Thursday, August 16, 2012

කිමද මේ අරුමේ...??? ( මොන මගුලක්ද ඕයි!!!) - Table Tennis

මං රජා ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේය. මේ විදුහල ගැන තවමත් නොදන්නා අය සිටිය හැක. මම දන්නා තරමින් ගෑල්ලමයි සුදු ගවුම වෙනුවට වෙනත් පාටකින් (අළු) ගවුමක් අදින එකම රජයේ පාසල මෙයයි. මේ වන විට වර්ෂ 30 සපුරන මේ පාසලේ නිර්මාතෘවරයා වන්නේ කුරුණෑගල එජාප බල කණුව වූ ජයවික්‍රම පෙරේරා මහතාය. එතුමාගේ වික්‍රම කොටස හා පාසල වටා වූ මහා ගල් පර්වතයන් හේතුවෙන් වික්‍රමශිලා යන නම මෙම විදුහලට ලැබී ඇත. 

වර්ෂය 1999 යය. මම රජා 3 වසරට සම්ප්‍රාප්ත වූ වර්ෂයය. මේ වන විට මහා වූ ක්‍රිකට් හා ටේබල් ටෙනිස් උමතුවකින් මම වෙලී ගොස් තිබුනේය. ඒ උමතුව සඵල කරමින් මව්තුමිය මේ කිරිකැටියාව උස්සාගෙන ගොස් ඉස්කෝලේ ටේබල් ටෙනිස් කෝචා ගාව අතහැරියාය. මට මාර හැපිය. පැයක් පමණ සෙල්ලං කරන අයියලා, අක්කලා දිහා කට ඇරගෙන බලා සිටියෙමි. පිංපොං බෝල ටුක් ටුක් ගගා බිම වැටෙන විට දුවගෙන ගොස් අහුලා දුන්නෙමි. 

ඉස්කෝලේ තිබුන ටේබල් ටෙනිස් රැකට් වලින් සති ගනනක් සෙල්ලම් කලෙමි. හරියට ටේබල් එකටවත් උස නැතිව යහළුවෝ සමග තරග කලෙමි. මේ වන විට මං රජාට ගිරිඋල්ල ටවුන් එකේම සම වයස් යාළුවෝ හතර පස් දෙනෙක් ටේබල් ටෙනිස් හේතුවෙන් ඇතිවී තිබුනි. උන් සමග එකතු වී පිංපොං බෝල පාගා චොප්පං කල අවස්ථා එමටය. 

එදා මහා ගොම්මං දවසකි. කෝචා පැමිණ නැත. අයියලා අක්කලා වගයක් හෝල් එකේ සෙල්ලං කරන්නේය. අපි සෙට් එකත් චණ්ඩි වගේ ඇතුලට ගියෙමු. මෙසේ කතිකා කර ගත්තෙමු. ** වැටෙන වැටෙන බෝලේ පාගමු ඈ..** ඉන් ඉක්බිති ටේබල් එක වටේට වූ හිස් අවකාශය මාර පැටව් පස් දෙනෙකේගෙන් වැසෙන්නට විය. ටුං ටුං ගානවාත් සමග චොක්... යනුවෙන් කිහිපවතාවක්ම සද්ද ඇසෙන්නට විය. සෙල්ලමේ යෙදී සිටි උන්ගේ කලිසම් සාක්කුවේ බෝල ඉවරවෙනවාත් සමග පිටුපසට හැරුනේ වැටුන බෝල ටික අහුලා ගැනීමටය. දැකි ගුජුප්සාජනක දසුනෙන් උන් හෝන්තු වී ගියෝය. තැන් තැන් වල බිත්තර කහ මද මෙන් ෆ්ලැට් වී ගිය කහ පැහැ පිං පොං බෝලය. අයියලා කට ඇරන් අපි දිහා බලාගෙනය. උන්ටත් කරන්න දෙයක් නැත. ගහන්නයෑ.

ප්‍රමාද වී කෝචා පැමිණියේය. ඒ දිනවල තිබූ හොදම හා මිල අධිකම ටීටී රැකට් අපි පස්දෙනාට ගෙනත් තිබුනේය. අපි සතුටින් ඉපිල ගියෙමු. නමුත් ඒ සතුට වැඩි වෙලා තිබුනේ නැත. රැකට් එකට නොමිලේ ලැබෙන පිං පොං බෝල තුනම තැලූ බෝල වලට හිලව් වෙන්න කෝචා විසින් අයියලාට දෙනු ලැබීය. 

