Friday, August 31, 2012

ලක්සෙට කොඩි දාමු - අපි වෙනස් වෙමු

කිසිදු අරමුණකින් තොරව 2012 ජනවාරි මස 20 වෙනිදා  තහනම් අඩවිය නමින් බ්ලොගයක් සයිබර් අවකාශයේ සුළු ඉඩක් වෙන් කර ගත්තේ මගේ අමිහිරි බූට් කතාව මතක හිටින්නට සටහනක් තැබීමටය. ඊට කැම්පස් එකේ උන්ගෙන් ලැබුනේ නොමසුරු ප්‍රතිචාරයක්ය. පාසලේ මිතුරොත් ඊට කමෙන්ට් වලින් දායක වූහ. බ්ලොග් අවකාශයේ කිහිපදෙනෙක්ම එහිදී මට සහය ලබා දුන්නෝය. නම් වශයෙන් නොකියන්නේ එකෙක් හෝ මග හැරීම සුදුසු නොවන බැවින්ය. ඇයට ස්තූති වන්නට මට මේ බ්ලොග් කෙරුවාවෙන් හමුවූ මිතුරන් බොහෝය. 

මම මුල සිටම බ්ලොග් ලෝලියෙක් නොවීමි. නමුත් මම ලියූ දෙය බලන පිරිස දුටු විට අමුතුම හැගීමක් මට දැනෙන්නට විය. තව පෝස්ටුවක් ලිව්වෙමි. තවත් කික්ය. දිගටම අල්ලගෙන ආවෙමි. කලින් 100ක් 200ක් බැලූ මේ අඩවිය දැන් දිනකට 500-1000-2000ත් අතර ප්‍රමාණයක් බලන තත්වයට පත් වූයෙ ඔබේ වරදින්ය. 2012 හේ අගෝස්තු මස 30 වන දින උදෑසන 11.30ට අඩවිය ප්‍රවේශ වාර ලක්ෂය ගැසුවේය. ඒ මෙය පටන් ගෙන දින 225 වැනි කෙටි කාලයක වීම මට මහත් ආඩම්බරයක්ය. මන්ද මෙය තාක්ෂණික අඩවියක් නොවන බැවින්ය.


ලෝකය පුරා විසිරී සිටින සහෝදර සිංහල ජනතාව අපිට දිරි දුන්නේය. එක හිට් එකකින් අපිව දිරිමත් කලෝය. ඔවුන් මට හිතින් බනිමින් හෝ මෙය කියෙව්වෝය. හිනාඋනෝය. ඒ මට ඇතිය. 


මේ රටවලට අමතරව රුසියාව, බංගලාදේශය, කැනඩාව, මාලදිවයින, ඉන්න මිතුරනුත් ආදරයෙන් මතක් කරමි.

ඇත්තෙන්ම මේ අඩවියේ ඉගෙනගන්න, ජීවිතයට ගන්න කිසිම දෙයක් නැත. ඇත්තේ මට අපිට සිදුවූ ගුජුප්සාජනක සිදුවීම් පෙලක්ය. වැඩියෙන්ම හිට් වෙන්නේද එවැනි පෝස්ට්ය.


සියලුම සින්ඩි වලට මාගෙ උත්තමාචාරය පිරිනමන අතරම මේ ටික කාලෙට අපිට මඩ ගැසූවෝ මෙන්ම මල් ගැසූවෝද එක සිතින් අගය කරමි. (දකුණු පස තීරයේ සියළු මල් හා මඩ ඇත)


හිට්ස් ලක්ෂඨත් සමග බ්ලොග් අවකාශයේ යම් ප්‍රමාණයක ප්‍රගතියක් ලබාගත් අඩවියක් වශයෙන් අපි වෙනස් වන්නෙමු. දකුණු අත දිගුකර  මෙසේ ප්‍රතිඥා දෙන්නෙමු. අපි මින් ඉදිරියට සම්භාව්‍ය වන්නෙමු. පැපරාසිය අත්හරින්නෙමු. ගැහුවත් උඹලට නොපෙන්වන්වෙමු. රජාගේ මිතුරන්ගේ පමණක් පොටෝ දාන්නෙමු. ඉදහිට ආතල් දෙන්නෙමු. සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙමු.

