Monday, August 20, 2012

වනය මැද තරුවක් - යුගයේ කුජීතම කෙටි කතාව





හුංගම කංකානම්ගේ මුදිත ද සිල්වා හා පුස්ගම කරනෝලිස්ලාගේ සුමන් යනු හෝඩියේ සිට එක බත් පත බෙදාගෙන කා බොක්කේ මිතුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා බොහෝ දේ කලේද එකටමය. දෙදෙනාටම පුදුමාකාර පොටෝග්‍රැපි පිස්සුවක් වැලදී තිබුනේය. මැස්සෙක්, බත් කුරෙක්, සමනලයෙක් පෙනෙන්නට බැරිය. ලස්සන ගෑල්ලමෙක් පෙනෙන්නටද බැරිය. අනිත් පොටෝග්‍රැපි කලාකරුවන්ට මෙන්ම මොවුන්ද එසේමය. දෙදෙනාම අසල්වැසියන් වූ අතර එතරම් වත් පොහොසත් කමක් නොතිබුන. බාගවෙලාවට, ඔවුන් සතුව තිබු කැමරා උපකරණ ඔවුන් දෙදෙනාට හිමිව තිබු වත්කමට වඩා වටිනවා වෙන්නටද තිබුණි. 

මේ දෙදෙනාටම ක්ෂණික කවි කිවීමේ හැකියාවද තිබුණි. ගමේ තිබු හිටිවන කවි මඩුවල ප්‍රධාන චරිත දෙකක් වුනේද මොවුන්මය. කාහටවත් කරදරයක් නොවූ මොවුන් දෙදෙනා තමන්ගේ පාඩුවේ පොටෝ එකක් දෙකක් ගසාගෙන ඒවා විකුණා ජීවත් උනෝය. දෙදෙනාම තනිකඩයෝ උන බැවින් ඔවුන්ගේ ගමන් බිමන් වලට කිසිම කරදරයක් තිබුණේද නැත. ගිය සතියේ සිංහරාජ වනන්තරේ ඇවිද ගොස් වටිනා දුර්ලබ පොටෝ ටිකක් කැමරාගත කරගන්නට ඔවුන් සැලසුම් කර තිබුණි. 

සිංහරාජයේ උතුරු මායිමෙන් ඇතුල් වීමට මුදිත හා සුමන් කතිකා කර ගෙන තිබුනේය. එදා මද හිරිපොද වැටෙන මුත් හොදින් හිරු රැස් පතිත වූ මද්දහනක් විය. මිතුරන් දෙදෙනා සිංහරාජ උතුරු මායිම වූ කොස්ගුලන ගග ලඟට පැමිණෙන විට දහවල් දෙකට ආසන්නව තිබුණි. කොස්ගුලන ගග ළඟ විසාල කුබුක් ගස් හෙවනක හිද ගත් යහළුවෝ දෙදෙනා තම බත් පතේ රස විදින්නට ගත්තෝය. මාලු කැල්ලක් කටට දාගන්න ගමන් ඈත බැලූ මුදිතට මාලු කෑල්ල උගුරේ සිර විය. 

කැහ් කැහ් බුහ් බුහ්.. මුදිත කහින්නට විය.

මොකද යකෝ? මැරෙන්නද හදන්නේ. මාළුවත් නහින්නේ කට හින්දලු.. සුමන් වතුර බෝතලය දිගු කරමින් කීවේය.

අර බලාපන් අර... මුදිත අත දිගුකරමින් සුමන්ට හරියටම පිටුපසින් වූ සරල රේඛාවේ  යාර කීපයක් එහායින් දිය නාමින් සිටි යුවතියන් පස් හය දෙනෙක් පෙන්නුවේය.

නැන්දා ගහයි ස්ටම්ප් එකෙන්... ඒ උන් කොහෙන්ද බන් ආවේ? අපි එනකොට හිටියේ නැනේ... සුමන් පිටුපස බලමින් කීවේය.

කොහෙන් ආවත් මොකද බන්. මුදිත ඉදිරිය බලාගෙනම ඇනූ බත් කට නහයේද ගාගනිමින් කිවේය.

