Friday, August 10, 2012

අවසාන තෑගි ප්‍රශ්නය

ගිය සතියේ ප්‍රශ්නය

පිළිතුර

පළවෙනියාගේ දුව දෙවෙනියාගේ බිරිඳ.. දෙවෙනියාගේ දුව පළවෙනියාගේ බිරිඳ..


මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙන්නා


ඔන්න ඒ අනුව ඒ තුන්දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න)


_________________________________________________________________________


අද ප්‍රශ්නය

ලස්සන ගෑණු ලමෙක් එයාගේ අම්මගෙ මල ගෙදර ඉන්නවා. මේ මලගෙදරට ආපු කොල්ලෙක් මෙයාට ඇහැක් දානවා. ගෑණු ලමයත් නිකන් කැමතී කැමතී වගේ ඉන්නවා. ටික වෙලාවකින් කොල්ලා අතුරුදහන්. කෙල්ලට හෙන අප්සට්. කොල්ලා එයාව රැවැට්ටුවා වගේ හැගීමකින් හිටියා. ටික දවසකින් අර ගෑණුලමයා එයාගේ අයියව මරලා දාලා තිබුනා.

ඇයි ඒ???

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

115 comments:

  1. ඒක ඉතින් රහස් පොලිසියෙන්ම තමා අහන්ඩ ඕනේ..
    මන් දන්නෑ ඕවා.. :)

    ඒක නෙමේ. අන්තිම ප්‍රශ්නේ කිව්වේ මොකෑ..

    ReplyDelete
    Replies
    1. සීසන් 1 එක ඉවරයි... ලබන සතියේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරනවා :)

      Delete
    2. ඒ කියන්නේ මල්ලි ආයේ තෑගි ප්‍රශ්න නෑ කියන එකද ?
      අපරාදේ...

      Delete
    3. සීසන් 2 තව ටික කාලෙකින් :-)

      Delete
  2. කෙල්ලට ඇහැක් ගහපු එකා රජා..
    ඒ වල් රජාව කෙල්ලගෙ අයියා අදුරනවා..
    ඉතිං අයියා වලාව උස්සලා ගේම දෙනවා..
    පස්සෙ කෙල්ලට ආරංචි වෙනවා සිද්ධිය..
    තමංව මර උගුලෙං බේර ගත්ත අයියට වදිනවා.
    ( වල් රජා එතන අයියව මරනවා කියන්නේ ලැජ්ජාව වහ ගන්න..)

    ReplyDelete
    Replies
    1. මාව ගාවන්නේ නැතුව උත්තර දියල්ලකෝ.. ;-)

      Delete
  3. බුදු අම්මෝ මේ කෙල්ලෝ ගැන බයයි බං
    ගොසිප් එකක්ද ඈ

    ReplyDelete
    Replies
    1. ඔහොම කෙල්ලොත් ඉන්නවලු ඈ.. :-)

      Delete
  4. කොල්ල නංගිට ඇහැක් දානවා අයිය දැකලා කොල්ලව අතුරුදහන් කරන්න ඇති.
    පස්සේ කෙල්ලට ඒක ආරංචි වෙලා අයියව සදහටම අතුරුදහන් කරන්න ඇති.

    ReplyDelete
  5. නිවුන්නු නිසා දෙන්නම...:D

    ReplyDelete
  6. අර කොල්ලා ඒ මල ගෙදරටත් එයි කියලා හිතාගන.

    ReplyDelete
    Replies
    1. ඔන්න හංගපුවා දානවා...... උත්තරේ හරි ඈ.. :-)

      Delete
  7. අයියත් ඒ කොල්ලට ඇහැ දාලා.. නංගිට කලින් අයියා කොල්ලව අල්ලගෙන.. ඔන්න මම මගේ ප්‍රයිස් එක ගත්තා.. ඔහෙ ඉන්න ගමන් දාගෙන ඉන්න කියලා..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      එහෙම සීන් එකක් නැතෝ :-)

      Delete
    2. "එයාගේ අයියව"
      එහෙනම් මෙහෙමයි රජෝ.. කෙල්ල අර කොල්ලගේ අයියාව මරලා.. කොල්ලගේ අයියා තමා කොල්ලට මල ගෙදර ඉන්න දෙන්නේ නැතුව ඇදගෙන ගිහින් තියෙන්නේ..

