Tuesday, February 25, 2014

රත්නපුරේ කරක් ගැසුවෙමි | One day trip around Rathnapura

ඕයි... දහම් පාසලෙන් පුංචි දඹදිව බලන්න යනවා මුසේ එනවද... 

ඒ කෑගැහුවේ අපේ මලයාය. යකෝ කොහෙහරි ට්‍රිප් එකක් යනවානම් අපි එහෙම නෑවිත් ඉන්නවද... යමු යමු... මේ දවස් වල ගෙදර ඉන්න එකේ ගමනට මමත් නම දුන්නෙමි. කාලයක් දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වගේම පොඩි උන්ට උගන්නන්නත් ගිය එකේ කට්ටිය රජාව අදුරන්නේය. කිසි අවුලක් නැත. යන්නේ ගමේ උන් ටිකය. ළමයින්ගේ අම්මලා තාත්තලා උනත් ගමේ සෙට් එකය. අපේ ගෙදරින් අපේ මව්තුමියයි, එයාගේ මව්තුමියයි, රජායි සහභාගි උනේය. මෙචර කාලෙකට ගිහින් නැති ප්ලේස් තුන හතරකට යනවා කිව්ව හින්දම අම්මලා එක්ක උනත් ගමන යාමේ පොඩි ආසාවක් ඒ වෙනකොටත්ති වෙලා තිබ්බේය.


ගිරිඋල්ලේ ඉදන් රත්නපුරේට ඒ හැටි දුරක් නැත. උදේ 6ට බස් දෙකක නැගුනු කට්ටිය රත්නපුරේ බලා ඇදුනෝය. මග දිගට කට්ටියගෙ අල්ලාප සල්ලාප අහගෙන හිනා වෙවී ඇදුනෙමු. උදේට කන්න කොහෙදෝ මන්දා නැවැත්තුවේය. මට ගම මතක නැත. කොහොමහරි කන්න නවත්තපු තැන ඉස්කෝලයක්ය. ඔය වගේ ගමන් යද්දි අසාමාන්‍ය ලෙස චූ බර හැදෙන එක සාමාන්‍යයය.  එදා ඉරිදා දවසක් හින්දම හොදාය. රජා, යුවරජා සමග ඔටුවා පෙරමුණ ගෙන ඉස්කෝලේ වැට පැනගෙන ගිහින් ටොයිලට් හොයා ගත්‍තේය. ඒවාට ගියාට නං අපිට කීයක් හරි දිය යුතුය.

ආයෙත් ගමන පටන් ගත්තේය. පිටිපස්සේ පොඩි කෙල්ලෝ කුරුට්ටෝ සින්දු කියන්නේය. හම්මේ උන් කියන ඒවාට සහ ඒවාට අම්මලා  තත්තලාගේ ප්‍රතිචාර ඇහුවම මැරෙන්න හිනා යන්නේය. පොඩි උන් සින්දු කියන අතරේ රජා එක දෙයක් හොදට නිරීක්ෂණය කලේය. මුන්ට ළමා සින්දු කියන ඒවා පොඩ්ඩක්වත් මතක නැත. හිංචි පිංචි හාවා කියන්න පටන් අරං පද දෙකකින් නැවැත්තුවේය. යකෝ මට තාම ඕක පාඩම්ය. මුන්ට මතක නැත. ඒ උනාට මොකද ඔයා නිසා හඩලා, පෙරදාක සුසුමන්, වගේ සින්දු සම්පූර්ණයෙන් කිව්වාද කොහෙදය. දැන් හැදෙන උන් එහෙමය.

පළවෙනි නැවතුම දෙල්ගමුව විහාරයය. දෙල්ගමුව වැදගත් වෙන්නේ විශේෂ හේතුවක් මතය. ඒ දන්ත ධාතූන් වහන්සේ අවුරුදු 43ක් සගවාගෙන සිටි තැනක් වීමය. ඒකත් එසේ මෙසේ හැංගිල්ලක් නෙමේය. හංගලා තියෙන්නේ කුරහන් ගලක් ඇතුලෙය. මේ විහාරයේ බිතු සිතුවම් වලත් විශේෂත්වයකි. ඒ මෙහි තියෙන්නේ දළදා කතාවට අදාල බිතු සිතුවම් පමණය. අනිත් පන්සල් වල වගේ බුද්ධ රිය ගැන නොවේය. 