ශේහ්!!! අඩෝ එතන පට්ට කෑල්ලක් ඉන්නවා බන්. මගේ බත් එකේ මාලු කෑල්ල වගේ ඕයි..

ඉක්මනට කාපන්කො ඕක... අපි ටිකක් ලඟින් යං... මුදිත එක කටට බත් පත ගිලමින් කියවන්නට විය.

කොස්ගුලන ගං ඉවුර දිගේ බිම බලාගෙන සන්සුන් ගමනෙන් යන මිතුරන් දෙදෙනා, දිය නාන යුවතියන් දෙය එක වරම බැලුවේ අහම්බෙන් ඔවුන්ව දැක්කාක් මෙනි. මොහොතක් ඔවුන් දෙස බලා සිටි මුදිත තම උණ බම්බුවක් වැනි කැමරාව බෑගයෙන් එලියට ගත්තේය. ගගේ ලස්සන කැමරාවට නගනවාක් මෙන් ඔහු පොටෝ ගැසුවේ කලින් ඔහු සුමන්ට කී තරුනියවය. මෙය දුටු සුමන්ට මද සිනහවක් ආවේය.

අඩෝ මුදියා, ඔන්න මට කවි අදහසක් මතක් උනා... ඉස්සර පොඩි කලේ හැමතිස්සෙම කියපු එකක්. මුදිත සිනහ හඩින් කිවේය.

කියහන්කෝ බලන්න. මුදිත ගංමැද දෙසට නෙත් යොමා කීවේය.

සුමන් රැල් බුරුල් හැර උගුර පාදා ගත්තේය. කොස්ගුලන ගගේ රැලි හැදෙන සද්දෙන් කවිය තාලෙට කියන්න ගත්තේය.

කොස්ගුලනේ ගග දෙපසේ කුඹුක්     නැමී
පැංචාවියන් දිය කෙලිනා සැටි            දුටිමී
පිපුනු මලක් නම් තලලා මිස         නොයමී
කැකුළු මල නිසා නොතලා යන්ට         යමී

සුමනගේ කයියේ සද්දෙට දිය නාමින් සිටි කෙල්ලෙන් සියල්ලම ක්ෂණයකින් යහළුවන් දෙසට හැරුනේ ඔවුන් දෙදෙනා දැවී අළුවී යන බැල්මකිනි. 

තොට පිස්සුද යකෝ?? මුදිත ඇස් දෙක ලොකු කරගෙන පිටිපස්සට හැරෙන ගමන් ඇසුවේය.

තවමත් ගෑනුලමයි යහළුවන් දෙදෙනා දෙස බලාගෙනය.

උඹ ගම කනවා. මෙහෙ වර යන්න. පින්ගුත්තරයා. අපරාදේ ලස්සන පොටෝ දෙක තුනක් ගහගන්න තිබ්බ චාන්ස් එක. මුදිත, සුමන්ව ඇදගෙන ගං ඉවුර දිගේ යන්නට විය.

ඉදපන්කෝ. ඉතුරු කයිය කෙල්ලෝ කියයිද බලන්න. කිව්වොත් නම් අම්මපා මම ඒ කිව්වා ඒකිව ගෙදර උස්සන් යනවා සත්තයි... සුමන් ගග දෙස බලමින් කීවේය.

වරෙන්කො යන්න. මම කියන්නං උඹට ඉතුරු ටික. මෙතන හිටියොත් උඹට ඇටත් නැතුව තමා යන්න වෙන්නේ. පේනවනේ බලන් ඉන්න මරුමුස් ලුක් එක.

අනේ බන්. පොඩ්ඩක් ඉන්දපන්කෝ. සුමන් අයචනාත්මක ස්වරයෙන් කිවේය.

වරෙන්කො අපි මගට වෙලා හැංගිලා ඉඳලා පස්සෙන් යමු. මුදිත රහසින් මෙන් සුමන්ට කිවේය.දෙදෙනාගේම කට කන අසලට පැමිණෙන්නට ගත වුයේ තත්පරයෙන් දහක් එක කොටසක් තරම් වූ කෙටි කාලයකි. 