යන ගමන් මේකත් බලාගෙනම යන්න. ලස්සන සින්දුව. ෆිල්ම් එකේ ඔර්ජිනල් විඩියෝවත් තියනවා. ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා. මං රජා ආසම පාට් එක තමා කාලය හොද උන දා නරක දසා පාවෙලා...රෝදය කැරකෙනවා හිත හොද තැන් බල බලා... :)

මෙතෙක් කල් අප හා රැදී සිටි ඔබ සැමට, කමෙන්ට් දුන් නුදුන් සැමට ස්තූති කරමින් නැවතත් මෙහි එන්නට මෙසේ කියන්නෙමු,

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි : අළුත් ඇදුමයි මූණයි අවුලක් නෑ නෙහ්?

131 comments:

  1. ඒ.. රජෝ.. මේක දැන් පස්ස කන්තෝරුවක් වගේ බං.. දම් පාටයි..

    ReplyDelete
    Replies
    1. සුභපැතුම් රජෝ.. බ්ලොග් ලෝකෙට අලුතෙන් දෙයක් එකතු කළා උඹ.. ඒකෙන් වැඩක් කරන්න පුළුවන් එකෙක් කියලා පෙන්නුවා..

      ජය වේවා..

      මටනම් මේ පාට අල්ලන්නෙම නෑ බං.. (දෙවැනි පාරටත් ඇවිත් බැලුවා ඒත් නෑ.. )

      Delete
    2. දම් පාට මොන පස්සෙද ඈ... :)

      Delete
    3. හෑ... කොයි අර බඩ තඩි රජා?? මේ ඇනිමි රජෙක් බැහැලා ඉන්නේ?? හරි රජා ද වැරදිලා ද?

      Delete
    4. අර කිව්වත් වගේ කොල්ලෙක් හන්දා පාට මාරු කලානම් හරි...මේක ටිකක් ගර්ලීෂ් ලුක් එකක් එනවා...සිරාවටම කිව්වේ

      Delete
    5. මටත් හිතුනා... ඕං මාරු කලා :)

      Delete
    6. කෝ බං.. අම්මපා මම කලර් බ්ලයින්ඩ් ද නැත්තන් මට පේන විදියද මේ??

      Delete
  2. මන් 1 ද ?
    තව හොදට ලියපන් රජෝ...
    උඹට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. 1 නෙමෙයිලු හැක් හැක් හැක්

      Delete
    2. ස්තූතියි මචන් :)

      Delete
  3. ජය වේවා මල්ලි. මේ දවස් ටිකේ කමෙන්ට් එකක්වත් දැම්මේ නැති වුනාට තරහා වෙන්න එපා. සිංහල නැහැ ඔපීසියේ. එත් හැම පොස්ට් එකක්ම කියෙව්වා මල්ලි.
    නියමයි අලුත් පෙනුම බ්ලොගේ.
    දිගටම ලියන්න වාසනාව ශක්තිය ලැබේවා.
    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. පිස්සුද අක්කේ තරහ වෙන්න :)

      ස්තූතියි ඈ..

      Delete
  4. කෝ මගේ කමෙන්ට් ඒක :/

    ReplyDelete
  5. නියමයි නියමයි මම චන්දෙ දුන්නෙත් මේ පාටටනෙ... ලක්සෙට කොඩි දැම්මට සතුටුයි හොදේ...සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොටු කවියෝ :)

      Delete
  6. "සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙ". එහෙනම් ඉතින් උඹ මේක ලියන් නැතිව වෙන එකෙක්ට ලියන්න දෙන්න වෙයි. හොක්කි හූ...

    ReplyDelete
  7. ජය වේවා.. සුභ වේවා... තව තව රාජ සම්පත් ලැබේවා..

    මේ රජෝ උඹ මේක සභ්‍ය මනුස්සයෙක්ට කියවන්න පුළුවන් වෙන විදිහට ලියන්න යන එක ගැන මාගේ බලවත් සතුට.. සභ්‍ය විදිහට මීට පස්සේ කුණුහරුප කියවන්න පුළුවන් වෙයි වගේ නේ.. ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      බලමුකෝ...