  පන්සල ගැන වැඩිපුර විස්තර හා කතාව මෙතනින්

ඒ සිද්ධිය එහෙම වෙද්දි ඊළගට අපි ගියේ  ත්නපුර මහ සමන් දේවාලේ වැදලා පුංචි දඹදිව බලන්නය. එදා සිරීපාදේ යද්දි පලාබද්දල බස් එක ගියා පාරෙම කැරකෙන වැලමිට වංගු දිගේ එහාට මෙහාට ඇඹරෙමින් අපි ඇදුනෙමු. කච්චර කැරකුනාද කියනවානම් සමහරු කබරයා හිටන් දැම්මේය.  පුංචි දඹදිවත් පොඩි මෙව්වා එකක් නැත්තේම නැත. බලන්න කියා ඒ හැටි ලොකු දෙයක් නැත. ඒ උනාට වටපිටාව නං සුපිරිය. වටේටම මීදුමෙන් වසාගත් කදු පන්තිය.



ආපහු එනකොට එක එක බඩු ගත්තු පොඩි උන් බස් එකට නැග්ගේය. එකෙක් තේ කුඩු පැකට් අරගෙන නැග්ගේය ඌව දැකපු බස් එකේ අම්මලාගේ හදවත් උණු වී වැටුනේය..

කීයද පුතා එකක්....

පොඩ්ඩා: සීයයි....

9ක්ම විකිණිලා ඉවර උනේය.  තව එකක් ඉතුරුය.

අංකල් කෙනෙක්:  තව එකායි...... එකායි...... කාටද ඕනේ.......

ආන්ටි කෙනෙක්: කෝ කෝ.... මට දෙන්න.... කියලා ඒක ගත්තාය.

දහයම විකිණිලා ඉවර උනා විතරය. බස් එකේ උන්ටික හුරේ... යේ... ගගා කෑගගහා පොඩි එකාට අත්පුඩි ගැහුවේය. ඊලගට නැග්ගේ කිතුල් හකුරු ගත්තු පොඩි එකෙක්ය. උගෙත් හකුරු ටික ඔක්කොම විකිණිලා ඉවර උනේය. ඌටත් අප්පුඩි ගහලා බස් එකෙන් බැස්සෙව්වේය. එක බස් එකකින් මෙහෙම දාහා දාහා ගානේ හොයනකොට, මේ පොඩි උන් දවසකට කීයක් නම් හොයනවා ඇද්ද කියා අපිට කල්පනා උනේ පස්සෙය.

හකුරු මල්ලි
ඊලගට යන්න නියමිත් උනේ දිවාගුහාව විහාරය  බලන්නය. යනකන් කට්ටිය නිදිය. ආන්ටිලා අංකල්ලා කෙල පෙරාගෙන බුදියන් ඉන්න හැටි රජාගේ පැපරාසි කැමරාවට අහුඋනේය. කට්ටිය නැගිට්ටම රජා ඒවා කට්ටියට පෙන්නුවේය.

රජා: ආන්ටි මේ මරු පොටෝව ඈ....

ආන්ටි & අංකල්: ඕවා ප්‍රසිද්ධ කරනවා එහෙම නෙමේ ඔන්න...

රජා: ආන්ටි වැඩිපුර සාරි තියෙනවා නේ ගෙදර....

කට්ටිය: හහහා....

ප්ලේස් එකට යනකොට ටිකක් වහින්න වගේය. පළාතම ටිකක් කළුවරය. ගුහා කට ගාවට යන්න නම් ටිකක් පඩි නැගගෙන යන්න ඕනෙය. පඩි දෙසීයක් තුන්සීයක් විතර තිබුනේය. ඕක නැගගන්න බැරුව කට්ටිය දිව ටයි පටිය වගේ හදාගෙන හති අරින හැටි දැක්කම දුක හිතේන්නේය.  බැරිම තැන රජා මුරුක්කු පැකට් එකක් ගත්තේ ඒකවත් කකා යන්නය. තව උන් සෙට් එකක් අග්ගලා කන් ඩෝං පුතා කිය කිය අර පඩි ටික නගින්නේය. මුන් නිකන් මේ පොඩි දුර යන්නේ සිරීපාදේ යනවා වගේය. කෝම හරි හෙන ගේමක් දීලා උඩට නැග්ගේය. ෂා හෙන ලොකු ගුහාවක්ය. ඝන්ඨාරේ ගාවට හරි ලස්සනට සීරීපාදේ පෙනෙන්නේය. මෙහෙත් අර සිරීපාදේ වගේම පොඩි ක්‍රමයක්ය. ආපු වාර ගානට ඝණ්ඨාරේ නාද කරන එකය.