අළුත්ම රැකට් සමග...     හා කවුද රජා??
මං රජා ඇතුළු පිරිවර ටේබල් ටෙනිස් කලාවේ පරතෙරට පැමිණ තිබුනේය. අපිට කුරුණෑගල මලියදේවය සමග තරග වාරයක් කැදවා තිබුණි. එය කුරුණෑගල ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවතෙන බව දන්වා එවා තිබුනි. අපි ගියෙමු. හත්වලාමය!!! හිටපු සෙනග... මෙවන් සෙනගක් හිටි තැනක මේ සූටි උන් කිසිදින සෙල්ලම් කර නැත. අනික අපේ ඉස්කෝලේ හා මලියදේවය පමණක් නොවේය. වයඹ අනිත් හැම ඉස්කෝලයක්ම සිටියේය.

වසය අවුරුදු 7න් පහල නියෝජනය කරමින් මම රජා තරග බිමට පිවිසියේය. හූ හඩක් ආවාද මතක නැතිය. අහුවුනේ හාවෙකි. මම රජා ගේමක් නැතුව දින්නේය. අපේ අනිත් උනුත් දින්නෝය. සියළු පාසල් අභිබවා අපි අවසන් වටයට සුදුකම් ලැබුවේමු. 

සෑම තරගයක් අවසානේම අපි කැන්ටිම වෙත දිව ගියෙමු. ඒ පෙප්සි බීමටය. ඒ දිනවල පෙප්සි දෙකක් ගත් විට ලස්සන ක්‍රිකට් කාඩ් ලැබුනේය. මතකයේ හැටියට එදින දවල්ට කෑවේද නැත. බිව්වේම පෙප්සිය. දිනය අවසානයේ ක්‍රිකට් කාඩ් මිටියක් මා සතුව තිබිනි. ඇතැම් විට දහයත් විස්සත් අතර ප්‍රමාණයක් වන්නට ඇත. මම පෙප්සි කීයකි නම් බොන්නට ඇද්ද?


කෙසේ හෝ අවසන් තරගය පටන් ගන්නා කාලය එලඹ තිබුනේය. තරගය තිබුනේ ප්‍රභල මලියදේව විදුහල් කණ්ඩායම සමගය. ඇති ප්‍රභලත්වයක් නැත. උන්ට අපිට වඩා ක්‍රීඩාවට පහසුකම් තිබුනේය. යුගල ලෙස ඒ වන විට කණ්ඩායමේ සිටි දරුණුතම ප්‍රහාරකයන් වූ මම රජා සහ තව එකෙක් ඉදිරිපත් විය. තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තේ ලකුණු තත්වය හැම මොහොතකම එකක් ඉදිරියෙන් හෝ පිටුපසින් තිබීම හේතුවෙන්ය. එක් මොහොතක ලකුණු පුවරුව මෙසේ දිස් විය

මලියදේව - 10
වික්‍රමශිලා - 9

තව එක ලකුනකින් තරගයේ ඉරණම විසදෙන්නේය. උන් එකක් ගත්තොත් උන් දිනුම්ය. අපි එකක් ගත්තොත් තව පොයින්ට්ස් දෙකකට තරගය ඇදෙන්නේය.

මගේ සගයා සර්විස් එක අගේට පිරිනැමුවේය. බෝලය ලස්සනට එහා පැත්තට පැන පැන ගියේය. අගේට ආපසුද පැමි‍‍නෙනවාද දුටුවෙමි. මාගේ රාජකීය වම් හස්තය ක්‍රියාත්මක විය. ප්‍රභල ප්‍රහාරයක් පිං පොං බෝලයට එල්ල විය. චටා......ස් යන සද්දයෙන් බෝලය අසුරු සැනින් පියඹා ගියේය. හරියටම ප්‍රතිවාදියාගේ පපුව එල්ල කරගෙන ගිය බෝලය කිසිදු හඩක් නොනගමින් දැල සිප ගත්තේය.

එහා පැත්තේ සිටි අපතයෝ දෙදෙනා උඩ පනිනවා දුටුවෙමි. මාගේ රැකට්ටුව වාතාශ්‍රයේ පාවී ගියේය. ශරීර කූඩුව ගොඩනැගිල්ලේ මුල්ලකට ඇදුනේය. ඒත් සමගම හයියෙන් අඩන සද්දයක් මට ඇසුනේය. කවුද කියා මට හරියට මතක නැත.  

මම ඇස් අරින විට කෝචා, අපේ අම්මා, ඉස්කෝලේ අක්කලා මා වට කරගෙනය. අම්මා මාව වඩා ගත්තාය. ** ඔයා පැරදුනේ නෑනේ... ඔයාලා තමා දෙවනියා.. ඔන්න දැන් ඔයාලට තෑගි දෙනවා. අඩන්නැතුව ඉන්නකෝ**  ඒ ප්‍රකාශයෙන් මගේ දුක ලාවට තුනී විය. මම ඇඩුවේ නැත. පැයකට පමණ පසුව තෑගි ලැබුණි. සහතික පත්‍රය සමග කීටැග් එකක් හා අළුත් රැකට්ටුවක් ලැබුනි. නමුත් ඒ රැකට්ටුව කුජීතය. මෙලේ රහක් නැත.

