කොළඹ නුවර පාරේ මාවනැල්ල කිට්ටු වෙනකොට පැත්තකින් ගලක් උඩ ගලක් වගේ සීන් එකක් ඔය පාරේ වටපිට බල බල යන එන අය ඕනේ තරම් දැකලා තියෙනවා ඇතිය. අන්න ඒ අපේ ලෝකල් රොබින්හුඩ්ගේ හෙවත් සූර සරදියෙල්ගේ මර්මස්තානය හෙවත් උතුවන්කන්දය. එදා බතලේගල නැග්ග වෙලාවේ ඒක උඩට පේන කදු ඔක්කොම කවදා හරි නගිනවා කියන මොංගල් සිතුවිල්ල පහල නොවන්නට මේ කදු කවදාවත් නගින්න වෙන්නේ නැත. බතලේගලට Bible Rock කියනවා වගේ උතුවන්කන්දට කියන්නේ Castle Rock ය. ඒ ඉස්සර සුද්දට ඕක පෙනුනේ උන්ගේ මාලිගාවේ දුම් කවුළුව වගේ නිසාලුය. ගමේ මිනිස්සු නම් මේකට කියන්නේ සරදියෙල් ගල කියලාය. සීයා කෙනෙක්ගෙන් පාර අහන්න ගිහින් රජා දැනගත් දේ ඔන්න ඕකය.
රජා බයික් එක අතට අරන් යන්න පටන් ගත්ත පාර නැවතුනේ කෙලින්ම මාවනැල්ලෙය. ස්මාට් පෝන් වල ප්‍රයෝජනේ දැනෙන්නේ එතකොටය. මම උතුවන් හන්දිය පහුකරගෙන ඇවිල්ලා තිබුනේය. ගූගල් මැප්ස් පිහිටෙන් ආපහු බයික් එක හරෝගෙන හන්දියට ගියේය. අපේ මධුරංග අයියලා බතලේගල නැගලා එනකන් බෝක්කුවක් උඩ ඉදගෙන හිටියෙමි. පාරේ ගිය පිස්සෙකුට රුපියල් විස්සකුත් දෙන්න උනේය. හරි යන්නේ නැත. මෙතන ඉදන් පාරේ වාහන දිහා බලන් ඉන්න බැරිය. මම හෙමින් හෙමින් උතුවන් කන්ද පාරේ ඉදිරියට ඇදුනෙමි. ගලට යන්න පොඩ්ඩක් එහායින් සරදියෙල් ගම්මානය ප්‍රතිනිර්මාණය වෙන්නේය. තාම ඔෆීෂියලි විවෘත කරලත් නැත. ඒ උනාට බලන්න සෑහෙන පිරිසක් නම් එන්නේය. මට වෙන කරන්න දේකුත් නැති එකේ රුපියල් සීයක් දීලා ඒක බලන්න ගියෙමි. විස්තර කරන්න ගයිඩ් කෙනෙක් එහෙම හිටියේය. මිනිහා ලස්සනට වැඩේ කලේය. අහන් ඉන්න ආසය මම සරදියෙල් කතාව කියන්න යන්නේ නැත. සිළුමිණේ ලස්සනට ලියලා තියෙන්නේ කැමති නම් කියවන අය සදහාය.
සරදියෙල් ගම්මානය
![]() |
අම්බලමේ ඉදන් දෝලාවෙන් එන එකා පිළිගනිමින් |
![]() |
පිංචොහාමි ඉස්සර හෙන කෑල්ලලු. රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තපුරෙත් හිටියය කියන්නේ |
![]() |
ප්‍රභූ නිවස මේ කලගෙඩි වල ජෝ ටික පට්ට!! |
![]() |
කෑලි ටිකක් නානවා! අර ඉන්නේ සරදියෙල් අර අර!!! |
![]() |
සරදියෙල් සුද්දට *ක පෙන්නලා දිව්වලු |
![]() |
මාවනැල්ල ගඩොල් පාලම දිගේ සරදියෙල් හා මරික්කාර් බෝගම්බරට |
![]() |
සරදියෙල් එල්ලා මරනු දුටුවෙමි |
![]() |
අන්න අර ගලේ සෑර් ඕකා ඉන්නේ |
![]() |
සුද්දා යන ගල් |
![]() |
සංවාරකයන්ට නවාතැන් |
![]() |
ගැමි කැවිලි |
කට්ටිය එනකන් ගම්මානේ ඇවිද ඇවිද හිටපු මම ඊට ටිකක් එහායින් වූ පාරේ හෙවන ගහක් යටට වෙලා හිටියෙමි. අව්ව හොදටම සැරය. මී හරකෙක් වෙලේ මඩ නාන්නේය. ටික වෙලාවකින් උගෙ අයිතිකාරයා ඇවිල්ලා මූව ඇදගෙන රජා ඉන්න පැත්තට ආවේය. මූ මං ලගට ඇවිල්ලා නැවතිලා මගේ දිහා බලාගෙන හිටියේය. මට නිකන් හීන් දාඩිය වගේ දැම්මේය. ඇයි යකෝ උගේ අං දෙක මේම... මේමය.... ඇන්නන් එහෙම බොකු බඩවැල් අං දෙකේය. මම ෂේප් එකේ පැත්තකට උනෙමි. අයිතිකාරයා අරෑගේ ළණුවෙන් දාගෙන අදින්නේය. මූ මං දිහා බලාගෙන එක පාරට එතනින් දිව්වේය.