      Delete
  8. රජතුමාට හදපිරි උණුසුම් සුබ පැතුම්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)ගෙන්

    ReplyDelete
  9. සුභ පැතුම්!!!!!! වැඩ ඕසෙට, පස්සේ එන්නම්.

    ReplyDelete
  10. සුබ පැතුම්.!! අලුත් ඇඳුම හොදයි.. මූණ හොදා.......යි
    :) :)

    ReplyDelete
  11. 2010 ජනවාරි මස 20 - දින 225 ????
    මේක හරිද මන්දා :o වැරදි වගේනේ ....

    "පැපරාසිය අත්හරින්නෙමු." එපා එපා

    ReplyDelete
    Replies
    1. හුටා... වැරදිද?

      වටයලා කිව්වේ බෝල ගාණකට :)

      Delete
  12. වෙනස් වෙන එක හොඳයි හැබැයි රජෝ මේක සභ්‍ය වෙනවනම් පුත්තලමේද ගෝවා වගාකල හැකිය... :P

    මගේ උණුසුම් සුභ පැතුම් රජෝ...

    ReplyDelete
  13. ප්‍රීතී පොඩි රජ ප්‍රීතී...
    200,000ත් ඉක්මනටම ඒවි.
    උණුසුම් සුභ පැතුම් රජ කුමරුනි...

    බ්ලොගය බලන්නේ දිගු කලක සිටය. රජාගේ පාටියේ කමෙන්ට් කරන්නම සිතුනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      දිගටම ඉමු...

      Delete
  14. දැන් එහෙනම් කේක් එකක් කපාලා අපිටත් කෑල්ලක් හරි ඔක්කොම හරි දීලා ඊට බස්සෙ අපිට බත් ඩිංගිත්තක් කන්න ආරාධනා කරලා..අපි එපා කියද්දි බත් කවාලා...ම්ම්මම්ම් තව...ආ මේ අයිස් ක්‍රීම් ටිකක්...වටලප්පන් එහෙම කිලෝ දෙක තුනක් එක්ක අපිල එපා කියද්ද බැදගෙන එන්නත් ඔතලා දීලම ඊලග වැඩ පටන්ගත්තනම් නරකද ඈ...

    ආ...හුටා..ඒක නෙවෙයි සුභ පැතුම් ඈ..

    ReplyDelete
    Replies
    1. රෑ වෙලා වරෙන්කෝ එහෙනං...

      ස්තූතියි මචන් :)

      Delete
  15. ආව් ආව් දැන් ඉතින් පොඩි රජාත් ලක්ශපතියෙක් නේද? මගෙනුත් අවවියට සුභපැතුම්...!! ඔය කිව්වාට ඕනවාට වැඩියමත් සම්භාව්‍ය වෙන්න යන්ඩ එපා ඉතින්.. ඒ මොකද කිව්වොත් ගොඩාක් දෙනා අඩවියට එන්නේ ගතානුගතික බ්ලොග් ශෛලියෙන් බැහැරවෙලා ටිකක් වෙනස් විදියේ දෙයක් මේකෙ ලියවෙන හින්දමනේ...
    ආ.. රජාගෙ අළුත් මූනත් ලස්සනයි රජ වාසලත් ලස්සනයි...! එල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      ඔය කිව්වට මම එච්චර වෙනස් වෙන්නේ නෑ...

      Delete
  16. මගේ උණුසුම් සුභ පැතුම්....
    නෑ නෑ ඒක සම්ප්‍රදායික වැඩි වගේනේ..
    ලැබුණු සතුට පිරුණු වාසනාවන්ත බ්ලොග් ජිවිතය අළුත් වෙලා පාට වැටෙන සතුටින් පිරිච්ච බ්ලොග් ජිවිතේ යහපත් ආරංචි ගොඩක් අහන්න ලැබෙන සුභම සුභ ආශීර්වාදයක්ම වේවා...!! smile smile
    හොඳ හොඳ නැටුම් එලි වෙන යාමෙට වගේ හොඳ හොඳ පොස්ටු ඉස්සරහට බලාපොරොත්තු වෙනෝ....
    ඔක්කොම හොඳයි.. අලුත් වෙනසේ...
    උඹ තමා නලක රජෝ...

