Saturday, September 22, 2012

හොර පාරෙන් බෙලිහුල්ඔයට - Dangerous Journey via Worlds End



වැස්සට තෙමෙමින්, හුළගට පාවෙමින්  නිදාගත් රැය අහවර කරමින් අපි උදේ 6.30ට පමණ අවදි උනෙමු. අපි ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගය වනජීවී එකෙන් තහනම් කර තිබුණි. ඒ ඇතැම් විට එහි තිබුණු අනතුරුදායක බව නිසාම විය හැකිය. අපි හතර දෙනාගේ දැඩි විරෝධය එල්ල විය. බැරි වෙලා හෝ මාට්ටු උනා නම් රුපියල්ම 50000ක් (බිංදුම හතරක්) ගෙඩිපිටින් පුදන්නට වෙන්නේය.

අපි - මචන් ඔහෙ යන්න බෑ... මාට්ටු උනොත් එහෙම...

ගවේෂක - අනේ බං... යමු බං... මම වගකීම ඔක්කොම ගන්නවා.

අපි - එහෙනං දඩත් උඹම ගෙවපන් හරී?

ගවේෂක - හා...!!

කලින් දවසේ සම්පූර්ණ කතාව මෙතනින්...

_____________________________________________________________

හෙන ගහන සීතලේ කූඩාරම අකුල ගෙන ලෝකාන්තය බලා යන්නට ඇදුනෙමු. පාරට පිවිසෙනවාත් සමගම සුද්දියෝ සෙට් එකක් අපි ලගින් ගියෝය. එක පාරටම ලෝකාන්තේ මෙහෙදැයි ඇසීය. ගවේෂකගෙන් පිළිතුර ලැබුණි. අපිත් යන්නේ එහෙ. ඔයාලත් එන්න. අපි නැවතී පොටෝ ගහන තැන මේ සුදු අක්කලත් නැවතී පොටෝ ගහන්නේය. සුද්දියෝ දැක්ක ගමන් රජා නලියන බව කවුරුත් දන්නේය. මම දැන් සම්භාව්‍යයය. පැපරාසි ඡායාරූපකරණය නැත. කෙලින්ම සුද්දියන්ට ටෝක් කලෙමු. පොටෝ එකක් ගහන්නට කතා කලෙමු.

සුදු අක්කලා අපේ පොටෝ ගැසූ අතර අපි සුදු අක්කලාගේ පොටෝ ගැසුවෙමු. මෙතන පට්ට සිද්දියක් උනේය. ගවේෂයා සුදු අක්කගේ කැමරාව පෙන්නලා... මේකෙන්ද ගහන්න ඕනේ කියලා සිංහලෙන්ම ඇහුවා කියහන්කෝ. මං රජාට මැරෙන්න හිනාය. මෝටාර් එක වගේ තඩි කැමරාව සුදු අක්කා දුන්නේ රජාටය. මම ඕකක් දෙයියනේ කියලා අල්ලලා තිබ්බෙත් එදා ගාලු ගමනේය. වැඩකරු වගේ ලෙන්ස් එකෙන් අල්ලලා කරකෝලා සූම් කරලා ෂටර් බටන් එක එබුවේය. මට එබෙන්නෙම ඊට සුට්ටක් මෙහා රෙකෝඩ් බටන් එකය. 

සුදු අක්කා - mmm... forward

රජා - oh.. sorry!!! Smile..... චටස්...

පට්ටය.. අපි සුද්දියන් සමග ටෝක දාගෙන ගියෙමු. අපි කිව්වට ගවේෂකයාය. අක්කලා ඕස්ටේලියාවෙලුය. බේකර්ස් ඇල්ල ලගට යනකං කතාවට ඒ අසරණියෝ අහුඋනෝය. තව ටික වෙලාවක් කතා කලානං ඒ සුද්දියෝ මූත් එක්ක සිංහලෙනුත් කතා කරනවාය. බේකර්ස් ඇල්ල ලගට ගිහින් තවත් පොටෝ එකක් ගහන්න රජාට ඕනේ උනේය. ඇයි යකෝ.... සුදු අක්කලා එක්ක පොටෝ ගන්න ඇම්ම තිබ්බේ මටය. ඒත් ගත්ත එකේ මම නැත. මට අම්බානට තද උනේය. කොපුවෙන් කඩුව අරං මම ආසම සුදු අක්කා ලගට ගියෙමි. සිහින් හඩින් ඇය ඇමතුවෙමි. 

