Sunday, November 17, 2013

යාපහු සිංහයා සොයා - A Road Trip To YAPAHUWA


පහුගිය ටිකේම කැම්පස් එකේ වැඩ තොගේකට අහුවෙලා අපේ සෙට් එකම හිටියේ ආතක් පාතක් නැතුවය. වෙනදට පොඩි නිවාඩුවක් හම්බුන ගමන් කොහෙ හරි කන්දක්, ගලක් දිගේ, කැලයක් අස්සේ හෝ අඩුම තරමේ කොල්ලෙක්ගේ ගෙවල් පැත්තේ ගිහින් ගිහින් සවාරියටම පුරුදු වෙලා හින්දා, කොහෙවත් යන්න නැතුව නිකන් සාංකාව වගේය. කට්ටිය රජ ගෙදර ආපු වෙලාවේ යාපහුවේ යන්න හිටියත් ප්‍රවාහන පහසුකම් හා කාලය හිගතාවය මත වැඩේ ජෝන්බාස්ට ගියේය. නිවාඩු පිට දවස් දෙක තුනක් ගෙවී ගියේය. දැන් නම් ගෙදරට වෙලා ෆිල්ම් බල බලම ඉන්නට බැරිය. රජා වහාම ඉස්සරහ ගෙදර සැළලිහිණියට කතා කලේය.

රජා: ඒ බං...කොහෙහරි යමන්කෝ. මට එපා වෙලා ගෙදර ඉදලා. 

සැලා: යමු... බයික් එකේ යාපහු යමුද?

රජා: සුපිරී... යමන්කෝ. 

එලෙසින් යාපහු ගමනේ ආරම්භය ගැනින. සැලයාගේ යාළුවෝ දෙන්නෙකුත් බයික් එකේ එනවා කීවේය. මටත් තනියම යන්න බැරි එකේ අතිජාත පාප මිත්‍රෙයකුටත් කතා කලේය. ඌට තිබ්බ තදියම කොච්චරද කියනවානම් සෙනසුරාදා යන්න තිබ්බ ගමනට මූ සිකුරාදා හවස් වෙනකොටම අපේ ගෙදරය. කෝමහරි යන්න සෙට් එක පස් දෙනාය. සුපුරුදු පරිදි ඉතා වාසනාවන්ත ලෙස සැලයාගේ යාළුවෝ දෙන්නා හැලුනේය. දැන් යන්න ඉන්නේ 3ය. තියෙන්නේ එක බයික් එකය. බයික් එකේ යන වැඩේටත් ඉතා සම්භාව්‍ය ලෙස කෙල උනේය. ට්‍රිප නම් ලොවෙත් යන්නම ඕනේය. අම්බලම් බලන්න ගියාවගේ මේ පාරත් සැලයාගේ ආටා එකේ පිහිටය. අපි තෙල් ගහන පදනම මත වීල් එක හොරෙන්ම ඉස්සුවේය. 

යුවරජා සමග රජා එක ඇදක නිදිය. දුලියා අනිත් ඇදේය. හෙට ඇදගෙන යන්න මල්ලිගේ ෂෝටකට පර්මිෂනුත් ඇද උඩදීම ලබාගත්තේය. යුවරජාගේ දැඩි පාපහරවල් හමුවේ රජා නොසැලී දොයියෑවේය. උදේ 6 නැගිටලා අම්මා කෙහෙල් බැදලා දුන්න සිමෙන්ති කොට්ටේ වගේ බත් දෙකත් අරගෙන 7.30 වෙනකොට ත්‍රී වීල් එකට නැග්ගේය. නගින කොටම බීපු කිරි එක උගුරට එන සීන් එකක්ය. අපේ රියදුරු සැලයා බයික් එලෝනකොට දාන අයිටම් එක වීල් එක එලවන්න දාගෙනය. 

දුලියා: මොකද යකෝ මේ...?

සැලයා: බෑ බං... අත ඉවරයි. 

රජා: සගකුත් දෙන්නද දාගන්න?

සැලයා: කෝ කෝ....

රජා: යකෝ උදේ පාන්දර සග දාන්න එපා. විලි ලැජ්ජාවේ බෑ...