රජ බට්ටා තෑගි ලබමින්


හතර වසරට එනතුරු මම ටීටී සෙල්ලම් කලෙමි. පහ වසරේ ශිෂ්‍යත්වය නිසා එය නවතා දැමුනි. පලි ගැනීම උදෙසා මලියදේවයට යන්න හිතා සිටියද ලකුණු මදී වීම හේතුවෙන් යන්නට බැරි විය. නමුත් මම ඒ හා සමාන ඇතැම් විට ඊට හොද අභිමානවත් බණ්ඩාරණායකයට පියමැන්නෙමි. එහිදීද මට ටීටී හැදැරීමේ අවස්ථාව උදා විය. ස්පෝර්ට් මීට් එකටද සෙල්ලම් කලෙමි. මට ඇති පුදුමාකාර හිතේ අමාරුවනං තවම මම ෆස්ට් ගසා නැති වීමය. එක්කෝ දෙකය... නැත්තං තුනය. 


කෙමෙස්ට්‍රි පීරියඩ් එකේ ඉන්න බැරුව ගිහින් ගහලා ආවා

මේ මොන මගුලක්ද ඕයි!!!


ප/ලි : මේක ලස්සන සින්දුවක්... අහලම බලන්න (ඊයේ උදයේ)

කිමද මේ අරුමේ... මට නොහැගේ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

142 comments:

  1. Replies
    1. සතුටුයි මල්ලි. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න එකම විතරක් මදි.විෂය බාහිර කටයුතු වලට යෙදෙන එක ගොඩාක් වැදගත්. මම දන්නා මගේ මිතුරෙක් කිව්ව් ඇත්ත සිද්දියක් තියෙනවා. ගැහැණු ළමයෙක් ඉගෙන ගන්න එකම විතරයි කරලා තියෙන්නේ. යාළුවො එක්කවත් ආශ්‍රය කරලා නැහැ. කිසිම බාහිර කටයුත්තකටවත් යෙදිලා නැහැ. විද්‍යා විෂය ධාරාවන් ඉගෙන ගත්තු මේ ළමයා විභාගෙදි A 3 ක් අරගෙන. එත් කොමන් ජෙනරල් ටෙස්ට් එක අසමත් වෙලා. ඒ නිසා මුළු විභාගේම අසමත් වෙලා :o

      ප.ලි.
      රජා තමයි වම් පැත්තේ කෙලවර

      Delete
    2. පලිය නං වැරදී..... :-))

      මම තමා කලු දිග කලිසම ^_^

      Delete
    3. Common General Test එක අසමත් වුණා කියලා සම්පූර්ණ විභාගය අසමත් කියලා ප්‍රතිඵලයක් දෙන්නෙ නෑ වර්ණා.

      සරසවි ප්‍රවේශයෙදි වුණත් Common General Test එක අසමත් නම් තවත් වරක් ඒ විෂයට පෙනී හිටලා සමත් වෙන පොරොන්දුව මත සරසවියට ඇතුළු වෙන්න පුළුවන්.

      Pass Mark is 30%.

      Delete
  2. හරි සෝක්
    අර අළු ගවුමේ සීන් එක නම් අද දැන ගත්තේ..
    බට්ටා රජෝ ගණන් ගන්න එපා..:D :D
    එකට වඩා දෙක හොඳයි.. දෙක නැතිනම් එකෙන්ද පලක් නැත.. ;)
    ඔහේ කොහොම හරි දිනන්නේ.. ගාලු පැත්තට ආවා නම් දෙකත් නැතුව තමා යන්ට වෙන්නේ :D :D

    ReplyDelete
    Replies
    1. බලන්න වටින ගවුම බං ^_^

      ඇයි ගාල්ලේ උන් දෙක වලදනවද? හිකිස්...

      Delete
    2. නෑ........
      හිල් කරලා නුලක් දාලා බෙල්ලේ එල්ල ගන්නෝ..

