පනාවිටිය අම්බලම බැලූ දහම් පාසල් ලමයි 12 වෙනකොට දහම් පාසලේ සිටිය යුතු
බැවින් ඔවුන් ආපසු පිටත්ව ගියෝය. රජ සීයා කියූ පරිදි මේ අහල පහල තව
අම්බලමක් තිබිය යුතුය. රජා එම අම්බලම සොයා ගියේය. හෙමින් හෙමින් වට පිට බල
බල ගියේ පුරාවිද්‍යා එකේ බෝඩ් එක කොහේ හෝ මුල්ලක තිබෙදැයි සොයමින්ය. මම
ඉදිරියටම ගියෙමි. වැඩේ දෙල් වෙලා වගේ මට වැටහුණි. වහාම ටුක් ටුක් එකක අයියා කෙනෙක්ගෙන් ඇහුවෙමි. මම ප්ලේස් එක පහු කරගෙන මීටර් 500ක් පමණ ඇවිල්ලාය. ආපහු
කරකෝ ගත් බයික් එක ඉදිරියටම ඇදුනේය. හැරිය යුත්තේ මෙතනින්ය. මම වහාම පාරෙන්
පහලට දැම්මෙමි.
කරගහගෙදර වූ කලි තවත් එක අම්බලමක් නොවන්නේය. එය අතීත දඹදෙණිය-යාපහුව මාර්ගයේ
හමුවන අවසාන අම්බලමය. අනිත් ඒවා විනාශ වී ගොස්ය. මෙය පනාවිටිය තරම් කැටයම්
වලින් සමන්විත නැත. ඇත්තටම කියතොත් කැටයම් ඇත්තෙම නැත. නමුත් මෙහි අලංකාරය
ඇත්තේ එහි පිහිටි භූමියේය. අම්බලම සමබර කර ඇත්තේ ගෝලාකාර ගල් 4ක් මතය. රජා
අම්බලමට ගිය කාලය හරි නැත. අසල පිහිටි වෙල්යායවල් වල ගොයම් කපලාය. කුඹුර කොළ පාටට තියෙන දවසක ගියේ නම් අම්බලම මිට වඩා පට්ට ගතියට පෙනෙනු ඇත.
ඇතුලේ ඉදන් පේන වෙල් යාය |
බෝලගල් උඩ සමබරව |
කකුල එහෙම තියාගන්න |
සරල වහලය |
කෝනර් වීව් |
If u can read this.... ;) |
ගෙදර අරන් යන්න බැලුවේ :) |
බෝල ගලක් :) |
පොඩි ඇලට් එකක් |
පනාවිටියෙන් පැන්න බහුබූතයා |
මෙයා මගෙ වස්තුව :) |
මම එතනට එනකොට මැදි වියේ ජෝඩුවක් අම්බලම තුලය. උන් දෙන්නා ලව් කරන්නේ දැන්ද කොහෙදය. මම ටිකක් ඈතට වෙච්ච ගහක් යටට වී සිටියෙමි. ටික වෙලාවකින් දෙන්නා පිටව ගියේය. අම්බලම ඇතුලේ ඉඳගන්න වගේම කකුල් තියාගන්න වෙනම කොටේකුත් සපයා ඇත.
ඇත්තෙන්ම එහි ඉඳගෙන සිටීමත් මහත් ආශ්වාදජනකය. කොච්චර හිටියත් එපා වෙන්නේ
නැත. රජා නම් අව්වේ ඇවිත් මහන්සිය වැඩි කමටම පොඩි ඇලට් එකකුත් දාගෙනම
හිටියේය. හවසට ගමේ මිනිස්සුත් මෙතෙන්ට ඇවිත් පොඩි රස්තයක් ගහල යන බව මට මගදී හමුවූ ගොවි මහත්තයෙක් පැවසුවේය.
අම්බලමට එන ඕනෙම කෙනෙකුට පහසු වන පරිදි මම මෙසේ මාර්ගය සටහන් කරන්නෙමි.
කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.
කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර
කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර
කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල - කරගහගෙදර
නාරම්මල සිට පැමිණිය යුත්තේ කුලියාපිටිය මාර්ගයේය. නාරම්මල සිට කිලෝමීටර් 2කින් පමණ හැරෙන හන්දිය හමුවේ. එය කඩහපොල හන්දියට කලින් හමුවන තුන්මන් හන්දියය. පනාවිටිය අම්බලමේ සිට ශෝට් කට් එකක්ද ඇත. ඒක කියන්න ගිහාම ඇඩෙන නිසා මම නොකියා ඉන්නෙමි. අවශ්‍ය නම් රජා අමතා විස්තර ගත හැකිය.
මෙතනින් තමා හැරෙන්නේ |
කුලියාපිටිය පාරේ හන්දිය |
මම ඉතිහාසය ගැන දැනමුත්තෙක් නොවේය. නමුත් ඊට ආදරය කරන්නෙක්මි. මම අම්බලම් 2 හා රාජධානි 2 සිතියම් ගත කලෙමි. එවිට ලැබුනේ මෙයය. අතීත ගමන් මාර්ගය මෙහෙම තියෙන්න ඇති නෙහ්? (වැරදිත් ඇති. මොකද මම ඒ කාලේ හිටියේ නෑනේ)
ඉස්සර ජාතික රුපවාහිනියේ පෙන්වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමද තිරගත කර ඇත්තේ
මෙම අම්බලම තුලය. එහි සියලුම කොටස් YouTube එකෙන් ඔබට නැරඹිය හැකිය. මම
නම් මුල ඉඳලම බලන්න පටන් ගත්තෙමි. විශිෂ්ඨ ගණයේ කතාමාලාවකි. කනෙක්ෂන් එක අන්ලිමිටඩ් නිසා අවුලක් නැත. ඔන්න කට්ටියට බලනවනම් සුපිරි කතාවක්ය. දැන් මම බලන්නේ අන්තිම කොටස් කීපයය. 10 වෙනි සම්ප්‍රාප්තියේ තියෙනවා අම්බලම. මෙන්න ඒක... :)
21,25,27,28,33 කියන කොටස් වලත් තියේ. 28 මුලම තියෙන්නේ අම්බලමේ ජවනිකා. එක දිගට දවස් 2ක් මේකම බලලා මට දැන් කියවෙන්නෙත් පරණ වචනමයි.
21,25,27,28,33 කියන කොටස් වලත් තියේ. 28 මුලම තියෙන්නේ අම්බලමේ ජවනිකා. එක දිගට දවස් 2ක් මේකම බලලා මට දැන් කියවෙන්නෙත් පරණ වචනමයි.
![]() |
කතා සාරංශය |
“යකෝ....අඩවියේ ලේනා හැටියට මම දැන් මේක මේම උඹලට කිව්වට.... ඔය අංගපුලාව ඇති නෑම්ඹියෝ එහෙම තනිපංගලමේ අම්බලම බලාන්ට ගාටනවා එහෙම නෙමේ ඕං....මේක අඩවි රජාගෙ ගෝරමේන්තුව....හැමතැනම රාජ පුරුෂයෝ....තොපිට අල්ලන් පතබායි...ඉක්කනට තීන්දු ගමන යන්න කැමති උන් එහෙට ගාටනවා හොදයි....තොපේ ගසගරත්තුවේ අඩුවකුත් නෑනේ...මොකෑ බොල හිනාවෙන්නේ...තොපි දන්නවනේ රජා පූචානම් නොකියන විත්තිය. උඹලා ඒ පැත්තේ ගාටනවනම් රජාව හදිගැහිලා අවසරේ අරන් පල...තොපිට මොනා හරි උනොත් මගෙ හදුන්පොතනේ බොලව් කීං ගාන්නේ...එහෙම උනොත් මට මුළු දවසම කදුළු ගගා තමා ඉන්ඩ වෙන්නේ. පාන්දරින්ම වරෙල්ලා... එතකොට ඉරගල වැටෙන්න කලියෙන් අම්බලම් දෙකම බලලා පැල්වලට ගෑටුවෑකි. ආ...මතක ඇතුව එනකොට දැකුම් පෙට්ටි දෙක තුනක් ඇන්න වරෙල්ලා ඈ... ;)
එහෙනම්....ගෙහුං එන්නං....
මුලිච්චිවීම පසුවට තීන්දුයි....
රාජ චාරිකා සටහන් පෙල
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!