ටික වෙලාවක් අකුලක් අස්සට වී සැගවී සිටි මිතුරන් දෙදෙනාගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් දිය නාමින් සිටි ගෑල්ලමයි ඉදිරියෙන් ඇදෙන්නට විය. ඔවුන්ට ටික දුරක් යන්නට දුන් මිතුරෝ සෙමෙන් සෙමෙන් ඔවුන් පිටිපස්සේ ඇදෙන්නට විය. යුවතියන් උසුළු විසුළු කරමින් සිංහරාජය තුලට වූ අඩි පාරකට පියමන්නොය. ටික දුරක් යනවිට. පාර දෙකට බෙදෙන්නාවූ හන්දියකි. මුදිත ඇහැ දමනින් සිටි යුවතිය හා තව එක ගෑල්ලමෙක්  එක පාරකටද අනිත් ගෑල්ලමයි අනිත් පාරෙන්ද හැරි ගමන් කරන්නට විය.

අඩෝ අන්න කට්ටිය එක එක පැති වලට යනවා... අපි කොහෙටද යන්නේ? සුමන් ඇසුවේය.

අර ලස්සන එක පස්සෙන් යමු බන්.අපි අවේ එක පස්සෙනේ.

මානාව වැඩුණු ඇගේ සිරුර දෙස බලමින් ගමන් ගත් මුදිතට තවත් පරණ කවි සිතුවිල්ලක් පහල විය. ඔහු සිනහ මුසු හැදින් සුමන් ට පමණක් ඇසෙන සේ  මුමුනන්නට විය. 

මවු උරුමෙන් ලැබු ඔබගේ තුම්        මුල්ල
පිය උරුමය රකිනා මගෙ රඹුටන්      වල්ල
ලැබගනු පිනිස දෙන්නාහට සැන       සිල්ල
තුම්මුල්ලෙන් තියමුද රඹුටන්             වල්ල


රැහැයියන්ගේ කිරි කිරි හඩ මැද්දෙන් මිතුරෝ දෙදෙනා තරමක දුර පරතරයක් තබාගෙන සැක නොසිතෙනසේ පස්සෙන්ම ගියෝය. වට පිට පොටෝ ගසිමින් යන අතරතුර සුමන් පුදුමයෙන් මෙන් කෑගැසුවේය.

මුදියෝ... මුදියෝ... මේ බලහන්කො මේ සතා.  මම නම් දැක්කමයි..

අඩෝ මොකෙද්ද බං මේ. ගහ ගහ මැක්‍රෝ ටිකක් ගහගනින්. මාරයි බන් මු නම්. මුදිත කැමරාව එලියට ගනිමින් කෑගැසුවේය.

දලබුවෙක් මෙන් පෙනුණු මේ සතා මොහොතකට කාන්තාවකගේ රුව මිතුරන් දෙදෙනාට අමතක කරලන්නට සමත් විය.


එක එක  දිශානති වලින් පොටෝ වදින්නට විය. නොදැමීම විනාඩි දහයක් පමණ ගත වී තිබුණි. නමුත් දෙමිතුරන්ට කිසිම ගණනක් නැතිය, ඔවුන් අවේ මෙම කාරණය සදහාමය. එනම් පොටෝ ගැසීමය.

එක වරම කුලප්පු වූ මුදිත වේගයෙන් යමක් පවසන්නට විය. එත් සමගම ඔහු වේගයෙන් දිව යනවා සුමන්ට පෙනුනි.

අඩෝ උබ කොහෙද යකෝ දුවන්නේ??? ඔහොම හිටපන් මමත් එනකන්.... සුමන්ද මුදිත පසුපස දුවන්නට විය.දෙදෙනා අතර පරතරය ක්‍රමයෙන් අඩු වෙන්නට වුයේ මුදිත නැවතී සිටි බැවින්ය. ඔහු කැලය මැද  වූ තුන්මන් හන්දියක් ලග නැවතී සිටියේය.

කොහෙද යකෝ කුලප්පු වෙච්ච හරකා වගේ දිව්වේ? සුමන් හති අරිමින් ඇසුවේය.

අපි කෙල්ලෙක් පස්සේ ආවා වගේ එකක් උබට මතකද? සුමන් ඇසුවේය.

හත්වලමයි!!!!!! කෝ දැන් එකී. ගිය පැත්ත දැක්කද? මුදිත කට ඇද කරමින් කීවේය.

