පලවෙනි දවසේ ෆන් එක මිස් වෙච්ච අය මෙතනින් ගිහින් බලන්න...
මැදියම් රැයත් පසුවී නිදාගත් හෙයින් පසු දින ඇහැරෙන විට අලුයම 7 පමණ වී තිබුණි. වරකට එක බැගින් විනාඩි දහයකට වරක් එක්කෙනෙක් බාත්රූම් ගත විය. හෙමින් හෙමින් එක්කෙනා බැගින් ගොස් අවසන් උනි. අන්තිමයා ගවේශකය. ඇතැමුන් බුකි ගත වන අතර, කලින් දවසේ පොටෝ බලන අතර හා ඇලට් එකක් දමන් ඉන්න අතර ගවේෂක අප අතරින් වෙන්ව ගියේ රූම් එකටය. නොදැනීම වාගේ විනාඩි 40 ක් ගතව තිබුනි. චමියා තවත් නැත.
ඒ කෝ බන් චමියා?
බලහන් කොමඩ් එකට වැටිලද දන්නේ නෑ..
මල මගුලයි ඇතුලට බැහැලා ෆ්ලෑෂ් කර ගත්තද දන්නේ නෑ...හිතේ අමාරුවෙන් හිටියේ...
මෙසේ විවිධ අදහස් දෝරේ ගලන්නට විය. මේ අතරතුර චමියා පැමිණියේය..
මොකද යකෝ මෙච්චර වෙලා කලේ...?
උඹලට කියන්න ඊයේ මඩොල් දූවේදී බෝකක් සෙට් උනා. පස්සේ එක එහෙම්ම නැතුව ගියානේ.. දැනුයි බං ඒකේ අමාරුව තේරෙන්නේ. අඩෝ බොක කොන්ක්‍රීට් වෙලා තිබ්බේ බං... මෙච්චර අමාරුවක් කවදාවත් හැදුනේ නෑ බං. හරි අමාරුයි.
එයේ රෑ මොනවා හරි උනාද දන්නේ නෑ.
රජ මල්ලි නේද උඹ ගාව හිටියේ.
කෙසේ හෝ දඩ බඩ ගා ලෑස්ති උණු අපි උදේ 9 වන විට ගෙදරින් එලියට බැස්සෙමු. කන්නලියටම යන්න වෑන් එක ගන්න ට්‍රයි එක්ක දැම්මද, එහි සිදුවු සියුම් තෙල් කාන්දුවක් හේතුවෙන් අපේ බලාපොරොත්තු සුන්නද්දුලි වී ගියේය. බසයෙන්ම කන්නෙලි යන්න සිදු උනේය. ගාල්ලෙන් උඩුගම බලා යන බසයකට අපි ගොඩ උනෙමු. ඒකත් ගියේ මගක් වනතුරු පමණි. පාර කාපට් දමන හෙයින් ඒ ටික අපිට පයින්ම යන්න සිද්ද උනේය. පයින් ගිහින් නැවත බසයකට ගොඩ උනෙමු. වෙලාවට වගේ පස්සේ සීට් එකම හිස්ය. පැනපු ගමන් ඉඳ ගත්තෙමු. අපිට ඉස්සරහ සීට් එකේ අක්කා කෙනෙක්ය. එත් ගවේෂකයාට හැම කෙල්ලක්ම නංගිය.
නංගි කන්නෙලියට ගොඩක් දුරද?
නෑ අයියේ තව ටික දුරයි..
ඕකේ කොටස් 3ක් තියෙනවා නේද නංගි ?
ඔව්..
මොකද්ද ලගම..
ඇය මේ සියල්ලටම සුක්ෂම ලෙස පිළිතුරු දුන්නාය. නැවත මද නිහඩතාවයකි.
ඒ අතර විශාල ශරීර කුඩු වලට උරුමකම් කියන උන් සියල්ලම පසුපස අසුනේ සිටි හෙයින් යශියට සිදු වුයේ ඉදිරිපස අසුනක හිද ගැනීමටය. මූ එතනත් ගිහින් පොටෝ ගහන්නේය. පොඩි උන්, බල්ලෝ, කොල්ලෝ, මූට පෙන්නන්න බැරිය...