රජා - can we take another shot with u gals..? ^_^

මම ආසම සුදු අක්කා - yeah sure!! :)

අනේ උම්මා...බදාගෙන උම්මා එකක් දෙන්න හිතුනද මගේ ඇගෙන් වහනය වූ දුර්ගන්දය හේතුවෙන් වැඩිය ලගට ගියේ නැත. පින්තූර කිහිපයක් වැදුනි. මං රජා ලග ඉන්න කෙට්ටු අක්කාගේ හඩ තාමත් මගේ කනේ රුව් පිළි රුව් දෙන්නේය. අපේ ගෘප් පොටෝ ගත්තේ ඇයය. 1...2...3... චැකෑස්... අනී හරිම ස්වීට්!!!


මම ආසම මං ලග ඉන්න අක්කටයි...
කැම් එක තියන් ඉන්න අක්කටයි...
අක්කලාට යන්න ඇර අපි පිටුපස්සෙන් ලෝකාන්තය බලා ගියෙමු. ලෝකාන්තය ලග සෑහෙන වෙලාවක් රැදී සිටියෙමු. මීදුම තිබුනේම නැති තරම්ය. සමනල වැවේ ඩෑම් එකද අපිට දර්ශනය විය. ඒ තරම්ම පැහැදිලිය. මෙහෙම වටපිට බල බල ඉන්නකොට තව මාර ලස්සන තායි අක්කා කෙනෙක් ආවාය. මං රජාගේ හිත සසල උනේය. කතා කරන්නම ආස හිතුනි. කැමරාවත් අරගෙන ලගට ගියෙමි. අනේ අක්කේ අපිට පොටෝවක් අරං.... මම බැගෑපත් උනෙමි. මලහෝන්තු ලුක් එකක් රැගෙන පැමිණි ඇය අපේ පොටෝවක් අරං දුන්නාය. 

ලෝකාන්තයේ ඉහල කොටසට යන විට සුද්දෝ තොගයක් සිටියෝය. අපිට හොරපාරට පිවිසෙන්නට නොහැකි උනේය. කට්ටිය ටිකක් එහාට මෙහාට වෙනකන් අපි සමපෝෂ හදාගෙන කෑවෙමු. සුද්දෝ එතනින් පිටවීමත් සමගම එළඹියේ වීර ක්‍රියා වෙලාවය. ඉහලමාලය ලගින් කැලේ ඇතුලට විහිදුනු පාරෙන් අපි වේගයෙන් ගමන් කලෙමු. ඒ තව කවුරුන් හෝ ඒමට පෙරය. අඩිපාර හා හෙල අතර දුර තිබුනේ අඩියක් පමණය. බැරිවෙලා හෝ අඩිය ලෙස්සුවේ නම් අපේ ඇටවත් හොයන්න ඉතුරු වෙන්නේ නැත.

සමබර සමපෝෂණේ සැම දෙනාගේ පෝෂණේ
ෙකැලේ ඇතුලෙන් ඇවිද ගියෙමු. පැය ගනනකට පසු අපි නගරක් බංගලාව පෙනෙන දුරට ආවෙමු. කැලේ ඇතුලේ සිට ඔත්තු බලන ටෙරාලා මෙන් වැලයා ගස් ගල් අස්සේ හැංගි හැංගි වනජීවී එකේ අය සිටීදැයි බැලුවේය. අපේ වෙලාවනං මාරම හොදය. එකෙක් හිටියේ නැත. වතුර වෙලා තිබුණු ලේ ටික නැවත රතු උනේය. බංගලාව ඉස්සරහට ආවෙමු. වැඩකාරයා මල් පාත්ති සුද්ද කරන්නේය. උගේ අවසරයෙන් අපි ටිකක් ගිමන් හැරියෙමු. බංගලාව නං සුපිරිය. මම කවදා හෝ එහි දවසක් ගත කරන්න යන බව සුවර්ය. දවසක ගාස්තුව 12000ක් පමණක් බව වැඩකාරයා කීවේය.



බංගලාවේ සුන්දරත්වය
දැන් තියෙන්නේ බෙලිහුල්ඔය බලා යාමටය. ගවේශකගේ GPS අටමගලය තිබුනේ වෙලාවටය. ඌ ඒකේ පාර සටහන් කරගෙන තිබුනේය. ඒ හේතුවෙන් තුන් වතාවක් පාර වැරදුන අපි අතරමං නොවී  පහලට බැහැගෙන ආවෙමු. 

ලොල්ලෙක් ගැන කතා කරන්නට ගොස් අපිට පලමු වතාවට පාර වැරදුනේය. නැවත පාර හොයාගෙන තේ වතු මැද්දෙන් පහලට ආවෙමු. පොඩි ගෙවල් වගයක් අස්සෙන් යාමට තිබුනේය. අපි ටික දුරක් ගෙවල් අතරින් එන විට එළු රෑනක් අපේ පස්සෙන් ආවෝය. පෙර සංසාරගත බැදීමක් වෙන්නටද පුළුවන. 