අයිතිකාරයා ~ ඌ මල්ලිට බය වෙලා... හෙහෙ..!!
රජා ~ ආහ්.. හෙහෙ!
මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි යකෝ නිකන් මැරුනා වගේද හරකෙක් අතින් මැරුන් කන එක. මොන නව නිංගිරාවක්ද. මං හිතන්නේ ඌ බය උනේ The King is here කියන ටී ෂර්ට් එකටය. ඌ හිතලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවෝ වෙලට සම්ප්‍රාප්ත වෙලා කියලාය. ලොල්..!!!
මධුරංග අයියලා සෙට් එක ආවේය. අපි ගමන පටන් ගතිමු. එක එක ටෝක්ස් ගොඩය. හම්මේ.... සරදියෙල් හොරෙන් හරි මේවා අහන් හිටියනම් ඌටම වෙඩිතියාගන්න දෙපාරක් හිත හිත ඉන්නේ නැත. අව්වට වේලිලා වේලිලා ගිය පොළවයි කර වෙලා ගිය කොලයි හින්දා අඩිය තියෙන තැන් වහා ලෙස්සන සුළුය. පරිස්සමට යන්න වෙනවාය. අනික ඉතින් අපේ ෆිට්නස් එහෙම සුපිරි නිසා අඩි දෙක යනකොට දිව ටයි පටිය වෙලාය. ඔය යන අතරේ සිරාම කතාව කිව්වේ මධුරංග අයියගෙ යාළුවාය.
අපි ගිය ආත්මේ සුද්දෝ වෙලා මූව අල්ලන්න එන්න ඇති බං එකයි මේ අපි ආයේ මේක නගින්නේ...
ගමනේ එකම එක තැනක පොඩි රිස්ක් එකක් තියෙන්නේය. ගල් පොත්තක් බදාගෙන ගහක් අල්ලගෙන තණකොල පදුරු වල එල්ලිලා නගින්න ඕනැය. හිත සැනසෙන්නේ මුදුනට ගිහාමය. අලගල්ල, අම්බුලුවාගල, බතලෙගල, ඔක්කොම පෙනෙන්නේය. සතුට කියන්නේ ඒ ඔක්කොම නැග්ගා වීමය. උඩට ගිහින් වැඩිය සද්ද දාන්න බැරිය. මොකද දොන්ත සයිස් මීවද ගොඩක් තියෙන්නේය. උන් ඇවිස්සුනා නං වෙන දේ උන්වත දන්නේ නැත. සදා සොත්ති වෙන බං නං ටක්කෙටම ෂුවර්ය. මුදුනෙම තියෙන ගල්කෑලි ටික හරියට මිට මොලවන් ඉන්න අතක් වගේය. ඒක නං මාරම පිහිටීමක්ය.
![]() |
මීයෝ |
ටික වෙලාවක් උඩ පොටෝ අල්ලපු අපි බහින්න පටන් ගතිමු. ඒ අස්සේ එකෙක් ලොකු අම්මාට කෝල් එකක් ගන්නේය. අපි හෙමින් බහින්නේය. අරෑ කෑගන්නේය.
ඉදහල්ලා මම එනකං... අවසාන කෝල් එකද දන්නෙ නෑ. මතක තියාගනිල්ලා ලොකුඅම්මට ඈ ගත්තෙ අන්තිමට...
![]() |
මධුරංග අයියා සහ රජා!! |
කෝමහරි කිසි අවුලක් නැතිව අපි පහලට ආවෙමු. බැසයන ඉරයි උතුවන් කන්දයි මහ අමුතු දර්ශනයක් මවා පෑවේය. සරදියෙල්ට සමුදුන් අපි නැවත ගෙවල් බලා ඇදුනෙමු.
රොබින් හුඩ් වගේ ලක්දිව පතල උන නමයි...
උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි... සූර සරදියෙල් මමයි...!!!
රාජ චාරිකා පෙල
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
10) කරගහගෙදර අම්බලම
11) අලගල්ල තරණය
14) ඇතුගල (කුරුණෑගල)
14)යාපහුව
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!