සැලයා: ආහ්... ඕක දාගෙන ගිහාම ෂෙඩ් එකේ උන් මහත්තයා කියනවා. එදා මම දාගෙන ගිහින් මට මහත්තයා කිව්වා. මං හිතන්නේ ත්‍රීවීල් එලෝන එකෙක්ට මහත්තයා කිව්වමද කොහෙද.... වෙනදට මචන් පචන් නේ...


ලොල් සීන්
අම්මා දීපු හොදි බකට් එකත් එක්ක උදේට කන්න පාන් රාත්තල් දෙකක්ම දඹදෙණිය කඩේකින් ගත්තෙමු. දැන් කෙලීන්ම ඇදෙන්නේ යාපහුව හොයාගෙනය. ඒ අස්සේ දැන් හැදෙන කෙල්ලෝ බස් එකට නගින හැටි පොටෝවකට අහු උනේය. සැලයාගේ වංගු ගැනිල්ල ගැන කතා කරලා වැඩක් නැත. මූ ලග නමන නැමිල්ලට කොයි මොහොතක හෝ වීල් එක උඩුකුරුඤ්ඤං වෙයි කියලා අපි හිටියෙ පට්ට බයෙන්ය. ඒ අස්සේ වතුර බෝතල් ටික දෙපැත්තට පෙරලෙන්නේය. කොච්චර බැන්නත් මූ නමන්නෙම ලගය. 

ඔන්න මෙහෙ කෙල්ලෝ
ලස්සන වැවක් ලග නතර කලේ උදේ ආහාරය සදහාය. කැමරාව මානගෙන දුලියා කොක්කු පස්සේ දිව්වේය. ඌ නම් පට්ට කොකාය. පාට පාට උන්ය. මං හිතන්නේ ඌ නම් පාලං කොකෙක්ය. පාන් කකා ඉන්නකොට අර හැමදාම හම්බෙන සංසාරගත බලු මිත්‍රයෝ දෙන්නෙක් ආවේය. කාලා කාලා බැරිම තැන ඔක්කොම ටික උන්ට පුදලා අපි ආයෙත් ගමනේ ඇදෙමු. ඒ අස්සේ කටුපොත ටවුන් එක හරියේ පාර  හදනවාය. කෑවා විතරය. අලි නාවන වලවල්ය. එකකින් ගොඩ එනකොට අනිකට වැටෙන්නේය. 

කොකා

පාන් කමින්
 අපි: *** වලවල් වල දාන්න එපා. බඩ කොර වෙනවා...

සැලයා: හි හි හි...

මූ ඊටත් පස්සේ පාදෙණිය හන්දියට වැටෙන ෂෝට් කට් එකක් කියලා හද්ද කැලේ පාරකින් අපිව එක්කගෙන ගියේය. ඒක ඊට හපන්ය. වලවල් විමානයය. අර වාරියපොළට ගිහින් ගියානම් ඊට වඩා සැපය. පාදෙණියට එනකොට නම් බඩ සැලඩ් වෙලා තිබුනේය. එහෙම්මම කෙලීන්ම දළදාගමට විදලා මහවට ආවේය. මහව ස්ටේෂන් එක පහුකරනවත් එක්කම අපිට ඇඩුනේය. අම්මටසිරි ඒ වන්නි හත්පත්තුවේ පොශ් කෑල්ලක්ය. 

සැලයා: යකෝ අර බලහල්ලා...

කාගෙදෝ මන්දා හොම්බ දිග ලොකු කැමරාවක් සටපට ගාලා ක්‍රියාත්මක උනේය. 

රජා: ඔන්න බලාගනිල්ලා... මහවටම එකයි....!!!

මහවටම එකයි...
අර බඩකොර වෙච්ච කතා, සැලයට කුණුහබ්බෙන් බනින ඒවා මොහොතකට නෑසී ගියේය. මහවටම එකයි එක දිහා කට්ටිය හැරි හැරි බලන්නේය. අයියෝ....දන්නෙම නැතුව යාපහුවටත් ඇවිල්ලාය. වීල් එක නැවැත්තුවා විතරය. ආයෙත් සැලයාගේ ජාතිය ඇමතිම ඇරඹුනේය. එතනම අඹ අච්චාරු විකුනණ සෙට් එකක්ය. දුලියාට නම් අසාධ්‍යයය. 