කදුකර එළුවෝ
ොමේ වන විට කකුල් වල ජොයින්ට්ස් සංවේදනයෙන් තොර විය. කකුල උස්සන්න විතරක් අවශ්‍ය උනේය. ඔටෝ පාත් උනේය. ඒ හෙල් වල ඉදගත්තත් පස්ස හිල් වෙන මට්ටමේ ගල් තිබුනේය. වැටෙන්න ඕනෙම නැත. ලගින් ගියත් ගල් තැළුම්ය.




එපා.......වෙනවා
කුඩා ගල් කැබලි සහිත දුෂ්කර ආනත මාර්ගවල ගමන් කල අපි ඊලගට පිවිසියේ පයිනස් කැලේකටය. කැලේ කලින් දවසක ගිනි ගෙන තිබුනි. නැත්තන් මාර ලස්සන වීව් ටිකය. කට්ටිය තම තමන්ලාගේ වෙන්ඩ වයිෆ්ලට ගෙනියන්න පයින් ගෙඩි එකතු කරද්දි මං රජා උඩ බලාගෙන සිටියෙමි. මම ගෙනිහින් ඕවා අම්මට දෙන්න යෑ? පයින් කූරු වැටුන බිම අතිශය ලිස්සන සුළුය. එක මොහොතක ඒවා අස්සේ දුවන්නට ගිය රජා තම රාජකීය පශ්චාත්භාගය බිම ඇනගත්තේය. 


පට්ට නෙහ්?
පයින් කැලේ ඇතුලේ විහිදුනු අඩිපාරේ අපි ඉදිරියටම ඇදුනෙමු. GPS එකට අනුව අපිට පාර වැරදී තිබිණි. කෙසේ හෝ පහලින් ගෙදරක් පෙනුනි. අපි ගෙට උඩින් වූ තේ වත්තක කාණු දිගේ බහිමින් ගෙදරට ආවෙමු. ගෙදරත් කවුරුවත් හිටියේ නැත. ගෙදර වැසිකිළියට රිංගූ නිශාන් රහස් පරීක්ෂකයාගේ නිගමය වූයේ....

ගෙදර දවස් ගානකින් කට්ටිය ඉදලා නෑ බං... ලැට් එකේ වතුර පොදක් නෑ... හොදටම වේලිලා..

නමුත් ගෙදරට එන පාර තිබුණි. අපි පාර දිගේ ගාට ගාට ගියෙමු. වෙලාවට තවත් ගෙදරකි. පොඩි ලමෙක් එලියේ සිටියේය. අපිව දුටු ඔහු ගේ ඇතුලට දිව්වේය. කළු නැන්දා කෙනෙක් එලියට ආවේය. අපි ඇයගෙන් වතුරත් ඉල්ලාගෙන පාරත් අහගෙන ඇයට ස්තූති කරමින් ආවෙමු. වතුර ගන්න යන අතරේ ගේ ඇතුගෙන් ගැටිස්සියක් එබිකම් කරනවා මම ලාවට මෙන් දැක්කෙමි. මම ආයේ තනියම ඉහල ගලගමට යමි. පාරද ලාවට මතකය. 

මගදී අපිට ඇන්ටිගේ ස්වාමිපුරුශයා මුණ ගැසුනි. සිනහවකින් අපට සංගහ කල ඔහු අපිත් සමග පාර ලගට එනකං ආවේය. අපිට නාන්න පීල්ලක්ද පෙන්නුවේය. හිතේ හැටියට නාගත් අපි ඉහල ගලගම ගමට සමුදෙමින් බෙලිහුල් ඔයට එන්නට ආවෙමු. ගලගම මිනිස්සු නං ඇත්තෙන්ම රත්තරං මනුස්සයෝය. ආගන්තුක අපි සමග සැමවිටම සිනහ වෙමින් තම නිහතමානීත්වය පෙන්නුම් කලෝය. 

ආ... චූටි මහත්තයා... පාරේ ගිය මාමා කෙනෙක් මං රජා සමග කතා කලේය. 

හරි හොදයි.... මමද ඔලුව නමමින් ඔහු හා සිනාසුනෙමි.


රත්තරං ජලය
හැබැයි ගලගම ගමේ කෙල්ලෝ නං හරිම හරිම.... සුරතල්ය. රජා සමග ගවේෂක ටෙන්ට් එක උස්සගෙන එමින් සිටියේය. ගෑල්ලමෙක් තනියම එන්නීය. ඇය ලස්සනය

ගවේශක - නංගි බෙලිහුල්ඔයට තව දුරද?

ඇය උත්තර දෙන්න මෙන් අප දෙස බැලුවාය. සිනාසුනාය.

ඇය - දන්නෑහ්.... යනුවෙන් මහා.... පීචන් හඩකින් පැවසුවාය. 