දන්නේ නෑ බන්. වමද? දකුණද?

මම දන්නවා යේ. ටොස් එකක් දාල බලල යමු.

හරි ගනින් රුපියලක්... සිංහයා වැටුනොත් වම, 1 වැටුනොත් දකුණ ..

ඔවුන්ගේ වෙලාවට වැටුනේ සිංහයාය. මිතුරෝ දෙදෙනා වම් පැත්තට විහිදුනු අඩිපාරේ පියමනින්නට විය.

මතු සම්බන්ධයි....

භාවිතයට උපදෙස්:
  • කතාවේ මාතෘකාව කනපිට හැරවීම කිසිවිට නොකල යුතුය.
  • මිතුරන් දෙදෙනාගේ නම සිංහල මුලකුරු සමග කියවීම නොකල යුතුය.
  • ඇතැම් කවි අතීතයේ සිට පැවත එන ජනප්‍රිය ඒවා වන අතර ඒවායේ තේරුම ඇසීම නොකල යුතුය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

96 comments:

  1. නෙදකිං...
    වල් රජා හැදෙන්නෑ නේ...
    ලගදිම ඕකටත් තෝ කයි හොද කනේ පාරක් මෙඩූසගෙං..

    ReplyDelete
    Replies
    1. එනකොටම කිව්වනේ කුජීතයි කියලා..

      මෙඩියට එන්න කියමු.. අපේ රට බලන්න කියමු..

      Delete
    2. දැඩි ලෙස ලොල් සහගතයි ...... ඊළගට මොනවා වෙයිද ?

      Delete
  2. උබ එපා කීව දේවල්ම කලා..
    චිකේයියා ලැජ්ජාවෙ බෑ යකෝ..
    ඒත් එල ආ.. :D

    ReplyDelete
    Replies
    1. හා කියහන් බලන්න මේකේ වැරුද්දක්..
      උඹලමයි වැරුද්ද කලේ.. මම කරන්න එපා කියපුවා උඹලා කරලා. ඒකනේ ඔය කෑගන්නේ...

      හෙන හයියෙන් හූඌඌඌඌඌඌඌ ඈ.. :-)

      Delete
  3. හපොයි ගොන් රජෝ මේකට දන්නා වෙන නමක් තිබුනෙම නැතෙයි.,..
    මුදිත.. එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    වලහම කාපිය.
    රජ කුමන්ත්‍රණ සතුරු ආක්‍රමණ වැඩි වේවා..
    රජ බිසව් කරදර කරත්වා.. :/

    ReplyDelete
    Replies
    1. වලත්ත සංගමේ සභාපතිද කොහෙද..?
      වනය මැද තරුවක්... මේක යුව රජාට කියන්න ඕනේ..:P

      Delete
    2. හා හා හා... කට කට කට :-)

      Delete
  4. හම්මේ මේකට වල් රජා කියන්නේ නිකමට ද ඉතින්..

    ReplyDelete
    Replies
    1. එපා කියන ඒවා කරන්න එපා ප්‍රමුදියෝ :-)

      Delete
  5. ela kathawa.. ko yako ithuru tika ?? :P :P

    ReplyDelete
  6. නෙදකින් විතරක් .අපේ මෝල කලත්තල ..බාගෙට නවත්තල !!!!!!!

    ReplyDelete
    Replies
    1. මෝල පරිස්සන් කරගනින්...

      මේ දවස් වල ඕවා රජයට පවරගන්නවලු :-))

      Delete
    2. grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

      Delete
  7. Pattai ban,loweth ne.. ithuru tikat ikmanatama liyapan.elaz..

    ReplyDelete
    Replies
    1. හිකිස්... මට ලැජ්ජයි ඕයි ඔහොම කියනකොට :-)

      Delete
  8. වනයක් මැද තරුවක් ඇට කෙලින්නද
    රඹුටන් තාම රන් පැහැයට නොමවිත්ද
    කුඹුර මඩ වෙලා බව මේකට නොපෙනීද
    රජෙකුට වුවත් කල කම් පල නොදේද.....!!! …

    ReplyDelete
    Replies
    1. ලස්සන කයිය බං... හැබැයි මට ඇහුනේ නෑ වගේ :-)

      Delete
    2. අර ඩික්ටේටර් ෆිල්ම් එක වගේද?