      Delete
  8. Merichcha amma ge namuth thaaththala dhennekge ayiya nagaa dhenna. Naandhunana nisaa mala gedharadhi ahe dhenne.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. වෙනී මාමාටත් හිතෙන ඒවා... :-)

      Delete
  9. මොක්ද ඌ ආයෙත් අයියගේ මළගෙදර ආපුවම අල්ලගත්තැකිනෙ..

    ReplyDelete
  10. මේක මචං ද්‍රකියුලා සිං එකක්!

    ReplyDelete
    Replies
    1. වැම්පයර් ඩයරීස් බලලා
      චූ කරලා
      ගාථා කියලා
      බුදියගනින්.. :-)

      Delete
  11. පොලිසිය ගෑවෙන සීන්වලට අපි නැත :D

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පොලිස් නැත :)

      Delete
  12. අඩේ මගේ කමෙන්ට් එක පබිලිස් කොරලා නෑනේ.. ඒ කියන්නෙ රජෝ අන්තිම එකෙන්වත් තෑග්ගක් හම්බෙයිද ? තව පොරවල්/පොරියවල් ඉන්නවද මට කලින් ?

    ReplyDelete
    Replies
    1. ඕං දැම්මා.... සෙන්නා එකලු :-)

      Delete
  13. ගෑනු ළමයට මලගෙදරදී කොල්ලව මගහැරෙනවා. කොල්ලව හොයාගන්න ඕනි නම් තවත් තමුන්ගේ ගෙදරම මල ගෙයක් වෙන්න ඕනි. ඒ හන්ද ගෑනු ළමය තමුන්ගේ අයියව මැරුව, අර කොල්ල ආපහු අයියගේ මලගමටත් ඒවි කියල.

    ඔය කතාවේ දෙවෙනි කොටහ තමා. මේ පාර උබේ ඔය ඔටුන්න මට නුදුන්නොත් කටුගෙදර කඩු වගේ උබේ ඔටුන්නත් ගල් කරනව, සමාවක් නෑ,, හරිය.
    (උබ දැක්කනේ පොරස්නේ උපුටා ගත්ත තැන තිබ්බ දේ...ඔය වගේ උත්තර දෙන්නේ බොහොම බයානක, යකා ගහපු ඩයල් කියල)

    ReplyDelete
  14. අර කොල්ල ඒ මල ගෙදරටත් එයි කියල වෙන්න ඇති.

    ReplyDelete
  15. මේ ඒ ගමන උඹ හදන්නේ අපිව පොලිසියේ ඉන්ටවිව් අරින්නද? (ෂික් තව සති දෙකතුනකට කලින් කිව්වනම් කුඩුවේ ඉන්න ගමන් රාලහාමිලාගෙන් අහන්න තිබ්බා..)(සිතමින් : අරාබි වලින් මේක අහලා මුන් දොර අරින්නේ නැතුව ඉඳීද කූඩුවේ?)

    ReplyDelete
  16. හප්පා මේකේ ලෝඩ් වෙන්නෙත් නැ.මර ස්ලෝ.මචන් උත්තරේ මෙහෙමය් ,කෙල්ල අය්යත් එක්ක වලියක් දාගෙන ,අර කොල්ලගේ සීන් එකකට .එක්කෝ උ අය්යගෙන් නංගි ගැන අහල හරි මොකක් හරිම කේස් එකක් .එකට අය්ය ය් නන්ගිය් වලියක් දාගෙන .නංගි අය්යට ගේම දීල.මේ වැරදි නම් ටිප් එකක් දහන් හොඳේ.

    ReplyDelete
    Replies
    1. අඩේ ස්ලෝද බං :(
      කනෙක්ශන් අවුලක් ද දන්නෑ..

      නෑ බං.. තව ටිකක් හිතහන් :-)

      Delete
  17. අවසාන ප්‍රශ්නේ නම් ඉතින් උත්තර දීලා වැඩක් නෑ නේ. මම සීසන් 2 එකට එන්නම්

    ReplyDelete
  18. ඕක අහන්න දෙයක්ද බන් අම්මගෙ මළ ගෙදරට ආපු කොල්ලා අයියගෙ මලගෙදරට එන බව දන්නවනේ

    ReplyDelete
  19. මොකද මේ කෙල්ල හිතනවා අයියව මැරුවොත් මේ කොල්ල ආපහු අයියගේ මලගෙදරටත් එයි එතකොට ඌව ආපහු දකින්න පුලුවන් කියල හරි නැත්තම් රැවැට්ටුව නිසා ඌවත් මරන්න පුලුවන් කියලා.අන්න ඒකයි කෙල්ල අයියව මරන්නේ.
    ඕන්න රජෝ තෑග්ග මගේ.
    ලම් ලම් ලලලලි ලම් ලම්

    ReplyDelete
  20. ඉන්ටපෝල් එකට දුන්න...පොඩ්ඩක් හිටු උන්ටත් සමර් නිවාඩු නම් සොරි තමා..