      Delete
  3. ඔයා පොඩි කාලේ ලස්සනයි නේ...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. :)

      දැන් ඊට වඩා ලස්සනයිලු.. හයියෙන් හූ ඈ.. :-)

      Delete
  4. රජා පොඩි කාලේ බටු ඇටේ වගේ ලොකුයි නේ :P
    කමක් නෑ රජෝ උඹ කවදා හරි දවසක එක වෙයි ඒ දවස එනකල් T.T play කරහන් ;)

    ReplyDelete
    Replies
    1. බටු ඇටේට වඩා චුට්ටයි ලොකු.. පේනවනේ :-)

      දැන් වෙලාවක් නෑ බං ගහන්න :-(

      Delete
  5. ඔච්චර හැකියාවක් තියාගෙනනේ ​මේ රජා පැත්තකට වෙලා ඉන්නේ. උඹ දිගටම ටීටී ගැහුවානම් මේ පාර ඔලිම්පික් යන්නේ කව්ද...!!! අපරාදේ... දැන් ටීටී නවත්තලා නිකං ටී ගහපං... :D

    ReplyDelete
    Replies
    1. බලපං අපේ පදක්කං බලාපොරොත්තු මුන් වතුරේ යවන හැටි..

      Delete
    2. හෙහ්... නිකන් ප්ලේන් ටී තමා ඉතින් හැමදාම :-)

      මට පදක්කං, පඩික්කං වගේ පේන්නෙම ඇයි.. ;-)

      Delete
  6. අප්පේ,රජාටත් බැරි මඟුලක් නෑ නොවැ... :D

    ReplyDelete
  7. අපිටත් ඇඩෙනවා ඔයි. සොරි සොරි රජ තුමනි.

    සුහ වේවා !! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. අයියෝ අඩන්න එපා ඕයි!! :)))

      Delete
  8. වික්‍රමශිලා ජාතිකා පාසල ගැන නම් මම සාපෙ කාලේ ඉදන් දැනගෙන හිටියේ. අපිට නාට්‍ය හා කලාවට පාවිච්චි කරපු පොත ලියලා තිබුනේ ඒ ඉස්කෝලේ සර් කෙනෙක්. නම නම් මතක නැහැ. රජාට මතකද ?

    ReplyDelete
    Replies
    1. ඔය කියනවා ඇත්තේ පාලිත ලොකුපෝතාගම සර් ගැන වෙන්න ඇති

      Delete
    2. ආහ් හරි හරි එයා තමා :D

      Delete
  9. කුරුණෑගලත් බණ්ඩාරනායකයක් තියනවද බන්..

    ReplyDelete
    Replies
    1. ගම්පහ කියලා දැක්කේ නැද්දෝ?? :p

      Delete
    2. අනේ මුගෙ ඇස් දෙක :-)

      Delete
  10. හිහිහි.. මෙයා බණ්ඩයියෙක් නේ.. :D
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රකාශය කිරීම හේතුවෙන් මට හැගී යන්නේ මැය...

      රතනාවලී
      හෝලි..කොරොස් හෝ
      යසෝදරාවියක් බවය.. :-)

      Delete
    2. නැත ලොක්කා...මම ගම්පහ ස්කෝලෙක කෙනෙක් නොවෙමි.. පදිංචිය එම දිස්ත්‍රික්කයේ.. මම දන්න අඳුරන ගොඩක් දෙනෙක් ඉන්නවා.. :p

      Delete
    3. රජා ඩක්කේද ?

      Delete
  11. බටු ඇටේ වගේ හිටියට රජාත් වැඩකරුවෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. හෙහ් :-)

      දන්නවනේ කොල්ලගේ වැඩ!!!

      Delete
  12. මලියදේවෙ කියන්නෙ නිකන් නෙවෙයි අයියේ :P

    ReplyDelete
    Replies
    1. හුම්.. හුම්... :-)

      Delete
    2. ලිපිය ඉතා රසවත්ය..පෙප්සි කාර්ඩ් අපිත් එකත් කලෙමු..එය හදුන්වාදීමට වරක් මට මතක හැටියට 1999 දී පමන පෙප්සි සමාගමෙන් අප පාසලට පැමින ඒවා නොමිලේ පෙප්සි වීදුරුවක් සමග බෙදා දුනි.තව ලියන්න..හැබෙයි රජෙක් වුනත් මලියදේවයට ආයෙ බැන්නොත් උල තියනවා,අපේ වුන්ට පහසුකම් තියෙන නිසා දිනනවා නෙමේ අපෙ වුන් තමා දක්ශයෝ

      Delete
  13. අපේ ඉස්කොලේටත් ගිහින් ගහලා ඇවිදින් නෙහ්... මරු මරු !

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. මධුරංග අයියගේ ඉස්කෝලේ කියලා දැනන් හිටියනං මොනවහරි කුඩු කරලා එන්න තිබ්බේ ^_^

      Delete
  14. ඔය පිං පොං ගැහිල්ලනම් මට කරන්නම බැරි වැඩක් රජෝ... මොකද කියන්නෙ අපි චෙස් අදිමුද?... ;)

    ReplyDelete
    Replies
    1. චෙස් නේද? මට බැරිමත් ඕක.. අපේ මලයව එවන්නං :-)

      Delete
  15. මටත් උනානේ ඔය වගේ එකක්... ඒලෙවල් වලට ඉස්කෝල මාරු කරද්දි මට හම්බුනේ හැමදාම අපේ ඉස්කෝලෙත් එක්ක සෙමි ෆයිනල් එන ඉස්කෝලේ... ඕකට ගිහිල්ලා පරණ ඉස්කෝලෙ එවුන්ට විරුද්ධව සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මාත් අතෑරියා බැඩ්මින්ට්න්.....