    ReplyDelete
  17. නියමයි..... මගෙනුත් සුබ පැතුම් ! දිගටම ඔය හිට්ස් තියාගමු. හැබැයි හොඳ දේවලින්.....ජය වේවා !!

    ReplyDelete
  18. ලියපං ලියපං කුණුහබ්බ නැතුව බ්ලොග පාලු වෙයිද මන්දා....

    ReplyDelete
  19. "හිට්ස් ලක්ෂඨත් සමග බ්ලොග් අවකාශයේ යම් ප්‍රමාණයක ප්‍රගතියක් ලබාගත් අඩවියක් වශයෙන් අපි වෙනස් වන්නෙමු. දකුණු අත දිගුකර මෙසේ ප්‍රතිඥා දෙන්නෙමු. අපි මින් ඉදිරියට සම්භාව්‍ය වන්නෙමු. පැපරාසිය අත්හරින්නෙමු. ගැහුවත් උඹලට නොපෙන්වන්වෙමු. රජාගේ මිතුරන්ගේ පමණක් පොටෝ දාන්නෙමු. ඉදහිට ආතල් දෙන්නෙමු. සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙමු."

    මට හිතෙන විදියට උඹ මේ කරන්නේ මුල අමතක කිරීමක්.මිනිස්සු මේකට අවේ කියවල හිනා වෙලා යන්න.පාටකයෙකුට තියන ප්‍රශ්නේ තියෙන්නේ මොනවද කියන එක නෙවෙයි ලිව්වේ කවුද කියන එක.උබ වෙනස් වෙන්න හදනවා කියන්නේ උඹ වට හිටිය කියවන්නන් පිරිස් අනාත කරනවා වගේ වැඩක් නේද? උඹ ලිව්ව් විදියට නේද මේකට මිනිස්සු කියවන්න ආවේ.මොකද සමහර උන් ලියන සම්භාව්‍ය රෙද්දවල් තේරෙන්නේ නැති උන්ට උඹ සරල සිංහලෙන් කියපුව තේරුණා නිසා.දැන් උඹ පොරක් වෙලා අර සම්භාව්‍ය රෙද්දවල් තේරෙන්නේ නැති උන්ට යන එනමං නැති කරනවද?.අනික උඹට ඔය හිට් දුන්නේ උඹ අමතක කරන්න යන අයම නේද?මම කියන්නේ නෑ උඹට කුනුහර්පම ලියපන් කියලා.හැමදේම සමබරව ලියපන් උඹ උඹම වෙලා වෙනස් නොවී.මේක උඹේ බ්ලොග් එක ලියන්නේ උඹට ඕනෑ ඒවා.මොනවා ලිව්වත් ඒවා බලන්න මිනිස්සු ඉන්නවා මොකද ලියල තියෙන්නේ අඩවි රජා නිසා.

    මම කවදාවත් මේ බ්ලොග් එකේ ගොන් ආතල් එකක් දැක්කේ නෑ.හැබැයි මම උඹේ පොස්ට් එකෙන් උපුටා ගත්ත කොටස නම් මම උඹෙන් දැක්ක ගොන්ම ආතල් එක.

    මොනවා උනත් අලුත් පෙනුම පට්ට.....rokzzzzzzzzzzzzz

    ReplyDelete
    Replies
    1. තව දෙයක් එකතු කරන්නම් හොඳ රජෙකුට ගොඩ කාලයක් පැවතෙන්න බෑ.

      Delete
    2. යකෝ මෙහෙම වචන හසුරුවන්න එපා.... ඇඩෙනවා!!

      හරි හරි බං මමනේ ලියන්නේ...බය නැතුව හිටහන් :)

      Delete
    3. මම කියන්න තියන දේ කෙලින්ම කියනවා...ආයේ ඕවා නොකිය ඉඳල අව්ලක් උනාම මමත් කලින් ඕක හිතුව බන් කියන්නේ නැතුව..

      Delete
  20. නියමයි නියමයි රජෝ... ඔහොම යමු.. මම්ත් ඉතින් හැමදාම ඇවිත් උඹට කුණුහරපයක් හරි කියලා යන්නේ මේක සිරාම බ්ලොග් එක නිසානේ.. ලබපු හැම ජයකටම සුභ පැතුම්.. ඉස්සරහටත් ජයම වේවා

    උබට සුභ වේවා!! රාජ සම්පත් අපිටත් ලැබේවා!!