රජා - හූ......ඌඌඌඌඌ

පාර හදමින් පවතින පාරක්ය. මතකේ හැටියට කහ පාටින් දුර ලකුණු කර තිබ්බේ 750+ ලෙසය. එනම් බෙහිහුල් ඔයට තව මීටර් මෙච්චරයි යන්නය. අපිට දුර වැදගත් නැත. අවශ්‍ය ගෑල්ලහමයා හා කතා කිරීමටය. තවත් එකියකගෙන් ඇසුවද ඇයගේ පිළිතුර වූයේ සිනහව පමණක්ය. 


යන්තන්... බෙලිහුල්ඔය
මෙහෙම ගමනක් ගෙවල් වලින් එන්න දෙන්නේ නැති බව සුවර්ය. එක එකා ගෙවල් වලට පතරංග බේගල් ඇද හැර පැමිණ ඇත.

මං රජා - අම්මේ අපි යන්නේ බෙලිහුල්ඔය. රෑ නවතින්නේ බුක් කරපු බංගලාවක.

නිශාන් - රෑ නවතින්නේ නගරක් බංගලාවේ.

වැලයා - අපි ඉන්නේ හෝටන් තැන්නේ... අපේ ගාඩ් එකට ආරක්ශකයෝ දෙනවා, රෑට අපි නිදාගන්නකං.

ගවේශක - තාත්තේ, අපි වනජීවී එකේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉන්නේ. කිසි අවුලක් නෑ..

අපි බෙලිහුල් ඔයට වී බදුල්ල - කොළඹ බස් එකක් එනකං පැය ගානක් කඩයක් ඉස්සරහා සරණාගතයන් මෙන් වාඩිවී සිටියෙමු. ටවුමේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලාගෙනය. නෝමල් බස් එකක් ආවේය. බෑග්  ඩිකියට පුරවා බසයට ගොඩඋනෙමු. වැලයා හා නිශාන් පැල්මඩුල්ලෙන් බැස්සේ ඇඹිලිපිටි බස් එකකට ගොඩවෙන්නටය. අපිට සීට් ලැබුණි. අතරමගදී සිදුවූයේ මොනවාද දන්නේ නැත. මං රජා ඇහැරෙන විට බස් එක ඇස් වාට්ටුව ලගය. 

ගවේශකට මීරිගම යන රෑ 11 කෝච්චිය මිස් විය. ඌ කොටුවේ ඉන්න තීරණය කල අතර මං රජා හා ඔටුවා ගල්කිස්ස බස් එකක් අල්ලගන්න පිටකොටුවට ආවේය. වෙලාවට බසයක් තිබ්බේය. 12 වෙනකොට අපි ගල්කිස්සේය. පරාට සමග ප්ලේන්ටියක් ගැසූ අපි කෙලින්ම බෝඩිමට ආවෙමු. හෙනහුරා වැටෙන්නෙත් හිගන්නාගේ පාත්තරේටමය. කාමරෙ ඇතුලේ හෝ එලියේ හූනෙක් හෝ මීයෙක් මැරිලාය. මාරම ගදය. 

මහ පාන්දර පොටෝ බැලීම
බෝඩිමට වෙලා පොටෝ බැලුවෙමු. 2ට විතර නිදාගෙන 4ට අවදි වී 4.45 දුම්රියෙන් මීරිගම බලා ආවෙමු. ඒ මගුලත් වේයන්ගොඩින් නැවතුනේය. ඉතිරිටික ආවේ වවුනියාව කෝච්චියේය. ඒකෙත් අම්බානට සෙනගය. මම රජා පුට් බෝඩ් එකේ තුන්වෙනි පඩියේය. ලැප දෙවන පඩියේය. කුඩේ පලමු පඩියේය. කෙසේ හෝ මීරිගමට පැමිණි අපි නිවස බලා එනවිට උදේ අටත් පසුවී තිබුණි. 

දින තුනකින් හරිහැටි සිග්නල් නොමැතිකමින් ගෙදරට කෝල්  කරගන්නට නොහැකි විය. අම්මා මාරාවශේෂ වී සිටියාය. ගෙට ගොඩවූ විගස ක්ෂණික වදන් මාලාවක් ඇද හැලුනි. මට ඇහුනේ නැත. කනට වඩා කකුල් දෙක ඇදුම් කන්නේය. ඒ වේදනාව වචන වලට වඩා රිදුනේය. 

උදේ අම්මා - ආයේ යනවකෝ බලන්න ඔහොම ගමන්. ගෙදරින් බත් කාලා ඉවරයි එදාට.

හවස අම්මා - කෝ බලන්න, ඔය ගිය දිහා පොටෝ :)

රෑ අම්මා - බලන්න ඒයි... මේ ලමයි කූඩාරමක ඉදලා තියෙන්නේ. සතෙක් සර්පයෙක් කෑවට ඇද්ද? පිස්සන්ගෙත් හොදම එක...