දුලියා: අයියේ ටොයිලට් කොහෙද?

අයියා: අර තියෙන්නේ..

දුලියා: සුදුපාට එකද?

එහෙම අහගෙනම මු ඒ පැත්තට ක්ෂණිකව ගියේය. 

අයියා: සුපිරි නම් නෑ...ඔහොම තමා තියෙන්නේ. මූ හිනා වෙවී කීවේය. 

සීන් එක කියන්නේ, අරෑට ඇහිලා තියෙන්නේ සුදුපාට එකද කියන එක සුපිරිද කියලා වගේය. මට නිකන් තෝන්තුව වගේය. පස්සේ ඕක රජා දුලියගෙන් ඇහුවේය. 

රජා: මොකද්ද යකෝ උඹ ඇහුවේ? ටොයිලට් සුපිරිද කියලද ඇහුවේ?

දුලියා: ඒක තමා යකෝ... ඌ මොනා කිව්වද මන්දා. 

අපි ගල් පඩිපෙළ ලගට ගියෙමු. හත්වලාමේ... බඩපපුව හෝස් ගාලා ගියේය. පඩිටික තියෙන්නේ මේමය. නිකන් ඉනිමගේ යනවා වගේය. කලින් ආපු නඩ 2ක් විතර පඩිපෙලේ ගාටනවාය. ඒ අසේසේ කෙල්ලෝද සිටියාම නොවේය. අපිට පොටෝවක්වත් ගහන්න බැරිය. උන් අයින් වෙනකන් අපි ඉදගෙන සිටියෙමු. ඔය අස්සේ ඕක බලාගන්න අංකල් අපිට සෙට් උනේය. 

අංකල් - පුතාලා කොහෙද?

අපි - ගිරිඋල්ලේ අංකල්..

අංකල්- ආ.... කට්ටිය යනකන් ඉදලා පොටෝ ගහන්න නිවාඩුව. 

අපි - හරි හරි...

වයසක කට්ටිය හති දාගෙන නැග්ගේය. නොපෙනී ගියාට පස්සේ අපි වැඩ ඇල්ලවෙමු. එක එක ඇක්ෂන් වලින් පොටෝ ගහන්නේය. බිම බඩගාගෙන, උඩ බලාගෙන, බිම බලාගෙන, හිටගෙන, ඉදගෙන එක විකාරයය. බැරි වෙලා හෝ ඒ වෙලාවේ යාපහු සිංහයෝ දෙන්නට පණ ආවානම් එහෙම අපිව මරන්නේ හපලාය. ඇයි යකෝ උන් දෙන්නට දීපු වදයක්. අර රජා කියන එකා උගේ කම්මුලකුත් කොනිත්තලා පොටෝ ගැහුවනේ. 


පොටෝ ගහලා ඉවරවෙලා අපි කෙලින්ම ඇදුනේ යාපහු ගල මුදුනට යන්නය. පඩි සකසා ඇත. සෑහෙන කාලෙකින් යන හින්දා පඩි 10 නගිනකොට බල්ලට වගේ හතිය. දිව පපුවේය. මුදුනට කිට්ටු වෙනකොට දාඩිය හැලි ගණන්ය. දිව ගිලිලාය. 

දුලියා: යකෝ අර කෙල්ලෝ කොහොම නැග්ගද මන්දා...

සැලයා: හා හා... කෙල්ලෝ ගැන කියන්න එපා.... මතකනේ එදා.....

රජා: හහහා... දවසේ කතාව ඕයි!!!

සැලයා ඒ මතක් කලේ, වැලයා විසින් සිදු කලා වූ ශතවර්ශයේ හොදම කතාවය. මැරෙනතුරා ඒ වචන කීපයනම් අපිට අමතක නොවෙනු ඇත. අපි කන්ද මුදුනට යනකොට අනිත් අය බහින්නේය. අපි හොදට ගිමන් හැරලා හිතුසේ පොටෝ ඇල්ලුවෙමු. ගල උඩ දර්ශනය නම් පට්ටය. සුපිරිය. ලොවෙත්ය. හුලං පාරත් පංකාදු පහය. ටික වෙලාවකින් කොහෙදෝ මන්දා ඉදලා ආපු වැස්සක් කඩන් පාත් උනේය. අපි ගලෙන් පල්ලෙහාට බැස්සෙමු. තබ වැස්සේ කුඩ ඉහලගෙන කැමරා තෙමෙන්න නොදී, අපි තෙමි තෙමී වීල් එකට නැග්ගෙමු. 