    ReplyDelete
  16. පිට පිට කමෙන්ට් කරන තුන්වන මලියදේවයා මම වෙමි.... අපි කොලේජ් එකෙන් අවුට් වෙන අවුරුද්දෙ තමයි හර්ශන අවුරුදු 7න් පහල සෙල්ලම් කරලා තියෙන්නේ....

    ඉස්සර වික්‍රමශිලා කෙල්ලන්ට අපි විහිළු කරන්නේ "ලැජ්ජ නැද්ද ඕයි ඒප්‍රන් ඇදන් ඉස්කෝලේ යන්න?" කියලා...

    කැකිරා මධ්‍ය මහා විද්‍යාලේ ගෑණු ළමයි අදින්නේ ළමා සාරිය.. වික්‍රමශිලා එකටත් වඩා ඒ උනිෆෝම් එක තමයි කුරුණෑගල හිට් වුනේ....

    ReplyDelete
    Replies
    1. අහ්.. දෙන්නෙක් මැදින් ඇවිල්ලනේ... පිට පිට කියන කෑල්ල ඉල්ලා අස් කරගන්නවා...

      Delete
    2. me abe aiya neda man ube blog eke comment ekak danna giye..ko tho eke ano ain karalane..ela ela ban liyapan blog eka digatama..minissunta amaru kalayan enawa..duk widina kalayan enawa..niyama mittarayo balaganna puluwan oya welawata..koma hari bloge liyapan man asawen kiyawana ekak eka ..ube athdakim godak watinawa kiyawana ekalata..me alutin apu dial liyana moda jorks walata wada..balapan dan blog liyana unta padayak giyath ekath awith liyala danawa melo rahak nati widihata..ubala rangala blog liyana eka atariyoth apita kiyawannath ekak nati wei gd luck brother

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අපි ඉතින් පොඩි මිනිස්සුනේ.. :-)

      Delete
  17. ඇත්තෙන්ම බොක්කෙන්ම සතු‍ටුයි පොඩි එකෝ!
    අඩේ උඹ ජී එල් පීරිස් තුමත් එක්ක එක ටීම් එකේ ඉඳලා තියෙන්නෙ නේ? අර උඩම පින්තූරේ වම් පැත්තෙ කොනේ!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හි හි හූ.... සිරාවට උගේ ඒ වගේ ලයින් එකක් තියනවා නේ නෙහ් :-)

      Delete
  18. බලන් යද්දී රජ බට්ටත් නියම වැඩකාරයෙක්නේ...:)
    මාත් ඔය වගේ කාලේ මේ ලෝකේ තේරුමක් නැතුව නෙට්බෝල් මැච් එකක් ගහලා ඔහොම සින් එකක් උනා..:D

    ReplyDelete
    Replies
    1. පොඩි උනාට සැරයි අක්කේ ගම්මිරිස් ඇටේ... :)

      Delete
  19. උබ සැට්ටිපිකේට් එක ගන්නකොට ඇදන් ඉන්න සාය කොටේ මරු බං !

    ReplyDelete
    Replies
    1. ස්කොට්ලන්තෙ ආභාෂය ලැබූ විජාතික ඇඳුමක්. හෙලාදකින්නෝනෙ, රජෙක් වුනත් දේශප්‍රේමී නෑනේ.

      Delete
    2. උඹලා ඩිවයිඩඩ් ස්කර්ට් අඳුරන් නැත්ද කොල්ලනේ?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. උඹලටත් මොකාක් හරි ඇදයක් පේනවාමයි නෙහ් :-))

      Delete
  20. රජා හරි කුජීතයිනේ බලන් ගියාම

    ReplyDelete
  21. හි හී රජා මොකෝ මේ කියුලට් එකක් ඇදලා ? ඔය ගේම නම් මට පෙන්නන්නම බැරි එකක් නොවැ. හැබැයි මගේ හොදම යාලුවෙක් ඔකෙන් කප් ගැහුවා ඔය TT තරඟ එහෙම තියන්න අපිව ඉතින් එක්කන් යන්නෙ අල්ලපු වැටේ පිරිමි ඉස්කෝලෙට නොවැ ඒ නිසා මම මගේ යාලුවා වෙනුවෙන් නොවරදවාම සහභාගි උනා පව්නෙ මගෙ යාලුවාව දිරිමත් කරන්න ඕනෙනෙ. නැතුව ඉතින් වෙන අහවල් එකකට මම යන්නයැ නේද ?