මං රජා - ^_^
_________________________________________________

හොර පාරේ මග දිග සුන්දරත්වය හා පෝස්ටුවේ සියළු රස තැන් වල සම්භාව්‍ය ඡායාපෙල මෙතනින්...

ගවේෂකගේ වෘත්තීයමය පෝස්ටුව මෙතනින්...


රාජ චාරිකා පෙල....


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

93 comments:

  1. පිස්සු හැදෙනවා මලයා.මේ අද්දැකීම් ලංකාවේ කි දෙනාටද තියෙන්නේ. ඇවිද්ද පය දහස් වටී මලයා.ඔබට ජය

    ReplyDelete
    Replies
    1. අපි වගේ අමාරුකාරයෝ ඇරෙන්න වෙන මිනිස්සු මේවා යයිද? :)))

      රාජ සම්පත!!!

      Delete
  2. සෝයි ගමන අනේ... හම්මෝ මේක කියවද්දී බෙලිහුල් ඔය සීතල නොදනුනාම නොවේ ඈ.....

    ReplyDelete
    Replies
    1. සෝ....යි...

      සීතලට හෙම්බිලිස්සාව වදී ඈ.. :)

      Delete
  3. ඔය තියෙන්නෙ සාක්‍ෂි. දැන් ගහත හැකි බොලාට 50000 දඩේ පොළීත් එක්කම. මුන්ගෙ තරමටද වැඩ, සුද්දියොත් එක්කත් කැලේ රිංගල, ගෙවල්වලටත් කොපියක් යැවුවනම් හොඳයි වගේ, කියපු බොරු වමාරන්න.

    (ජොලි ට්‍රිප බං, උඹල නං ඇත්තටම මාර ලකී. ජය !)

    ReplyDelete
    Replies
    1. අඩෝ.......මෙන්න මූ මූණ දාලෝ......
      කෝ බලන්න!

      අනේ සුද්දි ශෝයි බං :)

      Delete
  4. ado patta oii.. j th hitenawa ban ..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කරන්න එපා ඉතින් :)

      Delete
  5. මේක කියවන් යද්දි නිකන් අපිත් ගියා වගේ දැනේනවා... :) :)
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ෂා...මරුනේ :)

      රාජ සම්පත!!!

      Delete
  6. බොහෝම ස්තූතියි මල්ලි තොරතුරු ටිකට... ඒක නෙවෙයි අර සමපෝෂ කොහොමද හැදුවේ බොලාලා...පොල් තිබුණැයි..?

    ReplyDelete
    Replies
    1. පොල් පැකට් අරං ගියේ...
      අර පොටෝවේ සුදු පාට පැකට් එකක් තියෙන්නේ පොල්.

      ඇල් වතුරෙන් අනලා....

      ආපෝ.. ඒක කෑවට වෙනම ගානක් දෙන්න ඕනේ :)

      Delete
    2. ඇයි උඹත් සුද්දියො එක්ක ඔය කැලේ රිංගන්නද හදන්නෙ. :D

      Delete
  7. //මේකෙන්ද ගහන්න ඕනේ//
    අක්ක නෑ මල්ලි අරකෙන් කියල කිව්වෙ නැද්ද......


    අම්මප ඕයි මෙව්ව පේනකොට මාව කොකියනවා.... මටත් ඔය කෑලෑ අමාරුව හෙනටම තියනවා බන්..

    ReplyDelete
    Replies
    1. මේ හරියෙදි සිංහල එච්චර බෑ... බේකර්ස් ඇල්ල හරියෙදි ඇහුවනං අනිවා කියනවා :)

      Delete
  8. නියම ට්‍රිපක්නෙ රජෝ බොලා ගිහිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නියමයි කියන්නේ මැක්සිමම් ඈ.. :)

      Delete
  9. මේවා කියවනකොට ඊරිසියා හිතෙනවා අප්පා... ලබන ආත්මෙවත් කොල්ලෙක් වෙන්න පිං කොරන්න ඕනෙ... රජා නානකොට සබනෞත් ගානවා එහෙනම් ඈ... හොදා හොදා...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ම‌ෙග් ජාතියේ එකෙක්.. හැබැයි මම ප්‍රාර්ථනා කරන්‌ෙන් කොල්ලෙක් වෙන්න නෙවෙයි.... මේ වගේ ගමන් යන්න ගෙදරින් ලෙඩ දාන්නේ නැති සමාජෙක ඉපදෙන්න.. හි හි...

