Monday, February 25, 2013

පනාවිටිය අම්බලම සොයා ගියෙමි | Panawitiya Ambalama


සාමාන්‍යයෙන් ‍ලගපාත තියෙන ඓතිහාසික ස්ථාන මගෙන් මිස් වන්නේ කලාතුරකින්ය. නමුත් මේ මිස් වීමට මට සමාව දිය නොහැකිය. හූවයි බල්ටියයි දුරේ තියෙන මේ මනරම් අම්බලම මට මිස් වුනේ කෙසේද? මමවත් උත්තරයක් දන්නේ නැත. කෙසේ හෝ අම්බලමට යන්න අදහස දුන්නේ දහම් පාසලෙන්ය. රජා වූ කලී කලෙක දහම් පාසල් ආචාර්යවරයෙක්ය. මම කියා දුන් දෑ පොඩි උන්ට තේරුනාද කියන්න මම දන්නේ නැත. නමුත් ගුරුවරයා මමය. පනාවිටිය ගැන මම අපේ සීයාගෙන් ඇසූ විට ඔහු තවත් අම්බලමක් ඔය ළඟ පාතම තිබ්බා මතක බව මට කිවේය. එකත් බලන්න හිතාගෙනම මම තනියම ගෙදරින් එලියට බැස්සෙමි. තනියම නොව නංගිද සමගය. ඇයි තව දහම් පාසලේ පොඩි උන්ද පිය රජාගේ බස් එකේ ගමනට එක්උනේය.

අම්බලමට එන ඕනෙම කෙනෙකුට පහසු වන පරිදි මම මෙසේ මාර්ගය සටහන් කරන්නෙමි.


කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.

කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - මැටියගනේ - පනාවිටිය 

කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - මැටියගනේ - පනාවිටිය

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල - මැටියගනේ - පනාවිටිය. 


මැටියගනේ හන්දියෙන් හැරී අතුරු මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ඇතුලට යා යුතුය. හම්බෙන පළමු තුන්මන් හන්දියෙන් හැරිය යුතුය. එතැනම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සවිකල පුවරුවක්ද වේ.


තුන්මන් හන්දිය
පනාවිටිය වූ කලි සාමාන්‍ය අම්බලමක් නොවේය. එහි වූ ලී කැටයම් දෙවෙනි වන්නේ දළදා මාලිගාවේ කැටයම් වලට හා ඇම්බැක්කේ දේවාලයේ කැටයම් වලට පමණි. බාග විට ඇම්බැක්කේ වහලයට වඩා මෙහි වහලය කලාත්මක බව කෙනෙකුට සිතෙන්නටද පුළුවන. ලඟට යනතුරු මෙය සාමාන්‍ය අම්බලමක්ම යයි ඕනෙම කෙනෙකුට පෙනේ. නමුත් අම්බලම ඇතුලට ගිය කල මෙය මෙතරම් දෙස් විදෙස් සංචාරකයන් වශී කලේ ඇයි දැයි ඕනෙම කෙනෙකුට මනාව වැටහෙන්නේය. 


ඉස්සරත් මෙහෙම තියෙන්න ඇති


වහලය


සම්පූර්ණ වහලය

නටන අක්කෙක්

අයියද? අක්කද?

යට ලීයේ කැටයම්

එක එක ඩිසයින්

තවත් යට ලීයක්

බහුබූතයා.....

මම ආසම රෙස්ලින්

කැටයමක් ලගින්ම

රජා ඇතුලේ (මට මාර හැගීමක් ආවා... මමත් රජෙක්නේ)

අම්බලම

රැකගමු


මේව කොටන්න මොන ගේමක් දෙන්න ඇද්ද?


අතීත කතාව 

අතීතයේ දඹදෙණි රාජධානියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන සමයේ රට මැද කැරැල්ලක් ඇතිවිය. එම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා විජයබා කුමරු සේනාවක් සමඟ පැමිණ කැරැල්ල මැඩ පවත්වා ආපසු යන ගමනේ දී සතුරු බළකායේ අයෙක් සැඟවී සිට නාග විෂ කැවූ ඊතලයකින් කුමරුට විදින ලදී. එහිදී සිහි මුර්ජා වී සිටි කුමරු සුව ලැබීය. ඉන්පසු එම ස්ථානය පණ ආ වැටිය නමින් හැඳින්වීය. පණ ආ වැටිය පසුව පනාවැටිය ලෙසට ප්‍රචලිත විය.