    ReplyDelete
    Replies
    1. මොකක් කිවුවා? කියුලට්? ;-)

      හුම්... හුම්...

      Delete
  22. ඒ දවස්වල රජා හරි ෂෝයි නේ.... මාත් ආසම ගේමක් තමයි ඕක....
    රජා පනුච්චි බලන්න අවෙත් නෑ මයේ හිතේ ගොඩ කාලෙකින් ....

    සුභ වේවා රජුනි!!!! පනුච්චිට අවසර

    ReplyDelete
    Replies
    1. ආවා ආවා.... ඊයෙත් ආවා.. :-)

      Delete
  23. රජාට සේම මට ද ඔය පිස්සුව තිබිණ. ඒත් පිස්සුවක් පමණක් වූ එයට මා සෙල්ලම් කරවීමට නොහැකි විය. ඒ අපේ කෝච් ගේ ගති ගුණ මට නොදිරවීමය. ඌ හිතන්නේ ස්පෝට්ස් කියන්නේ ජීවිතේ කියලය.. ඒත් මට එහෙම නැතිය.

    ReplyDelete
    Replies
    1. සැහ්... අපරාදේ.. නැත්තං මට සෙල්ලම් කරන්න එකෙක් හොයාගන්න තිබ්බා :-)

      Delete
  24. මං කියන්න හිතං හිටපු ඔක්කොම උඩ කමෙන්ට් වලිං දීලා තියෙන්නේ..
    රජා තමා වම් පැත්තේ ඉදං ඉන්න 3න් වෙනියා..
    වැරදිනං වෙන්න බෑ..
    අර පෙප්සි කාඩ් මං ගාවත් තිබ්බා බං දැං නෑ..
    ඇයි තව තිබ්බේ ටර්බෝ බබල් ගම් වලිං හම්බුනු කාර් ඉස්ටිකර්..

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඇයි තව එඩ්නා චොකලට් වල ක්‍රිකට් ස්ටිකර්..
      මගේ මේසේ වැහෙන්න ගහලා තිබ්බා

      Delete
  25. දෙක හරි ඉතුරු උන එක ගැන සන්තෝස වෙයන්, නැත්නම් අනාගතේ අදුරෙනේ උබේ .....

    ReplyDelete
    Replies
    1. හැකාස්... ඒකනේ ඒකනේ :-)

      Delete
  26. පෙප්සි කාඩ් මං ගාවත් තිබ්බා.හැබැයි ඒවා පෙප්සි නොබී හොයාගත්තු ඒවා
    ටේබල් ටෙනිස් ගහපු එකෙක් අපේ ගෙදරත් හිටියේ :P

    ReplyDelete
    Replies
    1. ආහා.... යා යා..

      සුපුනයි මායි හිටියේ එක හවුස් එකේද මන්දා.. කොහොමහරි අපි එකට ප්ලේ කරා මතකයි :-)

      Delete
  27. අර සටිෆිකෙට් එක ගන්නකොට ඇදන්ඉන්නෙ ,ඉස්කෝලේ අක්කෙක්ගේ සායක් ද බන්ස්. මමත් ඔය අළුපාට ඇදුමට ගොඩක් ආදරේ කළා එක කාලෙක ( ඇදුමට හරිය )

    ReplyDelete
    Replies
    1. හෑ..??? එතකොට කම්මල මේ ලගපාතද?

      Delete
    2. නැත ,නැත රජතුමනි මම සියනෑ පුර වැසියෙක්මි.

      Delete
  28. ඔයා පැරදුන එකට දුකයි රජෝ..ඒත් කමක් නෑ දෙකනෙ.....ඒ උනාට මලියො දිනන්න ඕනෙ හලේ ඒක අපේ වැයික්කියනෙ......

    ReplyDelete
  29. අඩො මට 1ස්ට් ප්ලෙස් එකක් තියනව වගෙ මතකයිනෙ ටි ටි වලින්...

    ReplyDelete
    Replies
    1. ඒ නම දාලා.. පන්තියේ ඉන්න බැරැවට ගිහින් ගත්තුවා..
      දිනලා නෙමේ..

      හූ ඈ.. :-))

      Delete
  30. ආ..මේකා මේ අපේ එහා පැත්තේ ඉස්කෝලේ නේ...වික්‍රමශිලා ගවුම් ගැන නම් ඉතිං කියල වැඩක් නැත..නාඩියාට ඒ සහෝදරියන් ගැන ඉතා විච්චුරණ අත්දැකීම් තිබේ...... ;) ඒවා ප්‍රසිද්ධියේ කියන්න මොකද්ද මොකද්ද වගේය....