    ReplyDelete
  21. එල එල.සාම්භාව්‍ය ඒවා ලියනවා නම් හොදයි.ඒත් පොඩි ආතල් දෙන එකකුත් ලියනවනම් තවත් හොදයි.සුබපැතුම් !

    ReplyDelete
  22. හත්තිලව්වයි මේක සභ්‍ය උනොත් බං අපිට කියවලා ආතල් ගන්න බ්ලොගක් කොයි ? :))
    …පෙනුමත් බැනර් එකත් මට නම් හොඳයි.

    …ලස්සෙට සුබ පතනවා!!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      ඔය කිව්වට මමනේ ලියන්නේ...

      Delete
  23. onna magenuth suba pathum ayya.......oya nalaka rajage post kiyawanna hamadama ennamko........ :D hamadama hina wela inna....... :):)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරලියා :)

      Delete

  24. 10,0000 ට 10, 00000 ක් ලැබේවා.. ඔබට ජය!!!!
    බ්ලොගය අමාරුවෙන් සම්භාවය කොරන්ට ඕනි නැත. මට නම් තියන විදිය නරක නැත.

    කිසිදු අරමුණකින් තොරව 2010 ජනවාරි මස 20 වෙනිදා // හැම තිස්සෙම අනුන්ගේ වැරදිමයි පෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට මොකක් හරි වෙලා බං...මේ දවස් වල හරියට වැරදෙනවා :)

      ඔන්න හැදුවා...

      ස්තූතියි මචන් :)

      Delete
  25. ඉස්සෙල්ලම ඔන්න මගෙනුත් සුභ පැතුම් මචං.

    වැඩිය හිතන්න එපා බං. උඹ කරගෙන ආපු විදියටම ඉස්සරහට පලයන්. (කුණුහරුප වගේ වගේ ඒව නම් ටිකක් අඩු වුනාට කමක් නෑ.)

    ReplyDelete
    Replies
    1. අමතක වුනා. අළුත් ඇඳුම මම ඊයෙ දැක්කට කමෙන්ට් කරන්න බැරිවුණා. නරක නෑ. අර උඩ ඉන්න රජ පැටියගෙ කට නිකන් වෘත්තාකාරයිනේ. බැරිද ඒක රවුන් කරන්න. :D

      Delete
    2. ස්තූතියි මචන් :)

      Delete
  26. උබට සුභ පැතුම්.. දිනෙන් දින දියුණු වේවා!!! අලුත් ඇදුමත් එල...
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. එල එල රජෝ. ඊගාව අවුරුද්ද වෙනකොට හිට්ස් දසලක්ෂයක් ගන්න වාසනාව ශක්තිය ධෛරීය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා....!!



    පස්වාන් දහසකට වල්කම්

    ReplyDelete
  28. සුබ පැතුම් රජ තුමනී !! ඔබ වහන්සෙ අලුත් දෙයක් කළා සහ තව කරන්ඩ පුලුවන් රජෙක් බව පෙන්නුවා.. සම්බාව්‍ය නොවුනට කමක් නෑ.. කුනුහරුප නොලියා හිටහන්..රජ තුමනී.

    ReplyDelete
  29. සුබ පැතුම් සහො. තව තවත් සුබ වේවා අර මොකක්ද එකම ලැවේවා !!!

    ReplyDelete
  30. චිරාත් කාලයක් දැහැමෙන් සෙමෙන් බ්ලොග් කර්මාන්තය කරන්න රජාට ශක්තිය ධෛර්යය ලැබේවා :)

    ReplyDelete
  31. සුබ පැතුම් මලයා !!
    දිගටම එලකිරි පෝස්ටු ලියමු !!!

