බලන්න යන්න ආස හිතුනා මේක කියවලා

    ReplyDelete
    Replies
    1. යන්න යන්න!!! ඉස්තලනුයි සත්තලනුයි එක්කගෙන යන්න!!!!!!!!

      Delete
  19. ම්ම්ම්ම් යන්න ආසයි පස්ට

    ReplyDelete
  20. අදයි මුලින්ම රජ වාසලට ගොඩ වුනේ.හිමිහිට රාජ චාරිකා පෙල කියවන්න ඔනේ.මමත් කැමතිම වැඩක් සංචා‍රේ.

    ReplyDelete
  21. සරදියෙල් ගම්මානෙ බලන්න දේශීය සංචාරකයිනුත් ඉක්මනටම ඇදිලා ඒවි.මහ රජෝ උඹ සංචාරක අමාත්‍යංසෙද වැඩ. නියමයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒකට මම යද්දිත් සෑහෙන පිරිසක් ආවා බං! හුගක් අය දන්නේ නෑ මේක!

      Delete
  22. ඉරිසියාවේ බෑ .........

    ReplyDelete
  23. ඇයි අපි ලංකාවේ ඉන්න කාලේ උඹට මේවා ලියන්න බැරි වුනේ.. ජාතියන්තර කුමන්ත්‍රණ ද කොහෙද.. සරදියෙල් ගේ ගම නම් මරු..

    ReplyDelete
    Replies
    1. හෙහ හෙහ!! :D
      ඒක හදලා ඉවර උනාම නියමෙටම තියෙයි!!

      Delete
  24. රජා මේ ටිකේ සවාරියේමයි නේද?

    ReplyDelete
  25. මචං උඹලා බලන්න ඕනි තැං ගොඩක් මග ඇරලා..... සරදියෙල් හැංගිලා හිටපු ගල් ගුහාව, ආදිවාසී මිනිස්සු හිටියා කියන ගල් ගුහා සෙට් 1ක (ඒකටනම් තව කිලෝමීටරයක් එහාට යන්න ඕනි) සරදියෙල්ගේ පස්සෙන් සුද්දෝ එලවද්දි පැනපු බෝ ඇල්ල, සරදියෙල් ඉගෙනගත්තු ඉලුක්ගොඩ පන්සල, දනකිරිගල පන්සල,වලගමබා රජ්ජුරුවන්ගේ අත්:පුරේ තිබ්බ දෙවනගල, තව තැං ගොඩක් තියනවා රජෝ........

    ReplyDelete
    Replies
    1. ආයෙ එනවා දවසක දෙවනගල, බෝ ඇල්ල, අසුපිනි ඇල්ල සෙට් එක බලන්න!!

      කන්න උයලා තියන්ඩෝ!!!!!!!!!!!!!!!!! y-)

      Delete
  26. දුම්කවුලුවක් වගේ පෙනුන එකට castle rock කිව්වේ මොකද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාලිගාවේ දුම්කවුළුව අනේ මාලිගාවේ!!!!

      Delete
  27. ඔන්න වැඩ ඔය වගේ වටිනා කියන එව්වා ටිකක් වැඩිපුර කොරහංකෝ නිස්සාර ජිවිතේ නැගල යන්න එකනේමේ බං අන්න ඉස්කොලේ පැත්තේ වැඩේ එලකිරියට යනවනේව පර මිඩියා වලට ඔන්නැති හු!@# නෑ නේව...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා!!! මට මල පැනලා ඉන්නේ! b-(

      Delete
  28. සිරාවට මොනවා නැතත් මලේ උඹ ඇත්තක් කිව්වා සරදියෙල් හිටියනම් උඹලව දැකල එල්ලිලා මැරෙනවා. මේ ඕකට ඇත්තන ගාල්ල පැත්තෙනුත් යන්න පුළුවන් නේද?

    ReplyDelete
  29. මං හිතුවේ සරදියෙල් ගම විවෘත කරලා ඇත්තේ කියලා. ආහ් උතුවන්කන්ද හන්දියේ තියෙන සරදියෙල්ගේ හැන්ඩ්සම් පිළිමේ ෆොටෝ කෑල්ලක් ගත්තේ නැද්ද ??

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)