      Delete
    2. හා...මගේ ජාතියෙන් දෙන්නෙක්ම ඉන්නේ...කවදා යන්නද ඉතින්...හ්ම්... :(

      Delete
    3. //හැබැයි මම ප්‍රාර්ථනා කරන්‌ෙන් කොල්ලෙක් වෙන්න නෙවෙයි.... මේ වගේ ගමන් යන්න ගෙදරින් ලෙඩ දාන්නේ නැති සමාජෙක ඉපදෙන්න..//

      මාත් මේ ජාතියේමයි.... හි හී.... :D :D

      Delete
    4. මේ කෙල්ලෝ ඔක්කොම කොල්ලෝ උනාම... අපිට බලලා සැනසෙන්නවත් කෙල්ලෝ කෝ ඈ? ;)

      Delete
    5. සිරා කතාව රජෝ +++++++++++

      Delete
  10. උඹටත් සුදු කෑල්ලක් කීවොත් අම්මෝ පැණි හලාගෙන නේද දුවන්නේ .... ආතල් ගමනක් සැප ලෝකයක් ... එල එල ඉක්මනටම තව එකක් ෆල ...:D

    ReplyDelete
    Replies
    1. උන් හොදයි බං.... උන්ගේ ලොකු ලයින් නෑ අපේ උන්ගේ වගේ :)

      Delete
  11. Replies
    1. හය්යූ ඉරිසියාවෙ බෑ ඕයි...!!!

      Delete
    2. හා හා.... එහෙම කරන්න එපෝ... :)

      Delete
  12. මරු ගමනක් ගිහිල්ල වගේ ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං.... ගිහින් ආවා :)

      Delete
  13. හි .. මරු....... ඉරිසියයි..කමක් නැහැ,,ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. අනේ.......ඉරිසියා කරන්න එපෝ.. :)

      රාජ සම්පත!!!

      Delete
  14. ////එක මොහොතක ඒවා අස්සේ දුවන්නට ගිය රජා තම රාජකීය පශ්චාත්භාගය බිම ඇනගත්තේය. ////

    අනේ අප්පා මට මැවිලා පෙනුනා මේ කෑල්ල... රජා පස්ස බිම ඇන‌ෙගන කදුළු පෙර පෙර ඉන්නවා... කදුළු එනකම් හිනා උනා... හි හි...

    වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ මහත්තයට මේක පෙන්නන්න ඕනේ... හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      අන්න බුකියේ තියෙනවා පොටෝව.... වැටුන ගමන් ගත්තා :)

      Delete
  15. හරිම වාසනාවන්ත කොල්ලො ටිකක්. යන ගමනක් පරිස්සමින්. මට අපේ කාලේ මතක් වුනා. මෙහෙම ගමන් බොහොමයක් මමත් ගිහින් තියෙනවා. 80 දශකයේ. යුද්ධෙ තදින් තිබ්බේ නැහැ ඒ කාලේ. යන ගමනක් දැන්ම යන්න. ලෝකෙට යන්න කලින් ලංකාව බලා ගන්න. එතකොටයි ලෝකෙ ලස්සන පෙන්නෙ. මම නම් කොහෙවත් අපේ මේ රට තරම් ලස්සන තැනක් දැකලා නැහැ.

    ReplyDelete
  16. පට්ට ආතල් ට්‍රිප් එකක් නොවැ. ඔය පැකට් වල දාලා තියෙන පොල් මික්ස් කරලා කෑව සමපෝෂ රහද බං..?

    ReplyDelete
    Replies
    1. මොන රහද බං...පුන්නක්කු වගේ :(

      Delete
  17. ඉරිසියාවේ බෑ බොලව්..

    ReplyDelete
  18. ඇ...රජෝ සුද්දීයෙක්ට උබේ අන්තප්පුරේට එන්න කියුවේ නැද්ද....
    නැත්නම් සුද්ධියොත් එක්ක කැලේ රිංගල සුද්දියෝ එපා උනාද....

    ReplyDelete
    Replies
    1. තාම එයාලව ගත්තේ නෑ.... තව ටික දවසකින් බැරියෑ :)

      Delete
  19. patta gamana machan rajaa
    maath asayi oya vage ravum gahanna



    ado nishanaya embilipitiyeda?

    ReplyDelete
    Replies
    1. ඔව් බං.... ඌ එහෙ එකෙක්

      දන්නවද?

      Delete
    2. නෑ බොල රජෝ මඩයගේ හෝම් ටවුන් ඇඹිලිපිටිය නේ එකයි ඇහුවේ :)

      Delete
  20. ayya liyala tiyena widiyata apith ehe giya wage danuna.... :)
    4tos tikath lassanai ayya........

    ReplyDelete
    Replies
    1. මමනේ ගැහුවේ පොටෝ... ඒකයි ලස්සන ;)

      Delete
  21. Replies
    1. ඊලග පාර එන්න අපිත් එක්ක යන්න ;)

      Delete
  22. අම්මට හුඩු එලනෙ සජෝ

    ReplyDelete
  23. //වතුර ගන්න යන අතරේ ගේ ඇතුගෙන් ගැටිස්සියක් එබිකම් කරනවා මම ලාවට මෙන් දැක්කෙමි. මම ආයේ තනියම ඉහල ගලගමට යමි. පාරද ලාවට මතකය. //

    යන පාර ලාවට හරි මතක තිබුණත් ගියොත් අතරමං.... ෂුවර්....!!!