      Delete
  9. hiකිස් හිකිස් වලා :පි

    ReplyDelete
    Replies
    1. මම හොද එකා බොලව්!!!!!!! :පී

      Delete
  10. chike wal raja wal katha kiyano :)
    Ela ela digatama liyamu

    ReplyDelete
    Replies
    1. මේක වල් නැත. උඹලා මම කරන්න එපා කියපු ඒවා කරලනේ :-)

      Delete
  11. ඇත්තටම "වනයක් මැද තරුවක්" සිටීම හරිම සිත්ගන්නා සුළුයි, සෞමයයි ....!!!!

    ReplyDelete
    Replies
    1. අනේ... අපි නං දන්නෑ ඉතින් ඕවා :-)

      මම දන්නේ වනය මැද සීතලයි කියලා විතරයි..

      Delete
  12. ඒ...................ඔය රජ මාලිගේ ඇමතිකමක් වත් දෙනවකො.............ඕයි..!
    රජා රට වටේ යනව කීව නේද...? ඕවද බලන්නෙ.....!

    ReplyDelete
    Replies
    1. හෙහ්..... මේ පැත්තට ආවොත් දෙනවා..

      තව ටික දවසක් තියනවා :-)

      Delete
  13. නාන උන් අතර ගැටිස්සියක් හිටියනම් කයිය කියවෙන්න තිබුනේ මෙහෙමයි.....

    පිපුනු මලක් නම් කොදෙමි තලන්නට
    කැකුළු මල නිසා තලපන් පිපෙන්නට

    ReplyDelete
    Replies
    1. මුලපද දෙක අඩුද මන්දා......

      Delete
    2. අඩුයි නේන්නං.. :-)

      Delete
  14. අපොයි මේ රජා නම්.. හොඳටම වල් වෙලා.. :p

    ReplyDelete
  15. මම නම් එපා කියපුව එකක් වත් කරේ නෑ ඔන්න. :D

    ReplyDelete
    Replies
    1. අන්න හොද ලමෙක්.. :-)

      Delete
  16. වනය මැද තරුවක් නැතුවා ට
    ඔය අත ඇතියි ඔය මිනිහා ට

    ReplyDelete
    Replies
    1. හෙහ්... :-))

      ඇත්තක් නැත්තෙමත් නෑ..

      Delete
  17. අපොයි වල් රජා....
    සුපුරුදු පරිදි තවත් වල් කතාව ක ඇරඹුම... :P
    කෝ රජෝ ඉතුරු ටික????

    ReplyDelete
    Replies
    1. එනවා එනවා... මග එනවා... :-)

      Delete
  18. හනේ හෆොයි මරු ඩබලක් තමා.. කෙල්ලට වඩා පාරෙ හිටපු දළබුවාව ලොකු වෙච්චි හැටි... හික්ස්ස්

    ReplyDelete
  19. ඔය මුල් කවියනම් කැම්පස් ගිය ඕන එකෙක් අහලා තියනවා. තව කවි ඕන තරම්.

    ReplyDelete
    Replies
    1. ඒක අහන්න කැම්පස් යන්න ඕනේ නෑ බං...

      මම ඕක ඇහුවේ 8 හෝ 9 දී.. :-)

      Delete
  20. ඇහ්.. අමුතු කතාවක්... ලස්සනයි වගේ බලමුකො තව ඉස්සරහට ගිහින්...

    ReplyDelete
  21. හ්ම්ම්... ආපහු වලකට බහින්නයි වගේ හදන්නේ..

    ReplyDelete
  22. ශිකෙය්යා මහා වල් කක්කා කතාවක් ..... ඒඋනාට මරු වනය මැද තරුවක්

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තිබේද??? :-)

      Delete
  23. මොනා උනත් දෙවනි කවියනම් සිරා.. ආ බං ටොස් එකක් දාලා කෙල්ලෝ පස්සෙන් යනවද? බලමු ඊළගට මොකො වෙන්නේ කියලා එහෙනම්...