මේ සිදුවීම නිසා රජතුමා මේ ප්‍රදේශයේ ගමන් කරන හැම විටම පනාවිටියට ඒමට අමතක කළේ නැත. එසේ රජතුමා පැමිණි විට දෝලාව තැබීමටත් රජතුමාට විවේක ගැනීමටත් මේ අම්බලම සැදූ බව ඉතිහාසයේ සදහන්ය.

දඹදෙණි –යාපහුව මාර්ගය ඔස්සේ පිහිටා තිබුණේ යයි විශ්වාසකරන අම්බලම් ශ්‍රේණියෙන් අදවනවිට ඉතිරිව ඇත්තේ දෙකක් පමණය. ඒ පනාවිටිය හා කරගහදෙණියය. 

රජා මේ අම්බලම් දෙකම පැය කීපයකින් කවර් කලේය. කරගහගෙදර ගැන විස්තරය ලගදීම ගෙන එන්නෙමි. අම්බලම් දෙකෙහි පිහිටීම, රාජධානි දෙකේ පිහිටීම සමග පැරණි මාර්ගය වැටුණු මාර්ගයද සහිත සිතියමක් ගෙන එන්නට සිතාගෙන සිටිමි. 

බුකියේ පල වූ රූප ඇල්බමය --- මෙතනින් බලන්න


රාජ චාරිකා සටහන් පෙල





සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

97 comments:

  1. පට්ටයි ඈ...
    අනිත් අම්බලම ගැනත් ඉක්මනට ලියමුකො එහෙනම්..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ඒ අම්බලමත් සිරා ඕයි :)

      Delete
  2. හරි අපූරු විස්තරයක් නොවැ!

    ReplyDelete
  3. මමනම් ඔතනට ගියා කලින්.....වයඹ අපේ උරුමයක්!

    ReplyDelete
    Replies
    1. මම මේ තාම කල්පනා කරන්නේ මට කෝමද මේක මිස් උනේ කියලා :/

      Delete
  4. ෆොටෝ ටික මරු..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  5. ලස්සන අම්බලමක්!!! මහන්සි අරින්ට හොඳයි. මම කීවේ රජාලට විතරක් නෙමේ, අපිටත්.:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මෙහාටම එන්න වෙයි :)

      Delete
  6. අම්බලමේ රජා රජා 4ටෝ ටිකක් ගෙනා ගෙනා...
    ලස්සනයි හෑ

    ReplyDelete
  7. හොඳ පෝස්ටුවක් නොවැ :)

    ReplyDelete
    Replies
    1. එහෙමද? :)

      ටැංකියු කිව්වා!

      Delete
  8. මරු ඇ.....
    ැන් ඔ්‍ය දෙකම තියෙන්නේ ආසන්න වශයෙන් කුරුණෑගලට ආසන්නවද?

    ReplyDelete
    Replies
    1. කුරුණෑගලට කිලෝමීටර් 20ක් විතර කලින් (5 බස් පාරේ)

      Delete
  9. මරු මචං.... වෙලාවක එන්නම්... ලෑස්ති වෙලා හිටපං පාර පෙන්නන්න... :D

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඈ... කලින් කියලා එන්න

      Delete
  10. හොඳ විස්තරයක්.. බස් එකෙන් බහින්න ඕනෑ මැටියගනේන්ද? පනාවිටියෙන්ද?

    හැරෙන්නේ මැටියගනේ හන්දියෙන් කියපු නිසයි ඇහුවේ..

    අම්බලමකට මෙච්චර වැඩ දැම්මෙ මොකෝ මන්දා? මේක දැන් නඩත්තු කරන්නෙ පුරාවිද්‍යා කට්ටිය වෙන්ඩ ඇති..

    ReplyDelete
    Replies
    1. මැටියගනෙන් බහින්න ඕනේ... ඒතන තුන්මන් හන්දියක්. අතුරු පාරේ තමා යන්න ඕනේ. ඒ අතුරු පාරේ ගිහාම හම්බෙනවා පුරාවිද්‍යා එකේ බෝඩ් එක. එතනින් ආයේ හැරෙන්න ඕනේ.

      ඔව් ඔව්... මේක දැන් පුරාවිද්‍යා ස්මාරකයක්. බෝඩ් එකකුත් ගහලා තියෙන්නේ :)

      Delete
    2. මේක හදලා තියෙන්නේ රජතුමාට විවේක ගන්න නිසා වෙන්න ඇති මෙච්චර කැටයම :)

      Delete
  11. අපූරු චාරිකා සටහනක්..ගොඩක් ස්තුතියි...
    අනික් අම්බලම ගැනත් ලියන තුරු බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. එල... හෙට අනිද්දම දානවා :)

      Delete
  12. ඉතාම වටිනවා රජෝ. අර බහුබුතයා පින්තුරේ දැක්කම මට උඹව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. // අර බහුබුතයා පින්තුරේ දැක්කම මට උඹව මතක් වුණා //

      මාත් මේ තකහනියක් ඒක කියන්ට ආව විතරයි, මෙන්න සුදීක ඉස්සර වෙලා.

