Tuesday, August 20, 2013

හිරිමල් එතනා සොයා කළුන්දාවට ගියෙමු (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අපේ අප්‍රසිද්ධ රජමහා විහාර ප්‍රොජෙක්ට් එක නිවාඩු හිගතාවය මක එහෙන් මෙහෙන් කූරියා ගැහුවේය. නමුත් මේක එහෙමත් විනාස වී යන්නට ඉඩදිය නොහැකිය. වෙනදට යන එකෙක්වත් අද ආවේ නැත. මම අපේ යුව රජ මලයා සමග ගමන ආරම්භ කලෙමි. 

දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වන්නේ නැත. මේක කියවන හුග දෙනෙක් සිරි පැරකුම් ෆිල්ම් එක බලන්නට ඇත. රජතුමාගේ කුඩා කාලය ගෙවුන හැටි, අගබිසව වෙච්චි ගෑණූ දරුවා සෙට් උන හැටි එහෙම අගේට ෆිල්ම් එකේ ඇත. පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ලංකාවේ ඊලග රාජධානිය උනේ දඹදෙණියය. රජාගේ බොක්කේ සෙට් එක රජ ගෙදර සවාරිය වෙලාවේ දඹදෙණි රාජධානියේද සංචාරයකට එකතු උනේය. දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව හදලා තිබ්බ මාලිගා ගල එහෙම බලලා ඒ ලගම තිබ්බ පිට්ටනියක ක්‍රිකට් එහෙම ගහලා ෆුල් ෆන් දවස් දෙකක් අහවර කලෙමු. 


කළුන්දාව ගම මැදින්
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ කළුන්දාව නම් ගමේය. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙසය. අප්පුවා ලෙස නම් ලද පරාක්‍රමබාහු කුමාරයාට පෙම් කරන්නට ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනා පැකිලුනාය. ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනාය. 

අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්නපොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.

අපි ගම වටේම ඇවිද්දෙමු. බලන බලන අත වෙල් යායවල්ය. මෝටර් සයිකලේ පැදගෙන යන අපේ මූණ බල බල ගැමියන් සිනාසුනේය. අපි ගමේ උන් නොවන බව උන් සහසුද්දෙන්ම දන්නේය. පරාක්‍රමබාහු කුමාරයා කොයිතරම් ලස්සන ලමා කාලයක් ගෙවන්න ඇත්ද යන්න අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සිතාගත හැක. මන්ද  ඒ ගම්මානය අදටත් ඒ තරමට ලස්සනය. ඒ ඇවිදිල්ල අතරමැද කළුන්දාව පන්සලටත් ගොඩ වදින්නට අපි අමතක නොකලෙමු. 








කොහොමින් කොහොම හරි දැන් මේ ගම්මානය මැද්දෙන් කටුනායක-යාපනය අධිවේගී මාර්ගය ගමන්කිරීමට නියමිතය. අදියර හතරක් යටතේ මාර්ගය ඉදිකෙරේ. අපේ පැත්තේ කට්ටියට දම්පෑලැස්ස පිවිසුමෙන් නුදුරේදීම අධිවේගී මාර්ගයට පිවිසීමේ අවස්ථාව උදාවෙනු ඇත. සමහරවිට ලංකාවේ හිටියොත් රජාද පාර හදන්නට සෙට් වීම වැලැක්විය නොහැක. පාරේ යන උන් පරිස්සමින් යා යුතු වෙනු ඇත. 

ගමන්මාර්ගය: 

ගිරිගුහාරමයට යන පාරමයි. බාර් එක ගාවින් හැරිලා කිලෝමීටර් 1 1/2 ගිය තැන හම්බෙන බස්හෝල්ට් එකෙන් වමට තියෙන පාර කෙලීන්ම කළුන්දාවට. 
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

54 comments:

  1. මට උඹ ගැන ඉරිසියයි බන්. උඹට දහ අතේ රෝන්දේ ගහන්ට වෙලාව තියෙනවා. ඒකරලා පොටෝ ගහලා දාන්ටත් වෙලාව තියෙනවා. මට වෙලාවක් නැති හැටි. නුවර පැත්තේ එනවානම් කියලා එන්ටෝ... හමුවී රජ සාකච්ඡාවක් දාමු... :D

    ReplyDelete
    Replies
    1. අඩන්නැතුව ඉදහන් පුතා... අපිටත් මේ නිදහස දෙසැම්බර් වෙනකන් විතරයි :))

      නුවර නේ??? බලමුකෝ...

      Delete
  2. අධිවේගි මාර්ගයත් එක්කම ඔය සුන්දරත්වයත් ඉවරයි..
    ගෝඨා ගෙ බලකාය බෑකෝදාල නිධන් හාරගෙන යද්දි උඩ බලන් ඉන්න තමා වෙන්නෙ අපිට..බලපන්කො බොරුද කියල..මුන්ට වෑගි නෑති හෙන වෑදීයන්!!