    ReplyDelete
    Replies
    1. හප්පේ.. එච්චර අමාරුද මේක? :-)

      Delete
  21. මේක පොලිස් කේස් එකක්.. අපි මොකට මහන්සි වෙන්නද?

    ReplyDelete
  22. හරිම සරලයි අය්යගෙ මලගෙදරටත් එ කොල්ල එනවනෙ එතකොට අපහු කොල්ලව මුනගැහෙන්න

    ReplyDelete
  23. තව හිතන්න වෙනවා ..:)

    ReplyDelete
  24. මෙකට නම් FBI එකෙන් දාන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. දාලා හරි හොයපන්කෝ :-)

      Delete
  25. එ කොල්ලව කෙල්ල මුලිම දැක්කෙ අම්මගෙ මලගෙදරදි, කෙල්ල හිතනවා ගෙදර තව මලගෙයක් උනොත් අයෙමත් එ කොල්ලව දකින්න ලැබෙයි කියල, එ නිස අය්යාව මරනවා ඒ මලගෙඩරට අර කොල්ලා ඒවි කියලා හිතලා..

    ReplyDelete
  26. අම්මෝ ..... කිරිමිනල් කේස් එකක්. අපි නෑ ඔව්වට.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. එහෙනං මොනවටද ඉන්නේ :-)

      Delete
  27. ඒ කියන්නෙ අන්තිම එකේ මම හරි

    ReplyDelete
  28. අර කොල්ල කෙල්ලගේ අය්යම තමා.... කෙල්ල දන්නෙ නෑ ... තුති කාලෙම ඒකාව හදාගන්න වෙන ගේකට දීල

    අනේ උබේ ගොන් ප්‍රශ්න ඉවරද ලොකු දෙයක් ඈ

    ReplyDelete
  29. mamath season 2dima ennamko............... :):)

    ReplyDelete
  30. ආපහු පාරක් කෙල්ලට ඒ කොල්ලව දකින්න ඕන නිසා.

    මොකද කොල්ලා මල ගෙදර එනවා කියලා කෙල්ල දන්නවා .

    ReplyDelete
  31. අය්යා කොල්ලව මරලා...

    ReplyDelete
  32. ක්‍රිමනල් කේස් එකක් ඉස්සලේලාම නංගී අත්අඩංගුවට. ඊළගට මලගෙදරදි ඇහැක් ාපු කොල්ලා. ඌ මේකේ අගමුල දන්නවා. අල්ලන් ඇවිල්ලා ටිකක් සලකනකොට උත්තරේ එලියට දානවා

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් නරක නෑ :-)

      Delete
  33. ම්ම්ම්ම්ම්ම් මේක විසදන්න ටිකක් උදව් ඕන රජෝ..මුලින්ම කියපන් අම්මගේ මරණයට හේතුව මොකක්ද? ඇහැක් දාපු කොල්ල මේ මලගෙදරට එන්න හේතුව ( කවුරු අදුරන නිසාද ආවේ)? මල ගෙදර සිට අයියා මරන දිනය වෙනකල් අර කොල්ලව කෙල්ලට හම්බවෙලා තියෙනවද? ඔය ටිකට උත්තර දීපන්..තර්කානුකුල ප්‍රශ්නයක් නම් උත්තරය ඔය ටිකෙන් අල්ල ගන්න පුලුවන් වෙන්නම ඕන....

    ReplyDelete
    Replies
    1. හේතුව - ලෙඩක්

      මල ගෙදර ගියේ අයියගෙ යාළුවෙක් හින්දා කියමුකෝ

      හම්බෙලා නෑ..