    ReplyDelete
  32. රජාට පිසාච අඩවියෙනුත් සුභපැතුම් ඔන්න

    ReplyDelete
  33. දසරජ ධර්මෙද දැන්..සාදූ සාදූ... ජයවේවා හොඳ රජෝ අපි ඉන්නව රජා වෙනුවෙන්... කුප්ප කතාවක් උනත් සම්භාව්වෙන් ලියහන්.. :D

    ReplyDelete
  34. සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙ එහෙම නම් මම එන්නෙ නැ නැ නැ නැ හොඩෙ මෙක තමා අපිට හිනා වෙන්න ලෙ පිරිසිදු කරන්න තියන හොදම බොග තව එකක් පැපරාසිත් ඔනෙ නැත්නම් මම එන්නෙ නැ නැ නැ නැ හොඩෙ මෙ ටික නොකලොත් මම කැරල්ලක් ගහනවා ඇත්තමය් හොඩෙ

    ReplyDelete
  35. කමක් නැ මෙච්චර කාලෙකට අපි ආස ඩෙවල් දුන්නට thanks aaa hebai uda tika karanna one nethnam dannawane

    ReplyDelete
    Replies
    1. අම්මෝ බොරළුවා ගල් වලින් නෙලුවොත් එහෙම... :)

      එදා බලංගොඩ මානවයටත් කෙලලා තිබ්බා

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. ඔන්න මුලින්ම මගෙන් අත්පොලසන් නාදයක්... ඒ අපේ රජා මල්ලි ලස්සෙට කොඩි දැමීම නිමිත්තෙන්...

    මෙන්න ඊළඟට හූවක්... ඒ මේ ප්‍රකාශය නිමිත්තෙන්
    // දකුණු අත දිගුකර මෙසේ ප්‍රතිඥා දෙන්නෙමු. අපි මින් ඉදිරියට සම්භාව්‍ය වන්නෙමු. පැපරාසිය අත්හරින්නෙමු. ගැහුවත් උඹලට නොපෙන්වන්වෙමු. රජාගේ මිතුරන්ගේ පමණක් පොටෝ දාන්නෙමු. ඉදහිට ආතල් දෙන්නෙමු. සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙමු. //

    ඇයි මල්ලි ඔයා මේක නොලියා ලේකම් කෙනෙක් දාන්නද කල්පනාව?? හූ....!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ :)

      අනේ ඇයි බං උඹලා මට හොද මිනිහෙක් වෙන්න දෙන්නේ නැත්තේ?

      හූ..............!!!!

      Delete
  38. අලුත් ජවයකින් ඉදිරියට යන්නට, අලුත් අදහස්, හරවත් අදහස් වපුරන්නට, ශක්තිය ලැබේවා. සුබ පැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  39. එල ඈ!!උඹ සභ්‍ය වෙන්න එපා යකෝ!!!!

    ReplyDelete
  40. //කාලය හොද උන දා නරක දසා පාවෙලා...රෝදය කැරකෙනවා හිත හොද තැන් බල බලා... :)//

    මම ආසම ඕකෙ අනේ අනිච්චං කියන කෑල්ලට බං :)

    කියන්න වචන නැති තරම් සංතෝසයි. මට සැප්තැම්බර් මැද වෙද්දි වසරයි. හිට් ලක්ෂ එකහමාරයි. ඒ ආපු ගමනේ මම තැනින් තැන කිව්වා උබ රොකට් එකක් වගේ උඩට යන පොරක් කියල. (මතකද මන්දා)

    උබට ගහපු තරමට උබ නැගිට්ටා. උබ ලියන ඒවට පිරිස් ආදරය කලා. අපි උබල වගේ කබ්බන්ට අලුත් එකාලට අත දෙමු ! හොද නිර්මණකරුවන් බිහිකරමු.

    සැමට ජය.

    ඉක්මනින් ලක්ෂ දෙකට යන්නට වාසනාවේවා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් අමතක වෙනවද බං.... මං ආපු මුල් කාලේ ඉදලම උඹලා මාත් එක්ක හිටියා. උඹලා හින්දා තමා අද මේ අඩවිය මෙතන තියෙන්නේ. ඒවා අමතක වෙන්නේ නෑ බං.

      අනිවාර්යෙන්. අළුත් උන්ව උස්සලා තියමු අපිට වැඩිය උඩින් යන්න!!!