      Delete
    2. මේ සූකිරි බෝලේ වගේ ඉන්න කොල්ලට හදන කතා :/

      Delete
    3. මටත් මතක් උනේ මූව තමා....

      Delete
    4. පල යන්න උලමා!

      Delete
  13. ඇයි බං කාමරේ එහෙම හැඩි කරා ගත්තු එකෙක්ගෙ කාමරයක් දැක්කම (මගේ නම් නෙවියෝ.....) අපි කියන්නෙ මේක නිකන් අම්බලමක් වගේ කියලනේ. අම්බලම මෙච්චර වටින කැටයමින් අලංකාරවෙල තියෙන කොට එහෙම කියන එක වැරදියි නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා...

      ඒ උනාට ඉස්සර මිනිස්සු ගොඩාක් ඉන්නකොට මෙතන හැඩි වෙලා තියෙන්න ඇති නේ :)

      Delete
  14. වටිනා විස්තරයක් මචං. රැක ගත යුතු දේවල් මේවා.

    ReplyDelete
  15. හොඳ සංචාරක සටහනක්. සාම්ප්‍රදායික කෝණයෙන් පිට රාජකීය කෝණයකින් ලියන නිසා සාම්ප්‍රදායික අඩුපාඩු වලින් වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා තියෙනවානම් කිය... :)

      Delete
  16. හරිම හොද ලමයෙක් බලන්න නිවාඩුවේ ගෑණු ලමයි බලන්න දුවන්නෙ නැතුව ඔය වගේ නඩයක් එකතු කරගෙන ගමනක් යන අහිංසක අසරණ රජ පැටියටනෙ අපි මේ කතන්දර හදන්නෙ,,,:P

    ඇත්තටම තැන නම් හරිම වැදගත්, ඔය වගේ හැංගුන තැන් කොච්චර තියනවද...අපි ගිය අවුරුද්දෙ ගියා සිරිසගබෝ රජු හිස දන්දුන්න කියන හරිම ස්ථානයට, නම මතක නෑනේ...

    ReplyDelete
    Replies
    1. හත්ථිකුච්චි... :)

      ඒකත් මරු ප්ලේස් එක.. ගල උඩට නැග්ගහම පේන දර්ශනේ මාරම මාරයි!

      Delete
    2. පළමු ස්ටේටිමන්ට් එක සම්බන්ධවයි...

      අන්න අක්කට තේරුනා... මෙච්චර කාලෙකට මට හොද කියලා වැටුන පළවෙනි කොමෙන්ටුවද කොහෙද. මේක පරිස්සමට තියාගන්න ඕනේ. :)

      හනේ ටැංකෝ ඈ...

      Delete
    3. හත්ථිකුච්චි.. මාත් ගියා මාර හැගීමක් හිතට එන්නෙ එතනට ගියාම. ගරා වැ‍ටුනු කුඩා වැවට උඩින් තියෙන ගල් උගුල දැක්කද..ඉස්සර මිනිස්සුන්ගෙ තාක්ෂණ හැකියාව ගැන පුදුමයි.

      Delete
    4. ඇඩෙනවා නේද? :)

      Delete
  17. මේකේ තව ටිකක් ඓතිහාසික බව පැහැදිලි කලා නම් තවත් අගෙයි මලේ. කොහොම වුණත් හොඳ වැඩක්!

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑනේ... හොයාගන්න පුළුවන් උනේ ඔච්චරයි! :(

      Delete
  18. අපේ අම්මා මගේ කාමරේට අම්බලම වගේ කියලා කියන එක මොන තරං අසාධාරණද බලහං...,
    මගේ කාමරේ අහලකිංවත් මේ අම්බලම තියන්න පුළුවංද??????

    ReplyDelete
    Replies
    1. රජා පණ දාගෙන ලියපු අම්බලම බලන්න කට්ටිය යන්නෙ නැතුව තරියගෙ කාමරේ බලන්න එයිද දන්නෙ නෑ පෝලිමේ...හි හි හී

      Delete
    2. අනේ අම්මපා බං!