      Delete
    2. අම්ම මැරිලා තියෙන්නේ ලෙඩක් හැදිලත් නම් අයියගේ මරණයයි අම්මගේ මරණයයි අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ...කෙල්ලයි කොල්ලයි හම්බවෙලාත් නැත්නම් (උපකල්පනය කලොත් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් තිබ්බේ නෑ කියලා) අයියගේ මරණයට කොල්ලගේ සම්බන්ධයක් තියෙයි කියලා හිතන්නත් බෑ..සමහර විට දේපල ටික ලියලා තිබ්බේ අයියටනම් අයියා මැරුවොත් ඒ ටික අයිති වෙන්නේ කෙල්ලට නිසාත් අර කොල්ල අයියගේ යාලුවෙක් වෙන නිසා අර කොල්ල අයියගේ මලගෙදරත් ඒවි කියලා හිතාගෙන කෙල්ල මේ දේ කලා වෙන්න පුලුවන්..මට හිතෙන්නේ නම් එහෙම තමා රජෝ..මොකද කියන්නේ අන්තිම තෑග්ග ග‍වේෂකට ද???

      Delete
  34. මොන මගුල් ප්‍රශ්නයක්ද යකෝ මේක!!!
    පලවෙනි එකට උත්තර හම්බවෙලත් තාම මම හිතේ අමාරුවෙන් ඉන්නෙ!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  35. හපොයි මේක නම් බොන්න ඕන ප්‍රශ්නයක්...ඔන්න මෙහෙමයි...කෙල්ලගේ අම්මා මලා..පස්සේ අර ඇහැ දාපු කොල්ලත් මලා..අන්තිමේදී කෙල්ල අයියව යවනවා මැරිච්ච කොල්ලව අපායෙන් අරන් එන්න කියලා...

    ReplyDelete
    Replies
    1. බීලා ආයේ කියන්නකෝ උත්තරේ :-)

      Delete
  36. කෙල්ලට සයිකො වෙන්න ඈති ශුවර් එකටම. ඒ නිසා අයියව මරන්න ඈති.
    එහෙම නෑත්නම් අම්මව මරපු එකට අයිය කෙල්ලව පොලිසියට අල්ලල දෙන්න යනකොට අයියවත් මරන්න ඈති.
    නෑත්නම් අයිය අම්මව මරපු තරහට කෙල්ල අයියව මරන්න ඈති.

    Ck.

    ReplyDelete
    Replies
    1. කෙල්ල මුලින්ම ඒ කොල්ලව දකින්නෙ අම්මගෙ මල ගෙදරදි - කෙල්ල හිතනවා ගෙදර ආයෙත් මල ගෙයක් උනොත් කොල්ලව ආයෙත් දකින්න පිලුවන් වේ කියල, එ නිසා අය්යව මරනවා එ මලගෙදරට කොල්ලා එයි කියන බලාපොරොත්තුවෙන්

      Delete
    2. කෙල්ල මුලින්ම ඒ කොල්ලව දකින්නෙ අම්මගෙ මල ගෙදරදි - කෙල්ල හිතනවා ගෙදර ආයෙත් මල ගෙයක් උනොත් කොල්ලව ආයෙත් දකින්න පිලුවන් වේ කියල, එ නිසා අය්යව මරනවා එ මලගෙදරට කොල්ලා එයි කියන බලාපොරොත්තුවෙන්

      Delete
    3. කලින් කමෙන්ට් එකක් දාලම නෑ..බ්ලොග් එක සෑහෙන හොඳයි.. විවිදත්වයක් තියනවා..ඉදිරියෙදි කියවන්න තවත් හොන්ඩ දේවල් ලියාවි කියලා හිතනවා.සුබ පැතුම්

      Delete
  37. මල සේක !!! හිතාගන්න බෑ !!

    ReplyDelete
  38. යකෝ මහ භයානක ප්‍රශ්නයක්නෙ..!

    ReplyDelete
  39. කලින් කමෙන්ට් එකක් දාලම නෑ..බ්ලොග් එක සෑහෙන හොඳයි.. විවිදත්වයක් තියනවා..ඉදිරියෙදි කියවන්න තවත් හොන්ඩ දේවල් ලියාවි කියලා හිතනවා.සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තෑන්ක් මචන්..!!!

      රාජ සම්පත!!!