වැස්සේම නැවතත් ඇදුනේ කලින් කතිකාකර ගත් පරිදි රිදීබැදි ඇල්ල බලන්න යන්නය. ඒ උනාට හෝ ගාලා වහින්නේය. ඒ අස්සේ සැලයා හෙන හයියෙන් යන්නේය. වතුර ආටාව ඇතුලටත් විසිවෙන්නේය. 

රජා: යකෝ හිමින් යමන්...පාර ලෙස්සනවා. 
අනේ මන්දා බං... හිමින් ගියත් මූට බයිනවා. හයියෙන් ගියත් බයිනවා. හි හි හි...

සැලයා: හොද වෙලාවට දැන් එන වීල් වල ෆියුස් එක යට නෙමේ. නැත්තන් වැස්සනම් ඉවරයි...

අපි: එහෙමද?

සැලයා: ඒත් වෙලාවකට මේකත් හිටිනවා...

රජා: කට වහගෙන ඕක එලෝපන්... මග ඉන්න බෑ යකෝ.... 

බයික් එකේ එන්න නොවුනේ වෙලාවටය. නැත්තන් ගෙදර යනකොට තෙමිලාම ජලභීතිකාව හැදිලාය. ටිකක් දුර යනකොට වැස්ස පෑව්වේය. කුරුලු පැටව් එලියට බහින ටයිම් එකය. හෙන ගාලක් අස්සේ හිටපු කුරුල්ලෝ අල්ලන්න වෙල් යායක් දිගේ හිටන් රිංගුවේය. වැඩි වෙලාවක් ගියේ නැත. මේ පැත්තට සුපුරුදු කට්ට කරවෙන අව්ව නොඅඩුව ලැබුනේය. රිදීබැදි ඇල්ල ලගට ඇවිත් සිමෙන්ති කොට්ටේ වගේ බත් එක කෑවෙමු. ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා වේල්ල කිට්ටුවට ගියෙමු. එතනත් පොටෝය.  මේ දවස් වල වැස්ස හින්දා වේල්ලෙන ලස්සනට වතුර වැක්කෙරෙන්නේය. ටිකක් වෙලා ඒක දිහා බලන්හිටපු අපි නැවතත් ගෙදර බලා එන්න ආවෙමු. 





මගදිගට කම්මැලිකම මකන්න හැමෝටම ඇහෙන්න සින්දු දාන්න රජාගේ බටු ෆෝන් එක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේය. සැලයාගේ අටමගල් ආටාවේ සෙට් එකක්වත් නැති එක දුකක්ය. ෆුල් වොලියුම් දුන්නට අතේ තියන් හිටියට ඇහෙන්නේ නැත. විසදුම සරලය. ස්පීකරේ කන ගාවින් තියෙන්න ෆෝන්එක වහලේ අස්සේ ගැසිය යුතුය. 

මෙන්න ක්‍රම

සම්භාව්‍ය පොටෝ ඇල්බමය

...මෙතනින් (රජා)...
සහ
...මෙතනින් (දුලියා)...  


ප/ලි:

යාපහුවේ පඩිපෙල අංශක 70ට හදලා තියෙන්නේ සතුරන්ගෙන් දළදා වහන්සේට වන හානි අවම කරන්නලුනේ.
 
අපි තුන්කට්ටුව ආටාව සමග

රාජ චාරිකා සටහන්

 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. අඩෝ පට්ට 4තො ටිකත් ඉක්මනින් දාපන්

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. යකෝ අරකිගේ මුණ පෙන්නන තිබ්බේ. යන එන ගමනකදී දැක්ක එකියක් වෙන්නත් ඉඩ තියනවා. මොකද අපිත් ඔය වගේ අය දිහා හොදට ඇහැ ඇරලා බලන එකනේ

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ඔහොම්මමයි

      Delete
    2. පූමා... ඒක හරි නැනේ නෙහ් :)

      Delete
    3. එහෙම තමයි අපුවෝ කොල්ලෝ උණාම.