ඒ බස් එකෙත් ගිහින් අපි කන්නේලිය බෝඩ් එක ගාවින් බැස්සෙමු. තවත් කිලෝමීටරයක් පමණ ඇතුලට යාමට ඇත. ඒ ටිකත් දෙයියනේ කියා පයින්ම ගියෙමු. ඒ අතරමග දුටු එකම එක සත්වයා හැකරුල්ලෙක් පමණක්මය. 12.30 පමණ වන විට අපට ප්‍රධාන දොරටුව ගාවට යන්නට හැකි උනේය. කට්ටිය බෑග් තබා ටිකට් අරන් එනතුරු අපි මදක් ගිමන් නිවන්නට අසල තිබු බැංකුවක් උඩින් වාඩි උනෙමු. ඒ අතරම එදා යශියට උන දේ අද උනේ අශානයාටය. ඊයේ බැල්ම දැම්මේ බැල්ලක්ය. අද බැල්ම දාන්නේ බල්ලෙක්ය. දැන් කාලේ බල්ලොත් හරි බලු වෙලාය. උනුත් දැන් ගේ කුරුල්ලෝ වෙලාය.
නාන තොටුපලත් මීටර් කර ගෙමන අපි සෙමෙන් සෙමෙන් කැලේ ඇතුලට පිය මැන්නෙමු. එක තණකොළ නොවැඩුණු ප්‍රදේශයක් පෙන්වූ ගයිඩ් අයියා කිවේ මෙතන භීෂන කලේ මිනි පුච්චපු තැනක් කියාය. එතන නැවත ශාක වැවෙන්නේ නැතිලුය. තව අපි ගල් උමගක් යටින්ද ගියෙමු. අඩි 10 ක් 12 ක් දිග ඒ උමග තුල වවුලොද සිටියේය. කට්ට කළුවරේ ඔලුව නමාගෙන කැම් එකේ ෆ්ලෑෂ් එකේ එළියෙන් අපි ඉදිරියට ඇදුනෙමු.
ඊළඟට හැරුනේ අනගිමලේ ඇල්ල බැලීමට යාමටය. එය පට්ටම දිය ඇල්ලක්ය. හැබැයි මේ පායන කලේ නිසා වතුර නං පොඩ්ඩක් අඩුය. එතෙනට වී සිහිල් පහස විදිමින් පාන් සමග දැල්ලෝ ඩෙවල් එක රස විදි අපේ උන්ට පුරුද්ද නං කිසිවිට අමතක වුනේ නැතිය. ඒ අතිශය සාටර් වූ පොටෝ ගැසීමය.
ඇල්ලට සමු දුන් අපි නැවත උඩුගං බලා ඇවිද්දේ යොධ පුස් වැල බැලීමටය. ගියාටත් පාඩුය... එහි බලන්නට දෙයක් නැත. ඇත්තේ දගර ගැසුණු පුස් වැලකි. ඇත්තම තමාය.. එය දැන් පුස් කන්නත් ලගය. ඒ කොටස බලලා ඉවරය. ඊළඟට ඇත්තේ නාන්න යාමටය. අපි හෙමින් හෙමින් පල්ලම් බැස්සෙමු. අපිට නං දැන් ටිකක් මහන්සිය. එත් ගවේෂකට මහන්සි ඇත්තෙම නැත.
ඒ මහන්සි බං...පොඩ්ඩක් ඉඳලා යමු..
පිස්සුද බං? උඹලට කිලෝමීටර් 3ක් ඇවිද ගන්න බැරිද? මොකද්ද බං උබලා...
මෙසේ කියමින් ගවේෂක වැඩකරු වගේ ඇවිදගෙන යන්නේය. නාන තොටුපල ළඟ කෙල්ලෝ රංචුවක් නානවාය. මෙය දුටු ගවේෂක චමියාට කිචිය...
ඒ මහන්සී බං පොඩ්ඩක් ඉඳල යං...
නෑ නෑ බං මහන්සි නෑ යමන්. මූට කෙල්ලෙක් දිය රෙද්දක් ඇඳන් ඉන්නවා දැක්කහම තම මහන්සි.. $%^#$
කොහොමද දැන් ටිකකට ඉස්සරලා අපිට දුන්න ටෝක් එක..