    ReplyDelete
  24. එතකොට රඹුටන් වල්ල තුම්මුල්ලෙන් තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. තියන්න කලින් අරයා මාරු නේ.. :-)

      Delete
  25. හත් ඉලව්වයි මාරු නම් දෙක යකෝ මාතෘකාවත් අජරාමරයි ඊට පස්සේ මොකද රජෝ උනේ?

    ReplyDelete
    Replies
    1. ඒක තව ටික දවසකින්.. :-)

      Delete
  26. නොදකිං මේ රං ගොජා නං...

    ReplyDelete
  27. කිව්වත් වගේ කුජීතයි නේන්නං ..ඉතුරු ටිකත් ඉක්මනට දාපිය..

    ReplyDelete
  28. උබල දෙන්නගේ නම් කියද්දි සම්පූර්නයෙන්ම කියන්න මතක තියාගනින්...... සුමන්ගේ නමෙත් "ම" යන්න නැතිකරගන්න එපා හොඳේ

    කවිනම් ඉතින් හොඳට හුරුයි....

    ReplyDelete
  29. hane..hane..meyanam naughty rajek.......... :)

    ReplyDelete
  30. පච්ච රමීAugust 21, 2012 at 3:52 PM

    මරු කථාව බං.ඉතුරු ටිකත් ඉක්මනට දාපිය.තුම්මුල්ලෙන් රඹුටන්වල්ල තිබ්බේ මුන් දෙන්නගෙන් කොයි එකාද?

    ReplyDelete
    Replies
    1. තාම තිබ්බේ නැහැයි කියන්නේ.. :-)

      Delete
  31. මරු කතාව කිව්වත් වගේ කුජීතයි බං

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුලින්ම කියලා ගෙන්න ගත්තේ.. :-)

      Delete
  32. චිකෙයියා.....! මම නම් ඔන්න පද පෙරරලා බැලුවේ නෑ රජෝ

    ReplyDelete
  33. ඊයා............. මේ රජානම්.............

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. තීමට දෙයක් නැත..... ඊඊඊඊඉඉඉඉඉඉයා හෆෝයි :O :O :O :O :O ඉතිරියත් පබිලිස් කරනු මැන එහෙනම්.....

    ReplyDelete
  36. පලවෙනි කවියෙ පිළිතුරු කවියත් මරු....දාම්දෝ...නොදාම්දෝ....

    ReplyDelete
    Replies
    1. දාන්නේ එහෙම නෑ... :-)))

      Delete
  37. සොබා දහමේ රසය වින්ද හැටි අපූරුයි. යාලුවෝ දෙන්නගේ නම් සිංහලෙන් ලින්වොත් අර වි.ජ.මු. වගේ තියෙයි නේද

    ReplyDelete
  38. ලියන්න වෙන එකක් ඇත්තෙම නැද්ද බොලව් මේවා ඇරෙන්න...?

    ReplyDelete
    Replies
    1. ආතල් එකට ලිව්වේ බං... :-)

      Delete
  39. වනය මැද තනයක්? නැහැ නැහැ තනය මැද වනයක් හෑ වැරදුනා අෆ්ෆා තරුවක් මැද්දේ වරුවක් ??මොන මඟුලක්ද බං මේ කොයිල් කොයිල් වගේ මට නම් :D

    ReplyDelete
  40. උඹ සෙල්ල වලවේ අධ්‍යක්ෂ තුමාගෙ දකුණු ඉන්දීය චිත්‍ර‍පටියක් බැලුවා නේද ලගදි...
    මමත් මේ ඉරිදට සිංහරාජ යනවා... බලමුකො ඔය කියන දැරිවියො ටික ඉදීද කියලා කැකුලු මලක් නම් තලලා දාන්න...

    ReplyDelete
  41. ඈ බොල. උඹලා අපි ගිය දවසෙමද සිංහරාජේ ගියේ. එදත් ලස්සන ලස්සන සුවීට් කට්ටිය පිරිලා බන්

    ReplyDelete
  42. දැන් නම් රජා එන පොට හොඳ නෑ වගේ ඕං...

    ReplyDelete
  43. බැහැ බැහැ මේකා හැදෙන්නෙත් නැහැ හදන්නත් බැහැ....:D

    ReplyDelete
  44. මෙහෙමත් වල් රජෙක් . රාජ සම්පත්ම ලැබේවා !

    ReplyDelete
  45. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)