      ස්තූතියි මචන් :)

      Delete
  41. මෙන්න මිනිස්සු!!! :D

    අලුත් ඇඳුම ශෝයි!! හුරතල් පාටකුත් තියෙන්වා..:D නියමයි රජා මලයා.. දිගටම හොද දේවල් ලියන්න ශක්තිය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා.... :)

      Delete
  42. පළමුවෙන් ලස්සේට කොඩිය දැමීම ගැන බොහොම සතුටුයි,,,සුබ පතනවා,,,,,,,දෙවෙනි එක තමයි ,,,ඔය සම්බාව්‍ය මගුල් ඕනි නෑ,,,,රජා අය්යා මෙච්ච‍ර කල් ලියපු විදියටම ලියනවනම් තමයි අපි නම් කැමති,,,,,කොහොම හරි කැමති විදියකට ලියන්නකෝ,,,,,,අපි බලනවා,,,,මොකද,,ඔය රාජ තීරණ වලට අකමැති උනොත් රාජ උදහසට ලක් වෙනවනේ,,,,එහෙනම් ජයෙන් ජය,,,,

    ReplyDelete
  43. රජා සභ්‍ය වීමට යෑම පිලිබද මාගේ තදබල විරෝධය පලමුව දක්වන්නෙමි...
    දෙවනුව ලක්සෙට කොඩි දැමීමට හැකි වීම පිලිබද සුභ පතන්නෙමි..
    තෙවනුව මම මාරු වෙමි...
    ජයවේවා..
    රාජසම්පත් ලැබේවා!!!!!!!!

    ReplyDelete
  44. සම්භාව්‍ය වුනාට පස්සෙ කොමෙන්ට්ස් වහලා දාන්න හොඳේ?...අනේ මේ රජෝ කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැ හරිද??

    ඔය සම්භාවය උනාට පස්සෙ කවුරුවත් එන්නෙ නැහැ මේක බලන්න...ඕන් මම දැම්ම කිව්ව.

    ReplyDelete
    Replies
    1. බය නැතුව ඉන්ඩෝ...ලියන්නේ මමලු :)

      Delete
  45. ඔබ ගෙන ඇති තීරණයට ඉහලින්ම ගරු කරනවා.
    ඔබ ඒ දේවල් ලියනවාට වඩා ලස්සන අතුලාන්තයක් තියන කෙනෙක් විදිහට මම දකිනවා.
    ඒ ලස්සන දේ ඇතුලේ තියාගෙන එලියට අරවගේ දේවල් ලියන එක පොඩ්ඩක් එර්ර්ර් සහගතයි.
    අලුත් ලුක් එකට මම කැමතියි.
    බැනරයත් පරණ එකට වඩා ලස්සනයි.

    ඔබට ජයෙන් ජය රජ!
    :)

    ReplyDelete
  46. උබේ බ්ලොග් ඒක ලියන විදිය වෙනස් කරනවානම් මීට‍ පස්සේ තෝම කමන්ට් දාගනින් රජෝ අපි එන්නේ නැහැ බොරු පඩ ශෝ සම්භාව්‍ය ලිපි බලන්න ගොන් රජෝ ...

    ලක්සෙට සුබ පැතුම් ආ ...

    ReplyDelete
  47. ජය ජය අලුත් පෙනුමත් එල!

    ReplyDelete
  48. අඩේ මට දැන්නේ මීටර් උනේ.. මේකේ නම තහනම් අඩවිය නේ.... මං යන්නෑ ඔය තහනම් ඒවා අස්සේ..... ආයිත් නම් එන්නෑ පැත්ත පලාතේ.....

    හි හි....

    ටික දවසයි නේ මට මේ පැත්තට ඇවිල්ලා.. ඒත් ඉතිං කියවන්න තියෙන ඒවා ඔක්කොම කියෙව්වා.. හැබෑට අර බූට් කතාව අහුවුන් නෑ නේ... කමක් නෑ... ලොකු උදවුවක් නේ කරලා තියෙන්නේ....

    එහෙනම් ඔන්න මාත් කිව්වා.. ජය වේවා.... රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා......

    ReplyDelete
  49. අනේ රජෝ සභ්‍ය උනාට කමක් නෑ..ඒත් කලින් ආතල් විදියටම ලියහන්...හිනායන්ඩම..මේ පැත්තෙ එන්නෙත් හිනාවෙලා ලේ පිරිසිදු කරන් යන්නනෙ...රාජ සම්පතම ලැබේවා...ජය ශ්‍රි !