    බෙලිහුල්ඔය මිනිස්සු හුගාක් හොදයි. ම‍ගෙත් හීනයක් තියෙනවා ඒ පැත්තෙ ඇනකර් එක දාගන්න.

    ReplyDelete
    Replies
    1. ආහා..... ඔය අහුවෙන්නේ හොර :)

      Delete
  24. කැම්පස් පටන් ගන්නකම් ඉන්නෙ අපිත් නගින්න හොර පාරෙන්....

    ReplyDelete
    Replies
    1. අන්න යමන්... හැබැයි පට්ට අමාරුයි ඈ පුතේ.

      වැඩිපුර කකුල් 2ක් අරං යමන් :)

      Delete
    2. නගිනකොටනම් ටිකක් පරිස්සමෙන් පුතේ...දැන් වැඩිය කට්ටයි නගින් නැ..බහින එක තමයි කරන්නේ..නගිනකොට පර්මිට් නැතුව වනජීවි එකට අහුවුනොත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..බහිනකොට අපි පර්මිට් තියාගෙනයි බහින්නේ..දැන් ඉන්න ලොක්කත් එච්චර හොද එකෙක් නෙමෙයි..නගරක් බංගලාව ගාවට එනකල් නම් වනජිවි එකෙන් අවුලක් නැ..එතනින් එහාට ගිහින් තැන්න ඇතුලෙදි අහුවුනොත් නම් කේස්..

      Delete
  25. මරු මරු..මාත් කොල්ලෙක් වුනා නම් රට වටේ ඇවිදිනවා.. ඒත් කොහෙද එච්චර පිනක්.. දැන් ඉතින් මහත්තයෙක් සෙට් වෙනකන් ඉන්න වෙනවා ඇවිදින්න.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් ඒකට තව කල් යයි... ;)

      හූ ඈ...

      Delete
    2. කොල්ලෙක්ම වෙන්න ඕන නැ රෙඩ්..මම දන්න කෙල්ලෝ ඉන්නවා කොල්ලන්ට වඩා හොද ෆිට්නස් තියෙන හයික් යන..ඕක සමාජ ක්‍රමයේ වැරුද්ද..කෙල්ලෙක් ගහකට නැග්ගොත් මැජික් එත් කොල්ලෙක් එහෙම කලොත් නෝමල්..මම හිතන්නේ මේ දේවල් වෙනස්වෙන්න ඕන..කෙල්ලන් කියලා සම්ප්‍රධායික රාමුව තුල සිරවී සිටින්න ඕන කියලා මම හිතන් නැ...

      Delete
    3. නැ සහෝ අවුල තියෙන්නේ සම්ප්‍රදාය ඇතුලේම නෙවෙයි. මට යන්න නිදහස තියෙනවා.. ඒත් යන්නේ නැ.. ඇත්තටම අද තනියම ගෑනු ලමයෙක්ට යන්න බැරි නිසා. මම තනියම කොළඹ ඇතුලේ කරක් ගහන කොට අහලා තියෙන ජාති.. මිනිස්සු කරන්න එන ජාති බැලුවාම ඔහොම දුර ගමනක් යන්න හිතෙන්නේ නැ.. මම ගෙදර අය එක්ක යනවා.. එතකොට කඳු නඟින එක මහ දෙයක් නෙවෙයි. ඒත් කෙල්ලෝ සෙට් එකක් එක්ක විතරක් ඔහොම ගමන් යන්න බැ.. කෙල්ලෙක් දැක්ක ගමන් නොහොබිනා කතා කියන අය ඉන්න රටක එහෙම යන්න බැ.. ඒකයි ලොකුම අවුල..

      Delete
  26. රජා නානකොට සබනුත් ගානවා එහෙනම් :ඩී

    ReplyDelete
    Replies
    1. සුවද සබන් ඇග ගාලා හායි හායි... :)

      Delete
    2. රජා ගාපු සබන් තාම ඇගේ ද කොහෙද...ඒ වතුරට සබන් යන්නේ නැ අනේ...

      Delete
  27. baduwak gahapan etakota oya mool amaruwa adu wei

    ReplyDelete
  28. යනවා නම් මෙන්න ට්‍රිප්. ඔය නන්පෙරියල් පැත්තෙන් බහිද්දී තියනවා කියන "අශෝක වනය" දැන් නැද්ද.. පහුගිය දවස් වල ගින්නට අහුවෙලා ද කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. අශෝක වනය තියෙන්නේ ඉන්දියාවෙනේ බං :)

      Delete
    2. ඈ..හ්.. බැංකුවට වැරදුනා වත් ද ? :) හැබැයි නන්පෙරියල් පැත්තෙ එකෙක් කිව්වෙ ඔය කතාව. ඒක එහෙනම් සාමාන්‍ය කතාවට හදාගත්ත නමක් වෙන්න ඇති.