අනේ බං මහන්සී බං. අර බලහන්කො....
නෑ නෑ මහන්සි නෑ වර යන්න.. #%%$^
උඹ ඕවා බලන් ඉන්න ගිහින් මොනවා හරි නැතුව ආවොත් එහෙම. අපි දෙන්නයෑ? ස්පෙයාර් වීලුත් නෑ....
නැවත බෑග් අරන් පැමිණෙන විට කෙල්ලෝ රංචුවේ ටික දෙනෙක් ගේට්ටුව ලඟට ආවෝය. ගවේෂකට ආයෙත් මහන්සිය. බොහොම අමාරුවෙන් ඌව ඇදගෙන තොටුපලට ආවෙමු. ඒ එන අතර මග නාන ගැන්සියේ කෙල්ලෝ ටිකක් අප කැමරා කාචයට හසු විය.
දැන් වෙලාව 3 ටත් කිට්ටු වෙලාය. යශ් ගෙදරට යාමටත් පැය 2 ක් පමණ ගත වෙනවාය.. 6ට කලින් ගෙදර ගොස් කලින්ම බීච් එකට සෙට් වෙන්න තියෙනවානම් හොඳය. මන්ද නැතිනම් අදත් තාත්තා උදැල්ල දැම්මොත් සල්ලි දාලා ගත්තු බ්ලැක් ලේබලය අපරාදේය. අනික තව පට්ට ෆන් එක්කකුත් මිස් වෙන්නේය. අපි හොඳ ප්ලෑනක් ගැසුවෙමු.
මචන් චමියා උබේ ඔය මගුල් භාන්ඩේ අරං තියපන් ස්ටොප් වොච් එක පැය කාලකට. අපිව උඩ ගනින් හොඳද?
එල...
දැන් අපි ලස්සන ගල් අල්ලා සකස් කරන ලද නාන තොටුපලේ බඩක් වතුර දක්වා ඇති කොටසට ගොස් හිතේ හැටියට නා ගත්තෙමු. ඒ අස්සේ වෙලාව බලන්න තැබූ එකා කැම් එක අරන් දිගට, හරහට, ඇදේට, කෙලින්, පොටෝ ගහන්නේය. ඒවා නම් බලන්න ලස්සනය....අගනේය.....
ඒ පාරේ බස් එකක් යන්නේත් පැය ගානකට සැරයක්ය. අපි බස් එකක් එනකං පාරෙ ඉදගෙන සිටිසෙමු. ඒඅතර අපේ උන් දෙදෙනෙකුගේ කුමන්ත්රනයක් එලියට ඇවිත් තිබුණි. රහස් පරීක්ෂක වැඩ අතරතුර පාරේ ගිය ඩිමෝ බට්ටෙකුට අත දැමීම හේතුවෙන් ඒ අයියා අපේ දුක්බර මුහුණු දැක එක පයින් බ්රේක් ගසා නැවැත්තුව හෙයින් කලින් ගෙදර යාමේ අවස්ථාව අපිට සැලසුනි.
අපි නැවතත් යශ් ගෙදරට සේන්දු උනෙමු. එවිට වෙලාව හත පමණ වී තිබුණි. හනික බත් ටිකක් ගිල ගත අපි
පෙති කපපු අඩි 3ක් දිග මාළු කුරියයි
පොල්තෙල් බෝතලයයි
භූමිතෙල් බෝතලයි
බ්ලැක් ලේබලයයි
දර ටිකකුයි
තාච්චියයි
රැගෙන කොග්ගල මුහුදු තීරයට ගියෙමු. ඒ සදහා අපේ ආරක්ෂාවට පට්ට අංකල් කෙනෙක් යශ් තාත්තා විසින් පත් කර තිබිණි. ඒ ගින්දර ඩයල් එකත් සමග අපි වැඩ අල්ලන්නට ගත්තෙමු.
අංකල් අපේ තාත්තට කියන්න එපා ඈ..
පිස්සුද පුතා... ඕන තරම් කැම්පස් කොල්ලෝ ඇවිත් ෆන් අරං යන්නේ..