      Delete
  19. මටත් ඉතින් මේක මිස් වෙලානේ.... රජෝ බුකියට නම්බර් එක මැසේජ් එකක් දාපන්.... වෙලාවක යන්න.... ( උබ එනවනේ යන්න )

    ReplyDelete
  20. මොකද අම්බලම් ගෑන හොයන්න හිතුනෙ,කමක් නෑ එල වෑඩ්ඩක්

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඉතින්.. එක එක ආසාවල් එනවනේ :)

      Delete
  21. උඹට වල් රජා කියන එක හැම වෙලාවේම ගැලපෙන්නේ නැහැ නේද. බලපන් උඹ දාල තියෙන පොස්ට් එකේ වැදගත් කම.උඹ හොඳ වෙලා නේද ?. ඒ වගේමයි දහම්පසලුත් ගිහිං.

    පින්තූර කොලවල මේ ෆොටෝ එක මම දැකල තියෙනවා ඉස්සර එත් කොහෙද මොනවද විස්තර කියල දැනගත්තේ අද.

    ස්තුතියි මහා(වැල්)රජ!!

    ReplyDelete
    Replies
    1. අනේ තව එකෙක්ට තේරුම් ගිහින් :)

      රාජ සම්පත!!!

      Delete
  22. අම්බලම කිව්වාම අපිට හිඟන්නො ඉන්න තැනක් මතක් වුනාට, ඇත්තෙන්ම අම්බලම තිබිලා තියෙන්නෙ මගීන්ගෙ ගිමන් නිවාගන්න නේද?

    ReplyDelete
  23. යට ලීයෙත් නාරි ලතා මල් පීදිල තියෙන්නේ. තැංකූ ඈ මෙහෙම තැනක් පෙන්නුවට

    ReplyDelete
    Replies
    1. හහහා.. ඒක එල සින්දුව :)

      Delete
  24. අම්බලමටවත් ගිහිල්ලා ටිකක් මහන්සි ඇරගන්ඩ ඕනෙ රජෝ.පින්තාලි එහෙමත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් තිබ්බේ නෑ බං!

      Delete
  25. ඉස්සර කාලෙ උන්න අය අම්බලමක් මෙච්චර ලස්සන කැටයම් වලින් සරසලා, අපූරුවට නිර්මාණය කරනවා නම්...රජ මාළිගා කොහොම හදන්න ඇතිද...

    හොඳ චාරිකාවක අපූරු සටහන් ටිකක් රජෝ..

    ReplyDelete
    Replies
    1. සිරාවට නේද? ඇතුල තියෙන්න ඇති නිකන් දිව්‍ය ලෝකෙ වගේ :)

      Delete
  26. හප්පටසිලි,, මේකේ ලස්සන.. යන්න ඕනි බලන්න..

    ReplyDelete
  27. අඩේ පට්ටයි බන් කවදාහරි දවසක යන්න ඕන තැන් ලිස්ට් එකට ඕකත් දාගන්නවා.

    ReplyDelete
  28. අති විශිෂ්ට වැඩක් රජෝ...ලංකාවට අපු වෙලාවක යනම්කො බලන්න.

    ReplyDelete
  29. රජෝ... මගෙ කාමරෙත් බලන්න වරෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි ඒකේ කැටයම්ද? සුදු පාට? ^_^

      Delete
  30. හූවයි බල්ටියයි දුරේ තියෙන මේ මනරම් අම්බලම මට මිස් වුනේ කෙසේද?

    උබට හූ කියන්න...උබේ නරි ගති එලියට ගන්න ඇත්තේ අර නයිජීරියන්කරය වෙන්ටෑ...
    ඒකයි මෙච්චර කල් ඔයි අම්බලම මිස් උනේ..

    අපේ රටේ පෞරාණික උරුමයක් ගැන විස්තරයක් දුන්නට තංකූ රජෝ....

    ReplyDelete
  31. රජා මට මතක විදිහට මැටියගනේ හන්දිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔය හන්දියේ ඉඳලා ගිරිඋල්ල පැත්තට වෙන්න තියන අනිත් හන්දියට කියලා. ඒක ගල්ගමුව හරහා අලව්වට යන පාර. පනාවිටියට යන්න හැරෙන හන්දියට වෙනස් නමක් තිබ්බා මං හිතන්නේ.