      Delete
    4. අපූරුයි ඔමායාට ජෙල වැලදිලා :))

      Delete
  4. හොද ෆොටෝ ටික දාහන් ඉක්මනට අර කෙල්ලගේ වෙස් මුණ අයින් කරහන් කන මොකුත් කරගන් නැතුව

    තව දෙයක් උබ දැන් අර උබලගේ අලියා වගේ වෙනවා කෑම අඩු කරපන් නැත්නම් ජිම් පලයන්.... තෝ දැන් බඩ වේගෙන එනවා :))

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි ගේමද බොරළුවා :))

      ඔව් බං...මේ දවස්වල රෑට කෑවා එක්කෙනෙක්ගෙන් බේරෙන්න බැරි හින්දා :(

      Delete
  5. පට්ට කෑල්ලක්නෙ යකෝ , පුදුමයි උබල මහව නැවතුනෙ නැති එක :P
    මූණ හංගපු නැති හයි රෙසලූෂන් පොටෝවක් දැම්මානම් අගනේය :D

    ReplyDelete
    Replies
    1. මහවටම එකයි...

      කැලේ පිපුණ මල් කැලේම පර වෙන්න දෙන්න හොද නෑනේ. නැද්ද මං අහන්නේ? =))

      Delete
  6. හා හා......ඔය ගිහින් තියෙන්නෙ මරු ට්‍රිප් එකක් :-D

    ReplyDelete
  7. අර ඉන්නේ කොකෙක් නෙවෙයි “කිතලා“ කියන සතා නේද බං..?

    ReplyDelete
    Replies
    1. ඔව්..මුන් දන්න පාලං කොක්කු

      Delete
    2. කුරුළු විශේසඥ දුලියා කියන පරිදි... මූ වූ කලී කිතලා වේ.....!!!!

      අනේ මේ හසරැල්... පලයන් බං නිකන් කොකෙක් නොවී :))

      Delete
    3. පහන් කොකා කියල මං හිතුවෙ

      Delete
    4. එහෙම උනුත් ඉන්නවද?

      Delete
  8. හොදයි හොදයි තව පලයන්.ඔයකාලෙ නොගිහින් ආයෙ කොයි කාලෙ යන්නද නෙද

    ReplyDelete
  9. මරු මරු මගේ ට්‍රිප් ලිස්ට් එකට තව පොට් එකක් එකතු උනා.......පඩි කියක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. ආහ් අක්කේ, ලබන පාර ලංකාවට ආවම යන්න... ගියපාර අම්බලමට ගියා වගේ :)

      අන්න අමතක උන එක. පඩි ගනින්න බැරි උනා!!!

      Delete
  10. ගමන නම් සුපිරියට ගිහින් තියනවා.. අපිත් ඔය ගමන ගියා කෝච්චියේ සෙට් එක එක්ක. ඒ නුවරින් කුරුණෑගල ඇවිත් එතනින් යාපහුවට. මහවදී රේල් බස් එහෙකුත් සෙට් උනා.
    උඩටම ගියාම නම් සුපිරියි තමා.
    පොඩි ප්‍රශ්නයක් තියනවා.. අම්ම උදේ කෙහෙල් බැඳලා දීපු එක දවල් වෙනකොට බත් උනේ කොහොමද??

    ReplyDelete
    Replies
    1. ෂා එහෙමද? එල එල....

      කෙහෙල් කොලේ වෙන්න ඕනේ බං :))

      Delete
  11. මේ පැත්තෙ ඇවිත් මොන පෝස්ටුව කියෙව්වත් බඩ කට පිරෙන්නට හිනා යන්නේය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඒ මේ පැත්තෙ හැටිය =))

      Delete
  12. යකො රජෝ අර මහව කෑල්ලගෙ ෆොටෝ කෑල්ලට වෙස් මුහුණක් සවි කිරීම තර‍යේ හෙළා දකිමි.