ඉස්සරලාම කරන්නට දී තිබුනේ අඩි 3 මාලුවා බැද බයිට් එක සාදා ගැනීමය. අංකල්කාරයාගේ පිහිටෙන් අපි අර හෙන සැර මුහුදු හුලං වල බාධකය මත බොහොම අමාරුවෙන් ලිප පත්තු කර ගත්තෙමු. රජ සමග අශා මාලු බදින අතර යශ් සුපුරුදු පොටෝ ගැහිල්ලේ නිරතව සිටියේය. අනිත් උන් අංකල් සමග සුබ මොහොතින් වැඩ අල්ලා තිබුනි. හසියගේ ටෝච් එකේ පිහිටෙන් අර කට්ට කළුවරේ මාලු වල පාඩම සොයා ගත්තෙමු. බයිට් එකට බැද්දට, වැඩියෙන්ම කෑවේ රජා සමග ආශා බව අනිත් උන්ට නොතේරෙන්නට ඇත. තෙල් තාච්චියෙන් මාලු බිමට බානවා පෙනෙයි. ඊලග තප්පරයේ මාලු අතුරුදන් වී තිබුණි.
කෝ බං උඹලා තාම ඕක බදිනවද?
දැන් කොයි වෙලේ ඉඳන්ද?
බෑ බං මේ හුලං එක්ක කරන්න.... රස්නේ මදි....
ඊලග කාර්යය උනේ ගිනි මැලයක් ගැසීමය. එකට දැන් දර ඕනෑය. අපි ළඟ තිබු දර සියල්ල ඉවර වෙලාය. අන්කල් සිටියේ වෙලාවටය. පොර මේ වෙරළේ හැම අගලක්ම දන්නේය. අපිත් සමග පෝර උරයක් උස්සන් ගිය ඔහු පෝර උරේ පුරවන් ආවේ වෙළුන තැබිලි කෝම්බ, පොල් කොම්බ වලින්ය. ඒ අතර බ්ලැක් ලේබල් එකත් අසාමාන්‍ය වූ වේගයකින් ඉවර වෙන්න ලංවී තිබුණි. මෙය සිදු උනේ කොහොමද? වෙනදාට මෙහෙම වෙනවද? සීමාවේ රැදී සිටි පිරිසට මහත් ප්රශ්නයකි.
ඒ කොහොමද බං මේක ඉවර උනේ?
අනේ මන්ද ඕයි.... මම ෂොට් 3 ක් වත් ගැහුවේ නෑ
මමත් බං....
කවුද යකෝ එතකොට බිව්වේ..?
අර අංකලයා බං. ඒ යකා අමුවෙන්ම කට පුරෝලා නෙස්කැෆේ කෝප්පේ ගහනවා මං ලාවට දැක්කා...
ඒ කවුද බං මූව එක්කන් ආවේ?
කට්ටිය පොල් කෝම්බ ගෙනෙන තුරු රජ, ගයියා සමග ආශා, රැල්ල පාගන්නට කියා ගියෙමු. අපි දැන් රැල්ලක් එනතුරු සිටින්නෙමු. වෙන වෙලාවට එන තැනට වී සිටිමු. රැලි එතෙන්ට එන්නේ නැත. ආයේ කලින් ආපු තැනට ගියෙමු. ආයෙත් රැල්ල මග නවතී.
කෝ බං රැලි.... අපිත් එක්ක තරහා වෙලාද?
යමන් තව ටිකක් ඉස්සරහට..
මෙතෙන්ට වෙලා ඉමු. එන වෙලාවක එන්නේ නැතෑ...
අපි එකම තැනකට වෙලා සිටියෙමු. මහපට ඇගිල්ල තෙමෙන්න තරම් රැල්ලක් ආවේ වෙලාවටය. නැත්තන් අපිට වෙන්නේ එතෙන්ටම වෙලා සිටින්නටය.
ටිකකින් අංකල් කවරේ උස්සන් ආවේය. ඒකත් හෙන ගේමක් දී පත්තු කර ගත්තේය. දැන් නම් බුදුම ආතල්ය. බුර බුරා නැගෙන ගිනි දැල් කොග්ගල මුහුදු තිරය ආලෝකමත් කරන්නේය.