    උඹ හූවයි බල්ටියයි දුර හිටියනං, මම ඉඳලා තියෙන්නේ නිකම්ම බල්ටියක දුර. මම අවුරුදු තිනක් හිටියා අර කලින් කිව්ව ගල්ගමුවේ. යකෝ උඹ කියනකං මෙහෙම එකක් තිබ්බා කියලවත් මම දැනං හිටියේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒ බස් කොන්දලා එක එක නම් කියන්නේ... කොහොමත් ඉතින් එක ලගනේ අවුලක් නෑ :)

      හෙන ගහපන් ගනන් බලාපන්... මේ මුකෙක්ද මේ???
      ඉතින් මම අවුරුදු දැන් 21ක් මෙහෙ. මම දැනගත්තෙත් ඊයේ පෙරේදනේ :) :)

      Delete
    2. අවුරුදු තුනක් හරිද.... නාරම්මල සැන්ට්‍රල් විද්‍යාලයට ගියා නොවැ... උඹ මොකැ‍යි ඔහෙ ඉඳලා බණ්ඩාරනායකේට ගියේ

      //මේ මුකෙක්ද මේ???//

      මොකෝ?

      Delete
    3. සිස්සත්ත ඌෂ්ණේ නොවැ :)

      ^_^

      Delete
  32. Patti raja malli......
    Man ube oya gaman series ekata thama kamathi maaath rata vwte ravun gahanna patta kamathi
    Java veva.....!!!

    ReplyDelete
    Replies
    1. හහහා.... එහෙනං යං අපිත් එක්ක. :)

      Delete
  33. රජා ඔය අම්බලම බලන්න ගියේ දෝලාවෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං... හැබැයි දෝලාව එලෝගෙන ගියෙත් මම :)

      Delete
  34. යකෝ නාත්තන්ඩිය පැත්තේ ඉඳන් එන විදිහ කියල නැනේ !!

    ReplyDelete
    Replies
    1. කොළඹට ඉස්සෙල්ල ගිහින් කොළඹ ඉඳලා එන්න කියලා තියන විදිහට එන්න.

      Delete
    2. ඇයි යකෝ උඹ ගිරිඋල්ලට එන්න දන්නැද්ද ඔහෙ ඉදන්??????

      Delete
    3. තෝප්පුව හන්දියට ඇවිත්.. දන්කොටුව හරහා ගිරිඋල්ලට එන්න දන්නෑ උඹ?

      මොකද්ද යකෝ... උඹ ලංකාවේ නෙමෙද?

      Delete
  35. ඇති යන්තං නෝන්ඩි කලාමවත් ගියා...

    යකෝ අර 11ට දාලා තියෙන්නේ 14ට දාන්න ඕන කැප්ෂන් එක නේද..?

    අනික 14 දැක්කම මට මතක් උනේ අම්බලමේ රජා..රජා..හුටා..රජා නෙවෙයි පිනා පිනා...

    ReplyDelete
  36. අර කැටයම් කරපු "යට ලීය" නොවේ මචං..."බල්කය "විය යුතුයි මුදුන්යටලීයට ගහපු කුරුපාව රදවන්නෙ ඒකෙ.

    මේ වගේ තැන් මේ තත්වයෙන් තබාගන්නා අයට ස්තුතිවෙන්න ඕන බං..ඒ ගැනත් දාපං ඊලඟ ඒකට.

    කැටයම් නම් පිස්සු හැදෙනව බං..! ඒ කාලෙ කොයි තරම් ප්‍රව්ඩත්වයක් ඇතිව තියෙන්න ඇත්ද..?

    උබත් සිවිල් කරපු එකානෙ.ඉගෙනගන්න දේවල් කොච්චරද මේවගෙන් නේදබං..!

    ReplyDelete
    Replies
    1. ආන්න හරි... මම නම් ඕවා දන්නෑ. :)

      අම්මපා ඈ!

      Delete
  37. අඩෝ මේ කෑගල්ල අවිස්සාවේල්ල පාරේ අරන්දරට පොඩ්ඩක් එහා කෑගල්ල පැත්තට වෙන්න ගල් කණු වලින් හදපු පට්ට අම්බලමක් වගේ එකක් තියනවා...දැන් තියද දන්නේ නෑ....පාර හදන හින්දා කඩලා ද දන්නේ නෑ . ඉස්සර ස්කොලේ යන කාලේ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කොහොමද දන්නෑ... මට මතක නෑනේ

      Delete
  38. රජ අම්බලමක් නෙව..

    ReplyDelete
  39. ඉස්සර කාලේ අම්බලමක්ය් අදකාලේ බස් හෝල්ට් එකක්ය් වෙනස බලාපිය.අර 4ටො එකේ ඉන්නේ අය්යක්කෙක් :D

    ReplyDelete
  40. කැටයම් ටික නම්! හ්ම්ම්... වචන් නැ! වටිනා පෝස්ටුවක් රජා!

    ReplyDelete
    Replies
    1. සුපිරි කැටයම නෙහ්? :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)