    ReplyDelete
    Replies
    1. පව් බං...මගෙ රසිකාවියක්ද කවුද දන්නේ :)

      Delete
  13. මී මුරේ ,දෙතනගල . යාපහුව මේ සතියට ට්‍රිප් 3යි ,, මාත් ඊයේ ගියා මලමුහුදේ නාන්න හෙට අනිද්දා ලියනන්ම් ,, :-f

    ReplyDelete
    Replies
    1. නෑවට කමක් නෑ... ඔයා නාන පොටෝ නම් දාන්න එපා තුදූ... y-)

      Delete
    2. =D> ශික් විතලක් මුගේ කටට වෙඩිතියන්න ඕනේ ඉදගෙන

      Delete
    3. මමත් ඉදගන්නද? =))

      Delete
  14. පාලම් කොක්කු වගේම පණ නැති කොකා ලත් ඇත. කාන්තාවන් පරිස්සම් වීම සුදුසුය.

    ReplyDelete
    Replies
    1. පණ නැති උන් තමා භයානකම :))

      Delete
  15. ෆොටෝ වල රජාගේ රාජ තේජස උතුරන්න්නේය ...
    උතුරන වැඩිකමට කුබිත් වහහයිද මන්දා

    ReplyDelete
    Replies
    1. මොනවා.....????

      කූඹි වනාහි අහිංසක ජීවීන් වේ :))

      Delete
  16. මරු මරු.මේ කාලේ යන්නේ නැති ට්‍රිප් ආයේ කවදා යන්නද.කොල්ලෙක් නොවී කෙල්ලෙක් වෙලා ඉපදුන ඒක ගැන දුක හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල්වලට තමා :/
    අර අක්කද නංගි ද කවුද එක්කෙනා රජාගේ රසිකාවියක් ද දන්නේ නෑ ඕන්.

    ReplyDelete
    Replies
    1. දුක තමා රංගනී... මොකෝ කියන්නේ අර අපෙ පවනියා වගේ මාරු වෙමුද? =))

      Delete
  17. මහවටම එකයි...
    බෙදා ගැනීමට ස්තුතියි!

    එක හුස්මටම කියවගෙන ගියා

    ReplyDelete
    Replies
    1. එල...

      ඒ එහෙම කියෙව්වේ කෝමද බං?? :-?

      Delete
    2. උඹේ ලිස්ට් එකෙන් අරන් තමයි දැන් කමෙන්ට් කරන්නේ. ඔය උඩ හරියෙන් ගත්ත දෙකක්.

      Delete
  18. එල එල.. දැන් යාපහුවේ සිංහයා නැහැයි කියන එකේ වල් රජා උඹ ඒක හොයලා බැළුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සිංහයා පශ්ශ පැත්ත හපාගෙන මැරිලලු අපි ඌට වද දීපුවා ඉවසන්න බැරුව... :))

      Delete
  19. අර ඉන්නේ පොදු දම් කිතලා කියන එකා යකෝ! කොක්කු නෙවෙයි!!

    ReplyDelete
  20. අඩේ ආටා ට්‍රිප් එක මරු බං :D
    පට්ට පොටෝ ටිකක් අරං ..

    ආපහු යාපහු යන්නෝනි ^_^

    ReplyDelete
  21. යාපහුව කියන්නේ අපේ ගෙදර වගේ තැනක් බං... අපි කාලයක් දළදාගම හිටියා... එන එන එවුන්ව එක්කගෙන යන්නේ යාපහුව... පන්සලෙන් කාල තමයි එන්නේ....

    මම අහන්න හැදුවේ අර උඩ තියන පොකුණ ලඟට ගියේ නැද්ද කියලා... ෆේස්බුක් එකේ දැක්කා ඒක... ඉස්සර අපිට ඕකේ පඩි වලින් ගිහින් එපාවෙලා, අපි වෙන වෙන පැතිවලින් වැල් දිගේ බඩගාලත් නගිනවා... ඕක උඩට වෙලා පැය ගණන් බයිලා ගහ ගහ ඉන්නවා... අර සීගිරි කාශ්‍යප කියන ෆිල්ම් එකේ කොටස් ගොඩක් අරං තියෙන්නේ යාපහුවේලුනෙ... ගලේ පෙනුමේ තියන සමානකම් නිසා..

    ReplyDelete
    Replies
    1. එහෙමද??? සිරානේ...