    TT නම් මගෙත් ආසම සෙල්ලමය!ඉස්කෝලේ ඉන්නකම් TT රැකට් එකක් ඇල්ලුවේ නැත!කැම්පස් ගිය දවසේ ඉඳං කලේ ලෙක්චර්ස් යන්නෙත් නැතිව TT බෝඩ් එකේ තනි රැකීමය! මේ සැරේ Freshers' meet එකේද TT ගැසුවෙමි!අපිනම් Champion ලාය!final එකේදී මේඩ්ඩෝන්ට ඇට්ටි හැලෙන්න දුන්නෙමු!
    අනික...................TT නාඩියාගේ ජිවිතේ ගොඩා......ක් වෙනස් කල මෙව්වා එකකි......ඒක නම් කියන්න බෑ ඈ! ;)

    ReplyDelete
    Replies
    1. මම ඕකට ගියේ 5 වසරට එනකං විතරනේ..

      නාඩියට ඉතින් ඉස්කෝලේ ඉදන් හූ කිව්වම ඇහෙනවනේ නෙහ්?

      අඩෝ මේ.. ඒවා හරියන්නෑ. කියලා දාපන් :-)

      Delete
  31. හනී හරි සෝක් මෙයා දිනලත් එක්ක...

    ReplyDelete
  32. ara pinthure ayya inne dakunu paththen dewaniyata neda?? ara diga kalisamak adan inne.... :) balanyaddi ayyath hoda wadakarayek neda.....? :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හරි ඈ.. :-)

      දන්නවනේ ඉතින්.. ;)

      Delete
  33. අර අත් දෙක බැදගෙන රාජ ලීලාවෙන් ඉන්නේ රජා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මම තමා කලු දිග කලිසම :-)

      Delete
  34. රජ පැට්ටෙක්ම තමා.

    …පින්තූරෙන් තේරුවොත් මම හිතන්නේ දකුණු පැත්තෙ ඉඳල 2

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... හරිලු ඈ :-)

      Delete
  35. අර පොටෝ එකේ රජාව අඳුරගත්තා.රජා වැඩ්ඩා නේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා ඕයි!!! ලැජ්ජයි :-)

      Delete
  36. අනේ මන්දා ඔය TT,,, මොකද අපෙ පැත්තෙ ඔවා තියනවයි ය. ඒ කාලේ තිබුනෙත් නෑ. දැනුත් නෑ

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට ඒමද? අවුලක් නෑ... :-)

      Delete
  37. රජා බෝල සෙල්ලමුත් කරා එහෙනම් එල එල
    මම උඹව හරියට අඳුරගත්තා ;ඩ්

    ReplyDelete
    Replies
    1. ඇට බෝලගහපු පුරුද්දනේ සනා.. :-)

      Delete
  38. රජ නිකන් පුස වගේ....හි හි .ඒ බන් ඒ දවස් වල මිශ්‍ර ඉස්කෝලෙකට ගිය නම් හොඳ කතා ඇති නේද ඇ .....

    ReplyDelete
    Replies
    1. නෑ බං.. 5 එනකං විතරනේ මිශ්‍ර එකේ හිටියේ.. පස්සේ කොල්ලො විතරනේ

      Delete
  39. අම්මට උඩු කිවුවලු.... එළනේ :ඩ්

    ReplyDelete
  40. මමත් රජාව අඳුන ගත්තා... බලන් ගියාම කුමාරය කාලේ ඉදන් රජා ක්‍රීඩා ශිල්පයට දස්සයා වගේ

    ReplyDelete
  41. දස්ස රජා
    ආශිර්වාද වේවා..

    ReplyDelete
  42. දැන් ටීටී නැද්ද බන් ? ඕක කරන්ඩ හොඳ ඇහැකුයි වේගයකුයි තියෙන්ඩ ඕනා නේද ?

    ReplyDelete
    Replies
    1. ඇහැ කෙසේ වෙතත් වේගෙ නං තියනවා බං තාම සුපිරියට :-)

      Delete
  43. උඹ ඒ කාලේ ඉදන් බෝල පාස් කලා නේද ඈ...

    ReplyDelete
  44. මුත් එහෙනම් වික‍්‍රමසිලාවේ ගිය ගල් ගොඩකි............ මේ ඒකාලේ හිටිය කැල්ල කවුදැ ඇ .......