නගිමින්
උඩින් වැටෙන ජලය




වටේ කැරකිලා කැරකිලා ආපහු බස් එකට ආවේ බෝපත් ඇල්ල බලන්න යන්නය. වැඩේ හරිගියේ නැත. හෝ... ගාලා වහින්න පටන්ත්තේය. ඇල්ල බලන එක පැත්තකට දැමූ අපි ගෙවල් බලා ඇදුනෙමු. ගෙවල් වල උන් එක්ක ගමන් යද්දි ආතල් නෑ කිව්ව එකාගේ කන පැලිය යුතුය. එකේ ඇත්තේ අමුතු ලල් එකක්ය...

පොඩ්ඩො සෙට් එක
  
රාජ චාරිකා පෙල


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

68 comments:

  1. යන්තන් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියල, දැන් උබල ලියන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ කලාතුරකින්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඒ සසිය, උඹ අවාරෙට හරි වැටුන ගමන් බඩු බනිස් කරනව නේ??

      Delete
    2. අපි එහෙමයි මල්ලී :D

      Delete
    3. යකෝ පෝස්ට් එක දාන්න කලින් මුන් කමෙන්ට් කරලා ඉවරයි!! d-)

      Delete
    4. අපි එහෙමයි ඩෝ :D

      Delete
  2. මට ආව ගස් ගඳ...

    මං එක

    පට්ට පට්ට =D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ අර බල්ලෝ වගේ ඉව කර කරද ඉන්නේ හැමතිස්සෙම ගද එන්න?? b-(

      Delete
  3. අපේ ගෙවල් පැත්තේ එන්න එපය් :

    ReplyDelete
    Replies
    1. උඹලා මෙහෙද කවුදෑ දන්නෙ d(

      Delete
  4. ඇති යන්තම්.... කාලෙකට පස්සේ නේද අඩවිය ඇරියේ..ට්‍රිප් එකනම් හොඳයි වගේ...එත් පොස්ට් එකේ KING QUALITY එක නම් ටිකක් මදි මදි වගේ...මයේ හිතේ මේක ට්‍රිප් එකක් නෙමේ නේ වන්දනා ගමනක් නේ..එක හින්ද වෙන්නැති...අනික වැඩිහිටියෝයි .ස්වාමින් වහන්සේලායි ඉඳල තියෙනව නේ..ආයේ මොනව අහනවද...උප්පසක ය වගේ යන්න ඇති ...

    ReplyDelete
    Replies
    1. උපාසක සක සක s-)
      පූස් පැටියා වගේ යකෝ ගියේ!!!

      Delete
    2. පූස් පැටියා වගේ කිව්වෙ අනිත් උන්ගෙ ඇඟේ ගෑවි ගෑවි පුරු පුරු ගගා වෙන්ටැ :D

      Delete
  5. මම කිවුවේ එදා වැස්ස කියලා.ඉරිදායින් පස්සේ තමා මෙහෙ වහින්නේ දවස් ගානකට පස්සේ.තැන්ක්ස් රජෝ වැස්ස අරන් අවට ඈ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි කියන්නේ අපිම එන්න ඕන ඉතින් :P

      Delete
  6. ඉවරයි අපේ ගමත් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ‍සිංදුවගෙ ගමත් රත්නපුරේද?

      මගෙත් මගෙත්

      Delete
    2. නයිස් ටු මාට්ටු මචං ධනා

      Delete
  7. හික්... අපි ගිහින් තියේ... -_-

    ReplyDelete
  8. සාදු කියන්න පිංවතුනි සාදු සාදු සා

    ReplyDelete
  9. රත්ගඟ... රජ කොල්ල දැන් ලියනව අඩු ද මන්ද

    ReplyDelete
    Replies
    1. රජෙක් වුනාම ලියනවාට වඩා කොයි තරම් වැඩ තියේද බං.?

      Delete
    2. ඔය උඩිංම දාල තියෙන්නෙ දැං Proudly Present කියල.