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... දැයට කිරුළත් මෙහෙනෙ තියෙන්නේ... :))

      සුදු වෑන් පේනවෝ!!!!!!!!!!!

      Delete
  3. යකෝ! හූවක දුරින් ගෙවල් තිබිලා මේ අහැව් අස්සේ කරක් ගහන්න මට එන්න බැරි එකනේ දුක බොලව්!!!

    ReplyDelete
    Replies
    1. උඹට කෝච්චියේ විරිදු කියන්න යන්න තියෙනවානේ.

      Delete
    2. ඉතින් හිතහන්කෝ සමහර තැන් අපි දන්නෙත් දැන්නේ බං...
      ඉපදිලත් දැන් අවුරුදු 21ක් වෙනවා.

      ඕවාතමා රාජධානි කිට්ටුව ඉපදුනාම තියෙන චාන්ස් :))

      Delete
  4. මෙව්ව අපිට පෙන්නනවට උඹට රාජ සම්පත්ම ලැබේවා!!!

    ඔය ගම ගෙදරක වැඩකරපු එකයි, අක්ක අකමැති වෙලා නංගි කැමති වෙච්ච එකයි දුටුගැමුණු ගැනත් තියෙන කතාවක්නෙ. ඒ කතාවට පාදක වෙලා තියෙන්නෙ, මිසිස් ඩ්‍රැකියගෙ ගම්පළාත නිසා මං දන්නව. ආසද ඒ පැත්තෙත් මේ වගෙ සංචාරයක් එහෙම යන්න?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.. කතා දෙකම එක වගේ තමා... :)

      යං යං... ඩ්‍රැකී නෝනා අපේ ලේ බොයිද දන්නෑ.

      Delete
  5. වෙලාවක අපිත් යන්නෝනා මුංගේ ගෙදර ගිහිං කාලා බීලා වටේ පිටේ ඇවිදලා එන්න....

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියා එක.. වරෙල්ලා වරෙල්ලා!!!

      Delete
  6. උඹ ඉතිරි වෙලා තියෙන නිධන් හොයන්න වත් ද රජෝ අප්‍රකට විහාර ගානෙ ගාටන්නෙ ?
    මොනා උනත් නොදැන හිටි කතාවක් කියල දුන්නට තැන්කූ හොදේ ..

    ReplyDelete
    Replies
    1. අපිට හාරන්න ඉතුරු වෙලා නෑ බං... ලොක්කා ගම කාලා :))

      Delete
  7. mokda eka paratama oya pathe karak gahuwe rajo...'???

    ReplyDelete
    Replies
    1. එක පාරට නෙමේ බං.. දැන් සෑහෙන කල් ඉදන් :)

      Delete
  8. අර ගංටාර කුලුනට දකුනෙන් තියෙන්නෙ මොකක්ද රජෝ?

    ReplyDelete
    Replies
    1. ඒක නිකන් කොඩි ගහක් වගේ. පන්සලක ඔහොම එකක් තියෙනව මම දැක්කමයි.

      ඒ පන්සල මේ දවස්වල නැවත ප්‍රතිසංස්කරණය කරනවද බං රජෝ.

      Delete
    2. ඒක කොඩි ගහක් බං... අපේ ගමේ පන්සලෙත් නං තියෙනවා බං. හැම වෙසක් පෝයකටම අළුත් කොඩි ගහක් හිටවනවා. ඕක හදන හැටි තමා බලන් ඉන්න ආසම වැඩේ. හැබැයි එපා වෙනවා.

      @ඩීඩීටී: ඔව් බං... හදනවා! :)

      Delete
  9. හරි.. හරි ... සෝමෙ මාමා බොට කීයක් දුන්නද මේ දවස්වලම සිරි පැරකුමුත් ඔබල මේක ලියනවට.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... ඔහොම කීය කීය හරි දෙනවනං මං අද කෝටිපතියෙක් :))

      Delete
  10. උඹ පෝස්ට් දාන්නේ ඒ ලෝකෙට එකයි, මේ ලෝකෙට එකයි බැලන්ස් වෙන්න නේද? මට දැනුයි තේරුණේ.:D

    ReplyDelete
    Replies
    1. බුහහහා..... පව් කමා කරගැනීමක් පේන්න තියෙනවා වගේද? :)

      Delete
  11. ///රජාද පාර හදන්නට සෙට් වීම වැලැක්විය නොහැක. පාරේ යන උන් පරිස්සමින් යා යුතු වෙනු ඇත. ///

    විනාසයි... පාරේ බෝඩ් එකක් ගහපන් .. නැත්තං අපරාදේ ජීවිත... හි හි

    ReplyDelete
    Replies
    1. වෙඩි කන්න එපා හරී... =))

      Delete
  12. මචන් සිරි පැරකුම් බලුවද??


    එල කිරි... නියම චාරිකාව... මූ අයිස් ගහන එකට හොදම උදාහරනය තමා ඔය ට්‍රිප් යන එක...