      Delete
  29. නියමයි මල්ලි. මට නම් ඊරිසියාවෙ බෑ. අපේ අම්මා මේ දවස් වල නුවර යනව කිවුවත් බෑ එපා කියාගත්තු ගමන්. මොකද මන්ද
    ඒක නෙමේ, Ranweli village ඇවිත් අපේ ගෙදරවත් එන්නෙ නැතුව ගියා නේ?

    ReplyDelete
    Replies
    1. හෑ...? ඔයාලා ඉන්නේ ඒ හරියෙද?

      ඒක තමා මට දැකලා පුරුදු ලස්සන ගෑල්ලමෙක් ඉන්නවා දැක්කා පාර අයිනේ..
      සුවර් එකටම සිදූ අක්කා තමා ඒ.. :)

      Delete
  30. මුන්ව මරන්න එපැයි යකෝ!!!!

    ReplyDelete
  31. හිටින් නිවාඩුවට ලංකාවට එනකං.. ගිහින් ඇවිත් දානවා ෆොටෝ... :)

    ReplyDelete
    Replies
    1. එල එල.... දාපන් දාපන්.
      අපි ඇවිල්ලා විනාස කරනවා..

      Delete
  32. මගෙත් යාලුවෙක් ඉන්නව බොල ඌ දැන් US යුනියක ඉගෙන ගන්න ගමන් උගන්නනවා. ඌත් සමපෝෂ ලෝලියෙක්නෙ. මට මතක් වුනේ ඌව.
    උඹල එකිනෙකාට මඩ ගහගෙන පේනවා නේද දැන් උඹලා ජොක්කු ඇඳගෙන නාන්නත් බයයිනේහ්? අර කකුල් දෙකටම කලිසං ඇඳගෙන නාන්නෙ ?
    LOL

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ජොකා ගහලා නාන එකක් තියෙනවා අරුං ගාව.. වැඩිය සදදේ දැම්මොත් දානවා කියලා තියෙන්නේ :)

      ඇඩ් එකටත් යමු බලන්න :)

      Delete
  33. නියම වැඩක්...

    ReplyDelete
  34. අඩේ ඔය ගවේෂකව දවසක බුක් කරලා අපිට ගන්න බැරිද බං????????
    යන්න ඕන කම තිබ්බට ඒ වගේ දන්න බුවෙක් අපේ සෙට් එකේ නෑ..

    ReplyDelete
    Replies
    1. :D :D බුක් කරන්න දෙයක් නැ බන්...කට්ටය දවසක යමු හොද හයික් එකක්...

      Delete
    2. මට කොමිස් එකක් දීපන් ඈ.. ;)

      Delete
  35. එළ එළ රජෝ...මේ හයික් මම උබට කිව්ව වගේම නෙල්ලි ගෙඩියක් වගේ හයික් එකක් බන්...හැම රහක්ම අඩු නැතිව තිබ්බා...හැමෝටම ලබාගන්න බැරි සුපිරි අත්දැකීමක්..උබලා සෙට් එක නැත්නම් මේක සාර්ථක කරගන්න වෙන්නේ නැ බන්..අඩ අඩ බැන බැන හරි උබලා ටික මේ ගමන ආපු එකට මට සිරාවටම හැපි බන්...තැන්කියු කිව්වා ඕන්...

    ReplyDelete
    Replies
    1. අන්න එදා වචනේ... මට අමතක උනා කියහන්කෝ ලියන්න :/

      Delete
  36. මොනා උනත් නියම ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ..

    ReplyDelete
  37. "PASWAHAN DHASAKTA RAJA WENA" O/L karala apit giya. aymat aswak ati una yana. yana isara oba tumagen Adivse ekak ganam.
    Jayawewa.
    Sajith Mendis.

    ReplyDelete
  38. පට්ටම ගති පෝස්ට් ටික... තව කොහේ හරි පලයන් බන්... අපි උබල යන තැන් බලල සැනසෙන්නම්... අපිට ඉතින් ලබන ආත්මෙ තමා යන්න වෙන්නෙ...

    ReplyDelete
  39. මට නං උඹත් එක්ක තියෙන්නේ පට්ට ඉරිසියාවක්.. මාත් එක්ක පලයංකෝ ඔය යන මල දානෙක..

    සුපිරියි බං.. මට හීනයක් වගේ මැවෙනවා (මොකෝ මාත් ඔහොම හොර ටිප් එකක් ගියා බං)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)