      Delete
    3. දැන් ලොකු සීන්!!! c-)

      Delete
  10. //අපේ ගෙදරින් අපේ මව්තුමියයි, එයාගේ මව්තුමියයි, රජායි සහභාගි උනේය//

    කෝ රජෝ ට්‍රිප සෙට් කරපු මලයාව අතඇරියද??????
    ___________________දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ඌ ගැන මොනවා කියන්නද බං! :-SS

      Delete
  11. ම්ම්.... යන්න වෙනවා බලා කියාගෙන එන්න එහෙනම්....

    ReplyDelete
  12. වැඩක් නැති ප්ලේස් එකක් බං ඔය පුංචි දඹදිව කියන්නේ.. අර ගොඩකවෙල පුරාණ විහාරයට ගියානං ඒ ඉස්සර හ තියෙන පැන් කඩේටවත් යන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. යකෝ පැන් කඩෙ තියෙන්නෙ පංසලට මෙහා බොල. :D

      Delete
    2. සල්ලි නැතුව හරි මොනාහරි ගන්න තිබ්බ :D

      Delete
    3. සිරාවට බලන්න දෙයක් නෑ!!

      Delete
  13. හික්ස්... සෑහෙන කාලෙකට පස්සෙ...
    හාකො හාකො....

    ReplyDelete
  14. බොලා ගියේ පෝය දවසක නෙමෙයි වෙන්න ඇති. පෝය දවසක ගියානං හොඳ කට්ටක් කන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අනිවා බං මට ඒක අමතක උනා.. තඩි බස් හිරඋනාම ආතල් එකේ රිවස් ගියර් එක දාන කොට සැප කනේ..

      Delete
    2. පොඩ්ඩක් දවල් වෙනකොට බස් තියා ත්‍රී වීල් එකකටවත් යන්න බෑ බං. කිලෝමීටරයක් දෙකක් මෙහා වාහන දාල පයින් තමයි යන්න වෙන්නෙ.

      Delete
    3. හම්මේ වෙලාවට ඈ!!!

      Delete
  15. රාජ චාරිකා පෙල සේව් කරගෙන පස්සේ දවසක යන්න ඕන. තැන් ටික නම් ලස්සනයි වගේ.

    ReplyDelete
    Replies
    1. ආයේ දන්නවනේ අපි යන ප්ලේස් වල හැටි :D

      Delete
  16. මේ අර පලාබද්දල පාරේ ඉදලා රත්තුරුගඟ හන්දියෙන් හැරිලා ගියහම හම්බවෙන පුංචි දඹදිව නෙහ් :)
    ඒක නෙමේ.. කෝ අර පන්සලේ චිත්‍ර ටික.. ?
    මට මතක විදිහට දලදාව විනාශ කරන්න ගත්තු උත්සහයනුත් චිත්‍රයට නගලා තිබ්බා ඔය පන්සලේ... මම ගියේ පොඩි දවස්වල..

    වන්දනාව නම් පට්ට ය !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔක්කොම හෑව්! මේකෙ එල්ලුවේ නෑ

      Delete
  17. යන්න ඔන වෙලාවක ස්තුතියි විස්තර වලට

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  18. රජාගේ රජ ගමන්! හොඳා හොඳා...

    ReplyDelete
  19. ඔය පාරෙ වාහන යන එකට තෑගී දෙන්න ඕනෑ,ලොකුවට බැසිල්ගෙ බෝඩ් එකක් නං ගහල තියෙනව.
    අපිත් කතරගම යන ගමන් ඔය පුංචි දඹදිවට ගියා බලන්න ඇතිදෙයක් නෑ.නිකං බොරු ගමනක්.

    ReplyDelete
  20. දැං උඹ මොකද ලියනවා අඩු?

    ReplyDelete
  21. අහ් මට කලින් මෙන්න වැඩේ දීලා. හිටු මාත් දාන්නම්

    ReplyDelete
  22. //රජා: ආන්ටි වැඩිපුර සාරි තියෙනවා නේ ගෙදර....// මේක පට්ට :D

    ReplyDelete
  23. හුග දවසකින් රජා ට්‍රිපක් ගොහින් වගේ..

    ReplyDelete
  24. රජා මේ දවස්වල රත්නපුරේ පැත්තෙ කරක් ගහනව වැඩියි වගේ......

    ReplyDelete
    Replies
    1. හෙහෙ මැණික් අහුලන්න ආවා!
      ඇයි පුතා අවුල්ද :))

      Delete
  25. මම මේක කියෙව්වනේ බොල, ක්මෙන්ට් එකක් දාලා නැද්ද :O පොඩ්ඩක් ස්පෑම් චෙක් කොරාන්කෝ..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)