    ReplyDelete
    Replies
    1. නැත්තං... ආපු දවස් වලමයි බැලුවේ :)

      අයිස් නිකන් හම්බෙන කාලේ ගහන්න ඕනේ බං. ඕක නැතිවෙන්න තව ටික කාලයයි!

      Delete
  13. // බලන බලන අත වෙල් යායවල්ය. මෝටර් සයිකලේ පැදගෙන යන අපේ මූණ බල බල ගැමියන් සිනාසුනේය.//

    ඒලියන්ලද කියලා බය වෙන්න ඇති ඒ මිනිස්සු ....හෙක්

    ReplyDelete
    Replies
    1. ලොල්... එහෙම වෙන්නත් ඇති :))

      Delete
  14. උඹනම් අනිවා ඉස්සර ආත්මෙක රජපැටියෙක් වෙලා ඉඳලා තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කියනවා :))

      Delete
  15. පෑරකුම් ටත් වෙලා තියෙන්නෙ දුටු ගෑමුනුගෙ සින් එකම නෙ බන් .එ මොකද.එහනත් කලු එතනයි,රන් එතනයි.ඔක්කොම මෙ වගෙමයි.අනෙ බුදු රජො වදින්නම් ලන්කවෙ පාරවල් හදන්නයි පාලම් හදන්නයි නම් යන්න එප.උබට රාජ සම්පත්ම ලබෙන්න පතන්නම්

    ReplyDelete
    Replies
    1. මාව අඩවන්න එපා මනුස්සයෝ.. :))

      Delete
  16. නියම ලස්සන ගමක් වගේ. බොලත් ඉතිං රාජ කුමාරයෙක් වගේද බයික් එකේ ගියේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට ගති ඈ...

      නැතුව ඉතින් :)

      Delete
  17. ලංකාව හැරයන්නයි රජා හිතාගෙන ඉන්නෙ එහෙනං

    ReplyDelete
    Replies
    1. ඉතිං හරිනේ හැලපයියෙ, මේ බ්ලොග දැක්කනම් මූට ගෙදරින් බත් කාඩ් එක කැපෙනව, රටේ මහ එකෙක් මේක දැක්කනම් වීසා හම්බෙනවා. :))

      Delete
    2. @හැලප: එහෙම පොඩි අයිඩියාවක් තියෙනවා ඉතින්.. බලමු එන තත්වේ අනුව තමා :)

      @ඩීඩීටී: ඔව් යකෝ...අපේ අම්මා දන්නවා මං මොනවාහරි ලියනවා කියලා. මේ නෑදෑයෝ කියලනේ. හැබැයි ලියලා තියෙන ඒවා දැක්කොත් මට බඩු පැකට්!

      Delete
  18. නිස්කලංක ප්‍රදේ්ශයක් වගේ....

    ReplyDelete
  19. උඹෙත් මයිල් ගහක හරි රජ ගතියක් ගෑවිලා හරි තිබිලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම් .. හ්ම් ... ඒත් අරූ වැරැද්ද මූට මයිල් ගස් නැති එක. =))

      Delete
    2. උඹලා මාව දැකලා නෑ... මේක මයිල් ආකරයක් යකෝ!

      ලොල්............ =))

      Delete
  20. ඇතියන්තන් නියගේකට පස්සේ වැස්සා වාගේ ..... හැමදාම ලංකාවට එන්න හිතෙන්නේ නැති කතා අතරේ .... ඇවිත් බලන්න අස හිතෙන කතාවක් ....... තැන්කු රජෝ .....

    ReplyDelete
    Replies
    1. තව පන්සල් හතරක් පහක් තිබ්බා... බලන්න නිවාඩුව! :)

      Delete
  21. ආ මෙව්වා හොඳ වැඩ මෙව්වා හොඳ වැඩ.. අපි සුබපතනවා!

    ReplyDelete
  22. උඩම එකා කියපු එක තමයි කියන්න තියෙන්නෙ ඉරිසියයි.. ගියපු ලිස්ට් එකදැක්කම ඩබල් උනා.. යකෝ ෆොටෝ ටිකත් එලට වැදිලනෙ..

    ReplyDelete
    Replies
    1. ඔහොම බලාගෙන හිටහන්... තව එකතුවෙනවා ඕකට පෝලිමට :)

      Delete
  23. මේ බං අවසරයි පස්වාන්හැටහුටඅමාරකට බුදු වෙන්ට රජෝ රජාට ගහපු මල් ගල් ලිස්ට් එකේ ඊගාව එකට අර සමියා ඊයේ පෙරේදා බාල තිබ්බ බොග වරුණාව දැම්මනම් නාකද ආ? ^_^

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියා එක.. ඒක හොදයි තමා. දාමු දාමු :))

      Delete
  24. උඹත් නොයන තැනක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඒම තමා... හැමතැනම ගිහින් බලන්න ඕනේ :)

      Delete
  25. ඒ එකත් මරු බං , අපේ අම්මගේ ගමත් දඹදෙණිය ...

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි එහෙමද??? එල එල!

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)