      අපි යනකොටත් කපල් එකක් පදුරක් අස්සේ බයිලා ගහනවා. සුවර් කොටුවක්... :))

      Delete
  22. සුපිරි මචන් කතා කරල වැඩක් නෑ.. ඇඩෙනව.....

    ReplyDelete
  23. මේ ප්‍රදේශයට සම්බන්ධ ඉතිහාස කතාත් ගොන්නක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්බේ ඔව්.... ඕවා අදින්න යන්න එපා. පික්සු හැදෙනවා!!!

      Delete
  24. මේකත් සුපිරි ගමනක් නේද රජෝ?

    ReplyDelete
  25. මරු ට්‍රිප් එක... !

    ReplyDelete
  26. කොහොමත් රජාගේ ෆොටෝ ඇල්ලීමේ හැකියාව නම් උපරිමයි. මම මේ අහුවමද කොහේ සඟක් දාගෙන ආටා එකක් පදින එකෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. මම ගහපුවා නෙමේ බං... දුලියා ගහපුවා. මම එකයි දෙකයි ගැහුවේ.

      අන්න එහෙමයි අපේ කස්ටිය =))

      Delete
  27. අඩවි රජ ගෙ වැඩේ ඉතින් ඇවිදින එකයි කන බොන එක යි!

    ReplyDelete
  28. උඹලා ආටා එකේම ඇදලා තියෙන්නෙ...මම හිතුවෙ අපි වගේ බයික් වලින්ම යන්න ඇති කියලා...ඔය කොක්කු අතර කරවැල් කොක්කු හිටියෙ එහෙම නැද්ද ? මම තාම යාපහුවට ගිහින් නෑ බන්...ඒකත් ඔන්න අද ලිස්ට් එකට දා ගත්තා...ට්‍රිපක් යද්දි බොක සීන් එකක් නැත්තං සෑහෙන අඩුවක් ඒක....

    ReplyDelete
    Replies
    1. මමත පොඩිකාලේ ගියාට පස්සේ මේක තමා ආයෙ ගිය දවස. මතකයක් තිබ්බෙම නෑ.

      අනිවාර්යෙන් බොකක් තියෙන්නෙම ඕනේ... =))

      Delete
  29. ගම මහව වුණාට කොළම හතවගේ තමයි. නියම ට්‍රිප් එක දුෂ්කර වුනත් පොල්පිතිගම කිට්ටුවට යනකල් දැන් පාර හොඳද මන්දා

    ReplyDelete
    Replies
    1. පොල්පිතිගම??? හොදද මන්දා නෙමේ.... සුපිරි..... විදිල්ලක් තියෙන්නේ තනිකර..!!! :)

      Delete
  30. ලස්සන ෆොටෝ ටික රජෝ..මේ කොකාගේ ෆොටෝ එකේ ඉන්න කුරුල්ලා කොකෙක් කියල ෂුවර්ද රජෝ..මම අහල තියෙනව අපේ පැත්තෙ ඌට කියන්නෙ දිය කුකුළා කියල..මොකක්ද දන්නෑ රජෝ හරිම නම..

    ReplyDelete
  31. පට්ට ට්‍රිපක්නෙ රජා ඇදල තියෙන්නෙ.
    ඇයි බං ඔය පැත්තෙ ත්‍රීවීල් එලෝන එවුවන්ට මහත්තය කියන්න කවුරුවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑනේ. ඔය පැත්තේ කියනවද? :))

      Delete
  32. අඩෝ පට්ට ට්‍රිපක් නේ.......සුපිරි ආතල් බං උඹලා ගන්නේ

    ReplyDelete
  33. අඩේ යන්න ඕන බන් ට්‍රිප් එකක් මතක හිටින්න. ලඟදි එකක් ගියා විස්තර මතක නෑනෙ.ඊළඟ පාර නම් මුල ඉඳලම පොටෝ ගහගෙන යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙහ... අපි වගේ පිළිවෙලට පලයල්ලා :)

      Delete
  34. බලාගෙන ගියාම ඒකත් රජ ගමනක් නොවැ...

    ReplyDelete
  35. පට්ට ගමනක්....

    ReplyDelete
  36. Mama yapahu gihin naha.e wunata rajage live wistra pracharaya ekka giyaaa wage danenawa....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)