    ReplyDelete
    Replies
    1. මම ඒකට ගියේ 5 වසරට එනකං විතරයි බං :-)

      Delete
  45. කතා දෙකක් නැත. මේ ෆොටෝ වල ඉන්න කැතම කැත හො‍ටු කොල්ලා රජා විය යුතුය.
    බාහිර වැඩත් එක්ක ඉගෙනීමත් හැමදේම සමබරව කරගෙන ගිය එක නම් ඒ කාලෙ ඉඳන්ම තිබිලා තියනව වගේ.සෝක් සෝක්...!

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ඉතින්.. අපේ හැමදේම සමබරයි.. :-))

      Delete
  46. ශික් විතරක්.. උබ ඔක හරියට කලානම් අපිට මේ පාර ඔලිම්පික් පදක්කමක්නේ... කොහේද උඹල පස්සේ ඒ රැකට් අත ඇරලා වෙන ඒවා අතට ගත්තනේ... :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ අවුල උනේ :-)

      Delete
  47. මේක එළ.රජා සමඟ මමත් වික්‍රමශිලාවෙ හිටියා වගේ දැනෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අක්කත් හිටියේ මේ ඉස්කෝලෙද ඈ.. :-)

      Delete
  48. පුංචා සස්සනයි රජෝ..:)
    ආඩම්බරයි ඔබ ගැන :)

    ReplyDelete
  49. අපෙන් රජ පුතාට උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු... නැන්දා ඇවිල්ලා.. :0

      හි හී.. තැන්කූ ඈ..

      Delete
  50. අර ඉන්නෙ මල් බොකේ එක වගේ රැකට් එක තියාගෙන.

    ReplyDelete
  51. ම්ම්ම්...හතරදෙනා ඉන්න පින්තූරේ නම් රජා ආඩම්බර පාටයි!!!

    ReplyDelete
  52. අනේ මම ටේබල් ටෙනිස් සෙල්ලමි කරේ නෑනේ... :(
    රජා තමයි වම් පැත්තෙ ඉදන් 3 වෙනියට ඉන්නෙ .. මම හිතන්නෙ..
    ජය ශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. හරිලු.. :-)

      අපරාදේ... ලස්සන සෙල්ලමක්නේ ඒක :-)

      Delete
  53. බැරි වැඩ නොකරන් රාලේ කිව්වලු ~!~

    ReplyDelete
  54. රජ වැඩ කාරයෙක්නේ පොඩි කාලෙත් :(

    ReplyDelete
  55. ටේබල් ටෙනිස් ප්ලේ කරන්න නම් හොඳ ටැලන්ට් එකක් ඕනමයි. රජා වැඩකාරයා නෙහ්...
    ජය!!!

    ReplyDelete
  56. හයයූ ඇයිද මන්දා මෙච්චර ලස්සන පොඩිඋන‍් ලොකු වෙද්දි මෙහෙම විරූපී වෙන්නේ :පී

    මොකක් උනත් රජ වැඩ කාරයෙක් ඈ...

    ReplyDelete
  57. අපේ රජ තුමා කොහොමත් දක්ෂය.. හැමදාමත් කියන්නේ සැරදේවා!!! ජය වේවා!!! කියල තමයි

    ප.ලි . : පොඩි කාලේ රජා මෙච්චර ලස්සනට ඉඳලත් .. දැන් ...

    ප.ප.ලි. .. එක්කෝ ඕනේ නැ, නිකන් මොකෝ අහක යන රන් ගොජ්ජුන්ව උදහස් කරන්නේ

    ReplyDelete
    Replies
    1. මුවා ගොඩකාලෙකින් ඈ... :-)

      Delete
  58. ඊළගට ගහන දවසක හරි එක වෙන්න බලපන්...

    ReplyDelete
  59. api kiyapu ewwatat replay daapan dooo...nattam raja kale danduwam denneeeeee

    ReplyDelete
  60. Subha wewaaaaaaaaa

    rajakeeya tan gedi iraweemata labeewaaaaaaaaaa

    ReplyDelete
  61. මම ටි ටි රකට් එකක් දැක්කෙත් 8 වසරට ආවට පස්සේ. අපිට කොයින්ද බුල් බල්ලෝ ඉතින්. :(

    ReplyDelete
  62. එම්බල රජෝ, තා ඇඩුවේ කිමද?

    ReplyDelete
  63. අප්පට සිරි.. යකෝ රජා අපේ අසල්වැසි ඉස්කෝලෙනෙ. ජය...!

    ReplyDelete
  64. ගුරුගෙදර අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  65. රජෝ...මාත් මලියදේවෙ කොල්ලෙක් වෙමි.....මොනව උනත් පෝස්ටුව කියවීමෙන් මහත් අමන්දානන්දයට පත් උනෙමි.....අර certificate එක ගන්න පොටෝවේ ඉන්නා (tie එක දාගත්තු )ගුරුතුමා මගේ A level පන්තිභාර ගුරුතුමාය....ඔබට ජය...!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)