අපි ගිනිමැලේ වටේට ඉඳගෙන සින්දු කියන්නෙමු. සමහරුන්ට ටිකක් වැදිලාය. හුලනුත් හින්දා හොඳටම වැදිලාය. අංකල්කාරයට නම් කුණු වෙන්නම වැදිලාය. කෙලින් ඉන්නත් බැරිය. එදා වෙඩිමේදී වගේ චමියා ඇඩුවේ නැත. නමුත් හද්දම සාටර් තවත් දවසේ කතාවක් ඉදිරිපත් කළේය.
පාරේ එහා පැත්තේ උස පොල් ගස් දෙකකි. එහි වම් පැත්තේ ගසේ කදට අංශක 50 ක් පමණ ආනතව පිහිටි පොල් අතු දෙකකට පාරේ යන වාහන වල ලයිට් එලිය වැටී එක පාරට දිලිසෙන්නේය. චමියා මෙය දැක ඇත්තේ මල් වෙඩි හෝ වල්ගා තරු වගෙය. කියමින් සිටි සින්දුව හදිසියේම වචන හිර වීම නිසා අතරමග නැවතුණි. එත් සමගම මෙසේ ඇසුනි.
ඒ ආං...බලහකෝ අර... උඩ... මල්.... ආ..... නෑ නෑ....
හක්ක හැක හැක හූ.............. ඒ ආපු හූ පාරට මුළු කොග්ගලම හෙල්ලුනද කොහෙද.
මේ වන විට බෝතලෙත් ඉවරය. ගිනි මැලෙත් නිවෙන්නට ලගය. වෙලාවත් 12 පහුවෙලාද මන්දාය. දැන් එන්න කියා යශ් ගෙදරින් කෝල් එන්නේය. අපි කොහොමත් උප්පත්තියෙන් වැද්දෝය, පුරුද්ද අත හරින්නට බැරිය. ගිනි මැල පේන්න බැරිය. වටේ නටනවාය. අදත් එය එසේමය. පට්ටම ෆන් එක මෙතනින් නිමා කල යුතුය. අවසන් ගාලු රාත්‍රිය මෙසේ සනිටුහන් විය. කොග්ගල් මුහුද ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. මන්ද අපි ඇයව ප්‍රසිද්ධියේ දූෂණයට ලක් කලේමු.


වෑන් එකේ නැගුනු අපි නැවතත් යශ් ගෙදරට එමින් සිටියෙමු. ඒ අතර හබරාදූව හන්දියෙන් හැරී ටික දුරක් එන විට ටොක් ගා සද්දයක් ඇසුනි.. ඒත් සමගම ගිනි පුපුරු විසිවෙනවා ලාවට පෙනුනි. සිදුවී තිබුනේ මෙවන් දෙයකි.
ලාවට වගේ බ්ලැක් ලේබලයේ අතුරු ප්‍රථිපල ලැබුනු එකෙක් ෆිල්ටර් කොටයක් වීදුරුවෙන් එලියට විසි කරන්නට ගොස් ඇත. ලාවට වැදී තිබුනු හෙයින් ඔහු වසා තිබුනු වීදුරුව දැක නැත. නම නොකියමි. මන්ද මේ ගැසූ මඩ හොදටම ඇතිය. මම නැවත ලෙක්චර්ස් යා යුතුය.
ප/ලි :
මේ බලන්න... අපි හොඳ ලමයි.... කොච්චර ලස්සනට ඉන්නවද? ගහපු පොටෝ වල හිතට අල්ලලා ගිය පස්ටම පින්තුරෙ තමා මේ තියෙන්නේ. ගිනි මැලේ නිවෙන්න ඔන්න මෙන්න. ඒ එළියෙන් අපේ මුණු.... ඇඩෙනවා.....
 |
රජා, හසියා, ගයියා, චමියා, අශා |
බුකියේ සම්පූර්ණ මඩ ඇල්බමය මෙතනින්...........
කන්නෙලිය ගැන ගවේෂකගේ සම්පූර්ණ වෘත්තීමය වාර්ථාව මෙතනින්..
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!