    ReplyDelete
  50. සාර්ථකත්වයට මගෙනුත් ඔන්න සුබපැතුම් මචන්. ඉඳල හිටලවත් ආතල් එකක් දීපන් නැත්නම් කික් එකක් නැහැ. මොකද බොලා වගේ ලියන උන් අඩුයි. වී කරලක් පැහෙන්න පැහෙන්න බිමට නැවෙනවා අන්න ඒ න්‍යාය අනුගමනය කලොත් සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගින්න පුළුවන්.

    ReplyDelete
  51. මගෙනුතු උණුසුම් මෙව්ව එකක් ඈ....

    "අපි සභ්‍ය වන්නෙම්" ........... වසරේ විහිළුවද බං මේ.... මට ඉතින් ඕඅකට කියන්න වෙන්නේ පු* තමා කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      පු* කියලද කිව්වේ.... ඊයා..........

      Delete
  52. යේ යේ රජාට සුබ පැතුම්................ අර අලුත් පිංතුරේ ඔයාගේ මුණමද මන්දා අෆ්ෆා.... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ :)

      සිරාවට??? ඒ වගේද?? හිහී...

      Delete
  53. රමේශා සිරිවර්දනSeptember 1, 2012 at 2:20 PM

    මල්ලී උඹ මට පින් දීපන්.මගේ පච්චේ ගැන ලිව්වේ නැත්නම් උඹට මේ තරම් ඉක්මනට හිටස් ලක්ශේ ගහන්න බෑ.

    ReplyDelete
  54. උනුසුම් සුභ පෑතුම් මල්ලියො!!!!! ලියන විදිය වෙනස් කරොත් රජගෙ අනන්යතාවය නෑති වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චූටියෝ :)

      Delete
  55. රජෝ ලක්සේ ඉක්මනටම දස ලක්සේ වේවා.....!
    උඹ මේ ලියන විදිහ හොදයි බං,style එක වෙනස් කලොත් හිට්ස් අඩුවෙන්නත් ඉඩ තියෙනවා,එක නිසා කලින් විදිහටම ලියහන්


    අහ මං ඊයේ තොපේ රාජධානිය කිට්ටුවට ආවා,උඹේ හිතාදර ඔටු අයියාවත් හම්බ උනා මං උඹ ගැන ඇහුවා එකාගෙන් :)

    ReplyDelete
  56. ලක්ෂයක් දෙනා පැමිණියා වගේම ඒ පැමිනි හැම කෙනෙක් අරින් මමත් මගේ හෘදයාංගම සුබ පැතුම් එකතු කරනවා. වාසනාවන්ත මොහොතේ.

    ReplyDelete
  57. ම්ම්ම් මල්ලිගේ ලක්සෙට මගෙනුත් සුභ පැතුම්... රජාගෙ පින්තුරෙයි බ්ලොග් එකේ වෙනසයි ඔක්කොම එල... මට පෝස්ට් කීපයක් මඟ හැරිලා වගේ.. එව්වත් පස්සේ කියවන්නම්කො... ජය වේවා!!!

    ReplyDelete
  58. ඔහොම යන්.. ඔහොම යන් රජො....

    ReplyDelete
  59. ඇත්තටම අයියේ මමත් කතාව පටන් ගත්තේ ඔය වගේ සීන් එකකින් .. අයියා සොරි ආ ටිකක් ලේට් වුනා එන්න.... දන්නැද්ද ඉතින්..

    ReplyDelete
  60. ලක්ෂපතියාට සුබ පැතුම්‍‍‍.....!

    ජය වේවා‍‍‍.....!!!

    ReplyDelete
  61. සුබ පැතුම් රජතුමනි !! රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා..

    ReplyDelete
  62. තහනම් අඩවිය නෙවේ රජෝ
    සල්ලාල අඩවිය

    ReplyDelete
  63. නියමයි නියමයි රජෝ... ඔහොම යමු

    ReplyDelete
  64. ජය වේවා.. සුභ පැතුම්....

    ReplyDelete
  65. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)