      Delete
  40. වහාම ක්‍රියාත්මක වන පරිදි කෙල්ලව අපේ වාට්ටුවේ ඇඩ්මිට් කළ යුතුය. එතකොට කතන්දරේ හොයා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. උඹලගෙ වාට්ටුවේ??? :0

      Delete
    2. නැත්තං...

      Delete
  41. එදා අර කොල්ලා බූට්‌ එක තියලා ගියාට පස්සේ කෙල්ලට කොලු සංහතියටම වෛර කරන්න හිතෙනවා.පස්සේ මේක සීරියස් වෙනවා.අන්තිමේදී ඒකිට කොල්ලෝ පේන්න බැරුව යනවා.පස්සේ අයියව දැක්ක ගමන් අර වෛරේ මතු වෙලා අයියා කියලා අමතක වෙලා කොල්ලෙක් කියලා හිතලා මරලා දානවා

    මොන රෙද්දක්ද ඕයි මට කවදාවත් මේකෙන් දිනන්න ලැබිලා නෑනේ මගුල.මේ පාරවත් මාව දිනවපන්කෝ යකෝ.නැත්තම් ඊළඟ සතියේ මැරෙන්නේ උඹ ග්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. වැරදී බං.. :-)

      සීසන් 2 එකේදී බලමු

      Delete
  42. කෙල්ලට පිස්සු බන් .එකය්.

    ReplyDelete
  43. ඒ පිරිමි ළමයා යන්නට ගියාම ගෑනු ළමයා හිතුවේ (අම්මගේ මළගමට පිරිමි ළමයා ආපු නිසා) තමන්ගේ අයියා මැරුවොත් එයා ඒ මළගමටත් ඒවිය කියායි. එතකොට එයාට ඒ කොල්ලව ආයෙ මුණ ගැහෙන්න පුළුවන්නේ..මෙහෙම හිතෙන්නේ ඒ ගෑනු ළමයා උග්‍ර මානසික රෝගී තත්වයකින් පීඩා විඳින නිසා.ඇරත් තමන්ගේ අම්මගේ මළගමදා ඔයවගේ කොල්ලෙක් ගැන හිතෙන්නේ කාටද?
    මම මේ ප්‍රශ්නය හා උත්තරේ කොහේදි හරි මීට කලින් අහලා තියෙනවා.. කොහේදිද කියලා මතක නෑ.. කියවපු මානසික රෝග ලිපියකදී ද මන්දා

    ReplyDelete
  44. ඈ මේකා ඇහුවොත් මේ වගේ එකක් .... ම්ම්ම්ම්ම්ම්ම් .. අයියා මොකක් හරි වලත්ත කමක් කරන්න එන්න ඇති :/

    ReplyDelete
  45. අයියා ත් වෙන කෙල්ලෙක්ව ඔහොම රවට්ටලා.
    කෙල්ල කොල්ලෝ ගැන තරහවට අයියාව මරලා.. හැක් හැක් හැක් යකෝ ඒකිට පිස්සුද?

    ReplyDelete
  46. හප්පා මේවට උත්තර දෙන්නත් බයයි. මං හිතන්නේ ඒ කොල්ලා අයියන්ඩිගේ අතිජාත මිත්‍රයෙක් වෙන්න ඇති

    ReplyDelete
  47. උඹ මොන මඟුලටද ඔය කෙල්ලන්ට ඇහැ දාන්න ගියේ...**)^@#$%@^

    ReplyDelete
  48. බීට්ල්ගෙන් අහන්න...

    http://akurublog.blogspot.com/2011/06/blog-post.html
    ගැටළු අංක : (12)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට එතනත් තියේද? :0

      Delete
  49. අම්මයි දුවයි ගෙවල් දෙකක්ද ඉඳල තියෙන්නේ. ඒ දෙන්නා තරහ වුන හේතුව කියපන් මම උත්තරේ දෙන්නම්.

    ReplyDelete
  50. අයියො $. මං එනකොට හරි උත්තරෙ කියලනෙ.

    ReplyDelete
    Replies
    1. හරි උත්තරේ කියලද ?

      හපොයි !!! මදෑ ඉඳල ඉඳල උත්තරයක් දුන්න !!!

      Delete
  51. aiya maruwama aiyage malagedaratath kolla ei kiyala aiyawa maruwa kella,,,

    ReplyDelete
  52. අර අතුරුදහන් උන කොල්ලා මේ මළ ගෙදරටත් එයි කියල නේ ??

    ReplyDelete
  53. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)